23 Sept 2012

රැකියාවට නැතිවම බැරි යහගති


ජීවිතය එක තැන පල් වෙන ජලාශයක තත්ත්වයට පත්කර ගැනීමට කවුරුත් කැමැති නැහැ. එහෙත් වැඩි දෙනා නොදැනුවත්වම එම තත්ත්වයට පත්වී සිටිනවා. එවැනි ජීවිතයකට හිමිකම් කියන්නන්ට සාර්ථකත්වය ළඟා කර ගත නොහැකි ඉලක්කයක්. ගෘහ ජීවිතය වාගේම වෘත්තීය ජීවිතයත් සාර්ථකව පවත්වා ගෙන යන්නට පුරුදු පුහුණු කරගත යුතු යහ ගති ගුණ රාශියක් තිබෙනවා. පහතින් දැක් වෙන්නේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට නැතිවම බාරි කරුණු කිහිපයක්.

* කාලයත් සමග අලුත් වෙන්න. තමන්ට අදාළ අංශයෙහි අලුතින් සිදුවෙන දේ ගැන නිරතුරු දැනුවත් වන්න. ප‍්‍රවීණයන් සමග, මිතුරන් සමග, සමකාලීනයන් සමග දැනුම බෙදා ගන්න. 

* අලුත් දේ ඉගෙන ගන්න තමන් නිරත වී සිටින කාර්යයෙහි පමණක් නොව වෙනත් අංශ ගැන දැනුම වැඩි දියුණු කර ගැනීමට නිරතුරුවම උත්සාහ කරන්න. ගමන් බිමන් යාමේදී ගත වෙන කාලයේදී කිසියම් ඉගෙනීම් කටයුත්තක යෙදෙන්න.

* හොඳ සම්බන්ධීකරණයක් ලිවීමේ, කතා කිරීමේ හැකියාව ද රැකියාවේ සාර්ථකත්වයට තදින්ම බලපායි. රැස්වීම් ආදියට උනන්දු වෙන් සහභාගි වෙන්න. රැස්වීම්වලදී පවත් වන කතා හැකිනම් පටිගතකර තම කතාවෙහි ඇති දුර්වලතා හඳුනා ගන්න.

* අලුත් යෝජනා අලුත් අදහස් ඉදිරිපත් කරන්න ප‍්‍රයෝජනවත් යෝජනා සිතෙහි සිර කර නොගෙන ඒවා ඉදිරිපත් කරන්න. ඔබේ යෝජනාවලටත් ආයතනයේ ඉඩක් ලැබේවි. එක්වරම අදහස්, යෝජනාවලට පිළිගැනීමක් නොලැබුණත් කෙදිනක හෝ අවස්ථාවක් ලැබෙන්නට පුළුවන්. වටිනා අදහස් අමතක වෙනවාට පොතක ලියා ගන්න.  යමක් පවසන විට බුද්ධිමත්ව කතා කරන්න. ප‍්‍රධානියාට විරෝධතාවයක් දක්වන විට ප‍්‍රසිද්ධියේ එය නොපවසා පෞද්ගලිකව පවසන්න. වෙනත් අය සිටින තැනකදී විරෝධතාවය පළ කිරීම නිසා ප‍්‍රධානියාගේ ප‍්‍රතිරූපයට හානි සිදුවෙයි. ප‍්‍රධානියකු සමග කතා කිරීමට යා යුත්තේ කතා කරන කරුණ ගැන හොඳ අවබෝධයක් ඇතිවයි. ප‍්‍රධානියාගේ වටිනා කාලය අනවශ්‍ය කතා බහෙන් උදුරා නොගන්න.

* වැරැදි පිළිගන්න තමන් අතින් වරදක් සිදුවුණු විට එය ප‍්‍රධානියා පෙන්වන තුරු බලා නොසිටින්න. තමන් කර ඇත්තේ නිවැරැදි කර ගත නොහැකි වරදක් නම් මතු අනාගතයේ එම වරද සිදු නොකිරීමට වග බලා ගන්න. සාමූහිකත්වය ද වෘත්තීය සාර්ථකත්වයට නැතිවම බැරි අංගයකි. සුබවාදී සිතුවිලි ජීවිතයේ කොටසක් බවට පත් කරන්න. පැවසිය යුතු දේ පැවසීමට තරම් ආත්ම ශක්තියක් ඇත්තේ සුබ වාදී සිතුවිලි ඇති අයටයි.
වැදගත් අවස්ථාවන්ට තද පැහැ ඇඳුම් කෙනකු දුටු සැනින් ඔහු / ඇය ගැන නිගමනයකට එළඹීමට පෙනුම,සිරුරෙන් කෙරෙන කතා බහ ( බොඩි ලැන්ග්වේජ්) කට හඬෙහි ස්වභාවය, කරන කතා බහ තදින්ම බලපායි.තැනට ඔබින ලෙස කතා බහ කරන, කොණ්ඩා සැකසුම, ඇඳුම් පැලඳුම්, හොඳින් ගැළපෙන්නට අඳින අය නිතරම කොතැන ගියත් කැපී පෙනෙයි. විශේෂයෙන් කාර්යාලයෙන් පිටත දී කාර්යාල වැඩකට වෙනත් අයකු හමුවිමේදී වඩාත් හොඳ පෙනුමකින් යාමට වග බලා ගත යුතුයි. දුඹුරු, අළු, නේවි ( කළු නිල් ) හා කළු රැකියා ස්ථානයට අඳින ඇඳුම් කට්ටල අතරේ අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. තරමක විශාල බෑගයක් රැගෙන යාමෙන් අවශ්‍ය සියල්ල එහි දැමීමට හැකිවේවි. තද පැහැ ඇඳුම් කෙනකුගේ ප‍්‍රතිරූපය සවිමත් කරයි. ෆෙමිනා ඇසුරිනි

CFL විදුලි බුබුළු භාවිතය ගැන...

CFL විදුලි බුබුළු භාවිතය ගැන නැවත සිතා බැලීම පිළිබදව ලියවුන වටිනා ලිපියක්.....,

CFL බල්බයක් කාමරයක් තුළ දී බිඳී ගියොත්, එක් බල්බයක් තුළ ඇති රසදිය ප‍්‍රමාණය, යම් පුද්ගලයෙකු නිරාවරණය විය හැකි අනතුරු දායක නො වන රසදිය මට්ටම මෙන් (ඇමරිකානු පාරිසරික ඒජන්සිය -EPA විසින් අනුමත) 300 ගුණයක රසදිය වාෂ්ප හා කුඩු ප‍්‍රමාණයක් බව සොයා ගෙන ඇත.

ගරයේ පළාත් පාලන ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන කසළ ප‍්‍රතිචක‍්‍රීකරණ මධ්‍යස්ථානය තුළ ගොඩ ගසා ඇති කුණු ගොඬේ භාවිත කර ඉවත් කළ, CFL බල්බ් විශාල සංඛ්‍යාවක් විය. මේ කුණුගොඩ සමඟ දවස ගෙවන කම්කරු මහතුන්ගෙන් මෙම CFL බල්බවලට කුමක් කරන්නේ දැයි විමසූ විට ඔවුන් කියා සිටියේ කරන්න දෙයක් තමන් නො දන්නා බැවින් තැන් තැන්වල ගොඩ ගසා තබන බවයි. එවිට මා හට සිහි වූයේ මාගේ නිවසේ මුල්ලක පෙට්ටියක දමා එවැනි ඉවත් කළ CFL බල්බ දහයක් පහළොවක් පමණ ඇති බවයි. ඒවාට කරන දෙයක් මම ද නො දනිමි.

කියුබානු වැසියෙකු තම කාමරයේ දැවී ගිය CFL බල්බයක් එය සිසිල් වන්නට පළමු නො සැලකිල්ලෙන් ඉවත් කරන්නට යාමේ දී රත් වී තිබූ බල්බය බිම වැටී පුපුරා ගිය අතර, බල්බයේ තිබුණු රසදිය වාෂ්පය තැවරී තිබුණු වීදුරු කැබැල්ලකට ඔහුගේ පාදයක් කැපිණ. අනතුරු ව රෝහල් ගත කෙරුණූ ඔහු හට සති කිහිපයක් ම යන තෙක් දැඩි සත්කාර ඒකකයේ තබා ප‍්‍රතිකාර කරන්නට සිදු වූ අතර, ඉනුත් මාස ගණනාවක් යන තෙක්ම මේ අසරණයාගේ පාදයේ ඇති වී තිබුණු තුවාලයෙන් මස් කුණු වී, දිය වී යන්නට වූයෙන් දීර්ඝ කාලයක් යන තෙක් ඔහුට රෝහලේ සිටින්නට සිදු විය.

බලශක්ති සංරක්ෂණය කර ගැනීමේ, විදුලි බිල ඉතිරි කර ගැනීමේ සහ පරිසර හිතකාමී හරිත නිෂ්පාදනයක් ලෙස මෙම CFL බල්බ ලොව පුරා ප‍්‍රචලිත වෙමින් පවතින අතර, ලොව ඇතැම් රටවල් සාම්ප‍්‍රදායික බල්බ භාවිත කිරීම තහනම් කරමින්, CFL බල්බ භාවිතය අනිවාර්යය කරමින් නීති රෙගුලාසි පණවමින් ද සිටී.
වසරින් වසර නිවෙස් තුළ, කුණුගොඩන් තුළ, පාරේ තොටේ, ගංගා ඇළ දොළවල් තුළ එකතු වෙන භාවිත කර ඉවත් කළ CFL බල්බවලට කළ යුතු දේ, නො එසේ නම් ඒවා පරිසර හිතකාමී ලෙස බැහැර කරන්නේ කෙසේ දැයි ඒවා අළෙවි කරන්නන් (මෙම බල්බ හරියට ම වගකීමේ කාලය ඉක්ම ගිය වහාම දැවී යන ලෙස නිෂ්පාදනය කරන්නට වග බලා ගත්ත ද) හෝ කිසිදු බලධාරියෙකු අපට කියා නො දෙන බැවින් වත්මන් සමාජය මදි නො කියන්න අත්විඳින පාරිසරික හා සෞඛ්‍ය ගැටලූවලට අමතරව තවත් ගැටලූවක් බවට පත් වන්නට පෙරාතුව මේ පිළිබඳව අවධානය යොමු කිරීම මැනවැයි සිතමි.

CFL බල්බයකින් ජලය ගැලූම් 6,000ක් විස බවට පත් කරයි.

ලංකාවේ භාවිත කර ඉවත දමන සියලූ ම CFL බල්බ අවසානයේ දී මහ පොළොවට, ජල මූලාශ‍්‍රවලට එකතු වන අතර, සාමාන්‍යයෙන් වසරකට ලෝකය පුරා මිලියන 900ක් පමණ මෙසේ CFL බල්බ අක‍්‍රමවත්ව බැහැර කරණු ලබන බව සොයාගෙන ඇත.

* මෙසේ බැහැර කරන එක් CFL බල්බයක ‘රසදිය’ මිලි ග‍්‍රෑම් 5ක් පමණ ඇතැයි ගණන් බලා ඇත. රසදිය වනාහි ඉතාම විෂ සහිත බැර ලෝහයක් වන අතර, එක් බල්බයක ඇති රසදිය ප‍්‍රමාණයෙන් ජලය ගැලූම් 6,000ක් දූෂණය කෙරෙන බව පරිසර විද්‍යාඥයින් ප‍්‍රකාශ කරනු ලබනවා.

* මෙවැනි බල්බ 5ක ඇති රසදිය ප‍්‍රමාණය ජලය ලීටර් 7,70,000ක් තුළ සිටින සියලූ ජලජ ජීවීන්ගේ පැවැත්ම අනතුරේ හෙළීමට ප‍්‍රමාණවත් වනු ඇත.

මෙසේ බැහැර කෙරෙන ‘රසදිය’ පරිසරයේ දී ‘මෙතිල් මර්කරි’ නමැති ජීවීන්ට අතිශයින් ම විෂ සහිත සංයෝගයක් බවට පත් වන අතර, මෙම ‘මෙතිල් මර්කරි’ පසට, ජලයට, ආහාර භෝගවලට අවශෝෂණය කෙරෙන අතර, සාමාන්‍යයෙන් මෙම සංයෝගය බොහෝ කාලයක් යන තුරු පරිසරයෙන් ඉවත් නො වී පවතිනු ඇත. අනෙක් අතට මෙම සංයෝගය ආහාර දාම හා ජාල ඔස්සේ සාන්ද්‍රණය වන බැවින් ආහාර දාමයේ ඉහළින් ම සිටින මාංශ භක්ෂකයින්ට පක්ෂීන්ට සහ විශේෂයෙන් මිනිසාට කරනු ලබන අනතුර ඉතා ම බරපතළ බව විද්‍යාඥයින් ප‍්‍රකාශ කරනු ලබනවා.

‘මෙතිල් මර්කරි’ වලින් වැඩුණු පුද්ගලයින්ගේ මොළය හා ස්නායු පද්ධතියට හානි පමුණුවන අතර, ළමුන් තුළ ඉගෙනීමේ අපහසුතා, වර්ධනයේ හා විකසනයේ සිදුවන ආපසු සකස් කළ නො හැකි ආබාධ ඇති විය හැකි බවත්, ගර්භනී මවුවරුන්ට හා ළදරුවන්ට කුඩා ප‍්‍රමාණයකින් වුව බරපතළ සෞඛ්‍ය ගැටලූ ඇති කළ හැකි බවත් ‘කාල්ටන්’ සරසවියේ රසායන විද්‍යා මහාචාර්ය ‘රොබර්ට් බර්ක්’ මහතා ප‍්‍රකාශ කර ඇත. ඇමරිකානු ජාතික විද්‍යා ඇකඩමියේ වාර්ථාවකට අනුව සෑම වසරක දී ම ඇමරිකානු දරුවන් 60,000ක් පමණ ඔවුන්ගේ මවුවරුන් ගර්භනී සමය තුළ දී මෙතිල් මර්කරි රසායනයේ බලපෑමට ලක්ව සංකූලතා සහිත ව ඉපදෙන බව පෙන්වා දී ඇත.

බිඳුණු CFL බල්බයකින් සිදුවන අනතුර
මෙම බල්බයක් කාමරයක් තුළ දී බිඳී ගියොත්, එක් බල්බයක් තුළ ඇති රසදිය ප‍්‍රමාණය, යම් පුද්ගලයෙකු නිරාවරණය විය හැකි අනතුරු දායක නො වන රසදිය මට්ටම මෙන් (ඇමරිකානු පාරිසරික ඒජන්සිය -EPA විසින් අනුමත) 300 ගුණයක රසදිය වාෂ්ප හා කුඩු ප‍්‍රමාණයක් බව සොයා ගෙන ඇත.

රසදිය වාෂ්පයට නිරාවරණය වීම, ඉතා ම බරපතළ සෞඛ්‍ය ආබාධවලට ලක් වන්නට සිදු වන කාරණාවක් වනු ඇත. මෙය නූපන් දරුවන්ට, ළමයින්ට, වියපත් අයට, දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන ඈයින්ට විශේෂයෙන් අවදානම් බවයි පැවසෙන්නේ. අනෙක් අතට කැඩුණු බල්බයකින් නිකුත් කෙරෙන රසදිය වාෂ්ප හා කුඩු ඔබේ කාමරය තුළ, ඇඳ ඇතිරිල්ල මත, කාපට් එක මත, අවුරුදු 20ක් පමණ රැඳී පැවතිය හැකි වීමෙන් මෙහි ඇති බරපතළකම සිතා ගත හැකි වනු ඇත.

මේ අනුව, එක් බල්බයක් ඔබේ කාමරය තුළ දී බිඳී යාම, එය හුදෙක් විදුලි බල්බයේ වටිනාකම අහිමි වීමක් පමණක් නො වන බව දැන් ඔබට වැටහෙනවා ඇති. අනාගත පරම්පරාවක දරුවන් මේ රසදියවලින් දූෂිත පරිසරයේ කාපට් මත, ඇඳ ඇතිරිළි මත කෙළි සෙල්ලන් කරනු ඇත. ඇමරිකානු පාරිසරික ඒජන්සිය එරට ජනයාට ලබා දෙන අවවාද අපට ද වැදගත් ය.

01. CFL බල්බ මාරු කරන විට දී, කිසි විටෙකත්, බල්බය රත්ව තිබෙන විට සිදු නො කරන්න. (රත් වූ බල්බ සිසිල් වූ බල්බයකට වඩා භයානක ය)

02. කාමරයක් තුළ දී CFL බල්බයක් කැඞී ගියහොත්, එම කාමරයේ සිටින සියලූ ම කුඩා දරුවන්, ගර්භනී මවව්වරු, ඇතුළු අවධානම් සහගත අය ව වහාම ඉවත් කරන්න. (රසදිය වාෂ්පයට නිරාවරණය වන්න එපා)

03. ඉන් අනතුරු ව සියලූ ම දොර ජනෙල් මිනිත්තු 15ක් පමණ විවෘත කර තබන්න.

04. කාමරයේ විදුලිපංකා ක‍්‍රියාත්මකව පවතිනවා නම්, ඒවායේ විදුලිය විසන්ධි කරන්න.

05. එක් වරක් භාවිත කර ඉවත් කරන අත් වැසුම් පැලඳ ඉතිරි කටු කැබලි ප‍්‍රවේශමෙන් ඉවත් කරන්න.
කාමරයේ ගෙබිම හා බිත්ති තෙත රෙදි කඩකින් හෝ තෙත පත්තර කඩදාසිවලින් පිස දමන්න.

06. එම කාමරයේ ඇති සියලූ ම ඇඳ ඇතිරිළි, රෙදි පිළි යළි භාවිත නො කර ඉවත් කරන්න.

07. සියලූ ම ඉවත් කළ ද්‍රව්‍ය සීල් කළ පොලිතීන් ඇසුරුමකට දමා ‘අන්තරාදායක කසළ’ ලෙස නම් කර පළාත් පාලන ආයතනයට භාර දෙන්න. (අපේ රටේ පළාත් පාලන ආයතන මඟින් එවැනි අන්තරාදායක කසළ වෙනම ම එකතු කිරීමක් සිදු නො කරන බැවින් මෙය අපට අදාළ නො වේ.)

CFL බල්බ දැල්වීමෙන් පියයුරු පිළිකා අවධානම ඉහළ යනවා ද?

CFL බල්බ දැල්වීමේ දී ඉන් නිකුත් කෙරෙන නිල් පැහැති, දීප්තිමත් ආලෝකය දිවා කාල ආලෝකයට තරමක් සමාන වන බැවින්, රාත‍්‍රී කාලයේ දී අපේ මොළයේ ‘පයිනියල්’ (Pineal) ග‍්‍රන්ථියෙන් නිකුත් කෙරෙන ‘මෙලටොනින්’ හෝමෝනය ශ‍්‍රාවය වීම අඩාල කෙරෙන බවත්, මෙම තත්ත්වය පියයුරු සහ පිරිමින්ගේ ප්‍රොස්ටේ‍්‍රට් ග‍්‍රන්ථියේ පිළිකා ඇති වීමට හේතු වන තත්ත්වයක් විය හැකි බවත්, මේ පිළිබඳ ව පර්යේෂණ කර ඇති ඊශ‍්‍රායලයේ හයිෆා සරසවියේ ජීව විද්‍යා මහාචාර්ය ‘ඒබ‍්‍රහම් හෙයිම්’ මහතා විසින් ප‍්‍රකාශ කර ඇත. කවර හෝ ආලෝක ප‍්‍රභවයක් තුළ රාත‍්‍රී වැඩ මුරවල නිරත වන හෙදියන්, හා වෙනත් සේවිකාවන් හට පියයුරු පිළිකා වැලඳීමේ අවධානම ඉහළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද පිළිගෙන ඇති අතර, ක්‍ත්‍ඛ බල්බ නිසා මෙම තත්ත්වය වඩා තීව‍්‍රර කෙරෙන්නේ දැයි සොයා බැලීමට තව දුරටත් පර්යේෂණ කළ යුතු බව විද්‍යාඥයින් ප‍්‍රකාශ කර ඇත.

අනෙක් අතට CFL බල්බ වැඩි වෙලාවක් දැල්වීමේ දී ‘විද්‍යුත් චුම්බක කිරණ’ සහ ‘ෆීනෝල්’, ‘නැප්තලීන්’, සහ ‘ස්ටයිරීන්’ වැනි රසායනික ද්‍රව්‍යයන් ද නිකුත් කෙරෙන බවත්, දීර්ඝ කාලයක් මෙම කිරණවලට සහ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම අනතුරුදායක විය හැකි බවත් විද්‍යාඥයින් අනතුරු අගවන අතර, CFL බල්බවලින් නිකුත් කෙරෙන ‘විද්‍යුත් චුම්භක කිරණ’ වලින් පිළිකා අර්බුද ඇති කරවිය හැකි දැයි සොයා බැලීමට තව දුරටත් පර්යේෂණ කළ යුතු බව විද්‍යාඥයින් ප‍්‍රකාශ කර සිටී. මේ පිළිබඳ ව අදහස් දක්වන විද්‍යාඥයින් අවධාරණය කර ඇත්තේ දීර්ඝ කාලයක් මෙම ආලෝකයට නිරාවරණය නො වී සිටීමත්, හිස අසලින් මෙම බල්බ නො දැල්වීමත්, විශේෂයෙන් පාඩම් කටයුතු සිදු කරන ළමුන් CFL බල්බ වෙනුවට සාමාන්‍ය බල්බ යෙදූ ‘ටේබල් ලෑම්ප්’ භාවිත කිරීමත් වඩා සුදුසු බව යි.

CFL බල්බ භාවිතය මුදල් ඉතිරි කරයි ද?

බොහෝ දෙනෙකු CFL බල්බ භාවිත කරන්නට පෙළඹී ඇත්තේ ඉන් බල ශක්තිය පිරිමසා ගත හැකි නිසා ය. එමෙන් ම ඒවා භාවිතයෙන් මුදල් ඉතිරි කර ගත හැකි වනු ඇතැයි පාරිභෝගිකයින් විශ්වාස කිරීමයි. CFL බල්බයක වර්තමාන මිල ගණන් අනුව (සාමාන්‍ය නිවසකට මෙම බල්බ 5ක් පමණ අවශ්‍ය වෙතැයි උපකල්පනය කළොත්,) එක් නිවසකට වර්ෂයකට රුපියල් 2,000ක් පමණ වැය වනු ඇත.
(මෙම බල්බ, වගකීමේ සහතිකයේ සඳහන් වන කාලය ඉක්ම ගිය වහාම දැවී යන ලෙස නිෂ්පාදනය කර ඇත.)

‘තෝමස් අල්වා එඩිසන්’ මහතා විසින් දැනට වසර 100කටත් පෙර නිෂ්පාදනය කර ඇති ලොව පළමු සාමාන්‍ය විදුලි බුබුළු තවමත් දැල්වෙන අතර, වැඩි වැඩියෙන් ලාභ ඉපැයීම තම ඒකායන පරමාර්ථය කර ගත්, වෙළඳපොළ බලවේග විසින් සූරා කනු ලබන්නේ අපගේ ආර්ථිකය පමණක් නො ව, සමස්ත පරිසරයත්, ජීවී හා මානව පැවැත්මත් බව අප මතක තබා ගත යුතු වේ.

මෙම බල්බ භාවිතයෙන් සාමාන්‍යයෙන් සියයට අසූවකින් පමණ විදුලි බිල අඩු කර ගත හැකි බව මේවා නිෂ්පාදනය කරන්නන් පවසන අතර, අප මතක තබා ගත යුතු තවත් වැදගත් කාරණාවක් වන්නේ එම සියයට අසූව කියන්නේ විදුලි බුබුළු දැල්වීමට වැය වන විදුලි බිල පමණක් බව ය. සාමාන්‍යයෙන් නිවසක විදුලි බුබුළු දැල්වීමට භාවිත කෙරෙන්නේ සමස්ත විදුලි පරිභෝජනයෙන් සියයට 5ක් වැනි ප‍්‍රමාණයක් වන අතර, අනවශ්‍ය ලෙස ඔබ රූපවාහිනිය නො බැලීමෙන්, ශීතකරණය නිසි ලෙස නඩත්තු කිරීමෙන්,
(උදාහරණයක් ලෙස ගතහොත් ඔබ දිනපතා ම අඩක් ගා ඉතිරි කළ පොල් බෑය ශීතකරණයේ තැබීමෙන් විදුලි ඒකක 6ක් 8ක් පමණ වැය කරනු ඇත.) විදුලිය නිසි කළමනාකරණයකින් සහ වගකීමකින් යුතු ව පරිභෝජනය කරන්නේ නම් වඩා වැඩි වාසියක් පරිසරයට සහ ඔබගේ සෞඛ්‍යට අත් කර ගැනීමට පිළිවන් වන බව සිහිපත් කළ යුතු ව ඇත.

ඇතැම් රටවල් CFL බල්බ භාවිතය සීමා කරමින් සිටී.
CFL බල්බ භාවිතයේ දී ඒවා අවදානම් සහගත ලෙස පරිහරණය නො කරනවා නම් සහ භාවිතයෙන් ඉවත් කළ බල්බ ප‍්‍රතිචකී‍්‍රකරණය කිරීම නිසි ලෙස සිදු කරනවා නම්, (මෙම බල්බ සියයට 95ක් පමණ සාර්ථකව ප‍්‍රතිචක‍්‍රීකරණය කරන්නට පිළිවන් වීම මෙහි ඇති වාසි සහගත තත්ත්වයක් බව විද්‍යාඥයෝ ප‍්‍රකාශ කරති.) මේවායේ ඇති අවධානම අවම කර ගත හැකි බවත් විද්‍යාඥයෝ ප‍්‍රකාශ කරති.

එහෙත්, එවැනි දේවල් සම්බන්ධයෙන් මෙම බල්බ නිෂ්පාදකයින් සහ ඒවා අළෙවි කෙරෙන රටවල බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ ඉතාම අල්ප වශයෙන් බව පැහැදිලි ය.

කෙසේ වෙතත් තම පුරවැසියන්ගේ සහ පරිසරයේ ආරක්ෂාව පිළිබඳ ව හිතන මතන රටවල් කිහිපයක අවධානය මෙම CFL බල්බ භාවිතය පිළිබඳ ව යොමු වී ඇත.

* නවසීලන්ත රජය සාම්ප‍්‍රදායික විදුලි බුබුළු භාවිතය තහනම් කරන්නට ගෙන තිබූ නීතිය ඉවත් කරවා ගෙන ඇත.

* ජර්මන් රජය විසින් එරට පොදු ස්ථාන, ආරෝග්‍ය ශාලා තුළ CFL බල්බ භාවිත කිරීම තහනම් කර ඇත.

* ඇමරිකාවේ කැරොලිනා ප‍්‍රාන්ත රජය CFL බල්බ භාවිත කිරීම සීමා කරන්නට නීති සකස් කර ඇත.

* සියලූ ම සංවර්ධිත රටවල CFL බල්බවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා, භාවිත කළ බල්බ පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමේ වගකීම ඒවා නිෂ්පාදනය කරන සමාගම්වලට ම පවරා ඇත.

CFL බල්බ භාවිත කරන ඔබත් මමත් ආරක්ෂිත ද?

CFL බල්බ නිෂ්පාදනයේ දී, ඇසිරීමේ දී, ප‍්‍රවාහනයේ දී, පරිහරණයේ දී, අවසාන බැහැරලීමේ දී මිනිසුන් සහ පරිසරය රසදියවලට නිරාවරණය වීම සම්පූර්ණයෙන් නො සලකා හුදු ලාභය පමණක් ඉලක්ක කරගෙන මේවා අළෙවි කිරීමට අපේ රටේ මේවා අළෙවි කරන්නන් කටයුතු කරන බව පැහැදිලි ය.

පූර්ණ තරගකාරී වෙළෙඳපොළ රටාව අපේ රටට පැමිණ දැන් බොහෝ කලක් ගෙවී ගොසින් ය. වෙළෙඳාමේ ආනුභාවයෙන් අපේ රටේ සෑම ගම්දනවුවකම තිබෙන පෙට්ටි කඩ පවා ලෝකයේ තිබෙන නා නා ප‍්‍රකාරයේ බඩු භාණ්ඩවලින් පිරී ගොසින් ඇත. එහෙත් ඒ බඩු භාණ්ඩ පිළිබඳ ව වන දැනුමෙන් අපේ රටේ මිනිසුන්ගේ මොළ පිරී ගියේ නැත. ලෝකයේ නිෂ්පාදනය කෙරෙන තුට්ටු දෙකේ කුණු කසළවලට අපේ රට කේන්ද්‍රස්ථානයක් බවට පත් වූව ද එම නවීන නිෂ්පාදනයන් හෝ කසළ පිළිබඳ ව වන දැනුමේ කේන්ද්‍රස්ථානය බවට අපේ රට පත් වූයේ නැත.

මොහොතක් හිතන්න. ඔබේ, ඔබේ දරුවාගේ, සමීපතමයින්ගේ ජීවිත ආරක්ෂා විය යුතු ය. එපමණක් ද නො ව, ඔබේ අසල්වාසීන්, මිතුරන්, අපේ ග‍්‍රහ ලෝකයත් ආරක්ෂා විය යුතු ය. ඔවුන් දැනටමත් භාවිතයෙන් ඉවත් කරන CFL බල්බ කුණුගොඩට, ගෙවත්තට, පාරට, කාණුවට, ගංගා ඇළදොළවලට දමමින් සිටිනවා ඇති. (අනෙකුත් කසළ දමන්නාක් මෙන්) එසේ කිරීමෙන්, බිඳී ගිය මෙම බල්බවල කටුවලට තුවාල කර ගනිමින් සිටිනවා විය හැකි ය.

එබැවින් ඔබ මෙම ලිපිය කියවීමෙන් ලද කරුණු ඔවුන්ටත් කියා දෙන්න. දේශපාලනඥයින් හෝ ව්‍යාපාරිකයින් අප වෙනුවෙන් තීරණ ගනිතැයි අපේක්ෂා කළ නො හැකි ය. කල් ඇතිව පරිස්සන් වීමටත්, පරිභෝජනයට උචිත, අනුචිත දේ තෝරා ගැනීමටත් අපට පුළුවන. අනතුරක් ඇති වන්නට පෙර සූදානම ඇඟට ගුණ ය.

3 Sept 2012

ඉපදුණ මාසේ ... හැටියට වාසේ ...!


ගතිගුණ ගැන අනාවැකි කියන තවත් ක්‍රමයක්.

ඔයා ඉපදුණේ January වල නම්,
ඔයා මාර serious කෙනෙක්. ඔයා හරිම කැමතියි මහන්සි වෙලා වැඩ කරන්න. ඔයා හරිම බුද්ධිමත්, පිළිවෙළට වැඩ කරන බොහොම සංවිධානාත්මක කෙනෙක්. ඒ වගේම ගොඩක් දුර හිතනවා, හරිම සංවේදියි, පුංචි ළමයෙක් දැක්කොත් වඩා ගන්නවා, ඒ තරම් පුංචි ළමයින්ට ආදරෙයි. හැබැයි ඉතින් අනිත් අතට ඔයා හැමවෙලේම ඉන්නේ අනිත් අයගේ දුර්වලකම් දිහා ඇහ
ැ ගහගෙනමයි. අනිත් අයගේ ඇද කුද කියන්න හරිම කැමතියි. Romantic වුණත් ඒක කෙළින්ම කියන්න බයයි. ඒ නිසා ඔයා ඔයාගේ සමාජශීලීත්වය නම් දියුණු කරගන්නම ඕනේ.

February වල ඉපදුණ අය,

ඇත්ත කතා කරන්න කැමතියි. බුද්ධිමත්, අවංකයි, උත්සාහවන්තයි. ඒ වගේම නිදහසට කැමතියි. විනෝද වෙන්නත් හරිම කැමතියි. හැබැයි ඔයා හරිම කපටියි. ඒ වගේම ඔයාට ඔයා ගැන කිසිම විශ්වාසයක් නෑ. සමහර වෙලාවට ඔයාට ඉක්මනටම කේන්ති යනවා, ඒත් එක්කම ඉක්මනට දුක දැනෙනවා. ඔයත් ආදරේ හිත ඇතුළේ තියාගෙන පෙන්නන්නේ නැති කෙනෙක්. ඔයාගේ ලොකුම දුර්වලතාවය තමයි විකාර, බහුබූත අන්ධ විශ්වාසවල එල්ලිලා ඉන්න එක.

March වල ඉපදුණ ඔයා,

හරිම හුරතල්, හිත් ඇදිලා යන personality එකක් තියෙනවා. හරිම Romantic, ඒ වගේම ත්‍යාගශීලී, සාමකාමී, දයාබර කෙනෙක්. ඔයා හරිම හිතවත්. අනුන්ට උදව් කරන්න හරිම කැමතියි. ඔයාගේ සංවේදීතාව නිසාම ඔයා ගැන ඕනෙම කෙනෙකුට විශ්වාසය තියන්න පුළුවන්. ඔයා එක්ක ඕනෙම කෙනෙකුට බය නැතුව ගමනක් බිමනක් යන්න පුළුවන්. හැබැයි ආදරය සම්බන්ධව තීරණ ගන්නකොට ඔයා හරිම දුර්වලයි, mood ගහනවා. හරිම ලැජ්ජාකාරයා. හැබැයි ඉතිං කවුරු හරි තමුන්ට වැරැද්දක් කළොත් පළි ගන්නවා.

ඔයා ඉපදුණේ April වල නම්,

හරිම ජව සම්පන්නයි. තීරණ ගන්නකොට හුඟක් හිතන්නේ නෑ. හැබැයි ඒ නිසාම පස්සට පසු තැවෙන්න වෙනවා. ඔයාට හුඟක් දරා ගැනීමේ ශක්තිය තියෙනවා, උපායශීලීයි, ඒ වගේම ශක්තිමත්. අනිත් අයගේ අවධානය දිනා ගන්න හරිම කැමතියි. යාළුවන්ට හුඟක් ආදරෙයි. හැබැයි ඉතිං සමහර වෙලාවට හරිම දරුණුයි, පළිගන්න කැමතියි. ඔයාට හොඳ මතකයක් තියෙනවා. ඊර්ශ්‍යාව කියන්නේ ඔයා ළඟ තියෙන නරකම නරක ගතිගුණයක්. හැබැයි එහෙම කියලා ඔයා නරකම නෑ.

ඔයා May වල ඉපදුණා නම්,

ඔයා හරිම ලස්සන කෙනෙක්, මූණෙන් විතරක් නෙමෙයි හදවතිනුත් හරිම ලස්සනයි. ඒ නිසා ලේසියෙන්ම අනිත් අයගේ ආදරය, අවධානය දිනා ගන්නවා. ඔයාට අනිත් අයව හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඔයා හරිම creative කෙනෙක්. තර්ක කරන්නත් හරිම දක්ෂයි. චිත්‍ර අඳින්න, History ඉගෙන ගන්න හරිම කැමතියි. මහන්සි වෙලා වැඩ කරන නිසා විවේකය නම් ටිකක් අඩුයි. කෙළින් තීරණ ගන්නවා. ඒ නිසාම ඉක්මනින් කේන්ති යන්න පුළුවන්. හීන දකින්න හරිම කැමතියි. අඩුවකට තියෙන්නෙ ඉක්මනට "අහු වෙන එක" තමයි.

June වල ඉපදුණ ඔයා,

දුර දිග බලලා වැඩ කරනවා, අනුන්ට හුඟක් ගරු කරනවා. කතා තරන්නේ නම් හරිම හෙමීට. වැඩක් කරන්න ගියාම හුඟක් වෙලා ගන්නවා. දෙයක් තෝර ගන්න ගියාමත් ඕනවට වඩා හිතනවා. ඔයාට හොඳම දේ තමයි හැමවෙලේම ඕන කරන්නේ. ඔයා හරිම creative කෙනෙක්. අනික ඔයා හරිම සුහදශීලීයි. විහිළු තහළු වලට කැමතියි. ඒ නිසාම හුඟක් යාළුවෝ ඉන්නවා. ලස්සනට අඳින්න තියෙනවා නම් වෙන කිසි දෙයක් ඕන නෑ. බැරි වෙලාවත් ඔයාට කළකිරීමක් ඇතිවුණොත් recover වෙන්න සෑහෙන කාලයක් යනවා. මොනවා වුණත් ඔයා වෙනම Angle එකකින් ලෝකේ දිහා බලන කෙනෙක්.

July වල ඉපදුණා නම්,

ඔයා ආශ්‍රය කරන්න හොඳ, ඒත් තේරුම් ගන්න අමාරු කෙනෙක්. හැසිරීම නම් හරිම හොඳයි. හැමදේම කරන්නේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. අවංකයි, විශ්වාසනීයයි. යාළුවෙක් විදිහට නම් මරු. හුඟක් fit වෙනවා. හරිම sensitive. තමන්ට වැරැද්දක් කළොත්, සමාව දෙනවා. ඒත් ඒක හිත යට තියාගෙන ඉන්නවා අමතක කරන්නේ නෑ ලේසියෙන්. අනවශ්‍ය jokes වලට කැමති නෑ. හැබැයි ඔයා හැමවෙලේම මිනිස්සු මනින්නේ පිටතින්. ඉගෙන ගන්න ඔයා හරිම දක්ෂයි. තනිකඩව ඉන්න තමයි වැඩිපුර කැමති. මහන්සියෙන්, තමුන්ගේ වැඩක් කරගෙන තමුන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්.

August වල ඉපදුණ ඔයා,

Jokes වලට හරිම කැමතියි. දක්ෂ, එඩිතර, අසාධාරණයට අකමැති කෙනෙක්. අනිත් අයගේ අවධානය දිනා ගන්න ඕනම දෙයක් කරයි. Team එකක leader කෙනෙක් වෙන්න සුදුසුම කෙනෙක්. හැබැයි ඉතිං හිටපු ගමන් අසූහාරදාහට කේන්ති යනවා. නිදහසේ ඉන්න හරිම කැමතියි. පරිස්සමෙන් තමයි හැම වෙලේම වැඩ කරන්නේ. මොනවා වුණත් අනිත් අයගේ කරදරේකදි උදව් කරන්න හරිම කැමතියි.

ඔයා ඉපදුණේ September වල නම්,

ඔයාගේ බාහිර පෙනුම හරිම ප්‍රසන්නයි. සාමදානව වැඩ කරන්න තමා කැමති. තීරණ ගන්නේ හරිම පරිස්සමෙන්. plan කරලා වැඩ කරන්න හරිම දක්ෂයි. බාර දීපු වැඩේ හරියටම කරනවා. ඒ වගේම ඔයාගේ මතකයත් හරිම හොඳයි. අනිත් අයව හොඳින් තේරුම් ගන්නවා. හැබැයි emotions පෙන්නන්න නම් ඒ තරම් කැමති නෑ. හරිම ආඩම්බරයි. ඒ නිසා ආදරය වැනි මාතෘකාවලදී හුඟක් හිතනවා.

B’Day එක තියෙන්නේ October වල නම්

ඔයාගේ බොරු මවා පෑම් නෑ. ආදරය කරන අයට හොඳින් සලකන හොඳ හිතක් තියෙන කෙනෙක්. කතාවට වැටෙන්න හරිම කැමතියි. හරිම ප්‍රේමාන්විතයි. ඒත් හිටපු ගමන් ටිකක් ආත්මාර්ථකාමී, අනිත් අයගේ මතයට ගරු කරන්නේ නැති කෙනෙක් බවටත් පත් වෙනවා. ඒ නිසා සමහර වෙලාවට හදිස්සි වෙලා මෝඩ තීරණ ගන්නවා.

November වල ඉපදුණු ඔයා

Creative ideas තියෙන කෙනෙක්. ඉදිරිය ගැන ගොඩක් හිතනවා. ඔයාටම කියලා identity එකක් හදා ගන්නවා. ඒ නිසා හැම වෙලාවේම කැපිලා පේනවා. හැමෝගෙම පිළිගැනීම, මූලිකත්වය ලැබෙනවා. හොඳට හිතට බලලා වැඩ කරනවා, ප්‍රශ්න අහනවා. හැබැයි ලේසියෙන් ඔයාව සතුටු කරන්න බෑ. හරිම නිර්භීතයි. අනිත් අයව වැඩිය අගය කිරීමක් කරන්න ඔයා කැමති නෑ. ආදරයේ දී නම් ඔයා හරිම අවංකයි. හැඟීම් පාලනය කරගන්න නම් ඔයාට හරිම අමාරුයි. ඔයා කොයි වෙලාවේ කොහොම හැසිරෙයිද, මොනවා කරයිද කියලා කියන්න හරිම අමාරුයි.

ඔයා ඉපදුණේ December වල නම්

හරිම අවංකයි. අනිත් අයට ගරු කරන්න හොඳට දන්නවා. හොඳට හැදිච්ච කෙනෙක්. රටට ජාතියට ආගමට හරිම ආදරෙයි. හරිම සමාජශීලීයි. ඒ වගේම අනිත් අයගේ අවධානය දිනා ගන්නත් හරිම කැමතියි. ඔයා හුඟක් ඉවසන කෙනෙක් ඒ නිසාම වැඩිය තරහ යන්නේ නෑ. නිදහසේ ඉන්න හරිම කැමතියි. ඔයාට එක එක තහංචි දානවට හරිම අකමැතියි. ඔයාට තියෙන්නේ හරිම හොඳ උණුවෙන හිතක්.

ගත්තේ කාගෙන්ද කියලා නම් අහන්න එපාාාාා