29 Nov 2011

ත්‍රිපිටකය

ධර්ම චක්‍රය.jpg

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලවම මතු පරපුරට උරුම කරමු !

ත්‍රිපිටකය (තෙවලා දහම්)
    විනය පිටකය    
   
                                       
සුත්ත-
විභංග
ඛන්ධක පරි-
වාර
               
   
    සුත්ත පිටකය (සූත්‍ර පිටකය)    
   
                                                      
දීඝ
නිකාය
මජ්ඣිම
නිකාය
සංයුත්ත
නිකාය
                     
   
   
                                                                     
අංගුත්තර
නිකාය
ඛුද්දක
නිකාය
                           
   
    අභිධම්ම පිටකය    
   
                                                           
ධම්ම. විභං. ධාතුක.
පුග්ග.
කථාවත්. යමක පට්ථානප්පකරණ
                       
   
         

බුදු දහම
ධර්ම චක්‍රය
බුදුරජාණන් වහන්සේ
අටවිසි බුදුවරු
ශ්‍රී සද්ධර්මය
ආර්ය සංඝයා වහන්සේ
මූලික සංකල්ප
තිසරණය
චතුරාර්ය සත්‍යය
පටිච්ච සමුප්පාදය
නිර්වාණය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
වෙනත්
බුදු දහමේ ඉතිහාසය
(කාල රේඛාව)
ප්‍රකට බෞද්ධයින්
බුදු දහම, කලාපය අනුව
ත්‍රිපිටකය
ධර්ම සංගායනා
බෞද්ධ සංස්කෘතිය
නිකාය
මහායානය
වජ්‍රයානය
 
ථේරවාද බුදු දහමේ ඉගැන්වීම් සඳහන් පුස්ථක වහන්සේ ත්‍රිපිටකයයි.
මෙසේ බුදුන්ගේ දේශනා අඩංගු පිටක තුනකි නොහොත් ත්‍රි පිටකයකි. ඒවා නම්,
  • විනය පිටකය
  • සූත්‍ර පිටකය (සුත්ත නොහොත් සුක්ත) පිටකය
  • අභිධම්ම පිටකය (අභිධර්ම) පිටකය
දැනට පවත්නා පරිදි ධර්මය විනය ත්‍රිපිටකයකට බෙදා සකස් කරන ලද්දේ ප්‍රථම සංගායනාවේ දීය. මෙම ත්‍රිපිටකය රහතන් වහන්සේගේ කට පාඩමින් පැමිණ ක්‍රිස්තු පූර්ව 80 දී පමණ ශ්‍රී ලංකාවේ රජකල වළගම්බා රජු ගේ රාජ්‍ය සමයේ දී මාතලේ අලුවිහාරයේ දී රහතන් වහන්සේගේ විසින් පළමු වරට ග්‍රන්ථාරූඪ කරන ලදී.

විනය පිටකය

භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා බුදු රජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදිය විනය පිටකයේ අඩංගුය. මෙහි භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා නියෝග පනවා ඇති හෙයින් විනය පිටකයට ආනා දෙසනා යැයිද කියනු ලැබේ.
විනය පිටකයේ ප්‍රධාන කොටස් තුනකි.
  • සුත්ත විභංග
  • බන්ධක
  • පරිවාර

සූත්‍ර පිටකය

සූත්‍ර පිටකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ධර්මය පිළිබඳ ප්‍රතිපාදනයයි. බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් ඔබ්බට නොගොස් දෙසු අවවාදාන්විත සූත්‍ර, උපමා කතා ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය. සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් පවත්වන ලද හෙයින් මෙයට වෝහාර දේසනා යැයිද කියනු ලැබේ.
සූත්‍ර පිටකය ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදේ.

දීඝ නිකාය

මෙහි සූත්‍ර 34ක් වේ. බුදු රජාණන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර අඩංගු වන්නේ ද ‍ දීඝ නිකායේය.

මජ්ඣිම නිකාය

මෙහි මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර 152ක් ඇත. චතුරායර්ය සත්‍යය, කර්මය, ධ්‍යාන, සමාධි, ආත්මවාදයේ දෝෂ සහ නිර්වාණය ආදිය පිළිබඳ විස්තර මෙම සූත්‍ර වල අඩංගුය.

සංයුක්ත නිකාය

මෙහි කෙටි සූත්‍ර 56ක් අඩංගුය.

අංගුත්තර නිකාය

මෙය නිපාත 11 කට බෙදා ඇත.

ඛුද්දක නිකාය

මෙම නිකායට ‍ග්‍රන්ථ 15 ක් අයත් වේ.
  1. ඛුද්දක පාඨය - මෙහි කොටස් 9කි.
  2. ධම්මපදය - මෙය බෞද්ධ සාහිත්‍යයේ ප්‍රසිද්ධම හා ජනප්‍රියම ග්‍රන්ථයයි. ගාථා 423 මෙහි ඇතුලත් වන අතර ඒවා වර්ග 26කට බෙදා ඇත.
  3. උදානය - මෙහි වර්ග 8ක් ඇත.
  4. ඉතිවුක්තකය
  5. සුත්ත නිපාතය - මෙයද බෞද්ධ සාහිත්‍යයේ ප්‍රසිද්ධ ග්‍රන්ථයකි. මෙයට වර්ග 5ක් හා සූත්‍ර 72ක් ඇතුලත්ය. මුලු ග්‍රන්තයම ගාථා ස්වරූපයෙන් දක්වා ඇත.
  6. විමානවත්ථුය (විමාන වත්ථු) - බෞද්ධ සාහිත්‍යයේ ඇති දිව්‍ය ලෝක පිළිබඳ සවිස්තරව සඳහන්ව ඇත්තේ මෙහිය.
  7. පේතවත්ථුය (පේථ වත්ථු) - අපාය සහ ප්රේත ලෝක පිළිබඳ සවිස්තරව සඳහන්ව ඇත්තේ මෙම ග්‍රන්ථයේය.
  8. ථේරගාථාය (ථේර ගාථා) - භික්ෂූන් සිය ජීවිත තොරතුරු ගැන ප්‍රකාශ කරන ලද විස්තර ඉදිරිපත් කර ඇත්තේ මෙම ග්‍රන්ථයේය. මෙගි ගාථා 1279ක් ඇතුලත් වේ.
  9. ථේරීගාථාය (ථේරී ගාථා)- භික්ෂූණීන් සිය ජීවිත තොරතුරු ගැන ප්‍රකාශ කරන ලද විස්තර ඉදිරිපත් කර ඇත්තේ මෙම ග්‍රන්ථයේය. මෙහි ගාථා 522ක් ඇතුලත් වේ.
  10. ජාතකය - මෙහි ඇතුලත්ව ඇත්තේ බුදු රජාණන් වහන්සේගේ පෙර ජන්මයන් වල කථාවන් ය. එහි ජාතක කථා 550 ක් ඇතුලත්ය.
  11. නිද්දේසය - මෙහි ප්‍රධාන කොටස් දෙකකි.
    1. මහනිද්දේසය
    2. චූළනිද්දේසය
  12. පටිසම්භිදාය (පටිසම්භිදා මග්ග) - මෙහි ප්‍රධාන කොටස් 3කි.
  13. අපදානය - මහායානයේ අවදාන නම් ග්‍රන්ථ මේ ගණයේලා ගැනේ. අපදානය කොටස් දෙකකට වෙන් කර ඇත.
    1. ථේරපදානය
    2. ථේරීපදානය
  14. බුද්ධවංසය - ගෞතම බුදු රජාණන් වහන්සේ සහ උන්වහන්සේට පෙර උපන් බුදුවරු 24 දෙනා වහන්සේ පිළිබඳ කථා ඇතුලත් ගාථා සඳහන්ව ඇත්තේ මෙහිය.
  15. චරියා පිටකය - පාරමිතා පිළිබඳ පැහැදිලි කිරිමට මෙය රචනා කර ඇත. මෙහි ජාතක 35ක් ගාථා වලින් දක්වා ඇත.

අභිධම්ම පිටකය

එකම සිද්ධාන්තයක් හෝ විෂයයක් පිළිබඳව දිග්-දර්ශණ (Intelligence) ආදී බොහෝ ප්‍රභේද කර දැක්වීම සහ නිර්වාණය දෙසට යොමුවූ ධර්මය ප්‍රතිපාදනය කිරිම නිසා මෙම පිටකය අභිධම්ම ලෙස නම් කරයි.
සූත්‍ර පිටකයේ විස්තර කර ඇති සිද්ධාන්ත හා විෂයයන් පිළිබඳව පැහැදිලි කිරීම් සිදු කිරීම සහ සහ ඒවා පිළිබඳ ශාස්ත්‍රීය දෘෂ්ටියකින් යුතුව විවේචනයන් ඉදිරිපත් කිරීම ආදිය ප්‍රධාන වශයෙන් අභිධම්ම පිටකයෙන් සිදු කෙරේ. අභිධම්ම පිටකයට පරමත්ථ දේසනා‍ යැයි ද කියනු ලැබේ. මෙහි ග්‍රන්ථ 7ක් ඇතුලත් වේ.
  1. ධම්මසංගණිප්පකරණය
  2. විභංගප්පකරණය
  3. කථාවත්ථුප්පකරණය
  4. පුද්ගලපඤ්ඤත්තිප්පකරණය
  5. ධාතුකථාප්පකරණය
  6. යමකප්පකරණය
  7. පට්ඨානප්පකරණය 
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

හොලිවුඩ් නළු නිළියන් විදින වදයක්


දෙනෝ දහසක් වසඟයට ගත හැකි කඩවසම් පෙනුමක් හා ලස්සන රුවක් ඇති ඕනෑම තරුණයකුට හෝ තරුණියකට සිනමා තාරකාවක් වීමට ලෙහෙසියෙන්ම පුළුවන. ලස්සන රූපය රංගන ශිල්පියකුවීම සඳහා අවශ්‍යවන සුදුසුකමක් බැවිනි. එහෙත් මේ ලස්සන රූපය - රසිකයන් මෝහනයට පත්කරනු ලබන නාරිදේහය කොයිතරම් කලක් ඒ අයුරින්ම රඳවා තබා ගත හැකි ද? වැඩිම වුණොත් දශක තුනක් එම රුව පවතියි. ඉන්පසු....?ඕනෑම කෙනකු තත්පරෙන් තප්පරයට වයසට යන බව හැබෑවකි. කෙනකු වයසට යෑම සක්කරයාටවත් නැවැත්විය නොහැකි ය. වයසට යන විට ඕනෑ ම කෙනකුගේ රුව වෙනස් වීම ස්වභාවිකය. නළු නිළියන්ට ද මෙම පොදු ධර්මතාව එසේ ම බලපායි. එහෙත් කවුරු වයසට ගියත්, වයසට යෑමට අකමැති එකම ජාතිය නළු නිළියෝය. වයසට යෑමට පමණක් නොව රූපය නැති කර ගැනීමට ද මොවුන් කැමැති නැත. කොපමණ වයසට ගියත් රුව රැක ගැනීම සඳහා මොවුන් නො කරන දෙයක් නැත. එයට හේතුව ඔවුන්ගේ පැවැත්ම හා ජනප‍්‍රියත්වය රඳා පවතින්නේ රූපය මත බැවිනි. රූපය නැති වූ දාට ඔවුනට සිනමාවෙන් සමුගැනීමට අනිවාර්යයෙන්ම සිදුවෙයි.මේ නිසා විශේෂයෙන් ම හොලිවුඩ් සිනමා නළු නිළියෝ කොපමණ වයසට ගියත් හැමදාමත් තාරුණ්‍යය රැක ගැනීමටත් තිරිහන් වීමටත් පුදුම වෙහෙසක් දරන බව පෙනේ. මෙන්න එයට නිදසුන් කීපයක්.ටීනා ටර්නර් හොලිවුඩ් හි සිටින හැටපැන්න ගැහැනියකි. දැනට හැට තුන්වන විය පසුකරමින් සිටින ටීනා තමන්ගේ රුව රැක ගැනීම සඳහා කිසි දිනක ව්‍යායාම වල නොයෙදෙයි. එහෙත් දිනපතා රාතී‍්‍රකාලයට පැය තුනක් වේදිකාව මත රඟුම් පායි. තමන්ගේ රුව රැක ගැනීම සඳහා වේදිකාව මත කරන රැගුම හොඳම ව්‍යායාමක් බව ටීනා කියයයි. ටීනා ඇගේ මුහුණ ගැන ද විශේෂ අවධානයක් යොමු කරයි. රංගන ශිල්පියකුගේ වටිනාම වස්තුව මුහුණ බව ඇය කියයි. වයසට ගියත් මුහුණේ සහ ඇගපතේ හැඩ රුව රැක ගැනීමට තමා වෙහෙසෙන බව ඇය සඳහන් කරයි.
අද හැත්තෑ දෙවෙනි වියේ පසුවන ඇන්ගි ඩිකින්සන් නමැති නිළිය පෙනුමෙන් තවමත් තරුණියක වැන්න. මෙම තරුණකම ලබා ගැනීම සඳහා ඇන්ගි පටක සැත්කම් (Plastic surgery)කීපයකටම මුහුණ දුන් බව කියයි. කෙනකු වයසට යන විට ශරීරයේ හම හැකිලී, රැළි වැටෙයි. මෙම රැළි වැටීම නවත්වා ගැනීමට ඇති හොඳම ප‍්‍රතිකර්මය පටක සැත්කම බව ඇය කියයි.ඩෙටී මුරේ ද අද පනස් විය ඉක්මවමින් සිටින හොලිවුඩ් නිළියකි. අඩ සිය වසක් ගෙවා සිටින ඩෙටී තරුණකම රැක ගැනීම සඳහා නොයක් විධියේ ආලේප වර්ග ගල්වයි. සිරුර තිරිහන්ව තබා ගැනීම සඳහා ටැබ්ලට් වර්ග ගනී. “නිළියක හැටියට මගේ වටිනාම වස්තුව මගේ මුහුණ හා ශරීරයයි..... දිරාපත්වන්න නොදී එය රැක ගැනීම මගේ යුතුකමක්” ඩෙටී කියයි.හතළිස් පස්වෙනි විය පසු කරමින් සිටින පොප් ගායිකා - නිළි මැඩෝනා ඇගේ රුව රැක ගැනීම සඳහා දිවා රෑ වෙහෙසෙන කලාකාරියකි. සම පැහැපත්ව තබා ගැනීම සඳහා ඇය නොයෙක් වර්ගයේ ආලේප ගල්වයි. හැමදාමත් තිරිහන් වී සිටීමට අවශ්‍ය බව ඇය කියයි. එහෙත් ඒ සඳහා පටක සැත්කම් කිරීමට කැමැති නැති බව ද මැඩෝනා කියා සිටියි.ගොල්ඩ් හැවන් නමැති හොලිවුඩ් නිළිය මේ ගෙවා දමමින් සිටින්නේ පනස් හත්වෙනි අවුරුද්දය. පනස් පස්වන විය පසු කරන විට ඇගේ මුහුණේ රැළි වැටීමට පටන් ගත්තේ ය. ඒ සමඟම ඇගේ තරුණ කම ගිලිහී ගියේ ය. ගෝල්ඩ් ඇගේ රැළි වැටෙමින් තිබෙන මුහුණ පටක සැත්කමට භාජනය කළා ය. මෙම සැත්කමෙන් පසු ගෝල්ඩි යළිත් තරුණියක වී සිටියි.පටක සැත්කම් වලින් රුව රැක ගැනීමට බැරි බව පවසන්නේ සුසාන් සරන්ඩොන් ය. අද පනස් හයවන වියේ පසුවන මෙම හොලිවුඩ් නිළිය ව්‍යායාම්වල නිරත වීමෙන් හා සම පැහැපත්ව තබා ගැනීම සඳහා ආලේප ගැල්වීමෙන් තරුණකම රැක ගෙන සිටියි. තෙල් කෑම නොගැනීමටත්, චොකලට්, කේක් වැනි පැණි රස කෑම වර්ග නොගැනීමටත් ඇය වග බලා ගනියි. තරුණකම රැක ගැනීමට නම් කට (කෑමෙන් - බීමෙන්) පරිස්සම් කර ගත යුතුව ඇතැයි ද ඇය පවසයි.ජේන් පොන්ඩා හැටේ දශකයේ හොලිවුඩ් සිනමාවේ රජ කළ නිළියකි. රංගන ශිල්පිනියක ගේ පැවැත්මට රූපය හා තරුණකම අවශ්‍යම දෙයක් බව ඇය කියයි. මේ දෙකම ගිලිහී ගියදාට නිළිකම නැතිවෙන බව කියන ජේන් පොන්ඩා රූපය හා තරුණකම ආරක්ෂා කර ගැනීම හැම රංගන ශිල්පිනියක්ගේම වගකීම බව ද කියයි. පටක සැත්කම්වලට භාජන නොවී රූපය රකින බෙහෙත් හා ව්‍යායාම් ගැනීමෙන් තරුණකම හා රුව රැක ගැනීමට පුළුවන් වන්නේ යැයි ජේන් පොන්ඩා කියා සිටියි.
එලි මැක්පර්සන් නමැති නිළිය ද පටක සැත්කමකට මුහුණ දුන් රංගන ශිල්පිනියකි. හැට පිරෙන විට හැම කෙනෙකු ගේම බෙල්ලේ සහ මුහුණේ රුළි වැටෙයි. ව්‍යායාම කිරීමෙන් හෝ ආලේප ගැල්වීමෙන් හෝ රැළිවැටීම  නතර කළ නො හැකි බව ඇගේ මතයයි. පටක සැත්කමකට භාජනය වීමෙන් මෙම රැලි නැතිකර ගත හැකි බව එලී සඳහන් කරයි.වයසට යන විට ඕනෑම කෙනෙකුගේ හැඩරුව වෙනස් වීම ස්වභාවික ය. අත පය, බෙල්ල, සහ මුහුණ යන තැන්වල රැළි මතුවීමට පටන් ගනී. නළල හා ඇස් යට ඉරි මතුවෙයි. මුහුණේ පැවති තරුණ කම හා හැඩය වෙනස් වී යයි. සමහර විට කම්මුල් මහත්වී මුහුණේ තිබූ පියකරු බව නසා දමයි. මෙවන් අවස්ථා වල දී ආලේප ගැල්වීමෙන් හෝ ව්‍යායාම්වල යෙදී මෙන් හෝ නැති වී ගිය තරුණ කමවත්, රූපයවත් යළි ලබා ගැනීමට නොහැකි බව වෛද්‍යවරු මත පළකරති. මුහුණේ වෙනස් වීම සහ රැළි වැටීම නැති කර යළි තරුණකම ලබා ගැනීමට කළ යුතු එකම පිළියම පටක සැත්කමකට මුහුණ දීමය. එවැන්නක් නොකර මුහුණේ ඇතිවන වෙනස් කම වෙනස් කළ නොහැකි යැයි ද දොස්තරවරු කියා සිටිති.බාබරා හර්සේ, සිල්වෙස්ටර් ස්ටැලෝන්, ලිසා කුඩ්රෝව්, හොලී හන්ටර්, ඩෲ බෙරිටොර්, නටාලි පොම්මන්, ටොම් කෲස්, ටෙරි ටයිලප් මුරේ, කාල් බුර්නට් සහ චීර් යන හොලිවුඩ් නළු නිළියන් අද තරුණ කමත් රූමත් බවත් රැකගෙන සිටින්නේ පටක සැත්කම්වලට පිංසිදු වන්නට ය. ඔවුන්ගේ තිරිහන්වීමේ රහස ද එයයි.

28 Nov 2011

චන්ද්‍රයාගේ උපත



චන්ද්‍රයා තම කක්ෂය ඔස්සේ පෘථිවිය වටා භ‍්‍රමණය වන විට එහි මූණත විවිධ හැඩයන් වලින් දක්නට ලැබෙනවා. සඳෙහි කලා ඇතිවීම යනුවෙන් මෙය අප හඳුන්වනු ලබනවා. සෑම විටම චන්ද්‍රයාගේ එක් අර්ධයකට පමණක් සූර්යාලෝකය ලැබෙන අතර මෙය හරියටම පෘථිවියේ එක් අර්ධයකට දිවාකාලය ලැබෙන විට අනෙක් අර්ධයට රාති‍්‍රය ලැබෙන ආකාරයට සමානයි. චන්ද්‍රයාගේ කලා ඇතිවීම එහි අර්ධයකට ඕනෑම අවස්ථාවක ලැබෙන සූර්යාලෝකය කොපමණ ද යන්න මත රඳා පවතිනවා. නව සඳ යනුවෙන් හැඳින්වෙන කලාවේදී එහි පෘථිවියට ආසන්න අර්ධය සම්පූර්ණයෙන්ම අඳුරු වී තිබෙනවා. සතියකට පසු සඳ දෙස බලන විට එහි දකුණු පස දීප්තියෙන් ආලෝකමත් වී තිබෙන අයුරු දැකගත හැකිය. එය පුර පක්ෂය වශයෙන් හඳුන්වනු ලබනවා. තවත් සතියකට පසු සම්පූර්ණ චන්ද්‍රයාම දීප්තියෙන් බබලන අයුරු දැකගත හැකියි. එය පුර පසළොස්වක යනුවෙන් හඳුන්වනවා. තවත් සතියකින් පසු එහි වම් පස ආලෝකමත් වී තිබෙන අයුරු දැක ගත හැකි අතර එය අව පක්ෂය යනුවෙන් හඳුන්වනු ලබනවා. නැවත සතියකින් එය සම්පූර්ණ අඳුරු ස්වභාවයට පත්වෙයි. මෙම සම්පූර්ණ කි‍්‍රයාවලිය සිදුවීමට ගතවන කාලය චන්ද්‍ර මාසයක් යනුවෙන් හඳුන්වනවා.
සූර්ය ග‍්‍රහණ සහ චන්ද්‍රග‍්‍රහණ ඇතිවීමපෘථිවියේ සහ චන්ද්‍රයාගේ භ‍්‍රමණයන් හේතුවෙන් සමහර අවස්ථා වල සූර්යයා සහ පෘථිවිය අතරට චන්ද්‍රයා පැමිණෙනවා. එවැනි අවස්ථාවලදී චන්ද්‍රයාගේ සෙවණැල්ල පෘථිවියේ යම් කොටසකට පතිත වෙනවා. තවත් ආකාරයකින් කියතොත් මේ හේතුවෙන් පෘථිවියෙ වෙසෙන අපට සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් නොපෙනී යනවා. සූර්යයා සම්පූර්ණයෙන් නොපෙනී ගියවිට එය පූර්ණ සූර්ය ග‍්‍රහණයක් වශයෙන්ද, සූර්යයා අර්ධ වශයෙන් නොපෙනී ගිය විට එය අර්ධ සූර්යග‍්‍රහණයක් වශයෙන් ද හඳුන්වනු ලබනවා. පූර්ණ සූර්යග‍්‍රහණයක් ඇති වූ විට පොළොව රාති‍්‍රය මෙන් අඳුරු වෙනවා. ඉහත ආකාරයටම සූර්යයා සහ චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිණ ඒවා එකම රේඛාවක පිහිටන අවස්ථාවකදී සූර්ය කිරණ පෘථිවියට වැටීමෙන් ඇති වන පෘථිවියේ සෙවණැල්ල චන්ද්‍රයා මතට වැටී එය නොපෙනී යනවා. මෙම කි‍්‍රයාවලිය චන්ද්‍රග‍්‍රහණයක් ලෙස හඳුන්වනවා. “හඳ රාහු ගිලිනවා” යනුවෙන් හඳුන්වන්නේ මෙම කි‍්‍රයාවලියයි.
වඩදිය බාදිය (උදම් රළ) ඇතිවීමපෘථිවියේ ගුරුත්වාකර්ෂණ ශක්තිය මෙන් 1/6 ගුණයක් ප‍්‍රබල ගුරුත්වාකර්ෂණ බලයක් චන්ද්‍රයා සතුව පවතිනවා. නමුත් පෘථිවියේ ඇති සාගර ජලයේ උදම් ඇතිවීමට තරම් මෙම ගුරුත්වාකර්ෂණ බලය ප‍්‍රබලත්වයකින් යුක්ත වෙනවා. පෘථිවියේ එක් පැත්තක් සඳට මුහුණලා සිටින විට සඳේ ගුරුත්වය නිසා සාගර ජලය ඉහළට එසවෙනවා. පෘථිවියේ මඳ චලනයත් සමඟ චන්ද්‍රයාගේ ගුරුත්ව බලපෑම ඇති වූ විට පොළොවේ ඈතින් පිහිටි පැත්තේ ජල ස්කන්ධයට එහි බලපෑම එල්ල වීමෙන් වඩදිය ඇතිවෙනවා. ඒ අතර අනෙක් පැත්තේ මුහුදු මට්ටම පහළ බැසීම සිදුවෙනවා. එවිට එය බාදිය යනුවෙන් හැඳින්වෙනවා. පෘථිවිය භ‍්‍රමණය වන විට ලෝකය වටාම සාගර වල මේ ආකාරය වඩදිය - බාදිය ඇතිවීම සිදුවෙනවා.
චන්ද්‍රයාගේ උපතචන්ද්‍රයාගෙන් ලබාගත් පාෂාණ වලින් සිදුකරන ලද ගණනය කිරීම් අනුව එහි වයස වසර බිලියන 4.6 ක් පමණ වනුුඇතැයි අනුමාන කෙරෙනවා. අපගේ පෘථිවිය ඇතුළු සෞර ග‍්‍රහ මණ්ඩලයත් මේ තරම්ම වයස වන්නට ඇතැයි විද්‍යාඥයින්ගේ විශ්වාසයයි. අභ්‍යවකාශ ගවේෂණයේ නූතන යුගය එළඹෙන්නට පෙර, විද්‍යාඥයින් විසින් චන්ද්‍රයාගේ උපත පිළිබඳව ප‍්‍රධාන සිද්ධාන්ත තුනක් ඉදිරිපත් කර තිබුණා. පෘථිවියේ ළදරු අවස්ථාවේදී එය ද්‍රව තත්වයේ පවතින විට, එහි භ‍්‍රමණය නිසා ඉවතට විසිවී ගිය ද්‍රව්‍ය වලින් චන්ද්‍රයා සෑදෙන්නට ඇතැයි යන්න එක් මතයක්. මේ පිළිබඳව ඇති තවත් මතයක් වන්නේ සූර්ය නිහාරිකාවකින් එක් වරම පෘථිවිය හා චන්ද්‍රයා බිහිවන්නට ඇති බවයි. එසේ බිහිවූ චන්ද්‍රයා පෘථිවියේ ගුරුත්වාකර්ෂණය මගින් අල්ලා ගන්නට ඇති බව විද්‍යාඥයින් වැඩිදුරටත් පවසා සිටිනවා. නමුත් 1975 දී පමණ ඉදිරිපත් වූ තවත් සිද්ධාන්තයකින් කියවුණේ පෘථිවිය, තවත් එවැනිම විශාල වස්තුවක් සමඟ ගැටීමෙන් ඉවතට විසි වී කැබලි මගින් චන්ද්‍රයා උපත ලබන්නට ඇති බවයි. පෘථිවිය හා ගැටුණු මෙම වස්තුව බුද ග‍්‍රහයා තරම් විශාල වන්නට ඇතැයි මුලින් උපකල්පනය කර තිබුණත් 1997 දී ඇමරිකානු විද්‍යාඥයින් පිරිසක් පරිගණක ආශ‍්‍රයෙන් සිදු කරන ලද පර්යේෂණවලට අනුව එම ග‍්‍රහ වස්තුවේ විශාලත්වය බුද ග‍්‍රහයා මෙන් අඩුම වශයෙන් 2.5 ගුණයක් හෝ 3 ගුණයක් විශාල වන්නට ඇති බව සොයාගෙන තිබෙනවා. මෙය ඝට්ටන වාදය ලෙස හඳුන්වන අතර චන්ද්‍රයාගේ උපත සම්බන්ධයෙන් වර්තමානයේ වඩාත්ම පිළිගත් මතය වන්නේ ද මෙයයි. එහෙත් විද්‍යාඥයින් තවදුරටත් මේ පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීමේ නිරතව සිටිනවා. පෘථිවියේ මෙන් චන්ද්‍රයා මත චුම්භක ක්‍ෂේත‍්‍රයක් දක්නට ලැබෙන්නේ නැහැ. එහි ඇත්තේ ඉතාමත් දුර්වල චුම්භක ක්‍ෂේත‍්‍රයක්. ඒවාත් සමහර ස්ථානවල පමණක් පිහිටා තිබෙනවා. එමෙන්ම චන්ද්‍රයාට වායුගෝලයක්්ද පිහිටා නැහැ. මේ නිසා සූර්ය කුණාටු වලට, ග‍්‍රාහක ඝට්ටනයන් වලට චන්ද්‍රයාගේ මතුපිට එක එල්ලේම විවෘතව පවතිනවා. මේ හේතුව නිසා චන්ද්‍රයා මතුපිට අධික ආවාට ප‍්‍රමාණයක් ද දක්නට ලැබෙනවා.

27 Nov 2011

"ෆෙන්ෂුයි” (Fengshui)


 ( කාරුණික ආයාචනයයි: මෙම ලිපිය දිගු මුත් කරුණාකර එය හොඳින් මුළ සිට අගට කියවන මෙන් අයැද සිටිමි..උඩින් පල්ලෙන් කියවීමෙන් මෙහි අරමුණ ඉටු නොවේ..)
මෙම ලිපියට මම පහතින් අමුණා ඇති සේයාරුවෙහි පිළිමය ඔබ දැක තිබෙනවාද?..මෙහි මූර්තිමත් වන්නේ තාඕ (Tao) හෙවත් “ආත්මා” වාදීන් ගේ වාසනාවේ දේවයන් සත් දෙනා අතුරින් එක් අයෙකු ලෙස සැලකෙන “බූදායි”(Budai) නම් දෙවියායි..නමුත් පෙරදිග ශිෂ්ඨාචාරයන් ගැන හරි හැටි වැටහීමක් නැති බටහිර ජාතීන් මෙකී මූර්තිය ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ලෙස අනවබෝධයෙන් සළකා මෙයට”The Laughing Buddha” යන අනවර්ථ නාමය යොදා අමතති…වෙනත් ආගමික චෛතසිකයක හැදී වැඩුනු බටහිරයන් එසේ ඇමතීම අපට වටහා ගත හැක…(එහෙත් අපේ වගකීම වන්නේ බටහිරයන්ටද එකී සාවද්‍යයන් ගැන කරුණාවෙන් විග්‍රහ කර දී ඔවුන්ගේ දුර්මතයන්ද දුරු කීරීමට උත්සාහ දැරීමය..නැතිව “ඔන්න ඔහේ ඕන එකක් හිතා ගත්තාවේ” කීම නොවේ)
….අන්තරාය….
නමුත් වඩාත් අවාසනාවන්ත කරුණ එය නොවේ..නමුත් මෑතක සිට ශ්‍රී ලංකාවේ සිංහළ බෞද්ධයන්ගෙන්ද එක්තරා කොටසක් මෙම ප්‍රතිමාව සිය නිවෙස්,වාහන, කාර්යාල හා ව්‍යාපාරික ස්ථාන වල තබාගෙන සිටිති…ඕනෑම රටක සිට එන ඕනෑම විකාරයක්, ඕනෑම අපද්‍රව්‍යයක් සාදු නාද කොට, පෙරහැර පවත්වා ගෙට වඩම්මාගෙන යන ජාතියක් හැටියට අප ප්‍රකට හෙයින්, මේ තත්වය තවත් උත්සන්න වන්නට මත්තෙන් ඒ ගැන යමක් සඳහන් කිරීමට කල්පනා කළෙමි..
ඉතාම භයානක වන්නේ මෙකී “බුදායි” නම් දෙවියෙකුගේ යැයි කියන රුව ගෞතම බුදු පියාණන්ගේ බවට අප අතරම සිටින ඇතැම් නූගත් බොදු කොටස් කල්පනා කිරීමට පටන් ගැනීමය..මේ තත්වය යුහුසුළුව නිරවද්‍ය නොකළහොත් අනාගතයේදී අපේ බුදු ගෙවල් වල වැඩ සිටින දෙතිස් මහා පුරුෂ ලක්ෂණානූන මහා “විශ්ව සියපත” ගේ රූපකායද අතුරු දහන්ව ඒ වෙනුවට මේ රූපයෙහි දැක්වෙන මහත් වූ උදර සහිත වාමන රූපය ආදේශ වීමේ අන්තරායක් පවතී…
සියළු බොදු ලක් වැසියන්ගේ දැන ගැනීම පිණිස නැවත වරක් මෙලෙස ලියමි…අවධාරණය කොට කියමි..
“මේ සිනා මුසු මුහුණින් සිටින, මුඩු හිසක් සහිත රූපය අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ රූපයක් නොවේ…අවම තරමේ අප වැනි බෞද්ධයන් ජීවත් වන විදේශ රටක වත් ” මේ බුදුන්” යැයි සිතා අඹන ලද රූපයක් නොවේ..මේ වූ කළී බුදු දහම ඈත පෙරදිගට යන්නට මත්තෙන් එහි වූ ඇතැමි විශ්වාස වලට අනුව “බූදායි” නොහොත් ධාන්‍යයට හා ධනයට අධිපති යැයි සැළකෙන් දේවතාවෙකුගේ මූර්තියකි..මෙය මහායාන හෝ ථේරවාදී බුදු දහම් ශාඛා ද්විත්වයට කිසිදු අයුරකින් කිසිම සම්බන්ධයක් නොමැත්තකි…නැවතත් කියන වග නම්, මෙහි ගෞතම බුද්ධ ශාසනයේ කිසිදු ශාඛාවකට කිසිදු සම්බන්ධයක් නැත…මේ අපේ බුදු හාමුදුරුවෝ නොවේ”
( ආදරණීය පාඨකයනි! කරුණාකර මහා විනාශයක් වීමට මත්තෙන් මේ ගැන ඔබේ බොදු, නොබොදු මිතුරන් දැනුවත් කිරීමට වග බලා ගන්න )
….මෙන්න අපේ බුදු හාමුදුරුවෝ….
සකළ විධ, අචින්ත්‍ය වූ විශ්ව සත්ව විෂයටම ඉහළින් පෘතුවියෙහි මිනිස් කුළකය ඔසවා තබන, මනු කුළ කිරීටය වූ අපේ බුදු හාමුදුරුවෝ, බුදු වරයන්ට පමණක්ම අනන්‍ය වූ “දෙතිස් මහා පුරුෂ ලක්ෂණ” වලින් සමන් විත වන සේක…එකී දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පහත පරිදිය…(දීඝ නිකායේ “ලක්ඛණ” සූත්‍රය ඇසුරෙනි)
1. සුප්ට්ඨිත්ත පාද – සම්මා සම්බුද්ධ සිරි පතුළෙහි සාමාන්‍ය මිනිසුන්ගේ මෙන් ඉදිරි පස ඇඟිලි සහ පසු පස විළුඹ අතර, ඇතුළට නෙරීමක් නැත..උන් වහන්සේගේ පාදය සමව බිම ස්පර්ෂ කරයි…
2. හෙට්ඨාපාදතලෙසු ච්ක්ඛාණි – “පාද තලෙසු” යනු යටි පතුළයි..බුදු සිරි පතුළෙහි චක්‍රයක සළකුණක් සහිතය..මෙය යශෝධරාවන් රහල් කුමරු අරඹයා බුදු ගුණ වැනුමට ගැයූ “ඡත්ත වරන්ඛිත රක්ත සුපාදෝ” යන්නෙන්ද නිරූපණය කෙරෙයි…මේ චක්‍රය සමඟ සිරි පාද පත්මයෙහි තවත් “මේරු, චක්ඛවාළ සිඛරී, මිග,සූරෝ, ධජෝ” යනාදි සඥෙ‍යෛය ලක්ෂණ 108ක් ඇත…
3.ආයතපණ්හි – දික්වූ විළුඹ සහ වළළුකර
4.දීඝංඟුලි – දිඟු ඇඟිලි
5.මුදු තළුනභත්ථ පාද – “තළු” යනු පත්ලයි..සිරිපා පත්ල ඉතා මට සිළුටු වේ
6.ජාල හත්ථ පාද – බුදු හිමියන්ගේ අත්පා වල ඇඟිලි (මහපටැඟිලි හැර ) සමාන දිගින් සහ සමාන ඇඟිලි පුරුක් වලින් සමන්විතය..
7. උස්සඬ්කපාදතා – වළළු කර උස්ය
8. එණිජඬ්ගා – මුවෙකුගේ කෙණ්ඩා බඳු සෘජු, නොපළුදු කෙණ්ඩා ඇත්තේය…
9. ඨිතකෝව අනෝමමන්තෝ උභෝහි අත්තේභි ජන්නුකාමි පරිවසති – සෘජුව සිට ගත් කළ සිය දෙ අතින්, දෙදන නොනැමීම ඇල්විය හැක..
10. කොසෝහිත වත්ථගුය්හ – කෝෂයක් පරිද්දෙන් වැසුනු පුරිස් ලකුණකි
11. සුවණ්ණවණ්ණ – රන් වන් පැහැ සිරුර
12. එකෙකලොම – බුද්ධ ශරීරයෙහි සමෙහි එක් රෝම කූපයක ඇත්තේ එක් රෝම ධාතුවක් පමණකි…
13. උද්දග්ගලොම – තථාගතයන් වහන්සේ ගේ සිරසෙහි කේශ ධාතු දකුණට නැමී ඇති “ඌර්ණ රෝම” ලක්ෂණයෙහි පිහිටයි
14. බ‍්‍රහ්මුජ්ජුගත්ත – පහන් ටැඹක් සේ උස්වූ සෘජු, කැපී පෙනෙන නායක ශරීරයකි..
15. සත්තුස්සද – තිලෝගුරු ශරීරයෙහි සවිමත්, පැහැපත් මස් ගොබයන් දෑතෙහිද, දෙපයේද ඇතියෙන් මහා ප්‍රතාපයක් ගෙන දෙයි..
16. සීහපුබ්බද්ධකාය – “පුබ්බද්ධ” යනු “පූර්ව අර්ධ” යන්නයි..බුදු රජාණන් වහන්සේගේ ශරීරයෙහි ඉදිරි අර්ධය කේසර සිංහයෙකුගේ මෙන් තේජ සම්පන්නය…
17. චිතන්තරංස – පුළුල් වූ සම්බුද්ධ උරතළයන් අතර කිසිදු ඇතුලට නෙරීමක් නැත…( සාමාන්‍ය පිරිමියෙකුගේ උරහිස් පතු සහ ගෙල අතර අස්ථි අතුරින් මාංශ ඇතුළට නෙරා යයි..)
18. නිග්‍රෝධ පරිමණ්ඩල – නීග්‍රෝධ වෘක්ෂය වූ කලී පුරාතන දඹදිව්හි කිසිදු පැත්තකට බර වීමක් හෝ ස්ථුල වීමක් නොමැති, කෙළින් සෘජුව අහසට වැඩෙන යෝධ රුකක් ලෙස ප්‍රකට වූවකි..සම්මා සම්බුද්ධ ශ්‍රී ශරීරයද එකී වෘක්ෂය මෙන් අභිමානී වූ සිරුරකි..
19. සමවත්තක්ඛන්ධ – සෘජු, සමාන වක්‍රව වූ ගෙල ප්‍රදේශය
20. රසග්ගසග්ගී ජ්ව්හ – ආහාර වලින් සමාන රස දෙන සම්බුද්ධ රන් දිව
21. සීහහනු – සවිමත්, සිංහයෙකුගේ බඳු, කැපී පෙනෙන හනු සහ හකු පාඩා
22. චත්තාලීස දන්ත – සාමාන්‍ය මිනිසෙකුගෙ දන්ත හෙවත් දත් 32 කි…ශ්‍රී සම්බුද්ධ මුවෙහි සිරි දළදාවෝ 40 ක් පිහිටති..
23. සමදන්ත – දත් බෙහෙවින් සමාන පෙනුමෙන් යුතුය
24. අවිවරදන්ත – සිරි දළදාවෝ මත හෝ ඒවා අතරෙහි කිසිදු විවරයක් නැත..
25. සුසුක්කදාඨ – “සුසුක්ක” යනු “සුදෝ සුදු” යන්නය..බුද්ධ සිරි දළදා ඉමහත් සුදු පැහැයෙන් දිලෙයි..
26. පහූත ජිව්හො – විශ්වයටම අමා වැසි වැස්වූ රන් දිව ඉතා පළල්ය…සවිමත්ය…
27. බ‍්‍රහ්මස්වර – “බ්‍රහ්ම” යන්න පාලියෙහි “අසමසම” යන්නට යෙදේ…සම්මා සම්බුද්ධ ධර්ම ස්වරය අසම සමය…
28. අභිනීලනෙත්ත – ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙන, තියුණු සම්බුද්ධ නේත්‍ර සඟල
29. ගොපමුඛ – අළුත උපන් ගෝ පෝතකයෙකුගේ මුවෙහි ඇති රත හා සමාන රතු ඇස් පිල්ලම්
30. උණ්ණා – ඌර්ණ රෝමය
31. උණ්හීසසීස – දිය බුබුළක් මෙන් මනා හැඩයෙන් යුතු සම්බුදු සිරස
32. සුඛුමච්ඡවි – ඉතා මුදු මොළොක් සම
අපේ බුදු හාමුදුරුවෝ ඉහත සඳහන්, සම්මා සම්බුදු වරුන්ට පමණක් සීමාව පහළ වන ලක්ෂණ 32කින් සමන්විත දේහ ධාරී වන සේක..දැන අර චීන පිළිමය දෙස බලන්න…සිනා උපදවන සුළු, සිල්ලර කඩේක මුදලාලි කෙනෙකු බඳු වූ මේ පෙනුමෙන් කළා කරුවෙකු බුදුන් දැක්කා විය හැකිද?..මුළාවේ නොවැටෙන්න…අපේ ගෞතම බුදු හාමුදුරුවෝ ඉහත පර්ණයෙහි වූ මහා තේජසින් යුක්ත විශ්ව නායකත්වයකි…අතීතය දැකිය හැකි සෘද්ධිමත් මහ රහතුන් වහන්සේලාගෙන් අසා දැන ගෙන “බුදු රදුන් නම් මේ යැයි” ඉන්දියාවේ කුෂාණ රාජ පරම්පරා විසින් නෙළවූ ලොව පළමු බුද්ධ ප්‍රතිමා වහන්සේලා හා ඒ ඇසුරෙන් සිරි ළක විශ්මිත ගල් වඩුවන් නෙළු අවුකන ආදී විජය ලීලා ඇති බුදු ප්‍රතිමා තුළින් වත් අපට සැබෑ ජීවමාන සම්මා සම්බුදු වරයෙකුගේ බුද්ධ තේජස මේ යැයි නිවැරදිව දැක බලා ගත නොහැක…බුදුන් වහන්සේ යනු ඒ සා සුපිරි පෞර්ෂයකි..
….විකාර ආවේ කොහෙන්ද?….
අප රටේ එතරම් ජනප්‍රිය නොවූ මෙකී පිළිමය අප රටට පැමිණියේ “ෆෙන්ෂුයි” (Fengshui) නම් චීන සම්ප්‍රදායික විශ්වාස මාලාවද සමඟිනි..ඇත්ත වශයෙන්ම කියතොත් ෆෙන්ෂුයි යනු බුදු මඟින් බෙහෙවින්ම බැහැර වූ, ආත්මලෝභී විකාරයකි..එපමණක් නොව එහි ඇතැම් ඇදහිලි ඉතාම හාස්‍ය ජනකය..උදාහරණ ලෙස: වැලි පැකට් පසුම්බියේ දමාගෙන යාම, ගංඟා වලින් ඇහිඳින තිරුවානා ගල් බෙල්ලේ එල්ලා ගැනීම වැනි විසුළු වැඩ තුළින් තමාට යහපත් කාළයක් උදා වේ යැයි විශ්වාස කිරීමකි…
බුද්ධිමත් බෞද්ධයිනි..මඳක් සිතා බලන්න..එක එක වැලි වර්ග ළඟ තබා ගැනීමෙන් වාසනාව උදාවනවා නම්, මෙලොව මහා ධන කුවේරයන් වන “බිල් ගේට්ස්, වොරන් බුෆේ, කාර්ලෝස් ස්ලිම්” වැනි අය අබිබවා, කැළණි ගඟේ වැළි ගොඩ දමන්නන් ධනවත් විය යුතු නොවේද?.. එසේ නම්”ෆෝබ්ස්, ද ඉකොනොම්ස්ට්”(Forbes & The Economist) බඳු ජාත්‍යන්තර වාණිජ සඟරා ලොව ධනවත්ම මිනිසුන් ලෙස නම් කළ යුත්තේ ජා-ඇල, වත්තල වැලි මුදලාලිලා නොවේද?…එහෙනම් නිතර වැළි සහිත මඩෙහි ගැවසෙන “කිරි ඉබ්බන්, කාවයියන්, දිය බරියන්, කබරයන්, ගෙම්බන්” ඊටත් වඩා ධනවත් වාසනාවන්තයන්ද?
1949 දී චීනයේ මා ඕ සේතුං විසින් සන්නද්ධ කොමියුනිස්ට් විප්ලවය ජය ගැන්වීමෙන් පසුව, චෞ එන් ලායි (Chou- En – Lai) නම් විප්ලවීය නායකයා යටතේ ආ “සංස්කෘතික විප්ලවය” මඟින් මේ ෆෙන්ග් ෂුයි නම් මනෝ විකාරය තහනම් කොට රටින් අතු ගා දමන ලදී…රෝ බිය, මත් බිය, පර සතුරු බිය නිසා උපතේදී ආයු අපේක්ෂාව වසර 49 කට සීමා වී තිබූ චීනය ලෝක තලයේ යෝධයෙකු ව නැඟී සිටියේ මේ විහිළු වලින් එරට නිදහස් වීමෙන් පසුවය..”ෆෙන්ග්ෂුයි” ගෙන එන වාසනාවේ තරම ඔබට එයින් සිතා ගත හැකිය…දැන් මේ සමයම් වලින් නිදහස් වූ පසුව චීනයට හරි ගොස් ඇති සැටි පසුගිය ඔලිම්පික් (2008) සමාරම්භක උළෙලෙන්ම ඔබට වැටහෙන්නට ඇතැයි සිතමි…
අවාසනාවක මහත! මේ මළ විකාර ඒවා උපන් රටවලින් අතු ගෑවී යද්දී, ඒවා උපන් රටවල් පවා මේවායින් බැහැරව දියුණුවේ හිනි පෙත්ත කරා යද්දී, පිට සක්වළ ජීවින් පවා සරණ ගිය මහා විද්‍යාවක් උපතින් උරුම කර ගත් අප, ඒ කුණු කසළ කෑමට සැදී, පැහැදී සිටින්නෙමු…
….මේවා ගෙනාවේ කවුද?….
උපන් චීනයේ ජනතාව පවා බැහැර කළ මේ මිසදිටුව ලක්දිව ව්‍යාප්ත කිරීමේ පෙරමුණ ගෙන කටයුතු කළේ, සෙල්ල කතරගම පැත්තේ අළුතින් ඉදිකළ “දේවාලයක්” ගජරාමෙට කාසි උණන “පිටකොටුව” බඳු බහු විධ ජාවාරම් පොළක් බවට පත් කර ගත්, විකිණෙන්නේ නැති ජෝතිෂ්‍ය පත්තරයක කළමණාකාරීත්වය විසිනි..(ඉහත දේවාලයට ඔබ ගොස් ඇත්නම් මා කියන දෙයම ඔබටත් වැටහී ඇතැයි සිතමි..)…මේ දේවාලයට ඔබ එක් වරක් හෝ ගොස් තිබෙනවාද?..මේ දේවාලය වනාහි බ්‍රහ්ම ජාල සූත්‍රයෙහි බුදු පියාණෝ කොටස් 64කට බෙදා ප්‍රතික්ෂේප කළ අන්ත “ශාස්වථවාදී” විශ්වාස අතර ඇති, “ක්‍රිෂ්ණා, හනුමාන්” ඇදහීම අපේ බෞද්ධයන්ට හුරු කර, ඒවායේ ඇති මිසදිටු අයිතමයන් විකුණා ගැනීමට සකසන ලද ජාවාරම් පොළකි….(ජාතියේ පිනට උපන් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ට 2007 වසරේදී මාරක අපළයක් ඇති බවට, කුහක දේශාපලන කොන්තරාත්තුවක් ගෙන, ඵල කළේ මේ කෑදර පුවත්පතමය..)
කිරට හඬන අසරණ බිළින්දන් සිටින රටක සිංහළ බෞද්ධයෝ බුරුතු පිටින්, උන් මඟ හැර ගොස්, මේ දේවාලය මැද්දේ තොටිල්ලක “ක්‍රිෂ්ණ බබා” ලෙස නම් කොට තබා ඇති ප්ලාස්ටික් බෝනික්කෙකුට රට කිරි පිටි පැකට්, ළදරු සුවඳ විළවුන්, සබන්, ආහාර පාන යහමින් පූජා කරනු මේ දේවාලය පුරා සැළකිල්ලෙන් ඇවිදින ඕනෑම අයෙකුට දැක බලා ගත හැක…මුලදී අළුතින් සෑදු නිවෙස් වල හට්ටි, මුට්ටි එල්ලා තබා ගන්නා ලෙස කියන විහිළුවකින් පටන් ගත් මොවුන් නිසා, අළුතින් සෑදූ නිවෙස් හිමියන්ට උදා වූ වාසනාවක් ගැන මා නම් අසා නැත…ඒ කෙසේ වෙතත්, උළුවහුවක එල්ලූ මෙවැනි මුට්ටියක සිර වූ අසරණ මීයෙකු නම් මිය පරළොව ගොස් සිටි අයුරු මගේ ඥාතියෙකුගේ නිවසකදී දුටුවෙමි…
එක කාළයක් ශ්‍රී ලංකාවේ හන්දියක්, හන්දියක්, බෝක්කුවක්, බෝක්කුවක් ගානේ, පාළු පිටි, මඩ ගොහොරු ගානේ “විෂ්ණු-ලක්ෂ්මී” පූජා පැවැත්වූයේද මොවුහුය..”ලක්ෂ්මිට” බැරි නම්, “රාමා” ට බැරි නම්, “සීතා” ට බැරි නම්, ඔවුන්ගේ සේවකයා වන “හනුමන්තා” යැයි සිතා ගහක් උඩ ඉන්නා හැලි වඳුරෙකුට හෝ වඳින්නට ඕනෑ එකෙකුට වැඳ ගත්තාට අපට කමක් නැත…නමුත් දැන් පැමිණ ඇත්තේ ඔවුන්ගේ මිථ්‍යා ව්‍යාපාරයේ ඉතාම “බිහිසුණුම” අදියරයි..මේවා ඉවසා වැදෑරුවහොත්, තව ටික දවසකින් මුන් ඔය “බුදායි” (Budai) පිළිමය ඔවුන්ගේ දේවාලයේ ඇති එකම බුදු පිළිමය වෙනුවට තබා “ඒ ඉන්නේ බුදු හාමුදුරුවෝ” යැයි ඔබේ දූ පුතුන්ට කියනු ඇත…කාට, කාටත් තරු පන්ති පිටින් පේන්න ගන්නේ එවිටය..
කරුණාකර මේ ගැන දැනුවත් වන ලෙස මම බුදුන් වඳින දෑත් ඔසවා ඔබ සැමගෙන් ඉල්ලමි..
නො එසේ නම් අනාගත පරපුර “බුදු හාමුදුරුවෝ” යැයි කියනු ඇත්තේ මෙහි පෙනෙන වාමනාකාර රූපයටය..මේ රූපය දෙවියෙකුගේ හෝ වේවා, කාගේ හෝ වේවා, එය වරදවා ගැනීමෙන් විනාශ වන්නේ බෞද්ධ ශ්‍රද්ධාවයි…”බෞද්ධ ශ්‍රද්ධාව” යනු “ප්‍රඥාවේ” පීතෘත්වයයි…එය වැඩි දියුණු වන්නේ හෝ රඳා පවතින්නේ හෝ “බුද්ධ තේජස” ගැන අප දරුවන්ට උගන්වන දෙය අනුවය…”බුද්ධ තේජස” රැඳෙන බුද්ධ ප්‍රතිරූපය විනාශ වන්නේ නම්, එයින්ම ශ්‍රද්ධාවද සමඟ සමස්ථ බුද්ධ ශාසනයම කඩා වැටෙනු ඇත…මිසදිටුවන් බුදු රුවට ඔය තරම් නිගා කරන්නේත් එය දන්නා නිසාමය…දරුවන්ගේ නාමයෙන් දැනුවත් වන්න…
(ඔය ෆෙන් ෂුයි විකාර වලට අපහාස කිරීම නිසා ශාපයක් වදී යැයි හෝ, නපුරක් වේ යැයි හෝ කාට හෝ අනියත බියක් ඇත්නම්, ඒ වෙන නරකක් හෝ වදින ශාපයක් මේ ලිපිය ලියූ මට වදීවායි පතා ඒ බිය දුරු කර ගන්න…බුදු දහමේ නිරවුල් භාවය වෙනුවෙන් ලැබෙන මරණයක් වෙතොත් මම ඊට කිසිදු පැකිළීමකින් තොරව මුහුණ දෙමි…)
“පුන් සඳ මෙන් කඳු මුඳුනේ දිස්වෙන….
රන් වන් සිවුරක් පොරවා රැස් දෙන…..
තුන් ලොවටම මෙත් කරුණා වස්සන…
අන්න බලන් බුදු සමිඳුගේ ලස්සන…..”
 
…මෙන්න අපේ බුදු හාමුදුරුවෝ…
_________________________________
…ෆෙන්ග් ෂුයි මිථ්‍යාව ප්‍රචලිත කරන “බුදායි” පිළිමය…
(Written by D.K. at Cardiff of Wales, United Kingdom.එක්සත් රාජධානියේ, වේල්සයේ කාඩිෆ් හි සිට ලියන ලදී…)       
                                                                                                                          
(පිටපත් කර බෙදා හරින්න)

21 Nov 2011

ලංකාවේ උපන් ලෝකයේ තෙවැනි විශාලම නිල් මැණික


2011 නොවැම්බර් මස 20 12:34:30 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව මැණික් සඳහා ඉමහත් ප‍්‍රසිද්ධියක් ඉසිලූ බව ඓතිහාසික සාක්ෂි රීක්ෂණය කිරීමේදී අනාවරණ්‍ය වේ. ”රත්නදීප”, ”සෙරන්ඩිබ්” ආදී විවිධ නම්වලින් ද හැඳින්වූ අපේ රටේ කි‍්‍ර. පූ. 3 වැනි සියවසට අයත් මෑතකදී සොයා ගන්නා ලද බ‍්‍රහ්මී සෙල් ලිපියක, ”මණිකර” (මැණික් කපන්නා) වැනි වචන ද, මහාවංශය හා චූලවංශය වැනි සිංහල වංශකතාවල මැණික් පරිහරණයේදී ”රුවන්”, ”මිණි” ආදි වචන බහුලව යොදාගෙන තිබීමෙන් හා අතීතයේ සිටම වටිනා වස්තු අතර මැණික්වලට ප‍්‍රමුඛ ස්ථානයක් හිමිවූ බව මනාව පැහැදිලි වෙයි.
එසේම මැණික් ඔබ්බවූ ”මිණි පළඟක්” වෙනුවෙන් චූලෝදර සහ මහෝදර නා රජුන් දෙදෙනා අතර ඇතිවූ අරගලයක් පිළිබඳව ද ඓතිහාසික තොරතුරු අපේ ඉතිහාස කතාවල සඳහන්ය. ශ්‍රී ලංකාව ”මැණික් නිම්නය” නමින් ද සින්බෑඞ් නැවියාගේ කතන්දරවල හඳුන්වා ඇත. තවද ”මාර්කෝපෝලෝ”, ”ඉබන්බටුටා”, ”පාහියන්” වැනි විදේශ සංචාරකයන්ගේ වාර්තාවල මැණික් පිළිබඳව වැදගත් තොරතුරු රැසක් සඳහන්වේ. සොලමන් රජු, ෂීබා රැජිණගේ සිත දිනා ගැනීම සඳහා ලංකා මැණික් ගෙන ඒම පිණිස පණිවුඩකරුවන් අපේ රටට එවූ බවද ඉතිහාසයේ සඳහන්වේ. සමස්තයක් ලෙස සළකනවිට මීට අවුරුදු දහස් ගණනකට පෙර සිටම ශ්‍රී ලංකාව මැණික්වලට ජාත්‍යන්තර ප‍්‍රසිද්ධියක් ඉසිලූ බව මෙම කරුණු කාරණා අනුව පෙනී යයි.
ලොව පරසිදු මැණික් ගල් අතර ලෝකයේ තුන්වැනි විශාලතම ”නිල් ආරනූල”ට හිමිකම් කියනු ලබන්නේ ශ්‍රී ලංකාවය. දීප්තිමත් දර්ශනීය නිල් පැහැයකින් යුත් මෙම නිල් ආරනූල් වර්ගයේ මාණික්‍යයේ මතුපිට ඉතා හොඳින් ප‍්‍රදර්ශනය වන රේඛා හයක් දැකිය හැකිය. මෙම මාණික්‍ය 1973දී මාතලේ දිස්ති‍්‍රක්කයේ ඇලහැර හත්තොට අමුණ ප‍්‍රදේශයෙන් හමුවූ ඉතාමත් දුර්ලභ වර්ගයේ මැණිකක් වන අතර 1971 පිහිටවූ රාජ්‍ය මැණික් සංස්ථාව විසින් මිලදී ගනු ලැබ තිබේ. වර්තමානයේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නමින් හැඳින්වෙන එම ආයතනය රළු මැණිකක් ලෙස මිලදී ගත් මෙය ඇහැලියගොඩ මැණික් සංස්ථාවේ කැපුම් මධ්‍යස්ථානයේදී ගල් දෙකක් ලෙස ඉරා වෙන්කර කපා ඔප දමා තිබේ. එම මාණික්‍ය දෙකෙන් විශාලම මාණික්‍ය මෙය වන අතර මෙහි බර ක‍්‍රාත් 392.92කි. ”ස්ටාර් ඔෆ් ලංකා” යන නාමයෙන් හඳුන්වන නිල් ආරනූල් මාණික්‍ය ජපානයේ සහ ස්වීඩනයේ පැවැත්වූ ජාත්‍යන්තර ප‍්‍රදර්ශන දෙකකදී විදේශිකයන්ගේ විශේෂ ආකර්ශනයට ලක්විය. මීට අමතරව ශ්‍රී ලංකාවේ පැවැත්වූ ”ෆැස්ට්ස්” ජාත්‍යන්තර ප‍්‍රදර්ශනයේදී දළදා පෙරහර සමයේ ක්වීන්ස් හෝටලයේ පැවැති ප‍්‍රදර්ශනයේදී සාර්ක් රාජ්‍ය නායකයන් වෙනුවෙන් ගාලූමුවදොර හෝටලයේදී පැවැත්වූ ප‍්‍රදර්ශනයේදී සහ පසුගිය නොවැම්බර් 01 වැනිදා රත්නපුරේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 40 වැනි සංවත්සර උත්සවය වෙනුවෙන් පැවැති ප‍්‍රදර්ශනයේදී මෙම මැණික දෙස් විදෙස් කාගේත් ආකර්ශනයට ලක්විය.
ලෝකයේ විශාලම නිල් ආරනූල් මාණික්‍ය සතුවන්නේ ඉන්දියාවටය. නමුත් ලෝකයේ මැණික් සඳහා පරසිදු බ‍්‍රසීලය, අපි‍්‍රකානු රටවල් වන ටැන්සානියා, මොසැම්බික් හා මැඩගස්කර් වැනි රටවලින් නිල් මාණික්‍ය හමුවුව ද ඒවා සඳහා වඩාත් ප‍්‍රචලිත රටවන්නේ ශ්‍රී ලංකාවයි. අනෙක් අතට මෙවැනි විශාල මැණික් හමුවන්නේ අපේ රටේ පමණි. සාමාන්‍යයෙන් නිල් ආරනූල් යන මැණික් විශේෂය ගත්කල නිල් පැහැය හොඳින් තිබුණ ද එහි මතුපිට ඇති නූල්හය හොඳින් නොපිහිටන්නට පුළුවන. නැතහොත් නූල් හය හොඳින් පිහිටිය හොත් ගලේ නිල් පැහැය හොඳින් නොපිහිටන්නට පුළුවන.
එහෙත් මෙම විශේෂිත ”ස්ටාර් ඔෆ් ලංකා” නිල් ආරනූල් මාණික්‍යයේ එම විශේෂිත ලක්ෂණ දෙකම ඉතා හොඳින් පිහිටීම නිසා මෙම මාණික්‍යයට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තවමත් වටිනාකමක් තක්සේරු කර නැත.
දැනට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් සංචිතයේ තැන්පත් කර ඇති මෙම දුර්ලභ මාණික්‍ය සේම ”රේ ඔෆ් ටෙ‍්‍රෂර්” නමින් හඳුන්වන ක‍්‍රාත් 103.05 බරැති කණක වෛරෝඩිය ද මැණික් පිළිබඳව උනන්දුවක් දක්වන දෙස් විදෙස් බොහෝ දෙනකුගේ ආකර්ශනයට ලක්වී ඇත. එය නාවලපිටිය ප‍්‍රදේශයෙන් හමුවූ තවත් දුර්ලභ ඝනයේ වෛරෝඩි විශේෂයකි.

20 Nov 2011

ලේ නෑ විවාහය බොහෝ විට අහිතකර වන්නේ ඇයි?


ලේ නෑයින් කියන්නේ කවරෙක් ද?

 මව ගේත් පියා ගේත් පාර්ශ්වයේ නෑයින් ලේ නෑයින් යනූවෙන් හැඳින්වෙනවා. විශේෂයෙන් පියා ගේ පාර්ශ්වයේ සහෝදර සහෝදරියන් ළඟ ම ලේ නෑයින් වගේ ම මව ගේ සහෝදර සහෝදරියන් ගේ දරුවන් ද ලේ නෑයින් වශයෙන් හැඳින්විය හැකියි. අනාදිමත් කාලයක සිට අපේ රටෙි විවාහ වූ ක්‍රමයක් තිබෙනවා. එය හැඳින්වූයේ ඇවැස්ස නෑකමට සිදු වන විවාහය කියල. මේ තමයි ලේ නෑ විවාහය කියන්නේ.


ලේ නෑ විවාහය බොහෝ විට අහිතකර වන්නේ ඇයි?

අපි මෙහෙම සිතමූ. මෙවැනි විවාහයක දී සිදුවන්නේ එක හා සමාන වූ ජාන නැත්නම් වර්ණ දේහවල එක්වීමයි. සමහර විට තරමක දුර නෑකමක් තිබූණත් ඒ දෙදෙනාගේ ම ආච්චියි සීයයි එකම නම් එයිනූත් සිදුවන්නේ ජාන සමාන වීමක්. නැත්නම් එක ම වර්ණදේහවල එක්වීමක්. මේ හැර ආච්චි ගෙයි, සීයා ගේයි, අම්මයි, තාත්තයි( මූත්තයි මිත්තණියයි) දෙදෙනා ගේ පරපූරක් සම්බන්ධ වීමෙනූත් ජාන සමාන වීමක් හෙවත් වර්ණ දේහ සමාන වීමක් සිදුවේ.


මෙම වර්ණදේහ සමාන වීම ඉදිරියේ දී දියූණූ පරම්පරාවක් ඇති කිරීමට හේතුවක් වන්නේ නෑ.


 ඒ කොහොම ද?

 අපි දන්නවා යම් ජීවියෙක් මෙලොව උපදින කොට මව ගේත්, පියා ගේත් වර්ණ දේහවල ලකෂණ අයත් වෙන බව. මෙය පරම්පරාවට යන දෙයක්. අපි මෙහෙම සිතමූ. එක් කුස උපන් සහෝදරයන් දෙදෙනෙකු ගේ දුවක් හා පූතෙකු විවාහ වූණයි කියා. මේ දෙදෙනා ගේ විවාහයෙන් සිදු වූයේ එක හා සමාන වූ ජාන ඇතුළත් වූ නව ජීවියකු බිහි කිරීමයි.


ඕනෑම අයෙකු ගේ ශරීරයේ වර්ණදේහ යූගල් 23ක් තිබෙනවා. මෙම යූගල 23න් එක යූගලයක් ලිංග වර්ණ දේහ යනූවෙන් හැඳින්වෙනවා. මෙම වර්ණ දේහ යූගලය තමයි ජීවියා ගේ ස්ත්‍රී පූරුෂ බව තීරණය කරන්නේ. ඉතිරි වර්ණ දේහ යූගල් 22ම පාරම්පරික විවිධ රෝග හා ලකෂණ රැගෙන එනවා. ලේ නෑ විවාහයේ දී මව ගෙන් හා පියා ගෙන් යන දෙදෙනා ගෙන් ම එකම ජාන දරුවාට ලැබෙනවා. එහි දී එම පරම්පරාවෙන් එන යම්කිසි රෝගයක් තිබෙනවා නම්, එම රෝගයට අදාළ ජාන මව්පිය දෙපාර්ශ්වයෙන් ම දරුවාට ලැබෙන නිසා පාරම්පරික රෝග ලකෂණ හා දුර්වලකම් එම දරුවා තුළ මතු වෙන්නට තිබෙන අවස්ථාව වැඩියි.


ලේ නෑ විවාහය නැත්නම් ශ්‍රී ලංකාවේ විදියට ඇවැස්ස විවාහය නිසා මතුවෙන රෝග මොනවාද?

 අනාදිමත් කාලයක සිට ලේ නෑ විවාහය නැත්නම් නෑනා මස්සිනා විවාහය හෙවත් ඇවැස්ස නෑකමට සිදුවන විවාහය නිසා ඉපදෙන දරුවන් තුළ දකින්නට ලැබෙන්නේ මන්දමානසික රෝග තත්ත්වයයි. හිමෝපීලියාව, තැලමීසියාව වැනි රෝගත් එසේ ඇති වන බව සොයාගෙන තිබෙනවා. නූතන වෛද්‍ය විද්‍යා පර්යේෂණවලට අනූව බොහෝ පිළිකාවලට සහ මානසික රෝගවලට ලේ නෑ විවාහය හේතු වන බව සොයාගෙන තිබෙනවා. මේවාට අමතරව දෑන් ඔප්පූවෙලා තිබෙනවා උපතින් ම අන්ධ බව, බිහිරි බව සහ ගොලු බව සහිත ව දරුවන් ඉපදීමට ලේ නෑ විවාහ හේතු වන බව.


 උපතින් අන්ධ බව ඇති වීමට ලේ නෑ විවාහය හේතු වන බව ඔප්පූ කිරීමට සාකෂි තිබෙනවා ද?

ඔව්, ඉතාමත් නිවැරැදි සාකෂි අපේ රටෙි තිබෙනවා. මෙය මගේ අත්දෑකීමක්. මම දිනක් රත්මලානේ අන්ධ විද්‍යාලයයේ උපදේශනයක් හා දරුවන් ගේ රෝග පරිකෂාවක් සඳහා සහභාගී වූණා.


අප 3,4 සහ 5 යන ශ්‍රේණිවල කුඩා දරුවන්වයි ිපරිකෂාවට ලක් කළේ. මෙම දරුවන් ගේ නම් ගම් වාසගම් පරිකෂාවට ලක් කළා. එහි දී මට හමූවූණා එක ම වාසගම සහිත දරුවන් තිදෙනෙක.් මේ දරුවන් තිදෙනා ම උපතින් අන්ධයි. මම මේ ගැන විමසිලිමත්වෙලා සොයා බලන කොට හෙළි වූණා මේ දරුවන් තිදෙනාම එකම පවූලේ දරුවන් බව. ඔවූන් ගේ මව විවාහ වෙලා තිබෙන්නේ ඇය ගේ ඉතාමත් ළඟ නෑ සොහොයූරෙක් සමඟ. විවාහ වීමට පෙර ඔවූන්ට එල්ල වූ විරුද්ධතාවයන් නොතකා විවාහ වීමෙන් පසූ ඔවූන්ට ලැබූණූ පළමූ දරුවා උපතින් අන්ධයි. වෛද්‍යවරු මේ පිළිබඳව පූර්ණ පරිකෂණයක් කරල දුන් උපදේශය වූණේ තවදුරටත් දරුවන් බිහි කරන්න එපා යන්නයි. එහෙත් එම දෙමාපියන් ඒ උපදෙස් පිලි ගෙන තිබූණේ නෑ. ඉන්පසූ ඔවූන්ට ඉපදුණූ දරුවන් දෙදෙනා ම උපතින් අන්ධ බව ලබලයි් ඉපදුණේ.


මේ එකක් පමණයි. මෙවැනි උදාහරණ රාශියක් අපේ රටෙන් පෙන්වා දෙන්න පූළුවන්.


බටහිර රටවල මෙවැනි සිදුවීමක දී ගන්න පියවර කුමක් ද?

 බටහිර රටවලත් ලේ නෑ විවාහ සිදුවෙනවා. එම රටවල විවාහ වීමට පෙර උපදේශකයන් කරුණූ වටහා දෙනවා. විවාහ වීමෙන් පසූ ගැබ් ගැනීමක් සිදු වූණොත් පරිකෂා කර බලා ගබ්සා කර කලලය ඉවත් කරනවා. එහෙත් ශ්‍රී ලංකාවේ ගබ්සා කර කළලය ඉවත් කරන්න වෛද්‍යවරයකුට වූවත් නීතියෙන් අවසර නෑ. එහෙත් උපදේශනය කරනවා. බොහෝ දෙනා විවාහ වීමට පෙර අප හමූවට එනවා. අපේ උපදේශනය වන්නේ විවාහ නොවී සිටින ලෙසයි. විවාහ වූණොත් දරුවන් බිහි නොකරන ලෙසට උපදෙස් දෙනවා ඔවූන් දෙදෙනා ව පරිකෂා කර බලලා. ඒ හැර වෙනත් ප්‍රතිකාර ක්‍රමයක් නෑ.


ජානමය අතින් දියූණූ මිනිසූන් ලොව බිහිවීමට නම් වෙනස් වූ ජාන සහිත විරුද්ධ ලිංගිකයන් අතර විවාහය සිදු විය යූූතුයි යන්න විද්‍යාත්මක ව පැහැදිලි කළොත්?

පෙරදිග ජාතීන් ජානමය අතින් දියූණූ නොවී තිබෙන්නේ මේ ඇවැස්ස නෑදැ විවාහ ක්‍රමය නිසයි. ලෝකයේ ආදි වාසීන් ගේ වඳ වීම ක්‍රමයෙන් සිදුවන්නේ ඔවූනොවූන් අතර ම විවාහ සිදුවන නිසයි. ඒත් බටහිර ජාතිය දියූණූ ජාතියක් බවට පත්වූණේ විවිධ ජාතීන් අතර විවාහ සිදු වීම නිසයි.


ලෝකයේ මිනිසූූන් වර්ග තුනයි ඉන්නේ. ඒ කියන්නේ මොන්ගොලොයිඩ්, කොකසොයිඩ්, නිග්‍රොයිඩ් කියන වර්ග තුනයි. හොඳම විවාහ නම් මෙවැනි ජාතීන් අතර සිදු වන විවාහයයි. මෙවැනි විවාහවල දී විවිධ ජාන එක් වී සෑදෙන නව ජානවලින් පොහොසත් ජාන එක් වීමක් සිදුවෙනවා. මෙයට වෛද්‍ය විද්‍යාවේ දී කියන්නේ ජීන් පූල් - කියල.


 ඔබ මේ සඳහා දෙන උපදේශනය කුමක් ද?

ඔහූ - ඉදිරියට නිරෝගී බූද්ධිමත් හොඳ පරම්පරාවක් පවත්වා ගෙන යාමට අවශ්‍ය නම් ළඟ ම නෑයින් අතර සිදුවන විවාහ පිටූ දෑකිය යූතුයි. හැකිතාක් නෑකමකට සම්බන්ධ නොවනබ දුරස්ථ පූද්ගලයින් අතර විවාහ සිදු වීම (තවත් විධියකින් කියනවා නම් අන්ත දෙකක ජාන එක් වීමකින් සිදු වන විවාහ) තමයි වඩා හොඳ.



19 Nov 2011

සුබ අසුබ කියන පෙර නිමිති


නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ  ගෙඩිපුල හෙල කුසුම ලිය පිය තෙපළ රන්  කෙඬිසල සුදු සෙමර සේසත් ගිජිඳු නොද  වැඩිබල සුබ නිමිති පෙර මග නැකතටත්  වැඩි
මිති යනු සංකේතයයි. සංකේත හෙවත් නිමිති පිළිබඳ දුරාතීතයේ පටන්ම ජනතාව තුළ තිබුණේ ඉමහත් විශ්වාසයකි. සැලළිහිණි සන්දේශ කතුවර රාහුල හිමියන් නැකතකටත් වඩා පෙර නිමිති බලන්නටයයි කීවේද එනිසයි. වලට ගොස් පලවැල නෙළාගෙන අසපුවට පැමිණි මද්‍රි දේවියට පිය රජු විසින් දරුවන් දන් දුන් පුවත සැලවෙයි. එවිට දේවිය පවසන්නේ පෙර දින රැයේ දුටු අසුබ ස්වප්නය මෙම විපතට පෙර නිමිත්ත වූ බවයි. නිමිති පිළිබඳ එකල ජනතාව තුළ පැවති විශ්වාසනීයත්වය පෙන්නුම් කරන මෙවැනි ජාතක කතා මෙන්ම ජන කතාද සාහිත්‍යයේ ඇත.
බුදු සිරිතේඇසළ පුර පසළොස්වක පෝදා මහාමායා දේවි තොමෝ දුටු සිහිනයේ සුබ අසුබ විස්තර කරන නිමිති ශාස්ත‍්‍රය දත් බමුණන් කීවේ පින්වත් කුමරකු කුස පිළිසිඳ ගත් බවය. සියලු සැප සම්පත් හැරදමා , ගිහිගෙන් නික්මීමට බෝසතුන්ට හේතු වූයේද සතර පෙර නිමිතියි. තමාට ස්ථිර වශයෙන් බුදු බව ලැබෙන බව තහවුරු කර ගැනීමට නිමිත්ත වූයේ බෝසතුන් පෙර දින රාති‍්‍රයේ දුටු සිහින පහයි. බුදු සිරිත හා සබැඳුන නිමිති රැසක් ඇත.
සංකේත නිරික්ෂණයපරිසරයේ සංකේත නිරීක්‍ෂණය කිරීමෙන් එකල ගැමියා නිවැරදි අනාවැකි කියන්නට සමත් විය. කි‍්‍රස්තුස් වහන්සේගේ උපත සංකේතවත් කළේ මෙදින රාති‍්‍රයේ අහසේ පෑයු සුපුන් තාරකාවයි. කෘෂි කාර්මික දිවි පෙවෙතකට හුරු වූ එකල ගැමියා කාලගුණය පිළිබඳ තොරතුරු දැන ගත්තේ පරිසරය නිරීක්‍ෂණය කිරීමෙනුයි.
දෙවියන් අතරමිනිසුන් අතර පමණක් නොව දෙවියන් අතර පවා නිමිති පිළිබඳ විවිධ මත පැවතුණු බව මංගල සූත‍්‍රයේ නිධාන කතාව අපට කියා දෙයි. දෙවියන්ට විසඳාගත නොහැකි ගැටලුව විසඳාලන බුදුන් වහන්සේ සුබ නිමිති නැත්නම් මංගල කරුණු තිස් අටක් පෙන්වා වදාළා. එම කරුණු අටතිස මංගල සූත‍්‍රයේ සඳහන්ව ඇත.
නිමිති වර්ගජන ජීවිතය කෙරෙහි සුවිශේෂි ලෙස බැඳී ඇති නිමිති ශාස්ත‍්‍රය පිළිබඳ දැඩි සේ විශ්වාස කරන ගැමියෝ අදත් ගම්වල සිටිති. රාහුල හාමුදුරුවෝ සුබ නිමිති බලන්නටයයි කීවේ අසුබ නිමිති හා අනතුරු දායක නිමිති හැරය. එසේ නම් සුබ නිමිති , අසුබ නිමිති, අනතුරු දායක නිමිති යනුවෙන් නිමිති වර්ග තුනක් ඇති බව අපට පෙනී යයි.
සුබ නිමිතිසුබ නිමිති මංගල කාරණා ලෙස මඟුල් සුතුරේ දැක්වේ. බාලයන් ඇසුරු නොකිරීම , පණ්ඩිතයන් ඇසුරු කිරීම , පිදිය යුත්තන් පිදීම, සුදුසු පෙදෙසක විසීම , පෙර පින් සිදුකොට ඇති බව , සිත රැක ගැනීම , බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව , සුසික්ඛිත බව, මව්පිය උපස්ථානය , අඹුදරු පෝෂණය , නිවැරදි කර්මාන්ත කිරීම , දන්දීම , ඥාති සංග‍්‍රහය, පාපයන් වැළකීම , මත්පැනින් වැළකීම අප‍්‍රමාදී බව , කළ ගුණ සැලකීම , බණ ඇසීම , ශ‍්‍රමණයන් දැකීම , ධර්ම සාකච්ඡා කිරීම , ඉවසීම , කීකරු බව ඉන් කිහිපයකි.සුවඳ හමන මදනල, පිරුණු කළ , මිහිරි අඹ , සුදු නෙළුම්, පි‍්‍රය වචන කතා කරන කතුන්, රන් කෙන්ඩි සුදු සෙමර , සේසත් ඔද වැඩුණු ඇතුන් සුබ නිමිති බව රහල් හිමියෝ ඉහත පද්‍යයේ දක්වා ඇත.
අසුබ නිමිතිඋලමා හැඬීම , කෑරලා නාදකිරීම , බල්ලෙකු උඩු බුරුලෑම , බල්ලා කන්පට ගැසීම , හූනා චුක් චුක් කීම , ගැරඩියෙකු මුණ ගැසීම, යාන වාහනයට බළලෙකු යටවීම , රාත‍්‍රි කාලයේ තනි නරියා හූ කීම යන මේවා අසුබ නිමිති යැයි සලකති.
උලමාඋලමා අවලස්සන සතෙකි. මා වවුලෙකුට හැඩහුරුකම් ඇති උලමාට ලේනෙකු වැනි වලිගයක්ද ඇත. ගසින් ගසට පැන යාමට මෙන්ම කෙටි දුරක් ඉගිල යෑමටද උපකාරී වන අත් තටු දෙකක් ද ඇත. පා සතරක් ද ඇති උලමාගේ හිසේ පොල්කටු හැන්දකට සමාන මස් වැදැල්ලක් ඇත. උලලෙනා වශයෙන් හැඳින්වෙන මොහු අද්භූත සතෙකු ලෙසද ඇතැමෙක් පිළි ගනිති.සත්‍ය වශයෙන්ම ලියුම්කරු මේ උලමා දැක ඇත. සඳු වතුරින් නැහැවෙන එක් මැදියම් රැයක ගල්ලල කඳු මුදුනක රූස්ස “ දුන් “ ගසක හඬන උලමා මා හට පෙන්වූයේ මගේ ලොකු අක්කාය. ඒ මීට වසර විස්සක තිහකට තරම් උඩදීය .“හෙට උදෙ මළ ගෙයක් ආරංචි වේවි” උලමාගේ මූසල හඬෙහි ගූඪ බව ඇය මසිතේ හිර කළේ එසේය. තනි නරියෙකුගේ හැඬීමද මරණයක පෙර නිමිත්තක් බව ගැමි විශ්වාසයයි.
වැඩ පමා කිරීමගමනක් බිමනක් යාමේදී හෝ කිසියම් වැඩක් පටන් ගැනීමේ දී හුනා චුඞ චුඞ ගෑවා නම්, කෑරලෙකු හැඬුවේ නම්, නැතහොත් බල්ලා කම්පට ගසයි ද එය අසුබ නිමිත්තකි. මඳක් පමාකොට ගමන යාම - වැඩය ඇරඹීම සිරිතකි.
ආගන්තුකයකු පැමිණේපූසා මූණ නාවයිද - නිවස අසල ඇති කිරි ගසක සිට කපුටකු විවිධ තාලවලට හඬයිද එය තම නිවසට කිසියම් අමුත්තකු පැමිණෙන බවට සංකේතයකි.
අනතුරුදායක නිමිතිසත්‍ය ලෝකයේ සිදුවන සුබ හා අසුබ නිමිති හැරුණු කොට සිහින ලොවෙහිදිත් සුබ අසුබ අනතුරු ඵල දෙන නිමිති ඇතිවේ.සිහිනෙන් මස්මාංශ අනුභව කිරීම උදරාබාධ වලට සංකේතයකි. නින්දෙන් වතුර දැකීම සෙම් කෝප රෝග වලට හේතුය .කෙනෙකු මිය ගොස් සිටිනු දැකීම මිය ගිය තැනැත්තාට සුබ වන අතර දකිනා අයට අසුබය.තමන්ගේ රුධිරය සිහිනෙන් දැකීම අසුබ වන අතර අනුන්ගේ රුධිරය දැකීම යහපතක් වේ. මළපහ දැකීම , පණුවන් දැකීම යහපතක් වේ යැයි ද පිළි ගැණේ.කපුටෙකු හිසට පැහැරුව හොත් ලොතරැයියක් ගන්නට යැයි කියති. සර්පයකු දෂ්ට කළ රෝගියකු සඳහා වෛද්‍යවරයකු කැඳවීමට යන දූතයා රෝගය ගැන පවසන්නේ තම මහපට ඇඟිල්ලෙන් බිම සාරමින් නම් රෝගියා සුව කළ නොහැකි බවට සංකේතයකි. කාසිපනම් සිහිනෙන් දැකීම දෙවි දෝස වලටද අලි ඇතුන් පෙනීම දෙවියන්ට වූ පොරොන්දු අමතකව ඉටු නොවීම පෙන්නුම කරන සංකේතයක් බවද පිළිගැනීමය.ගැමියන් අතර පවත්නා මෙබඳු විශ්වාස සාවද්‍ය එපා යයි එක්වරම ඉවතලෑම සමාජ සුබ සිද්ධියට හේතු නොවන බව සමාජීය විද්‍යාවේදී උගන්වයි.

බිරිඳට තව දුරටත් අධ්‍යාපනට





බිරිඳට සහයෝගය ලබාදීම ඇත්තටම හොඳ ස්වාමි පූරුෂයෙකුගේ ලක්ෂණයක්
විවාහ වී දරුවන් ලැබීමෙනූත් පසූව තව දුරටත් අධ්‍යානය ලැබීම වර්තමානයේ රැකියාවට යන කතුන් අතර සූළභව දක්නට ලැබෙන්නකි. එම තත්ත්වය ඇරඹූණේ පසූගිය 89 වසරේදී මෙරට ඇතිවූ නොසංසූන්තාව මත සරසවි දිගින් දිගටම වසා තැබීමෙන් බොහෝ සරසවි සිසූවියන් අතරමගදී විවාහ දිවියට ඇතුළත්ව පසූව ඈ සරසවි යෑමේ ප්‍රවණතාවක් ඇතිවීමත් සමගය. දෙවනූව, අද පෞද්ගලික අංශයේ රැකියා දියූණූව සඳහා දිගින් දිගටම විවිධ පාඨමාලා හැදෑරීමක් සිදු කෙරේ. එම පදනම මත රැකියාව නිමාවී නිවසට පැමිණෙන විවාහ කතුනට පාඩම් කටයූතුවල යෙදීමට තිබෙන අතර, සති අන්තයේ පංතිවලට සහභාගිවීමය. මෙම තත්ත්වය වැඩිපූරම දක්නට ඇත්තේ තරුණ බිරියන් අතර හෙයින් එය ඔවූන්ගේ විවාහ දිවියට කෙසේ බලපාන්නේද යන්න විමසා බැලීම වටී.

තත්ත්වය අමතක නොකිරීම
රැකියාවෙහි යෙදෙන විවාහක කතුන් තව දුරටත් අධ්‍යාපන කටයූතුවල යෙදීම සිත පීඩනයට පත් කරවන්නක් බව මූලිකවම පැවසිය යූතු වේ. එනම්, විවාහයෙන් පසූව අධ්‍යාපනය ලබන පිරිමින්ට තම විවේකයේදී තේ පානය හා දුම්බීම් ආදියට පහසූවෙන් කාලය වෙන් කිරීමට හැකි වූවද, විවාහ වී දරුවන් ලැබ අධ්‍යාපනය ලබන්නියන්ට එම නිදහස නොවේ. බොහෝ අවස්ථාවලදී විවේකයේදී පංතියෙන් එළියට පැමිණි සැණින්ම ඔවූන්ට කිරීමට ඇත්තේ හවසට දුරකතනයෙන් අමතන සැමියා හා දරුවන්ගේ කෑම බීම පිළිබඳව විමසීමටය. බොහෝ අවස්ථාවලදී දරුවන්ගේ රෝගී තත්ත්වයක් මත ඇයට සැනසීමෙන් එදින පාඩම් කටයූතුවල පවා යෙදීමට අසීරුවේ.

වසර කිහිපයකට පෙරදී විවාහයෙන් පසූව සැමියා හා දරුවන්ට අවධානය යොමූ කළ බිරියන් වර්තමානය වෙද්දී වැඩි අවධානය හා බැඳීම් යොමූ කරන්නේ වැඩිපූර අධ්‍යාපනය වෙතටයි. නමූත් මෙහිදී වාසනාවකට මෙන් විවාහයෙන් පසූවද අධ්‍යාපන කටයූතුවල යෙදෙන බිරියන්ගේ සැමියෝද අධ්‍යාපනය කෙරෙහි හා රැකියා දියූණූව කෙරෙහි උනන්දු වූවෝ වෙති. එහෙයින් දරුවන් කෙරෙහි දෙදෙනාටම අවධානය යොමූ කිරීමට අසීරු වීම හැරෙන්නට දෙදෙනා අතර මත ගැටූමක් ඇති නොවේ. නමූත් සැමියා එසේ අධ්‍යාපනය කෙරෙහි උනන්දු නොවෙන්නකු නම් දෙදෙනා කෙරෙහි උනන්දු නොවෙන්නකු නම් දෙදෙනා අතර මතභේදයක් ඇතිවීමට ඉඩ ඇති අතර, ඔහූ ඇගේ අධ්‍යාපන වටිනාකම්ද අගය නොකෙරේ. මේ නිසාම විවාහයෙන් පසූව බිරිඳක් වැඩිපූර අධ්‍යාපනය ලැබීමට දෙදෙනා එකඟතාව සහයෝගය මත සිදුවීම බොහෝ වැදගත්වේ.

සබඳතා දුරස් නොවීමට
විවාහයෙන් පසූව බිරිඳ තවදුරටත් අධ්‍යාපන කටයූතුවල යෙදීමට දෙදෙනාගේ එකඟතාව තිබීම වැදගත් සේම, පාඩම් කටයූතු ඉදිරියේ අඹූසැමි සබඳතා ළිහිල් නොවීමටද යම් වැඩපිළිවෙලක් තිබිය යූතුවේ. මන්ද කාර්යබහූලත්වය හා අධ්‍යාපන කටයූතු මත දෙදෙනා අතර මානසික ආතතිය ඉහළ යෑමටද පූළුවන.

එය වළක්වා ගැනීමට ඔබට ක්‍රම කිහිපයක්ම අනූගමනය කළ හැකිය.

එහි පළමූවැන්න ඔබේ අධ්‍යාපන කටයූතු සඳහා වැයවන කාලය කලින් තීරණය කර ඒ සඳහා දෙදෙනා එකඟතාවකට පත්වීමය. උදාහරණයක් ලෙසින් සයමසක පාඨමාලාවක් නම් සැමියා එයට අදාළ සියලු කැපවීම් හා සූදානම් වීම් කරනූ ඇත.

නමූත් මෙසේ විවාහයෙන් පසූව අධ්‍යාපනය ලබද්දී වඩාත්ම ඵලදායී හා අත්‍යාවශ්‍ය අධ්‍යාපන කටයූතුවල යෙදීම සූදුසූ හෙයින් යම් පාඨමාලාවක් තෝරා ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් බොහෝ දේ අධ්‍යයනය කිරීම වැදගත්වේ. එවිට තේරුමක් නැති අදාළ නොවන පාඨමාලාවන්හි යෙදීම තේරුමක් නැත. එවිට සැමියාද ඒ සම්බන්ධයෙන් නූරුස්නා තත්ත්වයකට පත්වේ.

එමෙන්ම, ඔබ වැඩිපූර අධ්‍යාපය ලැබිය යූත්තේ වෘත්තීය වශයෙන් සාර්ථකත්වයට පත්විය හැකි පාඨමාලාවක් පමණි. එම හැදෑරීම් කිරීමෙන් පවූලෙහි දියූණූවට අදාල වන අන්දම ඔබ සැමියාට මූලින්ම ඒත්තු ගැන්වීමෙන් ඔහූ එයට දක්වන ප්‍රියතාව හා කැපවීම වර්ධනයවේ.

දුරකතන ඇමතුම් හා අවධානය
වැඩිපූර අධ්‍යාපනය ලබන විවාහක බිරියන් සැමවිටම සැමියාගේ විශ්වාසය දිනා සිටීමටත් ඒ සඳහා ලැබෙන සහයෝගය ප්‍රබලවේ. එහෙයින් සැමියා හා දරුවන් කෙරෙහි ඔබ දක්වන අවධානය සැමවිටම නොවෙනස්ව තබා ගැනීම අත්‍යාවශ්‍ය වේ. ඒ සඳහා විවේකයක් ලද සැණින්ම සැමියා හා දරුවන් වෙනූවෙන් කාලය වෙන්කිරීම වැදගත්ය. වඩාත්ම සූදුසූ වන්නේ අධ්‍යාපන කටයූතු සඳහා ඔබ ලබන විවේකය මඳකින් අඩූ කිරීමය.

එමෙන්ම අධ්‍යාපන කටයූතු සඳහා සති අන්තය පංතිවල ගෙවද්දී විවේක කාලයන්හි සැමියාට දුරකතනයෙන් අමතා තොරතුරු පැවසීම හා විමසීමෙන් ඔහූගේ සිතට හූදකලාවක් නොදැනේ. තව ද, අධ්‍යාපන කටයූතු සඳහා කාලය හා සිත යෙදවීමෙන් තමාට විඩාපත් බව පවසා පවූලේ කටයූතුවල නොයෙදීම බොහෝ සැමියාගේ අමනාපයට හේතුවේ. මන්ද එය ඔහූව නොසළකා සිටීමකි.
මේය උපුටාගැනීමකි

18 Nov 2011

අන්තිම කැමති පත්‍රය


        න්තිම කැමති පත්‍ර සැකසීමේ අයිතිය ඈත අතීතයේ සිටම නොයෙක් නීතිවල පිලිගෙන ඇත. ශ්‍රී ලංකාවේ මුලින්ම මේ පිලිබද පැහැදිලි ලෙස නීතිය සැකසුනේ 1844 අංක 21 දරණ අන්තිම කැමති පත්‍ර ආඥා පනතෙනි. මේ මගින් තමා සතු චංචල හෝ නිශ්චල දේපල ඕනෑම පුද්ගලයෙකුට පැවරිය හැක. සමහර රටවල නීති අනුව අන්තිම කැමති පත්‍රයකින් සමහර පුද්ගලයන්ට දේපල අහිමි කිරීමට නොහැකිය. එනමි භාර්යාව , දරැවන් ආදී පුද්ගලයන්ට දේපල අහිමි කිරීමට නොහැකිය. ශ්‍රී ලංකාවේ ඉහත තත්වය නොමැත.


                 මේ අනුව අන්තිම කැමති පත්‍රයකින් බොහෝ විට කෙරෙන්නේ නිත්‍ය හිමිකරැවන්ට හිමි වන අයිතිවාසිකමි අහිමි කිරීමයි. මේ හේතුව නිසා අන්තිම කැමති පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් එය අධිකරණය ඉදිරියේ තරයේම ඔප්පු කිරීම අවශ්‍ය වන්නේය. එනමි අන්තිම කැමති පත්‍රය ලියා තැබීමෙන් පමණක් අන්තිම කැමති පත්‍රයේ සදහන් පුද්ගලයන් වෙත එම අයිතිවාසිකමි නොලැබේ. නීතිය අනුව අන්තිම කැමති පත්‍රයක අධිකරණය විසින් පිලිගනු ලබන්නේ ඊට විරැද්ධවන පාර්ශවකරැවන විසින් අන්තිම කැමති පත්‍රය සමිබන්ධයෙන් අධිකරණය තුල ඇතිකර ඇති සැකයක් වෙතොත් එය සමිපූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් පසුවය. එනමි අන්තිම කැමති පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් කරන තැනැත්තා එය ලියන අවස්ථාවේදී කතෘගේ මානසික තත්වය හා එය ඔහුගේ ස්වාධීන ක්‍රියාවක් බව ඔප්පු කල යුතු අතර අයුතු බලපෑම වැනි සාධකයක් මගින් අන්තිම කැමති පත්‍රයට විරෝධතාව ඉදිරිපත් කරන අය එකී බලපෑම ඔප්පූ කලයුතුය.


අන්තිම කැමති පත්‍රයක් සැකසීමේදී පිලිපැදිය යුතු උපචාර.

මේ සමිබන්ධයෙන් ප්‍රධාන වශයෙන්  1844 අංක 21 දරණ අන්තිම කැමති පත්‍ර ආඥා පනත හා 1840 අංක 07 දරණ වංචා වැලැක්වීමේ ආඥා පනත සහ අර්ථ නිරෑපන ආඥා පනත වැදගත් වේ .

අන්තිම කැමති පත්‍ර ආඥා පනතේ 2 වන වගන්තියට අනුව

                      යමෙකුට ලංකාව තුල පිහිටි තමාට හිමි සහ හිමිවිය හැකි චංචල හා නිශ්චල දේපල අයිතිවාසිකමි මෙන්ම තනතුරක්ද අන්තිම කැමති පත්‍රයක් මගින් පැවරිය හැකිය. 

අන්තිම කැමති පත්‍ර ආඥා පනතේ 3 වන වගන්තිය අනුව

                     වයස අවු. 18 ට වැඩි ස්ත්‍රීන් සහ පුරැෂයන්ට අන්තිම කැමති පත්‍රයක් සැකසිය හැක.
ව්‍යතිරේඛය - විනීසා අයිටාටිස් එනමි ජනාධිපතිවරයා විසින් යමෙකු වයෝ පූර්ණත්වයට පත්ව ඇති බව නිර්දේශ කිරීම.

වංචා වැලැක්වීමේ ආඥා පනතේ 4 වන වගන්තිය අනුව සෑම අන්තිම කැමති පත්‍රයක්ම

1. ලිඛිත විය යුතුය.


2. අන්තිම කැමතිපත්‍ර කරැ හෝ ඔහු විසින් බලය දෙනු ලැබූ පුද්ගලයෙකු එම ලේඛනයේ අත්සන් කල යුතුය. 


3. ඉහත අත්සන් කිරීම නොතාරිස්වරයෙකු හා සාක්ෂිකරැවන් දෙදෙනෙකු විසින් සහතික කල යුතුය.


             නොතාරිස්වරයෙකු නොමැති නමි සාක්ෂිකරැවන් පස් දෙනෙකු විසින් සහතික කල යුතුය.


4. අත්සන් කිරීම ඔවුන් එකිනෙකා ඉදිරිපිට සිටිමින් එකවර කල යුතුය.

                       අර්ථ නිරෑපණ ආඥා පනතේ 2 වන වගන්තිය අනුව සලකුනකින් වුවද අත්සන හැගෙන බව කියවේ. මේ අනුව වමි මාපට ඇගිලි සලකුණ යෙදීම නීතිය විසින් පිලිගනු ලබයි.


                       ඉහත සදහන් උපචාර අනුගමනය නොකර අන්තිම කැමති පත්‍රයක් සැකසීමට ක්‍රියාන්විත සේවයේ යෙදී සිටින යුධ භටයෙකුට හෝ මහ මුහුදේ යාත්‍රා කරන නාවිකයෙකුට හැකියාව ඇති බව වංචා වලැක්වීමේ ආඥා පනතේ 14 වන වගන්තියේ සදහන් වේ.

17 Nov 2011

විවාහය ලියාපදිංචි කරන්නේ කෙසේද


  බ ලගදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ ද ? එසේ නමි ඔබට මේ තොරතුරැ වඩාත් වැදගත් වේ.
                
                   සාමාන්‍යය නීතිය යටතේ විවාහයක් 1907 අංක 19 දරණ සාමාන්‍යය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ ලියාපදිංචි කල යුතුය.

I. පනතේ 23 සිට 27 දක්වා ඇති වගන්ති වල මේ හා සමිබන්ධ මූලික ප්‍රතිපාදන දක්වා ඇත.

II. 23 වන වගන්තියේ දක්වා ඇති පරිදී අවශ්‍ය උපචාර අදාල පාර්ශවයන් විසින් අනුගමනය කර තිබිය යුතුය.

23 ( 1 ) - දෙපාර්ශවයම ලංකාවේ වාසය කරන්නේ නමි ( අවම වශයෙන් දැනුමි දීම කිරීමට පෙර දින 10 ක් ) එක් පාර්ශවයක් විසින් තමන් වාසය කල ප්‍රදේශයේ රෙජිස්ටාර් වෙත දැන්වීම කල යුතුය.


23 ( 2 ) - පාර්ශවයන් දෙක කලාප දෙකක වාසය කරන්නේ නමි එක් එක් පාර්ශවය විසින් ඒ ඒ කලාපයේ රෙජිස්ටාර් වරයාට දැනුමි දීම කල යුතුය. ( අවම වශයෙන් දින 10 ක් එම කලාපයේ පදංචිව සිටිය යුතුය. )


23 ( 3 ) - විවාහයේ එක් පාර්ශවයක් අවම වශයෙන් දින 10 ක් ඇතුලත ලංකාවේ පදිංචීව නොසිටී නමි අනෙක් පාර්ශවය මගින් දැනුමි දීම කල යුතුය.


23 ( 4 ) - පාර්ශවයන් දෙකම ලංකාවේ නොසිටී නමි එක් පාර්ශවයක් වත් අවම වශයෙන් දින 4 ක් සිටිය ප්‍රදේශයේ රෙජිස්ටාර්වරයාට දැන්වීම කල යුතුය.

III. 24 වගන්තිය මගින් දැන්වීමේ ආකෘතිය හා ප්‍රකාශය පිලිබද විස්තර දැක්වේ. ( පලමු උපලේඛනය ඩී ආකෘතිය. )

24 ( 1 ) - පාර්ශවකරැවන්ගේ නමි, ජාතිය, වයස, රැකියාව, සිවිල් තත්වය, පියාගේ තත්වය පිලිබද කරැණු ඇතුලත් විය යුතුය.


24 ( 2 ) - විවාහයට ඇතුලත් වීමට පාර්ශව දෙකේ කැමැත්ත ලිඛිතව ඉදිරිපත් කර තිබිය යුතුය.


24 ( 3 ) - දැන්වීම භාරදෙන පාර්ශවය විසින් එයට කිසිදු නෛතික බාධාවක් නොමැති බවට ප්‍රකාශ කර තිබිය යුතුය.


24 ( 4 ) - ඉහත විවාහ දැන්වීම බලයලත් නිලධාරියෙකු හා එකවර පෙනී සිටින සාක්ෂි කරැවන් දෙදෙනෙකු විසින් සහතික කල යුතුය.

IV. 25 - ඉහත දැන්වීම විවාහ දැන්වීමි පොතේ ඇතුලත් කර සාධාරණ කාල සීමාවක් ප්‍රදර්ශනය කොට තැබිය යුතුය.

26 - මෙලෙස දැන්වීම ප්‍රදර්ශනය කර අවම වශයෙන් දින 12 කට පසුව හා උපරිමය මාස 3 ක කාලයක් ඇතුලත සහතිකයලබා ගත යුතුය. මාස 3 ක් පසු වූ විටක නැවත දැන්වීමක් කල යුතුය.


27 - විවාහ වීමට බලපත්‍රය නිකුත් ක්රීම පලිබදව වධිවිධාන දැක්වේ.

V. මෙලෙස බලපත්‍රය නිකුත්කිරීමෙන් පසු 34 වැනි වගන්තියේ සදහන් විධිවිධාන අනුව ක්‍රිස්තියානි පල්ලියකදී හෝ,

35 වැනි වගන්තියේ සදහන් විධිවධාන අනුව විවාහ ලේකමි වරයෙකු විසින් හෝ විවාහය සිදුකල හැක.


40 වගන්තියට අනුව මරණාසන්න විවාහයකදී ඉහත කාර්ය පටිපාටිය අනුගමනය අවශ්‍ය නොවේ.

එක් පාර්ශවයක් මරණාසන්න තත්වයක සිටින විටෙක ක්‍රිස්තියානි පූජකවරයෙකුට මෙම පනතේ මූලික කාර්ය පටිපාටීන් අනුගමනය කිරීමෙන් තොරව පහසු ස්ථානයකදී විවාහය සිදුකල හැක. නමුත් එම පුද්ගලයා සිහි බුද්ධියෙන් සිටීම අවශ්‍යවේ.

16 Nov 2011

ලිංගික වැරදි.


01. ව්‍යාභිචාරය වරද.

                     මෙයද අප නීතියට අලුතින් හදුන්වා දුන් වරදකි. 1995 / 22 සංශෝධන පනතින් හදුන්වා දී ඇත. එම පනතට අනුව යමි යමි ඥාති සමිබන්ධතා තහනමි ඥාති සමිබන්ධතා ලෙස දක්වා තිබේ. මෙම තහනමි ඥාති සමිබන්ධතා තීරණය කර ඇත්තේ වෛද්‍ය විදයාත්මක හේතූන් හා සදාචාරාත්මක හේතූන් මත බව පෙනේ. 364 වගන්තියේ දක්වා ඇති තහනමි ඥාති සමිබන්ධතා සලකා බැලීමෙන් මෙය තහවුරැ කරගත හැක.

1. දෙපාර්ශවයෙන් එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයෙන් කෙලින්ම පැවත එන විට.
      උදා - මව, පියා, මුණුබුරා, මිණිබිරිය, සීයා, ආචිචී.
2. දරැකමට හදා ගැනීමට ගත් අය.
      උදා - හදාගත් මව, පියා, සීයා, ආචිචී.
            
මුල් කොටසට වෛද්‍ය විදයාත්මක හේතු මත තහනමි කර ඇත. සම ලේ ඥාතීන් අතර සංසර්ගයෙන් බිහිවන දරැවන් ආබාධිත විය හැකි බව වෛද්‍ය විදයාත්මක සත්‍යයි. දෙවන අවස්ථාවේදී එම තැනැත්තන් ස්වභාවිකව ගත්කල සමිපූර්ණයෙන්ම පිටස්තරය. නමුත් සදාචාරාත්මක හේතූන් මත එම සබදතා තහනමි වේ. ඒ අනුව 364 වගන්තියේ දක්වා ඇති තහනමිඥාති සමිබන්ධතා ඇති දෙදෙනෙකු අතර ලිංගික සංසර්ගයක් ඇති වුවහොත් එය ව්‍යාභිචාරය වරද වේ. දෙදෙනාම එම වරදට වරදකරැවන් වේ.


      නිද - වයස අවු. 20 ක ස්ත්‍රියක් තම පියා සමග කැමැත්තෙන් සංසර්ගයේ යෙදුනේ නමි එය ස්ත්‍රී දූෂණයක් නොවේ. කාන්තාව වයස 16 ට වැඩි වීමත් එය කැමැත්තෙන් සිදු වීමත් හේතුවය. නමුත් එය ව්‍යාභිචාරය වරදය.


ව්‍යාභිචාරය වරද සිදු කල අයෙකුට අවු. 7 කට නොඅඩු සහ අවු. 20 කට නොවැඩි සිර දඩුවමක් නියම කල හැක. ව්‍යාභිචාරය වරද සිදුකිරීමට තැත් කරන්නෙකුට අවු. 2 දක්වා සිර දඩුවමක් පැමිනවිය හැක. නමුත් ව්‍යාභිචාරය වරදට නඩු පැවරිය හැක්කේ නීතිපතිගේ ලිඛිත අනුමැතිය ඇතිව පමණකි.
                 වයස අවු. 16 ට අඩු කාන්තාවක් පියා සමග සංසර්ගයේ යෙදුනේ නමි ව්‍යාභිචාරය නොවේ. එය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ වරදයි. එවන් අවස්ථාවක කාන්තාව අතින් වරදක් සිදු නොවේ. එහිදී ලබා දිය යුතු දඩුවම 364 ( 3 ) උපවගන්තියේ දැක්වේ. ඒ අනුව තමන්ට තහනමි ඥාති සමිබන්ධතාවයක් ඇති අවු. 16 කට අඩු කාන්තාවක් දූෂණය කරනනෙකු අවු. 15 කට නොඅඩු හා අවු. 20 කට නොවැඩි සිර දඩුවමකට යටත් වේ.

02. බරපතල ලිංගික අපයෝජනය.

                 මෙම වරද නව නීතියෙන් නිර්මාණය කරන ලද්දකි. එය මෙසේ අර්ථ දක්වා තිබේ.


ලිංගික තෘප්තිය ලබා ගැනීම සදහා ලිංගේන්ද්‍රිය හෝ මිනිස් ශරීරයේ යමි කොටසක් හෝ යමි උපකරනයක් වෙනත් යමි තැනැත්තෙකුගේ ශරීරයේ පිහිටි යමි විවරයක් තුල හෝ වෙනත් තැනැත්තෙකුගේ ශරීරයේ යමි කොටසක පහත විස්තර වලට ගැලපෙන ආකාරයට යොදන අයෙකු බරපතල ලිංගික අපයෝජනය සිදු කරයි.


1. 1995 සංශෝධනයේ සදහන් කර තිබුනේ අනෙක් තැනැත්තාගේ කැමැත්ත නැතිව යනුවෙනි. නමුත් 1998 / 29 පනතින් එය සංශෝධනය කර නව ප්‍රතිපාදනයක් එකතු කර තිබේ. එහි සදහන් වන්නේ වයස අවු. 16 ට අඩු වන විට කැමැත්ත ඇතිව හෝ නැතිව යනුවෙනි.
             මෙම ප්‍රතිපාදන විශ්ලේෂනයේදී පෙනී යන්නක් නමි ඉහත සදහන් ක්‍රියා බරපතල ලිංගික අපයෝජනය වන්නේ අනෙක් තැනැත්තාගේ කැමැත්ත නැතිව එය සිදු වූ විට පමණක් බවය. ( වයස 16 ට අඩු නමි කැමැත්ත අදාල නොවේ. ) නමුත් කැමැත්ත ඇතිව එවැනි ක්‍රියාවක් කිරීම වරදක් වන්නේ නැත.


2. බලහත්කාරය පාවිචිචි කිරීමෙන්, තර්ජනය කිරීමෙන් හෝ බියගැන්වීමෙන් හෝ අනෙක් තැනැත්තාට මරණ බය හෝ තුවාල සිදු කිරීමේ බිය ඇති කිරීමෙන් හෝ නීති විරෝධීව රදවාගෙන සිටියදී ලබාගත් කැමැත්ත ඇතිව.


3. සිහි විකලව සිටියදී හෝ මත්ද්‍රවයකින් මත්ව සිටියදී ලබා ගත් කැමැත්ත ඇතිව.

                      මෙම ප්‍රතිපාදන සලකා බැලීමේදී පෙනීයන වැදගත් කරැණක් නමි ඉහත සදහන් ක්‍රියා අනෙක් තැනැත්තාගේ කැමැත්තෙන් සිදු කිරීම වරදක් නොවන බවය. එම ක්‍රියා දැඩි අශිෂ්ඨ ක්‍රියා ලෙස සලකන කොටසට වැටෙන්නේ යැයි සැලකිය නොහැක. එයට හේතුව දැඩි අශිෂ්ඨ ක්‍රියා යනුවෙන් වෙනම කොටසක් වෙනම වගන්තියක් යටතේ පිහිටා තිබීමය. එනිසා බරපතල ලිංගික අපයෝජනය නැමැති වරද තැනැත්තන් අතර ලිංගික සමිබන්ධතා පිලිබද නීතිය ලිහිල් කිරීමට හේතු වී ඇතැයි තර්ක කල හැක.
                     නව සංශෝධනයේ තවදුරටත් සදහන් වනනේ 363 හී විස්තර කර ඇති ආකාරයට ස්ත්‍රී දූෂණය සංයුක්ත නොවන්නා වූ ක්‍රියාවක් බරපතල ලිංගික අපයෝජනයක් වන බවය. බරපතල ලිංගික අපයෝජනයේ අර්ථ විග්‍රහය සලකා බැලු විට ලිංගික සංසර්ගය වුවද එම විග්‍රහය යටතට වැටෙන බැවින් මෙවැනි ප්‍රතිපාදනයක් අවශ්‍යව තිබුණි. නැතහොත් ස්ත්‍රී දූෂණ වරදට වැරදිකරැ බරපතල ලිංගික අපයෝජන වරදටද වැරදිකරැ කිරීමට ඉඩ තිබුණි.

03. ලිංගික අතවර කිරීමේ වරද.

                ලිංගික අතවර කිරීමේ වරද නව සංශෝධනයෙන් ගෙන ආ තවත් වරදකි. මෙය 345 වගන්තියේ විස්තරවේ. එම ප්‍රතිපාදන වල මෙලෙස සදහන් වේ.


                "අඩන්තේටිටමි කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන් යමෙකුට ලිංගික අතවර කරන හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් යමෙකුට ලිංගික හිරිහැර කරන අයෙකු ලිංගික අතවර කිරීමේ වරදට වරදකරැ වේ."


                මෙකී වරද සිදු කිරීම සදහා යමි තැනැත්තෙකුට අඩමිතේටිටමි කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන් හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් ලිංගික හිරිහැරයක් කල යුතුය. එනමි ලිංගිකත්වය මුල් කරගෙන එම ක්‍රියාව සිදු කිරීම අවශ්‍යය. එවැනි ක්‍රියාවක් කරන අයෙකු ලිංගික අතවර කිරීමේ වරදට වරදකරැ වේ.
              බරපතල ලිංගික අපචාරයේදී එකී ක්‍රියාව සිදුකරනු ලබන්නේ ලිංගික තෘප්තිය සදහාය නමුත් ලිංගික අතවර කිරීමේදී එය හිරිහැර කිරීමක් සදහා කරනු ලැබේ. එය කාන්තාවන්ට සීමා වන්නේ නැත. ඕනෑම තැනැත්තෙකුගේ ලිංගිකත්වය මුල් කරගෙන එම තැනැත්තාට කරන්නා වූ හිරිහැර කිරීම මෙම වගන්තිය යටතට වැටේ. එය ඉතා පුලුල් ක්ෂේත්‍රයක් ඇති වගන්තියක් ලෙස සදහන් කල හැක. නමුත් පැහැදිලිව පෙනෙන කරැනක් නමි බරපතල ලිංගික අපචාරයේදී ශාරීරික ගැටීමක් සිදු කරයි. ලිංගික අතවර කිරීමේදී එවන්නක් නොමැත. වචනයෙන් හෝ ක්‍රියාවෙන් නැතහොත් අඩමිතේටිටමි කිරීමෙන් හෝ එම තැනැත්තාට ලිංගික හිරිහැර කිරීම අතවර කිරීමක් වන්නේය.

04. අස්වාභාවික වැරදි.

                          ස්වාභාවික වරදක් යන්න දන්ඩ නීති සංග්‍රහයට අනුව පහත දැක්වෙන පරිදී අර්ථ නිරෑපනය කල හැක.
                   " යමි ස්ත්‍රයක , පුරැෂයෙකු හෝ සතකු සමග ස්වභාවධර්මයට විරැද්ධව සංසර්ගයේ යෙදීමය. "

මෙහි ස්වභාවධර්මයට විරැද්ධව යන්න දක්වා ඇති නමුදු ලිංගික සංසර්ගය හැර වෙනත් ක්‍රියාවක් මීට ඇතුලත් වන බව සලකා ඇතැයි සිතේ.
             තැනැත්තන් අතර තදබල අශෝබන ක්‍රියා යන වරද සමලිංගිකත්වය ඉලක්ක කොට නිර්මාණය කරන ලද වරදක් ලෙස සැලකිය හැකිය. මෙය මුල් පනතේ පුරැෂයන්ට පමනක් සීමා වී තිබුණි. 1995 / 2 පනතින් මෙය ස්ත්‍රී පුරැෂ දෙපක්ෂයටම අදාල වන පරිදී තැනැත්තන් අතර තදබල අශිෂ්ඨ ක්‍රියා ලෙස පනවා තිබේ. එවැනි ක්‍රියාවක් සදහා ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ එකතුවන හෝ එවැන්නකට තැනැත්තන් කුටිටනය කරන අයකු මෙම පනත යටතේ වරදකට වරදකරැ වන්නේය.
                මුල් පනතේ 365 මෙන්ම 365 ( අ ) වගන්ති සංශෝධනය කර එකතු කර ඇති වැදගත් ප්‍රතිපාදනයක් නමි එම වරදවල් වයස 18 කට වැඩි අයෙකු විසින් 16 ට අඩු අයෙකු සමිබන්ධයෙන් කල විට ලබාදිය හැකි දඩුවම වැඩි වන බවය. එමෙන්ම වරදට ලක් වූ තැනැත්තාට වන්දියක් ගෙවීමට නියම කිරීමට ද අධිකරණයට බලය තිබේ.
               තවද බරපතල ලිංගික අපයෝජනය යන්න අස්වාභාවික වැරැද්දක් ලෙස නොසලකන බව දැක්විය හැක. කෙසේ වුවද නව ප්‍රතිපාදන යටතේ තැනැත්තන් අතර ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ සිදු කරන දැඩි අශිෂ්ඨ ක්‍රියා දැඩි දඩුවමි ලැබිය යුතු වරදකි.