මිදි
බ්ලැක් මස්කට් වර්ගය ඉදෙන විට කළු පැහැයෙන් යුක්ත වන අතර ඉතා වැඩි රසයක්
ගෙන දේ. ඉසබෙලා මිදි පත‍්‍රයේ පවතින රළු ස්වභාවය නිසා දිලීර රෝගවලට
ඔරොත්තු දීමේ ශක්තිය වැඩි අතර, තරමක ඇඹුල් ස්වභාවයක් උසුලයි. එකවර ඉදෙනු
නොලැබේ. හොඳින් වගා කළ හැකි අතර වයින් නිෂ්පාදනයට ඉතා සුදුසු වේ. මිදි
විවිධ වූ ක‍්‍රම අනුගමනය කරමින් වගා කළත් ප‍්‍රධානම කාර්ය වන්නේ මිදි වැල්
ක‍්‍රමානුකූලව ගමන් කරවීම හා නිසි අවස්ථාවල කප්පාදු කිරීම අත්‍යවශ්‍ය
වීමයි. ඒ අනුව වැඩි අස්වැන්නක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ. තවද මිදි පැළ
නිසි අයුරින් බඳුන්වල තවාන් කරන ලද මිදි පැළ සූූදානම් කළ බිමේ1m x 1m x 1m
වළවල් කපා දිරා ගිය කොම්පස් පොහොර හා පොහොර පස් නිර්දේශිත මිදි පොහොර
ග‍්‍රෑම් 500 බැගින් සකස් කර ගත් වළවල්වල දමා ජලය ද දැමිය යුතු වේ. මිදි
සිටවන අවස්ථාවේ දී වියළි දේශගුණයක් අවශ්‍ය වේ.පැළ සිටවීමේ දී වැල් දෙකක්
අතර පරතරය මීටර් 4 ක පමණ වන අතර, පේළි අතර පරතරය මීටර් 3 ක් පමණ අවශ්‍ය වේ.
පඳුරු ක‍්‍රමයට වගා කරන්නේ නම් පරතරය අඩි 6 ය 6 පමණ වෙයි. මිදි වැලකින්
අවුරුදු 30 ක් පමණ ප‍්‍රයොජන ගත හැකිය. මිදි වසරකට අවස්ථා දෙකක දී කප්පාදුව
සිදු කරන අතර, ඒ අනුව අවුරුද්දකට දෙවතාවක් මිදි නෙලීමට හැකියාව ලැබේ. මිදි
කප්පාදු කර මාස 2 1/2 සිට ඵලදාව හට ගන්නා අතර අස්වනු නෙලීමට හැකි වේ. ඒ
අවස්ථාව වියළි දේශ ගුණයක් අවශ්‍ය වේ. මිදි පොකුරකට හොඳට ඉදුණු පසු අස්වනු
නෙලීම සුදුසු වේ.මිදි ක්ෂය රෝගය සඳහා ඉතා හොඳ ඖෂධයක් ආයුර්වේද
වෛද්‍යවරුන්ගේ අදහසයි. මිදි ග‍්‍රෑම් 100 ජල ගෑෑම් 79.2% ක් ද, පේරීටින්
0.5% පොස්පර්ස් මි. ග‍්‍රෑ. 30% ක් හා මේදය 0.3% ක්, කාබෝහයිඩ්‍රේට්
16.5%, කැල්සියම් මිලි ග‍්‍රෑම් 28% යකඩ මිලිග‍්‍රෑම් 05% විටමින් සී 1%
කැලරි මි. ග‍්‍රෑ. 7 ක්ද ඇත. මිදිවල ග්ලුකෝස් අන්තර්ගතව ඇති බැවින් ශරීරයට
ඉක්මනින් උරා ගනු ලබයි. තවද පොටෑෂ් ලවණ බහුලව ඇති බැවින් පිළිකා රෝගීන්
සඳහා ඉතා හිතකර වේ.

0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home