19 Aug 2012

all in one blog


Mobitel



Access Point: ISP
WAP Settings
- Data bearer: Packet data
- Access point name: isp
- Authentication: Normal
- Homepage: http://wap.mobitel.lk
- Network type : IPv4
- Phone ip address : Atomatic
- Proxy serv. address : 192.168.050.163
- Proxy port number : 0
MMS Settings
- Connection name – MobitelMMS
- Data bearer – Packet data
- Access point name – wapmms
- Authentication – Normal
- Homepage – http://192.168.50.165
- Network type : IPv4
- Phone ip address : Atomatic
- Name server : Atomatic
- Proxy serv. address : 192.168.050.163
- Proxy port number : 8080
Get your own settings Dial 222 on your Mobitel phone

  • The settings relevant to your phone would be identified by the system and sent via SMS to your phone
  • Then save the settings upon receipt of the SMS
  • Some phone models may require a password to be entered prior to saving the settings, in which case you need to enter the default password: 1234 as explained in the portal

__________________________________________________ __________


Dialog




Manual settings
You can activate it by entering the settings yourself.
  1. Enter the Access Point Name (APN)
    Prepaid Customer: ppwap
    Postpaid Customer: www.dialogsl.com
  2. Enter Session mode as Permanent with no user name and password
  3. Enter website as www.dialogwap.com (separation should be full stop not comma)
GPRS settings vary from phone to phone. On a case by case basis you can add the following settings:
Case 1: Enter the Gateway IP as 192.168.122.2
Case 2: Enter the Proxy IP as 192.168.122.2 and port 8080
Case 3: Enter the Gateway IP as 192.168.122.2 and port 9201
Configuring MMS Using the Data Accounts Created

1. Open Messages.
2. Open MMS.
3. Open Message Settings.
4. Open Server Profile.
5. Create/Edit a Profile and enter the following values:
For Dialog MMS Profile:
Rename Profile: Dialog MMS
Homepage: http://mms.dialog.lk:3130/mmsc (http://mms.dialog.lk:3130/mmsc)
Data Account: Dialog MMS (this data account is the one you have created)
Connection Type: HTTP
Proxy Address: 192.168.122.2
Proxy Port: 8080
Username: leave it blank
Password: leave it blank
6. Save the Profile.
7. Activate the Profile.
8. MMS services now ready to use. In case you encounter errors, double check the Data Account and Profile created. In some cases you need to restart the phone.


__________________________________________________ __________


Etisalat


Manual GPRS settings:
Home page URL : wap.etisalat.lk
IP Address : 192.168.104.4
Port No : 9401
APN : wap / web : Applicable for Pre paid
wap / internet : Applicable for Post paid
Data barer : GPRS / Packet data
Manual MMS settings:
MMS server URL : http://mms.etisalat.lk:8085
IP Address : 192.168.104.4
Port No : 9401
APN : mms - Applicable for both Post paid and Pre paid
Data barer : GPRS / Packet data





__________________________________________________ __________



Airtel




Airtel Live (GPRS)
Connection Name : Airtel Live
Data bearer : Packet Data
Access Point Name : Airtel Live
Prompt Password : No
Authentication : Normal
Proxy Serv. Address : 010.200.184.086
Proxy Port : 8080


Airtel MMS
Connection Name : Airtel MMS
Data bearer : Packet Data
Access Point Name : Airtel MMS
Prompt Password : No
Authentication : Normal
Proxy Serv. Address : 010.200.184.086
Proxy Port : 8080




__________________________________________________ __________





Hutch




Connection Name : hutchlanka
Data bearer : Packet Data
Access Point Name : htwap
Username : 9478******* (Replace With your Phone Number)
Password :
Prompt Password : No
Authentication : Normal
Homepage : http://wap.hutch.lk/
Proxy Serv. Address : 10.220.135.249
Proxy Port : 8080

ඔබේ පෙම්වතිය වැඩිපුරම කැමති .......!


ඒ වුණත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45ක්
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.
2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.
3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.
4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.
5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.
මේ දේවල් අමතක කරන්නත් එපා . . .
6. ඇයව වැළඳගන්න.
7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.
8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.
9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.
10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න.
නිදහස් තැන්වලදී . . .


11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.
12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.
13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.
14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.
15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා.
ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?
 
16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.
17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.
18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.
19. ඇය ලස්සන බව ඇයට පවසන්න.
20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න.
ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න
21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.
22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.
23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.
24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න
25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි.

ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා


26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.
27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.
28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.
29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.
30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි.

ඉතිරියත් කියවන්න, ඔබට මේ කරුණු වැදගත් වේවි 
 
31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.
32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.
33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.
34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.
35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි
ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න
36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.
37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.
38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.
39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.
40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න.
ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.
41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හ සුබ සිහින පතන්න.
42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.
43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.
44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.
45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

උපුටා ගැනීම - අමුතු මිනිස්සු

12 Aug 2012

දළදා පෙරහරේ හාස්කම්

 උපුටාගැනීම ලංකාදීපයෙන්

වසර 1823 ය. මුළු රටම අකල් නියඟයකින් වේලූම් කා වගා බිම් අස්වැද්දවීමට වැස්ස ඇයදු රට වැසියන් බොන්නට වතුර සොයා ගත්තේ ද අසීරුවෙනි.
එවකට රට පාලනය කළ ආණ්ඩුකාර සර් එඞ්වඞ් බාන්ස්ට පවතින තත්ත්වයෙන් රට බේරා ගැනීමට විවිධ දේ කිරීමට සිදුවිය. අවසානයේ මුළු රටේම පාලකයන් ආණ්ඩුකාරවරයාගෙන් එක් ඉල්ලීමක් කළහ. ඒ දළදා වහන්සේ වැඩ සිටින කරඬුව පෙරහැරකින් වඩම්මවා ප‍්‍රදර්ශනය කර වර්ෂාව ලබාදෙන ලෙසය.
ඒ අනුව කි‍්‍රයාත්මක වූ ආණ්ඩුකාර එඞ්වඞ් බාන්ස්, මහා සංඝර ත්නයේත් උඩරට ප‍්‍රධානීන්ගේත් මඟ පෙන්වීම යටතේ මහ මළුවේ අලංකාර මණ්ඩප තුනක් ඉදිකර චාරිත‍්‍ර වාරිත‍්‍රයන්ට මුල්තැන දෙමින් පූජනීයත්වයෙන් ඉහළ මහ පෙරහැරක් පැවැත්විණි. අනතුරුව ශ්‍රී දළදා වහන්සේ මහජනතාව වෙනුවෙන් ප‍්‍රදර්ශනය කළහ.
පොළොව ඉරිතලා, කොළ දලූවක් නැතිවන තරමට අකලට පෑයූ නියඟය නිමාව දළදා පෙරහැරත් දළදා ප‍්‍රදර්ශනය පැවැත්වීම ආරම්භ වීමත් සමග සියලූ රටවැසියන් මවිත වන අයුරින් ගංගා, ඇළ, දොළ, පිරී ඉතිරී යමින් මහා වැසි ඇද හැළුණේය.
මෙම ප‍්‍රාතිහාර්යය එදා සුදු ජාතිකයන් පමණක් නොව මුළු රට වැසියන්ටම අදහාගත නොහැකි කරුණක් විය.
එතැන් සිට දළදා හාමුදුරුවන් වැඩමවන අවස්ථාවේදීත්, පෙරහර කරඬුව වඩමවන අවස්ථාවේදීත්, දළදා වහන්සේ ප‍්‍රදර්ශනය කරනා අවධියේදීත් සිදු වූ විශේෂ සිදුවීම් පිළිබඳ ජන විශ්වාස බොහොමයක් ගොඩ නැගී තිබේ.
කි‍්‍ර.ව. 367 වසරේදී අනුරාධපුරයේ රජකළ පළමුවැනි උපතිස්ස රජුගේ කාලයේදී ද මෙවැනි ප‍්‍රාතිහාර්යන් සිදුව තිබේ.
රජුගේ ප‍්‍රධානත්වයෙන් වෙනදා මෙන්ම මහත් උත්සව ශ්‍රීයෙන් දළදා පෙරහර පැවැති ඇති අතර එහිදී මහා වර්ෂාවක් ඇද හැළී ඇත.
මහාවංශයේ සඳහන් ආකාරයට පොළොන්නරුව රාජධානිය පාලනය කළ පළමුවැනි පරාක‍්‍රමබාහු රජුගේ කාලයේ දී ශ්‍රී දළදා පෙරහර සිදු වූ අවස්ථාවකදී පෙරහර ගමන් කළ මාර්ගයේ හැර සියලූ ප‍්‍රදේශවලට වර්ෂාව ඇද හැලී ඇළ දොළ, ගංගා පිරී ඉතිරී ගිය බව ද සඳහන්ය.
ඒ අනුව ඉතිහාසය පුරාවටම ශ්‍රී දළදා පෙරහර හා බැඳුනු එක් කතා පුවතක් වනුයේ ශ්‍රී දළදා වහන්සේ වැඩම වීමෙන් පසුව කලට වැසි ලැබී නියං දුරු වී රටේ සංශ්‍රීකත්වය සෞභාග්‍ය ලබා දීමට හැකි වූ බවය.
කිත්සිරිමෙවන් රජ දවසත්, දෙවැනි පරාක‍්‍රමබාහු රජ දවසේදීත් ශ්‍රී දළදා වහන්සේ හා බැඳුණු තවත් ප‍්‍රාතිහාර්ය ජනක කත පුවතක් වනුයේ දළදා වහන්සේ ප‍්‍රදර්ශනය කෙරෙන අවස්ථාවකදී දළදා වහන්සේ අහසට පැන නැඟ, ශ්වේත වර්ණ බුදුරැුස් මාලාවකින් ප‍්‍රතිහාර්ය පෑ බවය. මෙම ඓතිහාසික කරුණු පිළිබඳ දළදා පූජාවලියේත්, දාඨා වංශයේත් සටහන්ව ඇත.
දළදා වහන්සේ ප‍්‍රදර්ශනය කරණ අවස්ථාවක දී කෙනෙකුට සිතීමටවත් නොහැකි ප‍්‍රාතිහාර්යයක් වී ඇත්තේ ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින මාලිගාව පුරාවට නැවුම් මල් සුවඳක් විහිදීමය.
අදට ද දළදා මාලිගාවට යන්නකුට හේවිසි මණ්ඩපය ඉදිරිපිට සිටගෙන සිටියදී, වචනයෙන් විස්තර කළ නොහැකි සැනසිලිදායක සුවයක් සිතට දැනෙන්නෙත්, ඒ තුළින් හමා යන සිසිල් සුළඟ ශරීරයට සුවදායක බවක් ගෙන දෙන්නෙත් ශ්‍රී දළදා වහන්සේගේ ආනුභාවයේ පිහිටෙන් විය හැකි බව ද විශ්වාස කෙරේ.
කිත්සිරිමෙවන් රජුගේ අවදියේදී ආරම්භ කළ  ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහරට දීර්ඝ ඉතිහාසයක් ඇත. මීට වසර එක්දහස් හත්සිය දෙකකට පෙරාතුව දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්‍යය ප‍්‍රථමයෙන්ම ලක්දිව ආරම්භ වූයේ කිත්සිරිමෙවන් රජ දවස කි‍්‍ර.ව. 310 දීය.
වාර්ෂිකව දළදා වහන්සේ ධම්මචක්කගේහයේ සිට අභයගිරි විහාරය දක්වා මහපෙරහරින් වැඩමවා දින අනුවක් තිස්සේ මහජනතාවට ප‍්‍රදර්ශනය කළ බව ද ඉතිහාසගතය.
කහවනු නවලක්ෂයක් වැයකොට පැවැත් වූ මෙම පෙරහර මංගල්‍ය නොකඩවා පවත්වන්නැයි කිත්සිරිමෙවන් රජු නියෝගයක් ද පනවා ඇත.
මෙම සෙංකඩගල ඇසළ පෙරහර සඳහා එදා මහා සංඝයා වහන්සේ, අදිකාරම්වරු, දිසාවේවරු, රටේරාළලා ඇතුළු සිංහල නිලධාරීහුද විවිධ තරාතිරමේ ඉංග‍්‍රීසි නිලධාරීහුද සහභාගි වූහ. පැරැණි රාජ්‍ය සමයෙහි පෙරහර මංගල්‍ය සංවිධානය වූයේ රජුගේ මූලිකත්වයෙන් රාජ්‍ය අනුග‍්‍රහය ඇතුවය.
සෙංකඩගලපුර රාජධානියට ආවේණික ඇසළ පෙරහර මංගල්‍යය කි‍්‍ර.ව. 1592 දී පළමුවන විමලධර්මසූරිය රජුගේ අවදියේදී දෙවියන්ට සිදුකරනා පූජාවක් ලෙස සලකා ‘‘දේව පෙරහරක්ද’’ පෙරහරට එක්කර තිබේ.
වර්තමානයෙහි පවත්වන ආකාරයට මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීම ආරම්භ වූයේ සියම් දේශයෙන් වැඩම කළ ප‍්‍රවර උපාලි තෙරුන් වහන්සේගේ හා වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමිගේ ඉල්ලීමක් අනුව කි‍්‍ර.ව. 1753 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවසය. එතැන් පටන් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව්මහා දේවාල පෙරහර ගමන් කරවීමේ සිරිත ඇරඹිණි.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත‍්‍ර විධි ඉස්මතුකර දැක්වෙන පෙරහර මංගල්‍යයකි. මෙම පෙරහර මංගල්‍යය නැරඹීමට වාර්ෂිකව දෙස් විදෙස් ජනයා රැුස්වන්නේ ඒ පෞරාණික, චිරාගත, සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර විධි අදටත් එලෙසම පැවැත්වෙන ලොව එකම පෙරහර මංගල්‍යය නිසා විය හැක. වර්තමානයෙහි ක‍්‍රියාත්මක වන බොහෝ දළදා චාරිත‍්‍ර විධි කුරුණෑගල සිව්වැනි පරාක‍්‍රමබාහු රාජ්‍ය සමයෙහි ලියැවුනු ‘‘දාඨා ධාතු චරිනිත’’ නම් වූ දළදා සිරිතෙහි එන ව්‍යවස්ථාවන්ට අනුකූලව සැකසී ඇත. දළදා සිරිතෙහි එන ව්‍යවස්ථාවන් 38 හි පෙරහර මංගල්‍යයක් පැවැත්විය යුතු ආකාරය පිළිබඳව විස්තර ඇතුළත් වේ.
ශ්‍රී දළදා පෙරහරට සහභාගිවන සියලූ දෙනා මසකට දෙකකට පෙරාතුව පේවීම සිදුවේ. පුළුටු ආහාර නොගෙන (මස්, මාළු, බිත්තර, බැදුම්) අපිරිසිදු කිලිවලට නොගොස් ඥාතියෙකුගේ වුවද මරණයක් සිදු වුවහොත් එයට සහභාගි නොවී දියනා පිරිසිදු වී පුද්ගල වශයෙන් පෙරහරට සූදානම් වේ.
භෞතිකමය වශයෙන් දින දහයකට පෙර දළදා වහන්සේ වැඩ සිටිනා මාලිගාව සෝදා පවිත‍්‍රකර, කොඩි සේසත් දමා අලංකාර කිරීමත් අපිරිසිදු දෑ ඉවත් කර වර්ණවත් කිරීමත් සිදුවේ. ශ්‍රී දළදා පෙරහර ගමන් කරන මාර්ගය ද මෙලෙස කහ දියර ඉස පිරිසිදු කෙරෙන අතර පසුව කොඩි, සේසත්, විදුලි බුබුළු යොදා වීදි අලංකාරය කෙරේ.
අතීතයේ සිට අද දක්වා ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් දෛනික තුන්වරු පූජාවක්, සතිපතා බදාදා දිනයන්හිදී නානුමුර මංගලයත්, මාසිකව පුරපසළොස්වක පූජාවත්, දුරුතු පොහොය මුල්කොට පැවැත්වෙන අලූත් සහල් මංගල්‍යයත් නොකඩවා සිදු කෙරේ. බක්මාසයේ දී සිංහල අලූත් අවුරුදු මංගල්‍යයත් ඇසළ පෙරහර මංගල්‍යයත් ඉල් පෝය මුල්කොට යෙදෙන කාර්තික මංගල්‍යයත් ශ්‍රී දළදා මාලිගාවේ අදට ද මහත් භක්තියෙන් සිදු කෙරේ.
කිත්සිරිමෙවන් රජු ව්‍යවස්ථා ගත කර ඇති ආකාරයටත් කුරුණෑගල යුගයේ සිව්වැනි පරාක‍්‍රමබාහු රජ දවස ලියැවුණු දළදා සිරිත ග‍්‍රන්ථයේ දැක්වෙන ආකාරයටත් අදට ද දළදා පෙරහර පැවැත්වේ. ඉන් පසුව රට පාලනය කළ සෑම රජ කෙනෙක්ම ඒ අයුරින්ම පෙරහර පවත්වාගෙන ගොස් තිබේ.
මීට වසර එක්දහස් හත්සිය දෙකකට පෙරාතුව ආරම්භ කළ ශ්‍රී දළදා පෙරහර 1828 වසර වනතෙක් වීදි සංචාරය කර ප‍්‍රදර්ශනය කෙරුණ ද එම වසරින් පසුව, පෙරහරට සමගාමීව ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩම කිරීම සිදුවී නැත. ඒ ආරක්‍ෂාව හේතුවෙනි. එතැන් පටන් සිදුව ඇත්තේ සාධාතුක ධාතූන් වහන්සේලා අඩංගු පෙරහර කරඬුව වැඩම කර අලංකාර පෙරහර පෙර පරිදිම පවත්වා චාරිත‍්‍ර ඉටුකිරීමය.
ශ්‍රී දළදා මාලිගාවේ අදට ද භාවිත කරන පෙරහර කරඬුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු 1753 දී පූජා කර ඇත. එම පෙරහර කරඬුව අලංකාර ලෙස සරසා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අග බිසවගේ මාල පළඳනාවන්ගෙන්ය.
දළදා සිරිතෙහි සඳහන් ආකාරයට දළදා පෙරහර හා බැඳුණු චාරිත‍්‍ර විදි තිස් අටක් පමණ ව්‍යවස්ථා ගතකොට තිබේ.
එහි සඳහන් ආකාරයට පෙරහර පැවැත්විය යුතු ආකාරයත්, ශ්‍රී දළදා වහන්සේ පිටතට වැඩම කළයුතු ආකාරයත්, ආපසු නැවත තැන්පත් කළ යුතු ආකාරයත්, කළ යුතු පූජා චාරිත‍්‍ර ආදී චිරානුගත සම්ප‍්‍රදායන් බොහොමයක් සටහන් වී ඇත.
ජීවමාන බුදුන්වහන්සේ වැඩ සිටින්නාක් මෙන් අතිශය පූජනීයත්වයෙන් ලොව පුරා බැතිමතුන් මහත් භක්තියෙන් වන්දනාමාන කරන ස්ථානයක් ලෙසට මහනුවර දළදා මාළිගාව සැළකේ.
මහනුවර දළදා මාලිගාවේ රන් කරඬුවේ වැඩ සිටිමින් පුද සත්කාර ලබන දන්ත ධාතූන් වහන්සේ බුදුන් වහන්සේගේ යටි වම් දළදාව ලෙස සැලකේ.
ඉතිහාසය පුරාවටම දළදා විහාරය නොකියා දළදා මාලිගාව යනුවෙන් හඳුන්වා ඇත්තේ දළදා වහන්සේත් රාජ නිවසත් අතර පැවැති සම්බන්ධය නිසා බව ද කියැවේ.
(ලිපිය සකස් කිරීමට තොරතුරු ලබාදුන් ශ්‍රී දළදා මාලිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශයේ ලේකම් කේ.මීගහකුඹුර මහතාටත්, ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය සහ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ක‍්‍රිශාන්ත හිස්වැල්ල මහතාටත් විශේෂ ස්තුතිය)
සටහන : අසුන්තා එදිරිසූරිය