බුදුරදුන් වැඩසිටි පින්බිමේ චාරිකාවක්


සැදැහැවත් බොදුනු දිවිය තුළ දිදුලන පින්බර සිහිනය වනුයේ සිය ජීවිත කාලයේ උතුම් දඹදිව බුද්ධ භූමිය එක්වරක් හෝ වන්දනා කර ගැනීමය. භාග්‍යවතුන් වහන්සේගේ උපත, සිරි සම්බුදු බව දහම් සක් සුතුර දෙසූ දහම් චේතිය සහ පිරිනිවී වැඩි නිබ්බාන චේතිය යන සිව් මහා ස්ථාන ශුද්ධාවෙන් වන්දනා කොට දහම් සංවේගය උපදවා ගැනීම සුගතිගාමී වීමට තරම් පින්පල උපදවන මහඟු පින්කමකි. දඹදිව වන්දනාව, අවබෝධයෙන්ම සිත පහදවා ගෙනම කළයුතු උතුම් පිනැති චාරිකාවක් විය යුතුය. එවැනි පින්බර බුද්ධ භූමි වන්දනාවකට සහභාගිවීමේ දුර්ලභ වාසනා මහිමය පන්සීයකට ආසන්න බොදුනු පිරිසකට මහමෙව්නා අසපු සංචිතය මගින් උදාකරදී තිබිණි, මහමෙව්නා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඥාණානන්ද හා පිට්ටුගල මහමෙව්නා භාවනා අසපුවේ ගුණ විජය යන හිමිවරුද මෙම චාරිකාව සඳහා බැතිමතුන් හා එක්ව සහභාගී වූහ.
ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු නවයයි තිහට මිහින් ලංකා ගුවන් යානය, මෙම පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනම ශ්‍රීමුඛ සුදුවතින් සැරසුණු බැතිමතුන් හා එකව ගුවන් ගතවූයේ බැතිමතුන්ගේ සාධු නාදය මධ්‍යයේය. අපි පැය තුන හමාරක ගුවන් කාලයකින් අනතුරුව වරණාසී ගුවන්තොට බලා පැමිණියෙමු. ඉන්පසුව දීර්ඝ සුඛෝපභෝගී බස්රථ ගමනක අවසානය බුද්ධගයාව විය. බුද්ධගයාවේ සිට රජගහ නුවරට ඇත්තේ කෙටිදුරකි. බුද්ධ කාලයේ බලවත් රාජ්‍යයක් වූ මගධයේ අගනුවර වූයේ රජගහනුවරයි. මගධයේ අභිෂේක ලබාසිටියේ බිම්බිසාර රජතුමායි. බිම්බිසාර රජු සොතාපන්න වූ ශ‍්‍රාවකයෙකි.
රජගහ නුවර පිහිටි ගිජුකුළු පව්ව සැදැහැවත් බොදුනුවන්ගේ මුදුන් මල්කඩක් බඳුයි. ගිජු ළිහිණියකුගේ හැඩය විදහාලන නිසා මෙම පව්ව ගිජුකුළු පව්ව ලෙස හැඳින්වේ. ගිජුකුළු පව්ව තරණය කරන මාවතේ, එදා දස දහස් ගණන් මහ රහතුන් මෙන්ම භාග්‍යවතුන් වහන්සේ දස දහස් වාරයක් වැඩම කළෝය. ගිජුකුළු පිවිසුම් මහ ගල් පඩි පෙළින් යුතුව තනා ඇත්තේ බිම්බිසාර රජතුමාය. මෙම ගල් පඩි පෙළ නවීකරණය කර ඇතත්, අද ද මෙම මාවත හැඳින්වෙන්නේ ”බිම්බිසාර පාත්” වශයෙනි.
එදා සශ්‍රීක ඉසුරුමත් රාජ්‍යයක් වූ මගධයට අද උදාවී ඇති කලක්...? උග‍්‍ර වියළි කාලගුණයක් සහිත නිසරු කටු පදුරින් හෙඹි හුදකලා පෙදෙසක් වූ රජගහනුවර ගිජුකුළු පව්වේ පාමුල සිට කඳුමුදුනත දක්වාම යාචක සන්නිපාතයකි. ගිනියම් හිරුකිරණින් මෙන්ම, රක්ත තප්ත වූ මහ පොළොවේ උණුසුමින් දැවි දැවී සිඟමන් යදින බොහෝ යාචකයන්ගේ දෙනුවන් අන්ධය.
ගිජුකුළු පාමුල සිට කඳු මුදුනත දක්වා බුදු පෙරහරක් සකස් විය. කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු ස්වාමීන් වහන්සේ විසින් රචිත ”ගිජුකුළු වන්දනා” පැදියෙන් බැතිමතුන් හා තරණයේ යෙදුණ සේක. ගුණ විජය ස්වාමීන් වහන්සේ අත සධාතුක කරඬුව විය. මහමෙවුනා අනගාරිකා මෙහෙණින් වහන්සේලා අත පූජා භාණ්ඩ විය.
වන්දනා පැදි ගායනා මැද වෙහෙසකින් තොරවම ගිජුකුළු මුදුනතට පැමිණියෙමු. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ගිජුකුළු මුදුනත වන සුවඳ කුටිය තුළ අද ද උන්වහන්සේ ජීවමානව වැඩ සිටින් බැව් දැනේ. සුවඳ කැවූ රන්වන් පියුම් පන්සීයයක් ඇතුළු පූජාභාණ්ඩ රැසක් ජීවමාන භාග්‍යවතුන් වහන්සේ උදෙසාම පූජා කළෙමු.
ගිජුකුළු පව්ව හා බැඳි ඓතිහාසික සිදුවීම් රැසකි. වක්කලි හිමියන්, භාගවතුන් වහන්සේ බැහැදැකීමට පැමිණියේ ගිජුකුළු පව්වටය. ගිජුකුළු පාමුල සක්මනේ නිරතව හුන් බුදුන් වහන්සේගේ සිරසට දෙව්දතුන් ගල්කුළක් පෙරළුවේ ගිජුකුළු මුදුනත සිටය.
භාග්‍යවතුන් වහන්සේගේ සිව්වනක් පිරිස ආරක්ෂා කරවනු පිණිස, සතරවරම් දෙව් රජුන් පැමිණ ආටානාටිය සූත‍්‍රය දේශනා කරන ලදදේ ගිජුකුළු මුදුනත දීය. එම ඓතිහාසික සිදුවීම පුනරාවර්තන කරමින්, භික්ෂූ, භික්ෂුණී, උපාසක උපාසිකා සිව්වනක් බුදු පිරිස ගිජුකුළු මුදුනතදී, ආටානාටිය සූත‍්‍රය සජ්ජායනා කළහ.
ගිජුකුළු මුදුනත ආසන්නයේම ආනන්ද මහ රහතන් වහන්සේ වැඩසිටි කුටියද වෙයි. ඊට අමතරව ගිජුකුළු පව්ව සිසාරා, පසේ බුදුන් දහස් ගණන් වැඩසිටි ඉසිගිලි, පාණ්ඩව, කාලසිලා පව්වන්ද වෙයි.
දඹදිව වන්දනාවේදී බැතිමතුන්ගේ සුවිශේෂී අවධානයක් දිනාගත් පින්බිමකි, සැවැත්නුවර දෙවුරම් වෙහෙර. දෙවුරම් වෙහෙර බලා පැමිණීමේදී, අනේපිඩු සිටුතුමා දෙවුරම් වෙහෙර කරවීමට ඉඩම ලබාගත් ජේත කුමරුන්ගේ මාලිගය ද පසුකර යෑමට සිදුවේ.
අද දින සැවත්නුවර දෙවුරම් වෙහෙරේ, බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ මහ රහතුන් වහන්සේලා වැඩසිටි කුටි රැුසක නටබුන් දිස්වේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා සුවඳ සුදු හඳුන් වලින් නිමාකළ, වසර දහනවයක් පුරා උන්වහන්සේ වස් සමාදන්ව ගත කළ සුවඳ කුටිය අද ද ජීවමානය. එතුළින් අද ද උතුම්වූ බුදු සුවඳ ගලා ඒ. උන්වහන්සේගේ බුදු සිරුරේ, සිරිපා කමලේ පහස ලැබූ ගන්ධ කුටිය සිරසින් වන්දනා කිරීමට ඉඩහසර ලැබීම, දුලබ වාසනාවකි. මුළු ගන්ධ කුටිය පුරා උන්වහන්සේගේ මහා කරුණා ගුණැති ශාන්ත උණුසුම් සෙනෙහස ගලා හැළේ. උන්වහන්සේගේ මේ බුදුගුණ දහරාවට නතුවුවෝ නළල බිම තබා දහම් සංවේගයෙන් උපන් කඳුළින් ගන්ධකුටි ගැබ දෝවනය කරති.
මෙම ගන්ධ කුටියේදී මහඵල ලබන්නට පින් පිරූ ශ‍්‍රාවක පිරිස කොතෙක්වීද? කෙතෙක් නම් දෙව් පිරිස් මැදියම් රැයේ පැමිණ දහම් පැන විසදාගත්තේවීද? සුවඳ කුටිය ආසන්නයේම ආනන්ද තෙරුන් වැඩසිටි කුටිය වෙයි. මුළු රැයපුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා නිදි වර්ජිතව පහන් ආලෝකයක් අතින්ගෙන කුටිය පැදකුණු කළ ආනන්ද තෙරුන්ට පූජා පිණිස, පින්වත් ශීල විජය ස්වාමීන් වහන්සේ නෙළුමක් මත දැල්වූ පහනක් ගෙන එම අතීත සිදුවීම පුනරාවර්තනය කළ සේක.
බුදු සිරිපා අනුගමනය කරමින් සිය සිඟිති දෙපා ඒ අනුව තබා ඇවිදීමට උත්සහ දැරූ පුංචි රාහුල හිමියන්ගේ එම අපූරු සංවේදී පුවත සිහිගන්වන කංචුකයක් දෙවුරමේ රාහුල කුටිය වෙතද පූජා කළෙමු.
මේ උතුම් දම්සභා මණ්ඩපයේදී උමතුවෙන් දිව ආ පටාචාරාවෝ, දරු දුකින් වියරු වැටුණු කිසාගෝතමි බුදු සසුනේ පිළිසරණ ලැබූහ. ගැබිනි වෙස්ගත් චිංචි මානවිකාව, මෙම දම්සභා ගැබට වැද භාග්‍යවතුන් වහන්සේට අවමං කළාය. දෙව්රමින් නෙරපන ලද චිංචිය, දිවගොස් පැන, නිරය බලා ගමන් කරන ලද ජලාශය පිහිටා ඇත්තේ ද දෙව්රම ආසන්නයේය.
ගිලන්ව වැතිර සිට, බුදුන් දකින්නට එන ගමනේදී දෙව්දතුන් පණ පිටින් නිරයට වැදුණු ජලාශය ද ඒ අසලම පිහිටා ඇත. විශාල වෙල් යායක් මැද පිහිටි මේ ජලාශ අත්හැර කුඹුරු අස්වැද්දීමටත්, මලක් නෙළීමට හෝ ගඟ දියට නොබැසීමටත් අද ද සැවත්නුවර වාසීහු පරෙස්සම් වෙති. බුදුරදුන් දෙව්රමින් බැහැර වැඩි අවස්ථා වල පැමිණෙන බැතිමතුන්ගේ මල් සුවඳ දුම් පූජා භාණ්ඩ එහි අතුරා, හිස් අතින් යාමට පිළියමක් වශයෙන් ආනන්ද බෝධීන් වහන්සේ රෝපණය කර ඇත්තේද මෙහිය.
අසිරිමත් බුදු උපත සිදුවූයේ ලූම්බිණි සල් උයනේදීය. ලූම්බිණිය පිහිටා ඇත්තේ නේපාලයේ බැවින් වීසා ලබාගත යුත්තේය. ලූම්බිණි පින් බිම තුළ බෝසත් පුතුගේ පා සලකුණු රැඳී පස් පිඩක් මෙන්ම බෝසත් පුතු හා මෑණියන් ප‍්‍රාතිහාර්යෙන් නැහැවුණු දිය දහරාව ද මායා බිසවුන් ස්නානය කළ ජලාශය ද එහි දැකිය හැක්කේය.
බුදුරජාණන් වහන්සේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට පත්වූයේ වයස අවුරුදු තිස් පහේදීයි. හතළිස් පස් වසරක් පුරා ලෝක සත්වයනට දහම් දෙසමින් සිය බුද්ධකෘතිය ඉටු කර සේක. අනතුරුව මරුගෙන් ලද ඇරයුමින් අසූ වැනි වියේදී පිරිනිවී වදාළ කුසිනාරාවේ උපවර්තන සල් උයනට පිවිසෙන  ඕනෑම ශ‍්‍රද්ධාවන්තයකුගේ සිත සංවේගයෙන් බර වෙන්නේය. පිරිනිවී වදාළ ඒ උතුම් නිබ්බාණ චෛතිය අබිමුව, පෙහෙවත් සමාදන්ව වන්දනාවේ යෙදුණෙමු.
හිසට කුඩයක්, පයට පාවහන් නොපැළඳ පා ගමනින්ම, සව් ලෝ සතුන් වෙත පතළ කරුණාවෙන් දහම් කෘතියේ නිරත වූ අසිරිමත් බුදු සිරිපා අපමණ විඩාවට පත්ව ඇති අයුරු මෙහි පෙනේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හෙබියා වූ පින් සිරුර ද වෙහෙසින් යුතු ලෙස දිස්වේ.
පත්මා කුමාරි කංකානමගේ
සැවැත්නුවර පෙහෙවත් සමාදන්වූ පිරිස
ලූම්බිණි පින්බිම
ලූම්බිණි පින්බිම
නිබ්බාන චෛත්‍යය
පිරිනිවන් මංචකය

Devamını oku...

වෙසක් උත්සවය

tiny globe
වෙසක් උත්සවය බෞද්ධයන්ගේ ප්‍රධානතම උත්සවයයි. වෙසක් මස පසලොස්වක දිනය බොහෝ බෞද්ධ ජාතීන් මෙම උත්සවය සමරන දිනයයයි. වෙසක් දිනය බුදුන්ගේ ඉපදීම, බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන් පෑම යන කාරණා තුනම ආවරණය කරයි.
ඉන්දියාවේ මහායාන බෞද්ධ සම්ප්‍රදායයන් තුල එම දිනය වෙසක් යන්නට සමාන සංස්කෘත වචනයක් වූ වෛශාඛ යනුවෙන් හැඳන්වේ. වෙසක් යන වචනයද පාලි “විසාඛ” (Visakha) යන වචනයේම සිංහල ස්වරූපයයි. හින්දු චන්ද්‍ර දින දර්ශණයේ දෙවැනි මාසය හැඳන්වෙන්නේ “වෛශාඛ” යනුවෙනි. වෙසක් යන්න හැඳින්වෙන තවත් නම් රාශියකි. ඒවා විශාකා පූජා, බුද්ධ පූර්නිම නැතහොත් බුද්ධ ජයන්ති යනුවෙන් ඉන්දියාවේ, බංගලාදේශයේ සහ නේපාලයේ හැඳින්වෙන අතර තායිලන්තයේ විසාඛ බුචා යනුවෙන්ද වියට්නාමයේ ඵට් ඩාන් (Phat Dan) යනුවෙන්ද හැඳින්වේ. ඉන්දුනිසියාවේ වෛශාඛ්, ශ්‍රී ලංකාවේ සහ මැලෙසියාවේ වෙසක් යනුවෙනි. චීන භාෂාව කථා කරන රටවල ෆො ඩාන් (Fo dan) ටිබෙට් හි “සගා ඩාවා” ද වශයෙනි. මේ හා සමාන උත්සවයක් ලාඕස් හි වික්ශාඛා බුක්ෂා (Vixakha bouxa) නමින් පැවැත්වේ. මියන්මාරයේ එය ක - සොනෙ - ලා - ප්යාඒ (Ka – sone – la – pyae තේරුම කසොනෙ පසළොස්වක යන්නයි) යනුවෙන් නම් කොට ඇත. කසානෙ යනුද මියන්මාර් දින දර්ශනයේ දෙවැනි මාසයයි. ශ්‍රී ලංකාව, මැලේසියාව, මියැන්මාරය, තායිලන්තය, සිංගප්පුරුව, වියට්නාමය, ඉන්දුනිසියාව, හොං කොං සහ තායිවානය වැනි බොහෝ ආසියානු රටවල් වල වෙසක් දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයකි.

දිනය

විවිධ සාම්ප්‍රදායයන් තුළ භාවිතා වන චන්ද්‍ර මාසානූකූල දින දර්ශනයට අනුව නියම වෙසක් දිනය එකිනෙකට වෙනස් වේ. බෞද්ධ දින දර්ශනය අනුගමනය කරන ථෙරවාදි බෞද්ධ රටවල එය නියම වන්නේ පසළොස්වක පොහොය දිනයටයි. (සිරිතක් වශයෙන් පස් වැනි හෝ හය වැනි චන්ද්‍ර මාසය) චීනයේ එය යෙදෙන්නේ චීන චන්ද්‍ර දින දර්ශනයේ හතර වැනි මාසයේ පළමු පසළොස්වක දිනයටයි. බටහිර ග්‍රෙගරියන් දින දර්ශනයට අනුව එම දිනය වසරින් වසර වෙනස් වන නමුත් සාමාන්‍යයෙන් අප්‍රේල් හෝ මැයි මාසයට යෙදේ.

ඉතිහාසය

බෞද්ධ ලෝකයේ මෙම කාලයේදී උත්සව පැවැත්වීම සියවස් ගණනාවක් පැරණි සම්ප්‍රදායයකි. වෙසක් දිනයෙහි ලෝකය පුරා සිටින විවිධ සම්ප්‍රදායයන්ට අයත් බෞද්ධ ජනතාව, ගෞතම බුදු හිමියන්ගේ උපත, බුදු වීම හා පරිනිර්වානය වැනි වැදගත් සිද්ධින් අනුස්මරණය කරති. බුද්ධාගම ඉන්දියාවෙන් පිටස්තර ලෝකයට ව්‍යප්ත වුවද ඒ ඒ රටවල් වල සංස්කෘතින් සමග බද්ධ විය. මෙහි ප්‍රථිපලයක් ලෙස වෙසක් උත්සවය ලෝකයේ විවිධ රටවල් විවිධාකාරයෙන් සමරනු ලැබේ.

වෙසක් උත්සව සම්ප්‍රදායන්

වෙසක් දිනයේ සියලු සැදැහවත් බෞද්ධයින් හිමිදිරි උදෑසන ඔවුන්ගේ විහාරස්ථාන වෙත පැමිණ බෞද්ධ කොඩි ඔසවා බුදුන්, දහම් සඟුන් ගුණ ගායනා කිරිම් වස් ගාථා සජ්ජායනා කළ යුතුය. බැතිමතුන් මල්, හඳුන් කූරු, ඉටිපන්දම් යනාදිය බුදුන් පුදට රැගෙන ආ යුතුය. මෙසේ පූජා කරන ලස්සන මල් මඳ වේලාවකින් වියලි පරවී යයි. ඉටින්දම්, හඳුන්කූරු දැවි අවසානවේ. එසේම ජිවිතයද ජරාවට පත් වී අවසාන වන බව සංකේතවත් කිරීම සඳහා මෙම පූජාවන් පවත්වනු ලැබේ. බැතිමතුන්ට ප්‍රාණ ඝාතයෙන් වැලකි සිටිමටද එදින නිර්මාංශ ආහාර ගැනීමටද නියම කෙරේ. සමහර රටවල් වල විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වෙසක් සැමරිම සඳහා දින දෙකක් වෙන් කර තිබේ. එහි සියලු මත් පැන් අලෙවි සැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, මස් වෙළඳ සැල් යනාදිය රජයේ නියෝගයකින් එම දින දෙක තුල වසා තැබේ. කූඩු වල සිර කර ගෙන සිටින කරුල්ලන් වෙනත් සතුන් හා කෘමින් දහස් ගණනින් මුදා හරිනු ලබන්නේ නිදහස සංකේතවත් කිරීම පිණිසයි. සමහර බෞද්ධ බැතිමත්හු සුදු වස්ත්‍රයෙන් සැරසි අටසිල් සමාදන් වී ඒවා ආරක්ෂා කරමින් මුලු දවස පුරා විහාරස්තානයන්ගේ ගත කරති.
වෙසක් දින තරුණ සාමනේරවරු 
ඇතැම් බැතිමත්හු බෞද්ධ ඉගැන්වීම් වලට අනුව අටසිල් සමාදන්ව දෛනිකව ඒවා සුරකිමින් ධාර්මිකව කල් ගත කිරීමට කැප වෙති. කෙසේ වෙතත් ඔව්හු පසළොස්වක සහ අමාවක දිනයන් වැනි විශේෂ දිනයන්හි අතිරේක ශික්ෂාවන් සමාදන් වෙමින් නිහතමානි බව, අල්පේච්ඡතාවය, සදාචාරය සුරැකීම සඳහා ශික්ෂණයක් ලබති.
සමහර පන්සල්වල ළදරු බුදුරුවක් පූජාසනය ඉදිරියෙහි තැබු වතුර බේසමක් මත තබා බැතිමතුන්ට එම ප්‍රතිමාව වැසෙන සේ ජලය පිරවීමට ඉඩ දෙනු ලැබේ. මෙය බුදුන්ගේ උපතින් පසු දෙවියන් පැමිණ දිව්‍යයමය පූජෝපහාර පැවැත්වීම සංකේතවත් කරන්නකි.
අටසිල් යනු
01. පර පණ නොනැසීම 02. සොරකම් නොකිරීම 03. කාම මිථ්‍යාචාරයෙන් වැළකිම 04. මුසාවාදයෙන් වැලකීම 05. මත් පැන් පානයෙන් වැළකීම 06. අවේලාවේ අහාර ගැනීමෙන්වැලකීම. 07. නැටුම් ගැයුම්, වැයුම් සහ ශරීරය විභූෂණයෙන් වැලකීම 08. උස් ආසන, මහා ආසන, සුව පහසු ආසන වලින් වැලකීම යනාදී ශික්ෂාවන් සමාදම් වීමයි.
භික්ෂුණ් වහන්සේලා විසින් දේශනා කරන ලබන බණ දහම්වලට බැතිමතුන් සවන් දීම අපේක්ෂා කෙරේ. මෙදින බෞද්ධ භික්ෂුණ් වහන්සේලා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය රජය සහ ජනතාවගේ සිත් සතන් පුබුදු කිරීම අරභයා දේශනා කරති. බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලදී කියා ඇති පරිදි සමගියෙන් ජීවත් වීමටත් අනෙකුත් ආගම් වලට සහ විශ්වාසයන්ට ගරු කිරීමටත් බෞද්ධයින්ට කියා දෙනු ලැබේ.
අනුනට සතුට උදා කිරීම
වැඩි හිටියන්ට, ආබාධිත පුද්ගලයින්ට සහ රෝගින්ටද සතුට ගෙන දීම සඳහා උත්සාහ කිරීමද වෙසක් සැමරුමෙන් අදහස් වේ. මෙදින මුලු රට පුරා තිබෙන පුණ්‍යායතන වලට බෞද්ධයෝ මුදල් තෑගි පිරිනමති. කෙනෙකුගේ බල කිරීමකින් තොරව සියලු දෙනා කැමැත්තෙන් කරනු ලබන වෙහෙර විහාර පන්සල් භූමි ආලෝකමත් කිරීම, තීන්ත ආලේප කිරීම, බුද්ධ චරිතයේ විවිධ අවස්ථාවන් නිර්මාණය කර වර්ණ ගැන්වීම ආදි කටයුතු කෙරෙන වෙසක් සමය ඇත්තෙන්ම ප්‍රීති ප්‍රමෝදයෙන් පිරුණු කාලයකි. බුදුන් වහන්සේ වැඳ පුදා ගැනීමට විහාරස්ථාන වලට පැමිණෙන සැදැහැවතුන්ට නිර්මාංශ ආහාර සහ පානය සඳහා බීම වර්ග සැපයීමට සැදැහැවත් බෞද්ධයෝ එකිනෙකා තරඟ වදිති.
බුදුනට උපහාර දැක්වීම
බුදුන් පිරිනිවන් පාන්නට සූදානම් වන මොහොතේදී ආනන්ද හිමියන් හඬා වැලපෙනු උන්වහන්සේ දුටුවෝය. එසේ හඬා වැලපීම නොකළ යුතු බවත්, ලෝක ස්භාවය තේරුම් ගත යුතු බවත් සියලු පවතින දේවල් නැසෙන සුලු බවත් බුදුන් වහන්සේ ආනන්ද තෙරුන්ට පහදා දුන්හ. මෙම වියැකි යන තමාගේ සිරුර ගැන සිතා කණගාටු නොවන ලෙසත් මින් පසු ඔවුන්ගේ ගුරුවරයා වන බුදුන්ගේ දහම ගැන සිත යොමු කරන ලෙසත් බුදුන් වහන්සේ රැස්ව සිටි භික්ෂු පිරිසට අවවාද කළහ. ලොව පවතින සෑම දෙයක්ම වෙනස් වීමේ දහමට අනුව වැනසෙන බවත් ධර්මය සදාකාලික බවත් පහදා දුන්හ. තවදුරටත් බුදුන් වහන්සේ වදාළේ තමන්ට වැඳිය යුත්තේ හුදෙක් මලින්, සුවඳින්, පහනෙන් පමණක් නොවන බවත් තමන්ගේ ධර්මය අනුව ජීවත්වන්නේ නම් එය තමනට කරන වැඳීමක් වන බවත්ය. කෙනෙකු නැවත උතුම් ජීවිතයක් ගත කිරීමට අධිෂ්ඨාන කර ගැනීමත්, මනස සංවර්ධනය කර ගැනීමටත් ආදරය කරුණාව පතුරවමින් මනුෂ්‍ය වර්ගයා කෙරෙහි සහජීවනය සහ මනුෂ්‍යත්වය දැක්වීමත් යනාදි කරුණු කිරීම වෙසක් සැමරුවා නම් වෙයි.

ශ්‍රී ලංකාව

වෙසක් මස පසළොස්වක දිනයේ අාගමික හා සංස්කෟතික උත්සවයක් ෙලස ශ්‍රී ලංකාවේ වෙසක් උත්සවය සමරනු ලැබේ. මෙය සතියක පමණ කාලයකි. මෙම සැමරුමට දාන මය කටයුතු හා ආගමික කටයුතු බොහොමයක් ඇතුලත්වේ. විදුලි ආලෝකයෙන් ප්‍රභාවත් වුනු තොරණ කොළඹ හා අවට ප්‍රදේශ වල ඉදි කෙරෙති. මේවාට අනුග්‍රහ දක්වන්නේ දානපතියන්, ආගමික සංවිධාන සහ සුභ සාධක සමිති විසිනි. සෑම තොරණකටම පන්සිය පනස් ජාතක කථා වල කථා වස්තු පාදක වේ. මීට අමතරව නිවෙස් ඉදිරිපිට හා පාර දෙපස වෙසක් පහන් (වෙසක් කූඩු) එල්ලා තැබේ. ඒවායින් බුද්ධ, ධම්ම සහ සංඝ යන උතුම් ත්‍රිත්වයේ ආලෝකය සංකේතවත් වේ. දානපතියන් විසින් නොමිලේ ආහාර පාන සපයන දන්සැල් පිහිටවනු ලැබේ. මෙම සතිය තුළ කොළඹට රටේ සෑම ප්‍රෙද්ශයකින්ම පාහේ විශාල ජනකායක් රැස්වෙති.
Devamını oku...

නැනෝ තාක්ෂණ

නිනිති තාක්ෂණය වර්තමානයේ ලොව පුරාම අවධානයට, සාකච්ඡාවට, ප‍රීක්ෂණ වලට වගේම අභියෝගයට ලක්වී ඇති ක්ෂේත්‍රයකි. විවිධ ක්ෂේත්‍ර තුළ මේ ගැන ප‍රීක්ෂන සිදු කෙරෙමින් පවතී. මෙය නිසා ලොව පුරාම විශාල වෙනසක්, පුදුම සහගත පෙරළියක් සිදුවෙතැයි සියළු දෙනා බලාපොරොත්තු වෙති. ගල් යුගයෙන් අරඹා, ගින්ද‍ර සොයාගෙන, රෝදය නිෂ්පාදනය කර, ක්‍රම ක්‍රමයෙන් දියුණු වී ලෝහ සොයා ගැනීමත් සමඟ කෘෂි කර්මාන්තයේ හා අනෙකුත් ක්ෂේත්‍ර වල විශාල දියුණුවක් සිදු විය. ඉන් පසු කාර්මික විප්ලවය සමඟ තවත් නව සොයා ගැනීම්, දියුණු කිරීම් සිදු විය. මේ එම කාර්මික විප්ලවයේ ඊළඟ අදියරයි, නැනෝ තාක්ෂණය හ‍රහා සිදු වීමට යන දියුණුව.
නැනෝ තාක්ෂණය 1959 දී රිචඩ් ෆෙමන් නම් භෞතික විද්‍යාඥයා හ‍රහා ආරම්භ විය. ඔහු ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබුවේය.

නැනෝ තාක්ෂණයේ භාවිතයන් කිහිපයක්

නැනෝ නාල

1991 දී ජපන් විද්‍යාඥයෙකු විසින් සොයා ගැණුනු කාබන් නැනෝ නාල, දැන් විවිධ පරීක්ෂණ සඳහා මහා පරිමාණයෙන් නිෂ්පාදනය වෙයි.

නැනෝ පෙරණ

මෙතෙක් කල් භාවිත කරන ලද පෙරහන් හරහා කුඩා ක්ෂුද්‍ර ජීවීන්ට සංසරණය විය හැකිය, නමුත් මෙම නිනිති පෙරහණ්, කිසිදු ජීවියෙකුට යා නොහැකි පරිදි සකසා ඇත. මෑතකදී මහත් ආන්දෝලනයට පාත්‍ර වූ "සාස්" වයිරසය ශරීර ගතවූ රෝගීන් පරික්ෂාවේදී වෛද්‍ය කණ්ඩායම් මෙවැනි නැනෝ පෙරහන් භාවිතා කළහ.

නැනෝ තාක්ෂණය අතිශය බහු ක්ෂේත්‍රීය වූ ක්ෂේත්‍රයක් වන අතර ව්‍යවහාරික භෞතික විද්‍යාව , ද්‍රව්‍ය විද්‍යාව , අතුරු මුහුණත් හා කලිල විද්‍යාව , උපකරණ භෞතික විද්‍යාව , අති අණුක රසායන විද්‍යාව ( අණුවල සහ සංයුජ නොවන බන්ධනමය අන්තර්ක්‍රියා අරමුණු කොට ඇති රසායන විද්‍යා කොටස වේ.) ස්වයං ප්‍රතිගුණ යන්ත්‍ර සහ රොබෝතාක්ෂණය ,රසායනික ඉංජිනේරු විද්‍යාව ,යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, ජෛව ඉංජිනේරු විද්‍යාව හා විදුලි ඉංජිනේරු විද්‍යාව යන ක්ෂේත්‍රවලින් නැනෝ තාක්ෂණයට දායක වේ. නැනෝ තාක්ෂණය යටතට විද්‍යා ක්ෂේත්‍ර කාණ්ඩ කිරීම නැනෝ පරිමාණයේ කටයුතු මෙහෙයවන විද්‍යාවන් වෙන්කර ගැනීමේ අපහසු කම ගැටළුවක් බවට පත්ව තිබේ. විද්‍යාවේ සියලු ක්ෂෙත්‍රයන් අතර පොදු වන එකම තාක්ෂණික යෙදුම් කාණ්ඩය උපකරණ භාවිතය වේ. එය නොසලකා හැරී විට ඖෂධ නිෂ්පාදන සමාගම් සහ අර්ධ සන්නායක නිෂ්පාදන සමාගම් අතර වෙනත් සම්බන්ධතා නොතිබෙන අතර එසේ තිබීමේ අවශ්‍යතාවක්ද නොපවතී. නමුත් මෙම ක්ෂෙත්‍ර යුගලේම නැනෝ පරිමාණ හැසිරවීම් සඳහා උපකරණ භාවිත වේ. තවද තම නිෂ්පාදනය නැනෝ තාක්ෂණය යැයි නම් කරන සමාගම් පවා සිය නිෂ්පාදන කිසියම් නිශ්චිත කාර්මික ක්ෂේත්‍රයකට පමණක් වෙළඳාම් කරනු ලබයි.
නැනෝ තාක්ෂණයේ භාවිතා කරන ප්‍රධාන ගොඩනැගුම් ආකාර දෙකක් ඇත. ‘පහළ සිට ඉහළට’ ගොඩනැගුම් ක්‍රම‍ෙයදී අණුක හඳුනා ගැනීම් මූල ධර්ම අනුව රසායනිකව ස්වයංව එකලස් වන අණුක කොටස්වලින් ද්‍රව්‍ය හා උපාංග නිපදවනු ලැබේ. ‘ඉහළ සිට පහළට’ පිවිසුමේ දී විශාල වස්තූන්වලින් පරමාණුක මට්ටම් පාලනයකින් තොරව නිතිනි - වස්තූන් ගොඩනගනු ලැබේ. අතුරු මුහුනත් හා කලිල විද්‍යාව පිළිබඳ ඇති වූ නව උනන්දුවක් , පරමාණුක බල අණ්වීක්ෂය [atomic force microscope](AFM)හා පරිලෝකන උමං අන්වීක්ෂය [Scanning tunneling microscope](STM) ආදී නව පරම්පරාවේ විශ්ලේෂක උපකරණ නිසාත් නැනෝ තාක්ෂණය පිළිබඳ උනන්දුවක් ඇතිව තිබේ. වඩාත් සූක්ෂම තත්වයේ වන ඉලෙක්ට්‍රෝන කදම්භ මුද්‍රණ ක්‍රම සහ molecular beam epitaxy, (තනි පළිඟු වෙන්කොට නිදන්ගත කර ගන්නා ලද ක්‍රමයකි) ආදිය සමග යෙදු විට ඉහත උපරණ මගින් නැනෝ පරිමාණ ව්‍යුහයන්ට අවශ්‍ය පරිදි පාලනයට හා වෙනස් කිරීමට හැකි අතර ඒ ඔස්සේ පෙර නොවූ විරූ පුදුමාකාර සංසිද්ධීන් නිරීක්ෂණයන්ටද ඉඩ සැලසී තිබේ.
අණුක ව්‍යුහය මත පදනම්ව බහු අවයවික නිෂ්පාදනයන්, පෘෂ්ඨික විද්‍යාව පදනම් කරගනිමින් පරිගණක විද්‍යා උපාංග පිහිටුම් සැලසුම් කිරීම නැනෝ තාක්ෂණික යෙදුම් සඳහා උදාහරණ වේ. ක්වොන්ටම් ලප හා නැනෝ තල වැනි ක්වොන්ටම් තාක්ෂණික ක්ෂෙත්‍ර පිළිබඳ දැඩි බලාපොරොත්තු තබා ඇති මුත් නැනෝ අංශු කලිල ආකාරයට සමූහ වශයෙන් භාවිතා වන සූර්ය රශ්මි ආලේපන(suntan lotion) සහ වෙනත් රූපලාවන්‍ය ආලේපන ආරක්ෂක ආලේපනයත් ඖෂධ පරිවාහක සහ කුණු පැල්ලම්වලට ප්‍රතිරෝධී ඇඳුම් පැළඳුම් ආදියත් ප්‍රධාන වශයෙන්ම වාණිජමය වශයෙන් ප්‍රයෝජනවත් වූ නිපැයුම් බවට පත්ව තිබේ.

නැනෝ සංයෝග

මෙයට ඉතාකුඩා පරිමාණයේ ව්‍යුහ ඇති විශේෂ ගුණ සහිත අංශු වල ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ අධ්‍යයනය ඇතුලත් වේ.
අන්තර්කලාප හා කලිලමය විද්‍යාව නැනෝ තාක්ෂණය ය‍ටතේ බොහෝ අංශු වල ගැන එන්ම C (nano fuhes) හා අනෙකුත් කුඩා දිලිසෙන අංශු වල ගුණ අධ්‍යයනය කළ හැක.
ඉතා කුඩා පරිමාණයේ අංශු සාමාත්යිත යෙදුම් සදහා එනම් වාණ්ජමය ප්‍රයෝජන සදහා බහුලව යොදා ගනී.
නැනෝ වෛද්‍ය විද්‍යාව යටතේ මෙවැනි ක්ෂුද්‍ර අංශු වෛද්‍ය විද්‍යාව සදහා යොදා ගන්නා ආකාරය සලකා බලයි. පතුලේ සිට ක්‍රමයෙන් සකස්වීමේ ක්‍රමය (Bottom up approachs) මෙහිදී කුඩා සංයෝග සංකීර්ණ සංයෝග දක්වා සකස් වීම සලකා බලයි.
DNA නැනෝ පරීක්ෂණය මෙහිදී වොට්සන් හා ක්‍රික්‍ගේ DNA වල ද්විත්ව පොලික්සිය ව්‍යුහයේ භෂ්ම යුගල සකස්විම හා අනෙකුත් න්‍යෂ්ටික අමිල වන ව්‍යුහයේ විශේෂතා සලකා බලයි.
අණුවල විවිධ හැඩයන්ගෙන් යුත් සජයෝග රසායනිකව නිෂ්පාදනය කිරිම සදහා පිවිසිම.
අණු තනිව හෝ කිහිපයක් එකතු වී සකස් වීම උසස් අණුක රාසයනික විද්‍යාව යන සංකල්පය යටතේ හැදෑරිය යුතු අතර එමගින් අණුවල සකස්විම සම්බන්ධ විශේෂ තෝරතුරැ හදුනා ගත හැක.
Devamını oku...

වෙසක් ළඟයි පහන් එළියත් ළඟයි



මදුරාගල අම්පිටිගල  සකපෝරු මේ දිනවල කරකැවෙනුයේ   මැටි පහන් නිපදවීමටයි.වෙසක් සමයේ මැටි පහන් වලට  ඇත්තේ ලොකු ඉල්ලුමකි . මැටි පහනක තොග මිල රුපියල් 1.75 කි. සිල්ලර මිල රුපියල් 2.50 කි. දිනකට එක් අයකුට මැටි පහන් සහසක් පමණ නිපදවිය හැකි අතර  එසේ සැකසු මැටි පහන්  වියලා පුළුස්සා ගැනිමට දින දෙකක් පමණ ගතවේ
ඡායාරූප- විශ්ව ගැමුණු ප්‍රියංකර


Devamını oku...

ලොව විශ්මිත මාර්ග

උපුටා ගත්තේ ලංකාදීපෙන්



ප්‍රංශයේ කොල්ඩි ටුරිනි මාර්ගය. මුහුදු මට්ටමේ සිට සැතපුමක් පමණ ඉහළින් පිහිටා ඇත. මෙහි සැතපුම් විස්සක් මොන්ටෙකාලෝ රැළි සදහා යොදාගනී. ප්‍රංශයේ දකුණු දිශාවේ ඇල්ප්ස් කදු වැටියේ පිහිටා ඇති මාර්ගයකි. මීටර 1607 ක් ඉහළට දිවයයි. අධික බෑවුම් සහිත ගල් බිත්ති මෙම මාර්ගයේ පිහිටා තිබේ.

අධික බෑවුම් සහිත ගල් බිත්ති පිහිටා ඇති ආකාරය

ඇල්ප්ස් කදුවැටියේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති ස්ටෙල්වියෝ දුර්ග මාර්ගය. ඉතා දුෂ්කර වංගු 48 කි. මීටර 2757 උසින් මෙම මාර්ගය ගමන් කරයි.

ස්ටෙල්වියෝ දුර්ග මාර්ගයේ තවත් දර්ශනයක්

ලේහ් මනාලී අධිවේගී මාර්ගය ඉන්දියාවේ පිහිටා තිබේ. සතපුම් 297 දිගැතිය. හිමාල කදුවැටියේ පිහිටා ඇති මෙය ලොව වැඩිම උසකින් පිහිටි අධිවේගී මාර්ගය ද වෙයි. හිම පතනය හා නායයාම් හේතුවෙන් මෙහි ගමන අති දුෂ්කරය. ලොව ඇති දුෂ්කරතම හා අභියෝගාත්මක මාර්ගය ලෙස ද සැළකේ.

මරණයේ මාවත ලෙස හදුන්වන මෙය බොලීවියාවේ පිහිටා ඇත. භයානකත්වය නිසාම ඒ නම ලැබී ඇති මෙහි සැතපුම් 43 ක් කොරොයිකෝ හරහාත් සැතපුම් 35 ක් බොලීවියාව හරහාත් වැටී ඇත. ඇමරිකා සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාරයෙන් 1995 දී ඉදිකරණ ලදී. එක් මංතීරුවකට පමණක් ප%මාණවත් පළලක් සහිත මෙය ලොව භයානකම මාර්ගයයි. මිහිදුම හා වැස්ස හේතුවෙන් නොපෙනී යන මේ මාර්ගයේ ගමන් කරන්නන්ගෙන් 200 හෝ 300 පමණ පිරිසක් වසරකට මියයති.

රුසියාවේ ලෙනා අධිවේගී මාර්ගය ලෙස හදුන්වයි. සෝවියට් සමූහාණ්ඩුවේ සයිබීරියාව හා මොස්කව් අතර මේ මාර්ගය සාදන ලදී. කලක් මඩෙන් වැසී පවතින්නේ මේ ආකාරයෙනි.

ලෙනා අධිවේගී මාර්ගයේ උෂ්ණත්වය ජනවාරි මාසයේදී සෘණ 45 දක්වා පහළ බසී. එවිට එය හිමෙන් වැසී යන්නේ මේ ආකාරයෙනි.

රුසියාව හා ජෝර්ජියාව අතර පිහිටා තිබේ. හිමෙන් වැසී යන කාලයේදී මේ මාර්ගය මුළුමනින්ම නොපෙනී යයි. රුසියාවේ යුද කටයුතු සදහා භාවිතා කරන මාර්ගයකි.

රුසියා ජෝර්ජියා යුද මාර්ගය ඈත සිට බලන විට දිස්වන්නේ මේ ආකාරයෙනි.

චීනයේ ගෝ ලියෑං උමං මාර්ගය. ටයිහෑන් කන්ද හරහා මෙම මාර්ගය සාදා තිබේ. 1977 මැයි මස විවෘත කරන ලද මෙහි මීටර 1200 දිගැති උමං මනේම මීට පහක් දිගැති උමං ද පිහිටා තිබේ. උමං මාර්ගයේ පළල මීටර හතරකි. මෙය ඉතාමත්ම භයානක සහ දුෂ්කරත මාර්ගයකි.

ගල් පර්වතය විද ඇති ආකාරය

උමං මාර්ගයේ දර්ශනයක්

තායිවානයේ තරකෝ මාර්ගය. පාෂාණ කපා ඉවත්කොට සාදන ලද මේ දුෂ්කර මාර්ගයෙන් තරකෝ ජාතික උද්‍යානයට ප්‍රවිශ්ඨ වීමට අවස්ථාව ලබාදී තිබේ.

තරකෝ මාර්ගයේ උමං දිස්වන්නේ මේ ආකාරයෙනි.

උතුරු ඉතාලියේ පිහිටි පැසුබියෝ මාර්ගය. යතුරුපැදි සහ සුවිශේෂී වාහන සදහා පමණක් සුදුසු මාර්ගයකි. ඉතාමත්ම පටු ස්ථාන සහ ලිස්සායන සුළු වංගු හේතුවෙන් මෙහි ගමන අති දුෂ්කරය. ත්‍රාසජනක ක්‍රීඩාවන්හි යෙදෙන්නන් අතර ප්‍රචලිතය.

එහි බිම්ගෙයක් සහිත ස්ථානයක්.

පිලිපීනයේ හැල්සෙමා අධිවේගී මාර්ගය. සැතපුම් 150 දිගැතිය. ගල් සහ මඩ සහිත මාර්ගයක් වුවද මගී ප්‍රවාහන බස් පවා ගමන් කරයි.

හැල්සෙමා අධිවේගී මාර්ගය

නෝවේ රාජ්‍යෙය් පිහිටි ට්‍රොල්ස්ටිජන් මාර්ගය සංචාරකයන් ආකර්ශනීය මාර්ගයකි. ත්‍රාසය දනවන මේ මාර්ගයේ ගමන් කරද්දී දිය ඇළි කිහිපයක්ම දැකගැනීමේ හැකියාව තිබේ.

ජල මූලාශ්‍ර ඔස්සේ මාර්ගය වැටී ඇති ආකාරය.

ඇන්ඩෘස් කදුවැටිය හරහා දිවෙන මාර්ගයයි. ලොස් කැරකොල්ස් ලෙස හැදින්වේ. චිලී රාජ්‍යය සහ ආජන්ටිනාව අතර පිහිටා ඇත. වසරේ වැඩි කාලයක් හිමෙන් වැසී ඇත. භාණ්ඩ ප්‍රවාහන ලොරි, තට්ටු දෙකෙහි බස් සහ මගී ප්‍රවාහන බස් රථ නිතර නිතර ගමන් කරයි.

හිම පතනය ආරම්භ වූ දිනවලදී ලොස් කැරකොල්ස් මාර්ගයේ තත්ත්වය.

ජපානයේ ඉරෝහා මාර්ගය සර්පයකු ආකාරනේ ඉදිකැර ඇති බැවින් එය සර්පාකාර මාර්ගයක් ලෙස හැදින්වේ.

නැම්බියාවේ පිහිටි මෙම දුර්ග මාර්ගය වැන් සිල්ස් ලෙස හැදින්වේ.

වැන් සිල්ස් දුර්ග මාර්ගයක් ලෙස හැදින්වුව ද එය සත්‍ය මාර්ගයක් නොවේ.

එල් එස්පිනාසෝ දෙල් ඩියාබ්බෝ දුර්ග මාර්ගය මැක්සෝවේ පිහිටා තිබෙ.

එල් ඒස්පිනාසෝ දෙල් ඩියාබ්ලෝර්මාවත, මැක්සිකෝව

ලිස්බොට්න් පාර නෝර්වේ

Devamını oku...

කොළඹ - නුවර පාරේ උපත

වටිනා ලිපිය උපුටාගත්තේ ලංකාදීප පත්තරේන්
ශ්‍රී වික‍්‍රමරාජසිංහ රජු අල්ලා ගැනීමට කොළඹ සිට මහනුවරට ගිය ඉංග‍්‍රීසි හමුදාවට ඒ සඳහා නියමිත මාර්ගයක් නොතිබූ අතර පේරාදෙණිය දක්වා ගන වනාන්තර මැදින් ගමන් කළ මේජර් ඬේවි ඇතුළු ඉංග‍්‍රීසි හමුදාව එතැන් සිට මහනුවරට ළඟාවූයේ මහවැලි ගංඟාව තරණය කිරීමෙනි.
හෙන්රි මාෂල්ගේ දිනපොතට අනුව 1803 ජූනි 24 වැනි දින (සිකුරාදා) පිටාර ගලමින් තිබුණු මහවැලි ගඟ අසල ඇති ”වටපුළුව” අම්බලමේ මේජර් ඬේවි ඇතුළු පිරිස රාත‍්‍රිය ගතකළහ. ගන කැලය මැද දින ගණනක් නතර වී සිටි හමුදාවේ සමහර සෙබළුන්ට ”කැළෑ උණ” ලෙස හැඳින්වූ මැලේරියාව වැළඳිණි. රෝගය උත්සන්න වීමෙන් භටයෝ කීපදෙනෙක්ම ජීවිතක්‍ෂයට පත්වූහ.
මහවැලි ගඟ තරණය කර මහනුවරට ලඟාවීමට ඉංග‍්‍රීසි හමුදාව උණලී පාරු සාදා ගත්හ. ගඟ තරණය කොට ”වාගොල්ල” නැමැති ස්ථානයක නතර වී සිට පසුව මහනුවරට ගොඩ බට බව හෙන්රි මාෂල්ගේ දින පොතෙහි සඳහන් වෙයි. පෘතුගීසි සමයේදී ද මහනුවරට ගමන් කිරීම සඳහා ස්ථීර මාර්ගයක් නොවූ අතර මේ හේතුව නිසා ඔවුන්ද මහත් දුෂ්කරතාවට පත්වූහ. එකළ ගන වනාන්තරය ඔස්සේ දුෂ්කර මාර්ගයක් පිහිටා තිබුණද එයත් ”බලන” කඳුවැටිය අසලින් නිමාවට පත්විය.
පෘතුගීසින්ට ද මහනුවරට යාම සඳහා ස්ථීර මාර්ගයක අවශ්‍යතාව තිබුණද එය යථාර්ථයක් බවට පත්කර ගන්නේ ඉංග‍්‍රීසීන්ය. එඞ්වඞ් බාන්ස් නැමැති ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරයා 1820දී පමණ සීතාවක - ඉද්දමල්පාන, අරන්දර, හෙට්ටිමුල්ල, උස්සාපිටිය,  බලන හරහා මහනුවර දක්වා වැලිපාරක් සකස් කළේය. ලන්දේසීන් ඉදිකර තිබූ බළකොටු හරහා ඉදිවූ මෙම මාර්ගය ඔස්සේ බාන්ස් ආණ්ඩුකාරවරයා පසුව දෝලාවකින් ගමන්ගත් බවද පැවැසේ.
1821 පමණ වන විට එඞ්වඞ් බාන්ස් ආණ්ඩුකාරවරයා අඹේපුස්ස හරහා මහනුවරට යාම සඳහා තවත් මාර්ගයක් සැළසුම් කළේය. තුන්කොරලය හා හේවාගම් කෝරල, සියනෑ කෝරල හරහා යන මාර්ගයේ පළමු අදියර ලෙස කොළඹ සිට අඹේපුස්ස දක්වා ඉදිවිය. මහර, කඩවත, යක්කල, වරකාපොල හා මාවනැල්ල යන නගර හරහා ඉදිකිරීමට යෝජිත මාර්ගය සඳහා ගංඟා 4ක් මතින් මහපාලම් හතරක් ඉදිකිරීමට ද සැළසුම් සකස්විය.
මෙම මාර්ගය ඔස්සේ පැමිණ කොළඹට ඇතුළුවීමට තිබුණ දොරටුව වන්නේ අද කඩවත නගරයයි. කඩවතට පැමිණ කොළඹට ඇතුළුවන සියලූ දෙනා බදුගෙවා ඇතුළුවීම අනිවාර්ය විය.  කඩවතින් ඇතුළු වී කැලණිග හරහා ගමන් කළ යුතුව තිබුණේ දිගු පාරු යොදා සකස් කර තිබූ පාරු පාලමෙනි.
අඹේපුස්ස සිට උඩරට දක්වා දිවෙන මාර්ගය ඉදිකිරීමේ වගකීම කරට ගත්තේ මේජර් ස්කීනර්ය. ඒ මාර්ගය අදටත් දක්නට ඇති අතර ඒ පැරණි උස්සාපිටිය මාර්ගයයි. තාවකාලික ලෙස සකස් කළ මාර්ගය සුදු ජාතික ආණ්ඩුකාර ජෝන් ජෝර්ජ් පේ‍්‍රෂර් විසින් විධිමත් ලෙස මහනුවර දක්වා රැගෙන යනු ලැබූ අතර ඒ සඳහා අඹේපුස්ස සිට හතර කෝරළය හරහා ගන වනාන්තර එළිකළේය. මෙම මාර්ගය නිම කිරීමෙන් පසුව කොළඹ සිට මහනුවරට ගමන් කළහැකි විධිමත් මාර්ගය මෙය වූ බව සර් ජෝන් ඬේවි නම් ඉංග‍්‍රීසි ජාතික ලේඛකයා (AN Account of the interion of ceylon) නමැති ග‍්‍රන්ථයේ සඳහන් කර තිබේ.
කොළඹ x නුවර මාර්ගය කපන විට ඊට වසර 450කට පමණ පෙර රජකළ තුන්වැනි වික‍්‍රමබාහු රජුට අයත්ව තිබූ රජ මාලිගාව ඉදිරිපිට පිහිටි මල්වත්ත ”පේරාදෙණිය උද්භිත උද්‍යානය” ලෙස සකස් කිරීමට ඉංග‍්‍රීසිහු පියවර ගත්හ. ඒ යුගයේ දී ”මහනුවර” යන නම භාවිත නොවූ අතර ”සෙංකඩගලපුර” නම භාවිත විය. ”කන්ද” යනුවෙන් ඉංග‍්‍රීසින් හැඳින්වූ නාමය පසුව ”කැන්ඩි” යනුවෙන් වෙනස් වූ බව ද කියැවේ.
1824 දී කොළඹ - නුවර මාර්ගය කපමින් සිටිනවිට බාන්ස් ආණ්ඩුකාරවරයා ශ්‍රී ලංකාවේ ජනසංගණනයක්ද පැවැත්වූ අතර එදා සංගණනයට අනුව ජනගහනය වූයේ අටලක්‍ෂ පනස්එක්දහස් හාරසිය හතළිහකි. (851440) කොළඹ - නුවර මාර්ගය සැකසෙමින් තිබූ නිසා බොහෝ ජනතාව මහනුවර ප‍්‍රදේශයට පැමිණ පදිංචි වූ බව ද පැවසේ. එඞ්වඞ් බාන්ස් ආණ්ඩුකාරවරයා දරදඬු ගතිපැවතුම් වලින් යුත් පාලකයකු වූ නිසා බොහෝ සිංහලයන් ඔහුගේ ඇසට හසුනොවී කැලෑවැදී ජීවත්වූ අතර එසේ සැඟවී සිටි පිරිස් එම සංගණනයට ඇතුළත්ව නැත.
මහනුවර නගරයේ දී මෙම මාර්ගය සකස් කිරීමේ දී බෝගම්බර වැවද විශාල කොටසක් ගොඩකළ බව කියැවේ. අද මහනුවර නගරය සම්පූර්ණයෙන්ම වාගේ පිහිටා ඇති ප‍්‍රදේශය එකල බෝගම්බර වැව බවද කියැවේ. බෝගම්බර වැව බොහෝ සේ ගොඩකර ඇත්තේ ඉංග‍්‍රීසීන්ය. සිංහල රජවරු ”බොහෝ ගම්වර” පිදු තැන පසුව බෝගම්බර වූ බවද ”මන්දාරම් පුවතේ” සඳහන් වෙයි.
කොළඹ - නුවර මාර්ගය සැකසීමේ දී මාවිල්මඩ නම් වූ කැලෑගමක් මතින්ද ඉදිවිය. මේ ප‍්‍රදේශයේ දී සිංහල හමුදාව හා ගැටුනු ඉංග‍්‍රීසි හමුදාවේ විශාල පිරිසක් මියගිය අතර ඒ මියගිය අයගේ නාම ලේඛනය බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ අදත් දක්නට ඇති බව ද කියැවේ.
ඇහැලේපොල කුමාරිහාමිගේ පරම්පරාවට අයත් වඩිගමංගාව නමැති ගම මතින්ද මේ මාර්ගය ඉදිවිය. වඩිගමංගාව අද දක්නට නැතත් 1818දී වෙල්ලස්ස කැරැල්ල සමයේ දී වීර කැප්පෙටිපොලට සැඟවීම සඳහා ඉංග‍්‍රීසීන්ට ඒමට නොහැකිවන පරිද්දෙන් මාර්ගය වසා දැම්මේ මේ ස්ථානයේ දී බව ඉතිහාසය කියයි.  ඒ ප‍්‍රදේශය පරවගහගම ලෙස අද හැඳින්වේ.
ගොඩබිම් මාර්ගයක් සකස් කළද ඉංග‍්‍රීසින් සතු කෝපි, තේ වැනි ද්‍රව්‍ය කොළඹට ගෙන ඒමට අශ්ව කරත්තය ප‍්‍රමාණවත් නොවීය. මේ නිසා අශ්ව කෝච්චිය ආරම්භ වන්නේ මෙරට ප‍්‍රථම තැපැල් රථය වශයෙනි. ඒ අනුව ප‍්‍රථම තැපැල් රථය වූ අශ්ව කෝච්චිය 1832 පෙබරවාරි පළමු වැනිදා කොළඹින් ගමන් ආරම්භ කළේය. තැපැල් සේවය ප‍්‍රධාන කරගනිමින් ආරම්භ වූ අශ්ව කෝච්චිය උඩරට සුදු ජාතික වැවිලිකරුවන්ගේ සේම පොදු ගමනාගමනයට ද පසුව ව්‍යාප්ත විය. කොළඹින් පිටත්වන අශ්ව කෝච්චිය එතැන් සිට කිලෝමීටර් 4ක් පමණ ඈතින් පිහිටි කැලණි ගංඟාවෙන් එතෙර වූයේ බෝට්ටු හා පාරු යොදා සකස් කර තිබූ පාලම මතිනි. වික්ටෝරිය පාලම ඉදිවන තෙක් මේ පාරු පාලම සුවිශේෂී ප‍්‍රවාහන සේවාවක් සඳහා උරදුන් බව කියැවේ.
වික්ටෝරියා පාලම කැලණි ගඟ හරහා ඉදිකිරීමෙන් පසුව එහි තිබූ පාරු පාලම 1895 මැයි 24 වැනි දින ගලවා ඉවත් කළේය. එදිනට යෙදී තිබුණු වික්ටෝරියා රැුජිනගේ උපන් දිනය සැමරීම සඳහා මෙම පාලම ඉදිවිය. ඒ වන විට කැලණි ගඟ හරහා ඉදිකර තිබූ පාරු පාලම පුරා දශක හතක් පමණ තම සේවාව ලබාදී තිබිණි. 1822 දී එවකට සිටි එඞ්වඩ බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් පාරු පාලම කරවන ලද්දේ කුඩා ප‍්‍රමාණයේ බොට්ටු (ඔරු) 21 යොදා ගනිමිනි. පාලමේ දිග අඩි 500කි.
කොළඹ නුවර මාර්ගය මෙන්ම තැපැල් අශ්ව කෝච්චි සේවාවට ද මනා සහායක් ලබාදුන් මෙම බෝට්ටු පාලම බි‍්‍රතාන්‍ය රාජකීය ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු ජෝන් ජෝර්ජ් පේෂර් ගේ නිර්මාණයක් විය.
දොම්පේ - අජිත් මදුරප්පෙරුම
කොළඹ - නුවර මාර්ගයේ ගමන් කරන අශ්ව කරත්තයක්
කොළඹ - නුවර මාර්ගයේ ප‍්‍රථම අශ්ව කෝච්චිය සිත්තරකුගේ ඇසින්
කැලණි ගඟ හරහා ඉදිකර තිබූ පාරු පාලම

Devamını oku...

නව වසරේ ඔබේ ලග්නයට..................

ලංකාදීප පත්තරේන් ගත්තේ ඔන්න...


මේෂ

තරඟකාරී කටයුතු ජය ලග්නාධිපති හා 8 වැන්න අධිපති කුජ 5 වැන්නේද, 2 වැන්න අධිපති හා 7 වැන්න අධිපති සිකුරු ධනස්ථානගතව කේතු සමග ද, 10 වැන්න හා 11 වැන්න අධිපති ශනි 7 වැන්නේ ද, භාග්‍යස්ථානාධිපති හා 12 වැන්නාධිපති ගුරු ලග්නගතව ද 3 වැන්න හා රෝගස්ථානය අධිපති බුද 12 වැන්නේද 5 වැන්නාධිපති රවි ලග්නගතව ගුරු සමග ගමන් කරමින් තිබියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ‍්‍රඵල ගෙන දෙන වර්ෂයක් බව කිව යුතුය.
ඔබට මෙම වර්ෂය උදා වනුයේ ලග්න ගත රවි ගුරු ප‍්‍රබල ග‍්‍රහ සංයෝගයක් සහිතවය. උදාවෙන මේෂ ලග්නයට රාහුගේ පිහිටීම එතරම් ශුභ නැත. සඳු හා කුජ පිහිටීම ඉතා බලවත් නිසා තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ඨ කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. අය-වැය සමසේ පවතී. මැයි මස මැද භාගයේ සිට ජූලි මස අවසානය දක්වා මේෂ ලග්න හිමියන්ට එතරම් ශුභ කාලයක් නොවේ. එන් පසුව ලබන කාලය සැප්තැම්බර් මස දක්වා යහපත් කාලවකවානුවක් වන අතර තමන්ගේ අභිමතාර්ථ ඉෂ්ඨ කර ගත හැකි වාසනාවන්ත කාලයකි. විදේශ ගමන් බිමන් යෑමට මේ කාලය අතර තුර ලැබේ.ධනය.
ආදායම හා වියදම සමසේ පවතී. මැයි මස මැද භාගයේ සිට ජූනි මාසය දක්වා යම් ව්‍යාපාර කරන්නන් හට ශුභයි. තරමක යහපත් ආදායමක් ලැබිය හැකි කාලයකි.
විවාහය.
යම් යම් ගැටළු පැන නගින වසරකි. විවාහ නොගැලපීම් පිළිබඳ දැඩි අවදානයක් යොමු කර තීරණ ගත යුතු කාලයකි.
දැඩි හිතුවක්කාරී තීරණ මත සිදුකරන විවාහය විශාල ගැටලූ විය හැකි බව සිතේ තබා ගන්න.
සෞඛ්‍ය
ඒතරම් යහපත් නොවේ. විශේෂයෙන් හන්දිපත් රුදා අර්ශෂ් රෝග බහුලව පවතී. ඔක්තෝබර් මුල සිට දෙසැම්බර් මැද භාගය දක්වාම මෙම රෝග වරින් වර මතු වී නැති ඇති වේ. ඉතාමත් කුසීතව කාලය ගත කිරීමට කැමැත්තක් දක්වයි. එනමුත් අපේ‍්‍රල් 15 දින සිට ජූනි මස අවසානය දක්වා කාලය සෞඛ්‍යයට යහපත්ය.
ශුභ වර්ණ - රතු - නිල්,
ශුභ දින - ඉරිදා - අඟහරුවාදා,
ජය අංකය - 1,5,9,11,
ශුභ මැණික් - රතු කොරල්, රතු මැණික්.

වෘෂභ

ව්‍යාපාර වලින් ජය වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු සමග කේතු 1 වැන්නේ ද 7 හා 12 අධිපති කුජ ගෘහස්ථානයේ ද 9 හා 10 අධිපති ශනි 6 වැන්නේ ද 3 වැන්නාධිපති 10 වැන්නේද 2 හා 5 අධිපති බුද අයස්ථානයේද, 4 වැන්නාධිපති රවි සමග ගුරු 12 වැන්නේ වැයස්ථාන ගතව ද හැසිරේ.
වර්ෂය මිශ‍්‍රඵල දායකය. අලූත් අවරුදු උදාවීම සමග සාමාන්‍ය ආර්ථික වර්ධනයක් දක්නට ලැබෙන කාලයකි. රැකියා බලාපොරොත්තුව සිටින අයට රැුකියා හිමි වේ. බුද ගේ බලපෑම නිසා අවුරුද්ද පුරාවට තීරණ ගැනීමේ දී අවදානයෙන් යුතුව සැලකිලිමත්ව තීරණ ගත යුතුයි. අලූත් දේ වලට යොමු වීම සුබ නැත. වියදමට සරිලන ධනයක් උපයා ගැනීමට හැකියි. ණය තුරුස් නොවී හොඳින් ජීවත් විය හැකිය. බරපතළ රෝගීන්ට සුවය ලබා ගැනීමට හැකියාව ලැබේ.
ධනය
ආර්ථික ලැබීම් අතින් වාසි සැලසේ. ඒ හා සමානව වියදමක් ඇති වේ. තමන් බලාපොරෝතු වන තරමට ඉතිරි කිරීමක් කර ගැනීමට හැකියාවක් නැත. ඒ නමුත් අය-වැය සමානව තබාගෙන කටයුතු කිරීමට හැකියාව ලැබේ. මැයි මුල් භාගයේ සිට අගෝස්තු අවසානය දක්වාම ව්‍යාපාර වලින් ලැබීම් අතින් ශුභයි. පොළොව සම්බන්ධ යම් යම් කර්මාන්ත කරන අයටත් ඉතා ශුභයි. අතරමග අතහැර දමා ඇති හෝ නැවතී තිබෙන යම් කිසි කටයුත්තක් (කර්මාන්ත, ව්‍යාපාර) නැවත පටන් ගැනීම ශුභයි. යම් යම් ගනුදෙනු වලට හෝ ගිවිසුම් වලට ශුභ නැත.
රැකියා
2012 දී රැකියා දියුණුවක් පිළිබඳ පෙන්නුම් නොකෙරේ. ඒ නමුත් නිරතව සිටින යම් කර්මාන්තයක් වේ නම් එහි නිරත වීමට උනන්දුව ඇතිවන කාලයකි. රැකියා ස්ථානයේ යම් යම් සුළු ගැටලූකාරී මානසික පීඩා ගෙන දෙන ගැටලූ කිහිපයකට මුහුණ දීමට සිදුවේ. එය එසේ වන්නේ අගෝස්තු මස 15 දින සිට සැප්තැම්බර් අවසානය දක්වා කාලයයි. ඉවසීමෙන් යුතුව ධාර්මිකව කාලය ගත කිරීම සුදුසුය.
විවාහය
විවාහය සාර්ථක වේ. විවාහ ප‍්‍රමාද වූවන්ට, විවාහ අපේක්‍ෂකයන්ට නොවැම්බර් 15 පසුව ඉටුවේ.
සෞඛ්‍ය
සෙම් රෝග බලපවත්වන කාලයකි. ත‍්‍රිදෝෂ කිපීම වැනි රෝග හට ගැනීමට ඉඩ කඩ ඇති වසරකි. ඒ නමුත් බරපතළ රෝගී තත්ත්වක් පෙන්නුම් නොකෙරේ.
ජය අංකය - 6,
ශුභ දවස් - බදාදා, සිකුරාදා,
ශුභ වර්ණ - ඇත්දළ පාට,
ශුභ මැණික් - දියමන්ති

 

මිථුන

ආදායම් මාර්ග වාසනාව මිථුන ලග්නයෙන් උපත ලද ඔබගේ ලග්නාධිපති 10 වැන්නේද 3 අධිපති රවි සමඟ ගුරු අයස්ථානයේද 8 වැන්න හා 9 වැන්න අධිපති ශනි 5 වැන්නේද 12 වැන්න හා 5 වැන්න අධිපති සිකුරු සමඟ කේතු වැයස්ථානය ගතව සිටියි. උදාවන මෙම වසර මිථුන ලග්න හිමියන්ට සමඵලයි.
ආර්ථිකය යහපත් වේ. රාහුගේ බලපෑම් ශුභ ඵල අඩු කරයි. යම් යම් මානසික පීඩනයක් සිදුවනු ඇත. අනවශ්‍ය ගමන් බිමන්, පල රහිත වැඩ කටයුතු වැනි දේ බහුලයි. යම් බලාපොරොත්තු කඩවීම් නොසිතු විදිහට කනගාටුදායක සිදුවීම් වසර මැද භාගයේදී ඇතිවිය හැකිය. ඉවසීම් වැදගත්ය.
ධනය
2012 ආදායම් අතින් ශුභඵල ගෙන දේ. අපේ‍්‍රල් 14 වන දින සිට සැප්තැම්බර් මුල් භාගය දක්වා ආදායම් ලැබීම් අතින් ශුභයි. ඒ නමුත් ඉතිරි කිරීම් අතින් ශුභයි. ඒ නමුත් ඉතිරි කිරීම් පිළිබඳ ගැටලූ රාශියක් මතුවේ. ඔබ ලබන ආදායම හා සමාන මුදලක් වියදම් කිරීමට සිදුවේ. හදිසි ලොතරැයි වාසනා, දේපළ ලැබීම් හෝ හදිසි මුදල් ලැබීම් වසර මැද භාගය වන විට ලැබෙන බව කිව හැකිය.
රැකියාව
මිථුන ලග්න හිමියන්ගේ රැකියා ස්ථානය මධ්‍යස්ථ ඵල ගෙන දෙනු ලැබේ.
ඒ වගේම අපේ‍්‍රල් මස අවසානයේ සිට ජූනිි මස මැද භාගය දක්වා රැකියා ස්ථානයේ යම් යම් පීඩාකාරී ගැටලූ මතු වීමට ඉඩ තිබේ. එබැවින් ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. තවද රැකියා අපෙක්ෂකයින්ට නම් ජූනි මාසයේ මැද භාගයෙන් පසුව ඉල්ලූම් කිරීමට ශුභයි.
විවාහය
විවාහ කටයුතු සාර්ථක උවත් ගැටුම්කාරී සවභාවයක් මත කටුයුතු කිරීමට සිදුවේ. විවාහ බලාපොරොත්තු වන අයට ජූනි මාසයෙන් පසුව ඒ සඳහා යොමු වීම ශුභයි.
සෞඛ්‍ය
2012 සෞඛ්‍ය තත්වයට ශුභඵල ගෙනදේ. ඒ නමුත් සෙම් රෝග, හන්දිපත් රුදා, අර්ෂස් වැනි රෝග වැළදීමට ඉඩ කඩ ඇත. උෂ්ණ රෝග තත්ත්වයන්ද මතුවේ.
ඒ නමුත් රෝග බරපතළ නොවේ. ඒ හැර දරුණු රෝගකාරක මතු වන්නේ නැත.
ජය අංකය - 3-5,
ශුභ දින - බදාදා - සිකුරාදා,
ශුභ වර්ණ - කහ - කොළ,
ශුභ මැණික් - පච්ච

කටක

ආර්ථික වාසි ලග්නාධිපති සඳු මිත‍්‍රව සිටියි. 5 වැන්න හා 10 වැන්න අධිපති කුජ ධනස්ථානයේ ද 6 වැන්න හා 9 වැන්න අධිපති ගුරු සමග රවි කම ස්ථානයේ ද 4 වැන්න හා 11 වැන්න අධිපති සිකුරු සමග කේතු අයස්ථානයේද 7 වැන්න හා 8 වැන්න අධිපති ශනි ගෘහස්ථානයේ ද 3 වැන්න හා 12 වැන්න අධිපති බුද පුණ්‍යස්ථානයේද ගමන් කරයි.
කටක ලග්න හිමියන්ට තරමක අයහපත් ප‍්‍රතිඵල පෙන්නුම් කරන වසරකි. ඒ නමුත් ආර්ථික වාසි ඇති කෙරේ. ආර්ථිකය වර්ධනය කර ගැනීමටත් ආදායම් වැඩි දියුණුකර ගැනීමටත් හැකි වසරකි.
ධනය
2012 මිල මුදල් හා තම ව්‍යාපාර වලින් වාසි සැලසේ. සවකීය ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීමට උනන්දුවක් දක්වන වසරකි.
රැකී රක්ෂා
රැකියා ස්ථානයේ ගැටලූ හෝ කරදර මතු වුවත් ඉවසීම හා අවබෝධයෙන් කටයුතු කර විසඳා ගැනීමට හැකිය. ඒ නමුත් එතරම් ගැටලූ මතු නොවේ. කටක ලග්න රැකියා අපෙක්ෂකයින්ට මැයි 15 පසුව ශුභ ඵල ගෙන දේ. එම කාලය නොවැම්බර් අවසානය දක්වා පවතී. ඒ බැවින් රැකියා වලට ඉල්ලූම් කිරීම ස්වකීය ව්‍යාපාර ආරම්භ කිරීමට මෙම කාලය සුදුසු වන බව කිව හැකිය.
විවාහය
අවුලකින් තොරව කටයුතු කළ හැකිය. විවාහ අපෙක්ෂකයින් විවාහය පිළිබඳ තීරණ ගැනීමට සුදුසු වසරකි. පේ‍්‍රම සම්බන්ධතා ද වැඩි දියුණු වන විවාහයට ශුභ කාලයකි.
සෞඛ්‍ය
2012 දී සෞඛ්‍යට එතරම් ගැටලූ මතු නොවේ. ඒ නමුත් හන්දිපත් රුදා, හිසරදය, සෙම්රෝග වැනි දේ නිතර නිතර වැළඳේ. එමෙන්ම අක්ෂි අබාධ සුළු වශයෙන් ඇති කෙරේ. අගෝස්තු මැද භාගයේ සිට ඔක්තෝබර් අවසානය දක්වා මෙම තත්ත්වය බලපවත්වයි.
ජය අංක - 1, 7, 9,
ශුභ දවස් - සඳුදා, අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා,
ශුභ වර්ණ - සුදු පාට,
ශුභ මැණික් - මුතු

සිංහ

විවාහ බලාපොරොත්තු ඉටුවෙයි රවි හිමි සිංහ ලග්නයෙන් උපත ලද ඔබගේ ලග්නාධිපති රවි උච්ච බලයෙන් ගුරු සමග භාග්‍යස්ථානයේද ගමන් කරමින් සිටියි. 4 වැන්න හා 9 අධිපති කුජ ලග්නයේ ද, 3 හා 10 වැන්න අධිපති සිකුරු සමග කේතු කර්මස්ථානයේ ද 12 වැන්න අධිපති සඳු 7 වැන්නේ ද 6 හා 7 අධිපති ශනි වික‍්‍රමස්ථානයේද ගමන් කරමින් සිටියි.
ඒ අනුව සිංහ ලග්න හිමියන්ට ඒතරම් ශුභදායක වසරක් නොවේ. යම්කිසි කටයුත්තක දී හෝ තීරණ ගැනීමේදී වැඩිහිටි උපදෙස් පිළිපැදිය යුතුය. හිතුමතේ වැඩ කටයුතු කිරීම නතර කළ යුතුය.
ධනය
ආදායම් තත්ත්වය වැඩි දියුණුවක් හෝ පරිහානියක් ඇති නොවෙන වසරකි. උත්සාහයේ තරමට ප‍්‍රතිඵල නැත. නව ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ නම් වසර අවසානයේ යොමුවීම සුදුසුයි. ස්ථිර තැන්පත් ධනයක් වේ නම් එයද විනාශ වීමට ඉඩ ඇති වසරක්ය. ඒ බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ඒ නමුදු වසරේ අවසන් කාර්තුව ශුභඵල ගෙනදේ.
රැකීරක්ෂා
2012 රැුකියා ස්ථානයේ ගැටලූ මතු නොවෙතත් ඒකාකාරී ස්ථානයක් ලෙස කටයුතු කිරීමට සිදුවේ. රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු වන අයට ඒ සඳහා මග පෑදෙන්නේ සැප්තැම්බර් මස 1 දාට පසුවයි. වෙනත් ව්‍යාපාර හෝ රැකියාවලට ඉල්ලූම් කරන්නේ නම් සැප්තැම්බර් 01 පසුව ඉල්ලූම් කිරීම යහපත්ය.
විවාහය
ගැටුම් මතු නොවේ. විවාහ බලාපොරොත්තු වන සිංහ ලග්න හිමියන්ට වසර පුරාවටම සුදුසු සහකරුවෙකු හෝ සහකාරියක ලබා ගැනීමට ඉඩකඩ වැඩි වසරක්ය. උත්සහවන්ත වෙන්න. විවාහ බලාපොරොත්තු ඉටුවීමට ශුභ කාලයකි.
සෞඛ්‍ය
සෙම් රෝග බහුල වීම් තුළින් හටගන්නා රෝග දණහිස්වලින් පහල වේදනා සහගත රෝග අධික හිසරදය හා අර්ශස් රෝග හට ගැනීමට හැකි ඉඩකඩ බොහෝය. ඒ බැවින් ප‍්‍රවේශම්වන්න.
ජය අංක - 1, 5,
ශුභ වර්ණ - රතු,
ශුභ දින - ඉරිදා, අඟහරුවාදා,
ශුභ මැණික් - පද්මරාග

කන්‍යා

කල්පනාකාරී වන්න   ලග්නාධිපති බුද 7 වැන්නේ නීචව ගමන් කරයි. 5 හා 6 අධිපති ශනි උච්චව ධනස්ථානයේ ද, 12 වැන්න අධිපති රවි සමග ගුරු මාරක ස්ථානයේ ද 2 හා 9 අධිපති සිකුරු භාග්‍යස්ථානයේ කේතු සමග යෝගව සිටීම වැදගත්ය.
වර්ෂය පුරා මධ්‍යස්ථ තත්ත්වයක් දැකිය හැකිය. ඒ නමුත් හොඳ යැයි සිතා ගන්නා තීරණ නරක අතට හැරේ. තීරණ ගන්නා විට කල්පනාකාරී වන්න.
රාහුගේ පිහිටීම අනුව තමන් ගන්නා තීරණ වුවත් විටින් විට වෙනස් කිරීමට සිදුවේ. යම් දෙයක් ඔබට ලැබේ යැයි සිතාගෙන හිටියත් අවසානයේ නොලැබී යන තත්ත්වයක් ඇතිවේ. වසර පුරාවටම මානසික නොසන්සුන්භාවය විටින් විට ඇතිවේ.
ධනය
ආදායම් ලැබීම් අතින් ශුභයි. ඒ නමුත් ලැබීම් හා ආදායම් කලමණාකරණය දුර්වල වේ. මුදල් කලමණාකරණය දුර්වල නිෂ්ඵල තත්ත්වයක් ඇති කෙරේ. යම් යම් ආදායම් ලැබුණත් නිසි දෙයකට යොමු නොකිරීමේ හේතුව නිසා පරිහානියට පත්විය හැකිය. එබැවින් කල්පනාකාරීව මුදල් ගනුදෙනු පිළිබඳ කටයුතු කිරීම සුදුසුයි. ණය ගනුදෙනු කිරීමෙන් වැළකී සිටීම යහපත්ය.
රැකී රක්‍ෂා
රැකී රක්‍ෂා කටයුතු සාර්ථක වේ. රැකියා බලාපොරොත්තුව සිටින අයට ඒවා ඉටුකර ගැනීමට අවස්ථාව උදාවේ.
ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ නම් මැයි 1 සිට අගෝස්තු 1 දක්වා ශුභ කාලයක් එළඹේ.
විවාහය
විවාහ කටයුතු සාර්ථක වන වසරක්ය. ප‍්‍රමාද වූ විවාහ ඇති අය උනන්දුවක් වන්නේ නම් සාර්ථක වීමක් පෙන්නුම් කරයි.
විවාහ ප‍්‍රමාද වූවන්ට විවාහය ඉක්මන් කිරීමට සුදුසු කාල සීමාවක් අපේ‍්‍රල් 15 සිට මැයි 30 දක්වා කාලය ප‍්‍රබල බව කිව හැකිය.
සෞඛ්‍ය
සෙම් රෝග නිසා සුළු රෝග තත්්වයන්ද පීනස බෙල්ලේ, කන්වල වේදනා හන්දිපත් වේදනා හා අර්ශස් රෝග හට ගනියි.
ජය අංක - 2-5-8-9,
ශුභ දිනයන් - බදාදා - සිකුරාදා,
ශුභ වර්ණ- කොළ,
ශුභ මැණික් - පච්ච, ගෝමේද

තුලා

තරගකාරි කටයුතුවලින් ජය සිකුරු හිමි තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු 8 වැන්නේ කේතු සමග ගමන් කරයි. 4 හා 5 අධිපති ශනි ලග්නයේද, 2 හා  7 අධිපති කුජ අයස්ථානයේ ද  ගමන් කරයි.
සමඵලදායක වසරකි. ඒ නමුත් බුද  ගේ පිහිටීම ගුණ නැති නිසා කේ්න්ද්‍ර හිමියා බලාපොරොත්තු වන ඉලක්කය  කරා යෑමට අමාරුයි. ඒ නමුත් වඩාත් උත්සාහය ඇති වේ. ලග්න හිමියන්ට අධිකව අශුභවාදී ඵල නොලබන වසරක් බැවින් තම බලාපොරොත්තු හා අරමුණු කිහිපයක් හෝ ඉටුකර ගැනීමට හැකි වසරක්  වනු ඇත.
ධනය
තැන්පත් ධනය ඉතිරි කර ගැනීමට හැකි වුවත් අලූත් ආදායම්මාර්ගවලින් ඵලයක් නොලබන වසරකි. එබැවින් තම ව්‍යාපාර හෝ මුදල් ගනුදෙනු කිරීමේ දී සැලකිලිමත් වන්න. නව ආදායම් මාර්ගයකට පිවිසෙන්නේ නම් තුලා ලග්න හිමියන් සැප්තැම්බර් මැද භාගය හා නොවැම්බර් මුල් භාගය දක්වා කාලය ශුභයි.
රැකී රක්‍ෂා
රැකියා ස්ථානයේ අර්බුද නැතත් ඒකාකාරි භාවයක්  පෙන්නුම් කරයි. කෙසේ  නමුත් රැකියා ස්ථානයේ ඔබ බලාපොරොත්තු වන යම් යම් උසස් වීම් හෝ විභාග ආදි කටයුතුවලින් ජයග‍්‍රහණයන් ලැබීමට නම් ඔක්තෝබර් මාසයෙන් පසුව ඒ ගැන උනන්දුවීම වඩා ශුභයි. නව රැකියා බලාපොරොත්තු වන අයට ද මෙම කාලය බලපානු ඇත. නව රැකියාවලට යෑමට ඉඩ ලැබෙන කාලයකි.
සෞඛ්‍ය
ශුභයි. ඒ නමුත් සෙම් රෝග හා උෂ්ණ රෝග සුළු වශයෙන් හැරුණු කොට වෙනත් බරපතළ රෝගයක් නොවැළදේ.
ජය අංක - 5-6-8,
ජය වර්ණ -ඇත්දළ පාට,
ශුභ දින - බදාදා හා සෙනසුරාදා,
ශුභ  මැණික් - දියමන්ති

වෘශ්චික

වියදම් අධික වේ ලග්නාධිපති කුජ 10 වැන්නේ මිත‍්‍රව  ද , 3 හා 4 අධිපති ශනි උච්චව වැය ස්ථානයේ ද 12 වැන්න හා 7 වැන්න අධිපති සිකුරු සමග කේතු ද 10 වැන්න අධිපති රවි සමඟ ගුරු 6 වැන්නේද ගමන් කරයි. මෙම වසර අශුභ ඵල ගෙන දෙන වසරක්ය. එබැවින් ඉවශිලිවන්තව හා ධර්මානුකූලව කටයුතු කිරීමෙන් ශුභ ඵල ලං කරගත හැකිය.
වෘශ්චික ලග්න හිමියන්ට ජුලි මුල් භාගයේ සිට අගෝස්තු අවසානය දක්වා අශුභඵල ගෙන දෙන කාලයකි. ඒ බැවින් මෙම කාලය තුළ ප‍්‍රවේශමින් කටයුතු කරන්න.
ධනය
වියදම් අධික වන වසරකි. නොසිතූ ලෙස උපයාගත් ධනය කුමන හෝ කාර්යයක් සඳහා වැය කිරීමට සිදු වේ. නව ආදායම් මාර්ග වලට යොමු වීම ශුභ නැත. තැන්පත් ධනය ඉවසීමෙන් යුතුව වියදම් කිරීමට වග බලා ගන්න. ව්‍යාපාර කටයුතුවලින් පාඩු ලැබීමට සිදුවන වසරකි. ඒ බැවින් ඉතාමත්ම කල්පනාකාරීව හා සුපරීක්‍ෂාකාරීව මුදල් වියදම් කිරීම සුදුසුයි. නව ආදායම් මාර්ග වලට යොමුවීමට කිසිසේත්ම ශුභ ඵලදායක කාලයක් නොවේ. උරුම දේපොල පිළිබඳ ආරවුල් හට ගැනීමට ඉඩ ඇත.
රැකී රක්‍ෂා
අවුල් තත්ත්වයක් පෙන්නුම් කරයි. නව රැකියා බලාපොරොත්තු වන අයට සැප්තැම්බර් මාසයෙන් පසුව හෝ මැයි 15 දින සිට ජූනි මැද භාගය දක්වා රැකියා කටයුතු සඳහා ගුණදායක වේ. ඒ සඳහා ඉල්ලූම් කරන්නේ නම් ශුභ කාලයකි. කල්පනාකාරීව නොසිටිය ගොත් රැකියා ස්ථානයේ අසමගිකම් තුළින් විවිධ ගැටලූ වලට මුහුණ දීමට සිදුවේ.
ඒ බැවින් ඉතාමත්ම කල්පනාකාරීව කටයුතු කරන්න.
සෞඛ්‍ය
වා පිත් සෙම් කිපීම නිසා ඇතිවන රෝගකාරක හා අධික හිස කැක්කුම වැනි රෝග හට ගැනීමට ඉඩ කඩ ඇති වසරකි.
ජය අංක 1-5-7-9,
ජය වර්ණ රතු,
ශුභ මැණික් - රතු මැණික්,
ශුභ දින - අඟහරුවාදා - බ‍්‍රහස්පතින්දා

ධනු

බලාපොරොත්තු ඉටු වෙයි ලග්නාධිපති ගුරු 5 වැන්නේ රවි සමග ගමන් කරයි. 2 හා 3 අධිපති ශනි උච්චව අයස්ථානයේ සිටියි. 12 හා 5 අධිපති කුජ ග‍්‍රහයා භාග්‍යස්ථානයේ සිටියි. මෙම වසර ඉතාම ශුභදායක වසරකි. ඒ නමුත් රාහුගේ බලපෑම නිසා යම් යම් ස්ථාන වලදී මානසික පීඩා ගෙන දේ. යම් කටයුත්තක් එකවර කර ගැනීමට නොහැකියාවක් පවතී.
ධනය
2012 ආදායම් අතින් ශුභවේ. නව ආදායම් මාර්ග හා නව ව්‍යාපාර වලින් වාසි ගෙනදෙන වසරකි. අතරමග නැවතී තිබෙන ව්‍යාපාර නැවත පටන් ගැනීමට ශුභ වේ. ලොතරැුයි වාසනා පවා ලැබීමට ඉඩ ඇත. යම් කිසි මුදලක් ඉතිරි කර ගැනීමට ද හැකි වන වසරක් වේ.
රැකීරක්ෂා
රැකියා ස්ථානය ශුභවේ. නව රැකියා ඉල්ලූම් කිරීම හා රැකියා බලාපොරොත්තුව සිටින ලග්න හිමියන්ට ශුභ කාලයකි. එය ඉෂ්ඨ වේ. විදේශ ගමන් යෙදෙන වසරක්ය. රැකියා උසස් වීම් පවා ලබාගැනීමට හැකි වසරකි.
සෞඛ්‍ය
උෂ්ණ රෝග හා අජීර්ණ රෝග, හන්දිපත් වේදනා රෝග හට ගැනීමට ඉඩ කඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.
ජය අංක 5-7-9,
ශුභ වර්ණ - කහ,
ශුභ දින - බදාදා හා සෙනසුරාදා,
ශුභ මැණික් - පුෂ්පරාග

මකර

තරඟ විභාග වලින් ජය ලග්නාධිපති ශනි 10 වැන්නේ උච්චව ගමන් කරයි. 11 හා 4 අධිපති කුජ 8 වැන්නේ මාරකස්ථානයේද 8 අධිපති රවි සමඟ ගුරු ගෘහස්ථානයේ ගමන් කිරීම ශුභයි. වසර ශුභයි.
ඒ නමුත් බුද හා රාහු ග‍්‍රහයින්ගේ බලපෑම නිසා යම් යම් කටයුතු ප‍්‍රමාද වීමට ඉඩ තිබේ. ඒ නමුත් සමස්ථයක් ලෙස ව්‍යාපාර ශුභඵලදායකයි.
ධනය
මෙම වසර තුළ ලග්න හිමියන්ට ආර්ථික වශයෙන් වැඩි ලාභ නොලැබුණද ආර්ථික තත්ත්වය සමබරව ගෙන යාමට හැකි ආදායමක් ලැබේ.
ව්‍යාපාර වලින් පාඩු සිදු වුණත් තැන්පත් ධනයට හානියක් නොවේ. අපේ‍්‍රල් මැද භාගයේ සිට අගෝස්තු අවසානය දක්වා ධන හානි වීමට යම් යම් කටයුතු බලපෑවත් අගෝස්තු මස අවසානයේ පසුව එම තත්ත්වය මග හැරී ධනය ලැබීම් අතින් වාසිදායක වේ. පොළොව සම්බන්ධ කටයුතු වලදී මුදල් ලැබීම් අතින් වාසි ගෙන දේ. විශේෂයෙන් උත්සාහය තරමට ලැබීම් ඇති වේ.
රැකී රක්‍ෂා
ශුභයි. ඒ නමුත් හදිසි තිරණ වලින් ඇත් වී කටයුතු කිරීම යහපත්ය. රැකියා බලාපොරොත්තුව සිටින අයට අගෝස්තු අවසානයෙන් පසුව රැකියා ලැබෙන කාලවකවානුවකි. රැකී රක්‍ෂාවල නියුතු වූවන්ට උසස් වීම් පිළිබඳ අදහසක් ඇත්නම් එයද ඉෂ්ට වීමට ඉඩ කඩ ලැබේ.
සෞඛ්‍ය
වා, පිත්, සෙම් කිපීමෙන් සෙම් රෝග බහුල විමත් උෂ්ණ රෝග අතරින් අර්ශස් රෝග බහුල විම පෙන්නුම් කෙරේ. ඒ බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.
ජය අංකය - 7-9,
ශුභ දින - බදාදා, සිකුරාදා
ශුභ වර්ණ - නිල්,
ශුභ මැණික් - නිල් මැණික්

කුම්භ

මැණික් වාසනා ලග්නාධිපති ශනි උච්චව භාග්‍යස්ථානයේ ගමන් කරයි. 3 හා 10 වැන්න අධිපති කුජ 7 වැන්නේද 5 හා 8 අධිපති බුද ධනස්ථානයේද 4 හා 9 අධිපති සිකුරු සමඟ කේතු ගෘහස්ථානයේ සිටියි. සමස්තයක් වශයෙන් ගත් කල ශුභ ඵල ගෙන දෙන වසරක්ය.
යම් යම් ග‍්‍රහ බලයන් නිසා පීඩන ගැටලූ මතු වුවත් අතිශයින්ම වාසි ගෙන දෙන ලග්නයකි.
ධනය
මෙම වසර ලැබීම් අතින් යහපත්ය. ලොතරැයි වාසනා, මැණික් වාසනා වැනි දේ ද උරගා බැලීමට සුදුසු කාලයකි. නව ආදායම් මාර්ග සේම ව්‍යාපාර කටයුතු වලින්ද වාසි ගෙන දෙන වසරක්ය.
රැකීරක්‍ෂා
බලාපොරොත්තුවන රැකියා උසස් වීම්, නව රැකියා ලැබීම්, ආදියට මෙම වසර ශුභ දායකයි. රැකියා ස්ථානයේ ප‍්‍රධානීන්ගේ ප‍්‍රශංසා ලැබෙන වසරක්ය. රැකියා ස්ථානය ශුභ වේ. විදේශ රැකියා වලට පවා වසනාව හිමි වසරක්ය.
සෞඛ්‍ය
පිත් කෝපය නිසා හට ගන්නා රෝග කාරක හා උෂ්ණාධික චර්ම විපර්යාසවලට මුහුණ දීමට සිදුවේ. ප‍්‍රවේශම් වන්න.
ජය අංක 1-5-9,
ජය වර්ණ - දම් පාට,
ජය දින- බ‍්‍රහස්පතින්දා - සෙනසුරාදා,
ජය මැණික් - නිල්

මීන

සාර්ථක විදෙස් ගමන් ලග්නාධිපති ගුරු ධනස්ථානයේ රවි සමඟ ගමන් කරයි. 11 හා 12 අධිපති ශනි උච්චව මාරකස්ථානයේ ද 2 හා 8 අධිපති සිකුරු සමග කේතු වික‍්‍රමස්ථානයේ ද සිටියි. මෙම වසර මිශ‍්‍රඵල ගෙන දෙන වසරක්ය. ග‍්‍රහ බලපෑම අනුව හුදකලාවීම් වැනි දේ වලට මුහුණ දීමට සිදු වේ.
ධනය
තැන්පත් ධනය ඉතිරි කරගත හැකි නමුත් අමතර මුදල් ලැබීමක් මේ වසරේ පෙන්නුම් නොකරයි. එදිනෙදා අවශ්‍යතාවන් සඳහා යම් තරමක ලැබීම් ඇත. ව්‍යාපාර වලින් සිතු තරම් ලාභ නොලැබෙන නිසා නව ව්‍යාපාර වලට යොමු වීම ශුභ නැත.
රැකී රක්ෂා
ස්ථානය ශුභ වේ. රැකියා උසස් වීම් බලාපොරොත්තු නම් ඉටු වේ. නව රැකියා ලැබීම් හිමිය. විදෙස් ගමන් වාසනා ඇත.
සෞඛ්‍ය
යහපත්ය, සාමාන්‍ය සෙම් රෝග, බඩ අජීර්ණ වැනි රෝග වලට මුහුණ දීමට සිදුවේ.
ජය අංකය 3-5-9,
ජය වර්ණ - කහ, රතු,
ජය දින - අගහරුවාදා, බ‍්‍රහස්පතින්දා,
ජය මැණික් - පුෂ්පරා

Devamını oku...

පිරිමි හැඟීම්, දැනීම්, ගැහැණු හැඟීම්, දැනීම්

එක්තරා දවසක මට පොලේදී කාන්තාවන් දෙදෙනෙක් අතර කතාබහක් අසන්නට ලැබුණි. “ඔබේ පුරුෂයා ඔබට කතාකරනවද?” අනෙක් කාන්තාවගේ පිළිතුර වුයේ, “අපොයි ඔව්, එයා රෑ කෑමට මොනාද කියලා අහන්න ඕනේ නේ!”
මෙය සාමාන්‍ය තත්වයක් බව මම අත්දැකීමෙන් දනිමි. බොහොමයක් පුරුෂයින්ට හැඟීම් හා සම්බන්ධ කුමන දෙයක් හෝ තම සහකරුවා සමග කතාකිරීම අපහසු කාර්යකි. ඇත්ත තත්වය නම, පුරුෂ පක්ෂය හැඟීම් වලට බිය වීමයි. ඔවුන් දැනීමට වඩා සිතීම ප්‍රිය කරයි. බොහොමත්ම විටදී, බොහොමත්ම පුරුෂයින් තමන්ට හැගෙන්නේ කුමක්දැයි නොදනී.
පුරුෂයින් එක වරකට සිතීම හෝ හැගීම කරනමුත් කාන්තාවන් සිතීම සහ හැගීම එකවිට සිදුකරයි. ඉතින් මේ නිරීක්ෂණයට අනුව පුරුෂයින් තමන් සිතන දේ තමා තුලම තබා ගැනීමට උත්සහ කිරීම පුදුමයක් නොවේ. පුරුෂයින්ට සාපේක්ෂව ඔවුන්ගේ ආදරය ප්‍රකාශ කල පසු, යලිත් කතා කිරීමට අවශ්‍ය වන්නේ අවස්ථා තුනකදී පමණකි. ලිංගිකත්වය, මුදල් සහ වෙන්ව යාමට යන අවස්ථා ත්‍රිත්වය සඳහායි.
ඒ අනුව තමන්ගේ කාන්තාව කතා කිරීමට අවශ්‍ය යයි පවසද්දී පුරුෂයා තමන්ට එක විට සිතීමට සහ හැඟීමට සිදුවන බව අවබෝධ වෙයි. මෙය ඔහුට අභියෝගයකි. බොහොමයක් පුරුෂයින් කතා කිරීමට මැලි කමක් දැක්වීම මෙයින් අවබෝධ කරගත හැක. බොහෝවිට පුරුෂයින්ට මෙය තමන්ගෙන් ජිවය ඉවත් වන්නා සේ දැනේ.
බොහෝවිට පුරුෂයා කතා කිරීමට අවශ්‍ය යයි පැවසු විට එයින් ගම්‍ය වන්නේ “ඔබ සති අන්තයේ කරන්නේ කුමක්ද?” වැනි ප්‍රශ්නයකි. නමුත් කාන්තාවක් කතා කිරීමට අවශ්‍ය යයි පැවසු විට පුරුෂයින්ට හැඟෙන්නේ යම තැනක යම දෙයක් වැරදි ඇති බවයි. ඔවුන් බොහෝවිට “අය්යෝ ඒ පාර මම මොකක්ද කලේ?” යන ප්‍රශ්නය සිතින් අසාගනී. තමන්ගේ සම්බන්ධයට තර්ජනයක් එල්ල වී ඇති බව සිතයි. පුරුෂයින් තේරුම් ගත යුතු දෙය නම්, කාන්තාවක් කතා කිරීමට අවශ්‍ය යයි පැවසු විට ඇය කියන්නේ ඇයට තවත් ඔබට සමීප වීමට අවශ්‍ය බවයි. නමුත් ඔබ සිතන්නේ යමක් වැරදි ඇති බවයි.
මේ තත්වයට හේතු වන තවත් කරුණු කිහිපයක් තිබේ. උදහරනයක් ලෙස, කාන්තාවන් සාමාන්‍යන් පිරිමින් මෙන් දෙගුණයක් කතා කරයි. ඔවුන් මිනිත්තුවකට වචන 250ක් පමණ කතා කරන අතර පිරිමින් කතා කරන්නේ මිනිත්තුවකට වචන 125 පමණි. දවස පුරාවට කාන්තාවන් වචන 25000ක් පමණ කතාකරන අතර පුරුෂයින් කතා කරන්නේ 12000ක් පමණි. ඒ අනුව පුරුෂයින් කතා කිරීමට අකමැති තව හේතුවක් වන්නේ බොහෝ කාන්තාවන්ට ඔවුන්ව කතා කර පරාජය කල හැකි වීමයි.
තවත් කාරණයක් වන්නේ කාන්තාවන් ඉක්මනින් කතකිරීමයි. ඔවුන් උද්යෝගයට පත්වූ විට තමන්ගේ පුරුෂයාට වඩා වේගයෙන් කතා කිරීමත්, ඔහු නිවැරදි වචනය සොයන අතරමැදදී ඔහුගේ කතාවට බාධා කිරීමත් සිදුවේ. මෙය සිදු වූ විට පුරුෂයා අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකි. ඒ ඔහුට  තමා  කියන්නට සිටි දේ අමතක වීම හෝ, තමා පරාජයට පත්වූව වැනි හැඟීමක් ඇති වීමයි. පුරුෂයින්ට හැඟීම්බර කතා බහකදී හැඟීමකට සරිලන වචනයක් ඉදිරිපත් කිරීම අපහසු කාර්යක් වන අතර බාධාවක් ඇතිවූ විට යලිත් මුල් කතාබහට එලබිමත් ඔවුන්ට සෑහෙන අභියෝගයක්.
ඉතින් තමන්ගේ සහකරුවා සිතන විදිහ අවබෝධ කරගැනීම ඕනෑම සම්බන්ධයකදී අත්‍යාවශ්‍ය වේ. උක්ත තත්වය හඳුනා ගත පසු කතා කිරීම දෙපර්ශවටම පහසු වේවි යයි මාගේ විශ්වාසයයි.

සැලකිය යුතුයි: මෙම ලිපිය පරිවර්තනයක් පමණි. නිර්මාණයේ අයිතිය කතෘ සතු වේ. [මුල් ලිපිය]
Devamını oku...