20 May 2012

නැවක් උඩ නැවක්

ගහක් උඩ ගෙඩියක් - ගෙඩියක් උඩ ගහක්’ මේ අප කුඩා කල ඇසූ තේරවිල්ලක් මතකයට ආවේ අන්තර්ජාලයේ සැරිසරද්දී ඇස ගැසුණු ඡායාරූප පෙළක් නරඹද්දීය. එහෙත් මෙහි තිබුණේ නැවක් උඩ නැවක් බඩු පටවන දසුන් පෙළකි.
නැවක තවත් නැවක් පටවාගෙන යනවායැයි කියූ විට ඇති වන්නේ විමතියකි. එහෙත් අද වන විට නැව් පමණක් නොව මුහුදු පත්ලේ තෙල් ළිං කැණීමේ යොදවන දැවැන්ත යන්ත්‍රෝපකරණ කට්ටල හෙවත් ‘‘ඔයිල් රිග්’’ පවා පටවාගෙන මහ සයුරේ යාත‍්‍රාකරන මේ මහා නැව් හඳුන්වනු ලබන්නේ ෆ්ලෝ-ෆ්ලෝ (FLO-FLO) නමිනි. එය, ෆ්ලෝට් ඔන්-ෆ්ලෝට්  ඕෆ් යන නමේ කෙටි කිරීමකි. (Float -on/Float-off)
නැව් රැගෙන යාහැකි දැවැන්ත නැවක් මුලින්ම නිර්මාණය කර ඇත්තේ වර්ෂ 1920 දීය. ඒ ජර්මනියේ බ්‍රේමන් නගරයේ ඞීඞීජී හංසා සමාගම විසිනි. අද ඇති විශාලතම ෆ්ලෝ-ෆ්ලෝ නෞකාව ‘‘බ්ලූ මාර්ලින්’’ය. එහෙත් ළඟදීම එම තැන ගන්නට ‘‘වෑන්ගාඞ්’’ නමින් තවත් දැවැන්ත නෞකාවක් දියත් කිරීමට මෙම නැව් හිමිකාර ඩොක්වයිස් සමාගම සැරසෙයි. එම වෑන්ගාඞ් නෞකාව අඩි 902ක් දිග අඩි 230ක් පළල බඳකින් යුතුවන අතර ටොන් එක් ලක්‍ෂ දස දහසක බරක් උසුලාගෙන යාත‍්‍රාකළ හැකි බව කියති.
මෙම ෆ්ලෝ-ෆ්ලෝ නෞකා ක‍්‍රියා කරන්නේ දිය යටින් යාත‍්‍රා කරන සබ්මැරීන තාක්‍ෂණය උපයෝගී කරගෙනය. නෞකාවේ මැද නැව් තටාකාංගන වල නැව් අලූත් වැඩියා කිරීම පිණිස ඇති ගැලියක් වැනි පහත් කොටසක් වෙයි. ඒ දෙපස ගැලියට ආරක්‍ෂාව සපයන ශක්තිමත් බිත්ති දෙකකි. නෞකාවේ පතුල කොටස විශාල ටැංකි සමූහයකින් සෑදී ඇත. මේ ටැංකි වලට ජලය පිරෙන්නට හැරි විට නෞකාව පහත් වෙයි. එවිට වෙනත් නැවක් මෙහි ඇති ගැලියට ඇතුළත්කළ හැකි වෙයි. ඉන්පසු ටැංකි වල ජලය ඉවත් කොට සුළං පිරවීමේදී මහ නෞකාවද එය උසුලානාගෙන සිටින දෙවැනි නෞකාවද සමඟ ජලය මත පාවෙයි. ඉන් පසු මහ සයුරේ  ඕනෑම තැනකට දෙවැනි  නැව ප‍්‍රවාහනය කිරීම පහසු කටයුත්තක් වෙයි.
පී. බී.
කැණීම් අට්ටාලයක් රැගෙන යමින්
තෙල් ගවේෂණ අට්ටාලයක් රැගෙන යමින්
නැවේ පැටවූ නැවක්

2 Comments:

At 20 May 2012 at 14:19 , Blogger Nethuki said...

great... :) thx

 
At 20 May 2012 at 15:11 , Anonymous Anonymous said...

meka uputa gaththu thanath dammanam neda honda

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home