31 Aug 2011

ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය

ජ්‍යෝතිශ්ශාස්ත්‍රය යනු තාරකා හා ග්‍රහලෝක වල සාපේක්ශ පිහිටීම උපයෝගී කරගෙන මිනිස් ජීවිතය හා සඹැදි අවිනිශ්චිත පැතිකඩ සම්බන්ධව විශ්වාසය තැබිය හැකි තීරණ ගැනීමට යොදාගන්නා දැනුම හා විශ්වාසය මත පදනම්වූ ශාස්ත්‍රයකි. මෙහි මූලිකම අවශ්‍යතාවය වන්නේ අනාවැකි පල කරීමයි. ජ්‍යෝතිශ්ශාස්ත්‍රය ලෝකයේ පැරණිම විද්‍යාව ලෙස සැලකිය හැක. අතීතයේ මිනිසා අනන්ත අහස දෙස බලා එහි තරු තුලින් විවිධ රුප මැවූහ. එදා සිට එම තාරකා චක්‍ර හා ජීවිතයේ චක්‍ර අතර සම්බන්ධය සොයාගැනීමට ශතවර්ශ ගනනාවක් ගතවිය. වර්තමාන මිනිසා සඳ මත පා තැබීම දක්වා සියලු විද්‍යාවන් වල මූලාරම්භය ජ්‍යෝතිශ්ශාස්ත්‍රයයි.

සම්ප්‍රදායන්

එදා මෙදා තුර ජ්‍යෝතිෂ්ශාස්ත්‍රයේ විවිධ සම්ප්‍රදායන් පැවතින. මේ විවිධ සම්ප්‍රදායන් වල බොහෝ සමානකම් තිබුනද සමහර වෙනස්කම් ද ඇත. වර්තමානයේ ප්‍රධාන වශයෙන් ජ්‍යෝතිෂ්ශාස්ත්‍ර සම්ප්‍රදායන් තුනක් පවතී. ඒවා නම්:
මේවා අතුරෙන් ඉන්දියානු සම්ප්‍රදාය බොහෝ දුරට බටහිර සම්ප්‍රදායට සමාන කමක් දක්වයි. ඉන්දියාවේ සිට බටහිරට සංක්‍රමනය වූ විවිධ සින්දි ජන කොටස් හරහා බටහිරට ඉන්දියානු සම්ප්‍රදායන් සංක්‍රමනය වුනි යැයි සිතිය හැක. තවත් එක් මතයක් වන්නේ ක්‍රි:ව: 78 දී පමණ කණිශ්ක රජ තුමා (ශක වාංශික) ගාන්ධාර රටවල් යටත් කරගත් කාලයේ එහි සිට යුරෝපීය මාගයින් (Mages) ඉන්දියාවට පැමින බ්‍රාහ්මනයන් සමඟ කුලවැදුන බවයි. මෙම කණිශ්ක රජ තුමා සිංහාසනාරුඨ වූයේ ක්‍රි:ව: 78 දීය. ජ්‍යෝතිෂ්ශාස්ත්‍රයේ ඉතා වැදගත් වර්ශයක් වන ශක වර්ශ ක්‍රමය ආරම්භ වූයේද මෙම අවස්ථාවේ සිටය.

රාශි චක්‍රය

බටහිර හා වේදීය ජ්‍යෝතිෂයේ එන රාශි චක්‍රය එක සමාන නාමයන් ඇතිමුත් ‍චීන ජ්‍යොතිෂයේ එන රාශි චක්‍රය මීට වෙනස් වේ. බටහිර හා වේදීය ජ්‍යෝතිෂයේ පෘටිවිය වටා අහස කොටස් දොලසකට බෙදා පහත නාම කරන දී ඇත.
අංකය රාශිය අධිපතියා කාල පුරුශයාගේ අවයවය
1 මේෂ කුජ හිස
2 වෘෂභ ශුක්‍ර මුහුණ
3 මිථුන බුධ උරය
4 කටක චන්ද්‍ර හෘදය
5 සිංහ රවි බඩ
6 කන්‍යා බුධ උකුල
7 තුලා ශුක්‍ර වස්තිය
8 වෘශ්චික කුජ(ප්ලූටෝ) ලිංගය
9 ධනු ගුරු කලවා
10 මකර ශනි දෙදන
11 කුම්භ ශනි(යුරේනස්) කෙණ්ඩා
12 මීන ගුරු(නැප්චුන්) දෙපතුල

නව ග්‍රහයෝ

  1. රවි
  2. චන්ද්‍ර
  3. කුජ
  4. බුධ
  5. ගුරු
  6. ශුක්‍ර
  7. ශනි
  8. රාහු (‍බටහිර ජ්‍යෝතිෂය යේදී භාවිතා නොවේ)
  9. කේතු(‍බටහිර ජ්‍යෝතිෂය යේදී භාවිතා නොවේ)

වෙනත් ග්‍රහයෝ

  1. යුරේනස්
  2. නැප්චුන්
  3. ප්ලූටෝ

උපග්‍රහයෝ

සූර්‍ය උදාව සහා සූර්‍ය අස්ථය උපයෝගි කර ගනිමින්ද කේනද්‍රය සාදනවේලාවේ රවි නොහාත් සූර්යා සිටින ස්ථානය උපයෝගී කරගනිමින්ද වේදීය ජ්‍යෝතිෂ්ශයේ යොදාගන්න විශේෂ ග්‍රහයන් සඳහා උපග්‍රයෝ යන නම භාවිතා කරයි. ඒවා නම්,
  1. ධූම
  2. ව්යාප්ත
  3. පරිවේෂ
  4. ඉන්ද්රචාප
  5. උපකේතු
  6. ගුලික
  7. මාන්දි
  8. කෝදණ්ඩ
  9. යමගණ්ටක
  10. අර්ධ ප්රහාර
  11. මෘත්ය
  12. පරිධි
  13. කාල

නැකැත් (නක්ෂත්‍ර) 27

නැකත් යනු ද පෘථිවිය වටා අහස බෙදා ඇති එක් ක්‍රමයකි. නමුත් මෙය වැඩියෙන්ම සලකනු ලබන්නේ චන්ද්‍රයා සඳහාය. යම් අවස්ථාවක ලබා ඇති නැකත යනු එම අවස්ථාවේ චන්ද්‍රයා පිහිටා ඇති නැකත් කොටුවයි.



අධිපතියා දශා කාලය
1 අස්විද 10 මා 19 මුල කේතු අවුරුදු 7යි
2 බෙරණ 11 පුවපල් 20 පුවසල ශුක්‍ර අවුරුදු 20යි
3 කැති 12 උත්‍රපල් 21 උතුරුසල රවි අවුරුදු 6යි
4 රෙහෙන 13 හත 22 සුවන චන්ද්‍ර අවුරුදු 10යි
5 මුවසිරස 14 සිත 23 දෙනට කුජ අවුරුදු 7යි
6 අද 15 සා 24 සියාවස රාහු අවුරුදු 18යි
7 පුනාවස 16 විසා 25 පුවපුටුප ගුරු අවුරුදු 16යි
8 පුෂ 17 අනුර 26 උත්‍රපුටුප ශනි අවුරුදු 19යි
9 අස්ලිස 18 දෙට 27 රේවතී බුධ අවුරුදු 17යි

නැකත් පාද

මේ සෑම නැකතක්ම සමානව පාද සතරකට බෙදා ඇත. එක් පාදයක් යනු නැකතකින් සතරකින් කොටසකි.

විවේචනය

බුදු රජාණන් වහන්සේ ජ්‍යොතිෂය බොහෝ අවස්තා වලදී විවේචනයට ලක් කල සේක.
මජ්ජිම නිකායේ භද්දෙකරත්ත සූත්‍රයේ (සූත්‍ර අංක 131), බුදු රජාණන් වහන්සේ ‍ෙමසේ වදාල සේක,
“පසුවූ අතීතය ගැන නොසිතන්න, ඉදිරියට ඇති අනාගතය ගැනද නොසිතන්න. තමා දැන් සිටින වර්තමානය නොහොත් මේ මොහොත ගැන සිතන්න. අද කල යුතු දේ අදම කරන්න. හෙට ඔබ මෙලොවින් සමුගන්නා දවස විය හැක. මෙලොව සාර්ථකම ජීවිතය ගත කරනුයේ. නොපමාව, නිකරනුනේ කල් නොදමා, මේ මොහොතේ කල යුතු දේ, මේ මොහොතේම කරන පුද්ගලයාමය.”
දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ (සූත්‍ර අංක 1), ජ්‍යොතිෂය සහ සෙසු ගුප්ත විද්‍යාවන්, වංචනික ශාස්ත්‍ර ලෙස හඳුන්වා ඇත.
වංචාවෙන් විවාහයක් කඩාකප්පල් කල කපටි ජ්‍යොතිෂවේදියකු ගැන කියැ‍ වෙන නක්කත්ත ජාතකයේ බුදු රජාණන් වහන්සේ ‍ෙමසේ වදාල සේක,
“මෝඩයා නැකතක් එන තුරු නිකරුනේ බලා සිටී. සැබෑම නැකත වන්නේ තමාගේ අරමුණ සපල කරගැනීමයි. තරුවලට කුමක් කල හැකිද?”
එමෙන්ම විනය පිටකයේ චුල්ලවග්ග පාලියේ ජ්‍යොතිෂය සහ ‍ෙසසු ගුප්ත විද්‍යාවන් මහා සංඝරත්නයට තහනම් කර ඇත.

@ktdmk

30 Aug 2011

මූලික අයිතිවාසිකම්


හැදින්වීම

Suprem123.gifසෑම පුද්ගලයකුම මෙලොව ජීවත් වන විට යුතුකම් හා බැදීම් ඉටු කිරීම සඳහා වූ කිසියම් සබඳතාවයක් දරයි.එය දහමට, සිරිත් විරිත් වලට,නීතියට ආදී වශයෙන් විවිධ විය හැකිය.රටවැසියකු වු විට රටේ නීතියට,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂ නියමයන්ට හා මානව අයිතිවාසිකම් ප්‍රකාශනයේ යුතුකම් හා අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට බැදියාවක් ඇතිවේ.

ඉතිහාසය

අතීතයේ සිට මේ මොහොත දක්වා වූ කාලපරිච්ඡේදය තුල මිනිසාගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන නොනවත්වා ක්‍රියාවට නැංවෙයි.1215 මැග්නා කාටා ගිවිසුම,1776 ඇමරිකානු නිදහස් සටන සහ 1971 අයිතිවාසිකම් ප්‍රකාශනය,1789 ප්‍රංශ විප්ලවය ආදී ප්‍රකාශන විප්ලව හරහා අයිතිවාසිකම් පිළිබද සංකල්පය බිහිවූ අතර මානව හිමිකම් නීතියෙහි පිබිදීම උදෙසා 19 වන සියවසේදී තෝමස් හොබ්ස්,ජෝන් ලොක් වැනි දාර්ශනිකයන්ගේ මත පදනම් විය.මානව අයිතිවාසිකම් පිළිබද සංකල්පය 1948 මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප්‍රකාශනය,1966 ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුතිය,1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුතිය සහ පසුව කී සම්මුති දෙකට අදාල වෛයිකල්පිත සම්මුතීන් දෙකක් අන්තර්ගත කරමින් සකස් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පනත එලිදැක්වීමත් සමග බලවත් ලෙස ස්ථාවර විය.අයිතිවාසිකම් යන්න මානව අයිතිවාසිකම් හා මූලික අයිතිවාසිකම් ලෙස දෙයාකාරයකට බෙදේ.විශ්වයේ සමස්ථ මානව වර්ගයාට අදාල වන්නා වූ අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් වේ.මේ ආකාරයට වර්ධනය වූ මානව අයිතිවාසිකම් අතරින් යම් යම් අයිතිවාසිකම් එක් එක් රාජ්‍යයන් විසින් තම රටේ සාමාජික,ආර්ථික,දේශපාලනික,සංස්කෘතික හා වෙනයම් ආවේණික තත්‍වයන්ට උචිත වන ආකාරයට පමනක් උකහා ගෙන එසේත් නැතිනම් අත්‍යවශ්‍යයෙන්ම රැකිය යුතුයයි තමන් පිළිගන්නා අයිතිවාසිකම් ඒ ඒ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කර නෛතිකව බලාත්මක කලහ.එම අයිතිවාසිකම් අප මූලික අයිතිවාසිකම් ලෙස හදුනා ගනී.ඒ අනුව මානව අයිතිවාසිකම් වලින් යම් යම් අයිතිවාසිකම් ක්‍රමිකව විකාශනය වීම හරහා මූලික අයිතිවාසිකම් බවට පත්වී ඇති අතර ඒ අනුව එක් එක් රටවල් පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් එක හා සමාන නොවේ.උදාහරනයක් වශයෙන් අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව "ජීවත් වීමේ අයිතිය" පිළිනොගත්තද දකුණු අප්‍රිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගනී.

1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම්

මෙරට නීති ක්‍රමයට මූලික අයිතිවාසිකම් පිළිබද හදුන්වා දීමක් 1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම වයවස්ථාව හරහා සිදුවිය. එහි 6වන පරිච්ජේදය යටතේ
  • නීතිය ඉටුකිරීම,නීතියේ රැකවරණය සර්ව සාධාරණ වීම
  • නීතියට අනුකූලව මිස කිසිදු පුද්ගලයකුගේ හෝ ප්‍රාණයට හෝනිදහසට හානියක් නොකිරීම
  • නීතියට අනුකූලව මිස කිසිදු තැනැත්තකු අත් අඩංගුවට ගැනීම රදවා තබා ගැනීම ,බන්ධනාගාර ගත
කිරීම නොකිරීම
  • සෑම පුරවැසියකුටම සිතීමේ විමසීමේ නිදහස,ආගමික නිදහස අදහස් ප්‍රකාශකිරිමේ නිදහස,කැමති
ආගමක් ඇදහීම,වැළද ගැනීම,ප්‍රගුණ කිරීමට ඇති නිදහස
  • සෑම පුරවැසියකුටම තමා කැමති සංස්කෟතියක් භුක්ති විදීමට දියුණු කිරීමට තිබෙන අයිතිය
  • භාෂනයේ හා ප්‍රකාශනයේ නිදහස
  • පත්වීම් ලිපි ලබා දීමේදී වර්ණය,ආගම,කුලය,ස්ත්‍රී පුරැෂ භේදය යන කිසිදු කරුණක් නිසා වෙනසකට හෝ විශේෂයකට හෝ භාජනය නොකිරීම
  • සෑම පුරවැසියකුටම ලංකාව තුල යාම් ඊම් ඉදීම් ,අභිමත තැනක පදිංචි වීමේ නිදහස
යනාදී අයිතිවාසිකම් දක්වා තිබූ අතර ජාතියේ එක්සත් බව,රටේ යථාපැවැත්ම,ජාතික ආර්ථිකය,මහජන සෞඛ්‍යය,සදාචාරය,අන්‍යයන්ගේ අයිතිය යන විවිධාකාර වූ නිදහස මත එකී මූලික අයිතීන් සීමා කල හැකි විය.නමුත් මෙහිදී යම් මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වන විටක ගත යුතු ප්‍රතිකර්ම සම්බන්ධව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත නොවූ හෙයින් එකී අඩුපාඩුව මග හරවමින් 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවිනි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ජේදය මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සාකච්ජා වෙයි.
10 වන ව්‍යවස්ථාව
සිතීමේ නිදහස,හෘදය සාක්‍ෂියේ නිදහස සහ ආගමික නිදහස (සෑම තැනැත්තකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළද ගැනීමේ නිදහසද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද ඇතුළුව සිතීමේ නිදහසට,හෘදය සාක්‍ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය.
11වන ව්‍යවස්ථාව
වධහිංසා වලින් නිදහස (කිසිම තැනැත්තකු වධහිංසා වලට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුත්තේය)
12 වන ව්‍යවස්ථාව
(1) සර්ව සාධාරණත්‍වයේ අයිතිවාසිකම (නීතිය පසිදලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය.)
(2)කීසිම පුරවැසියකු වර්ගය,ආගම,භාෂාව,කුලය,ස්ත්‍රී පුරුෂ භේදය,දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය.
13 වන ව්‍යවස්ථාව
අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්,රදවා තබා ගැනීමෙන් සහ දඩුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම
(1)නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේය.යම් තැනැත්තකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මතද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේය.
(2)අත් අඩංගුවෙහි තබා ගනු ලැබූ හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කරනු ලැබූ සෑම තැනැත්තකුම නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටිය අනුව ආසන්නතම නිසි අධිකරණයේ විනිශ්චයකාරවරයා ඉදිරියට ගෙන යා යුතු අතර,නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව ඒ විනිශ්චයකාරවරයා විසින් කරනු ලැබූ ආඥාව/ලැබූ ආඥාව /මත සහ ආඥාව ප්‍රකාර මිස,ඒ තැනැත්තා තවදුරටත් අත්අඩංගුවෙහි තබා ගැනීම හෝ රදවා තබා ගැනීම හෝ ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම හෝ නොකළ යුත්තේය.......)
14 වන ව්‍යවස්ථාව
භාෂණයේ,රැස්වීමේ,සමාගමයේ,රැකියාවේ සහ යාම්ඊම් යනාදියේ නිදහස
අ)භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට
ආ) සාමකාමීව රැස්වීමේ නිදහසට
ඇ) සමාගමයේ නිදහසට
ඈ) වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැදීමේ නිදහසට
ඉ) එකලාව හෝ අන් අය හා සමඟ ,ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව ,තම ආගම,ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්,පිළිපැදීමෙන්,ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශකිරීමේ නිදහසට
ඊ) එකලාව හෝ අන් අය හා සමඟ හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විදීමේ හා වැඩිදියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිතා කිරීමේ නිදහසට
උ) එකලාව හෝ අන් අය හා සමඟ යම් නීත්‍යානුකූල රැකියාවක,වෘත්තියක,කර්මාන්තයක,වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට
ඌ) ශ්‍රී ලංකාව තුල යාම ඊමේ නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට ,සහ
එ) ශ්‍රී ලංකාවට පෙරලා පැමිණීමේ නිදහසට හිමිකම් ඇත්තේය....

මූලික අයිතිවාසිකම්වලට වූ සීමා

ඉහත දක්වන ලද මූලික අයිතිවාසිකම් භුක්ති විදීමේදී ඊට වූ සීමාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වන ව්‍යවස්ථාව හරහා දක්වනු ලැබේ.ඒ අනුව රාජ්‍ය ආරක්‍ෂාව තහවුරු කිරීම පිණිස නීතියෙන් නියමකරනු ලැබිය හැකි සීමා කිරීම් වලට යටත්ව එනම්
  • ජාතීන් හා විවිධ ආගමිකයන් අතර සහයෝගීතාව වර්ධනය කිරිම
  • ජාතික ආර්ථිකය ආරක්‍ෂා කිරීම
  • මහජන සෞඛ්‍යය හා සදාචාරය
  • අනන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන් වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරුකරන බවට වග බලා ගැනීම පිණිසත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබසාධනය පිණිසත්
  • සන්නද්ධ හමුදාවන්හි හා පොලීසියේ සාමාජිකයන්ට අදාල වීමේදි ඔවුන්ගේ කාර්යයන් යථා පරිදි පවත්වාගෙන යාමට හා ඔවුන් අතර විනය පවත්වා ගැනීම පිණිස හා පාර්ලිමේන්තු වරප්‍රසාද,අධිකරණයට අපහාස කිරීම,අපහාසය හෝ වරදකට පෙළඔවීම වැනි කරුණුවලදී නීතියෙන් නියම කරනු ලබන සීමා වලට යටත්ව මෙකී මූලික අයිතීන් සීමාවන්ට යටත්ව භුක්ති විදිය යුතු වේ.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනයකදී ගත හැකි ප්‍රතිකර්ම

  • අධිකරණමය ප්‍රතිකර්ම
  • අධිකරණමය නොවන ප්‍රතිකර්ම

අධිකරණමය ප්‍රතිකර්ම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04(ඈ) ව්‍යවස්ථාව ප්‍රකාරව "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශකොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරුකරනු ලැබිය යුත්තේය,ආරක්‍ෂා කරනු ලැබිය යුත්තේය.වර්ධනය කරනු ලැබිය යුත්තේය.තවද ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම,සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේය."ඒ අනුව මෙකී අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම උදෙසා රජයට බැදීමක් ඇතිවන අතර 17වන ව්‍යවස්ථාව ප්‍රකාරව මේ පරිච්ඡේදය යටතේ දක්වන්නා වූ යම් මූලික අයිතිවාසිකමක් යම් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් මගින් උල්ලංඝනය කර තිබීම හෝ උල්ලංඝනය කිරීමට අත්‍යාසන්නව තිබීම හෝ සම්බන්ධයෙන් 126 වන ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉලිලීමක් කිරීමට ඒ තැනැත්තාට හිමිකම් ඇත්තේය. ඒ අනුව 126 වන ව්‍යවස්ථාව ප්‍රකාරව යම් මූලික අයිතිවාසිකමමක් නැතහොත් භාෂා අයිතිවාසිකම යම් විධායක ක්‍රියාවක් මගින් හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩ කර ඇති බවට හෝ කඩකිරීමට අත්‍යාසන්නව පවතින බවට යම් තැනැත්තකු විසින් දෝෂාරෝපණයක් කරනු ලබන අවස්ථාවක ඔහු විසින්ම නැතහොත් ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයකුගේ මාර්ගයෙන් ,එතැන් පටන් මාසයක් ඇතුලත,එම කඩ කිරීමෙන් සහනයක් හෝ පිහිටක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කිරීමට හැකියාව ලැබේ.

අධිකරණමය නොවන ප්‍රතිකර්ම

  • ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
  • පරිපාලන කටයුතු පිළිබද පාර්ලිමේන්තු කොමසාරිස්වරයා(ඔම්බුඩ්ස්ටන්)

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
1996 අංක 21දරන පාර්ලිමේන්තු පනත මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සතු බලතල අතර මානව හිමිකම් කඩවීම පිළිබඳ ලැබෙන පැමිණිලි පිළිබදව විමර්ශණය කොට නිර්දේශයන් ඉදිරිපත් කිරීමේ බලය සුවිශේෂී වන අතර මානව හිමිකම් පිළිබද දැනුම ප්‍රවර්ධනයට සහ සුරක්‍ෂිතකිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙම ආයතනයට හැකියාව ලැබේ.
පරිපාලන කටයුතු පිළිබද පාර්ලිමේන්තු කොමසාරිස්වරයා(ඔම්බුඩ්ස්ටන්)
"දුක් ගන්නා රාළ" ලෙස හදුන්වන ඔම්බුඩ්ස්ටන්වරයාගේ බලතල අතර විධායක හෝ පරිපාලන වශයෙන් සිදුවන අයිතීන් උල්ලංඝනය පිළිබදව පරීක්‍ෂණ පැවැත්වීමේ බලතල කැපී පෙනේ.රජයේ නිලධරයන් විසින් සහ රාජ්‍ය සංස්ථාවල ,පළාත් පාලන ආයතන වල හා එවැනි වෙනත් ආයතනවල නිලධරයන් විසින් සිදුකරනු ලබන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම,සහ වෙනත් අසාධාරණ ක්‍රියා ගැන කරනු ලබන පැමිණිලි හෝ චෝදනා නීතියේ විධිවිධාන වලට අනුකූලව පරීක්‍ෂා කර බලා වාර්තා කිරිමේ කාර්යභාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 ව්‍යවස්ථාව යටතේ මොහු සතු බලතල ලෙස දක්වනු ලැබේ.

නඩු තීරණ

  • එල්මෝ පෙරේරා එ. මොන්ටේගු ජයවික්‍රම (1985) 1SLR 285
  • ෆසීස් එ. නීතිපති සහ වෙනත් අය (1995) 1 SLR 372
  • කරුණාතිලක සහ අනෙක් අය එ. දයානන්ද දිසානායක (1999) 1SLR 157
  • නමාසිවම් එ. ගුණවර්ධන (1989) 1SLR 394
  • ගුණවර්ධන එ. පෙරේරා (1983) 1SLR 305
  • පෙරේරා එ. රාජගුරු (1997) 3 SLR 265
  • විමල් ප්‍රනාන්දු එ. ගුවන් විදුලි සංස්ථාව SC No.81/95
  • ගුණරත්න එ. මහජන බැංකුව (1986)1SLR 338
  • ජෝසප් පෙරේරා එ. නිතිපති (1992) 1SLR 199
  • ශ්‍රියානි සිල්වා එ. චානක ඉද්දමල්ගොඩ (2003) 2 SLR 63

ආශ්‍රිත මූලාශු

  • 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
  • ශ්‍රී ලංකාවේ නීතිය හා මානව අයිතිවාසිකම්   නීතීඥ චාරුක සමරසේකර
  • Fundamental Rights in SriLanka by Dr. Jayampathi Wikramarathna

@ktdmkasun

29 Aug 2011

වේළුපිල්ලේ ප‍්‍රභාකරන්


වේළුපිල්ලේ ප‍්‍රභාකරන්

නොවැම්බර් 2006
Born 1954 නොවැම්බර් මාසයේ 26
වැල්වැටිතුරෙයි, ශ්‍රී ලංකාව
Died
2009 මැයි 18මැයි 18 2009 (වයස 54)

නන්දිකඩාල් කලපුව, මුලතිව්, ශ්‍රී ලංකා
Cause ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වෙඩි තැබීම 
Motive ශ්‍රී ලාංකික දමිළ ජාතිවාදය
Charge(s) නීතිය උල්ලංඝනය කිරීම විරුද්ධව ජීවය සහ සුවය, ත්‍රස්තවාදය, මනුෂ්‍ය ඝාතනය, සංවිධානාත්මක අපරාධ සහ බිහිසුණු ක්‍රියා කිරීම ද්‍රෝහීකම
Penalty අත්අඩංගුවට ගැනීම වරෙන්තු නිකුත් කිරීම කොළඹ ඉහළ අධිකරණය
Death warrant issued by Chennai
Status අභාවප්‍රාප්ත
Spouse මදිවදනී එරම්බු
Parents පියා: තිරුවෙන්දකාදම් වේළුපිල්ලේi
මව මෙන් රකිනවා:වල්ලිපුරම් පාර්වතී
Children චාල්ස්‌ ලුකස්‌ ඇන්තනී
ද්වාරගා
බාලචන්ද්‍රන්
 සහෝදර සහෝදරියන් සිව් දෙනකුගෙන් යුතු එම පවුලෙහි සිව්වැන්නා වූයේ වේළුපිල්ලේ ප්‍රභාකරන්ය. ඔහු 1954 නොවැම්බර් මාසයේ 26 වැනි දින උපන්නේ වැල්වැටිතුරෙයිහිදීය. මුහුදුකරයේ වෙල්ලාල කුලයට ඔහු අයත් විය.
කොටි සංවිධානයේ ධඡය

පවුල් පසුබිම

තිරුවෙන්දකාදම් වේළුපිල්ලේ යනු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ පියාය. ඔහු 1924 වර්ෂයේ ජනවාරි මාසයේදී සිංගප්පූරුවේ උපන් අයෙකි. ප්‍රභාකරන්ගේ මව වල්ලිපුරම් පාර්වතීය. ඇය ශ්‍රීලංකාවේ උපන් කාන්තාවකි. 1947 දී විවාහපත් වූ ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණියහ. ඊට පෙර සිංගප්පූරුවේ තැපැල් සේවාවට සම්බන්ධ වී ඔහු සේවය කළේය. විවාහයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි ඔහු රජයේ ලිපිකරුවකු ලෙස සේවය ඇරඹීය. තමන්ට අවුරුදු 58 දී ඔහු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවේ ඉඩම් නිලධාරියකු වශයෙනි.

අධ්‍යාපනය

පියාට ලැබුණු රැකියා ස්‌ථාන මාරුවක්‌ නිසා කුඩා ප්‍රභාකරන් ඇතුළු පවුලේ සාමාජිකයෝ අවුරුදු දෙකක්‌ම මඩකලපුවේ ජීවත් වූහ. එම නිසා දෙවැනි ශ්‍රේණිය දක්‌වා එහි පාසලකට ගොස්‌ අකුරු කිරීමට ප්‍රභාකරන්ට සිදුවිය.
ප්‍රභාකරන් උපන් ගමෙහි පිහිටි වැල්වැටිතුරෙයි මහා විද්‍යාලය, දහස්‌ ගණන් දරු දැරියන්ගේ නුවන් පෑදූ පාසලකි. එහිදී අ.පො.ස. (සා.පෙළ) දක්‌වා අධ්‍යාපනය ලැබුව ද ප්‍රභාකරන්ගේ සිත යොමුවූයේ ත්‍රස්‌තවාදී ක්‍රියා වෙතය. හුදෙකලාව සිටීමට නිතර උත්සුක වූ ඔහු කරාටේ, ජූඩෝ ක්‍රීඩාවලට උනන්දුවෙන් සහභාගි විය.  ඒ අතර විප්ලවවාදී චරිත පිළිබඳ ලියෑවුණු පොත්පත් ද කියෑවීය.
වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ වැඩිමල් සහෝදරයා වූයේ මනෝකරන් වේලුපිල්ලේය. (1948) ඔහුගේ බිරිය වනජාදේවිය. වැඩිමහල් සහෝදරි ජෙගදිස්‌වරිය (1949) ඇගේ සැමියා මාතියාපරණම්ය. දෙවැනි සහෝදරිය විනෝදනීය. (1952) ඇයගේ සැමියා රාසේන්දිරන්ය.

විවාහය

කොටි සංවිධානයේ සෙසු නාඹරයන්ට විවාහවීමට ඉඩ නොදුන් වේලුපිල්ලේ ප්‍රභාකරන් 1984 ඔක්‌තෝබර් මස 01 වැනිදා විවාහ විය. තමිල්නාඩුවේ චෙන්නායි නුවර මුරුගන් කෝවිලේදී ඔවුන්ගේ විවාහය සිදුකෙරිණි. ඔහුගේ භාර්යාව වූයේ වී. කේ. එරම්බු සහ සින්නම්මා යුවළගේ රූමත් දියණිය මදිවදනීය.
ප්‍රභාකරන් මදිවදිනි යුවළට දරුවන් තිදෙනෙකි. පළමුවැන්නා 1985 අප්‍රේල් 18 වැනිදා උපන් චාල්ස්‌ ලුකස්‌ ඇන්තනීය. පවුලේ දෙවැනියා ද්වාරගා දියණියයි. ඇය 1986 ජුනි මස 2 වැනිදා උපන්නීය. බාලචන්ද්‍රන් පවුලේ බාලයාය. ඔහු 1996 ජනවාරි මස 10 වැනිදා උපන් අයෙකි.
රටේ සෙසු දරුවන්ගේ අධ්‍යාපන අයිතියට බාධා කළ ප්‍රභාකරන් තම දරුවන්ට ඉතා හොඳින් අධ්‍යාපනය ලබාදීමට කටයුතු කළේය. ඔහුගේ දරුවන් අධ්‍යාපනය හදාරේ ද ශ්‍රී ලංකා රජයේ පාසල් විෂය මාලාවයි. වැඩිමහල් දරුවන් දෙදෙනාට විදෙස්‌ උසස්‌ අධ්‍යාපනයක්‌ ලබාදීමට ද ප්‍රභාකරන් සමත් විය

කොටි සංවිධානයේ ආරම්භයේ පසුබිම

  • 1954 ජනවාරි 18 - කොතලාවල - නේරු ගිවිසුම
  • 1956 ජුනි 15 - සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම සඳහා වූ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම. ෆෙඩරල් පක්‍ෂය විසින් සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පැවැත්වීම
  • 1957 ජුලි 25 - බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම
  • 1958 ජනවාරි 19 - "ශ්‍රී" විරෝධී ව්‍යාපාරය - ෆෙඩරල් පක්‍ෂය
  • 1958 අගෝස්තු 14 - දෙමළ භාෂා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීම සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම
  • 1972 - දෙමළ එක්සත් පෙරමුණ බිහිවීම

එල්.ටී.ටී.ඊ සංවිධානය හා ඊළාම් රාජ්‍යය පිළිබඳ සංකල්පය

  • 1976 මැයි 05 දින දෙමළ සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් එකතුවූ 40-50 පිරිසක් විසින් වඩුක්කෝඩෛ ප‍්‍රදේශයේ පැවැත්වූ සමුළුව එල්.ටී.ටී.ඊ සංවිධානය බිහිවීමේ ආරම්භක නිමිත්ත විය.
  • 1976 වඩුක්කෝඩෛ සමුළුවේ තීරණයක් අනුව බිහිවූ ද්‍රවිඩ එක්සත් විමුක්ති සංවිධානයේ සන්නද්ධ ඒකකය ලෙස එල්.ටී.ටී.ඊ සංවිධානය ගොඩනගන ලදී.
ඒ අනුව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය බිහිවූ අතර එය මගින් දෙමළ ජාතිකත්වයේ නිජබිම ලෙස උතුරු නැගෙනහිර ප‍්‍රදේශය නම් කිරීම. මෙම ප‍්‍රදේශය දෙමළ ඊළාම් රාජ්‍යය ලෙස නම් කළ අතර එයට ශ‍්‍රී ලංකාවේ භූමියෙන් 1/3ක් ද, ශ‍්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් 2/3ක්ද වන ලෙස සීමාවන් නම් කරන ලදී.
  • 1983 ජුලි 23 දින ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් 13 දෙනෙක් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඝාතනය කිරීම.
  • 1987 - එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිය පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීම
  • 2000 පෙබරවාරි - නොර්වේ සාම මැදිහත්කරුවා ලෙස කරළියට පැමිණීම
  • 2000 දෙසැම්බර් - එල්.ටී.ටී.ඊය විසින් සටන් විරාමයක් ප‍්‍රකාශයට පත්කිරිම හා සාම සාකච්ඡා සඳහා සූදානම් වීම
  • 2001 අපේ‍්‍රල් 24 - එල්.ටී.ටී.ඊ ය විසින් සටන් විරාමය අවසන් කිරීම
  • 2002 පෙබරවාරි - රනිල් - ප්‍රභා අවබෝධතා ගිවිසුම

සන්නද්ධ ක්‍රියාකාරීත්වයේ අවධීන්

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ උපත

    • 1970 දී ප්‍රභාකරන් තවත් තරුණ පිරිසක් හා එක්ව යාපනය වැල්වටිතුරෙයි නගරයේ නවතා තුබූ ලංගම බසයකට ගිනි තබති.
    • 1975 ජූලි 27 වැනිදා ප්‍රභාකරන් යාපනය නගරාධිපති දොරේ අප්පා ඝාතනය කරයි.
    • 1976 මැයි 05 වැනිදා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය බිහි විය. එල්ටීටීඊයේ මුල් නායකයා වූයේ උමා මහේෂ්වරන් ය. සන්නද්ධ අංශය භාරව කටයුතු කළේ වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ය.
    • 1978 දී යාපනය නගරාධිපති මරා දැමීම හා එහි වගකීම ප‍්‍රභාකරන් විසින් බාර ගැනීම. මේ බව එල්.ටි.ටී.ඊ.ය පළමුවරට ප‍්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. එම නිවේදනය යතුරු ලියනය කර තිබුණේ එවකට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය හෙබවූ අමිර්තලිංගම් මහතාගේ කාර්යාලයේදී බව පසුව හෙළිවිය.
    • 1979 දී උමා මහේෂ්වරන් එල්ටීටීඊ නායකත්වයෙන් ඉවත් වෙයි. ඉන්පසු වේළුපිල්ලේ ප‍්‍රභාකරන් එල්ටීටීඊයේ නායකත්වයට පත්වෙයි.
බැංකු කොල්ලකෑම්, රාජ්‍ය දේපළවලට අලාභහානි කිරීම ආදිය ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදී ගමනේ මුල විය. වැල්වැටිතුරෙයි සිය උපන් ගමේදී ලංගම බස්‌රථයක්‌ ගිනි තබා ඔහු ජනප්‍රිය දෙමළ ජාතිවාදියකු බවට පත්විය. ලංගම බස්‌ ගිනි තැබුවද, 1973 ජනවාරි 15 වැනිදා යාපනයේ පැවැති කළුපටි විරෝධතාවයට ඔහු සහභාගි වූයේ ද ලංගම බස්‌ රථයකිනි.
මෙම වැරදිවලට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයන ලද්දේ ප්‍රභාකරන් නොවේ කරිකාලන්ය. ඒ දවස ඔහු ජනප්‍රිය වී සිටියේ ඒ නමින්ය. 1972 ප්‍රභාකරන්ගේ මිතුරන් තිදෙනකු සමඟ කුඩා බෝම්බ තැනුවේය. ඉන් එකක්‌ පුපුරා ගොස්‌ ඔහුගේ දකුණු කකුල පිළිස්‌සී කළු පැහැ ගැන්විණි. එදින සිට ඔහු කරිකාලන් (කළු පාද ඇති මිනිසා) ලෙස ද ප්‍රසිද්ධ විය.
ආණ්‌ඩුවේ රැකියාවක්‌ සොයා ලබාගැනීමට හැකිවන අයුරින් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට ප්‍රභාගේ පියා කටයුතු කළේය. ඔහු ගුරුවරයකු ගෙදරට ගෙන්වා ප්‍රභාකරන්ට අධ්‍යාපනය ලබාදෙන ලදී. ගුරුවරයා දෙමළ ජාතිවාදියෙකි. දෙමළ ජනතාවගේ අනාගතය ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වෙන්වීම තුළින් යෑයි ඔහු ප්‍රභාකරන්ට කාවැද්දුවේය. "ආයුධ සන්නද්ධ අරගලයේ අවශ්‍යතාව ගැන මගේ සිත තුළට කාවැද්දුවේත් ඒ පිළිබඳව විශ්වාසය තබන ලෙසට මා පෙළඹවූයේත් එම ගුරුවරයාය. "ප්‍රභාකරන්ගේ දුරාවබෝධ මනසක ඇතුළාන්තය" නමැති පොත රචනා කළ එම්. ආර්. නාරායන් ස්‌වාමිගේ එම කෘතියේ ප්‍රභාගේ ප්‍රකාශ සඳහන් වන්නේ එලෙසින්ය. "කුප්‍රකට වඩුක්‌කෝඩෙයි" ප්‍රකාශය දෙමළ නායකයන් 40 ක්‌ 50 කගේ සහභාගිත්වයෙන් 1976 මැයි මස 5 වැනිදා එළිදක්‌වන ලදී. දෙමළ ඊළාම් විමුක්‌ති කොටි සංවිධානය (එල්. ටී. ටී. ඊ.) නිල වශයෙන් ඉන්පසුව බිහිවන්නේ දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ සන්නද්ධ අංශය ලෙසින්ය.
ද්‍රවිඩ ජනතාවගේ විමුක්‌තිය සඳහා යෑයි පිsහිටුවා ගත් ත්‍රස්‌තවාදී කොටි සංවිධානය එම ගමන ආරම්භ කළේ 1975 ජූලි 27 වැනිදා යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයිඅප්පා මහතා පන්නාලෙයි කෝවිල් බිමේදී ඝාතනය කරමින්ය. ඔහුට වෙඩි තබා ඝාතනය කරන ලද්දේ ප්‍රභාකරන් (කරිකාලන්) විසින්ය. එල්. ටී. ටී. ඊ. සංවිධානය පිහිටුවීම නිසා ප්‍රභාකරන්ට මිතුරන් පිරිසක්‌ හඳුනාගත හැකි විය

එල්.ටී.ටී.ඊ. ව්‍යාප්තිය

    • 1983 දී ඇති වූ කළු ජූලිය නිසා ප‍්‍රභාකරන්ට ඉන්දියාවේ සහය ලැබීම
    • 1984 දී ඉන්දියාවේ ‘‘රෝ’’ සංවිධානයේ මැදිහත්වීමෙන් එල්ටීටීඊය. ගරිල්ලා සටන් පුහුණුව ලබයි. දහස් ගණනින් දෙමළ තරුණයෝ එල්ටීටීඊයට බඳවා ගැනීම
    • 1987 ජූලි 05 වැනිදා කොටි පළමුවරට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කරති. එහිදී නෙල්ලිඅඩි කඳවුරේ සිටි සෙබළු 17 දෙනෙක් මියයෑම
    • 1987- 1990 කාලයේදී එල්ටීටීඊ සංවිධානය නැගෙනහිර පළාතේ පාලනය සියතට ගැනීම
    • 1993 වන විට ප්‍රභාකරන් කොටි ගුවන් හමුදාවක් ද අරඹයි. ගුවන් යානා නාශක මිසයිල, නවීන අවිආයුධ වලින් සමන්විත ලොව අංක එකේ ගරිල්ලා සංවිධානය බවට එල්.ටී.ටී.ය අතට පත්වීම
    • 1983, 1988, 1994 හා 2006 වසර වලදී එල්ටීටීඊ සංවිධානයට නායකත්වය දෙමින් ඊළම්යුද්ධ හතරක් ඇරඹීම
දක්‍ෂ කථිකයෙක්‌ හා වෘත්තියෙන් මිනින්දොරුවෙක්‌ වූ උමා මහේෂ්වරන් ඉන් එක්‌ පුද්ගලයෙකි. එල්. ටී. ටී. ඊ. ආරම්භක සභාපති වූයේ ද ඔහුය. ඔහු දෙමළ භාෂාව මෙන්ම ඉංග්‍රීසි භාෂාව ද චතුර ලෙස කතා කළේය. ප්‍රභාට වඩා අවුරුදු 10 කින් වැඩිමහල් විය. උමරාගේ පෙම්වතිය උදුර්මිලා දේවිය, ඇය නෙල්ලිප්පලෙයි පදිංචිකාරියකි. උමා සහ උර්මිලා විවාහ වෙනවාට ප්‍රභා අකමැති විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස පසුකාලීනව උමා මෙන්ම උර්මිලාද, ප්‍රභාකරන්ගේ ගොදුරු බවට පත්විය. 1979 ප්‍රභා එල්. ටී. ටී. ඊ. නායකයා බවට පත්වූයේ එම ඝාතන සිදුකරමින්ය.
ප්‍රභාකරන්ට ඇන්ටන් බාලසිංහම් මුණගැසුණේ 1979 වසරේදී මදුරාසියේදීය. බාලසිංහම්ගේ ශ්‍රී ලාංකීය බිරිය මියගිය පසු ඕස්ට්‍රේලියානු ඇඩෙලරා සමඟ විවාහ වී ලන්ඩනයේ විසූහ. ඔහු කලක්‌ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ ද සේවය කළේය. 1978 දී එල්. ටී. ටී.ඊ. ය වෙනුවෙන් ඔහු ලියූ "සමාජවාදී ඊළාමයක්‌ කරා" (ඔදආරාs Sදජස්‌කසිඑ Eaක්‌ප) ලිපිය කියවූ ප්‍රභාකරන්ට ඇන්ටන් බාලසිංහම් පිළිබඳ උනන්දුවක්‌ ඇතිවිය. ඔවුන් දෙදෙනාගේ හමුවීමට මුල් වූයේ එම ලිපියයි.
කිට්‌ටු හෙවත් සතාසිවන් ක්‍රිෂ්ණකුමාර් ප්‍රභාගේ පාසල් මිතුරෙකි. මහත්තයා ඩිලන්, ෙච්ට්‌මිද ඔහුගේ ගජ මිතුරෝ වූහ. ප්‍රභාකරන් වැඩිපුර ප්‍රිය කළේ රිවෝල්වරයක්‌ හෙවත් කුඩා පිස්‌තෝලයක්‌ භාවිත කිරීමටය. ඔහු වෙඩි තැබීමට දක්‍ෂයකු වූ බව කියෑවේ. ඔහු දක්‌ෂයකු වූයේ තනියම ඉගෙන ගෙනය. ලන්ඩනයේ පළවූ "වෙඩි තබන්නට ඔබ ඉගෙන ගන්න" (ඔeaජය ශදමිeකෙ Sයදදඑසබට) කෘතිය ඒ සඳහා ඔහුට ප්‍රබල රුකුලක්‌ විය. ප්‍රභාකරන් පිස්‌තෝලයක්‌ මුලින්ම මිලට ගත්තේ ඉතා අමාරුවෙනි. ඒ 70 දශකයේ මුල් කාලයේය. ඔහුට අටදෙනකුගෙන් යුතු කල්ලියක්‌ සිටියහ. පිස්‌තෝලයක්‌ මිලට ගැනීම ඔවුනගේ මූලික අරමුණ වූහ. ඔවුන් හැම මාසයකම ප්‍රභාට රුපියල් 25 බැගින් ලබාදී ඒ සඳහා මුදල් ඉතිරි කළහ. ඔවුන්ගේ මුදල් එකතුව රුපියල් 40 ක්‌ විය. ප්‍රභා සිය සහෝදරියගේ මඟුල් මුද්ද හොරෙන් විකුණා රුපියල් 70 ක්‌ ලබාගත්තේය. යාපනයේ මැරයකුගෙන් රුපියල් 150 කට රිවෝල්වරයක්‌ මිලට ගැනීමට එම පිsරිස එලෙස ක්‍රියා කළහ.

සයනයිඩ් කරල

ප්‍රභාකරන් තම සාමාජිකයන්ගේ ගෙලෙහි සයනයිඩ් කරලක්‌ එල්ලුවේය. ඔහු ඒ සඳහා ආභාශය ලැබුවේ සිවකුමාර් නමැත්තකුගෙනි. ඔහු යාපනයේදී ඇමැතිවරයකුද, නගරාධිපති ඝාතනයට ප්‍රභාට සහය වූවෙකි. යාපනයේ බැංකුවක්‌ කොල්ලකෑමට ගත් උත්සාහයේදී පොලිසිය ඔහු ලුහුබඳින්නට විය. ගෙලෙහි බැඳ තිබූ සයනයිඩ් කරලක්‌ ගිල දැමීමෙන් ජීවිතයට සමුදී පොලිසියෙන් බේරීමට ඔහුට හැකියාව ලැබුණේය. ප්‍රභාකරන් ආදර්ශයට ගත්තේ එම සිදුවීමය.

ඉන්දීය අත්අඩංගුවට පත්විම

ප්‍රභාකරන් ඉන්දියාවට පැන ගියේ 1981 ජුනි මාසයේදීය. ඔහු එහිදී ඉන්දීය අත්අඩංගුවට පත්විය. එහිදී අවි පුහුණුව ලැබීමට ද ඔහුට හැකිවිය. විවාහයද ඉන්දියාවේදී සිදුකෙරිණි. එල්. ටී. ටී. ඊ. සංවිධානය යුද හමුදාව වෙත දැවැන්ත ප්‍රහාරයක්‌ පළමු වරට එල්ල කළේ 1983 ජූලි මස 23 වැනිදාය. යාපනය විශ්වවිද්‍යාල මාවතේ කින්නවේලි හංදියේදී ගසක සිට එල්. ටී. ටී. ඊ. කාඩරයකු එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් යුද හමුදා සොල්දාදුවෝ 13 දෙනෙක්‌ ජීවිතක්‍ෂයට පත්වූහ. ප්‍රභාකරන්, කිට්‌ටු, රන්ජන් ඇතුළු පිරිස මෙම ප්‍රහාරයට සහභාගි වූහ. ඉන්පසු ඔවුහු එම ස්‌ථානය තමන්ගේ අමරණීය ස්‌ථානයක්‌ ලෙස සලකා සිහිවටන ඵලකයක්‌ ද ඉදි කළහ. පසු කලක එය කඩා බිඳ දමා ඇති අයුරු එම ස්‌ථානයේදී දැකගත හැකිවිය. එම සොල්දාදුවන් ඝාතනය නිසා සුප්‍රකට කළු ජූලිය ද ඇතිවිය.

කොටි සංවිධානයේ තහනමේ ඉතිහාසය

  • 1983 මාර්තු මාසයේදී හදිසි නීතිය යටතේ කොටි සංවිධානය නීති විරෝධී සංවිධානයක් ලෙස තහනම් කැරුණි.
  • 1989 හදිසි නීතිය ඉවත් කිරීමත් සමඟම කොටි තහනම ඉවත් කෙරුණි.
  • 1998 ජනවාරි 25 දළදා මාලිගාවට එල්ල වූ කොටි ප‍්‍රහාරයෙන් පසු කොටි සංවිධානය තහනම් විය.
  • 2002 එජාප ආණ්ඩුව බලයට පත්වූ පසු නෝර්වේ රජයේ මැදිහත්වීමෙන් ඇතිවූ සටන් විරාම ගිවිසුම යටතේ කොටි සංවිධානයට පැනවූ තහනම ඉවත් කෙරුණි.
ඊට පසු 2009 ජනවාරි 7 දා කොටි සංවිධානය තහනම් විය.

@ktdmk

28 Aug 2011

විවාහ නීතිය - ශ්‍රී ලංකා

බහුවිධ නීති පද්ධතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකීය සමාජයේ විවාහය යන‍ ‍තේමාව මෙකී නීති පද්ධති වලින් විවිධ ආකාර‍යෙන් පෝෂණය වී ඇත. ඒ අනුව,
01) උඩරට නීතිය
02) මුස්ලිම් නීතිය
03) සාමාන්‍ය නීතිය
ආදී තත්වයන් යටතේ විවාහය බලාත්මක වන ආකාරය මෙමගින් විස්තර ‍කෙරේ.



විවාහය යනු කුමක්ද?

විවාහය වූ කලී මනුෂ්‍ය වර්ගයා අතර ඇතිවන අනෝන්‍ය සම්බන්ධතාවය මත ඇතිවන වැදගත් ආයතනකි. ස්ත්‍රියක් හා පුරුෂයෙක් පවුලක් වශයෙන් ජීවිත කාලය පුරාම එකට ජීවත් වීමේ පරමාර්ථය ඇතිව ස්ව කැමැත්තෙන් මෙම විවාහය නම් වූ ආයතනය ගොඩනගා ගනී. හුදෙක් ස්ත්‍රියක් හා පුරුෂයෙක් එකට ජීවත් වීම තුලින්ම විවාහයක් බිහි නොවන්නේ පුද්ගල ජීවිතය පුරාහ බලපාන නෛතික අයිතිවාසිකම් රැසක් එයින් බිහිවන නිසාත් නීතිය පිළිගන්නා පරිදි එය සිදුවිය යුතු නිසාත්ය.

වලංගු විවාහයක් ඇතිවීම සඳහා

  • ස්වෙඡ්ඡාවෙන් ඇති විය යුතුය.
  • ජීවිත කාලය පුරාම පවුල් ජීවිතයක් ගත කිරීමේ පරමාර්ථයෙන් ඇතිකර ගත යුතුය.
  • විරුද්ධ ලිංගිකයන් අතර පමණක් ඇතිවිය යුතුය.
  • එක් භාර්යාවක් හා එක් පුරුෂයෙක් අතර පමණක් ඇති විය යුතුය (මෙය සෑම නීති පද්ධතියක් යටතේමඅනිවාර්යනොවේ).

සාමාන්‍ය නීතිය යටතේ විවාහය

මේ සඳහා බලපවත්වන්නේ 1907 අංක 17 දරණ සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනතයි.

සාමාන්‍ය නීතිය බලපාන්නේ කාටද?

  • පහතරට සිංහලයන්ට
  • තේසවලාමේ නීතිය යටතේ ද්‍රවිඩයන්ට
  • ස්ව කැමැත්ත මත උඩරැටියන්ට
  • ස්ව කැමැත්ත මත මුස්ලිම් ජාතිකයන්ට

සාමාන්‍ය නීතිය විවාහය වලංගු වීමට නම්

1) අවම වයස් සීමාව.
2) තහනම් ඥාති සබඳතා නොපැවතීම.
3) වලංගු පෙර විවාහයක් නොපැවතීම.

අවම වයස් සීමාව

සාමාන්‍ය විවාහ ආඥා පනතේ 15 වගන්තියේ දැක්වෙන ආකාරයට වලංගු විවාහයක් ඇතිකර ගැනීම සඳහා අවම වයස් සීමාව ලෙස ස්ත්‍රීන් වයස අවුරුදු 12 හා පුරුෂයන් වයස අවුරුදු 16 ක් වේ. බර්ගර් දෙමාපියන්ගෙන් පැවතෙන්නන් සඳහා අවම වයස් සීමාව ලෙස ස්ත්‍රීන් හා පුරුෂයන් අවම වයස අවුරුදු 14 ක් වේ. නමුත් 1995 අංක 18 දරණ සංශෝධන පනතින් ස්ත්‍රීන් හා පුරුෂයන් යන දෙපාර්ශවටම අවම වයස අවුරුදු 18 ක් බවට පත් කරන ‍ලදී. ඒ අනුව මෙම නෛතික අවශ්‍යතාව‍යට පටහැනි විවාහ (බාල වයස්කාර විවාහ) විවාහ නොවන බවට අධිකරණය පිළිගනී.

තහනම් ඥාති සබඳතා නොපැවතීම

ඕනෑම ශිෂ්ට සම්පන්න සමාජයක ලේ ඥාතීන් අතර සිදුවන විවාහ නොපිළිගනී. සාමාන්‍ය විවාහ ආඥා පනතේ 18 වන වගන්තිය මගින් ලේ ඥාතීන් අතර සිදුවන විවාහ වලංගු විවාහ නොවන බව දක්වයි. පනතේ 17 වන වගන්තිය අනුව තහනම් ඥාති සබඳතා මත විවාහ සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
තහනම් ඥාති සබඳතා
  • මව-පුතා
  • පියා-දියණිය
  • සහෝදර-සහෝදරිය
  • මාමා-ලේලි
  • ආච්චි-මුණුපුරා
  • සීයා-මිණිබිරී
  • විවාහයෙන් පසුව කලත්‍රයන්ගේ දියණිවරු හා පුතුන් අතර

වලංගු පෙර විවාහයක් නොපැවතීම

නීත්‍යනුකූලව වලංගු ව පවතින පෙර විවාහයක් අවලංගු කර නොගෙන සිදුකරන දෙවන විවාහයක් වලංගු නොවන බව නීතිය පිළිගනී.සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනතේ 18 වගන්තියේ මේ බව දක්වයි.
ඉහත කරුණු වලට අමතරව දෙපාර්ශවයේම කැමැත්ත අවශ්‍ය වේ.ඉහත අවශ්‍යතා සපුරාලන අයෙකුට නීතිය පිළිගන්නා වලංගු විවාහයක් සිදුකර ගත හැකිය.

සාමාන්‍ය නීතිය යටතේ විවාහයක් සිදු කිරීම

Niro.JPG
සාමාන්‍ය නීතිය යටතේ විවාහයක් ලියාපදිංචි කිරීම මගින් හෝ චාරිත්‍රානුකූලව සිදුකළ හැකිය.විවාහයක් ලියාපදිංචි කිරීම විවාහ රෙජිස්ටාර්වරයා හෝ ක්‍රිස්තියානි පූජකවරයා විසින් සිදුකරනු ලබයි.

විවාහ ලියාපදිංචි කිරීමේ කාර්යය පටිපාටිය

(ලියාපදිංචිය සිදු කරන්නේ විවාහ රෙජිස්ටාර් වරයාද ක්‍රිස්තියානි පූජක වරයාද යන්න මත අනුගමනය කරන කාර්යය පටිපාටිය වෙනස් වේ.)

  • විවාහ ලියාපදිංචි වීම සඳහා දින 10 කට පෙර ඒ පිළිබඳව ප්‍ර‍දේශයේ විවාහ ලේකම් වරයාට දැනුම් දිය යුතුය (පන‍තේ 23, 24 වගන්ති).

  • එම දැනුම් දීමෙන් පසුව අදාල සහතික විවාහ ලේකම් කාර්යාලයේ ප්‍රදර්ශනය කළ යුතුය.

  • නියමිත කාලසීමාව අවසානයේදී විවාහ ලේකම් වරයාගේ සහතිකය නිකුත් කරනු ලැබේ.එසේ නිකුත් කරනු ලබන්නේ ඒ සඳහා විරුද්ධත්වයක් වේනම් එය අධිකරණය වෙත ‍යොමුකළ යුතුය.එහිදී සහතිකය නිකුත් කිරීම අධිකරණය තීරණය කරයි (පනතේ 31 (1) (2) වගන්තිය).

  • විවාහය විවාහ ලේකම්ගේ කාර්යාලයේදී සිදුකරනු ලබන්නේනම් එහදී සාක්‍ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ සිදුකළ යුතුය (පනතේ 35 වන වගන්තිය).

  • පූජක වරයකු ඉදිරියේ සිදුකරනු ලබන විවාහද චාරිත්‍ර අනුගමනය කර සාක්‍ෂිකරුවන් ඉදිරියේ සිදුකල යුතුය (2001 අංක 11 දරණ සංශෝධන පනතේ 11 වගන්තිය).

උඩරට නීතිය යටතේ විවාහය

Wed.JPGඋඩරට නීතිය පාලනය වන්නේ 1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද පනත මඟිනි. උඩරට නීතිය යටතේ විවාහ විය හැක්කේ උඩරට පාර්ශවයන් දෙදෙනෙකුට පමණි.

 

 

 

උඩරට නීතිය යටතේ විවාහය වලංගු වීමට නම්

1) නිසි වයස් සීමාව.
2) තහනම් ඥාති සම්භන්ධතා නොතිබීම.
3) වලංගු පූර්ව විවාහයක් නොතිබීම.

නිසි වයස් සීමාව

විවාහ විය හැකි අවම වයස අවුරුදු 18 සම්පූර්ණ කිරීමයි (පනතේ 4 වගන්තිය). නමුත් සාමාන්‍ය නීතියට වඩා වෙනස් තත්ත්වයක් උඩරට නීතිය යටතේ දක්නට ලැබේ.එනම් පනතේ 4 (2) වගන්තිය දක්වන අවශ්‍යතා දෙක මත අවුරුදු 18ට අඩු අය අතර කරන විවාහය වලංගු වේ.

තහනම් ඥාති සම්භන්ධතා නොතිබීම

උඩරට විවාහ නීතිය යටතේද තහනම් ඥාති සම්භන්ධතා මත කරන විවාහ නොපිලිගනී.පනතේ පස්වන වගන්තිය යටතේ මේ පිළිබද ප්‍රතිපාදන දක්වා ඇත.එය සාමාන්‍ය විවාහ ආඥාපනතේ දැක්වෙන ප්‍රතිපාදන හා සමාන වේ.

වලංගු පූර්ව විවාහයක් නොතිබීම

උඩරට විවාහ හා දික්කසාද ආඥා පනතේ 6 වගන්තිය දක්වන ආකාරයට වලංගු පූර්ව විවාහයක් අවලංගු කර නොගෙන විවාහයක් සිදුකර ගත නොහැක.මීට අමතරව,

  • පාර්ශවයන් දෙදෙනාම උඩරැටියන් විය යුතුය.
  • ලියාපදිංචි කිරීම අත්‍යාවශ්‍යය වේ.
  • විවාහය උඩරට ප්‍රදේශ වල පමණක් සිදු කළ යුතුය.
  • දෙපාර්ශවයම සමකුල විය යුතුය.

උඩරට නීතියේ විවාහ කාර්යය පටිපාටිය

උඩරට විවාහ නීතිය යටතේ විවාහය සිදු කිරීමේ කාර්යය පටිපාටියද සාමාන්‍ය විවාහ නීතිය යටතේ විවාහ කාර්යය පටිපාටියට සමාන වේ.මීට අමතරව

  • පාර්ශවකරුවන්ගේ වාසය පළිබඳ විස්තර ඉදිරිපත් කරමින් විවාහය ගැන දැනුම් දිය යුතුය.දැනුම් දීමට දින 4කට පෙර උඩරට ප්‍රදේශයේ පදිංචිව සිටිය යුතුය.(පනතේ 16 වන වගන්තිය)

  • එසේම පනතේ 23 (1) අ (ii)වගන්තියේ දැක්වෙන පරිදි පාර්ශවය විවාහක ද, දික්කසාද ද, වැන්දඹුවක් ද යන වග දැක්විය යුතුය.

  • පනතේ 23 (1) අ (ii)වගන්තියේ දැක්වෙන පරිදි විවාහයේ ස්වභාවය (දීග විවාහයක් ද, බින්න විවාහයක් ද) දැක්විය යුතුය.

මුස්ලිම් නීතිය යට‍තේ විවාහය

1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත මුස්ලිම් විවාහ සඳහා බලපැවැත්වේ.මුස්ලිම් නීතිය යට‍තේ විවාහයක් කර ගත හැක්කේ ස්ලාම් භක්තිකයන්ට පමණි.

වලංගු විවාහයක් සඳහා

  • මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 88 වන වගන්තිය ප්‍රකාරව ලේ ඥාතීන් අතර සිදුවන විවාහ වලංගු විවාහ ලෙස නොපිළිගනී.

  • මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 80 (1) (i) වන වගන්තිය ප්‍රකාරව විවාහක බිරිඳ ජීවත්ව සිටියදී ඇගේ සහෝදරියන් විවාහ කර ගත නොහැකිය.

  • මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ සිදු කළ හැක්කේ මුස්ලිම් වරුන් දෙදෙනෙකු අතර පමණි.එහි දී විවාහ වීමේ අවම වයස නොදක්වන අතර අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද කාති වරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය (පනතේ 47 (1) (i) වගන්තිය).

  • මුස්ලිම් විවාහ නීතිය යට‍තේ බහු භාර්යා සේවනය සඳහා ඉඩ ලබා දෙන බැවින් සෙසු විවාහ නීති සඳහා බලපාන වලංගු පෙර විවාහයක් නොපැවතීම යන සාධකය මුස්ලිම් විවාහ නීතිය යට‍තේ අදාල නොවේ (පනතේ 44 වන වගන්තිය).ඒ අනුව මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් විවාහ 4ක් කර ගැනීමට හැකිය.

මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ ලියාපදිංචිය

මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ ලේකම්වරුන් සාමාන්‍ය හා උඩරට නීතිය යට‍තේ විවාහ ලේකම්වරුන් නොවේ.ඒ සඳහා විශේෂ නිලධාරීහු වෙති.පනතේ 17 වන වගන්තිය අනුව නිකායට අදාල චාරිත්‍ර පැවැත්වීමෙන් පසු විවාහ ලියාපදිංචිය සිදු කරයි.ඒ සඳහා අත්සන් කරන පාර්ශව කව්ද යන්න පනතේ 17(2)වන වගන්තිය දක්වයි.මුස්ලිම් විවාහ නීතිය යට‍තේ ශාෆි නිකායට අයත් විවාහ සිදුකිරීමේ දී වාලි වරයා අදාල ස්ථානයේ පෙනීසිටිමින් ඒ සඳහා කැමැත්ත පල කළ යුතුය (පනතේ 25 (අ) වගන්තිය).නමුත් විශේෂ අවස්ථා වල ඒ සඳහා කාති වරයාට බලය ඇත (පනතේ 25 (ආ) වගන්තිය).

සියවස් ගණනාවක සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලංකාව තුළ නීති පද්ධති තුනක් යට‍තේ විවාහය යන්න පෝෂණය වී ඇති ආකාරය මෙහිදී සැකෙවින් සඳහන් කර ඇත.ඒ අනුව ශ්‍රී ලංකාව තුළ විවාහයට බලපාන නීති පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමට මෙම ලිපිය උපකාරී වනු ඇත.

@ktdmkasun

ප්‍රජාතන්ත්‍රවාදය

ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරිමයි. ප්‍රජාව‍ගේ සාමුහික තීරණය මත ‍ගොඩනගා ගනු ලබන පාලන තන්ත්‍රයයි. මේ තුල සාමුහිකත්වය, සමානාත්මතාව යන සංකල්ප අන්තර්ගතය.
Democracy.jpgප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම ‍දෙකකි
  1. සාමුහික වශයෙන් තීරණ ගැනීම සහ සෑම දෙනාගේම පාලනයට සෑම දෙනාම යටත් විම.
  2. පාලනය ක්‍රියාවට නැංවිම සදහා සෑම දෙනාටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි.
ප්‍රජාතන්ත්‍රවාදය යන්න හුදෙක් රාජ්‍යට හෝ ආණ්ඩුවට පමණක් අයත් දෙයක් නොවන අතර ඕනෑම සංවිධානයක සමා‍ජයක දක්නට ලැබේ. ‍මෙසේ පැවතීම රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය සදහා ‍‍බෙහෙවින් දායක වේ. ඒ ඒ සමාජයක පවතින ආර්ථික, දේශපාලන සංස්කෘතික ස්වරෑපය අනුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනස් වේ. මේ අනුව ප්‍රජාතනත්‍රවාදය යන්න සාපේක්ෂ සංකල්පයකි.
ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය ජින් ජැක් වින් රෑසෝ විසින් හදුනා ගත් සංකල්පයකි. එහෙත් ඊට පෙර ගීක පෞර රාජ්‍යයේ ඇතනස්, ස්පාටා නගර තුල ප්‍රජාතන්ත්‍රවාදය යන්න පැවතුනි. එය සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හදුනා ගනු ලබන අතර ජනගහන වර්ධනයත් සමග නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය දක්වා මෙය පරිවර්ථනය විය. මේ වන විට පවතින්නේනියෝජිතයින් මාර්ගයෙන් පාලනය සිදු කරනු ලබන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයයි.
ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යක් තුල ආණ්ඩුව එම රටේ ජනතාවට වගකිව යුතුය. එසේම ප්‍රජාවගේ සිවිල් හා දේශපාලන අයිතීන් මනාව සුරක්ෂිත විය යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක ප්‍රධාන ලක්ෂණයක් වේ.
Justice.jpg
ප්‍රජාතන්ත්‍රය සිවිල් සමාජය තුල
  • ඒකාධිකාරයෙන් තොර තරගකාරි වෙළද පොළක් සහිත මිශ්‍ර ආර්ථිකයක් පැවතිම.
  • නිදහස් ජනමාධ්‍ය සහ ජන සන්නිවේදනය
  • ප්‍රවිණයන් මගින් ආණ්ඩුවේ සකල විධ ප්‍රතිපත්ති රාජ්‍ය මැදිහත්විම්වලින් තොරව අධීක්ෂණය වීම වන අතර මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය පුලුල් සංකල්පයක් වේග
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන් තුල
  • විවෘත වගකියන ආණ්ඩු
  • නිදහස් සාධාරණ මැතිවරණ
  • ප්‍රජා සහ දේශපාලණ අයිතින් පවතී.

26 Aug 2011

චන්ද්‍රයා

චන්ද්‍රයා  Moon symbol
Full moon
පූර්ණ චන්ද්‍රයා පෘථිවිය මත සිටින නිරීක්ශකයෙක් හට දිස්වන අයුරු.
Designations
නාම විශේෂණය "lunar"
Perigee 363 104 km  (0.002 4 AU)
Apogee 405 696 km  (0.002 7 AU)
Semi-major axis 384 399 km  (0.002 57 AU[1])
Eccentricity 0.054 9[1]
පරිභ්‍රමණ කාලය 27.321 582 d  (27 d 7 h 43.1 min[1])
Synodic period 29.530 588 d  (29 d 12 h 44.0 min)
පරිභ්‍රමණ වේගය 1.022 km/s
Inclination 5.145° to the ecliptic[1]
(between 18.29° and 28.58° to Earth's equator)
Longitude of ascending node regressing by one revolution in 18.6 years
Argument of perigee progressing by one revolution in 8.85 years
මවු ග්‍රහ වස්තුව Earth
භෞතික ලක්ෂණ
මාධ්‍ය අරය 1 737.10 km  (0.273 Earths)[1]
සමක අරය 1 738.14 km  (0.273 Earths)
ධ්‍රැවක අරය 1 735.97 km  (0.273 Earths)
Flattening 0.001 25
පරිධිය 10 921 km (equatorial)
පෘෂ්ඨික වර්ගපලය 3.793 × 107 km²  (0.074 Earths)
Equatorial surface gravity 1.622 m/s² (0.165 4 g)
Escape velocity 2.38 km/s
Sidereal rotation
period
27.321 582 d (synchronous)
සමකයේදී භ්‍රමණ ප්‍රවේගය 4.627 m/s
Axial tilt 1.542 4° (to ecliptic)
6.687° (to orbit plane)
Albedo 0.12
පෘෂ්ඨික උෂ්ණත්වය
   equator
   85°N[5]
min mean max
100 K 220 K 390 K
70 K 130 K 230 K
Apparent magnitude −2.5 to −12.9[2]
−12.74 (mean full moon)[3]
Angular diameter 29.3 to 34.1 arcminutes[3][4]
චන්ද්‍රයා හෙවත් සඳ, පෘථීවියේ චන්ද්‍රිකාව හෙවත් පරිවාර ග්‍රහයා වේ. එහි විෂ්කම්භය පෘථිවියේ විෂ්කම්භයෙන් 1/4 කි. පරිමාව 1/5 කි. පෘථිවියේ ස්කන්ධය චන්ද්‍රයාගේ ස්කන්ධය මෙන් 81ක් ගුණයකි. චන්ද්‍රයා පෘථිවිය වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරයි. චන්ද්‍රයා හා පෘථිවිය අතර සාමාන්‍ය දුර 384,403 km කි. චන්ද්‍රයාගේ සාමාන්‍ය ගමන් වේගය 3700kmph කි. පෘථිවිය වටා ඉලිප්සාකාර කක්ෂයක එක් ගමන් වාරයක් නිම කිරිමට චන්ද්‍රයාට දින 27 ක්, පැය 7ක්, මිනිත්තු 43 ක් හා තත්පර 11.5 ක් ගත වේ. චන්ද්‍රයා පෘථිවිය වටා පරිභ්‍රමණය වන හෙයින් එහි ආලෝකවත් වන කොටස ප්‍රමාණයෙන් වෙනස් වේ. සඳේ දීප්තිමත් කොටස විවිධ හැඩයෙන් යුතු වේ. පුරහද හෙවත් පසළොස්වක දිනදී, සද දීප්තිමත් වෘත්තයක් සේද, අටවක දිනකදී සදෙන් අඩක් දීප්තිමත්ව ද, පෙනෙනු ඔබ දැක ඇත. සදෙහි දීප්තිය අධික ලෙස අපේ ඇසට දැනුන ද අවකාශයට පරාවර්තනය කරනුයේ,ඒ මතට පතිත වන ආලෝකයෙන් සියයට 7 ක් පමණි.

අතීත ආකාශ නිරීක්‍ෂකයන් විශ්වාස කළ පරිදි සදෙහි අදුරු පැත්ත සාගර හෝ දීප්තිමත් පැත්ත ගොඩබිම හෝ නොවේ. චන්ද්‍රයාගේ මතුපිට පිළිබඳව දැනට කර ඇති නිරීක්‍ෂණ අනුව එය ආවාට, කදු වැටි, තැනිතලා, විභේද වැනි භූ ලක්‍ෂණ වලින් සමන්විත වේ.සඳේ ඇති විශාලතම ආවාටය ලෙස සැලකෙන බේලි 295 km ක් පළල සහ 3960 km ක් ගැඹුරුය. විශාලතම මුහුද වූ මාර් ඉම්බ්‍රිඅම් 1200 km ක් පළලය.එහි ඇති උසම කන්ද 6100 m ක් උසය.එය ලෙයිබෙනිට්ස් හා ඩොඑර්පල් වැටි අතරේ චන්ද්‍රයාගේ දක්‍ෂිණ ධ්‍රැවයට ආසන්නව පිහිටා තිබේ. චන්ද්‍රයාගේ ආවාට නිර්මාණය වී ඇති ආකාරය විවිධාකාරය. ඒවා චන්ද්‍රයා නිර්මාණය වූ මුල් කාලයේදී ඇති වූ අධිප්‍රවේගයෙන් යුතු උල්කාපාත හෝ කුඩා ග්‍රහාංශු වලින් නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ.
චන්ද්‍රයාගේ උපත හා එය නිර්මාණය වී ඇති ආකාරය පිළිබඳව විවිධ මත පවතී. එයින් එක් මතකයට අනුව චන්ද්‍රයා පෘථිවියෙන් පැලී, වෙන් වී එහි කක්‍ෂය වටා භ්‍රමණය වේ. සඳේ ඝනත්වය සහ පෘථිවියේ හරස් හෝ ඉහළ උප ස්ථරයේ පාෂාණවල ඝනත්වය සමාන වීම එම මතයට එක් සාක්ෂියකි. තවත් මතයකින් කියවෙනුයේ පෘථිවිය, චන්ද්‍රයා හා සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු සියලු ම වස්තූන් විශාල වලාකුළක් ලෙස එකට කොටු වී තිබූ බවත්, පසුව ඒවායින් බොහොමයක් මධ්‍යයට එක් වී සූර්යයා නිර්මාණය වූ බවත් ය. තෙවැනි මතයෙන් චන්ද්‍රයා, සෞරග්‍රහ මණ්ඩලයට පිටතින්ද, පෘථිවියට ඉතා ඈතින්ද නිර්මාණය වූ බවත් පසු කලෙක දී පෘථිවියේ ස්ථිර කක්‍ෂයට ඇද ගන්නට ඇති බවත් කියවේ.
19 වැනි හා 20 වැනි සියවස්වල දී දුරදක්න ආධාරයෙන් චන්ද්‍රයාගේ ආලෝකවත් පැත්ත පිළිබඳව බොහෝ තොරතුරු රැස්කර ගත හැකි විය. සෝවියට් ලුනික් 111 අභ්‍යවකාශ යානය මගින් චන්ද්‍රයාගේ අදුරු පැත්ත පිළිබඳව ප්‍රථම වරට 1959 වර්ෂයේදී ඡායාරූප රාශියක් ලබාගැනුණි. එම ඡායාරූපවලින් පැහැදිලි වූ කරුණක් වූයේ චන්ද්‍රයාගේ අදුරු පැත්ත ද ආලෝකවත් වී ඇති පැත්තට සමාන බවයි. චන්ද්‍රයාගේ මතුපිට සෑම තැන්හිම ආවාට විසිරී තිබෙනු දක්නට ලැබිණි. ඒවා ප්‍රමාණයෙන් ඉතා විශාල ඒවායේ සිට ඉතා කුඩා ඒවා දක්වා විය. එක්සත් ජනපදයේ රැන්ජර් 7,8,9, සහ ඕර්බිටර් 1 (1964) හා ඕර්බිටර් 2 (1966) අභ්‍යවකාශ යානා මගින් ඉහත අදහස් සනාථ කෙරිණි. ඒ අනුව චන්ද්‍රයාගේ මතුපිට මීටරයකට වඩා වැඩි විෂ්කම්භයෙන් යුතු ආවාට ට්‍රිලියන 3ක් පමණ තිබෙන බව වාර්තා විය.
එක්සත් ජනපදය හා සෝවියට් දේශය විසින් 1960 ගණන්වල දී අභ්‍යවකාශගත කළ මිනිසුන් රහිත අභ්‍යවකාශ යානා මගින් චන්ද්‍රයාගේ පාෂාණ රැස් කරන ලදි. එම පාෂාණ පරීක්‍ෂා කිරීමෙන් පැහැදිලි වූයේ, චන්ද්‍රයා වසර 4,600,000,000 ක් පමණ පැරණි බවත් එය පෘථිවිය හා සම වයසේ හෝ ඇතැම් විටෙක සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු ග්‍රහයින් තරමටම පැරණි විය හැකි බවත් ය. ඇපලෝ 11, 12, 14, සහ 17 යානා ඇසුරින් චන්ද්‍රයාගේ මතු පිටින් පාෂාණ හා පස් කිලෝ ග්‍රෑම් 384 ක් පරීක්‍ෂණ සදහා පෘථිවියට ගෙනවිත් තිබේ. එසේම ටෝරස් ලිට්රෝ නිම්න ප්‍රදේශයේ 35 km ක් ප්‍රදේශය පැය 22 ක් තිස්සේ අධ්‍යයනය කරන්නට ද යෙදුණි.
Moon14day-1985c.jpg

පෘථිවියට ඇති සම්බන්ධතාවය

කක්ෂය

tiny globe
චන්ද්‍රයා පෘථිවිය වටා චලනය ක්‍රමාණුරූප සැකැස්ම
චන්ද්‍රයා ස්ථාවර තාරකාවලට සාපේක්ෂව (තාරකා පිළිබඳ වූ ආවර්තය) සෑම දින 27.3කට වරක්ම පෘථිවිය වටා කක්ෂයක් සම්පූර්ණ කරයි. කෙසේ නමුත් එම කාලය තුළදීම පෘථිවියද සූර්යයා වටා සහ එහි කක්ෂය වටාද චලනය වන නිසා සඳට එහි එකම කලාව පෘථිවියට පෙන්වීමට වැඩිපුර කාලයක් ගතවෙයි. එනම් එය දින 29.5 ක් පමණ වේ. (චන්ද්‍ර මාස ආවර්තය) අනෙකුත් ග්‍රහ ලෝකවල බොහොමයක් උප ග්‍රහයින් මෙන් නොව චන්ද්‍රයා සමකය ක්‍රාන්තිවලය ආසන්නයේ කක්ෂගත වී ඇති අතර එය පෘථිවියෙහි සමක තලයේ නොවේ. චන්ද්‍රයා එහි ග්‍රහලෝකය වන පෘථිවිය හා සසඳන විට එය සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම චන්ද්‍රයා ලෙස හැඳින්විය හැකිය. (කුරු ග්‍රහලොවක් වන ප්ලූටෝට සාපේක්ෂව චාරෝන් වඩා විශාල වේ) පෘථිවියේ චන්ද්‍රයා අනුව යමින් අනෙකුත් ග්‍රහලෝක වටා කක්ෂගත වී ඇති ස්වාභාවික උප ග්‍රහයින් චන්ද්‍රයන් ලෙස හඳුන්වනු ලැබේ.

පෘථිවියෙහි දක්නට ඇති බොහොමයක් වඩදිය බාදිය ආචරණ ඇති වන්නේ චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ ඈඳීම හේතුවෙනි. එයට සූර්යයාගෙන් ලැබෙන්නේ අඩු දායකත්වයකි. මෙම වඩදිය බාදිය ආචරණ සංසිද්ධිය පෘථිවිය හා චන්ද්‍රයා අතර දුර ශත වර්ෂයකට 3.8m පමණ හෝ වසරකට 3.8cm හෝ වැඩි කිරීමට හේතු වේ. කෝණික ගම්‍යතා සංස්ථිතියේ ප්‍රතිඵලයක් ලෙස සඳෙහි අර්ධ ප්‍රධාන අක්ෂය වැඩි වීමත් සමඟ පෘථිවි භ්‍රමණය ක්‍රමානුකූලව මන්දගාමී වේ. එනම් එය ශත වර්ෂයකට දිනකට තත්පර 0.002 ක් පමණ අඩු වේ.
සමහරක් විට පෘථිවි චන්ද්‍ර පද්ධතියේ ග්‍රහලෝක චන්ද්‍ර පද්ධතියක් ලෙස නොව ද්විත්ව ග්‍රහලොවක් ලෙස සලකනු ලැබේ. මෙය මෙසේ වන්නේ ආදායක ග්‍රහලොවට සාපේක්ෂව සඳෙහි අතිශය විශාල වූ ප්‍රමාණය නිසාය. සඳ පෘථිවි විෂ්කම්භයෙන් ¼ ක් පමණ විශාල වන අතර එහි ස්කන්ධය පෘථිවි ස්කන්ධයෙන් 1/81 වේ. කෙසේ නමුත් මෙම අදහස සමහරෙක් විසින් විවේචනයට ලක් කරයි. එසේ කරන්නේ පද්ධතිය සඳහා වූ ස්කන්ධයේ කේන්ද්‍රය පෘථිවිය මතුපිටට 1700km පමණ යටින් හෝ පෘථිවි අරයෙන් ¼ක් පමණ යටින් පිහිටා තිබීම නිසාය. චන්ද්‍රයාගේ මතුපිට පෘථිවි මතුපිටෙන් 1/10කට වඩා කුඩා වන අතර පෘථිවියේ ගොඩ බිම් ප්‍රදේශයෙන් ¼ක් පමණ වේ. (රුසියාව, කැනඩාව හා ඇමරිකාව එකට සම්බන්ධ කළ විට ඇති වන විශාලත්වය තරම්)
1997 දී 3753 Cruithne උල්කාෂ්මය නිසා අසාමන්‍ය ලෙස පෘථිවියට සම්බන්ධ වූ Horseshoe කක්ෂයක් පවතින බව සොයා ගන්නා ලදී. කෙසේ නමුත් තාරකා විද්‍යාඥයින් එය පෘථිවියෙහි දෙවන චන්ද්‍රයා ලෙස නොසලකන අතර එහි කක්ෂය දීර්ඝ කාලීනව ස්ථායී නොවේ. එතැන් සිට පෘථිවිය අසල වූ Cruithne ගේ කක්ෂයට සමානකම් ඇති කක්ෂ ඇති උල්කාෂ්ම 3 ක් වූ (54509) 2000 PH5, (85770) 1998 UP1 හා 2002 AA29 සොයා ගන්නා ලදී.
tiny globe
පෘථිවිය හා චන්ද්‍රයා අතර දුර ප්‍රමාණය
සාපේක්ෂ ප්‍රමාණ හා පෘථිවි චන්ද්‍ර පද්ධතියේ වෙන්වීම පරිමාණයකට අනුව ඉහත දක්වා ඇත. එම උල්කාෂ්ම ආලෝකය පෘථිවිය හා චන්ද්‍රයා අතර ගමන් කරන බව දක්වා ඇති අතර ඒවා අතර සත්‍ය දුර නිර්ණය කිරීම සඳහා සත්‍ය වශයෙන් යොදා ගන්නේ ද ආලෝකයයි. මධ්‍ය කක්ෂ දුරේ දී එම කාලය තත්පර 1.255ක් වේ. ආලෝක කදම්භය සූර්යයාට සාපේක්ෂව පෘථිවි චන්ද්‍ර පද්ධතියේ පරිමාණය ගැන වැටහීමක් ලබා ගැනීමට උදව් වේ. සූර්යා පවතින්නේ ආලෝක මිනිත්තු 8.28ක් දුරිනි.

නිරීක්‍ෂණය

එහි දීප්තිමත්ම කලාව එනම් පුර සඳ අවස්ථාවේ දී සඳට -12.6ක පමණ දෘශ්‍ය විශාලත්වයක් ඇත. සන්සන්දනාත්මකව සූර්යයාට -26.8ක පමණ දෘශ්‍යම විශාලත්වයක් ඇත. චන්ද්‍රයා අව කලාවේ ඇති විට එහි දීප්තිමත් බව පුර සඳෙන් භාගයක් නොවේ. එය එයින් 1/10ක් පමණ වේ. එසේ වන්නේ චන්ද්‍රයා මතුපිට පරිපූර්ණ ලැම්බර්ටියන් පරාවර්තකයක් නොවන හෙයිනි. සඳ සම්පූර්ණව ඇති විට ප්‍රතිවිරුද්ධ ආචරණය එය වඩාත් දීප්තිමත්ව දිස්වේ. එහෙත් පූර්ණව නැති විට මතුපිටට ප්‍රක්ෂේපිත සෙවණැලි පරාවර්තිත ආලෝක ප්‍රමාණය අවම කරයි.
tiny globe
පෘථිවියේ සිට නිරීක්ෂණය කරනවිට මාසයක් තුළ චන්ද්‍රයාගේ වෙනස්වීම කලාප වශයෙන් දිස්වෙන ආකාරය
ක්ෂිතිජයට ආසන්නයේ දී සඳ වඩා විශාල සේ පෙනේ. එය සම්පූර්ණයෙන්ම මනෝමය ආචරණයකි. සඳ ඉහළ අහසේ ඇති විට ක්ෂිතිජය අසල දී පෙනෙන ප්‍රමාණයට වඩා 1.5%ක් පමණ කුඩා වේ. (එසේ වන්නේ එය එක් පෘථිවි අරයකටත් වඩා එපිටින් ඇති හෙයිනි.)
සඳට ඇත්තේ අඩු ඇල්බිඩෝවක් වුවත් එය අහසෙහි සාපේක්ෂව දීප්තිමත් වස්තුව සේ පෙනේ. චන්ද්‍රයා සෞරග්‍රහ මණ්ඩලයේ දුර්වලතම පරාවර්තකයා ලෙස සැලකේ.එමඟින් පරාවර්තනය කෙරෙන්නේ එය මත පතිත වන ආලෝකයෙන් 7%ක් පමණි. (ගල් අඟුරු කොටසක් මඟින් එවැනිම ආලෝක කොටසක් පරාවර්තනය වේ.) දෘශ්‍ය පද්ධතිවල වර්ණ ධ්‍රැවත්වය වස්තුවක වර්ණය හා එහි වටපිටාව අතර සම්බන්ධය දක්වන අතර වටපිටාවෙහි වූ අහස සන්සන්දනාත්මකව අඳුරු නිසා චන්ද්‍රයාට වඩා දීප්තිමත් වස්තුවක් ලෙස පෙනේ.

සාගර උදම් තරංග

tiny globe
චන්ද්‍රයාගේ පරිභ්‍රමණය සිදුවෙන ආකාරය

පෘථිවියෙහි සාගර උදම් තරංඟ චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණය (එහි තීව්රතා අනුක්‍රමණය) නිසා ඇති වන උදම් බල හේතුවෙන් ඇති වන්නකි.තවද එය පාථිවි සාගර මත බලපාන වෙනත් ආචරණ සමුහයක් හේතු වෙන් වර්ධනය වු තත්ත්වයට පත් වෙයි. ගුරුත්වාකර්ෂක උදම් බලය හටගැනීමට හේතු වන්නේ සද වෙත මුහුණලා පිහිටන පෘථිවි අර්ධය (සඳට වඩාත් ආසන්න ප්‍රදේශය) සඳෙහි ගුරුත්වාකර්ෂණය හේතුවෙන් පෘථිවි කේන්ද්‍රයට සහ පෘථිවියේ සඳ ට වඩාත් ඈතින් පිහිටන ප්‍රදේශට සාපේක්ෂව වැඩි ආකර්ෂණ බලයකට යටත් වීමයි. ගුරුත්වාකර්ෂක උදම් තරංඟ හේතුවෙන් පෘථිවි සාගර පෘථිවිය කෙන්ද්‍රය වන පරිදි පිහිටන ඉලිප්සයක ආකාරයට හැඩයකට සකස් වෙයි. මෙම ආචරණය හේතුවෙන් සඳට වඩාත් ආසන්න සහ වඩාත් ඈතින් පිහිටි ප්‍රදේශ ආශ්‍රිතව පෘථිවියට සාපේක්ෂව මුහුදු මට්ටම ඉහළ නගියි. මෙම ප්‍රදේශ මුහුදු මට්ටම නෙරාගිය ප්‍රදේශ ලෙස සැලකිය හැකිය. මෙම නෙරාගිය ප්‍රදේශ සිය අක්ෂය වටා භ්‍රමණය වෙමින් දිනකට එක් වරක් බැගින් පෘථිවිය වටා ගමන් කරයි. මේ හේතුවෙන් නිරන්තරයෙන් චලනය වන මෙම නෙරාගිය ප්‍රදේශ දෙසට මුහුදු ජලයද නිරන්තරයෙන්ම චලනය වෙමින් පවති. මෙම නෙරුම් යුගලයේ සහ ඒවා පසු පස ගමන් කරන දැවැන්ත සාගර ජල තරංඟ වල ආචරණය අනෙකුත් ආචරණයන්ගේ අන්තර්ක්‍රියාවක් හේතුවෙන් වර්ගික තත්ත්වයට පත්වෙයි. මෙම ආචරණයන් වනුයේ පෘථිවි භ්‍රමණයට සාගර පතුල හරහා ජලය ඝර්ෂණ ඔස්සේ සම්බන්ධ වීම, ජලයේ චලනයෙහි අවස්ථිතිය, භූමියට ආසන්නවත්ම ක්‍රමයෙන් ගැඹුර අඩුවන සාගර ද්‍රෝණිය සහ විවිධ සාගර ද්‍රෝණි අතර පවතින විචලන යන ඒවායි. මෙම වර්ධක ආචරණයෙන් නාන ජල බඳුනක ගැඹුරු ජල කඳ සහිත කොටසෙහි ශරීරය චලනයෙන් ඇති වන සුළු කැළඹීමක් හේතුවෙන් ඇලවු කෙළවර ජලය ඉහළ නැගීමට යම්තාක් දුරට සමාන වේ.

චන්ද්‍රයා සහ ඊට ආසන්නතම සාගර නෙරුම අතර හටගන්නා ගුරුත්වාකර්ෂණ සම්බන්ධය හේතුවෙන් චන්ද්‍රයාගේ කක්ෂය වෙත බලපෑමක් එල්ල වෙයි. පෘතුවිය සිය අක්ෂය වටා චන්ද්‍රයා පරිභ්‍රමණය වන දිශාව ඔස්සේම දළ වශයෙන් චන්ද්‍රයා මෙන් 27 ත් ගුණයක වේගයෙන් යුතුව භ්‍රමණය වෙයි. ඒ හේතුවෙන් සාගර ජලය සහ සාගර පතුල අතර හට ගන්නා ඝර්ෂණ සම්බන්ධය සහ ජලයෙහි අවස්ථිතිය හේතුවෙන් චන්ද්‍රයාට ආසන්නව පිහිටන උදම් නෙරුමෙහි මුදුන චන්ද්‍රයාගේ කේන්ද්‍රය සහ පෘථිවියෙහි කේන්ද්‍රය යා කෙරෙන මනඃකල්පිත රේඛාවෙන් මඳක් ඉදිරියට යොමුව පිහිටයි. චන්ද්‍රයාගේ පැතිකඩින් බලන විට සඳට ආසන්න උදම් නෙරුමෙහි ස්කන්ධ කේන්ද්‍රය එය පරිභ්‍රමණය වන ලක්ෂ්‍යයට හැමවිටම මදක් ඉදිරියෙන් පිහිටයි. චන්ද්‍රයාට වඩාත් ඈතින් පිහිටන නෙරුම සදහා මෙම ආචරණයෙහි විලෝමය සත්‍ය වේ. එනම් එය ඉහත සදහන් මනඃකල්පිත රේඛාවට සාපේක්ෂව මදක් පසු පසින් පිහිටයි. කෙසේ නමුත් එය තවත් කිලෝමීටර් 12756 ක් සදට ඈතින් පිහිටන අතර එය හා සඳ අතර පවතින ගුරුත්වාකර්ෂණ සම්බන්ධව මඳක් අඩු අගයක් ගනී. මේ හේතුවෙන් පෘථිවිය වටා කක්ෂය ඔස්සේ නිරන්තරයෙන්ම චන්ද්‍රයා ගුරුත්වාකර්ෂණ බලය මගින් ඉදිරියට ඇදෙමින් පවති. මෙම ගුරුත්වාකර්ෂණ සම්බන්ධ හේතුවෙන් භ්‍රමණය වන පෘථිවියේ (දිනය සහ අධික තත්පරය යන ලිපි ද බලන්න) කෝණික ගම්‍යතාවය සහ එහි චාලක ශක්තිය නිරන්තරයෙන්ම අඩු වෙමින් පවතියි. එසේම චන්ද්‍රයාගේ කක්ෂය වෙත කෝණික ගම්‍යතාවය එකතු වන අතර ඒ හේතුවෙන් කාලයත් සමග ක්‍රමයෙන් චන්ද්‍රයා වඩාත් ඉහළ කක්ෂයක් වෙත ළඟාවෙයි. චන්ද්‍රයාගේ කක්ෂීය අරය මත මෙමඟින් ඇති වන බලපෑම ඉතා කුඩා වෙයි. එය සංඛ්‍යාත්මක වශයෙන් වසරකට 0.1 ppb පමණ වේ. නමුත් වාර්ෂිකව මේ හේතුවෙන් චන්ද්‍රයා සහ පෘථිවිය අතර පරතරය මැනිය හැකි අගයක් වන 3.82 cm ප්‍රමාණයකින් ඉහළ යයි. එසේම මෙම ආචරණය කාලයත් සමඟ වඩ වඩාත් ප්‍රබල තත්ත්වයට පත් වන අතර මුල් වරට ගගනගාමීන් සඳ මත පා තැබීමෙන් පසු දළ වශයෙන් වසර 39 ක් ගත වන විට චන්ද්‍රයා සහ පෘථිවිය අතර දුර ප්‍රමාණය මීටර් 1.48 කින් වැඩි වී ඇත.

චන්‍ද්‍රයා වටා වූ හේලෝවක්

දවසක් තුළ දී සඳෙහි වැඩිම උන්නතාංශය වෙනස් වන අතර ආසන්න වශයෙන් සූර්යයාට සමාන සීමා ඇත. එය පෘථිවි සෘතු හා චන්ද්‍ර කලාව මත ද රඳා පැවතේ. තවදුරටත් වසර 18.6 ක මංසල් චක්‍රය ද බලපෑමක් ඇති කරයි. චන්ද්‍ර කක්ෂයේ ඉහළ නැඟෙන මංසල වසන්ත විෂුවයේ ඇති විට එක් එක් මාසයේ දී චන්ද්‍රයා ඇල වීම 280 පමණ දුරට යා හැක. (මෑතක දී මෙය සිදු වූයේ 2006 වර්ෂයේදීය) එහි ප්‍රතිඵලය වන්නේ සඳට 280ක් දක්වා වූ අක්ෂාංශවලට ඉහළින් යාමට හැකි වීමයි. (ෆොරීඩා, කැනරි දූපත් හෝ දකුණු අර්ධ ගෝලයේ බ්රි ස්බෙන්) වසර 9කට පමණ පසු ඇල වීම එක් මසකට 180 N හෝ S පමණ වේ. අඩ සඳෙහි පිහිටීම ද නිරීක්ෂණ ස්ථානයේ අක්ෂාංශ මත පදනම් වූ සමකයට ආසන්නයේ සිටි නිරීක්ෂකයකුට බෝට්ටුවක් ආකාරයේ සඳක් දැක ගත හැකිය.
සූර්යයා මෙන්ම චන්ද්‍රයාට ද, 220 හේලෝ වළල්ලක් හා කුඩා කිරීටක වළලු ඇතුළත් වායුගෝලීය ආචරණ ඇති කළ හැක.

අධ්‍යයනය හා ගවේෂණය

සඳෙහි ඇති වීම සඳහා යාන්ත්‍රණ කිහිපයක් යෝජනා කර ඇත. සඳෙහි ඇති වීම සිදු වන්නට ඇත්තේ වසර බිලියන 4.527 + 0.010 පෙරය. එනම් සෞරග්‍රහ මණ්ඩලය ඇති වීමෙන් වසර මිලියන 30-50 කට පමණ පසුව බවට විශ්වාස කරයි.

විඛණ්ඩන සිද්ධාන්තය

tiny globe
පෘථිවියේ උතුරු අර්ධගෝලය සිට බලන කල චන්ද්‍රයාගේ පිහිටීම දිස්වෙන අයුරු
මුල් කාලීන විශ්වාස වුයේ සඳ යනු කේන්ද්‍රාපසාරී බලය නිසා පෘථිවි කබලෙන් බිඳී ගිය කොටසක් බවයි. එලෙස එම කොටස ඉවත් වීම නිසා පැසිපික් සයුර සෑදී ඇති බවට එමඟින් කියවේ. කෙසේ නමුත් මෙම අදහස තහවුරු කිරීම සඳහා පෘථිවියට අධික අවස්ථිති භ්‍රමණයක් තිබිය යුතු අතර එය එසේ වුවද එම ක්‍රියාවලිය නිසා සඳෙහි කක්ෂය පෘථිවියෙහි සමක තලය ඔස්සේ ගමන් කළ යුතුය. එමනිසා මෙය සිදු විය නොහැකිය.

පෘථිවියේ ග්‍රහණ සිද්ධාන්තය

වෙනත් අදහසක් මඟින් කියා සිටින්නේ සඳ වෙනත් ස්ථානයක ඇති වී පසුව පෘථිවියෙහි ගුරුත්වය මඟින් ග්‍රහණය කරගෙන ඇති බවයි. කෙසේ නමුත් එවැනි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය වන තත්ත්ව සේ පිළිගැනෙන පෘථිවිය අසලින් ගමන් ගන්නා සඳෙහි ශක්තිය විනාශ කිරීම සඳහා ව්‍යාප්ත වූ පෘථිවි වායුගෝලයක් පැවතිය යුතුය. නමුත් එය එසේ නොවේ මෙනිසා එයද සිදු විය නොහැකි දෙයකි.

සඳ ඇතිවීම් සිද්ධාන්තය

සඳ ඇතිවීම් කල්පිතය යෝජනා කර සිටින්නේ සඳ සහ පෘථිවිය එකම තැන දී එකම අවස්ථාවේ දී ආදි කල්පිත උපවයන තැටියෙන් ඇති වු බවයි. සඳ ඇති වී තිබෙන්නේ සූර්යා වටා අනෙකුත් ග්‍රහලෝක ඇති වූවා මෙන්ම ප්‍රාග් පෘථිවිය වටකර තිබූ පදාර්ථවලිනි. සමහරෙක් යෝජනා කර සිටින්නේ එම කල්පිතය සඳෙහි ලෝහ යකඩ හායනය පැහැදිලි කිරීමට අපොහොසත් වන බවයි.
මෙම සියලු කල්පිතවල දක්නට ලැබෙන විශාල අඩු ලුහුඬුකමක් වන්නේ ඒවාට පෘථිවි චන්ද්‍ර පද්ධතියේ අධික කෝණික ගම්‍යතාවයට හේතු ඉදිරිපත් කිරීමට නොහැකි වීමයි.

චන්ද්‍ර පද්ධතිය හා ආශ්‍රිත ගැටුම් සිද්ධාන්තය

වර්තමානයේ පවතින කල්පිතය වන්නේ පෘථිවි චන්ද්‍ර පද්ධතිය නිර්මාණය වූයේ විශාල ගැටුමක ප්‍රතිඵලයක් ලෙසින් යන්නයි. ප්‍රමාණයෙන් අඟහරු තරම් වන (තෙයියා ලෙස හඳුන්වන) වස්තුවක් ප්රොටෝ පෘථිවියෙහි ගැටී එමඟින් උපවයනය හරහා චන්ද්‍රයා නිර්මාණය වීමට ප්‍රමාණවත් තරම් පදාර්ථ අවට කක්ෂයට එකතු විය. උපවයනය යනු ග්‍රහලෝක වස්තු නිර්මාණය වීමේ ක්‍රියාවලියක් වන අතර විශාල ගැටුම් සියලු ග්‍රහලෝකවලට බලපෑම් එල්ල කර ඇත. මෙම විශාල ඝට්ටනය ආදර්ශනය කරන පරිගණක අනුහුරුකරණ, චන්ද්‍ර පෘථිවි පද්ධතියේ කෝණික ගම්‍යතාවයේ මිනුම්වලින් මෙන්ම චන්ද්‍ර හරයේ කුඩා ප්‍රමාණ මනින මිනුම් වලින්ද යුක්තය. මෙම සිද්ධාන්තය සම්බන්ධ නොවිසඳූ ගැටලු වන්නේ ප්‍රාග් පෘථිවියෙහි හා තෙයියා හි සාපේක්ෂ ප්‍රමාණයන් හා සඳ නිර්මාණය වීමට මෙම වස්තු දෙකෙන් කෙතරම් ද්‍රව්‍ය දායකවුවාද යන්නයි.

චන්ද්‍ර මැග්මා සයුර

විශාල ගැටුම් හටගත් අවස්ථාවේ දී හා පසුව සිදු වූ ගැටුම්වලදී පෘථිවි කක්ෂයේ වූ වස්තුවල (නැවත උපවයනය වීම අතරතුර)විශාල ශක්ති ප්‍රමාණ හට ගැණිනි. එහි ප්‍රතිඵලයක් ලෙස සඳෙන් විශාල කොටසක් ද්‍රව බවට පත් වූ බව විශ්වාස කෙරේ. මෙම කාලයේ දී සඳෙහි ද්‍රව බවට පත් වූ පිටත කොටස මැග්මා සයුර ලෙස හඳුන්වන අතර එහි ගැඹුර 500km සිට සම්පූර්ණ චන්ද්‍ර අරය දක්වාම විහිදෙන බවට ඇස්තමේන්තු කර තිබිණි.
මැග්මා සයුර සිසිල් වීමත් සමඟ එය ආශ්‍රිතව ස්පටීකරණය වීම හා කොටස් බවට පත් වීම සිදු විය. එමඟින් ජ්‍යාමිතිකව එකිනෙකට වෙනස් කබොලකට හා මැන්ටලයකට මඟ පෑදීය. මැන්ටලය olivine, Clinopyroxene හා orthopyroxene යන ඛනිජවල අවලම්භනය වීමෙන් හා ගිල්වීමෙන් තැනී ඇති බවට විශ්වාස කෙරේ. මැග්මා සයුරෙන් ¾ක් පමණ ස්පටීකරණය වී අවසන් වූ විට ඝනත්වය අඩු Anorthite ඛනිජය එහි මතුපිට අවලම්භනය වී හා පාවී කබොල සාදා ඇත.
මැග්මා සයුරෙන් අවසානයට ස්පටීකරණය වූ කොටස ද්‍රව කබොල හා මැන්ටලය අතර පිරවුම බවට පත් වන්නට ඇත. එහි අසංඝත හා තාප නිපදවන මූලද්‍රව්‍ය අධික ප්‍රමාණයක් අඩංගු විය හැකිය. මෙම ජෛව රාසයනික සංරචකය KREEP (පොටෑසියම් (K), පෘථිවියෙහි දුලබ මූලද්‍රව්‍ය (REE) හා පොස්පරස් (P) ) ලෙස හඳුන්වන අතර සඳෙහි ළඟ පැත්තේ වූ Oceanus procellarum හා mare imbrium හි වැඩි ප්‍රමාණයක් අයත් වන කුඩා භූ ගෝලීය ප්‍රදේශයක් වන Procellarum KREEP terrane තුළ පිහිටා ඇති බව පෙනේ.

@කසුන් තාරක