15 Feb 2012

කාන්තාවන් දැනගතයූතුම නීති

කාන්තාවන් සෝදිසි කිරම
කාන්තාවක සෝදිසි කිරම කාන්තා නිලධාරිනියක විසින්ම කළ යූතුය.
(අපරාධ නඩූ විධාග සංග්‍රහය 30 වගන්තිය)


කාන්තාවන් රඳවා තැබීම

කාන්තාවක රඳවා තැබිය යූත්තේ කාන්තා සිරමැදිරියක කාන්තා නිලධාරිනියක භාරයේ පමණකි.

බහූ විවාහ

එක් කාන්තාවක විවාහ කරගෙන සිටියදී තවත් කාන්තාවක හා විවාහ වීම වරදකි.
බහූ විවාහයට අවූරුදු 10 දක්වා වන සිට දඬූවමක් පැනවිය හැකිය.
(දණ්ඩ නීති සංග්‍රහය 362 (බී) �362 (සී) වගන්තිය)

අවූ. 18 අඩූ පූද්ගලයන් අතර විවාහය

අවූරුදු 18 ට අඩූ පූද්ගලන් අතර විවාහ ලියාපදිංචි කිරම නීත්‍යනූකූල නොවේ.
වයස අවූ. 16 ට අඩූ දෑරියක තම පෙම්වතා සමග රහසේ විවාහ වූවහොත් එම පිරිමි ළමයාට විරුද්ධව ස්තී්‍ර දූෂණය නමැති වරදට නඩූ පැවරිය හැක.

දික්කසාදය

විවාහ වූ දෙදෙනාගේ කැමැත්තෙන් පමණක් දික්කසාද වීමට නීතියෙන් අවසර නැත.
දික්කසාදයක් ලබා ගත හැක්කේ ඒ සඳහා නීතියෙන් පිළිගත් හේතුවක් ඇත්නම් පමණකි.

ලිංගික අතවර

මගතොටදී

කවර හෝ ස්ථානයකදී කාන්තාවකගේ කැමැත්තට පටහැනිව, සිතා මතා කාන්තාවකගේ සිරුර ස්පර්ශ කිරම හෝ ඇය ලිංගික හිරිහැරයකට පත් කිරම ලිංගික අතවර කිරීමකි.
ඊට අවූරුදු 5 දක්වා වන සිර දඬූවමකින් හෝ දඩයකින් දඬූවම් කළ හැක.
(දණ්ඩ නීති සංග්‍රහය 345 වගන්තිය)
සේවා ස්ථානයේදී
සේවා ස්ථානයක බලධරයකු එහි සේවයේ නියූතු කාන්තාවකට ලිංගික හිරිහැරයක් ඇතිවන ආකාරයෙන් වදන් පැවසීිම හෝ හැසිරම ලිංගික අතවර කිරමකි.
දඬූවම් - අවූරුදු 5 දක්වා වන සිර දඬූවමක් හෝ දඩයක්
(දණ්ඩ නීති සංග්‍රහය - 345 වගන්තිය)
වාචික ලිංගික අතවර
කාන්තාවක ලිංගික හිරිහැරයකට හෝ ලිංගික අපහසූතාවයකට පත්වන ආකාරයේ වදන් පැවසීම ලිංගික අතවර කිරමකි.
අවූරුදු 5 දක්වා වන සිර දඬූවමකින් හෝ දඩයකින් ඊට දඬූවම් කළ හැකිය.
(දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය)

ස්තී්‍ර දූෂණය

කාන්තාවකගේ කැමැත්ත නොමැතිව හෝ ඇය බිය ගන්වා හෝ ඇය සිහිවිකල්ව සිටියදී හෝ ඇය මත් වූ අවස්ථාවකදී හෝ ඇය අත් අඩංගුවේ සිටියදී ලබාගත් කැමැත්ත ඇතිව ඇය හා ලිංගික සංසර්ගයේ යෙදීම ස්ත්‍රි දූෂණයකි.
අවූරුදු 7 - 20 දක්වා වන සිර දඬූවමකට, දඩයකට හා වන්දි ගෙවීමට වරදකරු යටත් වේ. අවම සිර දඬූවම අවූරුදු 7 කි.
(දණ්ඩ නීති සංග්‍රහය 364 වගන්තිය)

කණ්ඩායම් දූෂණය

රංචූ ගැසී ස්ත්‍රියක දූෂණය කළහොත් ඊට වරදකරු වන එක්එක් පූද්ගලයා වසර 10 කට නොඅඩූ හා 20 ට නොවැඩි බරපතල වැඩසහිත සිර දඬූවමකට දඩයකට හා වන්දි ගෙවීමකට යටත් වේ.
(දණ්ඩ නීති සංග්‍රහය 364 වගන්තිය)


ස්ත්‍රි දූෂණය - බාලිකා

වයස අවූරුදු 16ට අඩූ බාලිකාවක සමග ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික සංසර්ගයේ යෙදීම ස්ත්‍රි දූෂණයකි.
වරදකරු අවූරුදු 10 ට නොඅඩූ අවම සිර දඬූවමකට හා දඩයකට මෙන්ම වන්දි ගෙවීමටද යටත් වේ. සිර දඬූවම අවූරුදු 20 දක්වා දීර්ඝ කළ හැකිය.
(දණ්ඩ නීති සංග්‍රහය - 364 වගන්තිය)

බරපතල ලිංගික අපයෝජනය

කාන්තාවකගේ කැමැත්ත නොමැතිව හෝ අනිසි ලෙස ඇයගේ කැමැත්ත ලබාගෙන ඇය සමග කුමන ආකාරයේ හෝ ලිංගික ක්‍රියාවක යෙදීම බරපතල ලිංගික අපයෝජනයයි.
ස්ත්‍රි දූෂණයට නියමිත දඬූවමට මෙයට ද පැවසිය හැකිය.
(දණ්ඩ නීති සංග්‍රහය 365 (ආ) වගන්තිය)


බාලිකාවන්ගෙන් අයූතු ලිංගික ප්‍රයෝජන ගැනීම

ලිංගික අපයෝජනයෙහි යොදා ගනූ ලැබීම සඳහා හෝ කිසියම් ආකාරයක ලිංගික ක්‍රියාවකට සහභාගිවීම සඳහා යම් ස්ථානයක රැඳී සිටීමට අවූරුදු 18 ට අඩූ බාලිකාවකට දෑන දෑනම ඉඩ දෙන පූද්ගලයෙක් ළමයින්ගෙන් අයූතු ලිංගික ප්‍රයෝ්ජන ලබා ගැනීමේ වරද සිදු කරයි.
අවූරුදු 5 ට නොඅඩූ 20 ට නොවැඩි සිර දඬූවමකින් හා දඩයකින් මෙයට දඬූවම් කළ හැකිය.


ව්‍යාභිචාරය

පියා හා දුව, මව හා පූතා සීයා හා මිණිපිරිය වැනි පැවත ඒමෙන්, විවාහයෙන් හෝ කුලවැද්දීමෙන් ළඟ නෑකමක් ඇති පූද්ගලයන් අතර සිදුවන ලිංගික සම්බන්ධතා ව්‍යාභිචාරයයි.
ව්‍යාභිචාරයට අවූරුදු 7 ක අවම අනිවාර්ය සිර දඬූවමකින් දඬූවම් කළ හැකි වරදකි.
(දණ්ඩ නීති සංග්‍රහය - 364 (අ) වගන්තිය)
අවූරුදු 16 ට අඩූ දෑරියක සමග ව්‍යාභිචාරයේ යෙදීම, අවූරුදු 15 ට නොඅඩූ අවම සිර දඬූවමකට යටත් වේ.
(දණ්ඩ නීති සංග්‍රහය 384 (3) වගන්තිය)

ප්‍රවෘත්ති පළ කිරම

ලිංගික අතවරයකට ගොදුරු වූ පූද්ගලයෙකු හඳුනාගත හැකි ආකාරයට ඒ පූද්ගලයා පිළිබඳ තොරතුරු ඒ පූද්ගලයාගේ කැමැත්ත නොමැතිව පළ කිරම අවූරුදු 2 දක්වා සිර දඬූවමකින් හෝ දඩයකින් දඬූවම් කළ හැකි වරදකි.
(දණ්ඩ නීති සංග්‍රහය 365 (අ) වගන්තිය)


ගණිකා වෘත්තියේ යෙදවීම

කාන්තාවක ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ශ්‍රී ලංකාව තුළ හෝ පිටත ගණිකා වෘත්තියේ යෙදවීමට ලබාදීම කුටිටනය කිරමයි.
අවූරුදු 2 නොඅඩූ අවූරුදු 10 ට නොවැඩි සිර දඬූවමකින් හා දඩයකින් ඊට දඬූවම් කළ හැකිය.
(දණ්ඩ නීති සංග්‍රහය 360 (ආ) වගන්තිය)
කාන්තාවන් පැහැරගෙන යාම
අයූතු ලිංගික සංසර්ගය සඳහා කාන්තාවක ඇගේ කැමැත්තට පටහැනිව පැහැරගෙන යාම අවූ. 10 දක්වා සිරදඬූවම් ලැබිය හැකි වරදකි.
(දණ්ඩ නීති සංග්‍රහය 357 වගන්තිය)

ගෘහස්ථ සැහැසිකම්

බිරිඳට පහරදීමේ, වදහිංසා කිරමේ අයිතියක් සැමියාට නැත
එය දණ්ඩ නීති සංග්‍රහයේ 314, 315, 316, 317 වගන්ති යටතේ දඬූවම් ලැබිය හැකි සාපරාධි වරදකි.
ඊට එරෙහිව නීතියට අනූව කටයූතු කිරමේ, පොලිසියට පැමිණිලි කිරමේ අයිතියක් සෑම කාන්තාවකටම ඇත.
සැමියාගේ වදහිංසා, හිරිහැර, ඉවසා දරා සිටීමට කිසිම බිරිඳක් බැඳී නොසිටි.

5 Comments:

At 15 February 2012 at 22:10 , Blogger Ru_Sirini said...

කසුන්,
ලංකාවේ මාර්ග නීති ගැනත් ලිපියක් ලියන්න පුළුවන්ද?
මේ වගේ නීති ගැන සාමාන්‍ය මහජනයාට දැනගන්න පුළුවන් විදිහක් තියෙනවද?

 
At 16 February 2012 at 06:38 , Blogger Kasunk said...

man kalin ekak dala hv

 
At 16 February 2012 at 12:43 , Blogger දුකා said...

නියම වැඩක් . .

බොහොම වටිනා ලිපියක් . .

මේ වගේ ලිපි පෙලේක්ම ලියයි කියලා බලාපොරොත්තු වෙනවා . .

ජය

 
At 16 February 2012 at 14:47 , Anonymous Ruwan Sampath Wickramathilaka said...

coln complexස්තුයි..............
මේ වගේ ලිපි ලියනවට මොකද ලන්කාවේ ගොඩක් දෙනෙක් නීතිය ගැන දැනුවත් නැ........ එක ගැනුද පිරිමිද කියල වෙනසක් නැ........
මට help එකක් දෙන්න ........
ඔයා ගාව තියනවනම් දණ්ඩ නීති සංග්‍රහය .pdf එකක් එවනවද මට
thanks

 
At 9 May 2013 at 14:54 , Anonymous Anonymous said...

priminta hinsa kalama mokada wenney??

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home