16 May 2012

මෙක්සිකෝවේ ගගක් යට ගගක්


ජලය යට පිහිටි තවත් ගංගාවක් මෙක්සිකෝවෙන් සොයාගෙන තිබේ. මෙක්සිකෝවේ සෙනොටේ ඇන්ජලිටා නමැති ගල්ගුහාව ඇතුලතින් ගලා බස්නා ගංගාවක කිමිදීම් කළ ඇනටොලි බෙලොෂ්චින් විසින් මේ ගංගාවේ ඡායාරූප ගනු ලැබ ඇත. ඔහු පවසන්නේ මීටර 30 ක් දක්වා මිරිදියේ කිමිදුනු පසු ලවණ මිශ්‍ර ජලය මීටර 60 ක් ගැඹුරට පවතින බවයි. මේ ලවණ මිශ්‍ර ජලයට යටින් දූපත් කිහිපයකින් යුතු තවත් විශ්මිත ගංගාවක් ඔහු දැක තිබේ. මේ ගංගාවේ ඉවුරු දෙපස දිරාපත් වූ කොළ රොඩු සහ අතු ඉති කැබලි තිබෙන බවත් එය කිසිදා අමතක නොවන සොදුරු දර්ශනයක් බවත් හෙතෙම පවසයි.
පතුලේ ගලාබස්නා මේ ගංගාව හයිඩ්‍රජන් සල්ෆයිඩ් ද්‍රාවණයකින් සමන්විත බව පැවසේ. බොලොෂ්චින් පවසන්නේ මේ දර්ශනය මිනිස් ඇසකින් දැකිය යුතු අතිශය විශ්මිත දර්ශනයක් බවයි.

3 Comments:

At 16 May 2012 at 16:23 , Blogger meegodaya said...

wowooooooooo

 
At 16 May 2012 at 19:20 , Anonymous යසිරු said...

නියමයි මචෝ

 
At 5 June 2012 at 19:08 , Anonymous Anonymous said...

niyamai

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home