පිරිමි හැඟීම්, දැනීම්, ගැහැණු හැඟීම්, දැනීම්
එක්තරා දවසක මට පොලේදී කාන්තාවන් දෙදෙනෙක් අතර කතාබහක් අසන්නට ලැබුණි.
“ඔබේ පුරුෂයා ඔබට කතාකරනවද?” අනෙක් කාන්තාවගේ පිළිතුර වුයේ, “අපොයි ඔව්,
එයා රෑ කෑමට මොනාද කියලා අහන්න ඕනේ නේ!”
පුරුෂයින් එක වරකට සිතීම හෝ හැගීම කරනමුත් කාන්තාවන් සිතීම සහ හැගීම
එකවිට සිදුකරයි. ඉතින් මේ නිරීක්ෂණයට අනුව පුරුෂයින් තමන් සිතන දේ තමා තුලම
තබා ගැනීමට උත්සහ කිරීම පුදුමයක් නොවේ. පුරුෂයින්ට සාපේක්ෂව ඔවුන්ගේ ආදරය
ප්‍රකාශ කල පසු, යලිත් කතා කිරීමට අවශ්‍ය වන්නේ අවස්ථා තුනකදී පමණකි.
ලිංගිකත්වය, මුදල් සහ වෙන්ව යාමට යන අවස්ථා ත්‍රිත්වය සඳහායි.
ඒ අනුව තමන්ගේ කාන්තාව කතා කිරීමට අවශ්‍ය යයි පවසද්දී පුරුෂයා තමන්ට එක
විට සිතීමට සහ හැඟීමට සිදුවන බව අවබෝධ වෙයි. මෙය ඔහුට අභියෝගයකි. බොහොමයක්
පුරුෂයින් කතා කිරීමට මැලි කමක් දැක්වීම මෙයින් අවබෝධ කරගත හැක. බොහෝවිට
පුරුෂයින්ට මෙය තමන්ගෙන් ජිවය ඉවත් වන්නා සේ දැනේ.
බොහෝවිට පුරුෂයා කතා කිරීමට අවශ්‍ය යයි පැවසු විට එයින් ගම්‍ය වන්නේ “ඔබ
සති අන්තයේ කරන්නේ කුමක්ද?” වැනි ප්‍රශ්නයකි. නමුත් කාන්තාවක් කතා කිරීමට
අවශ්‍ය යයි පැවසු විට පුරුෂයින්ට හැඟෙන්නේ යම තැනක යම දෙයක් වැරදි ඇති
බවයි. ඔවුන් බොහෝවිට “අය්යෝ ඒ පාර මම මොකක්ද කලේ?” යන ප්‍රශ්නය සිතින්
අසාගනී. තමන්ගේ සම්බන්ධයට තර්ජනයක් එල්ල වී ඇති බව සිතයි. පුරුෂයින් තේරුම්
ගත යුතු දෙය නම්, කාන්තාවක් කතා කිරීමට අවශ්‍ය යයි පැවසු විට ඇය කියන්නේ
ඇයට තවත් ඔබට සමීප වීමට අවශ්‍ය බවයි. නමුත් ඔබ සිතන්නේ යමක් වැරදි ඇති
බවයි.
මේ තත්වයට හේතු වන තවත් කරුණු කිහිපයක් තිබේ. උදහරනයක් ලෙස, කාන්තාවන්
සාමාන්‍යන් පිරිමින් මෙන් දෙගුණයක් කතා කරයි. ඔවුන් මිනිත්තුවකට වචන
250ක් පමණ කතා කරන අතර පිරිමින් කතා කරන්නේ මිනිත්තුවකට වචන 125 පමණි. දවස
පුරාවට කාන්තාවන් වචන 25000ක් පමණ කතාකරන අතර පුරුෂයින් කතා කරන්නේ 12000ක්
පමණි. ඒ අනුව පුරුෂයින් කතා කිරීමට අකමැති තව හේතුවක් වන්නේ බොහෝ
කාන්තාවන්ට ඔවුන්ව කතා කර පරාජය කල හැකි වීමයි.
තවත් කාරණයක් වන්නේ කාන්තාවන් ඉක්මනින් කතකිරීමයි. ඔවුන් උද්යෝගයට පත්වූ
විට තමන්ගේ පුරුෂයාට වඩා වේගයෙන් කතා කිරීමත්, ඔහු නිවැරදි වචනය සොයන
අතරමැදදී ඔහුගේ කතාවට බාධා කිරීමත් සිදුවේ. මෙය සිදු වූ විට පුරුෂයා අදහස්
ප්‍රකාශ කිරීමෙන් වලකි. ඒ ඔහුට තමා කියන්නට සිටි දේ අමතක වීම හෝ, තමා
පරාජයට පත්වූව වැනි හැඟීමක් ඇති වීමයි. පුරුෂයින්ට හැඟීම්බර කතා බහකදී
හැඟීමකට සරිලන වචනයක් ඉදිරිපත් කිරීම අපහසු කාර්යක් වන අතර බාධාවක් ඇතිවූ
විට යලිත් මුල් කතාබහට එලබිමත් ඔවුන්ට සෑහෙන අභියෝගයක්.
ඉතින් තමන්ගේ සහකරුවා සිතන විදිහ අවබෝධ කරගැනීම ඕනෑම සම්බන්ධයකදී
අත්‍යාවශ්‍ය වේ. උක්ත තත්වය හඳුනා ගත පසු කතා කිරීම දෙපර්ශවටම පහසු වේවි
යයි මාගේ විශ්වාසයයි.
සැලකිය යුතුයි: මෙම ලිපිය පරිවර්තනයක් පමණි. නිර්මාණයේ අයිතිය කතෘ සතු වේ. [මුල් ලිපිය]
