නියමුවන් රහිත ගුවන් යානය
RQ-2 PIONEER යානාවක් මෙය ගල්ෆ්
හා ඉරාක යුද්ධවල දී එක්සත් ජනපද හමුදාව විසින් යොදාගත් යළි පිරික්සුම්
යානා වේ. මේවා අතුරින් බහුතරය ස්ථාවර ගුවන් යානා, MQ-8B ගුවන් ඔත්තු බලන්නා
වැනි භ්‍රමනක යානා වේ.
හැඩයෙන්, ප්‍රමාණයෙන්, ගති ලක්ෂණයෙන් හෝ සැකසුමෙන් මේවායේ ඉහළ විවිධත්වයක් පවතී. මේවා මිසයිලවලින් වෙන් කර හඳුනාගැනීමට අර්ථ දක්වා ඇත්තේ ප්‍රහාරය දරා සිටීමට හැකි ජෙට් මඟින් හෝ අනුවැටුම් එංජිමක් මඟින් බල ගැන්වෙන රථයක් ලෙසය. කෘස් මිසයිල UAV යටතට නොගැනේ. ඊට හේතුව වන්නේ වෙනත් මාර්ගෝපදේශිත මිසයිල මෙන් තමාම ආයුධයක් ලෙස ක්‍රියාකරන බැවින් හා යළි භාවිතා කළ නොහැකි නිසාවෙනි. එසේ වුවත් එයද මිනිසුන් රහිත වන අතර ඇතැම්විට දුරස්ථ පාලිත විය හැකිය.
UAV යන පදය ඇතැම්විට UAVS ලෙස දික් කෙරේ. (මිනිසුන් රහිත ගුවන් යානා රථ පද්ධතීන්) ෆෙඩරල් ගුවන් අධිකාරිය මිනිසුන් රහිත ගුවන් යානා පද්ධතිය යන වර්ගය පිළිගෙන ඇති අතර එය මුලින්ම හඳුන්වා දුන්නේ එක්සත් ජනපද නාවික හමුදාව විසින්ය. මේවා භූමි නවාතැන් හා වෙනත් මූලයන් සහිත හුදු ගුවන් යානා නොව පද්ධති බව ඔවුන් විසින් හුවා දක්වන ලදහ.

0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home