ජීවිතය ජීවත් කරවන ආදර සබඳතාවය
මේ දිනවල පරිසරයේ පවතින දැඩි උණුසුම නිසාම ඔබව සුන්දර කරවන, ඔබට අන් ය අතරේ කැපී පෙනෙන්නට සලස්වන සුන්දර විලාසිතාවලින් ඔබ ඈත් වෙනවාද? ඔබට එහෙ කිරීමට අවශ්ය වන්නේ නැත. ඒ සඳහා ඔබට අනුගමනය කල හැකි සරල පියවර කිහිපයක් පිළිබඳව මේ අවදානය.
කපු…. කපු…. කපු….
කපු රෙද්දෙන් නිර්මාණය වූ බ්ලවුස්, ගවුම් සහ සැහැල්ලු විලාසිතාවන්
මෙවැනි කාලයකදී වඩාත් උචිත බව ඔබ සිතුවාද? එමෙන්ම ඇඟට ඇලුණු, ඇඟට තද වූ
විලාසිතාවලින් මේ කාලය තුලදී ඉවත්වීම නුවණට හුරු බව ඔබ නොසිතන්නට ඇත. ඇඟට
පහසුව දනවන විලාසිතා මෙන්ම අත්කොට බ්ලවුස සහ ඇත් නැති බ්ලවුස විලාසිතාවන්
තෝරා ගැනීම තුලින් සැප පහසුව ඔබට ඇති වේ. මේවායෙන් හැඩ වී වෙනස ඇත්
විඳින්න.
වයිට් ඩෙනිම්
මේ දිනවල යුවතියන් ඩෙනිම් කලිසම ඇඳීමට ප්රියතාවක් දැක්වේ. විශේෂයෙන්
සැහැල්ලු ගමනටත් ඇතැම් යුවතියන් කාර්යාල ගමනටත් ඩෙනිම් සමග බ්ලවුසයෙන් හෝ
ටී ෂර්ටයෙන් හැඩවීමට පුරුදු වී සිටියි. විශේෂයෙන් ස්ලිම් ෆිට් හයි වෙස්ට්
ඩෙනිම් අද ජනප්රිය විලාසිතාවලින් වන අතර මෙවැනි කාලයකදී සුදු පැහැති
දෙනිමෙන් සැරසීම කැපී පෙනෙන විලාසිතාවකි.
පාට… පාට…
අද බොහෝ උවතියන් ඇඳුම් තෝරාගන්නේ අළු, දුඹුරු, කළු පැහැයෙන්ය. නමුත්
වර්ණවත් ඇදුම් භාවිතා කිරීමෙන් අගේ සුන්දරත්වය වඩාත් තීව්‍ර වන බව ඇය අමතක
කර ඇත. 2012 වසරේ වසන්ත ඉර්තුවේ වරණය වන්නේ තැඹිලි පැහැය වන බව ඔබ මතක
තබාගන්න. ජිවිතයට වර්ණ එකතු කරගනිමින් සුන්දර වන්න.
සන්ග්ලාසස්
මුහුණේ හැඩයට ගැලපෙන්න සන්ග්ලාසස් පලදමින් හොලිවුඩ් ස්ටාර් කෙනෙක් ලෙස
කැපී පෙනෙන්නට ඔබත් කැමතිද? මේ දවස්වල පවතින දැඩි හිරු එළියෙන් දෙනෙත්
ආරක්ෂා කරගංඊම සඳහා ද විලාසිතාවක් ලෙසට ද සන්ග්ලාසෙස් භාවිතා කල හැකිය.
සුන්දර දෙපා
කෙටි සාය, කොට කලිසම සහ ගවුමෙන් සැරසෙන යුවතියන්ට ගැලපෙන ආකාරයට සපත්තු
සහ පාවහන් ඇඳුමේ පැහැයටත් නවතම විලාසිතාවෙන් තෝරා ගැනීම ඔබට උචිත වේ . තවද
පවතින දේශගුණයට ගැලපෙන ලෙස විවර වූ පාවහන් තෝරා ගැනීමෙන් දෙපයේ සෞඛ්‍යමත්
බව ආරක්ෂා වන බව මතක තබා ගන්න.

0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home