ආදරය »
Source : Kajuwaththa Eksath
Devamını oku...
කොල්ලන් ගැන කරුණු 50ක්
1.ඉගි බිගි පාන විසේකාර කෙල්ලන්ට කොල්ලන් කැමති නැත
2.කොල්ලන් හැමවිටම ලස්සන කෙල්ලන් සොයන්නේ නැත. චාම් පිලිවෙලකට සිටින තමා ගැන ආත්ම විශ්වාසයක් ඇති කෙල්ලන්ට ඔවුන් වඩා කැමතිය.
3.මොහොතකට කෙල්ලෙකුට කැමති වී ඉන් පසු ඇයව අමතක කිරීම කොල්ලෙකුට පහසුය.
4.ප්‍රසිද්දියේ නැතත් රහසින් කොල්ලෝ අඩයි.
5."මට ඔයා කියන දේ තේරෙන්නේ නෑ" කොල්ලෝ මෙහෙම කියන එකෙන් තේරෙන්නේ කෙල්ල කොල්ලගේ විදියට හිතන්නේ නෑ කියන එකයි.
6.දවස පුරා වෙනත් කෙල්ලෝ එක්ක ඉගි බිගි පෑවත් රෑ නිද ගන්න කලින් තමන් ඇත්තටම ආදරේ කරන කෙල්ල ගැන කොල්ලෝ හිතනවා.
7.කොල්ලෝ තමන්ගේ අම්මාට ගොඩාක් ආදරෙයි
8.කෙල්ලෝ තමන්ගේ කලින් පෙම්වතුන් ගැන කතා කරනවාට කොල්ලෝ කැමතිම නැත.
9.කෙල්ලත් එක්ක කියන්න ගොඩක් දේවල් හිතේ තිබුනත් ඒවා කියා ගන්න කොල්ලොන්ට බෑ,නමුත් ඒවා කියා ගන්න ධෛර්ය ගන්න පුලුවන් පොඩි ෂොට් එකක් දා ගත්තම.
10.කොල්ලොන් ගේ හැගීම් ඇවිස්සෙන විදියේ කතා විහිලුවටවත් කියන්න එපා!!!
11.කෙල්ලෝ තරම් කොල්ලෝ සිහින මවන්නේවත් හිතේ බලාපොරොත්තු තියාගෙන ඉන්නේවත් නෑ.
12.තමාව ප්‍රතික්ෂේප කල කෙල්ලව කෙසේ හෝ ලබා ගැනීමට කොල්ලෝ උත්සාහ කරයි එනම් කෙල්ලෙක් වෙතින් වන පරාජය පිලි ගැනීමට කොල්ලෙක් කැමති නැත.
13.තමන් කැමති කෙල්ලගෙන් ලැබෙන සිනහවක් වෙනුවෙන් කොල්ලෙක් නොකරන දෙයක් නැත.
14.අනෙක් කෙල්ලන් සමග ඉගි බිගි පෑමේදී ඉතා මුඛරි වන මුත් තමා සැබෑවටම කැමති කෙල්ල සමග කතා කිරීමේදී කොල්ලෝ ගොත ගසයි.
15.කොල්ලෙකුගෙ න් කෙල්ලෙක් උදව්වක් ඉල්ලීමේදී "ම්ම්ම්....." ලෙස පවසන්නේ නම් හෝ වෙන්ත් නිදහසට කරුනක් කියන්නේ නම් ඉන් අදහස් වන්නේ ඔහු ඇයට අකමැති බවයි.
16.කෙල්ලෙක් "බෑ" කී විට කොල්ලෙක්ට එය ඇසෙන්නේ "හෙටත් අහන්න" කියන්නාක් මෙනි.
17.කොල්ලෙකුගෙන් යමක් ඉල්ලීමේදී වෙනත් දෙයක් තේරුම් ගැනීමට පෙර කෙල්ලට අවශ්‍ය කුමක්දැයි හරියටම කීම අවශ්‍ය වේ
18.කෙල්ලට සුලු තෑග්ගක් මිලදී ගැනීමට තම දිවා ආහාරය සදහා වන මුදල් වියදම් කිරීම කොල්ලෙකුට පහසු දෙයකි
19.කොල්ලෙකුට සවන් නොදී ඔහුව තේරුම් ගැනීමට නොහැක
20.ප්‍රවේශම් වන්න..කෙල්ලන්ට වඩා සිය දහස් ගුණයක් වේගයෙන් ආරංචි පැතිරවීමේ හැකියාව කොල්ලන් සතුය
21.කොල්ලන් ගේ දුර්වල ස්ථානය කෙල්ලන් ය
22.තමන් ගැන කොල්ලන් බෙහෙවින් විවෘතය
23.කොල්ලෙක්ව විශ්වාස කිරීමට පෙර ඔහුව පරීක්ශා කිරීම සුදුසු නමුත් වැඩි කාලයක් ඔහුව ප්‍රමාද කිරීම නොකල යුතුයි.
24.සැබෑ ලෙසම ආදරය කරන විට කිසිම කොල්ලෙක් නරක නොවේ.
25.තමන් කැමති කෙල්ල ලස්සන නොවූවත් කොල්ලන් ඇයව වර්ණනා කරයි.
26.කොල්ලෙක් ඔහුගේ ප්‍රශ්ණ ගැන කෙල්ලෙක් සමග කියනවා නම් ඔහුට අවශ්‍ය ඔහුගේ ප්‍රශ්ණ වලට නිහඩව සවන් දීම මිස උපදෙස් නොවේ.
27.කොට ඇදුම් අදින කෙල්ලන්ට වඩා නුවනැති කෙල්ලන්ට කොල්ලන් කැමතිය.
28.කෙල්ලන් පවසන රහස් රැකීමට කොල්ලන්ට නොහැකිය.
29.කොල්ලන් ගොඩක් ගැඹුරට සිතයි.
30.කෙල්ලෙකුගේ උස කොල්ලෙකුට ප්‍රශ්ණයක් නොවන නමුත් ඇයගේ බර ඔහුට ලොකු ප්‍රශ්ණයක වේ.
31.තම මිතුරන් සමග සිටින විට කොටියෙක් වැනි නමුත් තම පෙම්වතිය සමග සිටින විට බොහෝ කොල්ලන් පූස් පැටියන් මෙනි.
32.කොල්ලන්ට අවසන් තීරණ නොමැත.
33.කොල්ලෙක් බැරෑරුම් ලෙස කතා කරනවා නම් ඔහුට හොදින් සවන් දෙන්න.
34.කෙල්ලෙක් තමන්ට කැමති බව දැන ගත්තත් එය ඇය ඔහුට කියන තෙක් ඔහු එය විශ්වාස නොකරයි.
35.කොල්ලන් පරිඝණක ක්‍රීඩා සහ ක්‍රිකට් තරග වලට කාලය වැය කරන්නේ කෙල්ලන් ආදරණීය නවකතා කියවීමට සහ රූපලාවන්‍ය කටයුතු සදහා කාලය වැය කරනවා මෙනි.
36.ඉවුම් පිහුම් කටයුතු දන්න කෙල්ලන්ට කොල්ලන් කැමතිය.
37.ඔබට පිටතින් පෙනෙනවාට වඩා ප්‍රශ්ණ රාශියක් කොල්ලෙකුට ඇත.
38.කොල්ලෙකු පිලිබද සියලුම දේ ඔහුගේ හොදම යහලුවා දනී.
39.මාතෘකාව කෙල්ලන් ගැන නම් කොල්ලන් කෙල්ලන්ට වඩා මුඛරිය.
40.ප්‍රශ්ණයක් පැමිනි කල කොල්ලෙකු නිශ්ශබ්ද වන අතර ප්‍රශ්ණයට විසදුමක් නිහඩව කල්පනා කරයි.
41.කොල්ලෙක් පලමු වර කෙල්ලෙකුට වංචා කර සසු වූ විට තව වාරයක් ඉල්ලයි නම් එය ලබා දෙන්න ඔහු දෙවන වරටත් වංචා කල හසු වූ විට තවත් වාරයක් ඉල්ලයි නම් ඔහුව අත් හරින්න.
42.කොල්ලන් ඉගෙන ගන්නේ සැබෑ අත්දැකීම් වලිනි...කෙල්ලන් මෙන් තමා නරඹන ආදරණීය චිත්‍රපටි සහ කියවන ආදරණීය නවකතා තම අත්දැකීම් වල මූලය කර ගන්නේ නැත.
43.කෙල්ලෙකු ඉදිරියේ කොල්ලෙකු අඩනවා නම් ඉන් අදහස් වන්නේ ඔහු සත්‍ය වශයෙන්ම දුකෙන් සහ සිත් වේදනාවෙන් සිටින බවයි.
44.කොල්ලෙක් ආදර සම්බන්ධයක් පවත්වන්නේ සැබෑවටම නම් කෙල්ලට වඩා කොල්ලා කෙල්ලට ආදරය කරයි.
45.කොල්ලන් එකතු වූ විට වැඩියෙන්ම කතා කරන මාතෘකා නම් පරිඝණක,ක්‍රීඩා,දේශපාලනය සහ කෙල්ලන්.
46.පිටතට කදුලු නොගැලුවත් කොල්ලන් හදවතින් කෙල්ලන් තරමටම හඩයි.
47.කෙල්ලෙක් කොල්ලෙක්ට බොරුවක් පවසා එය හසු වූ විට යලි කවරදාවත් ඔහු ඇයව විශ්වාස නොකරයි.
48.කෙල්ල තමාව අගය කරනවාට කොල්ලන් බෙහෙවින් කැමති වේ.
49.කොල්ලන් වැනි කෙල්ලන්ට කොල්ලන් කැමතිම නැත.
50.තමන් කෙල්ලට දුන් තෑග්ගක් කෙල්ල අගය කරනවා දැකීමට කොල්ලන් බෙහෙවින් කැමති වේ.
Source : Kajuwaththa Eksath
ආදරය »
1. දෙදෙනාම එක විට තරහ ගන්න එපා. එක් අයෙක් තරහ වූ විට ඔහු හෝ ඇය සන්සුන් වෙන තෙක් නිහඬව සිටින්න. දෙදෙනාම එකවිට තරහා ගැනීමෙන් සිදුවන්නේ ප්රශ්නය දුර දිග යාම පමණි.
2. කිසිවිටක එකිනෙකා සමග බහින්බස් වෙන්න එපා. චෝදනා කරන්නට යන්නත් එපා. සුහදව කතාබස් කර ප්රශ්නය විසඳාගන්න.
3. එක් අයෙකුට දිනීමට අවශ්‍ය නම් ඔහුට හෝ ඇයට ඊට ඉඩ දෙන්න. ඔබටත් දිනීමට පසුව අවස්ථාවක් ලැබෙයි.
4. ඔබට ඔහුව හෝ ඇයට විවේචනය කිරීමට අත්‍යවශ්‍යම නම් එම විවේචනය ආදරණීය ලෙසට සිත නොරිදෙන අයුරින් කිරීමට මතක තබා ගන්න.
5. අතීතයේ සිදුවූ වැරදි යළිත් මතක් නොකර සිටීමට පුරුදු වන්න.
6. මුලු ලොවම ගැන අමතක කරත් එකිනෙකා ගැන හැම විටම මතකයේ තබා ගන්න.
7. විසඳා නොගත් ප්‍රශ්න සමග කිසිවිටක නින්දට නොයන්න.
8. දිනකට අඩුම තරමේ එක් වතාවක් ඔහුට හෝ ඇයට කරුණාවෙන් සහ ආදරයෙන් වචන කිහිපයක් හුවමාරු කරගන්න. දරුවන් සිටීම මෙයට බාධාවක් කර නොගන්න.
9. ඔබ අතින් වැරදි යමක් සිදුවූවා නම් වරද පිළිගෙන ඔහු හෝ ඇයගෙන් වරදට සමාව අයදින්න. ඔබ පිරිමියකු වුවත් ඇගෙන් සමාව ඉල්ලීම නින්දාවට හෝ ලජ්ජාවට කරුණක් නොවන බව වටහා ගන්න.
10. රණ්ඩුවකට සැම විටම දෙදෙනෙක් හෝ වැඩි පිරිසක් අවශ්‍ය බව සිහිතබා ගන්න. දෙදෙනාගෙන් එක් අයෙකුවත් ගැටුමට යොමු නොවීමෙන් ගැටලු ඇති වීම අවම කරගැනීමට පුලුවන් බව සිතට ගන්න.
ඔන්න ඔය කරුණු ටික සිහි තබා ගන්න පුලුවන් නම් ඔබගේ විවාහ දිවියත් සුන්දරත්වයෙන් පිරි එකක් වනවා නිසැකයි.
Devamını oku...
සාර්ථක විවාහ දිවියකට උපකාරී වන කරුණු 10 ක්
1. දෙදෙනාම එක විට තරහ ගන්න එපා. එක් අයෙක් තරහ වූ විට ඔහු හෝ ඇය සන්සුන් වෙන තෙක් නිහඬව සිටින්න. දෙදෙනාම එකවිට තරහා ගැනීමෙන් සිදුවන්නේ ප්රශ්නය දුර දිග යාම පමණි.
2. කිසිවිටක එකිනෙකා සමග බහින්බස් වෙන්න එපා. චෝදනා කරන්නට යන්නත් එපා. සුහදව කතාබස් කර ප්රශ්නය විසඳාගන්න.
3. එක් අයෙකුට දිනීමට අවශ්‍ය නම් ඔහුට හෝ ඇයට ඊට ඉඩ දෙන්න. ඔබටත් දිනීමට පසුව අවස්ථාවක් ලැබෙයි.
4. ඔබට ඔහුව හෝ ඇයට විවේචනය කිරීමට අත්‍යවශ්‍යම නම් එම විවේචනය ආදරණීය ලෙසට සිත නොරිදෙන අයුරින් කිරීමට මතක තබා ගන්න.
5. අතීතයේ සිදුවූ වැරදි යළිත් මතක් නොකර සිටීමට පුරුදු වන්න.
6. මුලු ලොවම ගැන අමතක කරත් එකිනෙකා ගැන හැම විටම මතකයේ තබා ගන්න.
7. විසඳා නොගත් ප්‍රශ්න සමග කිසිවිටක නින්දට නොයන්න.
8. දිනකට අඩුම තරමේ එක් වතාවක් ඔහුට හෝ ඇයට කරුණාවෙන් සහ ආදරයෙන් වචන කිහිපයක් හුවමාරු කරගන්න. දරුවන් සිටීම මෙයට බාධාවක් කර නොගන්න.
9. ඔබ අතින් වැරදි යමක් සිදුවූවා නම් වරද පිළිගෙන ඔහු හෝ ඇයගෙන් වරදට සමාව අයදින්න. ඔබ පිරිමියකු වුවත් ඇගෙන් සමාව ඉල්ලීම නින්දාවට හෝ ලජ්ජාවට කරුණක් නොවන බව වටහා ගන්න.
10. රණ්ඩුවකට සැම විටම දෙදෙනෙක් හෝ වැඩි පිරිසක් අවශ්‍ය බව සිහිතබා ගන්න. දෙදෙනාගෙන් එක් අයෙකුවත් ගැටුමට යොමු නොවීමෙන් ගැටලු ඇති වීම අවම කරගැනීමට පුලුවන් බව සිතට ගන්න.
ඔන්න ඔය කරුණු ටික සිහි තබා ගන්න පුලුවන් නම් ඔබගේ විවාහ දිවියත් සුන්දරත්වයෙන් පිරි එකක් වනවා නිසැකයි.
කොල්ලෙක් විසින් කෙල්ලට නොකල යුතු දේවල් 20ක්
2. එයාව අපහාසයට පත්වෙන කතා කියන්න එපා. මේ කියන්නේ විහිළු කරන එක ගැන නෙවෙයි, විහිළු අවුලක් නෑ.
3. වෙන කෙල්ලොන්ට පැණි හලන්න යන්න එපා. මෙහෙම කළාම කෙල්ලට ඔයාව වැඩිපුර ඕනේ වෙයි කියල හිතන්න එපා, ඒකෙන් වෙන්නේ එයාට ඔයව හොඳටම එපා වෙන එකයි.
4. කවදාවත් කෙල්ලට වංචා කරන්න එපා. කවදාවත් බේරෙන්න හම්බවෙන්නේ නෑ.
5. ඉටු කරන බැරි පොරොන්දු වෙන්න එපා. කරන්න බැරි නම් නොකියා ඉන්න එක වඩා හොඳයි.
6. ආදරෙයි කියනකොට අවංකවම කියන්න. ඔයා ආදරෙයි කියන්නේ ඇත්තටමද කියන එක එයාට හොඳට තේරෙනවා.
7. බොරු කියන්න එපා. කෙල්ලෙක්ට කවදාවත් අහුනොවෙන බොරුවක් කියන්න බෑ. ඔයාගේ මූණට නොකිව්වත් ඔයා කියන්නේ බොරුවක් කියල එයා දන්නව, ඒ නිසා බොරු කියන්න නම් හිතන්නවත් එපා.
8. වැරැද්දක් වුනොත් ඒක පිළිගන්න ලැජ්ජවෙන්නවත් ඒ වැරැද්ද ප්‍රතික්ශේප කරන්නවත් එපා.
9. එයාට බලකරන්න එපා. එයා එක්ක කරන්න ඕනේ දෙයක් එයා කැමති නම් කරාවි, ඒ දේ කරන්න කියල බලකරන්න එපා.
10. වෙන කෙල්ලෝ ගැන එයා එක්ක කියවන්න යන්න එපා. අනික් කෙල්ලෝ ගැන කිසිම වර්ණනාවක් තමන්ගේ කෙල්ල එක්ක කියන්න යන්න එපා.
11. පරණ පෙම්වතියෝ ගැන කියවන්න යන්න එපා. ඔයා එයාලගේ හොඳ කිව්වොත් කෙල්ල හිතන්නේ ඔය එයාලට තාම කැමතියි කියල, එයාලගේ නරක කිව්වොත් කෙල්ල හිතන්නේ එයාටත් කවදහරි අහන්න වෙන්නේ ඔය ටිකම තමයි කියලා.
12. කිසි දෙයක් එයාගෙන් හංගන්න හදන්න එපා. එයා අනිවා එක ගැන හොයගන්නව, ඒ නිසා එයත් එක්ක රහස් තියගන්න එපා.
13. එයාගේ යාළුවෝ ඉස්සරහදි නරක විදියට හැසිරෙන්න එපා. කෙල්ලෙක් කවදාවත් තමුන්ගේ කොල්ල නරක කෙනෙක් කියල යාළුවන්ට හිතෙනවට කැමති නෑ
14. ඔයාගේ අතින් වුන වැරද්දක් එයාගේ පිටට දාල ගැලවෙන්න හදන්න එපා. ඒක ප්‍රශ්න දෙගුණ කරාවි.
15. එයාට කේන්ති ගිහිල්ල ඉන්නව නම් ඇයි කියල හොයල බලන්න. ඔයාගෙන් වැරැද්දක් වෙල නම් වැරැද්ද පිලිගන්න.
16. එයාව අතහැරල දානව කියල විහිළු කරන්න එපා. ඒක විහිළුවක් කියල එයාට කියන්නත් කලින් එයා ඔයාව අතහැරල දමාවි
17. එයා සාධාරණ හේතුවකට තරහ ගත්තම එයාට දොස් කියන්න එපා.
18. එයා නැති තැන්වලදි වෙන වෙන කෙල්ලන්ව ඕනවට වඩ ඇසුරු කරන්න යන්න එපා. එයා ඔයාව කොච්චර විශ්වාස කලත් එයාට දුක හිතේවි
19. නිදහසට බොරු හේතු කියන්න එපා. වැරැද්දක් වුනා නම් කෙලින්ම වැරැද්ද පිළිගන්න, බොරු නිදහසට හේතු කියන්න යන්න එපා
20. ඔයාට කේන්ති ගියා කියල එයාට කැත විදියට බනින්න එපා.
සූදු සූදුසූය
"අවමංගල අවස්ථාවට මෙන්ම මංගල අවස්ථාවටත් එකසේ ගැළපෙන සූදු වර්ණය දවසේ ඕනෑම වෙලාවකට සූදුසූය."
"මේ වන විට ලෝකයේ ජනප්‍රියම විලාසිතා වර්ණය වී තිබෙන්නේ සූදුපාටයි"
පාටකින් යම් සූන්දරත්වයක් ලබා දෙනවා වගේම ඇතැම් හැඟීම් ප්‍රකාශ කරන්නත් පාට
උපයෝගි වෙනවා. අද සමාජයේ වෙනස් වෙන විලාසිතා ලෝකයෙත් වැඩි අවධානයක් ලබා
ගන්න සූදුවර්ණය සමත්වෙලා කිව්වොත් එහි වරදක් නැහැ. අද අපි කතා කරන්න
බලාපොරොත්තු වෙන්නේ විලාසිතා ලෝකය තුළ සූදු වර්ණයේ යොදා ගැනීම ගැනයි.
සූදු වර්ණය සාමය සංකේතවත් කරන වර්ණය වෙනවා. සූදු පැහැයෙන් සැරසී සිටින ඕනෑම
වයසක, ස්තී‍්‍ර, පූරුෂ දෙපක්ෂයම නෙත ගැටීමෙන් අපට දෑනෙන්නේ ප්‍රසන්න
හැඟීමක්.
විශේෂයෙන්ම එදා සිට අද දක්වාම අඛණ්ඩව මංගල වැනි සූබ කටයූතුවලට මෙන්ම අවමංගල
වැනි කටයූතුවලටත් සමසේ යොදා ගන්නා එකම පැහැය වෙන්නේ සූදු වර්ණයයි.
මේ දශකය වන විට ලෝකයේ අතිශයින් ජනප්‍රිය විලාසිතා වර්ණය ලෙස හඳුන්වන්නේ
සූදුපාට. සූදු පැහැති ඇඳුමකට මෙන්ම සරියකට, ෂර්ටි එකකට ඃ ටී ෂර්ටි එකකට
වෙනත් ඕනෑම පැහැයක් භාවිත කරමින් විලාසිතා ඉදිරිපත් කළ හැකි අවකාශය වැඩියි.
සූදුපාට දවසේ ඕනෑම කාලයක ඇඳීමට සූදුසූයි. සූදු පැහැති ඇඳුම්වලට වඩාත් ගැළපෙන්නේ රිදී පැහැති ආභරණයි.
දකුණූූ ආසියාතික රටවල් වශයෙන් හඳුන්වන අපේ රටෙි ජීවත් වෙන මිනිසූන්ට
තිබෙන්නේ තලෙළු සමක්. එවැනි සමක් ඇති යූවතියක් මංගල දිනය සඳහා ඇඳුම් තෝරා
ගැනීමේදී සූදු වර්ණය තෝරා ගැනීම එතරම් සූදුසූ නැහැ. ඔවූන්ට බොහෝ විට
ගැළපෙන්නේ රන්වන් පාට වර්ණයන්.
මංගල ගමන සඳහා සූදු වර්ණය තෝරා ගත යූත්තේ ඇගේ සම තදින් අල්ලා තද කළ විට රත්
පැහැ වන සමක් ඇති යූවතියන්ට පමණයි. පාරම්පරික උඩරට මනාලියට වූවත් සූදු
පැහැති ඇඳිය යූතු යැයි නීතියක් නැහැ.
අද තරුණ පරපූර ගැහැනූ පිරිමි භේදයකින් තොරව සූදු පැහැය ඇඳුම්, පාවහන්, බෑගය
ආභරණ තෝරා ගැනීම ඔවූන් තුළ රැඳී සූන්දරත්වය වඩාත් ඉස්මතු කරන්න සමත්
වෙනවා.
එමෙන්ම සූදු පැහැය ඇඳිමෙන් සිත සන්සූන් වෙනවා. ඒ නිසයි අපි පන්සලට පල්ලියට
සූදු පැහැති ඇඳුම් අඳින්නේ. මෙයින් සිත තුළ සන්සූන් හැඟීම් වර්ධනය වෙනවා
වගේම ඕනෑම පූද්ගලයෙක් සම තත්ත්වයට පත්වෙනවා. මේ නිසයි පාසල් නිල අඳුමට,
රටෙි ජාතික ඇඳුමට සූදු පැහැය යොදා ගන්නේ.
අපේ රටෙි කිසිදු වයස් භේදයකින් තොරව උස් පහත් බවෙන් තොරව ලිංග භේදයෙන් ද තොරව සූදු පැහැති ඇඳුමින් පැළඳුමෙන් සැරසිය හැකියි.
මේ වන විට අපේ රටෙි පවතින අධික උෂ්ණ පරිසරයටත් සූදු පැහැති කපූ ඇඳුම් වඩාත්
උචිතයි. සූදු පැහැති ඇඳුම් ආලෝකය පරාවර්තනය කරන නිසා එහි උචිතභාවය
විද්‍යාත්මක වූවත් අපට ඔප්පූ වෙනවා.
මංගල සාරිය තෝරා ගැනීම
මංගල සාරියක් තෝරා ගැනීමේදී සැළකලිමත් විය යුතු වැදගත්ම කරුණ නම් තමන්ට ඒ සඳහා වැය කල හැකි මුදල් ප්‍රමාණයයි.
ඉන්පසු සමේ වර්ණය, උස ප්‍රමාණය, මංගල උත්සවය පැවැත්වෙන්නේ උදේද, සවසද, රාත්‍රියේද යනවග, තමන්ගේ උස, මහත, එනම් ශරීරයේ ස්වභාවය ගැන සැලකිලිමත් විය යුතුය.
ඔබේ රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය සමඟ සාරිය තේරීමට යන්න.
- ඇතැම් යුවතියන් මංගල සාරිය තේරීමට රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනියට අමතරව තම මව, මනාලයා, ඔහුගේ මව, ඔහුගේ සොයුරියන් වැනි කාණ්ඩයක්ම සමඟ යයි. මෙහිදී එක් එක් අයගේ රුචිකත්වයද බලපාන බැවින් නිදහසේ නිවැරදිව සාරියක් මිලදී ගැනීමට ඇති අවස්ථාව ගිලිහී යයි.
- ඔබ සමඟින් රූපලාවන්‍ය ශිල්පියා, ඔබේ මව හා මනාලයා යෑම හොඳටම ප්රමාණවත්ය.
- සිරුර මහත අයෙකුට නම් නෙට් ඉටැලියන් සිල්ක් වැනි ඇඟට ස්වභාවයකින් යුත් සාරි ගැලපේ.
- මෙවන් අයෙකුට ලොකු බෝඩර සහිත සාරි,පිම්බෙන ආකාරයේ සාරි මෙන්ම වඩාත් ඉස්මතු වන ආකාරයෙන් වැඩ දැමූ සාරිද නොගැලපේ.
- වඩා උස් නැති කුඩා සිරුරක් ඇති අයෙකුට නම් උස පෙන්නුම් කරන ආකාරයෙන් බෝඩර් ඇති සාරි ගැලපේ.
- සිහින් සිරුරැති අයට ඔගන්සා, බ්‍රොකේඩ්, මනිපූරි වැනි සාරි සුදුසුය.පැහැයෙන් අඩු අයට පීච් පාට අයිවරි කලර්, රන් පැහැය වැනි වර්ණ ගැලපේ.පැහැපත් සිරුරැති මනාලියට සුදු පැහැය වඩාත් සුදුසුය.
- මංගල සාරියක වටිනාකම මනාව ඔප් නැංවෙන්නේ එය හැඩවැඩ කර ඇති අන්දම නොහොත් වර්ක් එක අනුවය.
- සාමාන්‍යයෙන් සාරි වැඩදැමීමට ගන්නේ ස්ටෝන්, ත්‍රෙඩ්, සීකුවින්ස් හා මිරර් කැබලි යන ඒවාය. එහෙත් ඒවායේ ඇති වටිනාකම අනුව සාරියේ වටිනාකම ඉහල යයි.
- ස්ටෝන් කියූ විට දියමන්තිද අයත් වේ. මේවායේ මිල ඉතාම අධිකය. සොරොස්කි, ස්ටෝන්, පර්ල් ස්ටෝන්ද වටිනාකමින් වැඩිය.
- ඒවා යෙදූ විට සාරියේ පෙනුමද ඉහලය. එහෙත් සාමාන්‍යයෙන් ප්ලාස්ටික් ස්ටෝන් වලින් වැඩදැමූ සාරි වැඩි වශයෙන් දක්නට ලැබේ. මේවා වෙළඳපොලේ රු:11,000 සිට රු:25,000 දක්වා මිලකට ලබාගත හැකිවේ. සොරොස්කි ස්ටෝන් වලින් වැඩ දැමූ සාරි රු:27,000 සිට ඉහලට වර්තමාන වෙළඳපොලේ දැකගත හැකිය.
- ඔබ නිර්මාණශීලී හැකියාවක් ඇති යුවතියක් නම් අඩු වටිනාකමක් ඇති සාරියකට වුවත් වැඩි වටිනාකමක් ගෙන දෙන්නට ඔබට හැකිවේවි.
- සාරි පින්තාරු ක්‍රම දැන් බෙහෙවින් ජනප්‍රිය නිසා රන් පැහැයෙන්, රිදී පැහැයෙන් පින්තාරු ක්‍රමයට සාරිය වැඩ දමාගත හැක.
- ඇතැම් විට වැඩි මිලක් ගෙවා ලබාගන්නා සාරියකට වඩා ඔබේ දෑතින් නිර්මාණය වූ එවන් සාරියක් අලංකාරවත් බවින් ඉහල වටිනාකමක් පෙන්නුම් කරනු ඇත.
- මංගල දිනයට හෝ දෙවෙනි ගමනට ඔබ ඔසරියක් අඳින්නට සිතුවේ නම්, එය මේඩ් අප් කිරීමටද සිතුවේ නම් ඒ ගැන දෙවරක් සිතන්න.
- ෙම්ඩ් අප් කල ඔසරියක් පහසුවෙන් ඇන්දවිය හැකි වුවත් ඉන්පසු ඉන් ඔසරියක්ම මිස සාරියක් නම් ඇඳීමට නොහැකි වේ.
- හොඳ පිටට නෙරිය එන පරිදි ක්රමානුකූල අන්දමින් ඔසරියක් ඇන්දවීමට දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට හැකි නිසා සාරියක් මේඩ් අප් කල යුතු නැත. එමෙන්ම ඔවුන්ට එය සිරුරේ හැඩය මතුවන ලෙසින්ද ඇන්දවීමට පුළුවන.
- සාමාන්‍යයෙන් අපේ රටට වැඩිපුරම සාරි ගෙන්වන්නේ ඉන්දියාවෙනි.
- එහෙත් අපේ රටේ ඔසරි විලාසිතා සඳහාම රෝසිල්ක් යන රෙදි වර්ගය නිපදවයි.මේවා මිලෙන් තරමක් අඩුවුවද සුන්දරත්වයේ නම් අඩුවක් නැත.වසර කිහිපයකට පෙර ජිපියෝ ලේස්වලින් නිමකල සාරි වෙනුවට දැන් ඇත්තේ මෙම රෝසිල්ක් සාරිය. මේවා ඉන්දියාවේද නිපදවයි.
- එහෙත් ලංකාවේ නිපදවන සාරිය හොඳින් ඇන්දවිය හැක.
- වෙළඳපොලට ගොස් මංගල සාරියක් මිලදී ගන්නට සැරසෙන ඔබ එහි ඇති ප්රමිතීන් පිළිබඳවද දැනුවත් විය යුතුය.
- සාමාන්‍යයෙන් ඕනෑම මංගල සාරියක සාරි හැට්ටය සඳහා රෙදි කැබැල්ල සාරියටම ඇතුලත් වේ.මෙවැනි සාරියක් යාර හතක් පමණ දිගය. මනාව ප්ලීට් තබා ක්‍රමානුකූලව ඇන්දවීමට නම් මේ ප්‍රමාණය තිබිය යුතුමය.
- වෙළඳපොලට යන ඔබට අවශ්‍ය නම් ඔවුන්ගෙන් ටේප් එකක් ඉල්ලාගෙන සාරියේ දිග පළල මැන ගන්නට අවස්ථාව තිබිය යුතුය.
- මංගල සාරිය තෝරා ගැනීම සඳහා යන ඔබ කිසිවිටෙකත් කලු වැනි පැහැයන්ගෙන් යුතු ඇඳුම් ඇඳ නොයන්න. එවිට සාරිය සිරුරට දමා බලද්දී නියම ලස්සනක් මතු නොවේ.
- මංගල දිනයේදී බොහොමයක් මනාලියන්ට කොණ්ඩා මෝස්තර දමන නිසා සාරියක් තේරීමට යද්දී කොණ්ඩය ලිහා ගෙන නොයන්න.එසේ යන්නේ නම් අඩුම තරමින් වූල් බෑන්ඩ් එකක්වත් රැගෙන යන්න. මංගල උත්සවය අවසන් වූ පසු ඔබ ඇඳි මංගල සාරිය සුරැකිව තබා ගන්නට කටයුතු කල යුතුය.
- පිළිගත් ආයතනයකට ගොස් සාරිය ඩයික්ලීන් කර හැඟර් එකක දමා ඉටි කවරයක බාහා එල්ලා තබන්න.
- සාරිය තිබූ පෙට්ටියේම නම් බහාලීමෙන් වළකින්න. එමෙන්ම සිල්ක් සාරි හැරුනකොට අනෙක් සාරිවලට නම් කපුරුබෝල දැමීමෙන් වළකින්න.
- සාමාන්‍යෙයන් සිහිවටන ලෙස මනිපූරි වැනි සාරි තැබූවත් නෙට් වැනි සාරි වසර පහක්, හයක් ගතවීමෙන් ස්වාභාවිකවම පුල්ලි පිපී සුන්දරත්වය කෙමෙන් කෙමෙන් වියැකී යයි.
- මංගල සාරිය පසුකලකදී ඔබට මංගල උත්සවයකට හෝ එවැනි උත්සව අවස්ථාවකට අඳින්න සිතුවේ නම්, තිබූ පැහැයෙන්ම ඇඳීමට අකමැති නම් සාරියේ පැහැය ඩයි කිරීමෙන් වෙනස් කරගන්න. මෙය පිළිගත් ආයතනවල ප්‍රමිතියකට අනුව සිදු කෙරේ.


























































වැඩිපුරම කියවපු ලිපි