සතුන්ටත් මතක තියෙනවාද
සතුන්ගේ මතක ශක්තිය පිළිබඳව
මේ අධ්‍යයනයන් සිදු කරනු ලැබුවේ එංගලන්තයේ කේම්බි‍්‍රජ් සරසවියේ
විද්‍යාඥයකු වන නිකොලා කිලේටන් ඇතුළු කණ්ඩායමක් විසිනුයි. මෙහි දී පරීක්‍ෂණ
සිදු කෙරුණේ කවුඩු පක්ෂින්, චිම්පන්සීන් හා ගෝරිල්ලන් වැනි සතුන්
ආශ‍්‍රයෙන්. මේ සතුන්ගේ මතක ශක්තිය මනිනු වස්, ඔවුන් හා අදහස් හුවමාැ කර
ගැනීමේදීත්, ඔවුන්ගෙන් අදාළ දත්ත ලබා ගැනීමේදීත් මහත් අභියෝගයකට මුහුණ දීමට
විද්‍යාඥයනට සිදු වූවා.“අතීත සිදුවීම් ගැන ඔබට කොතරම් දුරට මතකද? කියා
සතෙකුගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පිළිතුරු ලබාගත නොහැකි නිසා. විද්‍යාඥයනට
සිදුවුයේ, එම සතුන්ගේ හැසිරීම් රටා අධ්‍යනය තුළින් ඔවුන්ගේ මතක ශක්තිය ගැන
හෝඩුවාවක් ලබා ගැනීමටයි.වසර 6ක් තිස්සේ ක්ලේටන් විසින් සිදු කරන ලද ඉතා
සුක්ෂම පර්යේෂණ මාලාවක ප‍්‍රථිඵල ලෙස ඔහු දුටුවේ. අතීත සිදුවීම් ආවර්ජනය
කිරීමේ මහඟු හැකියාවක් කවුඩු පක්ෂීන් සතුව ඇති බවයි. එසේම තම අනාගත සැලසුම්
සඳහා එම මතකයන් ප‍්‍රයෝජනයට ගැනීමටත් ඔවුන් දැන සිටියා. මෙහිදී තම ආහාර
ආරක්ෂිත ස්ථානයක සඟවා තැබීමටත්, පසු කාලීනව එම සැඟ වු ස්ථානය සොයා ගැනීමටත්
හැකි හොඳ මතකයක් “බටහිර කවුඩු පක්ෂියා” ට (Aphelocoma Californica )
තිබු බවයි පෙනී ගියේ.මේ කුරුල්ලන්ගේ චර්යා රටා පිළිබඳ තවත් රසවත් කතාවක්ද
මෙහිදී හෙළි වු බව ක්ලේටන් පවසනවා. එනම් අනෙක් කුරුල්ලන්ගේ ආහාර සොරා
ගැනීමට පෙළඹී සිටි පක්ෂින්, තම තමන්ගේ ආහාර, වඩා ආරක්ෂිත තැන්වල ගබඩා
කිරීමට උත්සුක වූවා. තමා අනෙකෙකුගේ ආහාර සොරා ගත්තාක් සේ, වෙනත් පක්ෂියෙක්
තමාගේ ආහාර ද සොරා ගනිවි යන බිය නිසයි, ඔවුන් එම සඟවා තැබීම සිදු කළේ.තමාගෙ
ආහාර ගබඩාවල ආහාර සංචිත කිරිමේදී අනෙකුත් සතුන් විසින් ඒවා සොරා ගැනීමට
ඇති මාර්ග සියල්ල අවුරා දැමීමට කවුඩු පක්ෂීන් මහත් පරිශ‍්‍රමයක් ගත්තා.
තමන් විසින් අනෙක් අයගේ ආහාර සොරා ගැනීමට කරන ලද සැලසුම් සහගත කි‍්‍රයා
පිළිබඳව හොඳ අත්දැකීම් තිබෙන නිසා, ආහාර ආරක්ෂා කිරීම සඳහා වඩා හොඳ උපාය
මාර්ග යොදා ගැනීමටද ඔවුනට හැකි වු බවයි පෙනී ගියේ. එය, එක් සොරෙක් තම හොර
බඩු, කම්බා හොරෙකුගෙන් ආරක්ෂා කර ගනු වස්, රහසිගතව ගබඩා කිරීමට දරන
උත්සාහයට සමාන බව ක්ලේටන් පවසනවා.
තමන් අතීතයේදී ලද අත්දැකීම්වලට
අනුව අනාගතය සැලසුම් කිරීමේ හැකියාවක් සතුන්ටද තිබෙන බවට ලද මුල්ම සාක්ෂිය,
මේ කවුඩු චර්යා රටාවයි. අතීත සිදුවීම් ආශ‍්‍රයෙන්ම තම අනාගතය වඩා
නිවැරැදිව සැලසුම් කිරීමේ හැකියාව මිනිසාට පමණක් විශේෂිත වු ලක්ෂණයක් බවට
මෙතෙක් තිබු මතය බැහැර කිරීමට ද මෙමඟින් හැකි වූවා.එපමණක් නොව, තම ආහාරවල
කල් ඉකුත් වීමේ දින පිළිබඳව යම් දැනීමක් ද කවුඩු පක්ෂීන් සතුව තිබු බවයි.
මේ අධ්‍යයනවලින් පැහැදිලි වුණේ . මේ සඳහා ක්ලේටන් විසින් කවුඩු පක්ෂීන්ට
ආහාර ලෙස පණුවන් හා රටකජු ලබා දුන්නා. ගබඩා කරන ලද ආහාර නැවත ප‍්‍රයෝජනයට
ගැනීමේදී මුලින් ම පණුවන්ව ආහාරයට ගැනීමටයි කවුඩු පක්ෂීන් පෙළඹුණේ. රටකජු
ගබඩාව වෙතට ඔවුන් ගියේ පණුවන් ගබඩාව හිස් වු පසුවයි. එනම්, පණුවන් ඉක්මනින්
කල් ඉකුත් වන ආහාරයක් බව ඔවුන් දැන සිටියා.ආහාරයේ කල් ඉකුත් වන දිනය ගැන
පරීක්‍ෂණ කොට දැන ගැනීමට තරම් රසායනාගාර පහසුකම් නොතිබු කවුඩු පක්ෂියා, මෙය
දැන ගැනීමට ඇත්තේ තම අතීත අත්දැකීමෙන්ම බව අපට පෙනී යනවා. මීට පෙරදී ගබඩා
කරන ලද පණුවන් නරක් වී තිබෙනු ඔවුන් දකින්නට ඇති. එම “අතීත මතකය” නිසා
ඉක්මණින් නරක් වන ආහාර ඉක්මණින් ප‍්‍රයෝජනයට ගැනීමට ඔවුන් උත්සුක වූවා.“ අප
මෙතෙක් සිතා සිටියේ, සතුන් යනු යන්ත‍්‍ර මෙන් කි‍්‍රයා කරන,
ප‍්‍රතිකි‍්‍රයා හා චර්යා රටා පමණක් දක්වන පිරිසක් බවයි. එහෙත් මේ පැරැණි
මතය මහත් ආන්දෝලනයකට ලක් කිරීමට ක්ලේටන්ගේ අධ්‍යයනයන් සමත් වී
තිබෙනවා.සතුන් යනු අප සිතා සිටියාට වඩා ප‍්‍රබල ධාරණ ශක්තියක් ඇත්තන් බව
මින් පැහැදිලි වූවා යැයි වේල්ස් හ කාර්ඩ්ෆ් සරසවියේ මනෝ විද්‍යාඥ ජෝන්
පියර්ස් පවසනවා.
මියාමි හි ෆ්ලොරිඩා ජාත්‍යන්තර සරසවියේ සත්ව මනෝ
විද්‍යාඥ බෙනට් ස්ක්වාට්ස් විසින්, බටහිර පහත් බිම් ගෝරිල්ලකු වන ‘කිං’
පිළිබඳව මේ දිනවල අධ්‍යයනයක නිරත වන බවද පැවසෙනවා. රාත්තල් 450ක් (කිලෝ
ග‍්‍රෑම් 205) බරැති පිරිමි ගෝරිල්ලකු වන ‘කිං”, ඔහුව රැක බලාගන්නන් සමග
අදහස් හුවමාරු කර ගන්නේ රූප සහිත කාඩ්පත් මගිනුයි. මේ කාඩ්පත් ආශ‍්‍රයෙන්,
තමාට ආහාර ලබා දුන්නේ කවුරුද යන්න තමාට මතක ඇති බව පෙන්වීමටත් ඔහුට හැකියි.
සමහර විට ඔහුව රැක බලා ගන්නන්ටත් ඒ බව අමතක වී යන නමුත් ‘කිං’ ට ඒ ගැන හොඳ
මතකයක් තිබෙනවා.මේ අධ්‍යයනයේ එක් පියවරක් ලෙස, පුද්ගලයන් 33 දෙනකු යොදාගෙන
මේ ගෝරිල්ලා ඉදිරියේ විවිධ රඟ දැක්වීම් කරනු ලැබු බවයි ස්ක්වාට්
පවසන්නේ.මේ පුද්ගලයන්ගෙන් කිසිවෙකුව, ‘කිං’ විසින් මීට පෙර දැක තිබුණේ
නැහැ. මෙහිදී එක් එක් පුදගලයා එක් එක් කි‍්‍රයාකාරකම් රඟ දැක්වූවා. අයෙක්
පිනුම් ගැසු අතර, තවෙකෙක් ගිටාර් වාදනය ද, තවෙකෙක් දුරකථනයක් සොරෙන් ගැනීම
වැනි කි‍්‍රයාද සිදු කරනු ලැබුවා. ඉන්පසු මේ එක් එක් කි‍්‍රයාකාරකම සිදු කළ
පුද්ගලයාව වෙන වෙන ම හඳුනා ගැනීමට ‘කිං’ ට පැවසු විට සියයට 60ටත් වඩා
නිවැරැදි ලෙස පුද්ගලයන්ව හඳුනා ගැනීමට ඔහුට හැකි වු බවයි ස්ක්වාට්ස්
පවසන්නේ.මේ දිනවල ස්ක්වාට්ස් ගේ උනන්දුව යොමු වී ඇත්තේ, කාලයේ වෙනස හඳුනා
ගැනීමට ‘කිං’ පුහුණු කරවීම සඳහායි. එනම් ඊයේ , අද හා හෙට අතර ඇති වෙනස
හඳුනා ගැනීමට, ගෝරිල්ලකු වන ‘කිං”ටත් කෙදිනක හෝ හැකි වේවි.සතුන්ගේ මතක
ශක්තිය පිළිබඳ කරනු ලබන පර්යේෂණයන් අතරින් තවත් වැදගත් පර්යේෂණයක් පිළිබඳ
තොරතුරු ඇට්ලන්ටා හි ජෝජියා ප‍්‍රාන්ත සරසවියෙන් අසන්නට ලැබෙනවා. මානව
විද්‍යාඥයකු වන චාල්ස් මෙන්සල් සිදු කරන මේ පර්යේෂණය සඳහා යොදාගෙන ඇත්තේ
‘පැන්සී’ නම් ගැහැනු චිම්පන්සියකුයි. සලකුණු 256කටත් වැඩි යතුරු
ප‍්‍රමාණයකින් යුත් යතුරු පුවරුවක් හැසිරවීමේ හැකියාව මේ චිම්පන්සියා සතුව
තිබෙනවා.මෙන්සල් විසින් චිම්පන්සියාව රඳවා තිබෙන කුටියෙන් පිටත විවිධ ස්ථාන
වල, අන්නාසි ගෙඩි, රබර් සර්පයන්, බැලුන් හා කඩදාසි වැනි විවිධ ද්‍රව්‍ය
30කට වැඩි ප‍්‍රමාණයක් එක් එක් අවස්ථාවලදී සඟවා තැබුවේ ඒවා පිළිබඳ ඇයගේ මතක
ශක්තිය මැන බැලීමටයි. මේ ද්‍රව්‍ය සඟවන විට, චිම්පන්සියාට ඒ දෙස බලා
සිටින්නටද මෙහිදී සලස්වනු ලැබුවා. මේ සැඟවු ද්‍රව්‍ය අතරින් සියයට 90ට වැඩි
ප‍්‍රමාණයක්, නිවැරැදිව මතකයෙන් සොයා ගැනීමට පැන්සීට හැකි වු අතර, ඇයව රැක
බලා ගන්නන්ටත් සොයා ගැනීමට බැරි වු සමහර සෙල්ලම් බඩු හා පලතුරු වර්ග ඇති
තැන් ඔවුන්ට පෙන්වීමටත් ඇයට හැකි වු බවයි මෙන්සල් පවසන්නේ.පැන්සී සතුව
පවතින මේ මතක ශක්තිය නිසා, සන්නිවේදන හැකියාවන් ක‍්‍රමයෙන් ප‍්‍රගුණ කිරීමට
ඇයට හැකි වනු ඇති බවද මේ විද්‍යාඥයා පවසනවා.

1 Comments:
අගෙයි අගෙයි ....දිගටම ලියන්න හරවත් දේවල්..
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home