29 Sept 2011

දේවදත්ත


Devadatta attacking Buddha.jpgදේවදත්ත බෞද්ධ භික්ෂුවකි. එමෙන්ම ගෞතම බුදුන්ගේ මස්සිනාය. දේවදත්ත විසින් සංඝයා වහන්සේලා භේද කළ බවට වාර්තා තිබේ. මෙම සංඝ භේදය සාර්ථක නොවීය. මන්ද යත් දේවදත්තගේ අනුගාමිකයන් සියලු දෙනා නැවත බුදුන් වහන්සේ වෙත ආපසු පැමිණි බැවිනි. මෙයින් පසු දේවදත්තටද එසේ කිරීමට අවශ්‍ය විය. දේවදත්ත ගැන විස්තර කිරීමේදී නිතරම සඳහන් කරන කරුණක් වන්නේ ඔහු බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයට හා ඥාණවන්ත භාවයට ඊර්ෂ්‍යා කළ පුද්ගලයෙකු ලෙසිනි. එමෙන්ම ආගමික ශාස්තෲවරයෙකු වීමේ අවශ්‍යතාවයද ඔහුට තිබුණේය.
පිරිසිදු ධාර්මික ජීවිතයක් ගෙන යමින් බෞද්ධ භික්ෂුවක වීමට ඔහුට මුලින් තිබුණු ආශාව ඇත්තෙන්ම නිර්මල අදහසක් විය. එහෙත් කිසියම් අද්භූත බලවේගයකින් ඔහුගේ සිතිවිලි දූෂණය විය.
ආනන්තරික කර්මය. (බරපතල වැරැද්ද)
දේවදත්ත බුදුන් වහන්සේ මැරවීමට කීප අවස්ථාවකදී උත්සාහ කළ බව සටහන් වී තිබේ. එම අවස්ථා නම්: * බුදුන් වහන්සේ වෙත ගලක් පෙරළීම. මෙහිදී දේවදත්තගේ අදහස සඵල නොවූ නමුදු විසි වූ ගල් පතුරක් ඇනී බුදුන් වහන්සේගේ ශ්‍රී පතුලෙන් ලේ ගැලීමක් සිදු විය. බුද්ධ ඇදහිලි අනුව මෙම ක්‍රියාව ආනන්තරික කර්ම පහෙන් එකකි. ආනන්තරික කර්ම යනු මනුෂ්‍යයෙකුට මෙලොව කළ හැකි ඉතා දරුණු ක්‍රියා වේ.
* බුදුන් වහන්සේට පහර දීම සඳහා ඇතෙකු පෙළඹවීම. ඇතා වෙත මෛත්‍රිය පතුරුවා ඇතා මෙල්ල කිරීමට බුදුන් වහන්සේට හැකි විය.
සූත්‍ර පිටකයට අනුව බුදුන් වහන්සේ මැරවීමට කිහිප වතාවක් උත්සාහ කිරීමෙන් අනතුරුව දේවදත්ත සංඝ ප්‍රජාව භේද කොට ඔහුගේම නිකායක් පිහිටුවා ගත්තේය. (සංඝ භේදය ද ආනන්තරිය කර්මවලින් එකකි.) ඔහු විසින් නිර්මාණය කළ නව නිකායෙහි නායකයා වීමට උත්සාහ දරමින් ඔහු සංඝයා වහන්සේ උදෙසා අමතර එහෙත් දැඩි ශික්ෂා පහක් පැනවූයේය. මෙම ශික්ෂාවන්ට බුදුන් වහන්සේ අවසර නොදෙන බව ඔහු දැන සිටියේය. එම ශික්ෂා ඉදිරිපත් කිරීමත් බුදුන් වහන්සේ ඒවාට අවසර නොදීමත් ගැන දේවදත්ත තර්ක කළේය. දේවදත්ත කියා සිටියේ ඔහුට මෙම ශික්ෂාවන් පිළිපැදීමට හැකි බවත් එයින් ඔහු නිර්මල සුපිරිසිදු භික්ෂුවක් වන බවත්ය. එම ශික්ෂාවලින් එකක් වූයේ බෞද්ධ භික්ෂුවක විසින් එළවළු පමණක් ආහාරයට ගත යුතුය යන්නයි.
එක් සූත්‍රයක බිම්බිසාර රජු මරවා සිහසුනට පත් වීමට අජාතසත්තු කුමරු පොලඹවා ගත්තේ යයි දේවදත්ත ගැන කීමේදී සඳහන් වේ. අජාතසත්තු එම උපදෙස් පිළිගත්තේය. මෙම ක්‍රියාව (තම පියා ඝාතනය තවත් ආනන්තරික කර්මයන්ගෙන් එකකි) හේතුවෙන් පසු කලෙක බුදුන්ගෙන් බණ ඇසීමෙන් පසුව වුවද ඔහුට නිවන් අවබෝධකර ගැනීමට නොහැකි විය.
දේවද්ත ගැන බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන්නේ ආනන්තරික කර්මවලින් තුනක් කළ එකම පුද්ගලයා වශයෙනි.
මරණය. පොළව විවර වී දේවදත්ත අවීචි නරකාදිය වෙත ගෙන යාම.
සංඝ භේදය කිරීමෙන් පසු තමන් කෙරේ තිබූ ජනප්‍රියතාවය සහ ගෞරවය අහිමි වීම නිසා නැවතත් බුදුන් වහන්සේ ඒ වන විට වැඩ සිටි ආරාමයට දේවදත්ත එන ගමනේදී ඔහු විසින් කරන ලද කර්ම ඵල දී පොළව විවර වී ඔහු අවීචි මහ නරකාදියට ඇද වැටුණේය.
Devadatta drawn into hell.jpgතවත් විස්තරවලින් කියැවෙන්නේ දේවදත්තගේ අවසාන කාලයේදී ඔහු විසින් කරන ලද මහත් අකුසල හේතුවෙන් මහත් සේ පසු තැවිලි වී බුදුන් වහන්සේ කරා නැවත පැමිණ තෙරුවන් සරණ ගිය බවත් ඉන් ටික කලකට පසු කාල ක්‍රියා කළ බවත්ය. ඔහු විසින් කරන ලද බරපතල අකුශල කර්ම නිසා අවුරුදු ලක්ෂ ගණනක් ඔහුට අවීචි මහා නරකාදියෙහි දුක් විඳින්නට සිදු වේ. එහෙත් ඔහු මෙම අකුශල කර්ම කරන්නට ‍පෙර කළ එක්තරා කුසල කර්මයක් හේතුවෙන් පච්චේක (බුදු) වරයෙකු වශයෙන් දෙව්ලොවකට ප්‍රවිෂ්ට වන බවද කියා ඇත.
දේවදත්ත මහායාන ඉගැන්වීම් තුළ:
මහායාන සම්ප්‍රදායෙහි පද්ම සූත්‍රයෙහි දේවදත්ත පවා නියම කාලයේදී නිවන් අව‍බෝධ කර ගත් බවත් මෛත්‍රී සහගත පුද්ගලයෙකු වූ බවත් බුදුන් වහන්සේ ප්‍රකාශ කළ බව සඳහන් වේ. මෙම ප්‍රකාශයෙන් ඇඟවෙන්නේ සෑහෙන කාලයක් ලැබුනහොත් ඔනෑම නරක පුද්ගයෛකුට ඔහු විසින් කරන ලද පාපකර්ම සැලකිල්ලට නොගෙන බුද්ධත්වයට පත් වීමට අවස්ථාව තිබෙන බවයි.



27 Sept 2011

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීම

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීම

සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම් කළ හැකි අවස්‌ථා 
1. විශ්‍රාම ගැනීමේදී – පුරුෂයකු නම් වයස අවුරුදු 55 සහ කාන්තාවක නම් වයස අවුරුදු 50 සම්පූර්ණ වී සේවයෙන් විශ්‍රාම යාමෙන් පසු ප්‍රතිලාභ ඉල්ලුම් කළ හැකිය. මෙහිදී ළඟම පිහිටි කම්කරු කාර්යාලයෙන් ලබාගත් “කේ” ආකෘති පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කොට එහි ෂෂ කොටස අවසානයට සේවය කරන ලද ආයතනය මඟින් සහතික කර “බී” කාඩ්පත සහ උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා ඡායා පිටපතක්‌ ද සමඟ කම්කරු කාර්යාලයට භාරදෙන්න.
2. විවාහ හේතු මත සේවයෙන් ඉවත් වූ විට – සේවයෙන් ඉවත් වී මාස 03 ක්‌ ගතවීමට පෙර විවාහ වී ඇත්නම් හෝ විවාහ වී අවුරුදු 05 ක්‌ ගතවීමට ප්‍රථම සේවයෙන් ඉවත් වී ඇත්නම් එම කාන්තාවන්ට මේ යටතේ ප්‍රතිලාභ ඉල්ලුම් කළ හැකිය. එහිදී නිසි පරිදි සම්පූර්ණ කළ “කේ” ආකෘති පත්‍රය “බී” කාඩ්පත, උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා ඡායා පිටපතක්‌, විවාහ ලියාපදිංචි කරන ලද විවාහ ලේකම් විසින් සත්‍ය පිටපතක්‌ බවට සහතික කරන ලද විවාහ සහතිකයේ පිටපතක්‌ හෝ අතිරේක දිස්‌ත්‍රික්‌ රෙජිස්‌ට්‍රාර් විසින් නිකුත් කරන විවාහ සහතිකය සහ විවාහය සිදුවී ඇති බවට ප්‍රාදේශීය ලේකම් විසින් අනු අත්සන් කරන ලද ග්‍රාම නිලධාරි විසින් නිකුත් කරනු ලබන සහතිකයක්‌ ඉදිරිපත් කිරීමට සිදුවේ.
3. නැවතත් රැකියාවක්‌ කිරීමට නොහැකි වන ලෙස රෝගී වී එය කම්කරු කොමසාරිස්‌වරයා විසින් නිර්දේශ කළ වෛද්‍ය මණ්‌ඩලයක තහවුරු මත සේවයෙන් ඉවත් වූ විට – මෙහිදී සේවයේ තවදුරටත් යෙදිය නොහැකි බවට රජයේ ආරෝග්‍ය ශාලාවක වෛද්‍යවරයකුගෙන් “සෞඛ්‍ය 307″ පෝරමය මඟින් නිකුත් කරන සහතිකයක්‌ කම්කරු කොමසාරිස්‌වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් “එච්” පෝරමයක්‌ ලබාගත හැක.
4. එතෙර පදිංචිය සඳහා ස්‌ථිර වීසා බලපත් ලබා විදේශ රටකට පදිංචියට යැමේදී – නිසි පරිදි සම්පූර්ණ කළ “කේ” ආකෘති පත්‍රය “බී” කාඩ්පත, ස්‌ථිර වීසා බලපත්‍රය හා එහි ඡායා පිටපතක්‌ සහ ගමන් බලපත්‍රයේ මුල් පිටපත හා ඡායා පිටපතක්‌ කම්කරු කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය.
5. පෞද්ගලික අංශයේ රැකියාවෙන් ඉවත්ව රජයේ හෝ පළාත් පාලන සේවයේ හෝ ස්‌ථිර විශ්‍රාම වැටුප් සහිත රැකියාවකට යැමේදී – නිසි පරිදි සම්පූර්ණ කළ “කේ” ආකෘති පත්‍රය, “බී” කාඩ්පත, ස්‌ථිර වීසා බලපත්‍රය හා එහි ඡායා පිටපතක්‌ සහ පත්වීමේ ලිපිය මුල් පිටපත ඡායා පිටපතක්‌ ද ඉදිරිපත් කළ යුතුය.
6. රාජ්‍ය ව්‍යාපාරයන් සංස්‌ථාවන් බවට පත් කිරීම, සංස්‌ථාව වසා දැමීම, අතිරික්‌ත සේවකයන් ඉවත් කිරීම, ජනතාකරණය කිරීම, සමාගමක්‌ කිරීම නිසා සේවයෙන් ඉවත්වීම යන අවස්‌ථාවන්වලදී – මෙහිදී එම තත්ත්වය පැහැදිලි වන අයුරින් නිසි බලධාරියා, ඇපකරු හෝ පිරිස්‌ කළමනාකරු වෙතින් ලබාගත් ලිපියක්‌, නිසි පරිදි සම්පූර්ණ කළ “කේ” ආකෘති පත්‍රය සහ “බී” කාඩ්පත ඉදිරිපත් කළ යුතුය.
ප්‍රතිලාභ අයදුම්පත ඉදිරිපත් කළ පසු ප්‍රතිලාභ ගෙවීම දක්‌වා කාර්යභාරය -
* ඔබේ අයදුම්පතේ සඳහන් විස්‌තර කම්කරු දෙපාර්තමේන්තුව මඟින් තම ලේඛන සමඟ පරීක්‍ෂා කරනු ලැබේ.
* අයදුම්පතේ ඇති විස්‌තර තමන් වෙත ඇති ලේඛන හා නොගැලපේ නම් එම දෝෂය සඳහන් ලිපියක්‌ සමඟ අයදුම්පත නැවත සාමාජිකයා වෙත යවනු ලැබේ.
* අයදුම්පතේ සඳහන් විස්‌තර අදාළ ලෙAඛන සමඟ සැසඳේ නම් ප්‍රතිලාභ ගෙවන ලෙස දන්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තීරණ ලිපියක්‌ නිකුත් කරනු ලැබේ. “කේ” ආකෘති පත්‍රය කම්කරු කාර්යාලය වෙත භාර දෙන අවස්‌ථාවේදී ලබාදෙන සාමාජික තොරතුරු සමඟ තම ජංගම දුරකථන අංකය ලබා දෙන සාමාජිකයන්ට තීරණ ලිපි අංකය සඳහන් කොට කෙටි පණිවිඩයක්‌ යොමු කරනු ලැබේ.
* එම තීරණ ලිපියේ දැක්‌වෙන විස්‌තර මහ බැංකුව විසින් පරීක්‍ෂාවට ලක්‌කොට මහ බැංකුවේ වාර්තා හා ගැලපේ නම් ගෙවීම් කිරීමට කටයුතු කරනු ලැබේ.
මියගිය සාමාජිකයෙකුගේ ප්‍රතිලාභ ලබා ගන්නා අයුරු 
මියගිය සාමාජිකයා විසින් පසු උරුමකරුවෙකු නම් කර ඇතොත් නම් කළ අයට ප්‍රතිලාභ ලබා ගැනීමට හිමිකම් ඇත. එසේ පසු උරුමකරුවෙකු නම් කිරීමක්‌ මියගිය සාමාජිකයා විසින් කර නොමැති විට දේපළ උරුම නීතිය යටතේ උරුමකරුවන්ට ප්‍රතිලාභ සඳහා ඉල්ලුම් කළ හැකිය. ඒ සඳහා ප්‍රතිලාභ ඉල්ලුම් කරන්නන් සියලු දෙනාම “එල්” පෝරමය බැගින් සම්පූර්ණ කර අදාළ මියගිය සාමාජිකයාගේ අවසාන සේවා යෝජකයා ලවා සහතික කර පහත සඳහන් ලේඛනද සමඟ කම්කරු කොමසාරිස්‌වරයා වෙත ඉල්ලීමක්‌ කළ යුතුය. එහිදී සාමාජිකයාගේ මරණ සහතිකය, භාර්යාව අයදුම් කරන්නාගේ නම් විවාහ සහතිකය, දරුවන් සිටී නම් ඔවුන්ගේ උප්පැන්න සහතිකය, දෙමාපියන් අයදුම් කරන්නේ නම් සාමාජිකයාගේ උප්පැන්න සහතිකය, බාල වයස්‌කරුවන් සඳහා භාරකරු පිළිබඳ විස්‌තර සහිත “එල්/3″ පෝරමය සහ මියගිය සාමාජිකයාගේ පුද්ගල විස්‌තර ඇතුළත් “එල්/2″ පෝරමය ග්‍රාම නිලධාරි හා ප්‍රාදේශීය ලේකම් ලවා සහතික කළ යුතුය.
නිවාස ණය ලබාගත් සාමාජිකයෙකු ප්‍රතිලාභ ඉල්ලීමේ දී ක්‍රියා කළ යුතු පිළිවෙළ 
* නිවාස ණයක්‌ ඉල්ලුම් කර ඇති නමුත් එය ලබාගෙන නොමැති අවස්‌ථාවලදී -
* ණය දෙන ආයතනය වෙත ඉදිරිපත් කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති ශේෂ සහතිකයේ පිටපත් දෙකකින් යුක්‌තව “කේ” අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතුය.
* ලබාගත් නිවාස ණය ආපසු ගෙවා ඇති විට – ප්‍රතිලාභ ඉල්ලුම් කරන අවස්‌ථාව වන විට තමන් ලබාගත් ණය මුදල සම්පූර්ණයෙන් ගෙවා නිමාකර තිබේ නම් “නිවාස ණය ආකෘති 14″ පිටපත් 04 ක්‌ නිසි ලෙස සම්පූර්ණ කොට “කේ” අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතුය.
* ලබාගත් නිවාස ණය මුදලෙන් තවත් කොටසක්‌ ගෙවීමට ඉතිරිව ඇති විට මෙහිදී “නිවාස ණය ආකෘති අංක 14″ පෝරමය පිටපත් 04 කින් යුතුව පුරවා, අදාළ ණය දෙන ආයතනයෙන් සහ ප්‍රදේශයේ සහකාර කම්කරු කොමසාරිස්‌ ලවා සහතික කර ගෙන “කේ” අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතු වේ.
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික නම් සංශෝධනය කිරීම - 
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් ලියාපදිංචි කරනු ලබන්නේ Aලඊල්‍යල වාර්තා සම්පූර්ණ කිරීමෙන් වන අතර, ශ්‍රී ලංකා මහ බැංකව පවත්වාගෙන යන සාමාජික ගිණුම් ආරම්භ කරන්නේ අදාළ සාමාජිකයන් වෙනුවෙන් දායක මුදල් විස්‌තර ඉදිරිපත් කරන සී/සී 3 වාර්තාවල සේව්‍යයන් සඳහන් කරනු ලබන සාමාජික නම්වලිනි. මෙම වාර්තාවල සාමාජිකයන්ගේ නම් වැරදියට හා අසම්පූර්ණව සඳහන් කිරීම නිසා නිරන්තරයෙන් සාමාජිකයන්ගේ නම් සංශෝධනය කරමින් නිවැරදි කිරීමට සේවක අර්ථසාධක අරමුදලට සිදුව තිබේ.
සාමාජික ගිණුමක නම් වැරදියට සඳහන් වී ඇත්නම් එය නිවැරදිව කිරීම - 
මෙහිදී සාමාජිකයාගේ “බී” කාඩ්පතේ සහ ජාතික හැඳුනුම්පතේ සේව්‍යයා සහතික කළ ඡායා පිටපතක්‌ සමඟ අදාළ සාමාජික ගිණුම් අංකය යටතේ දායක මුදල් එවා ඇත්තේ සංශෝධනය සඳහා ඉල්ලුම් කරන නම අයත් සාමාජිකයා වෙනුවෙන් පමණක්‌ බවත් වැරදි නම හා නිවැරදි නම යන නම් දෙකින්ම හඳුන්වන්නේ එකම පුද්ගලයකු බවත් සහතික කරමින් නිවැරදි නම සඳහන් කර එම නමට සාමාජික ගිණුමේ නම සංශෝධනය කරන ලෙස ඉල්ලීමක්‌ අදාළ සේවායතනය මඟින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කළ යුතු වේ. මෙහිදී ජාතික හැඳුනුම්පතේ සංශෝධනයක්‌ නිසා හෝ උප්පැන්න සහතිකයේ සිදුකළ සංශෝධනයක්‌ නිසා සිදුවන නම් සංශෝධනයක්‌ නම් එම සංශෝධනය සනාථ කරමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්‌ විසින් නිකුත් කළ ලිපියේ හෝ අදාළ සංශෝධනය සහිතව නිකුත් කළ උප්පැන්න සහතිකයේ, සේවායතනය සහතික කළ පිටපතක්‌ සාක්‍ෂි වශයෙන් ඉදිරිපත් කළ යුතු වේ.
සේවක අර්ථසාධක අරමුදල තුළින් කාර්යක්‍ෂම සේවාවක්‌ සාමාජිකයන් වෙත ලබාදීම සඳහා සාමාජික ඔබගේ තොරතුරු නිරවද්‍යව පවත්වා ගැනීම සිදුකළ යුතුමය. මේ සඳහා සාමාජික ඔබගේත්, සේව්‍ය ආයතනවලත් ක්‍රියාශීලී සහයෝගය අත්‍යවශ්‍ය බවද සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂ ස්‌තුතිය – ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් අධිකාරි රූපා ධීරසිංහ මහත්මියට.
- ශ්‍යාම් නුවන් ගනේවත්ත
දිවයින පුවත්පතේ 05.09.2011 දින පළවූ ලිපියකි

25 Sept 2011

ඔබ ආකර්ෂණීය පුද්ගලයෙක්‌ද?



ආකර්ෂණීය භාවය යනු කාන්තාවන්ට පමණක්‌ සුවිශේෂ වූ කරුණක්‌ නොවේ. පෞරුෂය සම්පන්න ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම අත්‍යවශ්‍ය වූ තවත් අංගයකි. ආකර්ෂණීයත්වය. මෙය බාහිර සුන්දරත්වයට පමණක්‌ සීමාවුවක්‌ නොවේ. ඔබගේ ආකර්ෂණීයත්වය අභ්‍යන්තර හා බාහිර යන දෙපාර්ශවයෙන් පිළිබිඹු වෙයි. ආකර්ෂණියත්වය ලබාගැනීම සඳහා සෑම දෙනා ම වාසනාවන්ත නොවුවත් පෞරුෂය සම්පන්න ඔබට ආකර්ෂණීයත්වය අතිශය වැදගත් වේ. මන්ද යත් මෙම ආකර්ෂණීයත්වය නිසා ඔබ වටා එක්‌රොක්‌වන පිරිස වර්ධනය කරගැනීමට ඔවුන් අතර ඇති සහ සම්බන්ධතා නිසා ඔබගේ දිවියේ සාර්ථකත්වයට ඇති රුකුල නිසාය. ඔබ තුළ මෙම ආකර්ෂණියත්වය වර්ධනය කරගැනීමට ඔබ අභ්‍යන්තර හා බාහිර වශයෙන් කුමක්‌ කළ යුතුදැයි විමසා බලමු.

 
 
ඔබගේ ආත්ම විශ්වාසය වඩාත් වර්ධනය කරගන්න. ඔබ ඔබට ආදරය නොකරන්නේ නම් ඔබගේ ඇතුළත සුන්දරත්වය පිටතට නොපෙනෙනු ඇත. ඔබගේ බාහිර පෙනුම කොතරම් සුන්දර වුවත් ඔබ සතුව ආත්ම විශ්වාසය නොමැති නම් එම සුන්දර රුව අන් අයට අසුන්දර දසුනක්‌ වනු ඇත.

ඔබ අන් අය ඉදිරියේ මවා පෑම් හෝ රඟදැක්‌වීම් නොකරන්න. සෑම විටම ඔබ ඔබට සුවපහසු ආකාරයෙන් ගතකරන්න. එවිට ඔබගේ නිර්ව්‍යාජත්වය කෙරෙහි අන් අය ආකර්ෂණය වනු ඇත.

ඔබගේ ශාරිරික හා මානසික සෞඛ්‍ය හරියාකාරව පවත්වාගෙන යාම කෙරෙහි දැඩි අවධානයක්‌ යොමු කරන්න. සමබල ආහාරවේලක්‌ සුව නින්දක්‌, නිසි ව්‍යායාම් කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න. එය ඔබගේ එදිනෙදා දිවිය ජව සම්පන්න කරන අතර අන් අයගේ ආකර්ෂණය ලබාගැනීම කෙරෙහිද මනා දායකත්වයක්‌ සපයයි.

ඔබගේ මුහුණේ සහ සමෙහි ඇති ආසාදන, ලප කැළැල් අවම කරගැනීමට වෙහෙසෙන්න. පැහැදිලි සම ඔබගේ පෞරුෂය වඩ වඩා ඔබ නංවයි.

ඔබ කොතැනක කුමන අවස්‌ථාවකට සහභාගී වුවත් එයට ගැලපෙන පිරිසිදු ඇඳුම් පැළඳුම්වලින් සැරසෙන්න.

උඩඟු බව හෝ අහංකාර කම අන් අයගේ ආකර්ෂණය ඔබගේ ඉවතට ගෙනයන හෙයින් ඔබ ඔබගේ නිහතමානි බව අගයන්න.

සෑම විටම සිනහව මුව දරා සිටින්න. එසේම අන් අය සමඟ සුහදව කතාබස්‌ කරන්න. එසේම ඔබ අන් අයගේ ආකර්ෂණය බලාපොරොත්තුවෙන් වැරදි මඟ නොයන්න. ඔබට ලැබෙන ආකර්ෂණ යහපත් අයුරින් ලබාගැනීමට වග බලාගැනීම පෞරුෂ සම්පන්න ඔබ සතුව පවතින වගකීමක්‌ බව සිහිතබා ගන්න.