9 Feb 2012

ස්ට්‍රේට් කිරීම - කෙස් ගස ඝෘජු කිරීම.


අපිළිවෙලට ඇති හිස කෙස් අලංකාර කර ගැනීම හා මෝස්තර අනුගමනය කිරීම සඳහා කෙස් කළඹ ස්ට්‍රේට් කරනු ලබයි. වැඩිපුර ඇති කොණ්ඩයට තුනී සිනිඳු පෙනුමක් ගෙන දීමට ස්ට්‍රේට් කිරීම තුළින් හැකියාවක් ඇත. මෙහිදීද ස්ථීර හා තාවකාලික වශයෙන් ක්‍රම දෙකකි.
තාවකාලික ක්‍රමයේදී කොණ්ඩය දැඩි තාපයකට භාජනය කරනු ලබයි. මෙමඟින් කෙස් ගසේ නිර්මිකය වෙනස් කල හැකිය. මෙහිදී කෙස් ගසේ ඇති හයිඩ්රිජන් බැමි කැඩී නව බැමි ඇතිවේ. සේදු පසු නැවතත් තිබු ආකාරයට පත්වේ. ස්ථීරව කෙස් ගස ඝෘජු කිරීමේදී රසායනික භාවිතය සිදුවේ. මෙමඟින් කෙස් ගසේ ඇති සල්ෆයිඩ් බැමි බිඳී යයි. මෙහිදී එකතු වන ජල අංශු සමඟ කෙස් ගස දිග හැරෙයි. ඇති වු හැඩය රැක ගැනීමට නියුටුලයිසර් භාවිතා කරයි. රසායනිකය මඟින් ඇති වු ප්‍රතික්‍රියාව නියුටුලයිසර් මඟින් නවතනු ලැබේ. මෙම ක්‍රමය කෙස් වලට ඉතාමත් හානිදායකය. ආබාධිත කෙස් කලඹක් මේ ක්‍රමය මඟින් ලැබිය හැකිය. මෙම රසායනික යෙදු විට පසු කාලීනව කෙස් දිරා යාමටද ඉඩ ඇත. මේ තත්වය මඟ හරවා ගැනීමට දිගින් දිගටම කෙස් වලට සාත්තු කල යුතුය.

1 Comments:

At 9 February 2012 at 22:41 , Blogger Ru_Sirini said...

ඒකත් එහෙමද?
ස්තුතියි දැනුවත් කිරීමට..ඒත් දැන් පරක්කු වැඩියිද මන්දා..

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home