සීත හිමේ ජීවත්වන එස්කිමෝවරු
හිම
කිව්වගමන් මතක් වෙන ජන කොට්ටාශයක් ඉන්නවා. ඒ තමයි සුදෝ සුදු හිම අතර වාසය
කරන එස්කිමෝවරු අද අපි මේ එස්කිමෝවරුන් පිළිබඳ බොහෝ තොරතුරු
දැනගනිමු.එස්කිමෝවරුන් වාසය කරන ප‍්‍රදේශ අනුව ඔවුන් ප‍්‍රධාන වශයෙන් කොටස්
තුනකට බෙදන්න පුළුවන්. ඒ නැගෙනහිර එස්කිමෝවරු, මධ්‍ය එස්කිමෝවරු සහ බටහිර
එස්කිමෝවරු වශයෙනි. නැගෙනහිර සහ බටහිර ගී‍්‍රන්ලන්තවාසී එස්කිමෝවරු
නැගෙනහිර එස්කිමෝවරුන්ගෙ ගණයටත් ග්‍රීන්ලන්තයේ වයඹ ප‍්‍රදේශයෙහි ජීවත් වන
ධ‍්‍රැවාසන්න එස්කිමෝවරුන්ද ලබුදෝර්, අකුඩ්නර්මියුට්, ඉග්ලුලික්, කැරිබු
ආදින් මධ්‍ය එස්කිමෝවරුන්ගේ ගණයටත් මැකෙන්සි ඩෙල්ටාවෙන් එහා සිටින ආසියාතික
ඇස්කිමෝවරුන් ද බීරිං මුහුදුබඩ ඇස්කිමෝවරුන් ද ඇල්ස්කානු අර්ධද්වීපයට
දකුණු දිගින් වාසය කරන පැසිපික් ඇස්කිමෝවරුන් ද ඇලූෂන් ඇස්කිමෝවරුන් ද
බටහිර ඇස්කිමෝවරුන් ගේ ගණයටත් අයත් වෙනවා.‘එස්කිමෝ’ යන්නෙහි තේරුම රතු
ඉන්දියානු භාෂාවෙන් ‘අමු මස්කන්නෝ ‘ යන්නයි. එස්කිමෝවරුන් හැඳින්වීම සඳහා
වෙනත් නම් ද තිබෙනවා. ඉනුයිට් (Inuit) ඉනුපියැට්(Inupiat) යුපික්
(Yupik)ඉනුමාරිට් (Inummariit) සහ උනන්ගන් (Unangan) ඒ නම් වේ. මේ නම්
සියල්ලෙහි තේරුම ‘මිනිස්සු’ යන්නයි. එස්කිමෝවරුන් පැවත එන්නේ ආසියාතික
මොංගෝලියානුන්ගෙන් බව විශ්වාස කරනු ලැබේ. ඔවුන් පිළිබඳ පර්යේෂණ කළ
විද්‍යාඥයන් ඔවුන්ගේ රුධිර ගණය ‘B’ බව හඳුනාගෙන තිබේ. අධික ශීත දේශගුණයට
ඔරොත්තු දෙන පරිදි ඔවුන්ගේ ශරීර මිටි ස්වභාවයෙන් නිර්මාණය වී තිබේ. සම කහ
පැහැතිය. හිසකෙස් කළු පැහැතිය. ගොරෝසුය. ඍජුය.එස්කිමෝවරුන් ආහාර සපයා ගනු
ලබන්නේ ඔවුන් වෙසෙන වටපිටාවෙන්ය. තල්මසුන්, වෝල්රස් මත්ස්‍යයින් (මුහුදේ
වාසය කරන දැවැන්ත මත්සයෙකි), සීල් මත්ස්‍යයින් ‘කැරිබු’ පිනිමුවන් සහ හිම
වලසුන් ඔවුන්ගේ කුසගින්න නිවන සත්වයෝ වෙති. මාළු ඇල්ලීමට සහ දඩයම් කිරීමට
එස්කිමෝවරු අති දක්‍ෂයෝ වෙති. ඔවුන් අතීතයේදී භාවිතා කළ අවි ආයුධ උපකරණ
වන්නේ හාර්පුන් (තල්මසුන් ආදී ලොකු මත්ස්‍යයින් අල්ලන ඇවුලුම් බිලිය)
හෙල්ල, දුනු, ඊතල ආදියයි. සත්ව ඇටකටුවලින් මේ උපකරණ ඔවුහු සාදා ගනිති.
ඔවුන්ට දඩයම් කටයුතු සඳහා මෙන්ම ගමනා ගමන කටයුතු සඳහා ද උපකාර කරන්නේ
‘හස්කි’ නමින් හැඳින්වෙන බල්ලන් වර්ගයකි. කරත්ත ඇදගෙන යන මේ බල්ලන්ට ඔවුන්
සලකන්නේ දේවත්වයෙනි. බල්ලන් 12 ක් හෝ 16 ක් බඳින ලද කරත්තවලින් බඩු
ප‍්‍රවාහනය කිරීමත් ගමනා ගමන කටයුතුවල යෙදීමත් ඔවුහු සිදුකරති. ‘කෛයැක්’
නමැති ඔරුවල නැගී මුහුදට යති. බටහිර ග්‍රීන්ලන්තවාසී එස්කිමෝවරු තල්මසුන්
මැරීමට යාම සඳහා සහ ළමයින් සහ කාන්තාවන්ට ගමන් කිරීම සඳහා ‘උම්යැක්’ නමැති
වඩාත් පුළුල් බෝට්ටු වර්ගයක් භාවිතා කරති. ගිම්හාන කාලයේදී එස්කිමෝවරුන්
කැරිබු පිනිමුවන් දඩයම් කරන අතර අධික ශීත කාලයෙදී ජලය හිම තට්ටු බවට පත්වූ
පසුව ඒවා සිදුරු කර ජලය යට සිටින මාළුවෝ අල්ලති. දඩයම් කිරීමේදී ඔවුන්
විවිධ තහංචි ද පනවා ගෙන තිබේ. ශී ඍතුවට අයත් සතුන් ගී‍්‍රෂ්ම ඍතුවේදීත්
ගී‍්‍රෂ්ම ඍතුවට අයත් සතුන් සීත ඍතුවේදීත් දඩයම් කිරීම තහනම් කර තිබීම එක්
තහංචියකි.එස්කිමෝවරුන් අධික ශිතලෙන් ආරක්‍ෂාවීම සඳහා පිනිමුවන්ගේ ලොම්වලින්
නිම කළ ඝන ඇඳුම් අඳිති. සත්ව සමින් ඇඳුම් සහ සපත්තු මැසීමට එස්කිමෝ
කාන්තාවන් ඉතා දක්‍ෂය. ඔවුහු වොල්රස් දළවලින් ඉඳිකටු සකසා ගනිති.බොහෝ
දෙනෙකු සිතන්නේ එස්කිමෝවරුන් සීත කාලයට සාදා ගනු ලබන හිමගෙවල් ‘ඉග්ලූ’
නමින් හඳුන්වන බවයි. නමුත් එය වැරදිය. ඔවුන්ගේ ඕනෑම වර්ගයක ගෙයකට ‘ඉග්ලූ’
යන නම භාවිතා වේ. ‘ඉග්ලූ’ ගෙවල් හිමවලින්, ගල්වලින්, ලීවලින්, සත්ව
සම්වලින් සහ කීල්තාර කොළවලින් සාදනු ලැබේ. ‘ඉග්ලූ’ යන්නෙහි තේරුම ආවරණය
යන්නයි. කැනඩාවේ සහ උත්තර ධ‍්‍රැව ප‍්‍රදේශයේ වාසය කරන එස්කිමෝවරු සීත
කාලයේදී හිමවලින් ‘ඉග්ලූ’ ගෙවල් සාදති. ඝනව මිදුණු හිම කුටිට් අඩි දෙකක්
දිගට අඟල් අටක් පළලට ද අඟල් පහක් උසට ද කපා එක මත එක සිටින සේ කවාකාරව තබා
සකසාගනු ලබන මෙම ගෝලාකාර ‘හිම ගෙවල්’ ඈතට පෙනෙනුයේ හිමෙන් තැනූ කෝම්පිට්ටු
මෙන්ය. පැහැදිලි තුනී හිමවලින් ජනෙල් ද සකසා ගන්නා ඔවුන් අධික ශීතල එක්වරම
නිවසට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඉතා මිටි දොරටුවක් සකසා ගනිති. මේ නිසා
හිමගෙය තුළට ඇතුළු විය යුත්තේ බඩගා ගෙනය. තම අසල්වැසි ‘හිමගෙවල්’ තුළට යාම
සඳහා ද ඔවුන් ගේ තුළින්ම මාර්ග සාදා ගෙන තිබේ. නැගෙනහිර එස්කිමෝවරු පස්
පිඩැලිවලින් තනනු ලබන ගෙවල්වල ද බටහිර එස්කිමෝවරු ලී කොටන්වලින් තනනු ලබන
ගෙවල්වල ද ශීත ඍතුව ගත කරති. සජීවි අජීවී සියලු දේට මිනිසාට මෙන් පණ තිබෙන
බව ඔවුහු අදහති.නිර්මාණශීලී පුද්ගලයින් වන එස්කිමෝවරු වොල්රස් දළවල සහ
පිනිමුව අංවල අලංකාර රූප කැටයම් කරති. ඇතැම් විට දඩයම් කිරීමේ දර්ශන අලංකාර
ලෙස කැටයම් කර තිබේ. හොඳම කැටයම් කෘති දක්නට ලැබෙන්නේ ඇලස්කාවේ සහ
ග්‍රීන්ලන්තයේ එස්කිමෝවරුන් අතරය. කැනඩාවේ එක්සිමෝවරුන්ගේ චිත‍්‍ර සහ
කැටයම් එකතුවක් කැනඩාවේ මොන්ටියල් නුවර ලලිත කලා කෞතුකාගාරයේ තැන්පත් කර
තිබේ. වොල්රස් දළවලින් ළමයින් සඳහා බෝනික්කන් සාදනු ලැබේ.‘හිම’ හැඳින්වීම
සඳහා එස්කිමෝවරුන් සතුවන්නේ එක වචනයක් වුවද ‘හිමවල’ විවිධ ස්වභාවයන්
හැඳින්වීම සඳහා වචන රැසක් ඔවුන් සතුවේ. (හිම කුඩු, ඝන හිම ආදී වශයෙන්)
සොබාදහම මිනිසුන් වෙනුවෙන් නිර්මාණය වී තිබෙන බව විශ්වාස කරන එස්කිමෝවරු
මිනිසුන් ද සොබාදහමට ආදරය කළ යුතු බව විශ්වාස කරති. ඔවුහු ආහාර සහ ඇඳුම්
පැළඳුම් සඳහා පමණක් සතුන් දඩයම් කරන අතර නිකරුණේ සතුන් නොමරති. සතුන්ට ගෞරව
කරති.එස්කිමෝවරුන් එකිනෙකාට ආචාර කරගනු ලබන්නේ නහයට නහය
තැබීමෙනි.එස්කිමෝවරුන්ගේ ජන සාහිත්‍යය ද අපූරුය. ඔවුන්ටම වෙන්වූ
සාම්ප‍්‍රදායික ගීත, කතන්දර සහ නැටුම් තිබේ. මේ කතන්දර සහ ගීත ගෙතී
තිබෙන්නේ ඔවුන් දඩයමේ යාමේ දී සිදුවුණු ත‍්‍රාසජනක කි‍්‍රයා
ඇසුරිනි.එස්කිමෝවරුන් අතරේ පාලකයෙක් නොමැත. ‘ෂමාන්’ නමින් හඳුන්වන
ගෝත‍්‍රයේ වයස්ගතම පුද්ගලයා ඔවුන්ට මඟපෙන්වයි. දඩයම් ක‍්‍රම කියාදීම,
කාලගුණ අනාවැකි පැවසීම, ආචාරධර්ම පැනවීම, ආහාරයට ගත යුතු නොගතයුතු පැළෑටි
වර්ග හඳුන්වා දීම මේ ‘ෂමාන්’ ගේ කාර්යභාරය වේ. අද වනවිට එස්කිමෝවරුන් නූතන
සමාජයට මිශ‍්‍ර‍්‍ර වී සිටිති. ඔවුන් අද දඩයම් සඳහා රයිෆලය භාවිතා කරති.
ගමන් බිමන් යාම සඳහා අද ජංගම හිමරථ, මෝටර් බෝට්ටු භාවිතා වේ. වෙළෙඳසැල්
කරාවිත් ඇඳුම් පැළඳුම් මිලදී ගනිති. අද බොහෝ එස්කිමෝවරු නිවාස සාදා ගෙන
ජීවත් වෙති. ඔවුහු අද ගුවන්විදුලියන්ත‍්‍ර, රූපවාහිනී යන්ත‍්‍ර පවා භාවිතා
කරති. එදා භාණ්ඩ හුවමාරු ආර්ථික රටාවකට හුරු වී සිටි ඔවුහු අද මුදල් භාවිතා
කර භාණ්ඩ මිලදී ගනිති. තම අත්කම් වෙළෙදපළට දී මුදල් ලබාගනිති.වැඩිහිටි
පරම්පරාව ‘ඉනුක්ටිටුට්’ නමැති එස්කිමෝ භාෂාව කතා කරන අතර අවුරුදු 35 - 50
අතර අය ඉංගී‍්‍රසි භාෂාව ද කතා කරති.එස්කිමෝවරුන් ලොව වැඩියෙන්ම ජීවත්
වන්නේ ඇලස්කාවේය. 20 වන සියවස අවසානයේදී ඇස්තමේන්තු කළ ආකාරයට
ග්‍රීන්ලන්තයේ, ඩෙන්මාර්කයේ, ඇලස්කාවේ, කැනඩාවේ සහ සයිබීරියාවේ
එස්කිමෝවරුන් 1,17,000ක් ජීවත් වන බව වාර්තා විය.නවීන ලෝකය සමඟ යම් යම්
වෙනස්කම්වලට ලක්වූවත් එස්කිමෝවරු සිය සංස්කෘතික අනන්‍යතාව රැක ගැනීමට අදටත්
සමත් වී සිටිති







