20 Aug 2011

අයිසැක් නිව්ටන්

අයිසෙක් නිව්ටන්
GodfreyKneller-IsaacNewton-1689.jpg
ශ්‍රීමත් අයිසැක් නිව්ටන් (නිවුටන්ට වයස අවුරුදු 46 දී ගොඩ්ෆ්‍රේ තෙලර් විසින් ඇදි ඔහුගේ ආලේඛ්‍ය චිත්‍රය)
උපත 1643 ජනවාරි 4 (OS : 1642 දෙසැම්බර් 25)
කෝල්ස්ටර්වර්ත්හි වූල්ස්තෝර් , ලින්කන්ෂයර්, එංගලන්තය
මරණය 1727 මාර්තු 31 (වයස අවුරුදු 84) (OS : 1726 මාර්තු 20)
කෙන්සින්ග්ටන් , ලන්ඩනය , එංගලන්තය
මරණයට හේතුව වෘද්ධභාවය හේතු කොට
නිවහන එංගලන්තය
ජාතිකත්වය එංගලන්තයඉංග්‍රීසි ජාතික
අධ්‍යාපනය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය රාජකීය සංගමය,ත්‍රිත්ව විද්‍යාලය , කේම්බ්‍රිජ්
වෘත්තිය භෞතික විද්‍යාව , ගණිතය , තාරකා විද්‍යාව ,
ප්‍රසිද්ධියට හේතුව ස්වභාවික දර්ශකය , ආදී රසායනය ,ආගමික චින්තනය
පදවි නාමය මානව හිතවාදී හා නීතිගරුක බව
නෑදෑයන් අයිසැක් බැරෝ,බෙන්ජමින් පූලින්
අත්සන
Isaac Newton signature.png
ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් ඉංග්‍රීසි ජාතික භෞතික විද්‍යාඥයෙකු, ගණිතඥයකු, තාරකා විද්‍යාඥයෙකු, ස්වභාවික දර්ශනවාදියෙකු, (alchemist) හා ආගමික මතවාදියෙකු විය. ඔහු විසින් 1687 පළ කළ Philosophiae Naturalis Principia Mathematica ග්‍රන්ථය විද්‍යාත්මක චින්තනයට අද දක්වාම වැදගත්ම දායකත්වය දැක්වූ තනි ග්‍රන්ථය ලෙස සැලකේ. මෙම ග්‍රන්ථය ඔස්සේ නිව්ටන් ප්‍රතිෂ්ටික යාන්ත්‍ර විද්‍යාවට පදනම වූ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය හා චලිතය පිළිබද නියම තුන ඉදිරිපත් කළ අතර ඔහුගේ එම අදහස් එ‍තැන මෙන් සියවස් තුනක් යනතුරු භෞතික විශ්වය පිළිබද අධ්‍යයනයේ පදනම විය. අදටද ඉංජිනේරු විද්‍යාවේ පදනම නිව්ටන්ගේ නියම වේ. කෙප්ලර්ගේ ග්‍රහලෝකවල චලිතය පිළිබද නියම සමග සිය සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයේ ගැළපීම පෙන්වාදීම ඔසසේ පෘථිවිය මත හෝ ඉන් බැහැර වස්තූන්ගේ චලිතය එකම ස්වභාවික නියමයන් කීපයක් මත පදනම් වන බව නිව්ටන් විසින් පෙන්වා දෙන ලද අතර ඒ ඔස්සේ සූර්ය කේන්ද්‍රවාදය පිළිබද තිබූ සියලු සැකයන් ඉවත්කර විද්‍යාත්මක පුනරුදයේ ප්‍රගමනයට ඉඩ සැලසීය.
යාන්ත්‍ර විද්‍යාවේ දී කෝණික ගම්‍යතාවය හා ගම්‍යතා සංස්ථිතිය පිළිබද නියමයන් නිව්ටන් විසින් පැහැදිලිව ප්‍රකාශයට පත් කරන ලදී. පරාවර්තක දුරේක්ෂය නිර්මාණය කිරීමත් ප්‍රිස්මයක් මගින් සුදු ආලෝකය එහි සංඝටක වර්ණවලින් යුත් වර්ණාවලියක් බවට වෙන් කිරීම නිරීක්ෂණය කර ඒ මත පදනම්ව වර්ණවාදය නිර්මාණය කිරීමක් ප්‍රකාශ විද්‍යාවට නිව්ටන් දැක්වූ දායකත්වයට අයත් වේ. තවද ඔහු ප්‍රත්‍යක්ෂ මූල සිසිලන නියමය ගොඩනැගූ අතර ශබ්දයේ වේග‍ය පිළිබදව ද අධ්‍යයනය කළේය.
ගණිතයේ දී කලනය සංකල්ප ගොඩනැගීමේ ගෞරවය නිව්ටන් හා ගොට්ෆ්‍රිඩ් ලිබ්නිට්ස් (Gottfried Leibniz) අතර බෙදී යයි. සාධාරණීකෘත ද්විපද ප්‍රමේයය ආදර්ශනය කිරීමත් ශ්‍රිතයක ශූන්‍යයක් සන්නිකර්ෂණය සඳහා “නිව්ටන් ක්‍රමය” ගොඩනැගීමත් , බල ශ්‍රේණිය පිළිබඳ අධ්‍යයනයන්ට දායකත්වය දැක්වීමත් නිව්ටන් විසින් ගණිතයට දක්වන ලද දායකත්වයට අයත්ය.
2005 වසරේ රාජකීය සමිතිය විසින් පැවැත්වූ සමීක්ෂණයකට අනුව විද්‍යාවේ ඉතිහාසය කෙරෙහි නිව්ටන්ගේ බලපෑම ඇල්බට් අයින්ස්ටයින්ගේ බලපෑමට බොහෝ සෙයින් වැඩි බව ජනතාව අදහස් කරන බව හෙළි විය.

@ktdmkasun

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home