11 Feb 2012

රත් ආභරණ සාදවා ගැනිමට පෙර


“මාලයක් හදා ගන්න ඕන” “වළල්ලක් හදා ගන්න ඕන” කාන්තාවන්ගේ සමාජය තුළ මෙවැනි වදන් නිරතුරුවම අසන්නට ලැබෙනවා. රන් ආභරණ ආලේපන වර්ග මෙන් දිනපතා හෝ සති පතා මිලදි ගන්නේ නැහැ. අපේ ජීවිතයේ හමුවන සුවිශේෂී උත්සව අවස්ථා සඳහා එක් කරගනු ලබන රන් ආභරණ ජිවිත කාලය පුරාවටම අප භාවිත කරනු ලබනවා. විශාල මුදලක් ගෙවා අප විසින් මිලදී ගනු ලබන මේ රන් ආභරණ තෝරා ගැනීමට පෙර අප සැලකිලිමත් විය යුතුමයි. එසේ නොවුන හොත් ඔබට පසුව පසුතැවිල්ලට ලක්වන්නට සිදුවෙනවා නොඅනුමානයි. ඔබ විසින් රන් ආභරණ මිලට ගැනීමට පෙර, භාණ්ඩය තොරා ගැනීමේදී හො භාණ්ඩයක් නිර්මාණය කිරීමට ඇනවුමක් භාර දීමේදී මෝස්තර නිර්මාණ ශිල්පියකු සමඟ සාකච්ඡා කළ යුතුය. රන් ආභරණ නිර්මාණය කිරීමේදී මූලික වශයෙන් බලපානු ලබන්නේ මොස්තර නිර්මාණ ශිල්පියාගේ මනඞකල්පිත අදහසයි. නිර්මාණ ශිල්පියා විසින් තමන්ගේ සිතෙහි ඇඳි රුව අනුව මෝස්තරයක් නිර්මාණය කරනු ලබයි. ඇතැම්විටදී ඔබගේ සිතෙහි ඇඳී ඇති නිර්මාණය වර්ධනය කරමින් අලංකාර මෝස්තර වලින් සපිරි භාණ්ඩයක් නිර්මාණය කරනු ලබන්නේද මෝස්තර නිර්මාණ ශිල්පියායි.  මෝස්තරයක් නිර්මාණය කිරීමට ප‍්‍රථම ඔබට නිර්මාණ පිළිබඳව මූලික අදහසක් තිබිය යුතුය. “මම මේ මුද්දට ගලක් අල්ලනවාද” වැනි දේ රන්භාණ්ඩ වෙළෙඳසලට පැමිණෙන විට ඔබ නිරාකරණය කරගෙන පැමිණීම ඉතා වැදගත්ය. “මට ගල් අල්ලපු චාම් මුද්දක් පවුං කාලකින් විතර හදාගන්න ඕන.” ඔබට මෙවැනි දළ අදහසක් තිබිය යුතුය. එවිට ඔබට සිතැඟි පරිදි භාණ්ඩය නිර්මාණය කර ගැනීමට පුළුවන්. රන් ආභරණ නිපදවීමේදී යොදාගනු ලබන තාක්‍ෂණික ක‍්‍රමවේදයද ඉතා වැදගත් වෙයි.
 ඔබට අඩු පිරිවැයකින් අඩු කාලයක් තුළදී භාණ්ඩය නිපදවා ගැනීමට හැකි වුවහොත් එය ඉතාමත් අඩු නිෂ්පාදන වියදමක් ගෙවා ලබගත හැකියි. මේ සියලු කරුණු පිළිබඳව මෝස්තර නිර්මාණ ශිල්පියා ඔබ සමඟ සාකච්ඡා කරනු ලබයි. ඔබ මෙවැනි සේවාවක් ලබා ගැනීමට විශ්වාසවන්ත වෙළෙඳසලක් තෝරා ගැනීම ඉතාමත් වැදගත්ය. රන් භාණ්ඩවල විශිෂ්ටත්වය රඳාපවතින්නේ පාරිභොගිකයා සහ වෙළෙන්ඳා අතර ඇති විශ්වාසනීයත්වය මතය.මෝස්තර නිර්මාණ ශිල්පියා සමඟ සාකච්ඡා කරමින් රන් භාණ්ඩයක් නිපදවීමට පෙර පහත සඳහන් කරුණු පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් බව මතක තබාගත යුතුයි. ඔබගේ නිර්මාණ අදහස සහ මොස්තර නිර්මාණ ශිල්පියාගේ අදහස නවීනතම මෝස්තර සමඟ ගැළපිය යුතුයි. භාණ්ඩ නිපදවීමේදී එහි රන්බර තීරණය කළ යුත්තේ ඔබ විසිනි.අඩු බරකින් වැඩි පෙනුමක් ලබාදෙන භාණ්ඩ නිෂ්පාදනය කිරීමට ප‍්‍රමුඛතාව ලබාදිය යුතුයි. ආභරණ නිපදවීම සඳහා යොදාගනු ලබන ශිල්පීය ක‍්‍රමය පිළිබඳව දැනුවත් විය යුතුයි. ආභරණ නිපදවීමෙන් පසු එහි වටිනාකම පිළිබඳව අවබෝධය ඔබ සතුවිය යුතුමයි.වෙළෙඳපොළෙහි සැමදා එක ලෙස ජනපි‍්‍රය මෝස්තර නිර්මාණ සඳහා භාවිතා කළ යුතුයි.

3 Comments:

At 11 February 2012 at 21:30 , Blogger The තරුවා said...

ඒකත් හරි..

 
At 11 February 2012 at 21:35 , Blogger www.ceylonlanka.info said...

වටිනා ලිපියක් රන් බාන්ඩ වල මිල තීරණය වෙන හැටිත් පුලුවන්නම් දාන්න

 
At 12 February 2012 at 10:15 , Anonymous Anonymous said...

sahodarayoo,obage lipi itha watina wadagath ewa bawin sthuthi wantha wemi.

oba cheda wen kota aththath ema cheda athara thawath ek peliyak hiswa thabeemen meme cheda wen kota haduna ganimata pahasu wewi.

eya meme lipi wala watinakama thawath ihala nanweemata upakari wewi

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home