24 Aug 2011

HDTV වල අවාසි තාක්ෂණික නොවන වචනවලින්

භාවිතයේදි හැකි උපරිම HD තත්වයක් සාමාන්‍යයෙන් මුදුන් පමුණුවාගත නොහැක. ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ මෙහෙයුම්කරුවන් HDTV නියමාවලි සම්පුර්ණයෙන්ම අනුගමනය නොකිරීමයි. මෙහෙයුම්කරුවන් මුල් නිපැයුම් ආකෘතියෙන් වෙනස්වන ආකෘති භාවිතය නිසා නැවත-කේනීකරණ ක්‍රියාවලියේ උත්පාදන අඩුවීමක් විය හැක. තවද මෙහෙයුම්කරුවන් වැඩිපුර නාලිකා (channels) ගණනක් සීමිත කලාප පළලක (band width) ඇසුරුම් කිරීමට, අඩු මාත්‍රා සීඝ්‍රතාවයක් (bit rate) හා වෙන්කිරීමක් (resolution) උපයෝගී කරගන්නවා විය හැක. රූපවාහිනී යන්ත්‍රය නිවැරදිව යෙදවුම් උපකරණයට (input device) සම්බන්ධ කර නොමැති විට හෝ නිවැරදිව හැඩගස්වා (configure) නොමැති විටද, රූප තත්වයේ අඩුවීමක් විය හැක. මෙම සම්බන්ධතාවයන් පිළිබඳ පාරිභෝගික ව්‍යාකූලතාවය මෙම දුෂ්කරතාවයන් වර්ධනය කරයි.
බෙ‍ාහෝ විට ඔබට HDMI කේබල හා සම්බන්ධක කේබල වැනි සුදුසු කේබල මිලදී ගැනීමට සිදුවිය හැක. මේවා මිලෙන් අධිකය. උදාරහණයක් ලෙස, සංයුක්ත හෝ S- දෘෂ්‍යය (S-video) කේබල භාවිතා කලහොත් SDTV තත්වයේ රූප නැරඹිය හැක. HDMI රූප තත්වයෙන් හා නාද තත්වයෙන් වැඩිම වුවත් එය සංයුක්ත කේබල වලට වඩා මිලෙන් අධිකය.
අධි විභේදන (High-definition) විඩියෝ අංකිත වීම නිසා, අංකිත වීඩියෝ ප්‍රචාරණයේ අවාසිද අමතරව එකතුවීම සිදුවේ. උදාහරණයක් ලෙස, අංකිත (digital) වීඩියෝ, සමීප (Analogue) වීඩියෝ වඩා වෙනස් ආකාරයට බාධා, වලට ප්‍රතික්‍රියා දක්වයි. සමීප (Analogue) වීඩියෝ බාධා ඉදිරියේ අඩුතත්වයේ සංඥා නිකුත් කරන අතර, අංකිත විඩියෝ බාධා ඉදිරියේ ප්‍රචාරණය තාවකාලිකව නැවතීම, සංඥා පැනීම හෝ වැරදි දත්ත ප්‍රචාරණය සිදුකරයි.
HDTV නැරඹීමට නම්. නරඹන්නන්ට තමන්ගේ රූපවාහිනි යන්ත්‍ර මිලක් ගෙවා උත්ශ්‍රේණිකරණය කර ගත යුතු වේ. අලුත් දර්ශන අනුපාතයක් එකතු කිරීමේ දර්ශන අනුපාත වෙනස්කල හැකි යන්ත්‍ර තිබෙන පාරිභෝගිකයන් ව්‍යාකූල කල හැක. මක් නිසාද යත් යන්ත්‍රය නිවැරදි දර්ශන අනුපාතයට සැකසීම කලයුතු බැවින් සම්ප්‍රදායික සම්මත-විභේදන රූපවාහිනි වැඩසටහන් හා වෘත්තාන්තික චිත්‍රපට (බොහෝ විට 1953 පෙර 4:3 අනුපාතයෙන් නිෂ්පාදන) HDTV මොනිටර වලින් පෙන්වන විට දර්ශන තලයේ ‍වමට හා දකුණට ශුන්‍ය දර්ශන තීරු ඇතිවේ. මෙමගින් සෑහිමකට පත්නොවන බොහෝ පාරිභෝගිකයන් මෙම දර්ශන තිරස්ව ඇඳමොනිටරය දර්ශනයෙන් මුළුමනින්ම පිරවීමක් සිදුකරති. මෙමගින් ඕනාවට වඩා පළල් සහ උසින් අඩු දර්ශන ඇතිවේ. සමහර පාරිභෝගිකයන් දර්ශන විශාල කිරීමක් (zoom) කරන නිසා දර්ශනය මොනිටරය පිරවුවත් දර්ශනයේ උඩ ‍කොටසේ හා යට කොටසේ අඩුවීමක් සිදු වේ.
"HD සංඥා" අධිමිල (premium) තරංග පථවල තැබිමට ප්‍රචාරණය කරන්නන් හෝ කේබල-රූපවාහිනී මෙහෙයුම් කරුවන් නියම කල හැක. මේ සඳහා අධිමිල කේබල අවශ්‍යය වේ. ඇතැම් සැටලයිට් (sattdite) ආයතන HD චැනල අමතර ගාස්තු යටතේ පිරිනැමිය හැක. මේ හේතුව නිසා, ඇතැම් ප්‍රචාරණය කරන්නන් (broadcasters) ප්‍ර‍ාදේශීය HD තරංග අධිමිල සේවයක් ලෙස ප්‍රචාරණය කල හැක. තවදුරටත්. නරඹන්නට අවශ්‍යය සමහර චැනල නොලැබී යාමටත් අංකිත-‍ෙනාවන, සම්මතයෙන් අඩු හෝ ඇන්ටනා අවශ්‍යය වන අංකිත ‍සංඥා පමණක් පරිශීලනයට ලැබීමටත් සිදුවිය හැක.
මෙවැනි තත්වයක් තාක්ෂණික ගැටළු වලට වඩා නීතිමය හා ආර්ථික ගැටළු ඇතිකරයි.
සාම්ප්‍රදායික රූපවාහිනි වලට සැසදීමේදි HDTV වල තවත් අවාසියක් වන්නේ. වෙනස් තත්ව හා විභේදන (resdution) ඇතිවන පාරිභෝගික ව්‍යාකූලතාවයයි. උදාහරණ ලෙස 1080i, 1080p හා 720p. විවිධ රූපවාහිනී සම්බන්ධතා වල වෙනස් වීම් (සම්බන්ධී වීඩියෝ සිට DVI තාක්ෂණයට, DVI තාක්ෂණයේ සිට HDMI තාක්ෂණයට) මෙම ප්‍රශ්නය තවත් සංකීර්ණ කර ඇත. අවසාන වශයෙන්, HD DVD ආකෘතිය (format) හා B/u-ray Disc ආකෘතිය අතර කාලයක් පැවති ආකෘති තරඟය පාරිභෝගිකයන් ව්‍යාකූල කරන ලදි. කෙසේ වුවත් මෙම ආකෘති සටන B/u-ray Disc ආකෘතිය සම්මතය බවට පත්වීමෙන් සමතයකට පත්වී ඇත.

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home