31 Dec 2011

2012 ඔබට කොහොමද


2011 දෙසැම්බර් මස 30 13:15:33 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
2012 නව වසරේ ප‍්‍රධාන ග‍්‍රහ මාරු හා වක‍්‍රවීම් අතර විශේෂත්වයක් ගත්තේ පසුගිය නොවැම්බර් 15 වැනිදා ස්වකීය උච්ච භවනයට සෙනසුරුගේ පැමිණීමයි. මෙසේ සෙනසුරු බලවත් වූයේ වසර 30කට පසුවය. මීට කලින් සෙනසුරු තුලා රාශියට ප‍්‍රවිෂ්ට වූයේ 1982 අවසාන භාගයේදීය. එක රාශියක වසර 2 1/2ක් පමණ සෙනසුරු ගමන් කරයි. මේ වසරේ පෙබරවාරි 08 වැනිදා සෙනසුරු වක‍්‍රවීමට පටන් ගනී. නැතිනම් ආපසු ගමන් අරඹයි. උච්ඡ ග‍්‍රහයා වක‍්‍රවීම නීච පල ලබාදෙන බව ජ්‍යොතිෂ මතයයි. කාලිදාසයන්ගේ උත්තර කලාමෘත ග‍්‍රන්ථයෙහි එය මෙසේ සඳහන් වෙයි. ”තුංගභෙ වක‍්‍රී නීච බලං” විශේෂයෙන් පාපී ග‍්‍රහයා වක‍්‍ර වීමද සුබ නැත. එය දරුණු තත්ත්වයකි. බාධක ඇති කරන බව පතපොතේ සඳහන්ය. මෙසේ වක‍්‍ර ගමනේ යෙදී සෙනසුරු මැයි 16 වැනිදා උදේ 6.47ට නැවත කන්‍යා රාශියට පිවිසෙයි. සෙනසුරු වක‍්‍රය නවතා නිවෘත වන්නේ ජූනි 26 වැනිදායි. කන්‍යා රාශිය තුළ වක‍්‍ර නිවෘත ගමනේ යෙදෙන සෙනසුරු නැවත තුලා රාශියට පැමිණ සිය උච්ඡ බලය ලබන්නේ අගෝස්තු මස 04 වැනිදායි.
එතැන් සිට 2012 වසර පුරා සෙනසුරු තුලා රාශියේ බලවත්ව ගමන් කරයි. මන්දගාමී මහලූ සෙනසුරු ග‍්‍රහයා සිකුරුට අයත් තුලාවේ රජ ගමනේ ගත කරන්නේ ඉතා සතුටිනි.

මේෂ

සමාජයේ උසස් තැනක් ලැබේ

නව වසර උදාවෙද්දී ඔබේ කේන්ද්‍රයේ ග‍්‍රහයින් පස් දෙනෙක්ම බලවත්ව කේන්ද්‍ර ත‍්‍රිකෝණගතව සිටීම යහපත්ය. තමාගේ බලය යොදවා කරන වැඩ කටයුතුවලින් යහපත් ප‍්‍රතිඵල ලැබිය හැකිය. සමාජයේ උසස් තැනක් ලැබේ. නම ප‍්‍රසිද්ධ වෙයි. වෙහෙස ඇති දුර ගමනක් යාමට සිදුවන වසරකි. නිතර ඇසුරු කළ හිතවතෙක් ඈත්වෙයි. ඉක්මන් කෝප ගති ඇති කරයි. පැවති සම්බන්ධකමක් වෙනස් වෙයි. නුසුදුසු අය හා ඇසුරට නොයා යුතු කාලයකි. සතුරන් සමග අවුල් ඇති වීමටද ඉඩ ඇත.
ගෘහජීවිතය - පවුලේ කටයුතුවල අවුල් තත්ත්වයක් පෙන්නුම් කරයි. වැඩ කටයුතුවල වෙනසක් සිදුවෙයි. පිට තැන්වල නැවතීමට සිදුවෙනවා ඇත. පවුලට අලූතින් කෙනෙක් එකතු වීමටද ඉඩ ඇත. පෙබරවාරි මාසය තුළ ආදරවන්තයින් මුණගැසෙයි.
ආර්ථිකය - මුදල් ගනුදෙනුවලදී කල්පනාකාරි විය යුතු වසරකි. පෙබරවාරි මැද සිට මුදල් ලාබවලට හේතුය. මැයි 18 වැනිදා සිට මුදල් මෙන්ම වෙනත් ද්‍රව්‍ය ලාබවලටද වාසනාව ඇත.
අධ්‍යාපනය - වසර ආරම්භයේ ඉගෙනීම ගැන වැඩි සැලිකිල හා අලූත් ඉගෙනීම්වලට යොමු කරයි. මැයි මාසයෙන් පසු අධ්‍යාපන කටයුතු සාර්ථක කරගනී. තරමක් වෙහෙසීමෙන් තරග විභාගවලින් ජය අත්කරගත හැකිය. ගුප්ත විද්‍යා ඉගෙනීමට යහපත් වසරකි.
රැකී රක්ෂා - රැකියා කටයුතුවල විශේෂ දියුණුවක් මෙන්ම උනන්දුවක් ඇතිවෙයි. ප‍්‍රධානීන්ගෙන් ආධාර උපකාර ලැබෙනවා ඇත. පෙබරවාරි මැද සිට ව්‍යාපර දියුණු වෙයි.
සෞඛ්‍යය - වසර මුල ශරීර සනීපය යහපත් නමුත් ලේවල දෝෂ, ඇස්, දත් අමරු මෙන්ම පිත් කෝපවීම් වැනි රෝගවලටද හේතු ඇත. හදිසි අනතුරුවලින්ද ප‍්‍රවේශම් සහිතවිය යුතුය. මැයිවලින් පසු ශරීර සනීපය යහපත් වෙයි.
අය 7 වැය 7, ජය වර්ණය කහ, ජය අංකය 7


වෘෂභ

දේපොළ දියුණුව සැලසේ

ඔබට සුබපල දෙන යෝග කාරක සෙනසුරු හය වැන්නේ උච්ඡ බලයෙන් සිටියදී උදාවන නව වසර ඔබට යහපත්ය. සතුරන් පරාජය කළ හැකිය. දේපොළ දියුණු තත්තවයකට පත්වෙයි. තමාගේ දියුණුවට කටයුතු සැලසෙයි. යම් යම් දේ රැස්කර ගැනීමට හැකිවෙයි. නැතිවී ගිය වස්තු පවා ලැබෙන්නට පුළුවන. සැප පහසුවට අවශ්‍ය දේ මිලයට ගනී.
ගෘහ ජීවිතය - වැඩිමල් දරුවාට භාර්යාවට හෝ ස්වාමියාට තරමක් අපලයි. මහලූ ඥාතියකුටද අසනීප සාදයි. අඹුසැමි භේද හෝ එක් අයෙකුට ස්ථාන මාරුවක් සිදුවිය හැකියි. දේපොළවලට අලාබ පවුලේ අයකුට මුත‍්‍රා දෝෂ ශල්‍යකර්ම ඇතිවීමටද ඉඩ ඇත.
ආර්ථිකය - මුදල් තත්ත්වය යහපත් අතට හැරෙයි. ණය තුරුස්වලින් නිදහස් වෙයි. පෙබරවාරි මාර්තු නිකරුනේ ධන හානියකටද ඉඩ ඇත. නැතිනම් අධික වියදම් යෙදෙයි. ගොවිතැන් වලින් ලාබ නොලැබී යා හැකියි.
අධ්‍යාපනය - වසර මුල් මාස කීපය තුළ අධයාපන කටයුතු සාර්ථක කරගනී. කලා කටයුතුවලින් උසස් ප‍්‍රතිඵල ලැබෙයි. ඒ හා සම්බන්ධ බඩු භාණ්ඩ මිලයට ගනී.
රැකීරක්ෂා - කරගෙන ආ කටයුතු නියමාකාරයෙන් කරගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙයි. කරදර පාඩු ප‍්‍රධානීන්ගෙන් කරදර ඇතිවීමට ඉඩ ඇත. රැකියා ස්ථාන කරදර මතුවෙයි.
සෞඛ්‍යය - පැවති රෝග ක‍්‍රමයෙන් සුව අතට හැරෙයි. එහෙත් ශරීරය තරමක් කෘශ කරයි. තැන් තැන්වල ලප තුවාල ඇතිවිය හැකියි. ශරිරයට ලොකු වෙහෙස ගතියක් දැනෙවා ඇත. හිසේ තුවාල උණ රෝග සාදයි. සතකු දෂ්ඨ කිරීමකටද ලක්වෙයි.
අය 7 වැය 7, ජය වර්ණය සුදු, ජය අංකය 9


මිථුන

බලාපොරොත්තු ඉටුවන කාලයකි

වසර ආරම්භයත් සමගම ධනස්ථානාධිපති සඳු ධනකාරක ගුරු සමග අය ස්ථානයේදී යෝගවීම ලැබීමට යහපත්ය. බ‍්‍රහස්පතිට ලැබෙන සෙනසුරුගේ සප්තම දෘෂ්ටිය නිසා වැඩිමල් සහෝදරයෙකුට අපල පෙන්වයි. පෙබරවාරි ආරම්භයේදීම සිකුරු කේන්ද්‍රස්ථානයක උච්ඡුවීම රන් රිදී මුතු මැණික් ලාබ ගෙනදෙන පිහිටීමකි. සමාජයෙහි ප‍්‍රසිද්ධිය දියුණුව ඇති කරයි. එමෙන්ම ස්ත‍්‍රීන් නිසා පැටලිලි මතුවීමටද පුළුවන. අලූත් මිතුරන් ඇසුරට ලැබෙයි. තත්ත්වය උසස් වෙයි. සතුරන්ගෙන් ජය ලැබේ. බලාපොරොත්තු ඉටුවෙයි. වැඩ කටයුතු අධික වෙයි. මිත‍්‍රයින්ගේ උපකාර ලැබේ.
ගෘහජීවිතය - දේපොළ ඉඩකඩම් පිළිබඳ ගැටලූ මතුවුවද ඒවායින් ආදායම් ලැබෙයි. ගෙදර සැනසිලිදායක තත්ත්වයක් ඇතිවේ. පවුලේ ප‍්‍රීතිමත් කාලයකි. දරුලාබ හෝ දරුවන් විවාහ උත්සව හෝ යෙදීමටද හේතු ඇත. නැතිනම් දරුවන්ගේ තත්ත්වය උසස්වේ. වසර මැදදී පවුලේ කෙනෙකුට අසනීපයක් සෑදීමට ඉඩ ඇත.
ආර්ථිකය - මුදල් තත්ත්වය ක‍්‍රමයෙන් යහපත් අතට හැරෙයි. වසර මැදදී ප‍්‍රයෝගයකට ඇසුවීමට ඉඩ ඇත. අගෝස්තු, සැප්තැම්බර් ධන ලාබ හිමිවෙයි. එහෙත් නිශ්ඵල දෙයකට වියදම් කරයි. දරුවන්ගේ දියුණුව වෙනුවෙන් ද වියමක් දැරීමට සිදුවනවා ඇත.
අධ්‍යාපනය - අලූත්දේ ඉගෙනීමට ලැබෙයි. ජූනි ජූලි මාස අධ්‍යාපනයට බාධා ඇතිවිය හැකියි. තරග විභාගවලදී බොහෝ වෙහෙසිය යුතුය. ඒවායින් ජයග‍්‍රහණ ලැබෙයි.
රැකී රක්ෂා - රැකියා ව්‍යාපාර දියුණුවක් ඇති කරයි. ගොවිතැනින් ලාබ ලබයි. අලූත් රැකියා ලැබීම්වලට හේතු ඇත. අතරමග නවතා තිබු වැඩවලින් ලාබ ලබයි.
සෞඛ්‍ය - වසර මැද දක්වා හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගනී. අගෝස්තු වන විට උදරාබාධ හදිසි අනතුරු තුවාල ආදියට හේතු ඇත. වසංගත රෝග අර්ෂස් වැනි රෝගවලට හේතු ඇතත් පවතින රෝග ඉක්මනින් සුව අතට හැරෙයි.
අය 5 වැය 7, ජය වර්ණය රතු, ජය අංකය 02


කටක

මංගල යෝග උදාවේ

සෙනසුරු සිව්වැන්නේ පංච මහා පුරුෂ යෝගයක් වූ සස යෝගය උදාකර තිබියදී උදාවන නව වසර ඔබට සුබපල දායකය. යහපත් කටයුතුවලින් ලාබ ප‍්‍රයෝජන ලැබෙයි. සුදුසු වයසේ අයට මංගල යෝග උදාවෙයි. දේපොලවලින් ලාබ ප‍්‍රයෝජන ලැබීම අඩුවෙයි. ගමන් බිමන් වලින්ද ප‍්‍රයෝජන ලැබෙන්නේ කලාතුරකිනි. ඥාතියෙක් හෝ මිත‍්‍රයෙක් අහිමි වෙයි. ආරාවුල්වලට මැදිහත් වීමට සුළු ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරී වීම හොඳයි. අවාසනාවන්ත ස්ථාන වෙනස්වීමකට ද හේතු ඇත.
ගෘහ ජීවිතය - ගෙදර දොර වාසනාව සැප පහසුව ලැබෙයි. දරු ලාබ හෝ ඔවුන්ගේ දියුණුව සැලසෙයි. පෙබරවාරි, මාර්තු පවුලේ ළඟම ඥාතියෙකුට අපලයි. මැයි තෙක් කාලය තුළ ස්ථාන වෙනස්වීම්වලට ඉඩ ඇත. දරුවන්ගේ අසනීප නිසා වෙහෙසෙයි.
ආර්ථිකය - පෙබරවාරි, මාර්තු අතර විශාල මුදලක් නැතිවෙයි. ජූනි අග දක්වාම වියදම් අධිකයි. ලෝහ භාණ්ඩ වාහනවල අලූත්වැඩියා කිරීම්වලට මුදල් වියදම් කරයි. වරින්වර ලාබ ලැබිය හැකියි. ඔක්තෝබර්, නොවැම්බර් කාලය තුළ රැවටිලිවලට අසුවිය හැකියි.
රැකී රක්ෂා - මැයි තෙක් අලූත් රැකියා ලැබීම් අඩුයි. ගොවිතැනින් ලාබ ලැබිය හැකියි. ආදායම් සරු වෙයි. මැයි 16 තෙක් වෙහෙස වී කරන වැඩකටයුතුවලින් ලාබ ප‍්‍රයෝජන ලැබෙනවා ඇත. රැකියා කටයුතුවල දියුණුවක් ඇති කරයි. සේවයෙන් විශ‍්‍රාමයාමට සිත් යෙදෙයි. උසස් වීම්වලට බාධා ඇත.
සෞඛ්‍යය - ජූනි අග දක්වා අත්වල හෝ බෙල්ලේ අමාරු සාදයි. පිත් කෝප වාත කෝප ගිනි බියටද ඉඩ ඇත. හිරිවාත සාදයි. උදරාබාධ වලටද හේතු ඇත. ඔක්තෝබර්, නොවැම්බර් බෝවෙන රෝගවලින් ප‍්‍රවේශම් විය යුතුය. මැයිවලින් පසු අසනීප බොහෝදුරට සුව අතට හැරෙයි.
අය 7 වැය 6, ජය වර්ණය කහ, ජය අංකය 01




සිංහ

ආදායම් තත්ත්වය සරු වේ

පස්වැන්නාධිපති භාග්‍යස්ථානයේ සිට ලග්නය දැකීම පසුබැසීමකින් තොරව ජීවිතය සකස් කර ගැනීමට හැකි බලයකි. සෙනසුරුගේ තෙවැන්නේ ගමනද ඔබට සුබයි. සෙනසුරු එහි උච්ඡ බලයෙන් ගමන් කරන මැයි 16 තෙක් හා නැවත අගෝස්තු 04 වැනිදා සිටද දියුණුවට කරුණු යෙදෙයි. ධන ලාබ මෙන්ම තත්ත්වය උසස්වීමද පෙන්නුම් කරයි. අමුතුවෙන් ආරම්භ කරන වැඩවල මෙන්ම පවත්වාගෙන යන වැඩවලද දියුණුවක් ඇතිවෙයි.
ගෘහ ජීවිතය - මැයි 18 තෙක් සිතේ සතුට සැනසීමට කරුණු යෙදෙයි. ගෙදර දොර වාසනාවන්ත කාලයකි. දූ දරුවන්ගේ දියුණුවක් ඇතිවෙයි. මංගල යෝග උදාවීමට ද හේතු ඇත. පවුලේ කෙනෙකුට දරු ලාබයක්ද පෙන්නුම් කරයි. රාහු සිව්වැන්නේ ගමන් කරන බැවින් ස්වාමි භාර්යා අතර මතබේද මතුවීමට ඉඩ ඇත. ඥාති මිත‍්‍රාදීන්ගෙන් ඈත්ව වාසය කිරීම හොඳයි.
ආර්ථිකය - පෙබරවාරි ආදායම් තත්ත්වය සරුවෙයි. ණය ගනුදෙනුවලින්ද ඉඩකඩම් ගේ දොරවලින්ද පතල් කර්මාන්ත කරුවන්ටද ලාබ අත්වෙයි. මැයි සිට අගෝස්තු අතර මුදල් අතේ රැඳීම අඩුවෙයි. නිශ්ඵල වියදම් යෙදෙයි. වංචාවකට අසුවීමට ද ඉඩ ඇත.
අධ්‍යාපනය - ඥානය වැඩිදියුණු කර ගැනීමට සරිලන සැලසුම් සකස් වෙයි. මැයි 18 තෙක් අලූත් උසස් ඉගෙනීම්වලට බැඳෙයි. විභාගවලින් ජය ලැබේ. උසස් ධර්ම ශාස්ත‍්‍ර හෝ අන්‍ය භාෂා උගනී. මැයිවලින් පසු විභාගවලට ඉදිරිපත් වන්නේ නම් බොහෝ උත්සාහ ගත යුතුය.
රැකීරක්ෂා - තිරිසන් සතුන් ඇති කරන අයට වැඩි ලාබ ලැබිය හැකියි. අලූතින් ගොවිපල වැඩිදියුණු කරගත හැකි කාලයකි. ලොකු ලාබ ලැබෙයි. භූමියෙන් ලැබෙන දෙයට යහපත්ය. මැයි 18 තෙක් රජයෙන්ද උසස් අයගෙන්ද සැලකිලි ලැබෙයි.
සෞඛ්‍යය - පැවති අසනීපවලින් සුවය ලැබෙයි. මාර්තු මැද සිට රුධිර පීඩන රෝග, පපුවේ ලේ උෂ්ණවීම්, හදිසි අනතුරු ඇතිවිය හැකියි. මැයි සිට අගෝස්තු දක්වා කාලය තුළ ශරීරය දුර්වල වෙයි. දත් රෝග මුහුණේ ලප ඇතිවෙයි. නිදන්ගත රෝගවලට ප‍්‍රතිකාර ගැනීමට මේ කාලය යහපත්ය.
අය 7 වැය 6, ජය වර්ණය අළුපාට, ජය අංකය 3



කන්‍යා

හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබේ

නව වසර උදාවෙද්දී පවතින ග‍්‍රහ තත්ත්වය යහපත්ය. සිතට ප‍්‍රීතිය සැනසීම ළඟා කරයි. වාසනාවන්ත හිතවත්කම් පැවැත්වීමට අවස්ථා උදාවෙයි. සෙනසුරු ධනස්ථානයේ ගමන් කිරීම යහපත් නැති නමුත් උච්ඡ බලයෙන් සිටීම නිසා තද බල අපලයක් ගෙන නොදෙයි. මැයි 16 වැනිදා නැවත සෙනසුරු ලග්න ගතවීම සුබ නැත. ඇතැම්විට පවුලේ වැඩහිටි අයකු සමග ඇසුර අඩුවෙයි. මාර්තු වනවිට හිතවතකුගෙන් උදව් උපකාර ලාබ ප‍්‍රයෝජන ලැබෙනවා ඇත. කරදරයකින් නිදහස් වෙයි.
ගෘහ ජීවිතය - පෙබරවාරි මැද සිට ඥාති මිත‍්‍රාදීන් මුණ ගැසෙයි. ප‍්‍රීතී උත්සව පැවැත්වීමට ද ඉඩ ඇත. මැයි 18 තෙක් කාලය තුළ දරුවෙකුගේ ඇත්වීමක් පෙන්නුම් කරයි. චෝදනා අපවාද අසන්ට ඉඩ තිබෙන බැවින් තම තත්ත්වයට නොගැළපෙන වැඩවලින් දුරස්වීම හොඳයි.
ආර්ථිකය - පෙබරවාරි, මාර්තු වස්තු ලාබ මෙන්ම ආදායම් තත්ත්වය ද උසස් වෙයි. හවුලේ කරන වැඩවලදී පාඩු සිදුවීමට ඉඩ ඇත. ලොතරැයි දිනුම් ආදියට මාර්තු මාසය හොඳයි. බලාපොරොත්තු නොවූ මාර්ගවලින් ලාබ ලැබෙයි. මැයි 18න් පසු පිට පළාත්වලදී කරන කටයුතුවලින් හෝ පිට පළාත්වාසීන් සමග කරන ගනුදෙනුවලින් ලාබ ලැබේ.
අධ්‍යාපනය - වසර මුලදී තරග විභාගවලින් උසස් ප‍්‍රතිඵල ලැබීමට බාධා පැමිණෙයි. මැයි 18න් පසු අලූතින් උසස් ඉගෙනීම්වලට බැඳෙන්නට සිදුවේ. විභාගවලින් ජයග‍්‍රහණ ලැබීමට ද හැකියි.
රැකී රක්ෂා - ගොවිතැන් වැඩට යම් යම් බාධා පැන නැගීම නිසා ආදායම් තත්ත්වය අඩුවිය හැකියි. රැකියා බලාපාරොත්තුවෙන් සිටින අයට පෙබරවාරි, මාර්තු මාස තුළ අදහස් සඵල කරගැනීමට හැකිවෙයි. තත්ත්වය උසස් වෙයි රැකියා ස්ථානවල ගෞරව සැලකිලි වැටුප් වැඩිවීම් ආදියට හේතු ඇත.
සෞඛ්‍ය - උෂ්ණාධික රෝග වසර මුලදී ඇති වුවද පෙබරවාරි මැද සිට ශරීර සනීපය යහපත් වෙයි. මැයි 18 තෙක් අර්ශස් රෝග ශරීර ශක්තිය අඩුවීම වැනි රෝග සාදයි. හදිසි අනතුරු ද ඇතිවිය හැකියි. ආහාර පැවතුම් කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතු කාලයකි. මැයි මැද සිට ශරීර සනීපය බොහෝදුරට යහපත් වෙයි.
අය 7 වැය 5, ජය වර්ණය ලා රෝස, ජය අංකය 5




තුලා

දරුවන්ගේ දියුණුවක් ඇති කරයි

උච්ඡ බලයෙන් සෙනසුරු සස යෝගය උදා කරමින් ලග්නගතව සිටියදී ගුරු සිකුරු දෙදෙනාද කේන්ද්‍රගතව උදාවන නව වසර ඔබට යහපත්ය. පෙබරවාරි මැද සිට මාර්තු මැදතෙක් කාලය තුළ ගරු නම්බු ලැබෙයි. තමාගෙන් වැඩිදෙනෙකුට පල ප‍්‍රයෝජන ලැබෙයි. රාහු දෙවැන්නේ නීච බැවින් දුරදිග නොබලා කරන කතාබහ නිසා ආරවුල් මතුවෙයි. සමගියෙන් සිටි කෙනෙක් අමනාප වෙයි. ඉක්මන් කෝපගති ඇතිවෙයි. නිතර ශරීරයට වෙහෙස ඇති ගමන් යෙදෙයි.
ගෘහජීවිතය - ජනවාරි මුලදී දරුවන් සම්බන්ධ සතුටුදායක ආරංචි අසන්නට ලැබේ. බලාපොරොත්තු ඉටුවෙයි. පෙබරවාරි මාර්තු දරුවන්ගේ දියණුව ඇතිවෙයි. විවාහ වූ අයට නම් මැයි මැදතෙක් භාර්යාවට හෝ ස්වාමියාට අසනීප සාදයි. මාර්තු සිට ප‍්‍රීති උත්සවවලට සුදුසු කාලයයි. ස්ත‍්‍රීන් සමග අසමගිකම් ඇතිවිය හැකියි. මැයි අසනීප පවුලේ සමගියට බාධා ඇතිවිය හැකියි.
ආර්ථිකය - ජනවාරි සිට මාර්තු දක්වා ආර්ථික තත්ත්වය යහපත්ය. මැයි මැද දී වංචාවකට අසුවීමට ඉඩ ඇත. මුදල් ලාබයකට ද හේතුය. අගෝස්තු සැප්තැම්බර් වාහන සඳහා වියදම් යෙදෙයි. වසර පුරාම රාහු ධන ස්ථානයන් බල රහිතව ගමන් කරන බැවින් මුදල් කරදර ඇතිවෙයි. නිකරුණේ මුදල් වැය වීමකට ද හේතු ඇත. අනුනට දුන් මුදල් ආපසු ගැනීම දුෂ්කර වෙයි. අනුන්ගෙන් ලැබෙන ධනය වහා නැතිවෙයි.
අධ්‍යාපනය - ඉගෙනීම් වැඩට විශාල ආත්ම ශක්තියක් ලැබේ. උනන්දුවෙන් අධ්‍යාපනික කටයුතු සාර්ථක කරගනී. තරග විභාගවලට යහපත්ය. විශේෂයෙන් අගෝස්තුවලින් පසු ඉගෙනීමට ඉතා හොඳයි.
රැකී රක්ෂා - මාර්තු මැද සිට තත්ත්වය උසස්වේ. වැඩකටයුතු දියුණු වෙයි. තනතුරු රැකි රක්ෂා බලාපොරොත්තුවෙන් සිටින අයට එම අදහස් ඉෂ්ටවෙන කාලයකි.
සෞඛ්‍ය - වසර මුලදී ශරීර සනීපය යහපත් වෙයි. මාර්තු වඩාත් හොඳයි. අසනීප සුවවෙයි. අප‍්‍රියෙල් මැද සිට සෙම් රෝග මතුවෙයි. එසේම උදාරාබාධ උණ අක්මාවේ දෝෂ අර්ශස් වැනි රෝගවලට ද හේතු ඇත. මාර්තු අප‍්‍රියෙල් ඇස්වහ කටවහ දෝෂවලට ලක්වෙයි.
අය 5 වැය 7, ජය වර්ණය සුදු පාට, ජය අංකය 04




වෘශ්චික

සතුරන් පරාජයට පත්වේ

වාහන ගමන් යෙදෙයි. දියුණුව සමාජයෙහි පිළිගැනීමද ඇතිවෙයි. අමුතු වැඩ කටයුතුවලට බැසීමට ද අමුතු ගමන් යාමට ද ඉතා සුබ කාලයකි. ගුණ ගරුක වැඩවලට අත ගසයි. බලාපොරොත්තුවක් ඉටුවෙයි. සතුරන් පරාජයට පත්වෙයි. ඥාති මිත‍්‍රාදීන්ගෙන් උපකාර ලැබෙනවා ඇත. සිතට ප‍්‍රීතිමත් කාලයකි. ශරීර සැප පහසුවද ඇතිවෙයි.
ගෘහජීවිතය - පවුලේ දියුණුවට කටයුතු යෙදෙයි. පෙබරවාරි මුලදී දූ දරුවන්ගේ කටයුතු දියුණුවට හැරෙයි. අලූත් හිතමිතුරන් ඇසුරට ලැබේ. විවාහක අයට නම් සහකාරයාට අප‍්‍රියෙල් මාසය තරමක් අපලයි. ආදර බන්ධන පළුදු වීමට ඉඩ ඇත. පවුලේ අය අතර සමාදානය අඩුවෙයි. ස්ථාන කරදර පෙන්වයි.
ආර්ථිකය - වසර මුල ආර්ථික තත්ත්වය යහපත්ය. ගොවිතැන්වලින් ලාබ ලබයි. දේපොළ දියුණු කරගනී. හස්ත කර්මාන්තවලට යහපත්ය. පෙබරවාරි මුලදී ලොතරැයි දිණුම්වලට වාසනාව ඇත. මැයි මාසයේ විනෝදය සඳහා මුදල් වැය වෙයි. අගෝස්තු සිට නිකරුනේ මුදල් වැයවෙයි.
අධ්‍යාපනය - අලූත් දේ ඉගෙනීමට අවස්ථා උදාවෙයි. කර්මාන්ත පිළිබඳ දැනීමක් ලබයි. ඉගෙනගත් දෙයින් ප‍්‍රයෝජන ලැබීමට හැකියි.
රැකී රක්ෂා - උසස්වීම්වලට හේතු ඇත. වෙළෙඳ ව්‍යාපාරවලින් විශේෂ දියුණුවක් ලබයි. රජයේ උසස් නිලධාරීන්ගෙන් සැලකිලි ලැබේ. නොතේරුණ කමින් කර ගන්නා වැඩවලින් පාඩු විඳීමට සිදුවෙයි. අප‍්‍රියෙල් මැයි තත්ත්වය උසස් වේ. අලූත් රැකියාවලට ද හේතු ඇත. මැයි වලින් පසු හවුල් ව්‍යාපාර ආරම්භයට සුදුසු කාලයයි.
සෞඛ්‍යය - වසර මුල ශරීර සනීපය යහපත් වෙයි. පෙබරවාරි මාර්තු නහර අමාරු තුවාල ඇතිවිය හැකිය. පපුවේ වේදනා උණ, කැස්ස වැනි රෝග සාදයි. අප‍්‍රියෙල් අධික උෂ්ණත්වය නිසා හටගන්නා රෝගවලට හේතු ඇත. මැයි වනවිට ශරීර සෞඛ්‍යය යහපත් වෙයි.
අය 7 වැය 6, ජය වර්ණය රතු, ජය අංකය 01


ධනු

සහෝදරයන්ගේ උදව් උපකාර ලැබේ

නව වසර උදාවෙද්දී ධනස්ථානාධිපති අය ස්ථානයේ බලවත්ව සිටීමත් ලග්නයට බ‍්‍රහස්පතීගේ සුබ දෘෂ්ටි ලැබීමත් ඉතා යහපත්ය. ප‍්‍රීතිමත් හිතවතකු ඇසුරට ලැබෙයි. පෙබරවාරි මැද සිට සහෝදර සහෝදරියන් තමා සොයා පැමිණෙයි. හිතවත් අයගෙන් උපකාර ලැබෙයි. නිතර ප‍්‍රීතිමත් ගමන් යෙදෙයි. අසල්වැසියන්ගේ හොඳ හිත ලැබෙයි. තම තත්ත්වය තිබුණාට වඩා උසස් වෙයි. සතුරන්ගෙන් ජය ලැබේ. බලාපොරොත්තු ඉටුවෙයි. මාර්තු හා අප‍්‍රියෙල් මුලතෙක් ගමන් බිමන්වලදී කරදර ඇතිවිය හැකියි. නීතියෙන් පිහිට පැතීමට සිදුවෙයි. අලූතින් ආරම්භ කරන වැඩ කටයුතු දියුණු වෙයි. අලූත් ස්ථානවලට යාමට හැකිවෙයි.
ගෘහජීවිතය - පවුලේ අයකුට අසනීප සාදයි. නැතිනම් ආරාවුල් හටගනී. පෙබරවාරි මැද සිට සහෝදරයින්ගෙන් උපකාර ලැබෙයි. මාර්තු අප‍්‍රියෙල් ස්ථාන ගැටලූ මතුවෙයි. මව්පියන්ට අපලයි. පවුලේ ප‍්‍රීති උත්සවයක් පවත්වයි. පවුලට වාසනාවන්ත දූ දරුවන් එක්වෙයි. නැතිනම් දරුවන්ගේ උසස්වීම් ඇතිවෙයි.
ආර්ථිකය - ජනවාරි මුලදී මුදල් අවහිරතාවක් ඇතිවෙයි. එහෙත් පෙබරවාරි මැද සිට මැයිතෙක් මුදල් ලාබ පෙන්වයි. මාර්තු, අප‍්‍රියෙල් ආදායම් තරමක් පහළ බසී. නුවුවමනා දෙයට මුදල් වැය කරයි. එහෙත් දේපොළවලින් හෝ ගොවිතැන්වලින් ලාබ ලැබිය හැකියි. ජුනිවලින් පසුව ණයතුරුස් පියවා ගනී.
අධ්‍යාපනය - ඉගෙනීම් කටයුතුවලට වැඩි උනන්දුවක් ඇතිවේ. ලිය කියවිලි වැඩ සම්බන්ධයෙන් අලූත් අදහස් පහළ වෙයි. පෙබරවාරි මැද සිට අලූත් දේ ඉගෙනීමට ලැබෙයි.
රැකී රක්ෂා - රැකියා කටයුතුවල විශේෂ දියුණුවක් ඇතිවන වසරකි. අලූත් රැකියා ලැබීම්වලට ද හොඳයි. මෙතෙක් කළ රැකියාවලින් ප‍්‍රතිඵල ලැබෙයි.
සෞඛ්‍යය - මෙම වසර සෞඛ්‍ය තත්ත්වය සමබරව පවත්වාගෙන යාමට හැකිවෙයි. ශරීරය පුෂ්ටිමත්වෙයි. කේතු හයවැන්නේ බැවින් ශරීර සෞඛ්‍යය පහත වැටෙන්නේ නැත. මුහුණේ හෝ හිසේ උෂ්ණ රෝග ඇස්වල පීඩා තුවාල සෑදීමට සුළු ඉඩකඩ ඇත.
අය 7 වැය 5, ජය වර්ණය කහ, ජය අංකය 5



මකර

පවුලේ දියුණුව ඇතිවේ

වසර උදාවේදී ලග්නාධිපති උච්ඡව සස නම් පංච මහා පුරුෂ යෝගයක් උදාකර ඇත. ලග්නගත සිකුරු ජනවාරි 10 වැනිදා ධනස්ථාන ගතවෙයි. සතුටට කරුණු යෙදෙයි. දියුණුව හා ලාබ ප‍්‍රයෝජන ලැබීමට හේතු ඇත. තමා කැමැති අය ඇසුරට ලැබෙයි. සමාජයේ උසස් තැනක් ලැබේ. නිතර ප‍්‍රීතිමත් ගමන් යෙදෙයි. දේපොළ දියුණු කර ගනී. සමහර විට ස්ථානවල හෝ කරගෙන ආ කටයුතුවල වෙනසකට ද හේතු ඇත. නොතේරුම් කමින් වැරදි සිදුවේ. රැවටීමකට අසුවීමට ඉඩ ඇත. ගොඩනැගිලි වැඩ ආරම්භයට යහපත් කාලයකි. වාහන ලාබ ලැබීමට ද මේ කාලය යහපත්ය.
ගෘහ ජීවිතය - ආදර බැඳීම්වලට හේතු ඇත. ශරීරාලංකාරයට අවශ්‍ය දේ මිලයට ගනී. දූ දරු ප‍්‍රීතිය ඇතිවේ. පවුලේ දියුණුවට යහපත්ය. අසල්වැසියන්ගෙන් උපකාර ලැබෙයි. දරු ලාබ හෝ ඔවුන්ගේ දියණුව ඇතිවේ. ස්ථාන වෙනස්වීමකට සිතයි.
ආර්ථිකය - මේ වසර තුළ බලාපොරොත්තු රහිත හදිසි මුදල් ලාබයකට හේතු ඇත. ගොවිතැන්වලින්ද දේපොළවලින්ද ලාබ ලැබෙන කාලයකි. විකිණීම සඳහා මිලයට ගන්නා ඕනෑම දෙයකින් වැඩි ලාබ ලැබිය හැකියි. ඉඩකඩම් දේපොළ පිළිබඳ විශේෂවාසි සැලසෙයි.
අධ්‍යාපනය - ජනවාරි මුලදී විභාග ජයග‍්‍රහණ හිමිවෙයි. මාර්තු වනවිට අලූත් දේ ඉගෙනීමට අවස්ථා සැලසෙයි. තරග වාද විවාදවලට යහපත් වසරක් නොවෙයි. වසර මුලදී හා නැවත අගෝස්තුවලින් පසු ඉගනීමේ කටයුතු අතපසු වෙයි. නැතහොත් කැඞී වෙනසක් සිදුවෙයි. යකඩ යන්ත‍්‍ර සූත‍්‍ර වාහන ආදියෙහි හෝ කර්මාන්ත වැඩ ඉගෙනීමට අවස්ථා උදාවෙයි.
රැකී රක්ෂා - වෙළෙඳ ව්‍යාපාරවලින් දියුණුව ලැබෙයි. විශේෂයෙන් මාර්තු අප‍්‍රියෙල් කාලය වැඩි ලාබ මෙන්ම අලූත් තනතුරු ලැබීමට පවා වාසනාව ඇත. උසස් අයගෙන් උපකාර ලැබෙයි. රන් රිදී මුතු මැණික් වෙළඳාම් මෙන්ම කරගෙන ආ කටයුතු වලින්ද දියුණුව සැලසෙයි.
සෞඛ්‍ය - උණ හිසේ කැක්කුම පපුුවේ හා දණහිස් අමාරු ආදියට හේතු ඇත. ගර්භනීන් ඉතාමත් ප‍්‍රවේශම් සහිත විය යුතු වසරකි. මාර්තු, අප‍්‍රියෙල්, ජූනි, ජුලි, නොවැම්බර්, දෙසැම්බර් කාලය සෞඛ්‍ය තත්ත්වය හොඳින් තබා ගත හැකිය.
අය 8 වැය 7, ජය වර්ණය අළුපාට, ජය අංකය 01




කුම්භ

පදිංචිය පිළිබඳ වෙනසක්

නව වසර උදාවෙද්දී ලග්නාධිපති සෙනසුරු භාග්‍යස්ථානගතව සිටියදී ධර්මකර්මාධිපති රාජ යෝගය ජනවාරි 10 වැනිදා උදාවීම ඔබට යහපත්ය. සැපයට අව්‍ය දේ පහසුවෙන් ලැබේ. සුදුසු වයසේ අයට මංගල යෝග උදාවෙයි. මැයි 17 තෙක් කාලය තුළදී හිතවතකුගේ ඈත්වීමක්ද පෙන්නුම් කරයි. බලාපොරොත්තු රහිත ගැටලූවක් මතුවෙයි. නිතර නිශ්ඵල ගමන් යෙදෙයි. සහෝදරයකුගේ හෝ ළඟම ඥාතියකුගේ හෝ විවාහයක් සිදුවීමට ඉඩ ඇත. මේ වසරේ නොතේරුම්කමින් ඇසුරු කරන අය හා වියවුල් ඇතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීවීම හොඳයි.
ගෘහ ජීවිතය - හිතවත් ඥාති මිත‍්‍ර සමාගම් ඇති කරයි. අඹුසැමි සබඳතා වැඩිදියුණු වෙයි. කැඞී බිඳී ගිය සබඳතා නැවත ගොඩනැගෙයි. ගේ දොර අලංකාර කර ගැනීමට හැකිවෙයි. පැවති ආරාවුල් සමථයකට පත්වෙයි. දරු ලාබවලට ද වාසනාව ඇත. දරුවන්ගේ මංගල කටයුතු සාර්ථක වීමට ද හේතුය. දියුණුවට කරුණූ යෙදෙයි. ජුනි වලින් පසු ස්ථාන හෝ පදිංචිය පිළිබඳ වෙනස්වීමක් ඇතිවිය හැකියි.
ආර්ථිකය - වසර මුලදී ආර්ථික තත්්ත්වය යහපත්ය. ආදායම් හොඳින් ලැබේ. අනුන්ගෙන්ද ලාබ ලැබෙයි. ලාබ බලාපොරොත්තුවෙන් කරන කටයුතුවලට යහපත් කාලයකි. ආදායම් වැඩිකර ගත හැකි මාර්ග සොයයි.
අධ්‍යාපනය - ඉගෙනීම් කටයුතු දියුණු කර ගනී. කලා කටයුතු සංගීත චිත‍්‍ර කර්ම ඉගෙනීමට පටන් ගනී. ලියකියවිලි වැඩට කාලය යොදවයි. තරග විභාගවලින් උසස් ප‍්‍රතිඵල ලැබීම අසීරු වෙයි. ඉගෙනීම් කටයුතුවලට බොහෝ බාධා පැමිණිය හැකි වසරකි. අප‍්‍රියෙල්, මැයි අලූත්දේ ඉගෙනීමට ලැබෙයි.
රැකි රක්ෂා - වෙළෙඳ ව්‍යාපාරවලින් ලාබ ලැබෙයි. උසස් අයගෙන්ද රජයෙන්ද සහාය ලැබෙයි. ධාන්‍ය මල් සුවඳ විලවුන් රන් රිදී මුතු මැණික් වැනි ව්‍යාපාර කරන්නන්ට සුබයි. රැකියාවල ඉහළ තනතුරුවලට පත්වීම්වලට බාධා ඇතිවෙයි.
සෞඛ්‍යය - ශරීර සනීපය ඇති කරයි. පැවැති ලෙඩදුක් සුව අතට හැරෙයි. ජූනි අගතෙක් ශරීරයට වෙහෙස ගති ඇති කරයි. ආහාර නොදිරවීමේ රෝග හටගනී. ලේ දෝෂවලට ද හේතු ඇත. හදිසි අනතුරු ඇස් රෝග කුෂ්ට රෝග උෂ්ණ රෝග හටගනී. ජූනිවලින් පසු ලේ දෝෂ ශරීරයට අනතුරු සීරීම් තුවාල උගුරේ ආබාධ අර්ශස් රෝග ආදියට හේතු ඇත. ශරීර දුර්වලතා පපුවේ වේදනා හටගනී.
අය 7 වැය 7, ජය වර්ණය රතු, ජය අංකය 2



මීන

තරග විභාගවලින් ජය

වසර උදාවෙද්දී ධනස්ථානයේ බ‍්‍රහස්පතීගේ ගමනත් සිකුරු දොළොස්වැන්නේ ගමනත් නිසා ලග්නය සුබ වීම ඔබට යහපත්ය. වාසනාව උදාකරන වසරකි. ශුද්ධ භූමිවලට යාමට ඉඩ ලැබේ. සතුරන්ගෙන් ජය ලැබේ. වටිනා දේ මිලයට ගනී. සුදුසු වයසේ අයට මංගලයෝග උදාවෙයි. ආරම්භ කරන අලූත් කටයුතුවලින් ලාබ ලැබිය හැකියි. නිතර ප‍්‍රිය සමාගම් ඇතිවේ.
ගෘහ ජීවිතය - උත්සව පවත්වන්නට සිදුවේ. ඥාති මිත‍්‍රාදීන්ගෙන් උපකාර ලැබේ. පවුලේ පිරිස වැඩිවේ. පෙබරවාරි, මාර්තු ප‍්‍රිය සමාගම් ඇතිවෙයි. මැයිවලින් පසු පදිංචි ස්ථානයේ වෙනසක් ඇතිවිය හැකියි. ඥාතියෙකුගේ වියෝවකටද හේතු ඇත.
ආර්ථිකය - පෙබරවාරි, මාර්තු කාලය තුළ බලාපොරොත්තු නොවූ ලාබයකට හේතු ඇත. එහෙත් නොතේරුම් කමින් කරන වැඩ කටයුතු හෝ ගනුදෙනු ආදියෙන් පාඩු කරදර ඇතිවේ. මැයි සිට අගෝස්තු තෙක් කාලය තුළ ගොවිතැන්වලින් අලාබ හානි සිදුවිය හැකියි.
අධ්‍යාපනය - පෙබරවාරි, මාර්තු ඉගෙනීම් කටයුතුවලට ඉතා යහපත්ය. මැයි මැදතෙක් විභාගවලින් ජයග‍්‍රහණ ලැබේ. මැයි මැද සිට අගෝස්තු දක්වා කාලය තුළ ඉගෙනීම්වලට බාධා ඇතිවිය හැකියි. ජුලි සිට තරග විභාග ආදියට ඉදිරිපත් වීමෙන් ප‍්‍රතිඵල ලැබීම අසීරුයි.
රැකීරක්ෂා - රැකීරක්ෂාවල උසස්වීම් බලාපොරොත්තු විය හැකියි. වෙළහෙළඳාම්වලින් ජය ලැබේ. අලූත් රැකියා ලැබීම්වලට ද හේතු ඇත. වෙහෙස වීමෙන් කරන වැඩවලින් ලාබ ලැබේ.
සෞඛ්‍යය - ශරීර සනීපය යහපත් වෙයි. විශේෂයෙන් පෙබරවාරි, මාර්තු පවතින රෝග සුව අතට හැරෙයි. එහෙත් ගමන් බිමන්වලදී හදිසි අනතුරු ආදිය ඇතිවීමට හේතු ඇත. කැපුමකින් ශරීරයේ තුවාලයක් සෑදීමට ඉඩ ඇත. ජුලි මාසයේ සිට ශරීරයට වෙහෙස ගති ඇති කරයි.
අය 5 වැය 7, ජය අංකය 02, ජය වර්ණය-ලා රෝස
ජ්‍යොතිෂවේදිනී ගීතා ජයසූරිය

29 Dec 2011

යූවතියකගේ පවිත්‍රත්වය සෙවීම

බාහිර පරිසරය කොතෙක් දුරට වෙනස් වූවත් ආකල්පමය වෙනස්වීම් එතරම් ශීඝ්‍රයෙන් සිදු නොවිය හැකිය. යූවතියකගේ පවිත්‍රත්වය කියන සූදු පිරුවටය නවීන සමාජය තුළ ඔබින්නේද නැද්ද යන කාරණාව අපට විග්‍රහ කළ හැක්කේ ආකල්ප වෙනස සහ නොවෙනස අතර දොලනය වන මාතෘකාවක් වශයෙනි.


ජීව විද්‍යාත්මකව කතා කළ හැකි කන්‍යාභාවය පිළිබඳ ප්‍රශ්නය නවීන සමාජය තුළ ගරු කරන පූද්ගලයන් ගරු නොකරන පූද්ගලයන් සහ තිබූණත් එකයි නැතත් එකයි කියන අතර මැදි පූද්ගලයන් යන ආකාර තුනින්ම ජීවත් විය හැකියි. මෙවැනි සිරිතක් අනූගමනය කරමින් ඇතැම් විට බලාපොරොත්තු වන්නේ විසිරෙන්නට දඟලන සමාජය එක්තරා ආකාරයකට එකතු කර ගැනීමට උත්සාහ කිරීමක් විය හැකියි.


යූවතියකගේ පවිත්‍රත්වය සෙවීම විවාහය සමග පරිකෂා කරන සාම්ප්‍රදායික චාරිත්‍රයක් ලෙස අපට පහසූවෙන් හඳුන්වා දිය හැකියි.


කන්‍යාපටලය ජීව විද්‍යාත්මක පිහිටීමක්. ජීව විද්‍යාතමක පිහිටීමකට සාම්ප්‍රදායික සමාජය තීන්දු ගන්න එක පරීකෂාවලට භාජන කරන එක කොතරම් සූදුසූද කියන ප්‍රශ්නය මතුවෙනවා. වෛද්‍යවරුන් සඳහන් කරන අන්දමට යූවතියක් විවාහයට පෙර ලිංගිකව හැසිරුනත් නැතත් ස්වාභාවිකවම සියයට 25 ගේ පමණ ජීවවිද්‍යාත්මකව කන්‍යාපටලය නොපිහිටන්න පූළුවනි. මෙවැනි යූවතියන්ට වන බලවත් අසාධාරණය එහෙමත් නැත්නම් සමාජය තුළදී ලිංගික අතවරවලට ලක්වෙන යූවතියන්ට වන අසාධාරණය වැනි කරුණූ වලට ගොදුරුවූ යූවතියන්ට පිරිසිදු විවාහයකට ඇතුළත් වෙන්නට නොහැකිදෑයි කියන ප්‍රශ්නය මතුවෙනවා. අද බලන්න ලංකාවේ ලිංගික අපරාධ සංඛ්‍යාව එන්න එන්නම ඉහළ ගිහිල්ලා තියෙනවා. මේවාට ගොදුරුවෙන යූවතියන්ට සමාජය විසින් දෙන නිගමනය කුමක්ද?


ලංකාවේ සමාජය තුළ තවමත් විවාහ සිදුවීමේදී ලිංගික පාරිශුද්ධිය පිළිබඳ ඇතැම් ආකල්පවල දෑඩි වෙනසක් වෙලා නැහැ. නමූත් අපි මූලින් කිව්වා වගේ සමාජ පරිසරය වෙනස් වෙලා. මෙයට හොඳම උදාහරණයක් තමයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ පරීකෂණ කණ්ඩායමක් කරන ලද පරීකෂණයකට අනූව සොයා ගැනීම තවමත් ලිංගික පාරිශුද්ධිය ඇති ගැහැනූ දරුවන් විවාහකරගන්න බලාපොරොත්තුවන පිරිමින් සියයට 60 ප්‍රතිශතයක් තවම ඉන්න බව.


පොදුවේ ගත්තොත් ලෝකයේ සෑම සමාජයක්ම විවාහයට පෙර ලිංගික සම්බන්ධතාවක් පැවැත්වීම අනූමත කරන්නේ නැහැ. සමහර සමාජ දෑඩි දඬූවම් පවා පමූණූවනවා.


ලෝකයේ උතුරු ප්‍රදේශයේ ජීවත්වන "අශාන්ති" කියන ගෝත්‍රය තුළ විවාහයට පෙර ලිංගික සම්බන්ධතාවයන් පවත්වන පූද්ගලයන් හෙල්ලයකින් ඇන මරා දමනවා. ලොව දියූණූ නොදියූණූ විධිමත් අවිධිමත් සියලු සමාජය අනිසි ලිංගික සබඳතා තුළ සමාජය ව්‍යාකූල වනවා යැයි සිතනවා. එම නිසා අපේ රටෙි විවාහයක් තුළදී සොයන සූදු පිරුවටය කියන පවිත්‍ර ගැහැනූ දරුවෙක් සංකල්පය එහෙමත් නැත්නම් චාරිත්‍රය කල්තබාම ගැහැනූ දරුවන්ගේ ලිංගික ජීවිතය පාලනය කරනූ ලබනවා.


ආසියාතික සමාජය තුළ තමන්ගේ සංස්කෘතික අනන්‍යතාව නිසා බටහිර රටවලට වඩා කාන්තාවට ඉහළ පිළිගැනීමක් තියෙනවා.


විවාහයකදී පෝරුවේ චාරිත්‍ර දෙනෝදාහක් මැද ඉටූ කරන අවස්ථාවේදී ලිංගිකව පාරිශුද්ධ බව නොමැති ගැහැනූ දරුවා බිම ඇද වැටෙි කියන මතයක් තියෙනවා. මේ නිසා තමන්ගේ ගෞරවය, පවූලේ ප්‍රතිරූපය, ගැන වඩාත් සිතන ගැහැනූ දරුවන් තම චරිතවත් ලෙස ජීවත්වීමට පෙළඹෙනවා. නැත්නම් වෙන්නේ පෝරුවේ චාරිත්‍ර කරන මොහොතේ ඇති කරන සිතිවිලි මතින් තමාගේ ප්‍රතිරූපය ඉහළ දෑමීමක් හෝ පහළ දැමීමක්.


සමාජ වටපිටාව නවීකරණය වෙද්දී මෙම චාරිත්‍ර ගැලපේද නොගැලපේද කියන කාරණාව සමාජ විද්‍යාඥයන්ට තීරණය කරන්නට බැහැ.


නමූත් ඓතිහාසික පැහැදිලි කිරීමක් කළ හැකියි. "බහූ විවාහ" චාරිත්‍ර වලදී ලිංගික පාරිශුද්ධිය කියන කාරණාව පරණ සමාජය තුළ එතරම් ගැටලූවක් වෙලා නැහැ. එවැනි විවාහයක් පවත්වාගෙන යන්න සූදු පිරුවටය අත්‍යාවශ්‍ය කාරණාවක් වෙලත් නැහැ. සමගි විවාහ යන කාරණාවේදී එම විවාහයට ඇතුළත් වන කාන්තාවට එම පවූලේ සිටින පිරිමි හත්දෙනකුට යටත්ව ලිංගික සම්බන්ධතා පැවැත්වීමට අවසර තියෙනවා. එවැනි අවස්ථාවකත් අපි කතා කරන කාරණාව ගැන සැලකිලිමත් වෙලා නැහැ.


එතැනදී පැහැදිලි වෙනවා සමාජය ශිෂ්ටාචාර ගතවන විට ඒ කියන්නේ අපේ සමාජය සිදුවන එක් කාන්තාවක් එක පිරිමියකු සමඟ විවාහවන එක් පූරුෂ එක භාර්යා විවාහ වලදී පමණක් ලිංගික පාරිශුද්ධිය කියන කාරණාව වැඩි වටිනාකමක් පෙන්වන බව. සාම්ප්‍රදායිකව මෙය කවර කාරණාවක් නිසා ගොඩ නැගුණාදෑයි හරියටම කියන්න බැහැ. නමූත් මෙය මහනූවර යූගයෙන් පසූව ඇති වූණා කියලා සමාජ විද්‍යාඥයන් විශ්වාස කරනවා.


කෙසේ වෙතත් ලෙනාඩ් වූල්ෆ් විසින් රචිත ලිපි ලේඛන වල අපේ රටෙි ගැමියන් තමන්ට දාව උපන් ගැහැනූ දරුවන් එම ප්‍රදේශයේ ප්‍රභුවරුන්ගේ නිවෙස්වල පූංචි පූංචි අත් උදව්වලට යැවූ බවත් ඉන් අනතුරුව ප්‍රභූන් විසින් දරුවන් ලිංගික ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කර ගත් බවත් සඳහන් වෙනවා. මෙයින් ගැමියන් ප්‍රභූන්ගෙන් ඔවූන්ට තාන්න මාන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. එවැනි කාරණා එන්න එන්නම ඉහළ යෑම තුළ මෙවැනි ලිංගික ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කරගත් බවත් සඳහන් වෙනවා. පවූල්වල ගැහැනූ දරුවන් ප්‍රභූන්ගෙන් බේරා ගැනීම සඳහා විවාහයේදී සූදු පිරුවටය කියන කාරණාව බලන්න සමාජය පූරුදු වූණාදෑයි හිතන්නත් පූළුවන්.


අවසන් වශයෙන් තව දෙයක් කිව හැකියි. ඇවැස්ස විවාහ වලදී සූදු පිරුවටය සෙවීම එතරම් බරපතල කාරණාවක් නොවූවත් දීග විවාහ හෙවත් පිටස්තර දෙදෙනකු අතර වන ආදර විවාහ සහ යෝජිත විවාහ වලදී සූදු පිරුවටය කියන කාරණාව තවමත් ලංකාවේ බලනවා. මෙය සූදුසූද නූසූදුසූද අපට තර්ක කිරීමක් පමණයි කළ හැක්කේ. ඉහත කාරණාවලින් සූදුසූ හා නූසූදුසූ දෙපැත්ත ගැන අපට සිතාබැලිය හැකියි. මෙය ආකල්පමය වෙනසක් හරහා ඇතිවිය යූතු දෙයක් මිස බලෙන් පටවන කාරණාවක් නොවිය යූතුයි.

28 Dec 2011

විනිවිද පෙනෙන්නේ වීදුරු පමණක් නොවේ


2011 දෙසැම්බර් මස 27 18:02:19 | සජිව විජේවීර
විනිවිද පෙනෙන්නේ වීදුරුය. සතකු විනිවිද පෙනෙන්නේනම් එය පුදුමයකි. නමුත් ලෝකයේ එලෙස විනිවිද පෙනෙන අරුම පුදුම සත්තු රැසක් සිටිති.
විනිවිද පෙනෙන මේ ගෙඹි විශේෂය ලෝකයට හඳුන්වාදී ඇත්තේ ජපාන විද්‍යාඥයන් කණ්ඩායමක් විසින්. ගෙම්බාගේ බිත්තර ශරීර අභ්‍යන්තරයේ පිහිටා ඇති ආකාරය පවා පැහැදිලිව දක්නට හැකිවීම විශේෂත්වයක්
විනිවිද පෙනෙන මේ මිරිදිය පොකිරිස්සා සොයා ගන්නා ලද්දේ උතුරු ඇමරිකාවේ ගල්ගුහාවකින්
මේ ගෙඹි විශේෂය ජීවත්වන්නේ වෙනිසියුලාවේය. වීදුරු ගෙම්බා හෙවත් ග්ලාස් ෆ්රොග් ලෙස හඳුන්වන මොවුන්ගේ උදර ප‍්‍රදේශය විනිවිද පෙනෙන ආකාරයෙන් පිහිටා තිබේ.
ආලෝකයට ඉතාමත් සංවේදී මේ මත්ස්‍යයාගේ හිස කොටස විනිවිද පෙනෙන ආකාරයෙන් පිහිටා තිබේ. ගැඹුරු මුහුදේ ජීවත් වන මොවුන් බැරල් අයි යනුවෙන් හඳුනවයි.
වීදුරු බෝලයක් මෙන් ගැඹුරු මුහුදේ දක්නට ලැබෙන මේ දැල්ලන් විශේෂය වීදුරු දැල්ලා යනුවෙන් හඳුන්වයි.
මේ සමනළයාගේ පියාපත්වල ඇතැම් කොටස් විනිවිද පෙනෙන ආකාරය මේ ඡායාරූපයෙන්ම පැහැදිලිවේ.
ක්‍රොකඩ‍්‍රයිල් ෆිෂ් හෙවත් කිඹුල් මාළුවා යනුවෙන් හඳුන්වන මේ සත්ත්වයාගේ රුධිරය පවා අවර්ණ බවයි විද්‍යාඥයන් පවසන්නේ . දකුණු අර්ධගෝලයේ ශීත මුහුදේ දැකිය හැකි සත්ත්ව විශේෂයකි.
උතුරු අත්ලාන්තික් සාගර පත්ලේ කළ පර්යේෂණ වලදී මේ වීදුරු ඉස්සා සොයාගෙන තිබේ.
විනිවිද පෙනෙන බෝලයක් ද රැගෙන පිහිනා අයන ආකාරයක් පෙනෙන මේ ජීවියා ඉතාමත් කුඩා කූණිස්සෙකි.
සෙන්ටි මීටර 10 ක් පමණ දිගැති මේ ජෙල් ෆිෂ් ද විනිවිද පෙනෙන සත්ත්වයකු ලෙස ප‍්‍රකටයි.
වීදුරු වලින් සැකසුණු පියාඹන පීරිසියක් සේ දිස්වන මේ අපූරු සත්ත්වයා ඉතාමත්ම කුඩා ජෙල් ෆිෂ් විශේෂයක්.
ගැඹුරු මුහුදු පත්ලේ ජීවත් වන මේ පැතලි මාලූවා තම ශරීරයේ අස්ථි සැකැස්ම සම්පූර්ණයෙන්ම දැකිය හැකි තරම් විනිවිද පෙනෙන අපූරු මත්ස්‍යයෙකි.
විනිවිද පෙනෙන මේ මත්ස්‍යයා අඳුරු සාගර පත්ලේදී සතුරන්ගෙන් සැ`ගව සිටින්නේ සිරුරේ මේ අපූරු ස්වභාවය උදව් කරගනිමිනි
විනිවිද පෙනෙන මේ මත්ස්‍යයා සොබා දහමේ නිර්මාණයක් නොව මිනිසා විසින් ජාන වෙනස් කම්වලට භාජනය කර කෘතිමව අභිජනනය කරනලද මත්ස්‍යයෙකි.
මේ ඉස්සාද ගැඹුරු මුහුදු පත්ලෙන් හමුවූ තවත් විනිවිද පෙනෙන සත්ත්ව විශේෂයකි.

27 Dec 2011

ආභරණ එළිය කරන මැණික්


කාන්තා රුව පිළිබඳව කතා කිරීමේදී රන් රිදී මුතු ගැන අනිවාර්යයෙන්ම කියැවෙයි. ඒ තරමටම කාන්තා රුව ඔප කිරීමට මේවා උපයෝගී වේ. ලස්සන නිසාම කාන්තාවන් පළඳින දුර්ලභ ගණයේ වටිනා කමින් ඉහළ මෙම ලෝහ සහ පාෂාණ දිනෙන් දින මිල ඉහළ යන්නේ අධික ඉල්ලුම නිසාවෙනි.එදා හෙළ රජ දවසේ කාන්තා රුව ඔප කළ ආභරණ එදා මෙදා තුර විවිධ වෙනස් කම් වලට භාජනය වෙමින් එහෙත් දිනෙන් දින ජනපි‍්‍රයත්වයෙන් ඉහළ යමින් ආභරණ වර්තමාන සමාජයේ විස්මිත පෙරැලියක් සිදුකර තිබේ. රන්, රිදී ලෝහ වලින් තැනෙන ආභරණ වඩාත් අලංකාර කිරීම සඳහා මැණික් නැතිවම බැරිය. මේ නිසාම කාන්තා රුව වඩාත් ආකර්ශනීයත්වයට පත්කරන මැණික් ගැන කතා කිරීම ප‍්‍රයෝජනවත් වෙයි.මැණික් හා ස්වර්ණාභරණ පිළිබඳව කතා කිරීමේදී ලෝකයේ වෙනත් රට වලට වඩා වැඩි ප‍්‍රමුඛතාවයක් අපේ රටට හිමි වන්නේ වටිනා මුතු මැණික් වර්ග රැසක් අපේ රටේ සම්පතක් වී ඇති බැවිනි. එදා විදේශීය වෙළෙන්දන් සේද මාවත දිගේ අපේ රටට පැමිණියේ මේ වටිනා මුතු මැණික් වර්ග මිලදී ගැනීමටය. ඉන්දියන් සයුරේ මුතු ඇටය නම් විරුදාවලිය ලබා සිටි අප රට මුතු ඇටයක් ලෙස නම් කරන්නට ඇත්තේ ද මේ නිසාමය. රත්නපුර දිස්ති‍්‍රක්කයේ කහවත්ත, බලංගොඩ, ඇහැලියගොඩ, වැනි ප‍්‍රදේශයන්ගෙන් සහ ඇලහැර ප‍්‍රදේශයේ හමු වන මැණික් සඳහා විදේශිය සංචාරකයන්ගේ හොඳ ඉල්ලුමක් පවතින බව ද අපි දනිමු. අප රටට විදේශ විනිමය ලබා දෙන ප‍්‍රධාන මාර්ගයක් වූ මැණික් සඳහා ලෝක වෙළෙඳ පොළේ හොඳ ඉල්ලුමක් ද පවතී.
 මෙවැනි හේතු කාරණා රැසක් නිසා අප රටේ බොහෝ දෙනකුගේ මාතෘකාවක් වූ මුතු මැණික් හා ස්වර්ණාභරණ  තෝරා  ගැනීම පිළිබඳව කාන්තාවන්ට අද විශාල ගැටලුවක් බවට පත්ව ඇත්තේ ද මෙම විශ්වාසවන්ත බව නිසාය.මෙම තත්ත්වයෙන් ජනතාව ගලවා ගැනීම සඳහා උසස් තාක්‍ෂණ සහ ව්‍යවසාය සංවර්ධන කටයුතු අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති මැණික් හා ස්වර්ණාභරන අධිකාරියට අනුබද්ධිත එකම ප‍්‍රදර්ශන සාප්පු සංකීර්ණය මඟින් විශාල මෙහෙවරක් ඉටු කරනු ලබයි. කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 4 වැනි මහලේ පිහිටා ඇති මෙම ප‍්‍රදර්ශනාගාරයේ වෙළඳ කුටි 42 කින් සමන්විත වන අතර සියලුම පහසුකම් වලින් සමන්විතව ගොඩනගා තිබේ. ඉහළ සුපිරි පැළැන්තියට පමණක් සීමා වූ ප‍්‍රදර්ශන කුටි ලෙස පෙනුණත් ඕනෑම තරාතිරමක පුද්ගලයකුටම මෙම කුටි සියල්ලම නැරඹුමටත් ඒවා පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටත් අවස්ථාව තිබේ. විශේෂයෙන් විදේශීය සංචාරකයන්ට අපගේ රටේ මුතු මැණික් පිළිබඳව අවබෝධයක් ලබා දීමටත් ඒවා හඳුනා ගැනීමටත් කදිම තෝතැන්නක් වන මෙම ස්ථානයේ ස්වර්ණාභරණ හා මැණික් පිළිබඳව නොමිලේ කත්සේරුවක්් ලබා දීමට පරීක්‍ෂණාගාරයක් ද පිහිටුවා ඇත.පෙළොවෙන් ලැබෙන පාෂාණයක් නිසා මැණික් වලට ග‍්‍රහ අපල දුරු කිරීමේ හැකියාවක් ඇති බවට බොහො දෙනකු ගේ අදහසයි. ඒ ඒ අපල වලට උචිත මැණික් වර්ග මොනවාද යන්න ඡ්‍යොතිෂයට අනුව දැනගත හැකිය. එහෙත් මෙම මැණික් ගල් තෝරා ගැනීම අද ගැටලුවක්ව පවතින අතර බොහෝ දෙනකු මැණික් ලෙස වීදුරු ගල් වලට රැවටෙනු දැකිය හැකියි. මෙම ස්ථානයේදී නියම මැණික් වර්ග හඳුනා ගැනීම පිළිබඳව ඔබට දැනුවත්  විය හැකි අතර නවරත්න මැණික් ගෝමේද වෛරෝඩි බ්ලුස්ටෝන් වැනි මැණික් දැක බලා ගත හැකිය. ඉතා දක්‍ෂ ශිලපීන්ගේ දෑතින් නිම වන විවිධ වර්ගයේ ස්වර්ණාභරණ රැසක් ද මෙහිි දක්නට ඇති අතර තමාගේ සිතැඟි පරිදි ආභරණයක් නිර්මාණය කරවා ගැනීමට ද මෙම ස්ථානයේ පහසුකම් තිබේ. අන්‍යෝන්‍ය සැබැදියාවකින් හා සුහදශීලිත්වයකින් සියලු කටයුතු පවත්වාගෙන යන මෙම ප‍්‍රදර්ශන කුටි පෙළ තුළින් අපට ස්වර්ණාභරණ මැණික් පිළිබඳ බොහෝ දේ දැන ගැනීමට අවස්ථාව තිබේ. ඒ සඳහා සෑම විටම සූදානමින් සිටින මෙම ප‍්‍රදර්න කුටි හිමියන්ගේ සංගමය මඟින් මුළු රටට පමණක් නොව මුළු ලොවටම අපේ මුතු මැණික් හා ස්වර්ණාභරණ වල වටිනාකම පිළිබඳව පණිවුඩය රැගෙන යාමට සූදානමින් සිටියි.

26 Dec 2011

පින්තූරද? සිතුවම්ද?

2011 දෙසැම්බර් මස 22 12:39:12 | සජිව විජේවීර
අති තාත්වික චිත‍්‍ර කලාව 21 වැනි සියවසේ දී නව ප‍්‍රවණතා ඇතිකරමින් ලොව ජනපි‍්‍රය චිත‍්‍ර කලාවක් බවට පත්ව තිබේ. 1973 දී බෙල්ජියමේ බ‍්‍රසල්ස් නගරයේදී ඇමරිකන් ජාතික රැුල්ෆ් ගොයිග්ස්, චුක් ක්ලෝසේ, දොන් එඞී, රොබට් බෙච්ලේ සහ රිචර්ඞ් මැක්ලන් ප‍්‍රදර්ශනයක් පවත්වමින් මේ කලාව ලෝකයට හඳුන්වා දුන්හ.
විශාල ප‍්‍රමාණයේ ඡායාරූපයක් ගුරු කොට ගනිමින් ස්වභාවිකත්වයට බොහෝ සෙයින් සමාන වන මෙම චිත‍්‍ර කලාවේ නියැලෙන චිත‍්‍ර ශිල්පීහු 44 දෙනෙක් ලොව පුරා සිටිති. වන පාරිසරික වැදගත් ස්ථාන, වීදි දර්ශන, පුද්ගල චරිත, මිනිස් හා සත්ත්ව චර්යා මෙන්ම දේශපාලනසිදුවීම් ද පදනම් කරගෙන නිර්මාණය කැරෙන මේ චිත‍්‍ර අධික මිලකට අලෙවි වෙයි.

හිරවු දොරටුව අරින්න වික්ටෝරියා ජලාශ පතුලට ගිය බිහිසුණු ගමන


2011 දෙසැම්බර් මස 25 11:09:35 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
පංගුපේරුවක් නොබලා අයියා මලෝ දෙදෙනා තම වෘත්තිය වෙනුවෙන් කැපවූහ. ඒ අයියා මලෝ දෙදෙනා ආරියශීල වික‍්‍රමනායක හා රුවන් වික‍්‍රමනායකය.
නැවේ කප්පිත්තගේ රාජකාරියේ සිට සියලූ රාජකාරී ඔවුන්ගේ දෑතට හුරුය. ඒ සියල්ල ඒ සොහොයුරන්ගේ සිතට සතුටකි. එහෙත් මුහුද යට කිමිදීම ලේසී පහසු වෘත්තියක් වන්නේ නැත. ශාරීරික මෙන්ම මානසිකවත් නීරෝගි කෙනකුට මිස කිමිදුම්කරුවකු ලෙස අවදානම දෙවුර දරා මහ දිය කඳ දෙබෑ කර ගනිමින් ‘සැඟවුණු ලෝකය’ සොයා යාම කෙනකුට කළ නොහැක්කකි.
කිමිදුම් ජීවිතය හා සබැඳුණු මතක සමුදායක් මේ දෙසොහොයුරන්ගේ මතක ගබඩාව තුළ වෙයි. වික්ටෝරියා ජලාශයේ බැම්ම පතුලේ අඩි 400ක් වතුර යට තිබුණු දොරටුවක් අරින්නට ගිය ගමන ඒ මතක කන්දරාව අතර සුවිශේෂිත මතකයකි. ඒ 1984 වසරේ වූ සිදුවීමකි.
ස්වයංකී‍්‍රයව විවර විය යුතු ඒ දොරටුව එපරිදි විවර වූයේ නැත. ජලාශයේ වතුර අතිරික්තයකි. ඒ වැඩි ජල කඳ දොරටුව විවර කර මුදා හැරිය යුතුය. එහෙත් කොතැනක හෝ වැරදීමක්, නැත්නම් ගැටලූවක් පවතින බව වික්ටෝරියා ව්‍යාපෘතිය බාරව සිටි සියල්ලන්ටම වැටහී ගියේය.
වාං දමන ජලකඳ මුදා හරිනු වස් දොරටුව විවර කරන්නට නම් සිදුව ඇත්තේ කුමක්දැයි විමසා බලන්නට අඩි හාරසියයක දිය කඳ තරණය කොට එහි පතුල සොයා යා යුතුමය. වගකීම දරන්නේ කවුද? සුද්දා පිළිතුරක් අපේක්‍ෂාවෙන් තරංග නඟන දියකඳ දෙස බලා සිටිය දී මාස්ටර් ඩයිවර්ස් ආරියශීල හා රුවන් සොහොයුරෝ ඒ වගකීම කරට ගත්හ.
මහ මුහුදේ රළ තරම් ඝනත්වයක් නැති ඒ නැවුම් ජල කඳ සිසාරා පතුලට යාම අවදානමකි. මින් පෙර ලංකාවේ කිසිම කිමිදුම්කරුවෙක් එතැනට ගොස් තිබුණේ ද නැත. මේ කටයුත්ත මහමුහුද යට ලෝකය සොයා යාමට වඩා ජීවිතය හා මරණය අතර වන භාරදුර කටයුත්තක් වග ඔවුන්ට නොහැඟුණා ද නොවේ. එහෙත් ඒ සියල්ල මැද ඔවුහු වගකීම භාර ගත්හ.
ජලය යට සෑම අඩි තිස් තුනකදීම පීඩනය රාත්තල් 14කින් වැඩිවෙයි. අඩි හාර සියයක් යන විට කෙනකුට දැනෙන පීඩනය කොතෙක්දැයි ඒ අනුව ඔබට වැටහෙනු ඇත. එය සාමාන්‍ය ශරීරයකට ඔරොත්තු නොදෙන පීඩනයකි. අධික පීඩනයක් දරා ගන්නට සිදු වූ විට ඇතැමකුගේ අත පයෙහි ලේ හෘදයට එකතුවෙයි. නිරෝගී හෘදයක් නැත්නම් එසේ වැඩිවන රුධිරය පොම්ප කරන්නට හෘදය අසමත් වීම හේතුවෙන් දිය යටදී පපුවේ අමාරුව වැනි තත්ත්වයක් ඇතිවිය හැකිය.
මින් පෙර ඔවුහු එතරම් ගැඹුරු දියකට කිමිදී ගොස් තිබුණේ නැත. ඇතැම් විට කෙනෙකු එතරම් පීඩන තත්ත්වයක් යටතේ ඝනත්වය අඩු  ගැඹුරු දිය කඳන සොයා යද්දී ප‍්‍රකෘති සිහිය දුරු වී යන තත්ත්වයකට පත්විය හැකිය. එවිට එම කිමිදුම්කරුවා විකාර ලෙස හැසිරෙන්නට පටන් ගනියි. එවැනි පසුබිමක් නිර්මාණය වෙන්නේ මොළයට දැනෙන අධික පීඩනය හේතුවෙනි. ඔක්සිජන් ටැංකිය ගලවා විසිකර දමන්නට එවැනි ප‍්‍රකෘති සිහිය ගිලිහුණු මොහොතක කිමිදුම්කරුවකු පෙළඹෙන්නට පුළුවන.
එහෙත් රාජකාරිය දේවකාරියක් සේ සලකා ඊට කැපවිය යුතුය. අඩි හාරසිය ගණනක් පතුලට කිමිද ගොස් කළ යුතු කාර්ය විනාඩි හතක් ඇතුළත නිමකළ යුතුය. විනාඩි හතකට වඩා ඒ දියපතුලේ රැඳී සිටිය නොහැක. ඉන්පසු පැය එකහමාරක පමණ කාලයක් ගෙන දිය මතුපිටට පැමිණිය යුතුය. ඊට අඩු කාලයකදී දිය මතුපිටට නොපැමිණිය යුත්තේ නයිට‍්‍රජන් වායුව වැඩිවී ශරීරයෙන් ලේ ගලන තත්ත්වයක් ඇති විය හැකි බැවිනි.
කිමිදුම්කරුවෙක් දිය යටට යද්දී ලණුවක් රැගෙන යයි. ඒ ලණුවේ එක් කෙළවරක් බාර දෙන්නේ තමාට ඉතාමත් විශ්වාසවන්තයකුටය. එදා ආරියශීල වික‍්‍රමනායක මහතා වික්ටෝරියා දියකඳ තරණය කරද්දී ඒ ලණුවේ කෙළවර බාර දුන්නේ තම මළණුවන්ටය. තමා යහතින් ප‍්‍රකෘති තත්ත්වයේ දිය යට සිටින බව දැනුම් දෙන්නේ ඒ ලණුව වරින් වර ගැස්සීමෙනි. දිය යට සිටින පුද්ගලයාගේ ජීවිතය රැඳී ඇතැයි තේරුම් ගත හැක්කේ ඒ දෙන සංඥාව මතය. රුවන් වික‍්‍රමනායක ද තම සොහොයුරා සමඟම ලණුවත් රැගෙන මීටර් 300ක් දුර ගොස් නැවතුණේය. ඉතිරි දුර ආරියශීල වික‍්‍රමනායක මහතා ගියේය. එදා දියකඳ තරණය කරන්නට පෙර ඔහු තම සොහොයුරාට මෙසේ කීවේය.
මල්ලි මම ලණුවෙන් සංඥා දෙන එක නතර වුණොත් ඔයා මාව හොයාගෙන වතුර යටට එන්න එපා. එහෙම වුණොත් මට වෙන අන්තරාවම  ඔයාටත් වෙයි. මම සංඥා දෙන එක නතර වුණොත් ඔයා මාව අමතක කරලා මෙතැනින් එහාට යන්න.
ඒ පණිවිඩය ගැඹුරේ රැඳී තිබුණේ අතිශය සංවේදී ඉරණම් කතාවකි. ඒ වෙන්වෙන මොහොත හැඟීම්බර මොහොතක් විය. එහෙත් තම අත රැඳී ලණුවට සංඥා නිවැරදිව ලැබෙන විට රුවන් තම සොහොයුරාගේ ජීවිතය වෙනුවෙන් දෙවියන්ට පින් දුන්නේය. ඒ සෑම සංඥාවක්ම ධ්වනිත කළේ ”නුඹේ අය්යණ්ඩි නිරුපද්‍රිතයි.” යන පණිවිඩයයි.
මට වතුර යට ඉන්න පුළුවන් විනාඩි හතයි. මම බලන්න උත්සාහ කළේ ගහක් ගැලවිලා ඇවිත් දොරටුව ළඟ හිරවෙලාද කියලා. අන්ධකාරයට මොකුත් පේන්නේ නෑ. මට හිතුණා මට ගොඩට එන්න බැරිවෙයි කියලා. අද වගේ නෙවෙයි එදා අපි ඇන්ද ඇඳුමත් බරයි. මට හිතුනා මගේ ඔළුව හැප්පෙයි කියලා. ඇත්තටම ලිහා ගන්න බැරි වෙන්න ලණුව ගැටගහලා. එම ලණුවේ කොනත් විශ්වසවන්තයකුට බාර දෙන්නේ එය ඒ තරම්ම අවදානම් නිසා. මම මල්ලිට කියලා ගියේ මම පල්ලෙහාට යද්දී මම මුලින් දෙන සංඥාව වෙනස් කරලා එකවරක් ලණුව ගස්සලා දෙන සංඥාව වෙනුවට දෙවරක් ලණුව ගස්සලා සංඥාව දුන්නොත් මම දෙන සංඥාව වැරුද්දුවොත් ඔයා මාව උඩට ඇදලා ගන්න කියලා. මම පතුලටම ගියාම වෙනමම විදිහේ සංඥාවක් දෙන්නම් කියලා. ඒ වගේම සංඥා දෙන එක නතර වුණොත් ඔයා ලණුව අතහැරලා දාන්න කියලා.
වික්ටෝරියා ජලාශයේ දොරටුව නොහැරෙන හේතුව බලන්න මට තුන් වතාවක් මේ වගේ අවදානම දරාගෙන යන්න වුණා. දෙවතාවෙම ගිහින් ආවම ව්‍යාපෘතිය බාර සුද්දෝ මට චෝදනා කළා ඔයා බොරු කළේ. ඔයා මඟට ගිහින් ආවේ. දිය යටටම ගියේ නෑ කියලා.
සුද්දෝ ගොඩාක් මැද එදා මම මා වෙනුවෙන්ම තර්ක කළා. දෙවැනියට ගිය වතාවේ මම අවබෝධ කර ගත්තා දොරටුව ඇරෙන්න නම් ඒ දොරටුවට කොක්කක් වැනි යකඩ වයර් එකක් දැමිය යුතුයි කියලා. මම තුන් වැනි වතාවේ දියයට ගියේ මම මේ යන්නේ අන්තිම වතාවට කියලා. දෙවැනි වතාවේ සුද්දෝ ඒ වයර් එක යන්ත‍්‍ර මගින් දිය යටට දමද්දී මට ඒක අතට අහුවුනේ නෑ. මම කළුවරේ අත පත ගෑවත් මට එය අහුවුනේ නෑ. තුන්වැනි වතාවේ මම එයත් මගේම අයට කරන්න බාරදීලා තමා දිය යටට ගියේ. තුන්වැනි වතාවේ තමා එය නිවැරදිවම කළේ. මම ඒ රාජකාරිය හරියටම කරලා දිය මතු පිටට ආවම සුද්දො මට නඟපු හැම චෝදනාවක්ම නිකම්ම බිඳ හෙළුණා.
මරණය පෙනෙන මානයකදී ජීවිතය පිළිබඳව වන ආසාව හා කැමැත්ත උගසට තබා දිය යට කරන සටන ආස්වාදයක් ද වන බව ඔවුන් කියන්නේ ඒ අතීතය නැවත සිහිපත් කරද්දී නැඟෙන මන්දස්මිතයක්ද සමඟිනි.
සටහන - සංජීවිකා සමරතුංග
කිමිඳුම් කටයුතු ඇරඹීමට පෙර (සුදු ඇඳුමින් සැරසී බිම හිඳගෙන සිටින්නේ ආරියශීල වික‍්‍රමනායකය, සිටගෙන සිටින්නේ රුවන් වික‍්‍රමනායකය)

25 Dec 2011

ජල කඳ අහුරන වේලි


වේල්ලක් යනු කුමක්ද?ගලා යන ගංගාවක, ඔයක හෝ වෙනත් ජල මාර්ගයක ජලය හරස් කිරීමට ඉදි කරනු ලබන ආකෘතියක් වේල්ලක් යනුවෙන් හඳුන්වයි. සමහර වේලි මගින් ගලා යන ගංගාවේ ජලය නල මාර්ගයකට, උමගකට හෝ ඇල මාර්ගයකට හරවනු ලයි. තවත් සමහර ඒවායින් අභ්‍යන්තර ජල මාර්ගවල (ගංගා, ඔයවල් සහ ඇල මාර්ග වැනි ඒවා) ජල මට්ටම ඉහළ නැංවීම මගින් ඒවා නාවුක යාත‍්‍රා ගමන් කරවීම සඳහා සුදුසු තත්ත්වයකට පත් කිරීම සිදු කෙරේ. වේල්ලක් ඉදි කිරීමෙන් රැස්කර ගන්නා ජලය බොහො විට ජල විදුලි බලය උත්පාදනය සඳහා යොදා ගනී. එමෙන් ම නාගරික ජල අවශ්‍යතා සඳහා ජලය සැපයීම හා කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීමත් වේලි ඉදි කිරීමේ ප‍්‍රධාන අරමුණු අතර වේ. නිතර ගංවතුර තර්ජන ඇතිවන රටවල එම ගංවතුර පාලනය කිරීම සඳහා ජලය නවත්වා තැබීම සඳහාත් වේලි ඉදි කරනු ලබයි.මිනිසා විසින් ඉදි කරන ලදැයි සැලකෙන පැරණිතම වේලි මීට වසර 5000 කට පමණ ඉහත දී මැද පෙරදිග වියලි කලාපවල කෘෂිකාර්මික කටයුතුවලට ජලය ලබා ගැනීමට ගංගා හරස් කිරීම සඳහා ඉදිකර ඇත. වර්තමානයේ ලෝකය පුරා වේලි 500,000 කට වැඩි ප‍්‍රමාණයක් දක්නට ලැබේ. මේවායින් විශාල ප‍්‍රමාණයක් උසින් මීටර් 3 ට (අඩි 10) අඩු කුඩා ප‍්‍රමාණයේ ආකෘතීන්ය. සාමාන්‍යයෙන් උසින් මීටර් 15 (අඩි 50) ට වඩා උස් වූ වේල්ලක් ඉංජිනේරුවන් විශාල ප‍්‍රමාණයේ වේල්ලක් ලෙස සලකනු ලබයි. ඒ අනුව මේ වන විට ලෝකය පුරා එවැනි විශාල වේලි 40,000 ක් පමණ දක්නට ඇත.
වේල්ලක් ඉදිකිරීමේ අරමුණුගංගාවක ජලය ඉන් පිටත පිහිටි වෙනත් ස්ථානයක දී ප‍්‍රයෝජනයට ගැනීමට (කෘෂිකර්මාන්තය සඳහා) හෝ ජලය හිඟ කාලයේ දී පාවිච්චියට ගැනීමට රැස්කර ගැනීම අතීතයේ දී වේලි ඉදි කළ මිනිසුන් ගේ මූලික අරමුණු විය. වේල්ලක් මගින් නිර්මාණය වන ජලාශයක් ඇසුරින් විදුලි බලය උත්පාදනය පසුකාලීනව සිදු කෙරුණු කාර්යයකි. එහෙත් වර්තමානය වන විට ලොව කොතැනක හෝ ඉදිවන ප‍්‍රධාන වේල්ලක මුලික කාර්යය විදුලිය උත්පාදනය කිරීම බවට පත් වී ඇත.ඕනෑම ගංගාවක හෝ ජල මාර්ගයක ගලා යන ජල පරිමාව කලින් කලට වෙනස් වෙනස් වෙයි. ඍතු භේදය පවතින රටවල ඍතු භේදය අනුවත්, ශ‍්‍රී ලංකාව වැනි මෝසම් වැසි ලැබෙන රටවලත් මේ තත්වය ඒ අයුරින් ම සිදු වන බව දැකිය හැකිය. ඍතු භේදය පවතින ප‍්‍රදේශවල සීත සහ ග‍්‍රීෂ්ම ඍතුවේ මුල් කාලයේ අධික වැසි සහ කඳුවල හිම දියවීම නිසා ගංගා පිරී ඉතිරී යන තරමට ජලය ලැබේ. ග‍්‍රීෂ්ම ඍතුවේ අග භාගයේ සහ සරත් ඍතුවේ වියලි මාසවල බොහෝ ගංගාවන්ගේ ජලය අඩුවන අතර ඒවා ඉතා මන්දගාමී දිය පහරවල් බවට පත් වෙයි. ජලය රඳවා ගැනීම අරමුණු කරගෙන ඉදි කරන වේල්ලකින් අධික වර්ෂා සමයේ ඇතිවන පිටාර වතුර අවහිර කර ගැනීමෙන් ඒවා වර්ෂාව අඩු හෝ නොමැති කාල පරිච්ඡේදවල දී ප‍්‍රයෝජනයට ගැනීමට හැකියාව ලැබේ. ගලන ජල පහරකට එරෙහිව ඉදි කරන ලද වේල්ලකින් කෘති‍්‍රම වැවක් නිර්මාණය වේ. අප එය ජලාශයක්   යනුවෙන් හඳුන්වමු. (උදා- වික්ටෝරියා ජලාශය, රන්දෙණිගල ජලාශය) ජලාශයෙන් මුදා හැරෙන ජලය නල පද්ධතියක් මගින් හෝ ජල ගේට්ටු මගින් පාලනය කෙරේ. වේල්ලක් ඉදිකිරීමෙන් ප‍්‍රධාන අරමුණු 5 ක් අපේක්ෂා කෙරේ.

1. කෘෂිකාර්මික කටයුතුවලට ජල සම්පාදනය සහ පානීය ජල අවශ්‍යතා සඳහා යොදා ගැනීම.
2. ජල විදුලි බලය උත්පාදනය
3. ගංවතුර පාලනය
4. නාවුක ගමනාගමනය
5. බහුවිධ අරමුණු

ජල සම්පාදනය සහ පානීය ජලයඅතීතයේ සිට වර්තමානය දක්වා මිනිසුන් ශාක වැඩීමට අවශ්‍ය තෙතමනය නොමැති වර්ෂාපතනය අඩු ප‍්‍රදේශවල බෝග වගාවට ජලය සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමට වේලි ඉදිකරනු ලැබීය. මුල් කාලයේ කුඩා ජල හැරවුම් වේලි යොදා ගනිමින් සරල ජල සම්පාදන ක‍්‍රම වලින් අවශ්‍ය ස්ථානයට ජලය ලබා ගැනිණි. ජල පහරේ උස දක්වා ඉදි කෙරුණු වේල්ල මගින් පිටාරයන ජලය ඇල මාර්ගයක් හෝ අගලක් ඔස්සේ ගොවි බිම් වෙත රැගෙන ගොස් ඇත.විශාල වශයෙන් ජලය රැස්කර ගත හැකි වේලි ඉදි කිරීම නිසා නූූතන ජල සම්පාදන ක‍්‍රම ද දියුණුවට පත් වී ඇත. ඒවා මගින් ලෝකය පුරාම ඇති ශුෂ්ක ප‍්‍රදේශ ක‍්‍රමයෙන් වෙනස් කරමින් කෘෂිකර්මාන්තයට සුදුසු බිම් බවට පත්කර ඇත. උදාහරණයක් ලෙස ඇමරිකාවේ බටහිර විශාල ජල ප‍්‍රමාණයක් රඳවා ගත හැකි හුවර් වේල්ල පෙන්වා දිය හැක. ලාස්වේගාස් සහ නෙවාඩා අතරින් කොලරාඩෝ නදිය හරහා ඉදිකර ඇති හුවර් වේල්ල මගින් නිර්මාණය වී ඇති ජලාශය මීඩ් විල යනුවෙන් හඳුන්වයි. මෙම මීඩ් විල මගින් රඳවා ගන්නා ජල ප‍්‍රමාණය කොලරාඩෝ නදියේ වාර්ෂික ජලගලනය මෙන් දෙගුණයකි. එම ජල ප‍්‍රමාණය පෙන්සිල්වේනියා ජනපදය අඩියක් උසට ජලයෙන් යට කිරීමට ප‍්‍රමාණවත් බව පැවසෙයි. මීඩ් විල මගින් දකුණු දිග කැලිෆෝනියාවේ සහ නිරිත දිග ඇරිසෝනාවේ හෙක්ටයාර් 400,000 (අක්කර මිලියන 1 ක්) සහ මෙක්සිකෝවේ හෙක්ටයාර් 162,000 (අක්කර 400,000) කෘෂිකාර්මික බිම් ප‍්‍රමාණයකට අවශ්‍ය ජලය සපයයි.ජලය ලබා ගැනීමේ දුෂ්කරතා ඇති ලොකු කුඩා නගරවල පානීය සහ අනෙකුත් ජල අවශ්‍යතා සඳහා ජලය සම්පාදනය කිරීම ද වේලි මගින් සිදු කෙරෙයි. ඉහත සඳහන් කළ මීඩ් විල මගින් දකුණු දිග නෙවාඩා සහ ඇරිසෝනාවේ සමහර කොටස්වලටත්, කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්වලත් මිලියන 16 කට වැඩි ජනතාවකගේත් පානීය සහ අනෙකුත් ජල අවශ්‍යතා සපුරාලයි.
ජල විදුලි බලය උත්පාදනයජල විදුලිය උත්පාදනය ද වේලි ඉදිකිරීමෙන් අපේක්ෂිත එක් කාර්යයකි. ජලාශයේ ඇති ජලය නල මාර්ගයෙන් කරකැවෙන ටර්බයිනයක් වෙතට එවීමෙන් ජල විදුලිය උත්පාදනය කිරීම සිදු කෙරේ. මෙම ටර්බයින් මගින් ගලා එන ජලයේ ඇති චාලක ශක්තිය යාන්ති‍්‍රක ශක්තිය බවටත්, විදුලි බලය උත්පාදනය කරන විදුලි ජනක මගින් එම යාන්ති‍්‍රක ශක්තිය විද්‍යුත් ශක්තිය බවටත් පරිවර්තනය කරයි.ශ‍්‍රී ලංකාවේ ඇති ප‍්‍රධාන වේලි ආශ‍්‍ර‍්‍රිතව ඇති ජල විදුලි බලාගාර අතුරින් පොල්ගොල්ලෙන් වර්ෂ 2000 වන විට වාර්ෂිකව ගිගාවොට් පැය 200 ක් ද, කොත්මලෙන් වාර්ෂිකව කිලෝ වොට් පැය 46 කෝටි 50 ලක්ෂයක් ද, වික්ටෝරියා ජලාශයෙන් වාර්ෂිකව ගිගාවොට් 686 ක් ද, රන්දෙණිගලින් වාර්ෂිකව ගිගාවොට් පැය 525 ක් ද, රන්ටැඹේ ජලාශයෙන් වාර්ෂිකව මෙගාවොට් පැය 250 ක් ද විදුලිය ප‍්‍රමාණයක් ජනනය කෙරේ.ලෝකයේ වෙනත් රටවල් සැලකූ විට වොෂිංටන් ජනපදයේ කොලොම්බියා නදියේ ඉදිකර ඇති ග‍්‍රෑන්ඩ් කුලී වේල්ල මගින් ආසන්න වශයෙන් මෙගාවොට් 6500 කට වැඩි විදුලිය ප‍්‍රමාණයක් උත්පාදනය කරයි. මෙම විදුලිය බටහිර එක්සත් ජනපදය පුරා සිටින ජනතාවගේ සහ එහි පිහිටි කාර්මික ජනපදවල කි‍්‍රයාකාරිත්වය සඳහා යොදා ගැනේ. බ‍්‍රසීලය සහ පැරගුවේ යන රටවල් දෙක අතරින් ගලා යන පරානා ගංගාව හරස් කරමින් ඉදිකර ඇති ඉතායිපු වේල්ල මගින් මෙගා වොට් 12,600 කට අධික විදුලිය ප‍්‍රමාණයක් උත්පාදනය කරයි. පැරගුවේ රාජ්‍යයේ විදුලිය අවශ්‍යතාවයෙන් 80% ක ප‍්‍රමාණයකුත්, බ‍්‍රසීලයේ විදුලිය අවශ්‍යතාවයෙන් 25% ක පමණ ප‍්‍රමාණයකුත් ඉතායිපු වේල්ල ආශ‍්‍රිතව නිපදවෙන විදුලියෙන් ලබා ගැනේ. විදුලි බලය උත්පාදනය අරමුණු කර ගනිමින් වේල්ලක් ඉදිකරන විට ජලය ගමන් කිරීම සඳහා උමගක් සහ තවත් ගොඩනැගිල්ලක් ඉදි කරනු ලබයි. මෙම ගොඩනැගිල්ල අප බලාගාරය යනුවෙන් හඳුන්වමු. විදුලි බලය උත්පාදනයට අවශ්‍ය ඉතා ඉහළ මට්ටමේ ජනක යන්ත‍්‍ර මේවා තුළ පිහිටා ඇත. සමහර විදුලි බලාගාර ජලාශයේ පහළිනුත්, තවත් සමහර ඒවා භූගතවත් (පොළොව යට) පිහිටා ඇත. ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබෙන එකම භූගත විදුලි බලාගාරය කොත්මලේ ආශ‍්‍රිතව පිහිටා ඇත.ජලාශයේ සිට විශාල නල මගින් ගෙන එන ලබන ජලය පහළින් පිහිටි බලාගාරය වෙත රැගෙන එනු ලබයි. මෙම විශාල නලවල කෙළවර කුඩාවට පිහිටා ඇති අතර එයින් ඉතා වේගවත් ජල පහරක් ටර්බයිනයේ තල වෙත යොමු කෙරේ. එවිට ටර්බයිනයේ තල භ‍්‍රමණය වන්නට පටන් ගනි. ඒ සමගම විදුලි ජනක යන්ත‍්‍රවල දණ්ඩද කරකැවීම ආරම්භ වෙයි. ඒ මගින් ජෙනරේටරයේ ඇති යෝධ චුම්බක ද භ‍්‍රමණය වී එහි විද්‍යුත් ශක්තිය හටගනී. මේවා ට‍්‍රාන්ස්ෆෝමර් (පරිණාමක) මගින් වැඩි දියුණු කර විදුලි රැහැන් ඔස්සේ ප‍්‍රාදේශීය ප‍්‍රදේශවල විදුලි ජාලවලට යොමු කරනු ලබයි.
ගංවතුර පාලනයපහත් බිම් ප‍්‍රදේශ ගංවතුරින් ආරක්ෂා කර ගැනීම වේලි ඉදිකිරීමේ තවත් අපේක්ෂිත අරමුණකි. ශාකවලට හා පසට උරාගැනීමට නොහැකි තරමට වඩා වර්ෂාපතනයක් ඇතිවූ විට ජල ගැලීීම් හටගනී. ගංගාවලට ඔයවල්වලට සහ තෙත්බිම් වලට අඩංගු කරගත හැකි ප‍්‍රමාණයට වඩා වැඩි ජලය විශාල ප‍්‍රමාණවලින් පිටත බිම්වලට පිටාර යයි. අධික වර්ෂාව හෝ හිම දියවීම් වැනි හේතු වලිනුත් කලින් කල ගංගාවක් පිටාර යයි. එයින් ඒ වටා පිහිටි පිටාර තැන්න ගංවතුරෙන් යටවීම සිදුවේ. එවිට එහි ඇති දේපළවලට මිනිසුන්ට හා ඔවුන්ගේ වගා බිම්වලට සහ සතුන්ට හානි පැමිණේ.පිටාර තැන්නට (සාමාන්‍යයෙන් සමතල බවක් පෙන්වන ගංගාවක් අද්දර දෙපස බිම් පෙදෙස) සිදුවන ගංවතුර උවදුර නැති කිරීමට ඉංජිනේරුවන් විසින් සමහර අවස්ථාවල ප‍්‍රධාන ගංගාව පෝෂණය කරන අතු ගංගා ඔස්සේ ජලාශ සහ වේලි සමූහයක්ම ඉදිකරනු ලබයි. මේවා මගින් හිම දියවීමෙන් හෝ අධික වර්ෂාව හේතුවෙන් අතු ගංගා ඔස්සේ ගලා එන මහා ජලකඳ ජලාශවල ගබඩා කර වියලි කාලය පැමිණි විට ක‍්‍රමයෙන් ඒවා ප‍්‍රධාන ගංගාව වෙත මුදා හරී.ශ‍්‍රී ලංකාවේ ගංවතුර පාලනය කිරීම මූලික අරමුණු කරගෙන වේලි ඉදිකර නැතත් බංග්ලාදේශය, ඇමරිකාව වැනි රටවල එසේ වේලි ඉදිකිරීම දක්නට පිළිවන්.
නාවුක ගමනා ගමනයසමහර රටවල අභ්‍යන්තර ජල මාර්ගවල නැව්, බෝට්ටු සහ පහුරු වැනි ඒවා ධාවනය කරවීමට අවශ්‍ය ලෙස එම ජලමාර්ග සකස් කර ගැනීම සඳහාද වේලි ඉදිකරනු ලබයි. නොගැඹුරු ගල් සහිත ගංපතුල් සහිත ගංගා හරහා වේලි ඉදිකර ජල මට්ටම උස්කර ගැනීම මගින් එම ජල මාර්ගය නාවුක ගමනා ගමනය සඳහා සුදුසු ලෙස සකස් කරගත හැකිය. උදාහරණයක් ලෙස නැගෙනහිර මධ්‍යම එක්සත් ජනපදයේ ඔහියෝ නදිය එහිි සම්පූර්ණ දිග ප‍්‍රමාණයම ගමනා ගමනයට සුදුසු ලෙස සකස් කිරීම සඳහා ඉංජිනේරුවන් විසින් වේලි 13 ක් ඉදිකර ඇත. මේ වේලි මගින් නාවුක යාත‍්‍රාවලට පෙන්සිල්වේනියාවේ පීටර්ස්බර්ග් සිට මිසිසිපි දක්වා යාත‍්‍රාකළ හැකි විය. ඒ නිසා එය ලෝකයේ ඇති නැව් ගමනාගමනය සඳහා වැදගත් වන ගංගාවලින් එකක් විය.නාවුක ගමනාගමනය සඳහා ගංගාවක් වේල්ලක් ඉදිකිරීම මගින් අවහිර වූ විට, වේල්ලට යාබදව නැව් සහ බෝට්ටු වලට වේල්ල පසුකර යා හැකි විකල්ප ඇල මාර්ගයක් ඉදිකරනු ලබයි. එම ඇල මාර්ගය ජල අගුල් එකක් හෝ කීපයකින් සමන්විත වෙයි. ඒවා මගින් යාන්ති‍්‍රකව ජල මට්ටම පාලනය වීම සිදුවෙයි. සාමාන්‍යයෙන් වේල්ලක් ඉදිවූ තැනය. ජලාශයේ ඉහළ සහ පහළ උස්මට්ටම් දෙකක් පවතී. (දිය ඇල්ලක් මෙන්) එහෙයින් ජල මාර්ගයේ ඉහළ සිට පහළට පැමිණෙන යාත‍්‍රාවකට වේල්ල අසළට පැමිණි පසු පහළ ජල මාර්ගයට පිවිසීමට ක‍්‍රමයක් අවශ්‍ය වේ. ජල අගුල් යොදාගන්නේ මෙම කාර්යය සඳහායි. අගුලේ ජලමට්ටම වෙනස් කිරිම මගින් නාවුක යාත‍්‍රාවලට උස්පහත්වීම සිදුකරනු ලබයි. අගුලේ ගේට්ටු විවෘත කළ විට ජල මාර්ගයේ උස් හෝ පහත් ස්ථානයට පිටවීමට හැකිය. ජල අගුල් මගින් අධික වේගයෙන් ඇල මාර්ගය දිගේ එන ජල පහරේ වේගය පාලනය කිරීමද සිදුකරනු ලබයි.
බහුවිධ අරමුණුවර්තමානයේ ඉදිවන බොහෝ වේලි මගින් අරමුණු දෙකක් හෝ කීපයක් සපුරා ගැනීම අපේක්ෂා කරයි. ශ‍්‍රී ලංකාවේ පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල වැනි ජලාශද විදුලි බල උත්පාදනයට අමතරව කෘෂිකාර්මික පළාත්වලට වාරි ජලය සැපයීමද අරමුණු කරගනිමින් ඉදිකර ඇත. ටෙනිසි නිම්න අධිකාරිය මගින් ටෙනිසි ගංගාවේ සහ එහි අතු ගංගාවල ඉදිකරන ලද වේලි මගින් ගංවතුර පාලනය, ජල විදුලිය නිපදවීම සහ වසර පුරාම නැව් ගමනාගමනය සඳහා ජල මට්ටම පාලනය කර තබා ගැනීම අරමුණු කෙරිණි.

24 Dec 2011

නව වසර

නව වසර යනු නව ලිත් වර්ෂයක් ඇරඹීම සනිටුහන් කරන දිනය වන අතර, කිසියම් විශේෂිත දින දසුනක භාවිත වන වර්ෂ ගණනය වර්ධනය වන දිනයද වෙයි. බොහෝ සංස්කෘතීන්හී, මෙම අවස්ථාව කිසියම් ආකාරයකට උත්සවශ්‍රීයෙන් සැමරෙයි.
වත්මන ලොව පුරා භාවිත වන්නාවූ ග්‍රෙගෝරියානු දින දසුනෙහි නව වසර, රෝමානු දින දසුනෙහි පරිචයම අනුගමනය කරමින් ජනවාරි 1 දින සැමරෙයි. නව වසරෙහි ආගමනය ස්වීය අයුරින් ගණනය කරන්නාවූ හා ප්‍රාදේශීය ලෙසින් භාවිතා වන්නාවූ විවිධ දින දසුන් බොහෝමයක් පවතියි.

ග්‍රෙගෝරියානු දින දසුන

ග්‍රෙගෝරියානු දින දසුන භාවිතා කරන රටවල, සාමාන්‍ය වශයෙන් නව වසර දිනය සමරනු ලබන්නේ ජනවාරි 1 දිනදීය.
ප්ලුටාච් සහ මක්‍රොබියස් ට අනුව ක්‍රිපූ 700 දී පමණ නුමා පොම්පිලියස් රජගේ කාලයේදී සිට රෝමානු දින දසුනේ මාස පිළිවෙල ජනවාරි සිට දෙසැම්බර දක්වා විය. ක්‍රිස්තියානි චාරිත්‍රය අනුව, ජනවාරි 1 දින වන්නේ ජේසුස්වහන්සේගේ චර්මඡේදනය (උපතින් දින අටක් ගෙවුනු දින) දිනය වන අතර, එදිනදී එතුමාට ජේසුස් යන නම දෙන ලදි (ලූක් 2: 21). එතැන් පටන්, ජනවාරි1 දින වසරෙහි පළමු දිනය වූ අතර, මෙයින් බැහැර වුනේ මධ්‍යතන යුගවලදී වෙනත් දින කිහිපයක් පළමු දින වූ විට (මාර්තු1, මාර්තු 25, පාස්කු, සැප්තැම්බර් 1, දෙසැම්බර් 25) පමණි.
විසිවන සියවසෙහිදී බටහිර සංස්කෘතිය ලොව අනෙකුත් ප්‍රදේශයන්ට පැතිරීමත් සමගම, ජනවාරි 1 දින භාවිතය ගෝලීය සම්මතයක් බවට පත්වුනේ, වෙනත් දිනවලදී ස්වීය නව වසර උත්සව පවත්නා රටවල පවා (නිද., චීනය සහ ඉන්දියාව) භාවිතයට පත්වෙමිනි.
වර්තමානයේදී, නව වසර සැමරීම ලොව පුරා ප්‍රධාන උත්සවාංගයකි. නව වසරෙහි උදාව (දෙසැම්බර් 31) සමගම බොහෝ විශාල ගිණිකෙලි උත්සව හා සමගින් බොහෝ මහා-පරිමාණ උත්සවාංග ලොව පුරා ප්‍රධාන නගරයන්හී පැවැත්වෙයි.

ග්‍රෙගෝරියානු නව වසර උත්සව 2006දී නිව්-යෝර්ක් නගරයෙහි පැවැත්වුනු අයුරු.
මධයම රාත්‍රියේදී, මිලියන එකහමාරකට වැඩි ජනකායක් ඉදිරිපිට, 80,000 කට වැඩි ගිණිකෙලි ප්‍රමාණයක් සිඩ්නි නගරයෙහිදී දල්වනලදි; 2009දී ලොව පුරා ‍රූපවාහිනී නාලිකා ඔස්සේ වඩාත්-නැරඹුනු ප්‍රචලිත උත්සවාංගයද වූයේ මෙයයි. වල්පරයිසෝ හිදී ස්වභාවික පසුතලයක සිට එළිදැක්වුනු විශාලතම ගිණිකෙලි සන්දර්ශනය නැරඹීමට දෙමිලියනයකට අධික ආගන්තුක පිරිසක් වරම් ලැබූහ; මෙය සමන්විත වූයේ වල්පරයිසෝ වාණිජ වරාය නගරයෙහි සිට කොන්කොන්, චිලි දක්වා මුහුදුබොක්කේ, මුළුමනින් කිලෝමීටර 21 කට වඩා වැඩි දුර ප්‍රමාණයක් තුල, විනාඩි 25 ක් තුල පැවැති ගිණිකෙලි සංදර්ශන වලිනි.

22 Dec 2011

ටොයෝටා සමාගමේ අනාගත කාරය


2011 දෙසැම්බර් මස 22 15:10:42 | තිස්ස මඩවල , ලුසිත ජයමාන්න
මෝටර් රථ නිෂ්පාදනයට ජපන්නු හපන්නුය. ඒ බව ලොවට තහවුරු කරමින් ටොයෝටා මෝටර් රථ නිෂ්පාදන සමාගම ඔවුන්ගේ නවතම මෝටර් රථය පසුගියදා ටෝකියෝ මෝටර් රථ දැක්මේදී ලොවට හඳුන්වා දුන්නේය. එය නම් කර තිබෙන්නේ ‘ටොයෝටා ෆන් වී 2’ යනුවෙනි.
එය ඉතාමත් සුවිශේෂී මෝටර් රථයකි. ස්පර්ශක, සන්වේදක සහ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ රියැදුරු උපදෙස් මත, මඟ සොයා ගෙන තනිවම ගමන් කිරීමට මෙම මෝටර් රථයට හැකියාව ලැබේ.
අධි සුඛෝපභෝගී, පරිසර හිතකාමී මෝටර් රථයක් වන මෙහි ඇතුළත ස්පර්ශක තිරවලින් සමන්විතය. එම ස්පර්ශක තිර නිර්මාණය වන්නේ පරිගණක තිර කිහිපයකිනි. ඒ අනුව මොටර් රථයේ ගමන් කරද්දී චිත‍්‍රපට නැරැුඹීම, සිංදු ඇසීමට මෙන්ම අන්තර්ජාලයට පිවිසීමට ද ඔබට හැකියාව ලැබේ.
‘ටොයෝටා ෆන් වී 2’ රථයේ ඇති විශේෂත්වය නම් එහි පිටත පෙනුම තමන්ට කැමැති වර්ණයකට හෝ රටාවකට අනුව වෙනස් කිරීමට ද හැකිවීමයි. පිටත ආවරණය ද පරිගණක තිරයකට සමාන වන අතර මෝටර් රථයේ ඉදිරිපස හෝ පිටුපස වීදුරු නැත. ‘ටොයෝටා ෆන් වී 2’ තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බවත්, වෙළෙඳ පොළට හඳුන්වාදීමේ දී එය ඉතා මිල අධික මෝටර් රථයක් වනු ඇති බවත් ටොයෝටා සමාගම පවසයි.


20 Dec 2011

ළැම


පිරිමියකුට ගෑනියක දර්ශනය වනවිට මුලින් ම ඔහුගේ නෙතට ගැටෙන්නේ ඇගේ කෙස්‌ කළඹයි. පිරිමින් වසීකර ගැනීම සඳහා අද ස්‌ත්‍රීන් විශාල ලෙස මුදල් වැය කරමින් විවිධ මෝස්‌තරවලට කෙස්‌වැටිය සකසා ගැනීමට යාමෙන් මේ බව සනාථවේ. අලූත් ම රටාව නම් කෙස්‌ රොදක්‌ කොටට කපා මුහුණට වැටෙන්නට සැලසීමය. මෙම මෝස්‌තරය ප්‍රවීණ සිනමා නළු රවීන්ද්‍ර රන්දෙනිය හඳුන්වන්නේ "පෙම්රැල්ල" යනුවෙනි.

ඊළඟට පිරිමි නෙතට හසුවන්නේ කාන්තාවන්ගේ ඇස්‌දෙකය. ඇස්‌වලට පිරිමින් ඇදගැනීමේ අමුතු බලයක්‌ පිහිටා තිබේ. නෙතග බැල්ම හා නේත්‍රවලින් පිටවන කාන්තිය අනංගයාගේ හී සැරයක්‌ සේ පිරිමින්ගේ හදවත පසාකරගෙන යන බව පුරාණ ග්‍රන්ථවල පවා විස්‌තර කෙරේ. තෙවැන්න කම්මුල් නැටවෙන තොල්පෙති සෙලවෙන කිංකිණි සිනහවයි. ඊළඟට හසුවන කාන්තා ළැම පෙදෙසේ විශේෂත්වය විවිධාකාර වේ.

මිනිසා ජීවත්කරවන පළමුවැනිම ප්‍රධානම අංගයක්‌ වන්නේ අප මෙලොව එළිය දුටුදා සිට ඇවිදින තෙක්‌ ම ශක්‌තිය සපයන මවගේ තන පුඩුවලින් උරාබොන මව් කිරි නම් අති පාරිශුද්ධ ඖෂධයෙනි. එබැවින් පියයුරු පිහිටි ප්‍රදේශයන්ට ගරු කරමින් සැලකිලි දැක්‌වීම යුතුකමක්‌ වශයෙන් සලකන කාන්තාවෝ විශේෂයෙන් ගැමි අඟනෝ ළැම පෙදෙස ලස්‌සනට තබාගැනීමට එදා සිට අද දක්‌වා පුරුදු වී සිටිති.

ගෙවත්තේ, කොරටුවේ වැවේ, කුඹුරේ , ගහේ එළවළු මාළු අනුභව කරන්නා වූ ඔවුන් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් පුවත්පත්වලින් ප්‍රචාරය කරන ඖෂධ වර්ග භාවිත කළේ නැත. කහ, කෝමාරිකා, කුංකුම ඇතුළු ස්‌වභාවික ඖෂධ ආලේප කළ අතර, දැන්aමෙන් මේකප් ඉවත්කළ විට පෙනෙන "පාණ්‌ඩු පෙනුම" වෙනුවට, දිස්‌වූයේ ස්‌වභාවික සදාතනික මුහුණකි. එය සුරම්‍ය සුකුමාල සෝභන ගතියෙන් පිරිපුන් විය.

හැට්‌ටයක්‌ ඇන්දේ නැත. ඉනේ දැවටූ සාරියේ පොට පපුව වැසෙන සේ උරහිසෙන් දමා ඉනේ ගසාගත්විට දෙව්ලොව ඌර්වසී, රම්බා , මේනකා යන නළඟනන්ගේ සිරිගත්තේය. පොත්පත්වල සඳහන්වන අන්දමට කතුන් හැට්‌ට පැළඳීම ඇරඹුවේ එක්‌දහස්‌ නවසිය තිහේ දශකයේදී පමණය. 1939 න් පටන්ගෙන 1945 දී නිම වූ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු බ්‍රෙසියර් ඇඳ තන යුගල ඔසවා තැබීමට ඔවුහු පුරුදු වූහ.

කෘත්‍රිම ලෙසින් ළැම ලොකු කර හැඩගැස්‌වීම අද ලොව පුරා ජනප්‍රිය විලාසිතාවක්‌ වී තිබේ.

දශක හතරකට පමණ පෙර ළැම හැඩකිරීම ආරම්භ වූ මුල් අවදියේ රසායන රෝපණ පපුව තුළ තැන්පත් කිරීමෙන් පසු අතුරු ආබාධ හටගන්නා බවට වාර්තාවිය.

මෙම සැත්කමට උපයෝගී කරගන්නා ද්‍රව්‍ය දෙකක්‌ වන සිලිකොන් හා සේලයින් අතරින් ස්‌ත්‍රීන් වඩාත් ප්‍රියකළේ සිලිකොන්වලටය. සේලයින් රෝපණවලට වඩා සිලිකෝන් ළැම තුළ බද්ධ කිරීමෙන් පපුවේ කෘත්‍රිම බවක්‌ කිසිසේත් පිළිබිඹු නොවී ස්‌වභාවික පෙනුමකින් යුක්‌තවීම ඊට හේතුවිය. එහෙත් සේලයින්වලට වඩා සිලිකොන් ආබාධකාරීවීම නිසා ඒ ගැන විශේෂඥයන්ට තියුණු පරීක්‌ෂණ පැවැත්වීමට සිදුවිය.

වැඩි වශයෙන් වාර්තාවුණේ පපුවේ කැක්‌කුම, තනපුඩු විකෘතිවීම, සිලිකොන් රෝපණය වටා ගොඩනැගෙන පටලය ඇකිලීම, තන පුඩු , ඝනවීම ආදි ආබාධයන්ය. එහෙත් මේ ගැන පර්යේෂණ පැවැත් වූ විද්‍යාඥයන්ට පෙනී ගියේ ලොව පුරා සිලිකොන් බද්ධ කරගත් දස කෝටියක්‌ දෙනාගෙන් මෙවන් රෝග වාර්තාවූයේ 60 දෙනෙකුගෙන් පමණක්‌ බවයි.

මෙය වෙනත් හේතුන් මත ඇති වන්නට ඉඩක්‌ තිබෙන බවද පර්යේෂකයන්ගේ නිගමනය විය.

මේ තත්ත්වය යටතේ අතිරික්‌ත පියවරක්‌ වශයෙන් සිලිකොන් රෝපණය කිරීමට පනවා තිබූ තහනම එක්‌සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය 2009 දී ඉවත් කළේය. මේ හා සමඟම කාන්තාවන් තුළ හටගෙන තිබූ බිය සැක දුරුවී සිලිකොන් රෝපණ සැත්කම් කරගැනීමට පෝලිමේ රැස්‌කකා යන්නට වූහ.

සේලයින් හා සිලිකොන් "ළැම රෝපණ සැත්කම්" ඕනෑතරම් සායනවල තිබුණත්, කතුන් තෝරාගන්නේ සිලිකොන් බවත් සේලයින්වලට කිසිවකු ප්‍රිය නොකරන බවත් ඊට හේතුව සිලිකොන් බද්ධකළ විට ස්‌වාභාවික හැඟීමක්‌ හා පෙනුමක්‌ තිබීම බවත් ශාන්ත මොනිකා සායනයේ ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍ය මයිකල් මැක්‌ටයාර් පැවසීය.

සිලිකොන් ජාන රෝපණ වර්ග කීපයක්‌ ම තිබේ. මෘදු සිලිකොන් ජෙල් හා විශාල ප්‍රමාණයේ රෝපණ ඒවා අතර ඇත. විශාල ප්‍රමාණයේ රෝපණ ඇතුළත් කළ විට ඒවා පහසුවෙන් උඩට ඉලිප්පී පිහිටනු ඇත.

ළැම රෝපණවලට කොතරම් ඉල්ලූම වැඩිවී තිබේදැයි කිවහොත් දැනට ඩොලර් 4000 ක මිලකට ලබාගත හැකි රෝපණයක්‌, ඉදිරියේදී වසරකට සියයට 7 කින් මිල ඉහළ යනු ඇතැයි මොරොක්‌කෝවේ පිහිටි අලෙවි පර්යේෂණ ආයතනයක්‌ වන මිලේනියම් පර්යේෂණ සමූහ ව්‍යාපාරයේ කළමනාකරු සභා සිද්දික්‌ පවසයි. මේ සඳහා වැඩියෙන් ම උනන්දුවන්නේ වයස 19 න් 40 ත් අතර ස්‌ත්‍රීන්ය.

මෙම ළැම හැඩ කරගැනීමේ "පිස්‌සුව" ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට හා යුරෝපයට පමණක්‌ නොව ආසියාවටද දැන් ව්‍යාප්ත වී තිබේ.