29 Feb 2012

පාලනය කළ යුත්තේ තරහව නොව තරහ ඇතිවීමයි


ඇතිව වූ තරහව තමාටත් අනුන්ටත් අවැඩක් නොවන පරිදි පිට කළ යුතුය

තරහාවෙන් සිදුවන්නේ යහපතකට වඩා අයහපතක් බව අපි කවුරුත් දනිමු. එහෙත් දැන දැනත් තරහ ඇතිකරගෙන පීඩාවට පත්වීම, තරහව සැබවින්ම මිනිස් සිතේ ඇතිවන ස්වාභාවික හැඟීමකි. අප අකමැති දෙයක් සිදුවන විට ඊට ප්‍රතිචාරයක් ලෙස තරහාව මතුවී එයි. සමහර අවස්ථාවලදී තරහව ආරක්ෂිත දෙයක් ලෙස ද හැඳින්වීමට පුළුවන. තරහාව මඟින් අපට අපහසු අවස්ථාවලට මුහුණ දීමට ශරීරය හැඩ ගස්වයි.
එහෙත් තරහාව පිළිබඳ ගැටලුව මෙයයි. තරහාව මතුවී එන තරම් ඉක්මනින් තරහව අපෙන් ඉවත්වී යන්නේ නැත. එය පාලනය කරගත නොහැකි වුවහොත් ජීවිත විනාශ වීම දක්වා දුර දිග යා හැකිය.
ඉක්මනින් කේන්ති යන අය හඳුන්වන්නේ “කුකුල් කේන්තිකාරයන්” ලෙසය. එය ඔවුනට මෙන්ම සමාජයට ද විශාල පීඩාවකි. ඇතැම් පුද්ගලයන්ට තරහාව පවතින්නේ කෙස් ගසක් තරම් ඈතිනි. එය මතුවීමට ගතවන්නේ ඇසිපිය හෙළන තරමේ නිමේෂයකි.
තරහාව ඇතිවීමට සාධාරණ හේතු තිබෙන බව බොහෝ අය පවසති. තරහාව අපට අවශ්‍ය වන අවස්ථා ඇති බව ද සමහරු සිතති. තමාගේ දරුවන් වැරැදි ක්‍රියා කරන විට මවුපියන් තරමක් තදින් සිටිය යුතු ය යන්න එක් අදහසකි. ආයතනයක ප්‍රධානියා සැරෙන් නොසිටියහොත් එහි සේවකයන් පාලනය කරගත නොහැකි යැයි ඇතැම් අය සිතති. එම කාරණයෙහි සත්‍යයක් නැත්තේ ද නොවේ. මවුපියන්, ගුරුවරුන් සහ පාලකයන්ට ඇතැම් විට තමා කෝපයට පත්වී සිටින බව පෙන්වීමට සිදුවෙයි. නමුත් එම කෝපය අදාළ කාර්යය සඳහා පමණක් විය යුතුය.
ඇතැම් අය එසේ නොකර තමාගේ අභ්‍යන්තර පීඩනය පිටකිරීම සඳහා තරහව යොදා ගනිති. තවත් අය මුලදී එසේ “සාධාරණ” හේතුවකට තරහා ගත්ත ද පසුව තමාටම නොදැනී එය දුරදිග යන ආකාරය හඳුනා නොගනිති. ඉන්පසු එය පුරුද්දකට යයි. පසුව තමා නොදැනීම තමා තරහාවේ ගොදුරක් බවට පත්වෙයි.
තරහාවට වයස් බේදයක්, තරාතිරමක් හෝ උගත්කමක් බලපාන්නේ නැත. මා දන්නා විශේෂඥ වෛද්‍යවරයෙක් සිටියේය.
ඔහු තමාගේ කාර්යාලය තරහින් පාලනය කළ අතර ඔහුව පාලනය කළේ ඔහුගේම තරහාව විසිනි. තමා කරන කියන දෙය ද සුදුසුදැයි ඔහුම නොදත්තේය. ඒ නිසා ඔහු අනෙක් අය අතර බොහෝ අප්‍රසාදයට සහ පිළිකුලට භාජනය විය.
නිතරම තරහෙන් සිටින අයකුට සිදුවන්නේ කුමක් ද?
පළමුවැනි කරුණ නම් ඔහුගේ මානසික සෞඛ්‍යය පිරිහී යාමයි. නිතර නිතර තරහ යන පුද්ගලයන් ඒ නිසාම මානසික පීඩනයට පත්වෙති. ඒ තත්ත්වය කාලයක් ගතවීමේදී මානසික අවපීඩනය හෝ විශාදය බවට හැරෙයි. මානසික පීඩනය නිසා සිරුරේ විවිධ තැන්වල විවිධ රෝග ලක්ෂණ ඇතිවෙයි. හිසරදය ඉන් ප්‍රධානය. එවැනි අයකුට හොඳ නින්දක් නොලැබෙයි. කොතරම් බෙහෙත් කළ ද එම රෝග සුව නොවෙයි. ඒ නිසා තවදුරටත් පීඩාවට පත්වෙයි.
දෙවැනි කරුණ නම් ශාරීරික රෝග බහුල වීමයි. අධික රුධිර පීඩනය, හදවත් රෝග, ශ්වසන රෝග, පිළිකා, ආහාර අජීරණය සහ අරුචිය ඒ අතර වෙයි.
ඊළඟ කාරණය නම් නිතර කිපෙන පුද්ගලයාගේ සමාජ සම්බන්ධතා බිඳ වැටීමයි. ඔහුට තම පවුල තුළ හෝ බාහිර සමාජය තුළ සාර්ථක ලෙස ජීවත් විය හැකි ද? අනෙක් අය ඔහුට අපි‍්‍රය කරති. විහිළුවට හෝ කොන් කිරීමට ලක් කරති.
තරහාව පාලනය කරන්නේ කෙසේ ද? මෙය බොහෝ දෙනකු අසන වැදගත් ප්‍රශ්නයකි. ඒ සඳහා ක්‍රමවේද රාශියක් ඇත. ඒවා එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. කෙසේ වුවත් ඔබට සතුටුදායක ආරංචියක් පැවසිය හැකිය. එනම් තරහාව පාලනය කිරීම අප සිතන තරම් අපහසු දෙයක් නොවීමය.
තරහාව පාලනය කිරීම අදියර දෙකකට කළ හැකිය.
තරහාව ඇතිවීම පාලනය කිරීම පළමු අදියරයි.
දෙවන අදියර, තරහක් ඇතිවූ විට එයට සුදුසු ලෙස ප්‍රතිචාර දැක්වීමය.
ඔබ මෙහිදී ඉතා පැහැදිලිව අවබෝධ කරගත යුතු දෙයක් තිබේ. එනම් අප විසින් පාලනය කළ යුත්තේ තරහාව නොවේ. තරහාව ඇතිවීමයි. තරහක් ඇතිවුවාට පසුව එය පාලනය කරන්නට යාම සුදුසු නැත. එසේ කරන්නට ගියහොත් තරහාව තවත් වැඩිවීමට හෝ ඒ නිසා ශරීරයේ විවිධ ලෙඩ රෝග ඇතිවීමට ඉඩ ඇත. එබැවින් ඇතිවූ තරහාව ‘පාලනය කිරීම’ නොව ‘පිට කිරීම’ සිදුකළ යුතුය. නමුත් තරහා පිටකළ යුත්තේ ඒ සඳහා සුදුසු අවස්ථාවේදීය. එමෙන්ම තමාටත් අනුන්ටත් අහිතකර නොවන ආකාරයටය.
තරහක් ඇතිවූ විට එය පිටකළ යුතු බව ඇත්තය. නමුත් අප තරහින් සිටින විට අපව පාලනය කරන්නේ තරහාව විසිනි. එබැවින් ඒ අවස්ථාවේදී ප්‍රතිචාර දක්වන්නට යාම භයානකය. තරහාව ඉවත් වූ විට බුද්ධිය අපව හසුරුවයි. එවිට සුදුසු දෙයක් කල්පනා කර ප්‍රතිචාර දැක්විය හැකිය.
යම් දෙයක් නිසා තරහාව ඇතිවෙයි නම් තාවකාලිකව ඒ දෙයින් ඉවත් වී සිටීම සුදුසුය. කිසිවක් කතා නොකර සිටීම ද සුදුසුය. කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා කාලය ගත වීමට ඉඩ හැරීම සුදුසුම ක්‍රමයකි.
බොහෝ දෙනෙකු පවසන්නේ තමාට වැඩියෙන්ම තරහා යන්නේ තමාගේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව සමඟ බවයි. ඒ පිළිබඳව මා ඇසු කතාවක් ඇත.
එක් භාර්යාවක් තම ස්වාමියාට නිතර දෙවේලේ දෝෂාරෝපණය කිරීමට පුරුදුව සිටියාය. දිනක් ඔහු කිසිවක් නොකියා ගෙදරින් පිටවී යම් වේලාවක් නගරයේ ඇවිද නැවතත් ගෙදරට පැමිණියේය. එවිට ඇය නැවතත් ඔහුට දෝෂාරෝපණය කිරීමට පටන්ගත්තාය. ඉන්පසු ඔහු නැවතත් නගරයට පැමිණ එදින රාත්‍රීයේ තම ඥාති නිවසක නතර වී පසුවදා නැවත ගෙදර ගියේය. ඒ වන විට බිරියගේ තරහා අඩුවී තිබිණි. ඇය නැවතත් කිසිවක් නොකීවේ එසේ වුවහොත් තම ස්වාමියා බොහෝ කලකට තමාට දකින්නට නොලැබෙනු ඇතැයි සිතා විය හැකිය.
තරහාවක් පැමිණි විට තමාගේ අවධානය සම්පූර්ණයෙන් වෙන අතකට යොමු කළ හැකි නම් එය ද සුදුසු ක්‍රමයකි. තමා පි‍්‍රයකරන ක්‍රීඩාවක්, විනෝදාංශයක් හෝ ව්‍යායාමයක් කළ හැකිය.
තමා පි‍්‍රය කරන දෙයක් කළ විට මොළයේ ස්‍රාවය වන්නේ හිතකර රසායන ද්‍රව්‍යයි. එවිට සුව පහසුවක් ඇති වෙයි. තරහක් පැමිණි විට එකේ සිට දහයට සෙමින් ගණන් කරන්න යැයි පවසන්නේ ද මේ නිසාය. එසේ නැතිනම් දීර්ඝ හුස්ම ගනිමින් ඒ ගැන අවධානයෙන් සිටිය හැකිය.
තමාගේ පීඩාකාරී සිතුවිලි සහ තරහා මුසු හැඟීම් තමාට හිතවත් කෙනෙකුට පැවසීම හෝ ඒවා කොළයක ලියා තැබීම සිදුකළ හැකිය. එවිට සිත සැහැල්ලු වෙයි.
සාමාන්‍යයෙන්, ඔබට දැනෙන තරහාව විනාඩි පහකට වඩා සිතේ නොපවතින්නේ නම් ඒ පිළිබඳව එතරම් කරදර විය යුතු නැත. තරහාව විනාඩි පහකට වඩා පවතියිනම් එයට සුදුසු පරිදි ප්‍රතිචාර දැක්විය යුතුය.
ගුවන් විදුලියේ එක්තරා හාස්‍යජනක වැඩසටහනක තරහාව පාලනය කිරීමේ ක්‍රම කීපයක් ඉදිරිපත් කළේය. තමාට තරහා ඇතිවන්නේ තමාගේ පෙම්වතා සමඟ නම් පෙම්වතිය සිතිය යුත්තේ ලෝකයෙහි ගැහැනු සහ පිරිමි අතර අනුපාතය තුනට එකක් පමණ වන බවය. එසේම තමන්ට තරහා යන්නේ තම පෙම්වතිය සමඟ නම් ඔහු සිතිය යුත්තේ ඇය යහළු කරගැනීමට පසුපසින් ගොස් තමා කොතරම් දුක් වින්දේද යන්නයි. ඇය සමඟ තරහා වී වෙනත් අයෙකු ගැන සිතන්නේ නම් නැවතත් තමාට ඉහත දුකම විඳීමට සිදුවිය හැකිය.
යම් සේවකයකුට තරහා ඇතිවන්නේ තමාගේ ස්වාමියා පිළිබඳව නම් ඔහු සිතිය යුත්තේ තම වැටුප ලැබී සුමාන දෙකක් තුනක් ගත වන විට තමා ජීවත් වන්නේ කෙසේ ද යන්නය. එවිට තමාගේ තරහා පාලනය වන බව එහි සඳහන් විය.
ඒවා හාස්‍යජනක කරුණු වුවද ඒවා තුළ වැදගත් පණිවිඩයක් ඇත. එනම් තරහාවක් ඇතිවූ විට කල්පනා කළ යුත්තේ එම තරහාව නිසා තමාට ඇතිවන අවාසි පිළිබඳවය. තරහින් තමාට වන වාසිවලට වඩා අවාසි බෙහෙවින් වැඩිය. බුද්ධිමත් පුද්ගලයන් තරහා නොගන්නේ ඒ නිසාය.
තරහා ඇතිවන අයට මෛත්‍රී භාවනාව පුරුදු කරන ලෙස උපදෙස් ලබාදෙන අවස්ථා තිබේ. එය ඉතා හොඳ දෙයකි. නමුත් මෛත්‍රී භාවනාව පුරුදු කළ යුත්තේ තරහා ඇතිවීමට පෙර සිටය. එනම් තමාට ඉදිරි ජීවිතයේදී විවිධ අවස්ථාවලදී තරහාවල් ඇතිවිය හැකි බැවින් කලින් සිට ඊට සූදානම් වීමක් ලෙස භාවනාව වැඩිය යුතුය. යම් අයකු අධික ලෙස තරහින් සිටින විට භාවනා කරන්නට යැයි කීම වැරැදි උපදෙසකි.
මෝහනය මඟින් ද තරහා ඇතිවීම සාර්ථකව පාලනය කළ හැකිය. ඉතා කුඩා සිදුවීමකට වුවද ඇතැම් විට අපට අනවශ්‍ය පරිදි තරහා යන බව ඔබට හැඟී තිබේ ද? එයට හේතුව අපගේ යටි සිතේ පවතින අධික තරහාවයි. යටි සිතේ පවතින එම තරහාව අපට මතුපිටින් නොපෙනෙයි. එය ඉවත් කිරීමට සුදුසුම ක්‍රමය මෝහන චිකිත්සාවයි.
තරහාව යළි ඇති නොවන පරිදි නැති කිරිමට නම් එයට බලපාන සැබෑ හේතු සොයා බලා ඒවා ඉවත් කළ යුතුය. එම හේතු පවතින්නේ තමා තුළම මිස බාහිර ලෝකයෙහි නොවේ. තමාට තරහා ඇතිවීම පිළිබඳව බාහිර ලෝකයට චෝදනා එල්ල කළාට එයින් වැඩක් නැත. අප කිසි කෙනෙකුට අපට අවශ්‍ය පරිදි ලෝකය වෙනස්කර එමඟින් තමාට තරහා ඇතිවීම නැවැත්වීම කළ නොහැකිය. අපට කළ හැක්කේ අප සිතන ආකාරය වෙනස් කර ගැනීමයි. මේ ලෝකයෙහි තරහාව ජයගත් සෑම මිනිසෙකුම කර ඇත්තේ එයයි.
මහනුවර මහ රෝහලේ
හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී
සායනික මෝහන වෛද්‍ය
එච්. දමිත් හෙට්ටිආරච්චි

28 Feb 2012

සිතේ සතුට නැති දැරියකට මතුවන ගැටලු



දියණියක්‌ ලද මවක සතුව ඇත්තේ අසීමිත වගකීමකි. මතු දිනෙක තම දියණියද මව් පදවිය ලබන්නට තරම් පින්වන්තියක්‌ බවට පත්කිරීමේ වගකීම සතුව ඇත්තේ ඇය තුළය. එය වර්තමානයේ බොහෝ මව්වරු අවබෝධ කරගෙන නොමැති බව දරුඵල නොමැතිබව පවසමින් ප්‍රතිකාර සඳහා පැමිණෙන යුවතියන්ගේ ගැටලු දෙස බලන විට පැහැදිලි වේ.

මෙම යුවතියන් බහුතරයකට ඇත්තේ ඔසප් චක්‍රයේ අක්‍රමිකතාය. එම අක්‍රමිකතාවලට ප්‍රධාන හේතුව වී ඇත්තේ මානසික පීඩාව නිසා මතුවූ හෝමෝන අසමතුලිත තාවයන්ය.

දැරියකගේ ගතිගුණ

උත්පත්තියෙන්ම කාන්තාවක්‌ තුළ මතුවන්නේ මෘදු ගතිගුණය. ඇය ඉතා ඉක්‌මනින් සතුටට පත්වන අතර ඉතා ඉක්‌මනින් දුකටද පත්වන්නීය. එනිසා සිනහව සහ කඳුළ ගැහැනු දරුවකු තුළ නිතර දැකිය හැකි ලක්‍ෂණයකි. මෙය සෑම දෙමාපියකුම තේරුම්ගත යුතුය.

කුඩා කාලයේදී දැරියන් ප්‍රිය කරන්නේ මල් වලට, බෝනික්‌තන්ට වැනි මටසිලුටු දේවල් වලටය. එවැනි දේ සඳහා ඇය යොමුවන්නේ උත්පත්තියෙන්ම උරුමවන මෘදු ගතිගුණ නිසාය. මෙවැනි ගතිගුණ සහිතව හැදී වැඩෙන දැරියන් යම් මානසික පීඩාවකට පත්වුවහොත් ඇයගේ සිරුරේ හෝමෝන සමතුලිතතාවය වෙනස්‌වේ. එහි ප්‍රතිඵලය වන්නේ මල්වර වූ පසු ඔසප් චක්‍රයේ අක්‍රමිකතා මතුවීමටය.

සෙනෙහස අහිමි දරුවන්

එසේම ඇතැම් දැරියන් කුඩා කල සිට වර්ධනය වන්නේ ආදරය කරුණාව, සෙනෙහස නොමැතිවය. එවැනි දැරියන් තුළ කුඩා කල සිට මතුවන්නේ ආවේගශීලී හැඟීම්ය. ඉක්‌මනින් කෝපවීම, අන් අයට හිරිහැර කිරීම, සැර පරුෂ වදන් පැවැසීම ඔවුන් තුළින් දැකගත හැකිය. මෙවැනි දරුවන්ගේ ශාරීරික ලක්‍ෂණ දෙස බැලුවත් අසාමාන්‍යය. ඉතා කෙට්‌ටු සිරුරක්‌ පැවැතිය හැකිය. එසේත් නැත්නම් අධික මහත සිරුරක්‌ සහිතය. මෙම දැරියන් වැඩිවියට පත්වූ විට නිතැතින්ම ඔසප් චක්‍රයේ අක්‍රමිකතාවලට ගොදුරු වේ.

සෙනෙහස ලබන දරුවන්

ආදරය, කරුණාව ලබන දැරියන් වර්ධනය වන්නේ පුළුල් උකුල, පුන් පියයුරු, සිහින් ඉඟ යන නාරි ලක්‍ෂණ සහිත සිරුරකිනි. මෙවැනි දැරියන් මල්වර වූ පසු නිසි ඔසප් චක්‍රයකින්ද පැහැපත් සිරුරකින්ද යුක්‌ත වේ.

නිරෝගී දියණියක්‌ හදාවඩා ගැනීම

වර්තමානයේ බොහෝ දෙමාපියන් තම දියණියන් කෙරෙහි දක්‌වන සැලකිල්ල සහ ආදරය, කරුණාව අඩුබව වගකීමකින් යුක්‌තව පැවැසිය හැකිය. ඇතැම්විට ඊට හේතුවී ඇත්තේ ඔවුන් තුළ ඇති නොදැනුවත්කමය.

බොහෝ මව්වරුන් ආසා කරන්නේ පිරිමි දරුවන්ටය. එවැනි මව්වරුන් ගැහැනු දරුවකු ලැබුණුවිට එම දරුවාට සලකන්නේ පිරිමි දරුවකුට මෙනි. එවිට එම දියණිය තුළින් කාන්තා ගති ලක්‍ෂණ මතුවීම යටපත් වේ. එහි ප්‍රතිඵල ලැබෙන්නේ ඔවුන් වැඩිවියට පත්ව විවාහවන වයසේදීය. එම දියණියන්ගේ සිරුරින් කාන්තා ගති ලක්‍ෂණ දැකිය නොහැකිය. හෝමෝන අසමතුලිතභාවය නිසා සිරුරේ අධිකව රෝම වර්ධනය වී, මහත සිරුරකින් යුක්‌ත වේ.

ළමා වියේදී

නිරෝගීව දියණියක්‌ හදාවඩා ගැනීමේදී ඇයට ආදරය, කරුණාව, සෙනෙහස මෙන්ම නිසි පෝෂණය ද ලබා දිය යුතුය. ධාන්‍ය වර්ග, පලා වර්ග සහිත සමබල ආහාර වේලක්‌ ලබාදීම, නැටුම්, ගැයුම්, ක්‍රීඩාවන් ආදියට යොමුකර ඇයගේ සිරුර වර්ධනය නිසිලෙස පවත්වාගෙන යාමට පියවරගත යුතුය.

මෙවැනි දැරියන් නිසි හැඩයකින් යුත් සිරුරකින්ද පිරුණු අඟ පසඟින් ද පැහැපත් සමකින්ද යුක්‌තවේ. ඇයගේ උස අඩි පහක්‌ පමණ වර්ධනය වේ. සාමාන්‍යයෙන් නීරෝගී දරු ප්‍රසූතියක්‌ සඳහා කාන්තාවක්‌ උස අඩි පහක්‌ පමණ සිරුරකින් යුක්‌ත විය යුතුය.

නීරෝගී දියණියක්‌ අනාගත සමාජයට දායාද කරන සෑම මවක්‌ම මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

තම දියණිය කුඩා අවධියේදී නිසි ලෙස වර්ධනය නොවේනම්, ඇය තුළින් ආවේගශීලීබව, අධික කෝපය, නොසන්සුන් බව මතුවේ නම් වහාම ඊට හේතු සොයා බලා නිසි ප්‍රතිකාර ලබා දිය යුතුය. මෙහිදී වෛද්‍ය උපදෙස්‌මත අදාළ ප්‍රතිකාර ලබාදිය යුතුය. මෙවැනි ලක්‍ෂණ දරුවන් තුළින් පහළවීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ නිසි ආදරය, කරුණාව, රැකවරණය නොලැබීමය.

යොවුන් වියේදී

දැරියක්‌ වයස අවුරුදු 14 ත් 16 ත් අතර වියේදී මල්වර වූ පසු ඇයගේ සිරුර වර්ධනයවීම ඉතා සීඝ්‍රයෙන් සිදුවේ. මෙම වයසේදී ඇය තුළින් අලස බව, නිතර නිදිමත බව වැනි ලක්‍ෂණ දැකිය හැකි නම් ඇය පෝෂණ ඌනතාවයකින් පෙළෙන බවට විශ්වාස කළ හැකිය. එවිට වහාම එම දියණියට වෛද්‍ය උපදෙස්‌ මත නිසි පෝෂණය ලබාදිය යුතුය. උසට අනුව බර සහිතව ඇය වර්ධනය පවත්වාගත යුතුය.

ඇතැම් දෙමාපියන් මෙය එතරම් සැලකිල්ලට නොගනී. තම දියණියන්ගේ පෝෂණය ගැන උනන්දු නොවීම නිසා අනාගතයේදී ඔවුන් දරුඵල නොලබන තත්ත්වය දක්‌වා වූ තත්ත්වයකට පත්විය හැකිය. වර්තමානයේ මෙවැනි යුවතියන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙනු සුලබව දැකිය හැකිය.

එබැවින් තම දියණියන් මතු දිනෙක මව්වරුන් වනු දැකීමට කැමැති සෑම මවක්‌ම, සෑම පියෙක්‌ම මේ පිළිබඳ නිසි අවධානය යොමු කළ යුතුය.

ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ
ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මෙය උපුටා ගැනීමකි

ඇයගේ ආදරය දිනාගන්නේ කෙසේද?




තරුණ තරුණියන් අතර ඇතිවන ආදර සබඳතා දිගුකාලීන සබඳතා බවට පත්වන්නේ කලාතුරකිනි. ඊට බොහෝ විට හේතු වන්නේ එකිනෙකා අවබෝධ කරගැනීමට ඇති නොහැකියාවයි. ආදර සබඳතාවක්‌ පවත්වාගෙන යන විට පෙම්වතා පෙම්වතියගේ ආදරය දිනාගන්නට සමත්a වී තිබෙනවාද? පෙම්වතුන් ලෙස ඔබට ඇයගේ ආදරය හඳුනාගන්නටත්, ඇයගේ ආදරය තමා සතු කරගැනීමටත් හැකිවී තිබෙනවාද? ස්‌වභාවයෙන්ම පිරිමි පාර්ශ්වය තුළ ආදරයක්‌ ඇති වන්නේ රාගික හැඟීමත් සමගයි. ආදරයේ දී කාන්තාවගේ හැඟීම් වෙනස්‌ වේ. "මං හිතන විදියටමයි එයා හිතන්නෙ", "මම කැමැති විදියටමයි එයා අඳින්නෙ" මෙවැනි සිතුවිලිත් සමගම කාන්තාව තුළ ආදරයක්‌ ඇති වේ. පිරිමි සිත් රාගික හැඟීම්වලට ඉඩ දුන්නද කාන්තා සිත ඉඩ දෙන්නේ ආශාවන්වලට පමණයි. මේ නිසාම ආදරයේ දී එකිනෙකාගේ සිතුම් පැතුම් එකිනෙකට වෙනස්‌ වේ.

ආදරය යන්න මිනිසෙක්‌ තුළ ඇති වන උතුම් හැඟීමකි. ආදරය කරන විට පිරිමියා ඒ දෙස බලන ආකාරය, කාන්තාව ඒ දෙස බලන ආකාරය අනුව එකිනෙකා හඳුනාගත යුතුයි. මෙය එක හා සමාන වූ පමණින් උතුම් ආදරයක්‌ ඇති වේ. ආදරය සදාකල්හිම පැවතෙන සංසාරික බැඳීමකි. මෙකී නොසංසිඳෙන ආදරය සදාකල්හිම පවත්වාගෙන යන්නට ඇයගේ ආදරය දිනා ගැනීම වැදගත්.

පෙම්වතිය හැමවිටම හැඟීම්වලට ඉඩදෙයි

පෙම්වතා ලෙස ඔබට ඔබේ පෙම්වතියගේ හැඟීම් තේරුම්ගත හැකි නම් ජීවිත කාලය පුරාවටම ඇය සමග සතුටින් කාලය ගතකළ හැකිවේ. හැමවිටම කාන්තාවක්‌ තම සිතේ ඇතිවන ආදරය, සෙනෙහස, දුක, මෛත්‍රිය, කෝපය, කුතුහලය, සැකය, බය පිළිබඳ කතා කරයි. සිතනු ලබයි. නමුත් පිරිමියා මීට ප්‍රතිවිරුද්ධව සිතුවහොත් ඔහු හා ඇය අතර සබඳතාව පවත්වාගෙන යැමට නොහැකි වෙයි. පෙම්වතිය සමග කතා කරන විට තේරුම් ගත යුතු පළමු දෙය වන්නේ ඇය හැඟීම්වලට කතා කරන බවත්, මා හැම විටම ඇයගේ හැඟීම් අසා සිටිය යුතු බවත්ය. ඇය ආදරය ගැන කතා කළත් දුක ගැන කතා කළත් පිරිමි ඔබ එය අසා සිටිය යුතුය. සාමාන්‍යයෙන් ඔබේ පෙම්වතිය වැඩිපුර කතා කරන්නේ දුක, කනස්‌සල්ල, පාළුව, තනිකම, හුදෙකලාව, වේදනාව, කලකිරීම් ආදී කරුණු පිළිබඳවය. මේ ඇය තුළ ඇති වන හැඟීම්ය. ඇය මුදල් උපයන ක්‍රම පිළිබඳව, දේශපාලනය, ආර්ථික ප්‍රශ්න පිළිබඳ වැඩිපුර කතා නොකරන අතර වැඩිපුර කතා කරන්නේ ඉහත කාරණා ගැනය. ඒ නිසා ඇයගේ ආදරය දිනා ගන්නට නම් ඔබ පෙම්වතියගේ හැඟීම්වලට ඇහුම්කන් දිය යුතුය. ප්‍රේම සබඳතා බොහොමයක්‌ අතරමඟදී බිඳ වැටෙන්නේ පෙම්වතා හැමවිටම පෙම්වතියගේ හැඟීම්වලට ඇහුම්කන් නොදීම නිසයි.

ආදරය ගැන කතා කිරීමට, රස විඳීමට, වින්දනය ලබන්නට වැඩි කැමැත්තක්‌ දක්‌වයි. ඔබේ සිත දිනාගත් තරුණිය සමග ආදරය ගැන කතා කරන්නට හැකිනම් ඇයගේ සිත දිනාගැනීමට හැකිවේ. සාමාන්‍ය ස්‌වභාවය වන්නේ තරුණයා තරුණියකගේ, ආදරය දිනාගත් පසු ඒ ගැන කතා කිරීම අත්හැර දමයි. නමුත් තරුණියට මියයන මොහොත දක්‌වාම ආදරය ගැන කතා කිරීම අවශ්‍ය වේ. ආදරය කාන්තාවන්ගේ ශක්‌තිය වර්ධනය කරන සාධකයකි. ඒ නිසා මේ වචනයෙන් එන හැඟීම හැම විටම දැනෙන දෙයක්‌ බවට පත්විය යුතුය. ආදරය ප්‍රකාශ කිරීම, කතා කිරීම, දැනෙන්ට සැලැස්‌වීම තුළින් පහසුවෙන්ම පෙම්වතියගේ ආදරය දිනාගැනීමට හැකි වේ.

පෙම්වතිය පුංචි පුංචි දේ ගැන කැමැත්තක්‌ දක්‌වයි

පෙම්වතියගේ උපන්දිනයට ඇයට ලැබෙන තෑගි අතරින් ඇය වඩාත් සතුටට පත්වන්නේ පෙම්වතා ආදරයෙන් ලබාදෙන උණුසුම් හාද්දකින් විය හැකියි. නමුත් පෙම්වතා ලෙස ඔබ සිතන්නේ තම පෙම්වතිය වෙනුවෙන් මහා ලොකු දෙයක්‌ කළ යුතු බවත් එවිට ඇය මහා ඉහළින් සතුටු වන බවයි. තරුණියන් සතුටු වන්නේ කුඩා, කුඩා දේවල්වලින් බව තරුණයන් දැනගත යුතුය. උදාහරණයක්‌ ලෙස තමන්ගේ පෙම්වතිය මුණගැසුණු දිනය මතක තබාගෙන ඇයට රෝස මලකින් තෑගි කරන්නට හැකිනම් එය විශාල දෙයක්‌ ලෙසින් තරුණිය සලකයි. පෙම්වතිය මුලින් හමුවූ දිනය, පෙම්වතියගේ උපන් දිනය ආදිය පිළිබඳව මතක තිබේ නම් ඇය බොහෝ සතුටට පත්වේ. නමුත් මෙවැනි කුඩා දේවල් අමතක කිරීම විශාල ගැටලු ඇති කරන්නට හේතු වේ.

පෙම්වතිය හැමවිටම උණුසුම අපේක්‍ෂා කරයි

කාන්තාවන් හැමවිටම ප්‍රතිවිරුද්ධ ලිංගිකයකුගේ උණුසුමට ආසා කරයි. තමන් ආදරය කරන තරුණියට උපරිම ආකාරයෙන් උණුසුම ලබා දෙන්නට හැකිනම් ඇයට උපරිම ආකාරයෙන් උණුසුම ලබාදිය යුතුය. උණුසුම අඩු වීගෙන යද්දී ඇයට මගේ පෙම්වතා ඈත්වන බවක්‌ දැනෙන්නට ගනී. නමුත් ප්‍රායෝගික ලෝකයේ ඔවුන් ඈත් වී නොමැත. ඔබ දෙදෙනා තුළ පෙර පරිදිම ආදරය පවතී. කාන්තාවගේ ස්‌වරූපය වන්නේ පිරිමියාගේ උණුසුම විඳිමින් ඔහුගේ තුරුලෙහිම රැඳී සිටීමයි. ඇයට ඔබ ළඟ රැඳෙමින් උණුසුම විඳින්න ඉඩ ලබාදෙන්න. එවිට ඇය ඔබව හැර නොයයි.

පෙම්වතිය සිතන දේ සහ කියන දේ අතර වෙනසක්‌ පවතී

ඔබේ පෙම්වතිය සිතන්නේ එකකි. කියන්නේ තව එකකි. උදාහරණයක්‌ ලෙස පෙම්වතා තම පෙම්වතියට මුහුදු වෙරළට යැමට කතා කළ විට ඇය "හ්ම්" යනුවෙන් පිළිතුරු දුන්නේ නම් ඉන් අදහස්‌ වන්නේ ඇය ඊට අකැමැති අතර පෙම්වතා අමනාප වේ යෑයි සිතා එයට කැමැත්ත දුන් බවයි. මේ ආකාරයට ඔබ පෙම්වතිය අකමැතිම දේ කිහිප සැරයක්‌ පැවසූ විට තත්ත්වය කෙසේ වේවිද? එවිට තරුණියගේ සිත තුළ මෙම අකැමැතිම දේ කරනවා යන සිතුවිල්ල ඇති වේ. ඇයට මුහුදු වෙරළට යන්න කතා කළ විට ඇයගේ පිළිතුර "හ්ම්" වුවහොත් ඔබ කළ යුත්තේ ඇය සමග නොයා සිටීම නොවේ. ඔබ ඒ සඳහා ඇයට වෙනත් විකල්පයක්‌ ඉදිරිපත් කිරීමයි. චිත්‍රපටයක්‌ බලන්න යමුද, ලන්ච් අවුට්‌ එකට යමුද ආදී වශයෙන් වෙනත් යෝජනා ඉදිරිපත් කිරීමය. එවිට ඇය ඇයගේ අදහස්‌ ප්‍රකාශ කරයි. තරුණියන්ගේ හිනාවීමද එබඳුය. ඒ තුළත් අර්ථ කිහිපයක්‌ ගැබ්වී ඇත. ඇය තනි වචන භාවිත කරයි (තනියි, පාළුයි, දුකයි) නම් ඉන් අදහස්‌ වන්නේ තම පෙම්වතාගේ උණුසුම අපේක්‍ෂා කරන බවයි. හැමවිටම පෙම්වතිය කියන දේට වඩා වෙනස්‌ අපේක්‍ෂාවන්, හැඟීම් ඇයගේ සිත තුළ තිබේ. ආදරයේ දී පෙම්වතා ලෙස ඔබ හැමවිටම පෙම්වතියගේ හැඟීම් වටහා ගන්න.

මානව විද්‍යාඥ මධුෂා දිසානායක
සටහන - ශාලිකා තිලක්‍ෂණී
උපුටාගැනීමකි

Labels:

27 Feb 2012

කොල්ලෝ ගැන කෙල්ලෝ නොදන්නා කරුණු කීපයක්...

කොල්ලෝ වැඩිපුර කැමති ලස්සනම පොෂ් කෙල්ලන්ට කියන එක බොරු. කොල්ලෝ වැඩිපුර කැමති පිළිවෙලට ඉන්න චාම් කෙල්ලන්ට.
  • කොල්ලෙක් තමන්ගේ හැඩරුව ගැන ඕනෙවට වඩා සැලකිලිමත් වෙනවා නම් ඒ කියන්නේ ඒ කොල්ලට හැඩරුව ඇරෙන්න වෙන ගන්න දෙයක් නෑ.
  • කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් උපදෙස් ගන්න අකමැති වුණාට කෙල්ලෙක්ගෙන් උපදෙස් ගන්න කැමතියි.
  • කොල්ලෙක් දිහා බැලු බැල්මට පේනවට වඩා කොල්ලන්ටත් ප්‍රශ්න තියෙනවා.
  • කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කෑමක් හදනවා කියන්නෙ ඒ කොල්ලා කෙල්ලට සිරාවටම කැමතියි.
  •  කොල්ලෙක් ඔයාට "මම ඔයාට පස්සෙ කතාකරන්නම්" කියල කතා නොකර හිටියොත් ඒ කියන්නේ ඒ කොල්ලට අමතක වෙලත් නෙවෙයි, කොල්ලගේ අතින් ඔයාගේ නොම්බරේ නැතිවෙලත් නෙවෙයි, කොල්ල මැරිලත් නෙවෙයි, ඒ කොල්ලට ඔයා එක්ක කතා කරන්න උවමනාවක් නෑ කියන එකයි.
  •  කොල්ලන්ට බොහෝවිට අන්තිම තීරණයක් කියල එකක් නෑ.
  •  අවුරුදු 3 කට වඩා එකට හිටපු කෙල්ලෙක්ව දාල යන එක කොල්ලෙක්ට කරන්න අමාරුම වැඩක්.
  •  කොල්ලො 4ක් විතර සෙට් වුනොත් උන් අනිවා කතා කරන්නේ ක්‍රීඩාවක් ගැන.
  • කොල්ලෝ ෂොපිං යන්න කැමති ජාතියක් නෙවෙයි. කඩේ යන එක තරම් එපා කරපු වැඩක් කොල්ලන්ට තවත් නෑ.
  •  "අපි අපේ සම්බන්ධේ ගැන කතාකරන්න ඕනේ" කියන වචන හය කොල්ලෙක් අහන්න අකමතිම වචන හයක්.
  • මොකක් හරි සීන් එකක් අවුල් ගියොත් කොල්ලො තමන්ටම බැනගන්නවා සෑහෙන්න. කොල්ලෝ වැරැද්ද අනුන් පිටට දාන්න හදනව අඩුයි.
  • කොල්ලන්ට ඉක්මන්ට වෙනස්වෙන්න පුළුවන්, ඒ වුනත් ඉවසීම නම් ටිකක් අඩුයි.
  •  කොල්ලෝ සෙට් එකත් එක්ක ඉන්නකොට කොටි වගේ ඉන්න කොල්ලෝ තමුන්ගේ කෙල්ල ලඟදි ඉන්නේ පූස්පැටව් වගේ. හැබැයි ඒ කෙල්ලන්ට බයේ නෙවෙයි, ඒ කොල්ලන්ගේ හැටි.
  • තමුන්ගේ අම්මාගේ විදියේ කෙල්ලන්ට කොල්ලෝ ගොඩක් කැමතියි
  •  කොල්ලෙක්ව එපා කියල විහිළුවටවත් කියන්න එපා. කොල්ලන්ට ඇත්තටම එපා වෙනවා.
  •  කොල්ලෝ කෙල්ලෝ තරම් සංවේදී නෑ. 
  •  කොල්ලෝ කවදාවත් කෙල්ලෝ වගේ තමන්ගේ සපත්තු කොච්චර දිලිසෙනවද වගේ දේවල් ගැන කතාකරන්නේ නෑ.
  • කොල්ලෝ තමුන් ගැන කරන අගයකිරීම් වලට කෙල්ලන්ට වඩා හොඳින් ප්‍රතිචාර දක්වනවා
කමෙන්‍ටුවක් දාලම යන්න හොදේ.....

Labels:

කෙල්ලෝ ගැන කරුණු 8ක්




1.
තමාගේ පෙනුම කොයි වගේද කියන ප්‍රශ්නයට කෙල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි. තමන්ව සතුටු කරන පිළිතුරක්.

2.
සෞදි අරාබියේ කාන්තාවකට දික්කසාදය ලබගැනීමට තම ස්වාමියා තමාට බීමට කෝපි ලබාදීම ප්‍රතික්ශේප කිරීමත් ප්‍රමාණවත් හේතුවක්

3.
ඉතාලියේ මේරි යන නම ඇති කාන්තාවන්ට ගණිකා වෘත්තියේ යෙදීම නීතියෙන් තහනම්

4.
අර කෙල්ල ලස්සනද කියලා කෙල්ලෙක් අහුවොත් කෙල්ල බලපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි.



5.
ලෝකයේ වැඩිම සහ දෙවන IQ ලකුණු වාර්තා කර ඇත්තේ කාන්තාවන් විසිනුයි

6.
කෙල්ලෝ කවදාවත් තමුන් වැරදියි කියල හිතන්නේ නෑ, එයාලා හිතන්නේ හැමවිටම කොල්ලන් සමාව ගත යුතුයි කියලයි

7.
කෙල්ලෙක්ගේ නානකාමරයේ තිබිය හැකි සාමාන්‍ය භාණ්ඩ ගණන 437 ක් වන අතර මින් බොහෝ දේවල් පිරිමියෙක්ට අඳුනාගැනීමට නොහැකි දේවල් වෙනවා

8.
පිරිමියෙක් දින 7ක ගමනක් යන විට ඇඳුම් කට්ටල 5ක් පමණ රැගෙන යන අතර ඇඳුම් 2ක් දෙවරක් බැගින් අඳිනවා. කාන්තාවක් එම ගමන යනවිට ඇඳුම් 21ක් වත් රැගෙන යන අතර එසේ කරන්නේ එක් එක් දවසේ තමාට අඳින්න ආසා හිතෙන්නේ කොයි ඇඳුමද කියා හිතාගැනීමට නොහැකිවයි.

Labels:

26 Feb 2012

වයස දෙකයි


ඡන්දෙත් දෙයි
2012 පෙබරවාරි මස 26 17:06:19 | චමින්ද මඩවල
ලිසියා රොන්සුලි (36) 2009 සිට යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කරයි. ඇය සිය දියණිය ද සමග එහි යයි. මාසයක් වූදා සිටම ඇගේ දියණිය මව සමග එහි ඒමට පුරුදු වූවාය. දැන් ඇයගේ වයස අවුරුදු දෙකකි. මැති සබයේ ඡන්ද විමසීමක දී තම මව අනුව යමින් කුඩා දියණිය ද අත එසෙව්වාය.

ඔබේ පෙම්වතිය වැඩිපුරම කැමති

, ඒ වුණත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45ක්
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.
2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.
3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.
4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.
5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.
මේ දේවල් අමතක කරන්නත් එපා . . .
6. ඇයව වැළඳගන්න.
7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.
8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.
9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.
10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න.
නිදහස් තැන්වලදී . . .

11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.
12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.
13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.
14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.
15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා.
ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?
 
16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.
17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.
18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.
19. ඇය ලස්සන බව ඇයට පවසන්න.
20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න.
ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න
21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.
22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.
23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.
24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න
25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි.

ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා

26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.
27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.
28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.
29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.
30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි.

ඉතිරියත් කියවන්න, ඔබට මේ කරුණු වැදගත් වේවි
31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.
32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.
33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.
34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.
35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි
ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න
36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.
37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.
38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.
39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.
40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න.
ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.
41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හ සුබ සිහින පතන්න.
42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.
43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.
44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.
45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

උපුටා ගැනීම - අමුතු මිනිස්සු

Labels:

25 Feb 2012

තැල්මක් තදින් පිරිමැදීම සුදුසු නැත


“නිරෝගී බව මිනිසාගේ උතුම් ම ලාභයයි, සතුට උතුම් ම ධනයයි” යනුවෙන් බුද්ධ භාෂිතයේද සඳහන් ව තිබේ. නිරෝගී පුද්ගලයින් ලෙසින් ජීවත්වීමට අප කවුරුත් කැමැතියි. නමුත් නිරෝගීව ජීවත්වීමට නම් අපට වැළඳෙන ලෙඩ රෝග පිළිබඳවත්, ඒවා වළක්වා ගැනීමට අපගේ ඇවතුම් පැවතුම් සකස් කරගත යුතු ආකාරයත් පිළිබඳව යම් කිසි දැනුමක් ලබාගත යුතු වෙනවා.රෝගයක්ම නොවූවත් නිවෙසේ දී මෙන්ම නිවෙසින් බැහැර ස්ථානයකදී වුවද අපගේ ශරීරය තැල්මකට බඳුන්විය හැකියි. යම්කිසි තැල්මක් සිදු වූ විට එම මොහොතේදී අප කි‍්‍රයා කළ යුත්තේ කෙසේදැයි දැන ගැනීම ඉතා වැදගත්. ප‍්‍රථමයෙන්ම අප කලබල නොවිය යුතුය. තැලීමක් සිදු විය හැකි ආකාරයන් දෙකක් පවතී. ඉන් එකක් වැටීමකින් සිදු විය හැකි අතර වැදීමකින් තැල්මක් සිදුවීම දෙවැනි ආකාරයයි.වැටීමක් ලෙසින් අපට යම් කිසි උස ස්ථානයක සිට පහළට වැටීම්, පය පැකිලීමකින් සිදුවන වැටීම් ආදිය සැලකිය හැකිය. යම්කිසි ද්‍රව්‍යයක් හෝ භාණ්ඩයක් වේගයෙන් විත් ශරීරයේ ස්පර්ශ වීම, අප යම් කිසි ද්‍රව්‍යයක, භාණ්ඩයක හෝ බිත්තියක් වැනි ස්ථානයක වේගයෙන් හැපීම ආදිය වැදීමක් ලෙසින් හැඳින්විය හැකියි. මෙලෙසින් සිදුවන තැලීමකදී බොහෝ විට ශරීරයේ බාහිරින් තුවාල නොමැති වුවද ශරීර අභ්‍යන්තරයේ ඇති පේශීන්ට හා අස්ථීන්ට තුවාල සිදු වීමට ඉඩ ඇත. එම නිසා තැල්මක් සිදු වූ විට එය නොසලකා හැරීම ද සුදුසු කි‍්‍රයාවක් නොවේ.තැලීමක් සිදුවන ස්ථානය අනුව එයට ලබා දිය යුතු ප‍්‍රතිකර්ම ද වෙනස් වේ. ශරීරයේ ඉතාමත් සියුම් ස්ථාන මෙන්ම වැදගත් ග‍්‍රන්ථීන් ආදිය පිහිටි ස්ථානවල සිදුවන තැලීම් පිළිබඳව අපගේ වැඩි අවධානයක් යොමුකළ යුතුය.
හිස, ඕනෑම සතකුගේ ඉතාමත් වැදගත් ඉන්ද්‍රියයක් වේ. “මොනව වුනත් කමක් නෑ ඔලුව බේරිලා” යනාදී ජන වහරේ ඇති කියුම් වලින් ද හිසෙහි ඇති වැදගත්කම පිළිබිඹු වේ. හිස කුමනාකාරයකින් හෝ තැලීමකට බඳුන් වූ පසුව එහි බාහිරව තුවාල දක්නට නොමැති වුවද හිස අභ්‍යන්තරයේ සෛල හා පේශීන්ට හානි සිදුවීමෙන් අභ්‍යන්තර ලේ ගැලීමක් සිදු විය හැකිය. මෝටර් රථ අනතුරු ආදියෙහි දී පුද්ගලයින්ගේ බාහිර තුවාල නොමැති වුවද ඔවුන් මිය ගිය අවස්ථා ද දක්නට ලැබේ. මෙයට හේතු වන්නේ හිසෙහි තැල්මක් සිදු වූ අවස්ථාවල එම පුද්ගලයාට සිහි විසඥවීමක් සිදු වන්නේ නම් බොහෝ විට හිසෙහි අභ්‍යන්තරයට නැතිනම් මොළයට හානි සිදු වී තිබීමට වැඩි ඉඩක් ඇත. එවැනි තැල්මකදී එම අවස්ථාවේදීම මඳ සිහියක් තිබුණද ඇතැම් විට කාලයක් ගතවන විට ඔහුට සිහිමඳ බවක් හෝ විටින් විට සිහි විසඥ වීමක් ඇතිවිය හැකියි.එහෙත් හිස තැලීමකට භාජනය වූ පසුව වමනය, හිසෙහි ඇතිවන තදබල වේදනා තත්ත්වයක් ඇතිවිය හැකියි.වමනය පිටවන්නේ නම් හෝ සිහි විසඥ වූයේ නම් එම පුද්ගලයා වහාම රෝහලකට හෝ වෛද්‍යවරයකු වෙත රැගෙන යා යුතුයි. තදබල ලෙස හිසට තැලීමක් සිදුවීම නිසා, එහි ප‍්‍රතිඵලයක් ලෙස වලිප්පුව ඇති විය හැකිය. එබැවින් හිසෙහි බරපතල ලෙස තැල්මක් සිදුවූ අවස්ථා වලදී එය ඉහතින් සඳහන් කළ ලක්ෂණ අනුව අභ්‍යන්තරව හානි සිදුවූ අවස්ථාවක්දැයි විමසිලිමත්වී රෝගියා රෝහලකට ගෙන ගොස් ශෛල්‍ය වෛද්‍ය ඒකකයකින් ප‍්‍රතිකාර ලබාදීම යෝග්‍ය වේ.අත්, පා වැනි ස්ථානයක සිදුවන තැලීමක් බොහෝ විට එතරම් හානිදායක නොවේ.
මෙවැනි ස්ථානයක තදබල ලෙස තැලීමක් සිදු වූ විට අභ්‍යන්තරික ලේ ගැලීමක් හෝ අස්ථි බිඳීමක් සිදු විය හැකි අතර එවැනි අස්ථි බිඳුමක දී එය බොහෝ විට රෝගියාට දැඩි වේදනාවක් ලෙසින් හෝ දැනීමට ඉඩ ඇත. එවැනි තත්ත්වයක් ඇති වූ විට වෛද්‍යවරයකු වෙත රෝගියා රැගෙන යා යුතු වේ. අප සමාජයේ පවතින දුර්මතයක් වන්නේ මෙවැනි තැලීමක් නිසා එය ජීවිතයේ පසු කාලීනව වෙනත් රෝගයක් ලෙසින් ඉස්මතු වීමට හෝ වෙනත්් රෝගයකට හේතුවක් විය හැකි බවයි. මෙවැනි තැලීමක් නොසලකා හැරීමෙන් එය අංශභාගය, පිළිකා වැනි තත්ත්වයන්ට ද හේතු විය හැකි යැයි බොහොමයක් දෙනා සිතති. එය සත්‍යයෙන් තොර වූ හිතලුවක්ම පමණි.පපුවට හෝ පපුව ආසන්නයේ වැටීමක් හෝ වැදීමක් නිසා සිදුවන තැල්මකදී ඒ පිළිබඳව අපගේ වැඩි අවධානය යොමු කළ යුතු වේ. මක්නිසාද පපුව ආසන්නයේ තදබල තැලීමක් සිදු වුවහොත් එය පෙනහළු වලට හානියක් සිදු කිරීමට ඉඩ ඇති බැවිනි. එවිට රෝගියාට ආශ්වාස ප‍්‍රශ්වාස කිරීමට ද අපහසු විය හැකිය.සාමාන්‍යයෙන් තැලීමක් සිදු වූ විට එම තැලීමට බඳුන් වූ ස්ථානයේ වර්ණය වෙනස් වීම, එනම් කළු පැහැයක් ඇතිවීම, ඉදිමීම හා වේදනාවක් ඇතිවීම සිදුවේ. තැල්මක් සිදු වූ ස්ථානය අයිස් දමා හෝ වෙනත් කිසිදු ආලේපයක් ගල්වා තදින් ඇතිල්ලීම සුදුසු නැත. එමගින් තැල්ම සිදුවූ ස්ථානයේ අභ්‍යන්තරව තුවාල සිදු වී ඇති පටක වලට එයින් වැඩි හානියක් සිදු විය හැකි බැවිනි. නමුත් තැල්මක් සිදුවූ ස්ථානයේ අයිස් තැබීමෙන් වේදනාව මඳක් අඩුකර ගත හැකිය. එමෙන්ම තැල්මට ලක්වූ ස්ථානය විවේකීව තැබිය යුතුයි. එනම් සන්ධියක් තැල්මට බඳුන් වූවා නම් එය කි‍්‍රයාකාරී නොකොට විවේකීව තැබිය යුතු වේ.අභ්‍යන්තරික හානියක් සිදු වී ඇතැයි ඔබට හැඟේ නම් එය පරීක්ෂා කොට වෛද්‍යාධාර ලබා ගැනීම සඳහා පළපුරුදු වෛද්‍යවරයකු වෙත යාම හෝ රෝහලකට යාම වැදගත් වේ. මන්ද නැතිනම් ලේ කැටියක් ඇතිවී එය පැසවීමට ලක්විය හැකි බැවිනි. අභ්‍යන්තරික හානියක් සිදු වී නොමැති තැලීමක් නම් එය කාලය ගතවීමත් සමගම යථා තත්ත්වයට පත්වනු ඇත.

24 Feb 2012

යෞවනයේ උන්මාදනීය වූ ඩෙනිමේ කතාන්දරය


වත්මන් යොවුන් පරපුර වඩාත්ම ප‍්‍රියකරනු ලබන ඇඳුම් විලාසිතා කීපයක් ම තිබේ. ඉන් ඩෙනිම් (Denim) නමින් හැඳින්වෙන ඇඳුම් මෝස්තරවලට ඔවුන් බෙහෙවින් ම ප‍්‍රිය මනාප බවක් දක්වන බව රහසක් නොවේ. අද විශ්ව ගම්මාන හරහා විසිරි සිටින කුඩා දරුවන් ද තරුණ පරපුරද, වැඩිහිටියන්ද, මහල්ලන්ද ලිංග භේදයකින් තොරව ඩෙනිම් ඇඳුම් ඇඟලා ගැනීමට කැමැත්තක් දක්වන බව පෙනේ.ඇඳුම් මෝස්තර විලාසිතා අතරට ඩෙනිම් ඇඳුම් අහම්බෙන් එක් වූ ෆැබ්රික් රෙද්දක් බව කියනු ලැබේ. මීට ශත වර්ෂ ගණනාවකට ඉහතදි රෙදි නිෂ්පාදකයන් විසින් සොයා ගන්නා ලද මෙම ඇඳුම පසු කලකදි ’ඩෙනිම්’ නමින් හඳුන්වන ලදී. පසුකලකදී අප කා අතරත් ජනප‍්‍රිය වූ ජීන්ස් නැමැති කලිසම්ද ජැකට්ස් නමැති උඩ කබාද මහන්නේ ඩෙනිම් ඇඳුමෙනි.ඩෙනිම් ඇඳුම් වර්ගය, ඉන්දියානුවන් විසින් හඳුන්වනු ලබන කාකි ඇඳුමට බොහෝ සමාන්තරව යන්නකි. කලක් බටහිර ලෝකයේ රදළයන් විසින් ඩෙනිම් ඇඳුම හෙලා දකින ලද්දේ එය තැලෙන පොඩිවන කම්කරුවන් හා පුංචි මිනිසා විසින් ප‍්‍රයෝජනයට ගන්නා ලද ගොරෝසු ඇඳුමක් බව සමච්චලයට ලක් කරමිනි. මෙසේ රදළයන්ගේ උපහාසයට යොමු වූ ඩෙනිම් ඇඳුම (ජීන්ස් කලිසම) පසුකලදී ප‍්‍රධාන පෙළේ ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පීන්ගේ ඇසට ලක් වෙමිනි.බර වැඩ කරනු ලබන පුංචි මිනිසාගේ ගොරොසු ඇඳුමක් බවට පත් වී තිබුන ඩෙනිම් ඇඳුම, ඇඳුම් නිර්මාණ ශිල්පීන් ගේ අතට පත්වීමත් සමග ඔවුහු එයින් අලුත් ඇඳුම් මෝස්තර විලාසිතාවක් නිර්මාණය කර වෙළඳ පොළට හඳුන්වා දුන්නා. පසු කලකදි ජීන්ස් කලිසම් හා ජැකට් බහුතර ජනතාවගේ ජනප‍්‍රියම ඇඳුම් මෝස්තරයක් බවට පත් වූයේ ඉන් ඉක්බිතිවය. ජීන්ස් ඇඳුම් පිළිබඳ උන්මාදයකුත්, ඩෙනිම් සංස්කෘතියකුත් විශ්ව ගම්මාන හරහා පැතිරී යෑමට මෙම සංසිද්ධිය පසු කලකදී තදින්ම බලපෑවේය.ඩෙනිම් ඇඳුමේ උපත ද ඉතා රසවත් එකකි. එය දකුණු ප‍්‍රංශයේ නිම්සා නමැති ගම්මානයේ රෙදි නිෂ්පාදකයකු විසින් සොයා ගන්නා ලද්දක් බව කියනු ලැබේ. සර්ගෙ ඩි. නිම්  (Serge de nim) නමැති නම පසුකලකදී ඩෙනිම් වූ බවත් මෙයට එම නම තබන ලද්දේ ප‍්‍රංශයේ නාවිකයන් විසින් බවත් කියන කතාවක් පැරණි පොත්පත් වල සඳහන් වෙයි. දහනවවෙනි ශත වර්ෂයේදී පමණ ප‍්‍රංශ නාවිකයන් ඩෙනිම් රෙද්ද සොයා ගත් බවත් ඉන් පසු ඔවුහු එය රුවල් නැව්වල රුවලට භාවිතා කළ බවත් කියති. රුවල්වලට භාවිතා කරන ලද ඩෙනිම් රෙද්දෙන් ඉතිරි වූ රෙදිවලින් ඔවුහු කලිසම් මසා ප‍්‍රයෝජනයට ගත් බව ද කියවේ.
එකල රුවල් නැව්වල රුවලට පාවිච්චි කරන ලද්දේ සුදු ඩෙනිම් ය. බරවැඩවල යෙදී සිටිය නාවිකයන්ට සුදු රෙද්දෙන් මසන ලද කලිසම ප‍්‍රශ්නයක් විය. බර වැඩවල නිතර වී සිටීම නිසාත් නිතරම තෙල් සහ මජන් වැනි දේ ගෑවීම නිසාත් ඔවුන්ගේ සුදු ඩෙනිම් කලිසම අපවිත‍්‍ර වී ගියේය. පසුව ඩයි වර්ගයක් යොදා ඩෙනිම් රෙද්දේ සුදු ඔවුහු නැති කර ගත්හ.දාහතරවෙනි ශත වර්ෂයේදී ඩෙනිම් රෙද්දෙන් ජීන්ස් නමැති කලිසම් වර්ගය නිෂ්පාදනය කොට මහා පරිමාණයෙන් වෙළඳ පොළට නිකුත් කිරිමට එකල රෙදි නිෂ්පාදනයට ප‍්‍රසිද්ධියක් ඉසුලූ ලෙවි ස්ට‍්‍රාවුස් සහ සමාගමද(Levi Strausst & Co) ලි සහ සමාගමද(Lee & Co) ඉදිරිපත් විය. ලෙවි සමාගම 1856 දී ද ලී සමාගම 1889 දී ද ආරම්භ කරන ලද රෙදි නිෂ්පාදන ආයතන දෙකකි.ජීන්ස් කලිසම මුලින්ම භාවිතා කරන ලද්දේ නාවිකයන් විසින් බව එහි ඉහතින් සඳහන් කළෙමු. පසු කලකදි එය නොයෙකුත් කර්මාන්තයන්හි යෙදී සිටින කම්කරුවන් අතරද පැතිර ගියේය. එකල කවුබෝයි නොහොත් ගොපල්ලන් නමින් හැඳින් වූ ටැක්සාස්වල ජීවත් වූ මිනිසුන්ගේ ජනප‍්‍රිය ඇඳුම වූයේ ද ජීන්ස් කලිසමයි. නැවියන්ගෙන්, කම්කරුවන්ටත්, කම්කරුවන්ගෙන් ගොපල්ලන් අතරත් පැතිරී ගිය ජීන්ස් කලිසමේ හැඩය මෙන්ම නිමාවද පසු කලකදී ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පීන් විසින් වෙනස් කරන ලදී. ඩෙනිම් ඇඳුමෙන් නිෂ්පාදනය කරන ලද බොහෝ ජීන්ස් කලිසම් ඇගටම හිරවෙන ලෙස නිර්මාණය කිරිමට ඇඳුම් නිර්මාණ ශිල්පීන්ට උවමනා විය. මෙම නර්මාණය ජීන්ස් අඳින ලොකු කුඩා කොයි කා අතරත් පැෂන් එකක් මෙන් පැතිරී ගියේය. මෙම අලුත් විලාසිතාව ඉන් ටික කලකට පසු හොලිවුඩ් පුරයට ද පැතිරි ගියේය. එකල හොලිවුඩ්පුරයේ සිටි සුපිරි නළුවන් වන මාලන් බ‍්‍රැන්ඩෝ, සහ එම්. ජේම්ස් ඩීන්, ජීන්ස් කලිසම ඇඳීම පුරුද්දක් කොට ගත්හ. හොලිවුඩ් නළු නිළියන් ගේ ප‍්‍රියතම ඇඳුම ජීන්ස් කලිසම බවට පත් වීමත් සමගම නළුනිළි වන්දනාවේ යෙදුන රසික පිරිස් ජීන්ස් කලිසම් යන ජැකට් ඇදීම එක්තරා පැෂන් එකක් බවට පත් කළ ගත්හ. ඩෙනිම් ඇදුමෙන් මහන ලද ජීන්ස් කලිසම් හා ජැකට් වලට ඉන්පසු හැම රටකින් ම ඉල්ලම් ගලා ඒමට පටන්් ගත්තේ මෙම සංසිද්ධියෙන් පසුවය.
මුල් කාලයේ යුරෝපා රටවල පමණක් ජනප‍්‍රිය වූ ඩෙනිම් ඇඳුම් පසුු කලකදී ආසියානු කලාපයේ රටවල් වල ජීවත්වන යොවුන් පරපුර අතර ශීඝ‍්‍රයෙන් පැතිරී යෑමට පටන් ගත්තේය. ජීන්ස් කලිසම් සහ ජැකට් තරුණ තරුණියන්ගේ ජනප‍්‍රියම ඇඳුම් විලාසිතාවක් බවට පත් විය. ඩෙනිම් පමණක් සියයට විසිපහකින් ඉහළ ගොස් තිබිණි. එයින් ලැබුණ වාර්ෂික ආදායම රුපියල් කෝටි 175 ක් දක්වා ඉහළ ගියේය.ඩෙනිම් ඇඳුම් මුලින්ම නිෂ්පාදනය කරන ලද්දේ බටහිර රටවල පමණි. පසුව එය ආසියානු කලාපයේ රටවල්වලට ද පැතිර ගියේය. ඉන්දියාව ඩෙනිම් ඇඳුම් නිෂ්පාදන කර්මාන්තයට අතගසන ලද්දේ අසූූව දශකයේ මුල් භාගයේ දීය. ඩෙනිම් ඇඳුම් නිෂ්පාදනය කරන ලද යුරෝපා රටවල සුප‍්‍රසිද්ධ ඩෙනිම් නිෂ්පාදන සමාගම් කීපයකම ශාඛා ඉන්දියාවේදී පිහිටු වන ලදී.ලෙවිස් (Levis) ගැප්(Gap)රයිෆල් (Rifle)ඩීසල්(Deisel)රැන්ග්ලර් (Wrangler)එවැනි සමාගම් කීපයකි. මෙම වෙළඳ නාමයන් අද ඩෙනිම් ඇඳුම් ක්ෂෙත‍්‍රයේ සුප‍්‍රසිද්ධ, එමෙන් ම ජනප‍්‍රියම නාමයෝය.අද යොවුන් පරපුරේ ජනප‍්‍රිය ම ඇඳුමක් බවට පත් වී තිබෙන ජීන්ස් කලිසම ගවුම සහ ජැකට් එක අනිත් ඇඳුම් පැළඳුම් මෙන් හැම තැනකටම ඇඳගෙන යා හැකි ඇඳුම් විශේෂයක් ද නොවේ. විනෝද ගමනක් යන විට, එසේත් නැත්නම් බර වැඩක යෙදෙන විට ඇදීමට සුදුසු ඇඳුමක් හැටියට එය හඳුන්වනු ලැබේ. එහෙත් අද අපේ තරුණ තරුණියන් මගුල් ගෙදරටත්, මරණ ගෙදරටත්, ගමනක්් බිමනක් යන විටත්, කන්තෝරුවට යන විටත් අදින්නේ පළදින්නේ ඩෙනිම් ඇඳුම්ය.අද ලෝකයේ ඇති ඇඳුම් විලාසිතා අතරින් තරුණ තරුණියන්ගේ ජනප‍්‍රියම ඇඳුම් මෝස්තරයක් බවට පත් වී ඇත්තේ ජීන්ස් කලිසමය. එය තරුණ වැඩිහිටි මහළු කා අතරත් එක සේ ජනප‍්‍රිය වී ඇත.