13 Nov 2011

දරැවකු දරැ කමට හදා ගැනීමට අවශ්‍යද ?



            ශ්‍රී ලංකා නීතිය පිලිගනු ලබන වලංගු දරැකමට හදා ගැනීම පිලිබද නීතිය 1941 අංක 24 දරණ දරැකමට හදා ගැනීමේ ආඥා පනතේ දැක්වේ. මෙකී පනතේ මුලික පරමාර්ථය වන්නේ දරැවනට කෘර හා අමානුෂික වදහිංසා වලින් තොරව ජීවත් වීමේ අයිතිය තහවූරැ කිරීමය.
          පනතේ 17 වන වගන්තිය අනුව ' ලමයා ' යන්නට දී ඇති අර්ථය නමි වයස අවු. 14 ට අඩු වයසේ පසු වන්නන්ය.
          3 ( 5 ) වගන්තිය අනුව ලමයා වයස අවු. 10 ට වැඩිනමි ඔහුගේ කැමැත්ත අවශ්‍ය වේ.   ඒ අනුව වයෝපූර්නත්වයට පත් වූ අයෙක් දරැකමට හදාගත නොහැක.
          දරැකමට හදා ගන්නා ලමයින් අයතා ලෙස ප්‍රයෝජනයට ගැනීම වැලැක්වීමට මෙම පනතේ හා දන්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන සකසා තිබේ. මෙයින් බලාපොරොත්තු වනනේ දරැවෙකුගේ යහපත ආරක්ෂා කිරීමයි.

පනතේ වැදගත් ප්‍රතිපාදන.

           2 ( 2 ) දෙදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් ඉල්ලීමක් කල විට අධිකරණය ඊට අවසර නොදේ. නමුත් කලත්‍රයන් දෙදෙනාම එක්ව ඉදිරිපත් කරන ඉල්ලුමි පත්‍රයට අධිකරණය අවසර දේ. ඒ අනුව පෙනෙන්නේ කලත්‍රයන් නොවන අයට කුලවැද්දුමි නියෝගයක් ගත නොහැකි බවත්, ඒ අනුව අවිවාහජ දෙමාපියන්ට ඔවුන්ගේම අවිවාහජ දරැවා වුවත් දරැකමට ගත නොහැක.
 3 ( 1 ) ( ඒ ) ඉල්ලුමිකරැ අවු. 25 ට අඩු නමි දරැකමට හදා ගැනීමේ ආඥාවක් ඉල්ලිය නොහැක.
 3 ( 1) ( බී ) දරැවා හදා ගන්නා තැනැත්තා හා දරැවා අතර වයස් පරතරය අවු. 21 ක් විය යුතුය.
මෙයට ඇති ව්‍යතිරේඛය.
1. අදාල දරැවා ඉල්ලුමිකරැගෙන් පැවත එන්නෙකු නමි.
2. ඉල්ලුමිකරැගේ සහෝදරයෙකු / සහෝදරියකගේ ( පූර්ණ / අර්ධ ) හෝ ඔවුන්ගෙන් පැවත එන දරැවකු නමි
3. තම කලත්‍රයාගේ දරැවෙකු නමි.

3 ( 2 ) දරැකමට හදාගැනීමට ඉල්ලුමි කරන්නා තනි පුද්ගලයෙකු හෝ පිරිමි අයෙකු නමි හෝ දරැවා ගැහැණු නමි අධිකරණය සෑහීමකට පත්විය යුතුය.
 3 ( 3 ) දරැවාගේ රැකවරනය හා පරිපෝෂණය සපයන අයගෙන් මේ   පිලිබදව කැමැත්ත විමසිය යුතුය. දරැවා මගහැර දමා ඇත්නමි / අධිකරණය දරැවාගේ භාරකරැ හෝ දෙමාපියන් සිහිවිකල් තැනැත්තෙක් වශයෙන් දක්වා ඇති විට කැමැත්ත අවශ්‍ය නැත.
             මෙහි අවසාන ජේදය වැදගත්ය. ඒ අනුව විවාහක ස්ත්‍රියක් පසුව විවාහ වුවහොත් , එම ස්ත්‍රියට දරැවකු සිටිය හොත් එම දරැවාට පරිපෝෂණය සැපයීමේ වගකීම අදාල පියාට හිමිවේ.
             පනතේ කොතැනකවත් අවිවාහක කාන්තාවකට දරැවකු හදා ගැනීමට නොහැකි යැයි සදහන් කර නැත. නමුත් අර්ථ නිරෑපනය අනුව පෙනෙන්නේ අප අධිකරණය අවිවාහක කාන්තාවකට දරැවකු දරැකමටහදා ගැනීමට ඉඩ නොදෙන බවයි.
3 ( 4 ) හවුල් ඉල්ලීමකදී දෙදෙනාගේම කැමැත්ත විමසිය යුතුය. පාර්ශවයන් දෙක අධිකරණමය වෙන්වීමක ලැබ සිටින විට හෝ එක් පාර්ශවයක් සිහිවිකල් නමි කැමැත්ත විමසීම අවශ්‍ය නැත.
3 ( 5 ) ලමයා අවු. 10 ට වැඩි නමි ඔහුගේ කැමැත්ත අවශ්‍යයි.
 3 ( 6 ) මුල්කාලීන නීතිය අනුව විදේශිකයෙකුට මෙරට දරැවකු දරැකමට හදාගත නොහැක. නමුත් 1979 අංක 38 දරණ පනත මගින් ලංකාව තුල නිත්‍ය පදිංචියක් නොදරන අයෙකුට අයදුමිකරැවකු විය හැක.
          එවන් විටක ගතයුතු පියවර අතුරැ විධානයේ දක්වා ඇත.
          තවද පරිවාස හා ලමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ස්වභාවික දෙමාපියන්ගෙන් වෙන්වන විට කැමැත්ත බැලීමේ මැදිහත්කරැවකු ලෙස කටයුතු කිරීම අපේක්ෂා කරයි.
         දින 14 - දින 28 නෙඉක්මවන ආකාරයට 4 වග. ප්‍රතිපාදන අනුව වාර්තාවක් සකසා අධිකරණයට ඉදිරිපත් කල යුතුය.
         මෙයට අදාල දෙමාපියන්ගේ ආර්ථික හා සමාජීය තොරතුරැ සොයා බලා අදාල රටේ තානාපති කාර්‍යාලයෙන් ලබා ගන්නා වාර්තාවක් ඇමිනිය යුතුය.
 4 ( ඒ ) දරැකමට හදාගැනීමක ප්‍රතිථල මනා ලෙස අවබෝධ කරගෙන සිටී ද යන්න.
 4 ( බී ) දරැවාගේ සුභසිද්ධිය සැලසීමට ගත් පියවරක් ලෙසත් දරැවාගේ කැමැත්තට ඉඩ හැරීම වයස හා ඔහුට ඇති අවබෝධය මත ගත් තීරණයක් ලෙස අධිකරණය සෑහීමකට පත්විය යුතුය.
        දරැවකු මූල්යමය වටිනාකමකට හුවමාරැ කර ගැනීම සමිපූර්නයෙන්ම තහනමිය. අධිකරණය සෑහීමකට පත්වන විටක පමනක් යමි මූල්යමය වටිනාකමක් ලබාදීමට අධිකරණයට හැක.
5 වග. කොන්දේසි හා නියමයන්.
 60 වග. විවාහයක් තුල උපත ලද දරැවකුට ඇති අයිතිය හදාගත් දරැවකුට ද ඇත.
අතුරැ විධානය.
        හදාගත්තේ කලත්‍රයන් දෙදෙනාම නමි සහ ඉන් පසුව අධිකරණමය වෙන්වීමක් ලබාගත හොත් එම දෙමාපියන් කෙරේ ප්‍රවේශය පැවැත්වීමේ අයිතිය දරැවාට ඇත.
6 ( 2 ) හදාගත් දෙමාපියන්ගේ වාසගම ලමයාට භාවිතා කල හැක.
 6 ( 3 ) හදාගත් දරැවා නීත්‍යානුකූලව පවූල් ඒකකය තුල ඉපැදුනු අයෙක් මෙන් සියලු නීත්‍යානුකූල අයිතිවාසිකමි භුක්ති විදිය යුතුය.

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home