19 May 2012

YouTube ගැන


• YouTube අන්තර්ජාලයේ ජනප්රිXයම Video Sharing වෙබ් අඩවිය වේ.

• ලෝකයේ සියලුම වෙබ් අඩවි අතුරින් වැඩිම පිරිසක් පිවිසෙන වෙබ් අඩවි අතුරින් තෙවන ස්ථානය YouTube ගනී(පලමු ස්ථානය Google ,දෙවන ස්ථානය Facebook).

• නිර්මාතෘකරුවන් වන්නේ චැඩ් හර්ලි(Chad Hurley), ස්ටීව් චෙන්(Steve Chen) සහ ජාවඩ් කරීම්‍ (Jawed Karim)ය.

• YouTube නිර්මාණය කිරීමේ මුල් අදහස ඇති වී ඇත්තේ සැන් ෆ්රැ)න්සිස්කෝ නගරයේ ඇති ස්ටීව් චෙන්ගේ නිවසේ පැවති රාත්රීි සාදයකදී පටිගත කල වීඩියෝවක් චැඩ් හර්ලි සමග Share කිරීමේදී මුහුන දුන් දුෂ්කරතා නිසා බව පැවසේ.

• Internetහි Search Engine යෝධයා වන Google 2006දී YouTube මිලදී ගත්තේ ඇමරිකන් ඩොලර් බිලියන1.65කටයි,එම මුදලට ලොව විශාලතම මගී ප්රිවාහන ගුවන් යානය වන A380 ජම්බෝ ජෙට් යානා 5ක් මිලදී ගත හැකිය.

• දළ වශයෙන් සාමාන්යි අන්තර්ජාල සැරිසරන්නෙක්(Average Internet User) දිනකට මිනිත්තු 15ක් YouTubeහි ගත කරයි.

• සෑම විණාඩියකදීම පැය 24ක කාලයක වීඩියෝ YouTube වෙත Upload වෙයි,සතියකදී එම අගය සම්පූර්ණ චිත්රතපට 150,000 කට සමානය.

• YouTubeහි Traffic මුලු ප්ර මානයෙන් 22%ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර ඉතිරි 78% අනෙකුත් රට වලිනි.(ජපානය - 6.7%,ජර්මනිය - 4.8%,ඉන්දියාව - 4.8%,එංගලන්තය - 3.7%,ඉතාලිය - 3.7%)

• YouTubeහි එක් දිනක් තුල නරඹන මුලු වීඩියෝ ප්රoමානය බිලියන 2කි(2,000,000,000).

• මුලු Internet Traffic වලින් 10%ක් YouTube වලින් වේ.

• YouTubeහි ඇති වීඩියේවක සාමාන්යු දිග(Average Length) මිනිත්තු 2 තත්පර 46.17.

•YouTube වෙත දිනකට Upload කරන මුලු වීඩියෝ ගණන 829,440කි,එනම් තත්පරයකට වීඩියෝ 10කි.

•YouTube තුල දැනට ඇති සියලුම වීඩියෝ ප්රයමානය නැරඹීමට පුද්ගලයෙකුට වසර 1700ක් ගත වෙනු ඇත.

•YouTubeහි පලමු වීඩියෝව : Me at the zoo By Jawed
එහි ලින්ක් එක : http://www.youtube.com/watch?v=jNQXAC9IVRw

•YouTubeහි ජනප්රිmයම වීඩියෝව : Lady Gaga - Bad Romance
එහි ලින්ක් එක : http://www.youtube.com/watch?v=qrO4YZeyl0I

youtube වෙබ් අඩවිය කියන්නෙ අන්තර්ජාලයේ තියෙන දැවැන්තම Video sharing කරන වෙබ් අඩවියක්නෙ… මේ වෙබ් අඩවිය මුල් කාලෙ අප්ලොඩ් කරන වීඩියෝ දර්ශන වලට උපරිම කාලයක් සටහන් කරල තිබුනෙ නෑ… මේ වෙබ් අඩවියේ ඉතිහාසය ගැන කිව්වොත් මේක ආරම්භ වෙන්නෙ 2005 වර්ශයේ පෙබරවාරි 14 දින… මේ වෙබ් අඩි‍විය හොයා ගත්තෙ Steve chen Chad Hurley jawed karim කි‍යන 3 දෙනා… ඉතින් මේකෙ මුල් අයිතිය youtube සතුව තිබුනට 2006 වර්ෂයේ ඉදලම මේ දක්වා මේ වෙබ් අඩවිය පාලනය වන්නෙ Google සමාගම යටතේ ඒ කියන්නෙ ගූගල් සමාගම මේ වෙබ් අඩවිය බිලියන US$1.65කට මිලදි ගතතෙ 2006 ඔක්තොම්බර් 9 වැනිද… මේක ආරම්භ කිරීමෙදි වත්කම හැටියට මිලියන US$11.5 තිබිල තියෙනව… මේක පිහිටල තියෙන්නෙ කැලිෆෝනියාවෙ… මේ වෙබ් අඩවිය 2006 මාර්තු මාසය ‍වන විට විනාඩි 10ක උපරිම කාලයකට වීඩියෝ අප්ලෝඩ් කිරීමට සීමාවක් පැනවුව…
නමුත් මේ සීමාව 2010 ජූලි මාසයේ ඉදල විනාඩි 15ක් ලෙස වැඩි කරා… මෙහෙම සීමාවක් දාන්න හේතුව වුනේ TV show සහ movies මේ වෙබ් අඩවියට එකතු වීම වැඩි වුන නිසා… ඒ වගේම 2GB ගොනු දාරිතාවක සීමාවක් පැනවුව… ඒ කි‍යන්නෙ අපි විනාඩි 15ක වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දි ඒකෙ උපරිම සීමාව 2GB කියෙන එක… ඔයාල දන්නව ඇතිනෙ තත්පර ගානක වීඩියෝ වුනත් quality එක වැඩි වෙද්දි ගන්න ඉඩ ප්රීමාණය වැඩි වෙනව කියෙන එක… ඒ වගේම මේ වෙබ් අඩවිය මගින් 3D වීඩියෝ දසුන් අප්ලෝඩ් කිරීමේ අවස්ථාව 2009 ජූලි 21දින ලබා දෙනු ලැබුව…

youtube එකට එකතු වු පළමුවෙනිම වීඩියෝ එක මේ ලිපිනයටම ගිහින් බලන්න http://www.youtube.com/watch?v=jNQXAC9IVRw

1 Comments:

At 19 May 2012 at 18:55 , Blogger Kushan said...

නියම ලිපියක් .... ඔබට ජය....

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home