9 Feb 2012

රීබොන්ඩින් ක‍්‍රමයට කොන්ඩය සකසමු


රැලි සහිත හිසකෙස් ස්ථීරවම කෙලින් කිරීම (ස්ටේ‍්‍රට් කිරීම) සඳහා යොදා ගැනෙන නවතම ක‍්‍රමයක් වන රීබොන්ඩින් කිරීම ගැන මේ වනවිට බොහෝ දෙනෙක් දන්නවා. ඒ ආකාරයට කොණ්ඩය විලාසිතාවක් ලෙස සකස් කර ගන්නටත් යුවතියන් දක්වන්නේ වැඩි කැමැත්තක්..රීබොන්ඩින් එකක් කිරීමට ප‍්‍රථම හිසකෙස් වල තෙල් ඉවත් වන සේ හොඳින් සෝදා හැර වියළා ගත යුතුය.රීබොන්ඩින් කිරීමේදී භාවිතා කරනු ලබන විශේෂ කී‍්‍රම් වර්ගයක් තිබෙනවා. රීබොන්ඩින් සඳහා නියමිත ස්ටේ‍්‍රටින් කී‍්‍රම් සහ ලෝෂන් වර්ග වෙළෙඳ සල් වලින් ලබා ගන්නට පුළුවන්. එහි සඳහන් උපදෙස් අනුව මෙම කී‍්‍රම් සහ ලෝෂන් අවශ්‍ය ප‍්‍රමාණයට ගෙන එකට මිශ‍්‍ර කර ගත යුතුයි. ඉන්පසු කොණ්ඩය කුඩා කොටස් වශයෙන් ගෙන මුලින් මිශ‍්‍ර කළ ආලේපය හොඳින් තවරා ගන්න. (හිසකෙස් වල රැලි ගතිය ඉවත් වී යන තුරු මෙය අතින් තවරා ගත යුතුය.) මේ ආකාරයට සම්පූර්ණ කොණ්ඩයේම කී‍්‍රම් තවරාගතග් පසු මිනිත්තු 45 ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසුව කී‍්‍රම් සියල්ල හොඳින් සෝදා හැර කොණ්ඩය වියළා ගන්න. යළි කොණ්ඩය කොටස් වශයෙන් ගෙන මේ සඳහා වන අයන් එකකින් කොණ්ඩය අයන් කළ යුතුයි. මෙය අංශක 100 – අංශක 180 උෂ්ණත්වයක තබාගත යුතු අතර මෙහිදී අනිවාර්යයෙන්ම භාවිතා කළයුතු වන්නේ සෙරමික් තලයක් සහිත රීබොන්ඩින් අයන් එකයි.කොණ්ඩය සියල්ලම අයන් කළ පසුව Fixing balm සහ නියමිත නියුට‍්‍රලයිසර් යන දෙවර්ගය කළවම් කර එය සෑම කොණ්ඩ ගසකට ගෑවෙන පරිදි තවරා ගන්න. එය මිනිත්තු 20 ක් පමණ තිබෙන්නට හරින්න.ඉන්පසු කොණ්ඩය හොඳින් සෝදා ෂැම්පෝ සහ කන්ඩිෂනර් කර ගන්න. අවසාන වශයෙන් හෙයා ඩ‍්‍රයරය පාවිච්චි කර කොණ්ඩය වියළා ගන්න. රීබොන්ඩින් කළපසු දින 3 ක් යනතෙක් කොණ්ඩය සේදීම නොකළ යුතුයි. මෙහිදී කන්ඩිෂනර් එකක් පාවිච්චි කිරීම අනිවාර්ය වන අතර මසකට වරක්වත් ඍප් කන්ඩිෂනර් ටී‍්‍රට්මන්ට් එකක් කළ යුතුයි. එමෙන්ම ඔයිල් මසාජ් එකක් ඔයිල් ටී‍්‍රට්මන්ට් එකක් කරවා ගැන්මට සැලකිලිමත් වීම වඩාත් වැදගත් කොට සැලකිය යුතුයි.

1 Comments:

At 9 February 2012 at 18:54 , Anonymous Anonymous said...

mage atana tyana gas tika kelin karaganna meka use kara ganna puluwanda aye

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home