8 Nov 2011

ගැහැනූ පිරිමි වයසට යන්නේ දෙයාකාරයකිනි

ගැහැනූ පිරිමි දෙපිරිස දෙයාකාරයකින් වයසට යන බව වයස්ගත වීම පිළිබඳ පර්යේෂණ කරන විශේෂඥයකු වූ දොස්තර මයිකල් රොයිෂන් ප්‍රකාශ කර ඇත. දොස්තර රොයිෂන් කියාසිටින ආකාරයට දෙගොල්ලන්ගේ හිසකෙස් ඇස් කන්, මොළ, හදවත් පෙනහලු, ලිංගේන්ද්‍රියන්, සම, බර ආදියේ වෙනස්කම් සිදුවන්නේ වයසට යාමත් සමගම පහත දෑක්වෙන විදිහටය.

හිසකෙස්

ගැහැනූ මාස් ශුද්ධිය නැවතුණූ පසූ කෙස් අඩූවීමේ ස්වභාවයක් දෑකගත හැකිය.

පිරිමි

පෙර යොවූන්වියේ සිටම කෙස් යාමේ තත්ත්වයක් ඇතිවිය හැකි අතර වයස 50 පමණ වන විට තටිටය පෑදීමේ ලක්ෂණ පවා සමහරුන්ගේ හිසේ දෑකගත හැකිය.


ඇස්

ගැහැනූ- පිරිමි බේදයකින් තොරව වයස 50 දී පමණ සියයට 90 කට පමණ පෙනීමේ දුර්වලතා හට ගැනීමට පූළුවන.


කණ්

ගැහැනූන්ට කලින් පිරිමින්ගේ කන් ඇසීමේ දුර්වලතා හට ගැනීමට ඉඩ ඇති අතර සමහරවිට එම දුර්වලතාවන් වයස 30 ගණන් ලබන විටම වාගේ ඇතිවන්නටද බැරිකමක් නැත.


මොළය

ගැහැනූ

මාස් ශුද්ධිය නැවතුනූ විට ගැහැනූන්ගේ මොළේ ෙසෙල

පිරිමින්ට වඩා වැඩි වේගයකින් අක්‍රිය විය හැකිය. වයස්ගත වන විට මතුවිය හැකි මොළේ අවූල් ස්වභාවයටද ඔවූන් වැඩිපූර ගොදුරුවන්නට බැරිකමක්ද නැත.

පිරිමි

වයස 30 ගණන්වලදී ගැහැනූන්ට වඩා කලින් මොළේ ෙසෙල විනාශ වී යා හැකිය.


හදවත

ගැහැනූ

ඩිම්බ කෝෂයේ නිපදවෙන එස්ට්‍රොපින් හෝමෝනයේ ආරක්ෂාකාරී බලපෑම නිසා මැදි වයසට කලින් හෘදයාබාධ වැළඳීමේ අවදානමක් නැති තරම්ය.

එහෙත් මාස් ශුද්ධිය නැවතුනාට පසූව හෘදයාබාධ වැළඳීමේ අවදානම ඉහළ යන අතර වයස 65 පමණ වන විට දෙගොල්ලන්ගේම එම අවදානම එක හා සමාන වීමට ඉඩ ඇත.

පෙනහලු

ගැහැනූ- පිරිමි දෙගොල්ලන්ගේම පෙනහලු ක්‍රියාකාරීත්වය සමාන අනූපාතයකින් පහත වැටෙන නමූත් කාන්තාවන්ගේ එම වෙනස වඩාත් පැහැදිලිය.


මූත්‍රා මාර්ගය
ගැහැනූ

ජීවිත කාලය පූරාම පිරිමින්ට වඩා මූත්‍ර මාර්ගයේ ලෙඩ රෝගවලට ගොදුරු වීමේ ඉඩකඩ ඇත. මාස් ශුද්ධිය නැවතීමෙන් පසූව මූත්‍රා මාර්ගය සිහින් විය හැකි අතර ආසාදනවලට ගොදුරුවීමේ ඉඩකඩ වැඩි කරමින් මූත්‍රා වාහිනිය කෙටි වන්නටද පූළුවන්.

පිරිමි

වයස 65 පමණ වන විට පිරිමින් හරිි අඩකගේ පමණ ප්‍රොස්ටේ‍රිටි ග්‍රන්ථිය සැලකිය යූතු මටිටකින් විශාල වීමේ ඉඩකඩක් පවතී. එම ග්‍රන්ථියේ පිළිකා ඇතිවීමේ අවදානමට පවා ඔවූන් ගොදුරු වන්න බැරිකමක් නැත.

1 Comments:

At 11 October 2014 at 12:15 , Anonymous Anonymous said...

නියමයි

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home