16 Nov 2011

දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය(ස්ත්‍රී දූෂණය)





                      



                   ස්ත්‍රී දූෂණය නැමැති වරද දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තියේ අර්ථ දැක්වේ. එයට අනුව ස්ත්‍රී දූෂණයක් සිදු කල හැකි අවස්ථා පහත අයුරින් දැක්විය හැක.


1. ඇයගේ කැමැත්තට විරැද්ධව.

2. ඇය සිහි විකලව සිටියදී හෝ ඒ පුරැෂයා හෝ වෙනත් අයෙකු දුන් මත් ද්‍රව්‍ය හෝ මධ්‍යසාර නිසා ඇතිකල මත් අවස්ථාවක සිටියදී ඇගේ කැමැත්ත ඇතිව.

3. ඇයගේ ස්වාමිපුරැෂයා බවට විශ්වාස කරමින් දුන් කැමැත්ත ඇතිව හා ඒ බව එම පුරැෂයා දන්නා විටක.

4. බලහත්කාරය පෙන්වීමෙන් හෝ බියගැන්වීමෙන් හෝ මරණය හෝ තුවාල සිදු කිරීමේ බියකට ඇය පමුණුවා ලබාගත් කැමැත්ත ඇතිව.

5. නීත්‍යානුකූලව හෝ නීති විරෝධීව රදවා සිටියදී ලබා ගත් කැමැත්ත ඇතිව.

6. ඇයගේ වයස අවු.16 ට අඩු විට කැමැත්ත ඇතිව හෝ නැතිව.


                      ඉහත සදහන්කල සය වැදෑරැමි අවස්ථාවන්හිදී ස්ත්‍රී දූෂණයක් සංස්ථාපනය වේ. මෙකී අවස්ථා සයෙන් පලමු අවස්ථාවේදී හැර අන් අවස්ථාවන්හිදී පුරැෂයා අදාල ස්ත්‍රිය සමග ලිංගික සංසර්ගයේ යෙදෙන්නේ එකී ස්ත්‍රියගේ කැමැත්ත සහිතව වුවද එකී කැමැත්ත ලබාගෙන ඇත්තේ නීති වීරෝධීව බැවින් එකී අවස්ථාවන්හිදී ද මෙකී වරද සංස්ථාපනය වේ .



                      මෙහි දක්වා ඇති පලමු අවස්ථාවේ දී සංසර්ගය සිදුවන්නේ ඇයගේ කැමැත්තට විරැද්ධවය. එනමි ඇයගේ කැමැත්ත සංසර්ගයේ නොයෙදීමටය. ඇය විරෝධතා ඉදිරිපත් කර තිබේ.

                      නිදසුනක් ලෙස ඇය පුරැෂයාගේ ක්‍රියාවට ප්‍රතිරෝධය දක්වන අවස්ථාවක ඇයගේ කැමැත්තට විරැද්ධව සංසර්ගයේ යෙදීම දැක්විය හැක. ඉරීගිය ඇදුමි, දෙදෙනාගේම ශරීරයේ ඇති තුවාලවැනි කරැණු ඇයගේ කැමැත්තට විරැද්ධව ක්‍රියාව සිදු වූ බවට සාක්ෂි දේ.

                     නමුත් ශරීරයට සිදු වී ඇති ශාරීරික තුවාල වැනි ප්‍රතිරෝධය පිලිබද සාක්ෂි සංසර්ගය සිදුවී ඇත්තේ කැමැත්ත නොමැතිව බව ඔප්පු කිරීම සදහා අත්‍යාවශය නොවේ.

                    ලිංගික සංසර්ගය සිදු වූයේ ස්ත්‍රියගේ කැමැත්තට විරැද්ධව හෝ කැමැත්ත නොමැතිව බව එම අවස්ථා වලදී ඔප්පු කිරීමේ වගකීම පැමිනිල්ල මත පැවරේ එයට හේතුව එය වරදේ සංඝටකයක් වීමයි. ලිංගික සංසර්ගය ස්ත්‍රියගේ කැමැත්තෙන් සිදු වූ බව විත්තිකරැ විසින් ඔප්පු කිරීම අනවශ්‍යය. එය සමිබන්ධයෙන් සැකයක් මතු කිරීමට විත්තියට හැකි වුවහොත් පැමිනිල්ල විසින් වරදේ සංඝටකයක් ඔප්පු නොකිරීමේ පදනම මත විත්තිකරැ නිදහස ලබා ගනී.


                     ස්ත්‍රී දූෂණය සමිපූර්ණ වීම සදහා ලිංගික ප්‍රවේශය පමනක් ප්‍රමානවත්ය. ව්‍යතිරේඛය ලෙස එක් වෙන්නේ  භාර්යාවගේ වයස අවු.16 ට අඩු නොවූ විට භාර්‍යාව සමග පුරැෂයා සංසර්ගයේ යෙදීම ස්ත්‍රී දූෂණයක් නොවන බවය.


                     1995 නව සංශෝධනයෙන් ගෙන ආ වැදගත් ප්‍රතිපාදනයක් වනුයේ වෛවාහක ස්ත්‍රී දූෂණයයි. එනමි විවාහක පුරැෂයා එම භාර්යාව සමිබන්ධයෙන් ස්ත්‍රි දූෂනය සිදු කිරීමේ අවස්ථාවකි. එයට අනුව විවාහක පුරැෂයෙකු විවාහය අවලංගු වී නැති නමුත් නීතිය ඉදිරියේ වෙන් වීමක් සිදු වී ඇති අවස්ථාවක තමන්ගේ භාර්යාවගේ කැමැත්තට විරැද්ධව ඇය සමග සංසර්ගයේ යෙදීම ස්ත්‍රී දූෂණයක් ලෙස හදුන්වා දී තිබේ.

                1995 / 22 සංශෝධනයෙන් සත්‍රී දූෂණය පිලිබද දඩුවමි විධිමත් කිරීමක් දක්නට ලැබේ. ඒ අනුව ස්ත්‍රී දූෂණ වරද සිදුකරන්නෙකුට අවුරැදු 07 ක අවම සිර දඩුවමකට යටත්ව අවුරැදු 20 ක් දක්වා වූ සිර දඩුවමක් නියමම කල යුතුය. මේ නිසා ස්ත්‍රී දූෂණ වරදට අත් හිටවූ සිර දඩුවමක් නියම කල නොහැක. 364 වගන්තියේ තවදුරටත් දක්වා ඇත්තේ දූෂණයට ලක් වූ කාන්තාවගේ වයස අවු.16 ට අඩු නමි  සහ විත්තිකරැගේ වයස අවු.18 ට අඩුනමිද ලිංගික සංසර්ගය සිදු වී ඇත්තේ ඇයගේ කැමැත්තෙන් නමි එවන් අවස්ථාවක අවු.10 කට අඩු සිර දඩුවමක් නියම කල හැකිය. එනිසා එවන් අවස්ථාවකදී පමණක් අත්හිට වූ සිර දඩුවමි නියම කල හැක.


                මීට අමතරව පනතේ ප්‍රකාශිතවම දක්වා ඇත්තේ විවිධ තත්ව යටතේ ස්ත්‍රී දූෂණය සිදු කරන අයට වඩා වැඩි දඩුවමි දිය යුතු බවය. එනමි,


1. රජයේ නිලධාරියෙකු හෝ යමිකිසි බලධාරියෙකු තමාගේ නිල බලය භාවිතා කරමින් තමන්ගේ රැකවරණයේ සිටින්නා වූ කාන්තාවක් දූෂණය කල විට.



2. නීතිය මගින් හෝ නීතිය යටතේ පහිට වූ රක්ෂණ නිවාසයක හෝ අත් අඩංගුවේ තබාගන්නා ස්ථානයක කලමනාකරැවකු හෝ කාර්ය මන්ඩලයේ අයෙකුගේ තත්වය ප්‍රයෝජනයට ගෙන රැදවියෙකු දූෂණය කිරීම.



3. රෝහල් කාර්ය මණ්ඩලයක අයෙකු රෝහලක නේවාසිකව සිටින කාන්තාවක තම තත්වය ප්‍රයෝජනයට ගනිමින් දූෂණය කිරීම.



4. යමි ස්ත්‍රියක් ගර්භනී බව දැන දැනම දූෂණය කිරීමක දී,


5. අවුරැදු 18 ට අඩු කාන්තාවක් දූෂණය කිරීමකදී,



6. ආබාධිත ස්ත්‍රියක් දූෂණය කිරීමකදී


               අවම සිර දඩුවම වසර 10 ක් ද, උපරිමය වසර 20 ක් ද විය යුතුය.


රංචු ගැසී ස්ත්‍රී දූෂණය කිරීමේ වරද.

              මෙම වරද ද අපගේ නීතියට අලුතින් එකතු කර ඇති වරදකි. 364 වගන්තියේ අර්ථ දැක්වීම අනුව
                        තැනැත්තන් කණ්ඩායමක එක් තැනැත්තෙකු හෝ ඊට වැඩි තැනැත්තන් සංඛ්‍යාවක් විසින් ස්ත්‍රී දූෂණ වරද සිදු කර ඇති අවස්ථාවක ඒ වරද සිදු කල හෝ ඒ වරද සිදු කිරීමට අනුබල දුන් ඒ කන්ඩායමේ එක් එක් තැනැත්තා රංචු ගැසී ස්ත්‍රී දූෂණය කල ලෙස සලකනු ලැබේ.

             මෙහිදී රංචුවක් සමන්විත වීමට කී දෙනෙකු අවශ්‍යදැයි නිශ්චිත ප්‍රතිපාදන නැත. නමුත් තැනැත්තන් කන්ඩායමක් සිටින අවස්ථාවක එක් අයෙකු ස්ත්‍රී දූෂණය කල විටද රංචු ගැසී ස්ත්‍රී දූෂණය කිරීමේ වරද සිදු කරන්නේය. මෙහිදී මතුවන ප්‍රශ්ණයක් වන්නේ රංචු ගැසී ස්ත්‍රී දූෂණය කිරීමේ වරදට වරදකරැවන් වනනේ එම කන්ඩායමේ සිටින දූෂණයට අනුබල දුන් සහ දූෂණය කල අයවලුන් පමණක්ද නැතහොත් කන්ඩායමේ සිටින සෑම අයෙකුම එම  වරදට වරදකරැකල යුතුද යන්නයි. මෙයට පැහැදිලි පිලිතුරක් අධිකරණයෙන් ලැබී නැත. නමුත් මෑතකදී විභාග වූ නඩුවකදී එලෙස අනුබල දුන් සහ දූෂණය කල සැකකරැවන් මෙකී වරදට වරදකරැවන් කරනු ලැබීය.

                    රංචු ගැසී ස්ත්‍රී දූෂණය කිරීමේ වරදට අවම දඩුවම වසර 10 ක සිර දඩුවමක් වන අතර උපරිමසිර දඩුවම වසර 20 කි.

                    නව නීතිය අනුව ස්ත්‍රී දූෂණ වරදට වරදකරැ වන්නෙකුට, වරදට භාජනය වන අයට වන්දියක් ගෙවීමට නියම කරන ලෙස දැක්වීමට ප්‍රතිපාදන හදුන්වා දී තිබේ.

6 Comments:

At 16 November 2011 at 14:31 , Blogger Loku John said...

භයානක ලිපියක් !

 
At 16 November 2011 at 15:01 , Blogger Kasunk said...

ඔවි සහෝ.....මේවාගේ දේවල් ගැන සමාජය දැනුවත් කිරීම යුතුකමක්...මේවන් වරදි කරන්නන්ට භයානක ලිපියකි..

 
At 16 November 2011 at 15:58 , Blogger රත්නේ said...

''එයට අනුව ස්ත්‍රී දූෂණයක් සිදු කල හැකි අවස්ථා පහත අයුරින් දැක්විය හැක''

මේකෙ පොඩි අවුලක් තියනවා වගෙ.. ඊට වඩා හොද නැද්ද ''ස්ත්‍රී දූෂණයක් සිදු විය හැකි අවස්ථා'' වගෙ එකක්..

 
At 16 November 2011 at 16:33 , Blogger Kasunk said...

මචන් නීතිය අර්ථ දක්වන්නේ අර විදියට...දණ්ඩ නීති සංග්‍රහය බලහං...ස්ටුඩන්ට් ඔෆ් ලෝ

 
At 18 November 2011 at 18:30 , Blogger බුවාරික්ස් said...

ඔය නීති හරියටම ක්‍රියාත්මක වෙනව නම් අපේ රටේ බාල අපරාධ කාරයොන්ටම හිර ගෙවල් වල ඉඩ මදි වෙයි! ඔන්න මරණ දඩුවම දෙනව කිව්වොත් නම් කට්ටිය ටිකක් බය වෙයි :D එහෙනම් ගොඩක් උන් හිරේ යන්නෙත් 6 වෙනි වරද කරල(6. ඇයගේ වයස අවු.16 ට අඩු විට කැමැත්ත ඇතිව හෝ නැතිව.)

 
At 18 November 2011 at 18:35 , Blogger Kasunk said...

ehema wenne athi ekai prashne...

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home