ඔබ ආකර්ෂණීය පුද්ගලයෙක්‌ද?
ඔබගේ ආත්ම විශ්වාසය වඩාත් වර්ධනය කරගන්න. ඔබ ඔබට ආදරය නොකරන්නේ නම් ඔබගේ
ඇතුළත සුන්දරත්වය පිටතට නොපෙනෙනු ඇත. ඔබගේ බාහිර පෙනුම කොතරම් සුන්දර
වුවත් ඔබ සතුව ආත්ම විශ්වාසය නොමැති නම් එම සුන්දර රුව අන් අයට අසුන්දර
දසුනක් වනු ඇත.
ඔබ අන් අය ඉදිරියේ මවා පෑම් හෝ රඟදැක්‌වීම් නොකරන්න. සෑම විටම ඔබ ඔබට සුවපහසු ආකාරයෙන් ගතකරන්න. එවිට ඔබගේ නිර්ව්‍යාජත්වය කෙරෙහි අන් අය ආකර්ෂණය වනු ඇත.
ඔබගේ ශාරිරික හා මානසික සෞඛ්‍ය හරියාකාරව පවත්වාගෙන යාම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන්න. සමබල ආහාරවේලක් සුව නින්දක්, නිසි ව්‍යායාම් කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න. එය ඔබගේ එදිනෙදා දිවිය ජව සම්පන්න කරන අතර අන් අයගේ ආකර්ෂණය ලබාගැනීම කෙරෙහිද මනා දායකත්වයක් සපයයි.
ඔබගේ මුහුණේ සහ සමෙහි ඇති ආසාදන, ලප කැළැල් අවම කරගැනීමට වෙහෙසෙන්න. පැහැදිලි සම ඔබගේ පෞරුෂය වඩ වඩා ඔබ නංවයි.
ඔබ කොතැනක කුමන අවස්‌ථාවකට සහභාගී වුවත් එයට ගැලපෙන පිරිසිදු ඇඳුම් පැළඳුම්වලින් සැරසෙන්න.
උඩඟු බව හෝ අහංකාර කම අන් අයගේ ආකර්ෂණය ඔබගේ ඉවතට ගෙනයන හෙයින් ඔබ ඔබගේ නිහතමානි බව අගයන්න.
සෑම විටම සිනහව මුව දරා සිටින්න. එසේම අන් අය සමඟ සුහදව කතාබස් කරන්න. එසේම ඔබ අන් අයගේ ආකර්ෂණය බලාපොරොත්තුවෙන් වැරදි මඟ නොයන්න. ඔබට ලැබෙන ආකර්ෂණ යහපත් අයුරින් ලබාගැනීමට වග බලාගැනීම පෞරුෂ සම්පන්න ඔබ සතුව පවතින වගකීමක් බව සිහිතබා ගන්න.

0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home