ප්‍රජාතන්ත්‍රවාදය
ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරිමයි. ප්‍රජාවගේ සාමුහික තීරණය මත ගොඩනගා ගනු ලබන පාලන තන්ත්‍රයයි. මේ තුල සාමුහිකත්වය, සමානාත්මතාව යන සංකල්ප අන්තර්ගතය.
- සාමුහික වශයෙන් තීරණ ගැනීම සහ සෑම දෙනාගේම පාලනයට සෑම දෙනාම යටත් විම.
- පාලනය ක්‍රියාවට නැංවිම සදහා සෑම දෙනාටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි.
ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය ජින් ජැක් වින් රෑසෝ විසින් හදුනා ගත් සංකල්පයකි. එහෙත් ඊට පෙර ගීක පෞර රාජ්‍යයේ ඇතනස්, ස්පාටා නගර තුල ප්‍රජාතන්ත්‍රවාදය යන්න පැවතුනි. එය සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හදුනා ගනු ලබන අතර ජනගහන වර්ධනයත් සමග නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය දක්වා මෙය පරිවර්ථනය විය. මේ වන විට පවතින්නේනියෝජිතයින් මාර්ගයෙන් පාලනය සිදු කරනු ලබන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයයි.
ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යක් තුල ආණ්ඩුව එම රටේ ජනතාවට වගකිව යුතුය. එසේම ප්‍රජාවගේ සිවිල් හා දේශපාලන අයිතීන් මනාව සුරක්ෂිත විය යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක ප්‍රධාන ලක්ෂණයක් වේ.
- ප්‍රජාතන්ත්‍රය සිවිල් සමාජය තුල
- ඒකාධිකාරයෙන් තොර තරගකාරි වෙළද පොළක් සහිත මිශ්‍ර ආර්ථිකයක් පැවතිම.
- නිදහස් ජනමාධ්‍ය සහ ජන සන්නිවේදනය
- ප්‍රවිණයන් මගින් ආණ්ඩුවේ සකල විධ ප්‍රතිපත්ති රාජ්‍ය මැදිහත්විම්වලින් තොරව අධීක්ෂණය වීම වන අතර මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය පුලුල් සංකල්පයක් වේග
- ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන් තුල
- විවෘත වගකියන ආණ්ඩු
- නිදහස් සාධාරණ මැතිවරණ
- ප්‍රජා සහ දේශපාලණ අයිතින් පවතී.

0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home