10 Oct 2011

ඔබ නෙත් කළුද සිත් කළුද


ඔබේ පෙනුම පිළිබඳ ඔබ තුළ විවිධාකාර අදහස් තිබිය හැක. ඇතැම් විට බාහිර ස්වරූපය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන ඔබ එය ඔප්නැංවීම සඳහා විවිධ මාදිලියේ අනුකරණයන්ට පෙළඹෙයි. ඔබ ඔබේ පෙනුම පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්නේ අන්‍යයන් විසින් ඔබේ පෙනුමට දෙනු ලබන අගය මතය. පෙනුම ගැන සැලකිලිමත් වීමෙහි වරදක් නැත. එහෙත් පමණට වඩා ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමට යාමෙන් ඔබේ පෙනුම පිළිබඳ ඔබට ගැටලු රාශියකට මුහුණදීමට සිදුවෙයි. පෙනුම පිළිබඳ සැලකිලිමත් වන ඔබේ විශේෂත්වය වන්නේ අන්‍යයන් හා තමන්ගේ රූපය සංසන්දනය කර බැලීමයි. ඇතැම් විට ඔබ එයින් පසුතැවීමට පත්වෙයි. ඔබට වඩා අනෙක් පුද්ගලයා ශාරීරික වර්ණයෙන් පැහැපත් නම් ඔබ ඒ පිළිබඳ කනස්සල්ලට පත්වෙයි. කිසිවිටෙකත් තමාගේ රූපය පිළිබඳ දොම්නසට පත් නොවිය යුතුය. ඔබේ පෙනුම පියකරු බව හැමවිටම හිතන්න. පෙනුම රැකගැනීම සඳහා කළ යුතු හොඳ දේ කිරීමයි වැදගත් වෙන්නේ. උදාහරණ ලෙස ඔබ වඩා තරබාරු වැඩි යැයි ඔබට හිතෙනවා නම් ඒ සඳහා ගත යුතු ආහාර පාලනය වැනි කි‍්‍රයාවන් අනුගමනය කරන්න. කිසිවිටෙකත් රූපය පිළිබඳ සිතින් අධෛර්යයට පත්වන්නට එපා.
බලපෑම්වලට හසුනොවීමරූපය පිළිබඳ සැලකිලිමත් වන ඔබ කූට බලපෑම්වලට හසුවන්න එපා. විශේෂයෙන්ම රූපලාවන්‍ය වෙළෙඳාම්කරුවන්ගේ පාරිභෝකියන් බවට පත්වන්නට එපා. ඇතැම් අවස්ථාවල රූපලාවන්‍යාගාර කරා යාමට ඔබට අවශ්‍ය වෙයි. එහි වරදක් නැත. එහෙත් රූපලාවන්‍යාගාර කරා යාම පුරුද්දක් බවට පත්කරගන්න එපා. ඔබව මුලාවේ දමන වෙළෙඳ දැන්වීම්කරුවන්ගේ උපක‍්‍රමවලට හසුුනොවීමට වගබලා ගන්න. සිත් ඇදගන්නා සුළු ස්තී‍්‍රන් සහ පුරුෂයන් යොදා ගනිමින් ඔවුන් ගෙනයන කූට ව්‍යාප්තීන්ට ඔබ හසුවන්නට එපා. ඔබගේ සිතිවිලි හැඩගැසීමට ඔවුන්ට ඉඩහරින්න එපා. සාර්ථකත්වයට පත්වීමට ඔබට යම් පෙනුමක් තිබීම අවශ්‍ය බව සැබෑවකි. එහෙත් එය විවිධ නිෂ්පාදනකරුවන්ගේ මඩිය තර කරන අවිධිමත් ප‍්‍රචාරයන්ට හසු නොවී සිදු කළ යුත්තකි.
සෑහීමට පත්වන්නඔබේ පෙනුම ඔබ ම අවතක්සේරු කිරීමෙන් වළකින්න. ඔබ ආරෝහ පරිණාහ දේහයෙන් යුත් පුරුෂයෙකු හෝ පංච කල්‍යාණයෙන් සපිරි ස්ති‍්‍රයක නොවිය හැකිය. එහෙත් ඔබට ලැබී ඇති සාමාන්‍ය පෙනුම පිළිබඳ සෑහීමකට පත්වන්න. ඔබේ පෙනුම රැකගැනීම හා දියුණු කර ගැනීම සඳහා යම් පමණකට කැපවීම වරදක් නැත. එහෙත් එය ඔබේ පමණ දැන කළ යුත්තකි. සමබර ආහාර, ආහාර පාලනය වැනි කරුණුවලට අමතරව ඔබේ පෙනුම සඳහා බලපාන ප‍්‍රබල සාධකයකි. ඔබේ චෛතසිකයකි. ඔබ රූපයෙන් කෙතරම් ලස්සන වුවත් ඔබේ සිවිලි තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය හෝ පුහු අහංකාරය වැනි හැඟීම් ඇත්නම් ඔබේ ව්‍යාජ සිනහව අන්‍යයන්ට පි‍්‍රය නොවන්නට පුළුවන. බාහිරින් පෙනෙන රූපය තුළින් ඉස්මතු වන ඔබේ අභ්‍යන්තරය කෙරෙහි හැමවිටම සැලකිලිමත් වන්න. පෙනුම පිළිබඳ පමණට වඩා සිතීමට යන්න එපා. එය සාමාන්‍ය දෙයකැයි සිතා සිටීම වඩා වැදගත් වෙයි. ‘ජෝනි කිලිංග‘ නම් ලේඛකයා ඒ පිළිබඳ මෙසේ දක්වයි.බොහෝ දෙනෙකුට ජීවිතයේ ඉතා වේදනාකාරී සාධකයක් වන්නේ හොඳ පෙනුම නොහැකි වීමය. එය කලින් දැනගෙන ඔවුන්ගේ ජීවිතවල ඉතිරි කාලය තුළද කලාතුරකින් මගහරින එකකි.පියකරු පෙනුමක් ඇති කර ගැනීම සඳහා සරල ක‍්‍රමවේදයන් අනුගමනය කිරීම තුළින් ඔබේ මුදලත් පෙනුමත් ආරක්ෂා කරගත හැකිය. මින් අදහස් කරන්නේ ඔබ රූපලාවන්‍යාගාරයක් කරා යාම නොකළ යුතු බවත් නොව අනවශ්‍ය පමණට ඒවා කරා යොමු නොවීමට වගබලා ගැනීමයි.
අභ්‍යන්තරය හෙළි කරන ඇඳුමපෙනුම පිළිබඳ සැලකිලිමත් වීමේදී ඇඳුම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්. ඔබ අඳින ඇඳුම තුළින් ඔබ කවුද යන්න පිළිබඳ විනිවිද දැක්මක් සිදුවෙයි. එනිසා පෙනුම පිළිබඳ සැලකිලිමත් වන ඔබ විශේෂයෙන් ම ඇඳුම කෙරෙහි සැළකිලිමත් වන්න. ඔබ අඳින ආකාරය අනුව ඔබට විවිධ බලපෑම් ඇතිවිය හැකිය. ‘ඩෙ‍්‍රස් ෆො සක්සෙස්’ හි කර්තෘ ජෝන් ටී. මොලී ඒ පිළිබඳ මෙසේ අනතුරු අඟවයි. ‘අප අඳින ආකාරයට අප හමුවන ජනයා කෙරෙහි අපූර්ව බලපෑමක් තිබෙන අතර ඔවුන් අපට සලකන ආකාරය කෙරෙහි විශාල ලෙස බලපෑමක් ඇති කරයි.’ ඇඳුමක් තෝරා ගැනීමේදී ඔබගේ රුචිකත්වයම පමණක් නොව එය කෙතරම් දුරට සුදුසු ද? යන්න පිළිබඳවත් අවධානය යොමු කරන්න. ඔබ රූපයෙන් කෙතරම් ලස්සන වුවත් ඔබ අඳින ඇඳුම ඔබේ රූමත් බවට තර්ජනයක් විය හැකි බව සිතන්න.ඇඳුම් තේරීමේදී අන්‍යයන් අනුකරණය කරන්න එපා. තමන්ට උචිත ඇඳුම් පමණක් තෝරාගන්න. කාලයෙන් කාලයට එන නවීන විලාසිතාවලට අනුව ඔබ හැඩගැසෙන කෙනෙක් නම් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්න. විලාසිතාවන්ගෙන් සැරසීමෙහි කිසිදු වරදක් නැත. එහෙත් එය සීමාවක් ඇතිව කළ යුත්තකි. පෙනුම පිළිබඳ සැලකිලිමත් වී ඇඳුමක් තේරීමේදී එහි විනීත භාවය ගැන බලන්න. අවස්ථානුකූලව එය තෝරාගන්න. තැනට සුදුසු ලෙස ඇඳීම කළ යුත්තකි. එහෙත් අඳින ඇඳුම විධිමත් හා සංවර බවක් තිබිය යුතුය. එසේ නොවුණු කළ ඔබ පිළිබඳ අන්‍යයන් ඇතිකර ගන්නා ආකල්ප නිවැරදි ඒවා නොවිය හැකිය. එයින් ඔබගේ චරිතයට හානි විය හැකි අවස්ථා ඇත. ‘සයිකොලජි ටුඩේ’ හි සඳහන් වූ යෞවනයන් අතරෙන් ගන්නා ලද සමීක්ෂණයකින් පෙන්නුම් කර ඇත්තේ ‘කර ගැඹුරට කැපූ හැට්ටය, කොට කලිසම් හිරවූ ජින්ස් හෝ තනපට නොමැතිව සිටීම ලිංගික ඇසුරකට ආරාධනයක් වශයෙන් පිරිමින් වටහා ගැනීමට ඉඩ තිබෙන බවය.’ ඔබේ ඇඳුම පිළිබඳව ඔබ වඩාත් ම සැලකිලිමත් විය යුත්තේ මෙවැනි ආකල්ප නිසාය.
සුදුසු ලෙස සැරසීමඅවස්ථානුකූලව ඔබ ඇඳීමෙහි වරදක් නැත. විවාහ උත්සවයකට සහභාගි වන ඔබ එහිදී සාමාන්‍ය ගමනකට උචිත ඇඳුමකින් සැරසීම යෝග්‍ය නොවේ. එසේම පමණට වඩා අන්‍යයන්ගේ නෙත් ඇදගන්නා ආකාරයේ අසංවර ඇඳුමින් සැරසීම ඔබගේ පෞරුෂය හීනවීමට බලපාන සාධකයක් බව මතක තබාගන්න. අලංකාරව හෝ විචිත‍්‍රව ඇඳීම යනු පමණට වඩා අඟපසඟ පෙන්වා ඇඳීම නොව. ඔබේ ඇඳුම සුන්දර වන තරමටම සංවර විය යුතුයි. ඔබ අඳින ඇඳුම තව කෙනෙකුගේ දෝෂ දර්ශනයට ලක්කිරීමට ඉඩ තබන්න එපා. අධික මිලක් වැය කරමින් ඔබ ලබාගන්නා ඇඳුම ඔබේ චරිත ශුද්ධියට බලපෑම් ඇති කරයි නම් ඔබට අත්වන පීඩනය කෙතරම් ද? ඔබ දෙස බොහෝ දෙනා බලයි. එහෙත් ඔවුන් බලන්නේ ඔබේ සුන්දරත්වය දෙසම පමණක් නොවන බව මතක තබා ගන්න. කාලයෙන් කාලයට එන නවීන විලාසිතාවන්ට අනුව ඇඳීම තරුණයන්ගේ ස්වභාවයයි. එහෙත් එය සමාජ සංස්කෘතියට ගැළපෙන්නක් විය යුතුය. එසේ නොවන ඇඳුම් ඔබ ප‍්‍රතික්ෂේප කරන තරමට ඔබේ ප‍්‍රතික්ෂේප කරන තරමට ඔබේ සුන්දරත්වය වැඩිවෙයි. එසේම මනා සංයමයකින් හෙබි ඔබේ අභ්‍යන්තරය ද සංවර ඇඳුමින් ඉස්මතු කර පෙන්වයි.

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home