21 Dec 2012

ගමක් සංචාරකයන්ට තහනම්

යුරෝපයේ උෂ්ණත්වය ඍතු බේද අනුව කාලච්ජේද හතරකට වෙන් වී ඇත. මෑත කාලයේ යුරෝපයේ පැවතී ඇති උෂ්නත්ව කාල සටහනේ අගය සාමාන්‍යය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 45 හා ඍණ අංශක 16 අතර වෙයි. මෙම උෂ්ණත්ව අන්තරයන්හි පැවතීම අවබෝධ කරගත් මිනිසා අවුරුද්දේ ඒ ඒ මාසයන්හි පවතින කාලගුණයන්ට අනුකූලව ඍතු හතරකට බෙදා වෙන් කර ගත්තේය. මේ විභේදනය සරත් ඍතුව, ග‍්‍රීෂ්ම ඍතුව, සීතල ඍතුව, හා වසන්ත ඍතුව ලෙසින් හැදින්වේ. මේ අනු‍ව යුරෝපයේ මෙන්ම ලෝකයේ වෙනත් රටවලද ජීවත්වන්නෝ ඉහත ඍතු විභේදනයට අනුගතවී සිටින්නෝය. ඍතුවේ පවතින උෂ්ණත්වයට අනුව, ඇඳුමෙන් පැළදුමෙන්, ගමනෙන් බිමනෙන්, කෑමෙන් බීමෙන්, ආදී වශයෙන් සිදුවන සම්පූර්ණ ජීවන කි‍්‍රයාදාමයට මිනිසා නොදැනුවත්වම අනුවර්තනයවී සිටින්නේය. මිනි ගවුමේ සිට ලෝම කබාය දක්වා මාසදොළහක් තුල ස්වංක‍්‍රීයව සිදුවන මේ වෙනස දුකක් මෙන්ම සුන්දරය. ශීත ඍතුවේදී ගැහැණියගේ රුව වැසීයාම සමහරුන්ට විටෙක දුකක් ගෙන දෙයි. කාන්තාව උතුම් වස්තුවක් ලෙස සලකන, ඇගේ සුන්දරත්වය, සියලූම කෝණයන්ගෙන් අගයන හා සුරකින, ප‍්‍රංශයේදි ඉහත සියලූ දේ සිදු වන්නේ සෑම වසරකම මාස තුනකට වරකි. එයද නියමිත මාසයේ 21 වැනිදාට යෙදී තිබීමද විශේෂත්වයකි. ප‍්‍රංශය මේ දිනවල ශීතලය. අධික ජනගහනයක් ඇති අගනගරය වන පැරීසියේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක දෙකකි. එසේ නමුදු ඉහත ඍතු විභේදනය අනුව ප‍්‍රංශයේ ශීත ඍතුව ආරම්භ වන්නේ දෙසැම්බර් මස 21 වැනි දිනයේ දීය. 2012 දෙසැම්බර් 21 වෙනි දින ප‍්‍රංශයේ ශීත කාලයේ ආරම්භය මෙන්ම මුළු ලෝකයාම ඇස් දල්වා බලා සි‍ටින ලෝකයේ අවසාන දිනයද වීම විශ්මය දනවන සංසිද්ධියකි. ආදි මායාවරුන්ගේ අද්භූත දින දර්ශනය අනුව 2012 දෙසැම්බර් 21 දහවල් 11.11 ට හෙවත් ලංකාවේ වේලාවෙන් සවස 15.41 ට ලෝක විනාශය සිදුවන අති විශේෂ දිනයක් බවට පත් වී හමාරය. එයද 12, 12 හා21 ලෙසය.
ලෝක ප‍්‍රසිද්ධ ප‍්‍රංශ ජාතික සුවඳ විලවුන් නිෂ්පාදකකු වන ෆැකෝ රබානා බොහෝ කලෙක සිට මෙම දිනයෙන් සමු ගැනීමට, සුන්දර කථා කියන, සුවඳ විලවුන් මෙන් සුවඳවත් මිනිසෙකි. අද ලෝකයේ බොහෝ දෙනෙක් ලෝක විනාශය ගැන හිතමින් කමින් බොමින්, ගයමින් ,නටමින් ශෝකවෙමින්, අතපය දිගහැර වියදම් කරමින්, වෙස්සන්තරයන් මෙන් ජීවත් වෙති. එසේ නමුදු මෙම විනාශයෙන් දිවි ගලවා ගත හැකි මාර්ග ඇත්තේ එකක් පමණය. එය කුමක්ද? ප‍්‍රංශයේ ජීවත් වීමය.
මෙය ලෝක පාලක ඉසිවරයන් මෙන් සමහරු අග‍්‍රතන්හි ලා සළකන මායාවරුන් වර්ෂ සිය දහස් ගණනකට පෙර කල දේශනාවන්හි සඳහන් වී තිබේ. එම දේශන සත්‍ය අසත්‍ය මිශ‍්‍රණයකින් යුක්තවූ ව්‍යාකූල අපභ‍්‍රංශයක් වුවද එසේ නොවන බව පිළිගන්නෝ බොහෝය. එසේ හෙයින් මෙම දෙසැම්බර් 21න් පසු ජීවත් වන්නේ ප‍්‍රංශයේ වැසියන් පමණක්ද?. එම නිසාම ලෝක වාසීන්ගේ නෙත් මේ දිනවල ප‍්‍රංශය දෙසට නාභි ගතවී ඇත්තේය. එසේ වූ හෙයින් ඉදිරියට මෙය හිසරදයක් වන බව වටහා ගත් ප‍්‍රංශ පාලකයන්, හිස රුදාව ඇති නොවීමට වැඩ කටයුතු සැලසුම් සකස් කලෝය.
එසේ වුයේ ඇයි? ප‍්‍රංශයේ දකුණු දිශාවේ ගිනිකොන හා දකුණ එක් කරන සමපාද ත‍්‍රිකෝණ ප‍්‍රදේශයේ ඇති බුගරාච් නම්වු සුන්දර ගමට පැරීසියේ සිට දුර කි:මී: 810කි. එම ගම ආසන්නයේම ඇති කර්කසොන් නම් වූ ප‍්‍රධාන නගරයට පැරීසියේ සිට අධිවේගි දුම්රියෙන් පැය පහකින් ද දක්ෂිණ අධිවේගි මාර්ගයෙන් පැරීසියේ සිට පැය 7.30කින් ඉහත නගරයට ළඟාවිය හැකිය. කර්කාසොන් ප‍්‍රධාන නගරයට නුදුරින් පිහිටි කුඩා ගමකි බුගරාච් මුහුදු මට්ටමෙන් මි:427 ක් උසකින් වග– කි:මීටර් 27ක් පමන විශාල මෙම ගම ප‍්‍රංශයේ ෆිරණේ ලෙසින් හදුන්වන ඉතා රමණීය කදුවැටිය පිහිටා ඇති ඕබ් නමින් හදුන්වන පළාතේ පිහිටා තිබේ එහි සිට මධ්‍යධරණී මුහුදු වැල්ලට පැයකින් ලඟාවිය හැක. ස්පාඤ්ඤ උතුරු හා ප‍්‍රංශ දකුණු දේශ සීමාව අතර පිහිටි අන්ඩෝරා ස්වරාජ්‍ය හා කතෝලික බැතිමතුන්ගේ ගෞරවාදරය ලබන ලූර්දු මෑණියන්ගේ දෙව් මැදුර පිහිටි ලූර්දු නුවර, මේ බුගාරාච් ගමට නුදුරින් පිහිටි ප‍්‍රධාන සංචාරක ප‍්‍රදේශයන්ය.
මෙහි පිහිටි මී: 1231 අහස් කුසට විහිදුණු හරිත වර්ණයෙන් පිරි එම කදු වැටිය හදුන්වන්නේ බුගරාච් කන්ද ලෙසිනි. එබැවින් මෙම කª පාමුල පිහිටා ඇති ගම බුගරාච් ලෙස හදුන්වයි. කදු වැටියේ ගල් ගුහාවක් ඇත. එහි ස්වභාවයෙන් නිර්මාණයවූ විශාල ගල් බිත්තියකි. මෙම අරුම පුදුම බිත්තිය ආශ‍්‍රිතව විවිධ ප‍්‍රබන්ධ කථා ගම්මුන්ගේ සිහිවටන අතරට එක්වී ඇත්තේය. කෙසේ වෙතත් මෙම ප‍්‍රදේශය ආශි‍්‍රතව විශේෂවූ චුම්බක ක්ෂේත‍්‍රයක් ඇති බව සඳහන් කර තිබේ. නොයෙක් අවස්ථාවල දේවතා එළි වැනි ආලෝකයන් දක්නට ලැබෙන බවත් නොයෙකුත් ශබ්ද සහ අද්භූත සිද්ධින් සිදුවන බවත්, එම ප‍්‍රදේශයේ සැරි සැරූ සංචාරකයින් අන්තර් ජාලයේ සඳහන් කර තිබේ.
ස්වභාව ධර්මයේ මනස්කාන්ත නිමැවුමක් වන බුගරාච් ගම ඉතා සුන්දරය. ෆිරණේ කඳු වැටියෙන් ගලා එන දිය දහරින් පෝෂණය වී සතර අතින් ගලා බැස යන දියවැල් සවනට සිසිලකි. හරිත වර්ණයෙන් බැබලෙමින් සිරි සිරි හඬින් නැලැවෙන අතු රිකිලි මේ දිනවල මහ පොළොව පෝෂණය කිරීමට සහාය දෙමින් කිරි කැටි මෙන් සිනිදු හිම කැට විසුරුවාලමින් පරිසරයම සුදු ගන්වයි. මෙවන් සුන්දර පරිසරයක් ඇති ඉහත ගමේ ජීවත් වන්නේ පවුල් 189 කි. පසුගිය වසර වලදී මෙම ගමේ විදේශීය සංචාරක පැමිණීම නොසිතු ලෙස ගම් වාසීන් මවිත කරවමින් ඉහළ ගියේය. ඉඩ කඩම් මිලදී ගැනීම, නිවාස මිලදී ගැනීම, නැරඹීම තාවකාලිකව ජීවත්වීම, ආදි ලෙසින් මෙම සුන්දර ගමේ ජන සංයුතිය ඉහළ අගයක් නැංගේය. මෙම විදේශිය ආගමනය හා පැලපදියම් වීම තුල ඇමෙරිකානුවන් හා ස්කැන්ඩිනේවියානුවන් ජාතීන් වැඩි අගයක් ගත්තේය. මෙම වෙනස නුවණින් අවබෝධ කරගත් ගම් පාලකයෝ රාජ්‍ය සභාවේ අනුමැතිය පරිදි එම ගමට පමණක් බල පැවැත්වෙන නීතියක් අනුමත කරගත් අතර ඒ අනුව 2011 නොවැම්බර් සිට ක‍්‍රියාත්මක වන පරිදි මෙම ප‍්‍රදේශයට අයත් ඉඩ කඩම් හා නිවාස විකිණීම සපුරා තහනම් විය. සංචාරකයන්ට පැමිණීමද තහනම් විය. එපමණක්ද නොව 2012 දෙසැම්බර් 19 වෙනිදා සිට 23 දක්වා ගම් වැසියන් හැර වෙන කිසිම කෙනකුට මෙම ගමට ඇතුළ්වීමේ තහනම් නියෝගයක් සමග හමුදා හා පොලිස් භටයෝ ආරක්ෂක වළල්ලක් ලෙස සැදී පැය 24 පුරා ගමේ භූමිය ආරක්‍ෂා කරති. ගුවනින්ද එලෙසමය. දැඩි ආරක්ෂාවකින් ගම රැකීම හේතුකොට සතුටට පත් ගම් වැසියෝ විශේෂ අවසරපත් පෙන්වමින් ගමට එති හා යති. එසේ නොවීය නම් එම දිනයට බුගාරාච් ගම කෝටි ගණනක් වු මිනිස් හිස් ගෙඩි වලින් වැසී යාම සිදුවනු නොඅනුමානය ලෝක විනාශ මායා කථාවේ බුගරාච් ගම සුවිශේෂි ස්ථානයක් බව සාමාන්‍ය ජනයා කෙසේ වෙතත් මායා කථා අදහන්නෝ දනිති. මෙසේ වුයේ ඇයි?
මායාවරුන්ගේ ශිෂ්ඨාචාරය ක‍්‍රි.පූ 3000 දක්වා ඈතට දිවයයි. දකුණු අමෙරිකානු භූමියේ ,මෙක්සිකෝව, වොලිෂ්, ගෝතමාලා, හොන්දුරාස්, එල්සැල්වදෝර්, ආදී ප‍්‍රදේශයන් ආශ‍්‍රිතව ගොඩ නැගුණු මේ ශිෂ්ඨාචාරය ඉතා දියුණු සංස්කෘතියක් මෙන්ම ලිවීම,කලාශිල්ප, කෘෂිකර්මය, ගණිතය, තාරකා විද්‍යාව, ආදී විෂය ක්ෂේත‍්‍රයන්හි දියුණුවට පත් බුද්ධිමතුන්ගෙන් පරිපූර්ණ වූවක් බව හේතු සාධක ඇතිව ඔප්පුවී තිබේ.ලෝකය ගෝලාකාර බව පවා නොදැන සිටි සමයක ගණිත දැනීම උපයෝගී කරගනිමින් චන්ද්‍රග‍්‍රහණ, සූර්යග‍්‍රහණ සිදුවන දින නිවැරදිව ප‍්‍රකාශකිරීමට තරම් ඔවුන් දක්ෂයින් වූවෝය. ඔවුන් දින දර්ශන කීපයක්ම සකස්කර තිබේ. ගණිතයට අනුව දින දර්ශන කිහිපයක් දහතුනේ පාදයෙනුත් අනෙක් දින දර්ශන 20 පාදයෙනුත් නිමවා තිබේ.එක් දින දර්ශණයක කි‍්‍ර පූර්ව 3114 අගෝස්තු 11 දිනයද සඳහන්ව තිබේ. මේ අනුව එතරම් ඈත අතීතයේදී ඔවුන්ගේ ශිෂ්ඨාචාරයෙහි තිබූ දියුණුව කෙසේදැයි සිතා ගැනීමට ඔබට බාර කරමි. කි‍්‍ර.ව. 200 සිට 1000 අතර වූ කාලය ඔවුන්ගේ දියුණුම කාලය විය හැකිය. එහි සිටි බුද්ධිමතුන් තම සංස්කෘතිය, විද්‍යාත්මක දැනීම, කලා ශිල්ප,ගෘහ නිර්මාණ, ගණිතය, තාරකා විද්‍යාත්මක දැනීම, ඒ හා සම්බන්ධ වෙනත් කරුණු ලේඛන ගත කළෝය . ඔවුන් එම කාර්යයේ එක් ප‍්‍රතිඵලයක් ලෙස දැනට කථා බහට ලක්වී ඇති මායා වරුන්ගේ කැලැන්ඩරය හැදින්වීමට පිළිවන. ඉහත දැක්වූ දිනයෙන් දින දර්ශනය අවසන් වී තිබේ. මේ අනුව ඇතිවෙන ලෝක විනාශයෙන් මුළු ලොවම විනාශ වන නමුත් එදිනට පෘථිවි ගෝලයේ එක්තරා අංශක ගණනක දේශාංස රේඛාව හා ග‍්‍රිනීච් සිරස් රේඛාව කැපෙන ලක්‍ෂය විනාශ නොවන බවත් මායාවරු විසින් ලේඛන ගත කල මායා ජාතක පොතේ සඳහන් වන්නේලූ. ඒ අනුව එම දිනයට ඉහත සදහන් විනාශ නොවන ලක්ෂය කේන්ද්‍රය වු ප‍්‍රදේශය පිහිටා ඇත්තේ ප‍්‍රංශයේ ඉහතින් සදහන් බුගරාච් යනුවෙන් හැදින්වූ ගමේය. මායා ජන කොට්ඨාශය වර්තමානයේ වෙනත් ජාතීන් සමග මිශ‍්‍රවී ගොසිනි. මායා වරුන්යයි හඳුන්වාගනු ලබන 2000 ටත් අඩු ප‍්‍රමාණයක් අදටත් දකුණු ඇමෙරිකාවේ ජීවත් වන්නේය. වර්ෂ මිලියන ගණනක් ඈත අතීතයේ සිට මේ දක්වා පැමිණි මායා වරුන්ගේ කථා වස්තුවේ සාරාංශය එසේය. ඒ පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට මායා පොත් කිය
විය යුතුය. මායා පොත් වලට අනුව දිවි ගලවාගැනීමට ඉහත ගමට පැමිණීමට මෙතරම් වලිකන්නේ මරණයට බය බියගුල්ලන්ය. මරණයට බය ජනතාවක් බාර ගැනීමට ප‍්‍රංශය කොහෙත්ම කැමති වන්නේ නැත. එබැවින් මර බියේ ගැහෙන බියසුල්ලන්ගේ පැමිණීම වැලැක්වීමට ප‍්‍රංශ පාලකයෝ ගම ආරක්ෂිත ගමක් කළෝය. ජීවිතයෙන් වැඩි කාලයක් අධි ආරක්ෂිත කළාපවල රසය භුක්ති විඳ එහි ආශ්වාදය හොඳින් දන්නා, සෑම මොහොතකම හොඳටත් නරකටත් බුදු සරණම පතන, නිවන් යෑමට මග බලා සිටින බුදුන්ගේ දේශයේ ශ‍්‍රද්ධාසම්පන්න ජනයාට තේරෙන භාෂාවෙන් නම් අද ප‍්‍රංශයේ බුගාරාච් ගම අධි ආරක්ෂිත කලාපයකි

9 Dec 2012

ඔබ උපන් ලග්න‍යට අදාලව ඔබ ගැන දැනගන්න

මේෂ►
සාමාන්‍ය රූප ස්වභාව :
මධ්‍යම ප‍්‍රමාණ ශරීරය වේ. කදිම දික්වූ බෙල්ලක් හා පොකුරු කෙස් හා රැුවුල් ද ඇස් බැම ද ඇතිවේ. යහපත් අඟ පසඟ වේ. ගමන් කිරීමේදී ස්වල්පයක් නැමී යයි. කඩිසරයි. පිත් අධිකයි.


ගතිගුණ :
කුජ හිමි සටන් කාමී උණ්ෂ රාශියක් වූ බැවින් මේෂයෙහි උපන් අය උසස් අදහස් ඇති ඉදිරියට යන තේජවන්ත ගතියකින් යුක්ත වෙයි. වුවමනා දේ වුවමනා වෙලාවට වුවමනා කරන කෙනෙකි. කෙසේ හෝ ලබා ගනියි. තමාගේ පුද්ගලික ආශා සැප පහසුකම් අනුන් වෙනුවෙන් කැපකිරීමට සතුටු නොවේ. තමාට වුවමනා කරන දේ තමාට ඕනෑම වේ. කීර්ති ප‍්‍රශංසා ලැබීමට ඇති කැමැත්තත් පෙරමුණෙහි සිටීමට ඇති ආශාවත් ඉදිරියට යන ගතියත් නිසා ජය හා ප‍්‍රසිද්ධිය ලබයි. ක‍්‍රියාවෙහි සූරයි. එසේම කඩිසරයි. පුරුෂයෙකු නම් තමාගේ භාර්්‍යාවට හෝ ස්ත‍්‍රියෙකු නම් තමාගේ ස්වාමියාට හෝ හැර වෙන කිසි කෙනෙකුට යටත් පහත් වීමට කැමති නැත. සහකාරියට සහකාරයාට ඉතා භක්තිවන්ත වෙයි. දිනන ලද ඉඳුරන් ඇති කෙලෙහිගුණ සලකන කෙනෙකු වෙයි. බඩගිනි ඉසිලිය නොහැක. නිතර ටික ටික කෑම ඕනෑ කරයි. නිතරම ආඩම්බර ගතියෙන් සිටියි. මේෂ ලග්නයෙහි උපන් අය වාද විවාද වලට වඩා යෝග්‍ය නැත. විවාදයේදී තමාට ජයගන්නට බැරි වූ සණ්ඩුවක් මතු කරගෙන එයින්වත් ජයගන්නට සිතයි. එහෙත් වහා අවබෝධ වන තීක්ෂණ නුවණක් තිබේ. සටනට නොපැකිලෙයි. කිසි භයක් නැත. සුළු සුළුදේවලට කැමති නැත. විශාල ව්‍යාපාර කටයුතුවලට යෝග්‍යයි. උසස් සිතිවිලි වේ. හදිසියේ කරුණු වෙනස් කරයි. එහෙත් යමක් ස්ථිරව කරගෙන යාමට සිතාගත්තොත් එසේම කරයි. ලෝකයේ ශ්‍රේෂ්ඨ වීරයෝ මේෂ ලග්නයේ ඉපදී සිටිත්. රාශි චක‍්‍රය පටන් ගන්නේ මේෂයෙන් බැවින් මෙය බලවත්ම රාශිය වෙයි. මකට කටක දෙකට මැදි බැවින් යුක්ති සහගත වේ. එහෙත් තුලාවේ තරම් නැත. දුර්වලකම් හැටියට පෙනෙන්නේ නොඉවසිලි ගතිය හා සමාදානයට එතරම් ගරු නොකරන ගතිය ද වේ. සුළු දේ කිරීමට කැමති නැත.


රෝග : උෂ්ණ දැවිලි රෝග, මොලේ අසනීප, බඬේ කැක්කුම්, හදිසි ක්ලාන්ත වීම්, නින්ද නොයාමේ රෝග, හිටි හැටියේ සිහි නැතිවීම, ලෙහෙසියෙන් සෑදෙන රෝගයෝ වෙති. මේෂයෙන් උපන් අයට පැළඳීමට යෝග්‍ය අඹ තේස්ත, දියමන්ති හා සුදු නිල් වේ.


වෘෂභ►
සාමාන්‍ය රූප ස්වභාව :
පළල් වූ නළලකින් යුත් මධ්‍යම ප‍්‍රමාණයට වඩා තරමක් ලොකු බෙරන්නා වූ ශරීරයකි. බෙල්ල මහත්වේ. රළු හිසකෙස් වේ. සෙම් අධික වේ.


ගතිගුණ:
සිකුරු හිමි වෘෂභයේ උපන් අය කෞතුක දේ වලට ආශා කරයි. ලෙහෙසියෙන් ජීවත් වීමට සිතයි. තිර රාශියේ ගතිය ඔප්පු කිරීමට මෙන් නොනැමෙන හිතක් ඇතිවේ. හිතේ තබාගෙන සිටීමට සමතෙකි. තරහා වීමත් හෙමින්ය. එසේ වුනොත් හොඳ වීමත් හෙමින්ය. අනුන්ට තේරුම් ගත නොහැකි ගුප්ත ගති තිබේ. ඉතා සුළු දේවල් පවා සිතේ තබාගෙන සිට වුවමනා වූ විට ඉදිරිපත් කර කතා කරයි. ස්ථිර ජය ලැබෙන තුරු සටන් කරගෙන යාමට සමර්ථයි. මිල මුදල් සම්බන්ධ හා තමාගේ ලෞකික දේවල් බොහෝ සුපරීක්ෂාකාරී වෙයි. සිකුරා මෙන්ම වෛවාරන්න ඇඳුම් පැළඳුම් වලට වියදම් කිරීමට මැලි නොවේ. භූමියට හිත වේ. වැවීමට මල් වැවීමට හිතවේ. අන්‍යයින් උදෙසා වියදම් කිරීමට ටිකක් මැලි වෙයි. තරමක් ලෝභී වේ. මුදල් ගනු දෙනු වලදී ප‍්‍රවේසම් වෙයි. කඩිසර කමක් නැත. එහෙත් නොනවත්වා වැඩෙහි යෙදී කරගෙන යාමට සමර්ථ වේ. විරුද්ධකාරයා ඉදිරියේ දනින් වැටී නැමෙන්නෙක් නොවේ. ස්වභාවික දර්ශනයන්ට පි‍්‍රය වේ. නගරබද ජීවිතයට වඩා මල් ගොමු පළතුරු ගස්වැල් ආදියෙන් යුත් පිටිසරබද ජීවිතය යහපත් සේ සිතයි. කථාවට බොහොම හොඳයි. කරුණු ඇතුව කතා කරයි. තමාගේ අදහස් තදින් අල්ලාගෙනම සිටියි. අනුන්ගේ දැනමිතිකම් අනුව කටයුතු කිරීමට සතුටු නැත. තමා දන්නා කෙනෙක් සේ සිතයි. සිතුවිලි ලෞකික පැත්තට බරවේ. දුර්වලකම් හැටියට පෙනෙන්නේ තරමක ලෝභ කමත් සැප පහසුවට ඕනෑවට වඩා ආශාවන් ජයගැනීමට තිබෙන ආශාවත්ය. එනිසාම සතුරෝ ඇතිවෙති. නඩුමගට ද බසින්න අන්තිමේ සිදුවේ.


රෝග : සියලූ සෙම් රෝග පහසුවෙන් සෑදේ. ඔලූවේ බෙල්ලේ හා පපුවේ රෝග, උගුරේ රෝග, පීණස, ඇදුම, සෙම් ගෙඩි ලෙහෙසියෙන් සෑදේ. කල්යාමේදී මලබද්ධය, ලේ වැඩිකම හෝ සෙම් වැඩිකම, වතුර වැඩිකම පිළිබඳ රෝග ලේ නහර පිපිරීම, පණ නැතිවීම ආදී රෝග සෑදේ. වෘෂභයෙන් උපන් අයට පච්ච ගල් පැළඳීම යහපති.


මිථුන►
සාමාන්‍ය රූප ස්වභාව :
උස් වූ සම්පූර්ණව වැඩුණු ශරීරය වෙයි. දික් වූ අත පය වේ. ලක්ෂණ දේහය වෙති. බොහෝ විට ප‍්‍රමාණයට වඩා උස් වෙයි. තාලයට ගමන් කරයි. පැහැදිලි වචන වෙයි.


ගතිගුණ :
නර රාශියක් වූ මිථුනයෙහි උපන් අය මනුෂ්‍ය ජීවිතය සම්බන්ධ මනා අවබෝධයක් ඇත්තෙකි. මානුෂික ගතිය හා අනුකම්පාව ද ඇතිවේ. ඒ ඒ වෙලාවට වුවමනා අන්දමට කටයුතු කිරීමට දක්ෂ නුවණක් තිබේ. කථාවෙහි දී සෑම දෙයක්ම දන්නා කෙනෙකු මෙන් උඩින් පෙන්වීමට කතා කරයි. දක්ෂ චින්තකයෙක් නොවේ. නිතර අදහස් වෙනස් වෙයි. මේ නිසාම පටන්ගන්නා දේවල් මුලින් හිතූ හැටියට අවසාන නොකරයි. පරස්පර විරෝධී වේ. බුදුහු බලවත්ව යහපත් තැනක සිටියොත් දක්ෂ කථිකයෙකු හෝ කාව්‍ය කාරයෙකු හෝ සංඟතඥයෙකු වීමට ඉඩ තිබේ. නිතරම වෘත්ති දෙකක හෝ වැඩි ගණනක යෙදෙන්නෙකි. එකක් කරන ගමන් තව එකක් ගැන සිතයි. සමහරවිට ස්ත‍්‍රී පක්ෂ්‍ය නිසා ධන හානියට පැමිණේ. නවයේ පාපයෙකු නොසිටියොත් හොඳට ආගමික භක්තිය ඇත්තෙක් වෙයි. ඇවිදිලි ප‍්‍රියවේ. වැඩෙහි යෙදී සිටින තුරු ඒ වැඩෙහි දක්ෂයෙකු ලෙස කටයුතු කරයි. මිත‍්‍රසන්තවය ඇති කෙනෙකි. කලින් පළපුරුද්දක් නැති අමුතුම වැඩක වුවත් නොපැකිල යෙදෙයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ පටන් ගන්නා වැඩ අවසාන නොකර අතර මග අත හැර දැමීමත් දවසින් දවස අදහස් වෙනස් කිරීමත් නිස්කලංක භාවයක් නැතිකමත් වේ.


රෝග :
පෙනහැල්ලේ රෝග, නිව්මෝනියා, ප්ලූරැුසි, ඇදීම, බ්‍රොන්කටයිට්ස් නම් සෙම් රෝගය ආදී පපුව ප‍්‍රදේශයේ රෝග හා බාහුවල වාත රුදාව ද ලෙහෙසියෙන් සෑදේ. මිථුනයෙන් උපන් අයට අක්වා මැරීන් හෝ ලා නිල් ගල් පැළඳීම යහපති.


කටක►
සාමාන්‍ය රූප ස්වභාව :
මධ්‍යම ප‍්‍රමාණ සිහින් ශරීරය වෙයි. දික්වූ අවයව වේ. ප‍්‍රිය මුහුණ වේ. සෞම්‍ය පෙනුම වේ. සිවුමැලි ශරීරය හෙවත් සියුම් සම ඇති කෙනෙකි. ගොරෝසු දේවල් පරිහරණය කළ නොහැක.


ගතිගුණ :
කටකය උත්තරායනයෙහි උසස්ම තැන වේ. හිතට අධිපති චන්ද්‍රයා හිමි කටක ලග්නයේ උපන් අය උසස් සිතිවිලි ඇති තීක්ෂණ චින්තකයෝ වෙති. දුටු දේ කිරීමෙහි සමර්ථ වේ. තමාගේ යහපත් ගතිය නිසා අනුන්ගේ බස් විශ්වාස කර ඊට නැමේ. ක‍්‍රියා සූර වේ. උදාර අදහස් වේ. සෘජු අදහස් ඇත්තෙකු මෙන් පෙනේ. සඟවන රහස් ඉතා අඩුවේ. ධනවත් වේ. සමහරවිට මහා ධනවන්තයෝ වෙති. අඹුදරු ආදීන්ට ඇති තද ඇල්ම නිසා ගෙදරම වාසයට හිතැති වේ. නිර්භීතවාක් මෙන්ම භයගුලූ ද වේ. මිත‍්‍රයන් ඇතිකරගන්නාක් මෙන්ම නැතිවෙති. විපතට දුරදීම භයවන්නෙකි. හෙවත් කෙලින් වැඩි ප‍්‍රවේසම් වන්නකි. අනුන්ගේ විපතේදී අධිකව කම්පා වේ. කුඩා සතුන් කෙරෙහි ද පොඩි ළමයින් කෙරෙහි ද තමාට වඩා පහත් අය කෙරෙහි ද දුර්වල පක්ෂය හෙවත් ස්ත‍්‍රීන් කෙරෙහි ද හිතවත් වේ. සියලූ දුක් කරදර නඩුහබ නින්දා අපහාස මධ්‍යයේ වුවත් ප‍්‍රකට භාවයට පැමිණේ. ඉවසිලි ගතිය අඩුය. තරහ කල් නොපවතී. මහා ව්‍යාපාර ගැන සිතයි. කටයුතු ද එසේමය. විශාල ව්‍යාපාරවල මූලිකත්වය දැරීමට සුදුසු වේ. උස් පාත්වන ධනය හා තත්ත්වය ඇතිවේ. චන්ද්‍රයා ලග්නයේ නම් බොහා් කොටම එසේම වේ. ආගමික උත්සව වලට ප‍්‍රිය වේ. අවවාද දීමට අති දක්ෂයෝය. අන්‍යයන්ගේ ආරක්ෂාවට අවවාද දෙතත් තමා ඒවා ගැන එතරම් සලකා ආරක්ෂා නොවේ. අසදෘශ භාර්්‍යාවක් ලැබේ. ලෝකයේ මහා ශ්‍රේෂ්ඨ පුුරුෂයෝ මේ ලග්නයේ ඉපදී සිටියහ. දැනුදු සිටිත්. ඉරුගේ උත්තරායන ගමනේ මුදුන බැවින් ලෝකෝත්තර අදහස් ෙවි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ අධික අනුකම්පාවත්, වහා කිපීමත් නොඉවසිලි කමත් උස් පාත්වන තත්ත්වයත්ය.


රෝග :
ගලනාලයේ ආමාශයේ අසනීප, ග‍්‍රහණිය, අර්ශස් රෝගය, නිතර බඩ පිපුම, පිත්තාධික රෝග පහසුවෙන් සෑදේ. කටකයෙන් උපන් අයට පච්ච හෝ දියපච්ච ගල් පැළඳීම යහපති.


සිංහ►
සාමාන්‍ය රූප ස්වභාව :
පළල් වූ උරහිස් වලින් යුත් සම්පූර්ණ ව වැඩුණු දේහයක් වෙයි. බඩ සිහින්ය. තේජවන්ත පෙනුමක් ඇතිවේ. ලොකු හිසක් වේ. රත් පැහැ සම වේ. උරහිස් සමහර විට බොහෝ පළල් වේ.


ගතිගුණ :
රවි හිමි සිංහයෙහි උපන්නේ ආත්ම ශක්තියෙන් යුත් දියුණු වීමේ තද ආශා ඇති එඩිතර ගති ඇත්තෙක් වේ. චිත්ත ධෛර්ය නිසාම විපත් වලින් මිදී මතුවෙයි. ආත්ම විශ්වාසය නිසාම ඕනෑම බැ?රුම් කටයුත්තක් කිරීමට භාර ගනී. මහ බලාපොරොත්තු නිසා සුළු වැඩ හා සුළු වැඩ කරන්නන් නුරුස්සයි. ආ ගිය තැන ප‍්‍රධානත්වය දරයි. අන්තිම මොහොත දක්වා වෙනස් නොකරණ හිත නිසා මූලිකත්වයට හා ප‍්‍රසිද්ධියට පැමිණේ. මන්ත‍්‍ර ශාස්ත‍්‍ර, කාව්‍ය ශාස්ත‍්‍ර, චිත‍්‍ර කර්මාන්තාදියට පි‍්‍රය වේ. ඒවායේ ද දක්ෂ වෙයි. සිහි කල්පනාවෙන් යුක්තව ක‍්‍රමානුකූලව කටයුතු කරන්නෙකි. එයින්ම ජීවිතයේ ජය පක්ෂය භජනය කරයි. කෙනෙකුට පළමුවෙන් තමා වරදක් නොකරයි. ආඩම්බර වේ. තමාගේ අඹුදරු ආදීන්ගේ වරදක් තමාගේ වැඩිහිටියෙකු වුවත් පෙන්වනවාට කැමති නැත. රජ පාක්ෂික වේ. අන්‍ය්‍යනගෙන් ගරු බුහුමන් නිරායාසයෙන් ලැබේ. හරි හෝ වැරදි හෝ වේවා තමා ගත් අදහසම ක‍්‍රියාවේ යෙදීමට උත්සාහ ගන්නා ගතියක් තිබේ. බඩගිනි ඉසිලීමට දක්ෂ වේ. මහා වේගවත් පාලකයෝ මේ රාශියේ ඉපදී සිටියහ. දැනුදු සිටිත්. දුර්වලකම් හැටියට පෙනෙන්නේ තමාගේ තීන්දුව වෙනස් නොකිරීමට සිතීමත් පතල වීමට හා අන්තිම තීන්දුව දීමට ඇති ආශාවත් වේ.


රෝග :
හෘදයේ හා කොඳු ඇටයේ රෝගවලට භාජනය වෙයි. වැඩි වියේදී වකුගඩු රෝග ද මුත‍්‍ර රෝග ද සෑදේ. සිංහයෙන් උපන් අයට තනි රතු, දියමන්ති බෙර්ලියන්තු පැළඳීම යහපති.


කන්‍යා►
සාමාන්‍ය රූප ස්වභාව :
සිව්මැලි ශරීරය වේ. මධ්‍යම ප‍්‍රමාණ වේ. සමහර විට මධ්‍යම ප‍්‍රමාණයටත් කුඩාවේ. ලෙලදෙන කට හඬ වේ. කඩිසර ගමන් වේ. වයසට වඩා තරුණ ගතියක් පෙනේ.


ගතිගුණ :
ඥානයට අධිපති බුධහුගේ උච්චරාශිය වූ කන්‍යා ලග්නයෙහි උපන් අයට විසඳීමෙහි දක්ෂ ඥානයක් උත්පත්තියෙන් ලැබේ. බොහෝ අනුකම්පා සහගත වේ. අනුන්ගේ දොස් දකී. ඉතා ප‍්‍රවේසම් සහිත වෙයි. ආත්ම විශ්වාසය අඩු කෙනෙකි. කලබල ගතිය කෙබඳු ද කීවොත් ලියුම් දෙකක් ලියා සියල්ල ඉවර කර නියම ලියුම නියම කවරයේ දැම්මාද කියා නැවත විවෘත කර බලයි. යමක් කීමේදී ඉතා සුළු දේ පවා විස්තර කර කියයි. නැවත නැවත කියයි. ගෙදරදොර කටයුතු පවා වැඩිපුර සොයා බලා කිරීම සිරිත වේ. ගේදර දොර බඩු බාහිරාදිය පවා නියම ක‍්‍රමානුකූලව තබා ගැනීමට සිතයි. ලියකියවිලි ඉතා ප‍්‍රවේසම් සහිතව පිළිවෙලට තබාගනී. වුවමනා නැති සුළු දේවල් වලට පවා කාලය ගත කරයි. ලොකු දේ අතපසු කරයි. දීමට පි‍්‍රයවේ. රසදේ කෑමට ද ප‍්‍රිය වේ. මිත‍්‍රකම් කල් පවත්වා නොගනී. නිරෝගි වේ. එමෙත් නැති ලෙඩට බොහෝ භය වේ. නැති ලෙඩට බෙහෙත් කයි. පොළවට හිත වේ. වැවීමට සූර වේ. මුදල් වියදම් කිරීම ඉතා සකසුරුවම් කමින් වේ. හිතනවාට වඩා වැඩ කරන්නෙකි. රාහු කන්‍යා ලග්නයේ සිටී නම් මේ ගති බොහෝමයක්ම මෙසේම වේ. බුදහු බලවත් නම් වේගවත් වචන හෝ සිනහ බස් හෝ කවට බස් අධික වේ. දුර්වලකම් හැටියට පෙනෙන්නේ ආත්ම විශ්වාසය අඩුකම නිසා අනුන් විශ්වාස නොකිරීමත් ඉතා සුළු දේවල්වල ඇඟිලි ගැසීමත් අනුන්ගේ දොස් සෙවීමත් වේ.


රෝග :
ආමාශයේ රෝග වලටත් සාමාන්‍ය ශරීර ශක්ති අඩු වීගෙන යන රෝග වලටත් භාජනය විය හැක. කන්‍යාවෙන් උපන් අයට ලා රතු හෝ ලා පාට ගල්, පත්ම රාග පැළඳීම යහපත් වේ.


තුලා►
සාමාන්‍ය රූප ස්වභාව :
උස් වූ සාමාන්‍ය ප‍්‍රමාණයට වැඩුණු දේහයකි. ප‍්‍රිය ලක්ෂණ පෙනුමක් ඇතිවෙයි. තියුණු ඇස් ඇතිවේ. මධ්‍යම වයසෙන් පසු හිසේ පස්සා පැත්ත තට්ටය සෑදේ.


ගතිගුණ :
සෘජු අනුකම්පා සහිත කරුණාවන්ත සිතක් ඇති කෙනෙකි. යුක්තියටත් සහයෝගයටත් කරුණාවටත් ගරු කරන්නෙකු වෙයි. සමාදානයට ඉතා කැමති වෙයි. ඥානයත් සූර ගතියත් වාග් චාතුර්යයත් දායාද මෙන් උත්පත්තියෙන් ලැබී තිබේ. ඉව හෙවත් කලින් යමක් පෙනෙන ඥානය ඇත්තෙක් වේ. තරහ ඉතා ඉක්මනට සංසිඳේ. කෞශල්‍යයට ආශා කරයි. ව්‍යාපාරයන්හි දක්ෂ වේ. යුක්ති පසඳීමෙහි මූලිකත්වය දරයි. තරාදියක් මෙන් සමබරව යුක්තිය විසඳයි. මේෂ ලග්නකාරයා මෙන් නොව තමාගේ පුද්ගලික සැප පහසුකම් අන්‍යයන් උදෙසා කැපකර තමා දුක් විඳීමට තුලා ලග්න කාරයා කැමති වෙයි. ආත්මාර්ථයට වඩා පරාර්ථය ගරු කරයි. උසස් සිතිවිලි වේ. ස්වභාවික සංදර්ශනයට පි‍්‍රය වෙයි. වාද විවාදයේදී සමාදානයට ගරු කරයි. මෘදු මිහිරි ගතිය නිසා නිතර ප‍්‍රිය ස්වභාවයක් අති වේ. සමාජයට හිත වේ. ඇවිදීමට හිතවේ. ජන සේවයේදී මූලිකව පෙනේ. අන්‍යයන්ගේ හොඳ හිත දිනාගැනීමට සමතියි. මනුෂ්‍යත්වය ඉතා ගරු කොට සලකයි. කටක මකර දෙකට මැද බැවින් ලෞකික ලෝකෝත්තර ගති දෙකට මැද සිටියි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ කෞතුක දේට ආශාවත් නිතර ප‍්‍රීති වීමේ ආශාවත් තීන්දුවට නොබැසීමත්ය.


රෝග :
වකුගඩු රෝග ඇපැඩිසයිටිස්, කටීවායු හෙවත් තුනටියේ වාත රෝග, මුත‍්‍රාශයේ රෝගවලට භාජනය විය හැක. තුලාවෙන් උපන් අයට බෙර්ලියන්තු, දියමන්ති, සුදුනිල් පැළඳීම යහපති.


වෘශ්චික►
සාමාන්‍ය රූප ස්වභාව :
යහපත් සේ වැඩුණු අවයව වේ. නිරෝගී වේ. වකුටු හිසකෙස් වේ.


ගතිගුණ :
ඉක්මන් කෙනෙක් වෙයි. නිර්භීත වෙයි. රහස් නැත. අවහිරයට පයින් ගසා ඉදිරියට යන ගතියක් තිබේ. සාරවත් හිතක් ඇත්තෙකි. එසේ ම ඥානවන්ත ද වේ. ඉතා කඩිසර ගති ඇත්තෙකි. ධෛර්ය නැතිකර නොගනී. හෙවත් නැතිවූ ධෛර්ය වහා ඇතිකිර ගන්නෙකි. උසස් ආඩම්බර ගති ඇතිවේ. ගුණ දොස් විවේචනයට ප‍්‍රිය වේ. අන්‍යයන්ගේ අදහස් ක‍්‍රියා ආදියේ දොස් පෙනේ. ඒවා සම්බන්ධ කතාකරන්නට ගොස් නිකරුනේ අසතුටු සාදා ගනී. මේෂ රාශිය ළඟට වෘශ්චික රාශිය ක‍්‍රියාවෙහි දක්ෂ වේ. නොයෙක් දේ දුටු හැටියේ කළ හැකි වෙයි. රැුස්කර තබා ගැනීමේ ආශාවක් නැත. මානසික ධර්ම වහා අවබෝධ වන නුවණක් තිබේ. සෙවීමට ආශා ඇත්තෙකි. කාලය අනුව ගරුසරු කරන සිරිත් වලට සැලකුවේ වී නමුත් ක‍්‍රමානුකූලව කතා කළොත් ඒවා බිඳ දැමීමට සමත් වේ. තමාගේ කටයුතු පමණක් බලාගෙන ක‍්‍රියා කරන ගතියක් තිබේ. වෘශ්චික ලග්නයෙහි උපන් අය ආගිය තැන කැපී පෙනෙන ගතියක් තිබේ. යමක් උඩින් පිළිගන්නා ගතියක් නැත. හොඳට අවබෝධයෙන් පසුව පිළිගනී. තමාගේ දක්ෂ භාවයෙහි ඇති ආත්ම විශ්වාසය නිසා කටයුතු අන්තිම මොහොත දක්වා කල්දමයි. මම ඒක ඕනෑ වෙලාවට කරන්නම් කියයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ මායමක් නැතිව තමාගේ අදහස් අන්‍යයන්ට දැනගන්නට හැරීම, වහා කිපීම, සෙල්ලම් ක‍්‍රීඩා ආදියට ඇති ආශාව, හා තරමක කුඩුකේඩු කමත්ය.


රෝග :
මුත‍්‍රාශයේ ගර්භාෂයේ රෝග මුත‍්‍ර ගල් හා දරුණු ඉක්මන් රෝග ආදියයි. වෘශ්චිකයෙන් උපන් අයට පුෂ්පරාග කහපට ගල් පැළඳීම යහපති.


ධනු►
සාමාන්‍ය රූප ස්වභාව :
සම්පූර්ණ ලෙස වැඩුණු ලක්ෂණ රූපය වේ. පළල් නළල වේ. සමහර විට ප‍්‍රමාණයට වඩා උස් වේ. උස් වූ දික් නාසය වේ. රන්වන් ඉසකෙස් වේ. රතු පැහැ සම වේ. අංග සම්පූර්ණ රූපය වේ.


ගතිගුණ :
ගුරු හිමි ධනු රාශියේ උපන් අය ත්‍යාගිවන්ත වෙති. සෘජුයි කෙලින් වැඩ කරයි. පෘථුල අදහස් ඇති වේ. කි‍්‍රයා ද එසේමයි. උසස්විමේ මතු වීමෙ බලාපොරොත්තු ඇත්තෙකි. යුක්තිය දිවි මෙන් සලකයි. අන්‍යයෙකුට හෝ වෙන කෙනෙකු අයුක්තක් කරනවා ඉවසිය නොහැක. එවිට කිසිම අනුකම්පාවක් නැත්තකු මෙන් යුක්තිය ඉටුකිරීම පිණිස සටන් වැදීමට ඉදිරිපත් වෙයි. ධනු රාශිය ශරීර දෙකක් එක්වී සෑදී තිබෙන්නාක් මෙන්ම ධනු රාශියේ උපන් අය ද ගති දෙකක් ඇත්තෝය. වරක් කිසි ගරු සරුවක් නැතිව ඕනෑ දේකට ඉදිරියට පැන කරදර විය හියදම් දරා වැඩකරයි. වරක් බොහෝ ඉවසිල්ලෙන් සිහි කල්පනාවෙන් සකසුරුම් කමින් යුතුව එවැනි දේට මැදිහත් නොවී සිටියි. ඕනෑම අලූත් දෙයක් ධනු ලග්න කාරයාට අලූත් නැත. බාරගත් දෙය කිරීම ගන්නා ධෛර්ය වටිනා දායාදයකි. යුක්ති ගරුක භාවය නිසා නීත්‍යානුකූල නුවූ දේ නොකරයි. ධනු ලග්න කාරයා තමාගේ ඕනෑ කමින් නඩු මගට නොබසී. හැකි සෑම විටම ඉන් බේරීමට යත්න දරයි. යතොත් යන්නේ අන්‍යයෙකු නිසාවේ. මිථුන ලග්නකාරයා පටන්ගත් වැඩය නොකර අතපසු කරන්නාක් මෙන්ම ඊට ප‍්‍රතිවිරුද්ධ ධනු ලග්න කාරයා පටන් ගත් දේ අවසාන නොකර වෙන වැඩක නොයෙදේ. ඒකේම යෙදී ඉක්මනට අවසාන කරයි. දර්ශන න්‍යායාදී උසස් ධර්ම ඉගෙනීමට ආශා කරයි. රාශි වලල්ලේ නවවැන්න ඒවාට අයිති බැවිනි. කරන දේ ලොකුවටම කිරීමට සිතෙයි. නිදහසට ගරු කරයි. අන්‍යයන් ගෙන් නොරැුවටීමට ප‍්‍රවේසම් වෙයි. යුක්තිගරුකභාවය සත්‍යවාදී භාවය ධර්මිෂ්ට භාවය යන උතුම් ගති ඔහුගේ නොහරින ධනය වේ. වාසනා ගතියෙන් හා ප‍්‍රීතියෙන් පසුවෙයි. වචන ඥානවන්තවාක් මෙන්ම ආඥා මෙන්ද වේ. ක‍්‍රියා ධෛර්ය ගන්වන සුළු මෙන්ම භයානක ද වේ. කඩිසරකම ද ක‍්‍රියා කාරීත්වය ද ගතිය යහපත් බැවින් ව්‍යාපාරයෙහි මහත් දියුණුව ලබයි. විනීත ගතිය වැඩ පිළිවෙල ක‍්‍රමානුකූලකම තමාගේ දියුණුවේ පඩි පේළි වේ. බොහෝ කල් සකස් කර කළ දෙයක් මෙන් හරියයි. අශ්වයින්ට අශ්වරේස් වටල එවැනි සෙල්ලම්වලට කැමති වෙයි. එහෙත් බොහෝ විට නිහතමානී චාම් ජීවිතයම ගෙවයි. ගනුදෙනු පරිස්සමෙන් කරන ගතියක් තිබේ. දුර්වලකම් හැටියට පෙනෙන්නේ නුවමනා අවිශ්වාසයත් අප‍්‍රවේසම්ව භයානක දේට මූණපෑමත් හදිස්සියේ අදහස් වෙනස් කිරීමත් හදිසි අනතුරු වලට භජනය වීමත්ය. ධනු ලග්නයට චන්ද්‍රයා අටේ සිටීම හොඳ නැත. ස්වක්ෂේත‍්‍ර වුනේ වී නමුත් රෝග පීඩා සාදයි. ශනි පහේ සිටීම බොහෝ ගුණ දෙන පිහිටීමකි.


රෝග :
තුනටියේ හා ඒ අවට ප‍්‍රදේශවල රෝග රක්ත වාතය, නියම ක‍්‍රමානුකූලව ශරීරයන්ත‍්‍රය වැඩ නොකිරීම උගුරේ හා සෙම් නාලයේ රෝග, අර්ශස් ගෙඩි, ගුද කීල ආදිය හෝ කකුල් ඉදිමීම නොවේ නම් කකුල්වල කළු ලේ නහර මතුවීම ආදියයි. ධනුවෙන් උපන් අයට කොල නිල් මිශ‍්‍ර ගල් ජාති පසිංගල හෝ ඝන පච්ච වර්ග යහපති.


මකර►
සාමාන්‍ය රූප ස්වභාව :
සිහින් දුර්වල ශරීරය වේ. හීන් මුහුණ හා මහත් දත් වෙයි. ශනි හෝ ගුරු ලග්නයේ නම් මහත් ශරීර වේ.


ගතිගුණ :
ශනි අධිපති පඨවි රාශියක් බැවින් මකර ලග්නයෙහි උපන් තැනැත්තේ බලය ලබාගැනීමේ ආශාව ඇත්තෙකි. සියුම් සිතිවිලි අඩු ක‍්‍රියාත්මක ගති වැඩි කෙනෙකි. තමාගේ වාසිය පිණිසම වැඩ කරන ආත්මාර්ථකාමී ගතිය බල පවත්වයි. ඒ වෙනුවෙන් දුර කල්පනා කරයි. ලාභය අතට ලැබෙන තුරු එය ලැබේය යයන විශ්වාසයෙන් තොර වේ. කම්කටොලූ විඳීමේ ඇති නොපසුබස්නා ගතිය නිසා ජයග‍්‍රහණය කරා ගමන් කරයි. මකර ලග්නයෙහි උපන් තැනැත්තේ කම්මැලි කමින් නිකරුනේ කාලය ගත නොකරයි. ලෞකික ආශාව ඉතා බලවත් වේ. අර්ථ ශාස්ත‍්‍රය පිළිබඳ නුවන හෙවත් අයවැය බලා කටයුතු කිරීම ප‍්‍රධාන අංකයෙහි වෙයි. මුදල් වලට ඇති ලෝභී කම නිසාත් බලය ලබා ගැනීමට ඇති ආශාව නිසාත් තරමක මසුරෙකුගේ ගතිගුණ පෙනෙන්නට තිබේ. අන්‍යයන්ගේ සුළු දේ මහත් කොට සිතයි. ඒවා ලොකුකර කතා කරයි. ක‍්‍රමානුකූල පාලනයෙහි දක්ෂ වේ. විශාල ව්‍යාපාරවල මූලිකත්වය දැරිය හැකි පාලන ශක්තියක් තිබේ. විපතේදී පවා අන්‍යයන් ගෙන් උදව් ඉල්ලීමට මැලි ගතියක් තිබේ. සියලූම වැඩ නවතින අඳුරු මලානික කාල පසුකරන්නට සිදුවේ. දිනන්න දිනන්න ඉදිරියට යන්නාක් මෙන්ම පරදින විට නොපෙනී සිටීමට කැමති වෙයි. කථාවෙහි දක්ෂවාක් මෙන් ව්‍යක්ත නොවේ. මිත‍්‍රයෝ අඩුවෙති. කරන සෑම දෙයකින්ම යම්කිසි ලාභ ප‍්‍රයොජනයක් ගැනීමට සිතන නිසාම ධන රැුස්වේ. බර වැඩට හා පෙරමුණෙහි යන වැඩට යෝග්‍ය වේ. දේශපාලන කටයුතුවලට යෝග්‍යයි. කටක ලග්නයට ප‍්‍රතිවිරුද්ධ මකර ලග්නයේ උපන් අය පොළොවට ආශා කරයි. උසස් සිතුවිලි නැත. සියල්ලක්ම ලෞකික වූත් ක‍්‍රියාත්මක වූත් දේවල් විය යුතුයි. ඉරුගේ දක්ෂිනායනය ඉවර වන්නේ මෙහිදීය. දුර්වලකම් හැටියට පෙනෙන්නේ ඕනෑවට වඩා වෙහෙස වී වැඩ කිරීමත් ලෝභ කමත්ය.


රෝග :
සමෙහි රෝග හා වාදන් රෝග (දණහිස් කෙණ්ඩා වල රෝග* ලේ අඩුකමින් පිපිහලූවීම්, රක්තවාතය, හන්දි කැක්කුම, වාත රෝග, රක්ත රෝග ලෙහෙසියෙන් සෑදේ. මකරයෙන් උපන් අයට චන්ද්‍රකාන්ත ගල් පැළඳීම යහපති.


කුම්භ►
සාමාන්‍ය රූප ස්වභාව :
මධ්‍යම ප‍්‍රමාණ ලක්ෂණ ශරීරයක් වේ. ප‍්‍රිය මුහුණ වේ. වර්ණවත් ඉසකෙස් වේ. කාරුණික පෙනුමෙන් යුක්ත වේ.


ගතිගුණ :
ස්වභාවික තත්වයට ගරු කරන්නෙකි. මනුෂ්‍ය ගති ඇත්තෙකි. ගැඹුරු දේ ඉගෙනීමෙහි ආශා ඇත්තෙකි. ක්ෂත‍්‍රිය මායම් දනී. රෂ්ට‍්‍ර පලෙන විද්‍යාව දනී. අනුන්ගේ චරිත කීමේ ශාස්ත‍්‍ර ඉගෙනීමෙහි දක්ෂ වේ. හොඳ මිත‍්‍රයන් ආශ‍්‍රය කරයි. නියම මිත‍්‍රයෝ කවුරුද යනු අඳුනා ගැනීමෙහි සමර්ථ වේ. කරන දේ සොයා බලා කරයි. නැත්නම් වෙන කෙනෙකු කරන තුරු බලා සිට ඉගෙන ගෙන කරයි. ප‍්‍රවේසම, ඉවසීම, හිතේ එකඟකම, ඔහුගේ ගුණධර්මයෝ වෙති. සියුම් ක‍්‍රියාවන්හි ඇලෙයි. ඥානවන්ත වුනේ වී නමුත් අලූත් දේ පිළිගැනීමට ප‍්‍රමාද වෙයි. ධාරන ශක්තිය ඇත්තෙකු බැවින් වරක් කළ කී දේ මතක නැති නොකරයි. රසායනපරීක්ෂණ කටයුතු වලට යෝග්‍ය වේ. ලෝකය සාමාන්‍ය ජනයාට මිස වාසනාවන්තය කියන කීප දෙනෙකු පිණිස නොවේ. යන මතය තදින් දරන්නෙකි. ජාතික වැඩ කිරීමේදී පොදු මහජනයාටත් පෑගී සිටින දුර්වල පක්ෂයටත් යහපත පිණිස වැඩ කරයි. පිටින් පෙනෙනවාට වඩා යහපත් ගති ගුණ ඇතුළත තිබෙන කෙනෙක් වෙයි. හිත කය සම්පූර්ණයෙන්ම කරන වැඩෙහි යොදා ක‍්‍රියා කිරීමට ධෛර්යයක් තිබේ. බොහෝ විට කුම්භ ලග්නයේ උපන් අය ජය ලබන්නේ අන්තිමේදීය. තමාගේ පිරිසට තද ඇල්මක් ඇති කෙනෙක් වෙයි. බොහෝ විට තපස් ජීවිතයට හෝ එවැනි තත්වයට පැමිණීමට අන්තිමේදී සිතයි. නැත්නම් අන්‍යයන්ට ගුණදැනමිති කම් දෙන දේශනා කිරීම් වැනි දේවල් වලට පෙළඹෙයි. දර්ශන න්‍යායාදී ගැඹුරු ශාස්ත‍්‍රයන්ට ආශා කරයි. ඒවා ඉගෙනීමට දක්ෂ වේ. තමා ඒවා ක‍්‍රියාවේ යෙදනවාට වඩා අනුන් ගේ යහපත පිණිස කියා දීමට ඉගෙන ගනී. මෙය ශනි ගේ රාශියක් වුනේ වී නමුත් මකර ලග්නකාරයා මෙන් ආත්ම ලාභයට ප‍්‍රධානත්වයට, ආශා නොකරයි. එම නිසාම නියම මහජන ප‍්‍රසාදය දිනාගත් ශ්‍රේෂ්ඨ පුරුෂයෝ ද වෙති. අනාථ මඩම්, හිර ගෙවල්, ආරෝග්‍ය ශාලාදියට උදව් දීමට සිතයි. ඒවායේ දුක් විඳින්නට ඇප උපකාර කරයි. ඒවායේ රක්ෂාව හෝ කරයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ තනිව විවේකව ජීවත්වීමට තිබෙන ආශාව නිසා කටයුතුවල නොයෙදෙන අඳුරු කාලවලට මුහුණ පාන්ට සිදුවීමත් ඉදිරියට පැනයන ගතිය අඩුකමත් ලෞකික දේට හිත යොමු නොකිරීම සමහර විටක ඇතිවන කම්මැලි භාවයක් වේ.


රෝග :
කකුල් වල පහළ සන්ධිස්ථාන අත්වල මැණික් කටු සන්ධිස්ථාන ආදියේ වේදනා රෝග හෝ ඉදිමීම, තනි දඬුවල කළු ලේ නහර මතුවීමෙන් සෑදෙන රෝග හෘදයේ රෝග හමේ රෝග හා ඇස් රෝග ද ලෙහෙසියෙන් සෑදේ.


මීන►
සාමාන්‍ය රූපස්වභාව :
කුඩා අතපය ආදී අවයවයන් ගෙන් යුත් මිටි තරබාරු ශරීරයක් වෙයි. උරහිස් පටුය. උකුල ප‍්‍රදේශය පළල්ය. බබලන ඇස් වේ. සමහරට විට ප‍්‍රමාණයට වඩා ලොකු ඇස් වෙයි. බොහෝ විට රතු ඇස් වෙයි. දිළිසෙන මෘදු සේද වැනි ඉසකෙස් වෙයි. මධ්‍යම වයසෙන් පසු ඇඟ බෙරාලයි. මස් බුරුල්ය.


ගතිගුණ :
බාල කාලයේ කඩිසර වේ. සංදර්ශනීය වේ. උණුවන හිතක් ඇති සෘජු කෙනෙක් වෙයි. අන්‍යයින් ගේ අදහස් වලට ගරු කිරීමක් වශයෙන් නැමෙයි. අමුතු අමුතු අදහස් වලට හා අලූත් අලූත් දේවලට හැරෙන ගතියක් තිබේ. ප‍්‍රීතියට රස ආහාරයට රසාස්වාදනයෙන් කල් ඇරීමට කැමති වෙයි. ලෞකික අතින් දියුණුව හෙමිහිට වෙයි. ලෝකෝත්තර දේම ගරු කොට සලකයි. කටයුතු දෙකක හෝ වැඩි ගණනක යෙදී සිටීමට සමර්ථ වේ. ඉතාම කරුණාවන්ත වේ. දුගියෙකුට යමක් දීමේදී උඹට මක් වෙලාද, රක්ෂාවක් කරන්නට බැරිද කියා කිසි කලක නොවිමසයි. එසේම රෝගියෙකුට සංග‍්‍රහ කිරීමේදී ලෙඬේ කුමක්ද, හැදුනේ කොහොමද, කියා නොවිමසයි. ක්ෂමාව දීම මීන ලග්නකාරයාගේ ප‍්‍රධාන අංගයයි. හතුරෙකුට වුවත් ද්‍රෝහිකම් නොකරයි. මහජන සේවයට ඇති අධික ආශාවක් ගරු නම්බු තෑගි බෝග පිළි නොගන්නා ගතිත් ආත්මාර්ථය නොසැලකීමත් නිසා මෙලොව සැප සම්පත් දියුණු වන්නේ කලාතුරකිනි. බොහෝ විට ආත්ම පූජාවන් අධික ත්‍යාගිවන්ත භාවයත් නිසා තමා දිලින්දෙකු ද විය හැක. මීන ලග්න කාරයා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදා නොබිඳේ. කොතරම් කරුණාවන්තද කීවොත් සතෙුකු වුවත් දුක් විඳිනවා තමාට ඉවසිය නොහැක. බොහෝ විට උන්ට උදව් පිණිස කටයුතු කරයි. හැදෙන ගහක් වැලක් පවා කැඞීමට මැලි වෙයි. මීන ලග්න කාරයා තමාගේ යහපත් ගතිගුණ රටට ඇසෙන සේ නොකරයි. ඒවා තමාගේම සිතේ ප‍්‍රීතිය පිණිස භුක්ති විඳියි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ අධික ස්නේහවන්ත භාවය තමාම විනාශ වන අධික අනුකම්පාව හා ත්‍යාගිවන්ත භාවය අන්‍යයන්ගේ වචන පොරොන්දු විශ්වාස කරගෙන සිටීම ආදියයි. මේවා උසස් අයගේ ගුණධර්ම වේ.


රෝග :
වළලූ කරේ සිට පහළට කකුල්වල රෝග, ලේ අඩුකම, ඉදිමුම් ගතිය, ලේ අඩු කමින් ඇතිවන හෘද රෝග, පිපිහලූවීම් ආදිය වේ. වයස යාමේදී ලේ අඩුකම හා කකුල් ඉදිමීම ස්වභාවයි. මීනයෙන් උපන් අය ට පසිංගල හෝ පළිඟු ගල් පැළඳීම යහපති.


රාශි සම්බන්ධ කී සියලූ විස්තර එසේම එක්කෙනෙකු තුළ ඇතිවිය නොහැක. ලග්නයේ සිටි ග‍්‍රහයා ගේ හැටියටත් ලග්නාධිපතියා සිටි රාශියේ අධිපතියාගේ හැටියටත් ලග්නයට හා ලග්නාධිපතියාට වැටහෙන දෘෂ්ටිවල හැටියටත් ලග්න ද්‍රෙස්කාණයේ හැටියටත් ලග්න නවාංශකයේ හැටියටත් ලග්නාධිපතියා සිටින ද්‍රෙස්කාණයේ හා නවාංශකයේ හැටියටත් වෙනස්වන බව සිතේ තබාගෙන රූප ස්වභාව හා ගතිගුණ කිය යුතුයි. නිතරම ගුණාගුණ දෙක සමකර බලා වැටි පක්ෂයේ ගති පමණක් කිව යුතුයි. ලග්නයේ ග‍්‍රහයන් කීප දෙනෙකු සිටි විට ලග්නයටත් ඔවුන්ටත් වැටහෙන රූප ස්වභාව නොයෙක් අතින් වෙනස් වන බැවින් නිශ්චය වශයෙන් කීම ඉතා අමාරු කරුණකි. ගුරු ලග්නයේ සිටියොත් මහත වෙයි. එහෙත් ගුරුගේ බලය එන්නේ වයස හතළිහෙන් පසුව වෙයි. චන්ද්‍රයා සිටි රාශියේ ගතිගුණ ද බොහෝ විට පෙනෙන්නට තිබේ. චන්ද්‍රයා හතරේ නම් ඒ රාශියේ ගතිගුණ බොහේ ප‍්‍රකාශව පෙනේ. කුජ දහයේ සිටීමෙන් කුජගේ ගති ගුණ බොහෝ ක‍්‍රියාවලින් ප‍්‍රකාශව පෙනේ. එම නිසා නිශ්චය කර ගැනීම මේවා සියල්ල ගැන සිතා බලා ප‍්‍රවේශමෙන් කළ යුතුයි.


උපුටාගැනීම : ලොවෙත් නෑ පේජ් එකෙන්

2 Dec 2012

ලෝකයේ වඩාත් ප්‍රසිද්ධම සිපගැනීම


 


දෙවන ලෝක යුද්ධයේ නිමාව එවකට ඇමරිකානු ජනාධිපති Harry S. Truman නිවේදනය කල විට ප්‍රීති ප්‍රමෝදයට පත් ඇමරිකානු නාවිකයෙකු පාරේ ගමන් කරමින් සිටි හෙදියක් සිප ගන්නා ආකාරය මෙම ඡායාරූපයෙන් නිරූපනය වේ. ඉන් සතියකට පසු මෙම ඡායාරූපය Life සගරාවේ පල විය....