12 Jun 2012

සල්ලිකාරයෙකුගේ අපුරු ජිවිතය

මේ ඉන්නෙ වොරන් බෆිට්. මේ වෙනකොට ලෝකෙ ඉන්න 3වෙනි පොහොසතා. 
එයා ලෝකෙ ඉන්න හොදම මුදල් ආයෝජකයන් අතරින් ඉහලින්ම ඉන්න කෙනෙක්.


වොරන් ඉස්සෙල්ලම බැංකුවක මුදල් තැන්පත් කරලා තියෙන්නේ අවුරුදු 11දී. 


ඒත් වොරන් නම් කියන්නෙ තමන් ඒ වැඩේ ආරම්භ කරන්න එච්චර පරක්කු වුන එක ගැන දැන් පසුතැවිලි වෙනවා කියලා 

එහෙම තැන්පත් කරලා හම්බුන සල්ලි වලින් වොරන් පොඩි ගොවිපලක් අරන් තියෙන්නෙ අවුරුදු 14දී . 

අද වෙනකොට ලෝකයෙ 3 වෙනි සල්ලිකාරයා වුනාට එයා තාම ජීවත් වෙන්නේ අවුරුදු 50කට කලින් මිලදී ගත්ත කාමර තුනක් සහිත පොඩි ගෙයක. ඒ ගෙදරට වැටැක් හෝ තාප්පයක් නෑ. 



වොරන්ට තියෙන්නෙ එක කාර් එකක් විතරයි. ඒ විතරක් නෙමේ එයාට රියදුරෙක් වත් නෑ. ආරක්ෂකයොත් නෑ. 



ලෝකයෙ ලොකුම පෞද්ගලික ජෙට් යානා වෙලද සමාගමේ අයිතිකාරයා වුනාට වොරන්ට පෞද්ගලික ජෙට් යානාවකුත් නෑ. 



ඔහුට සමාගමට අයිති ශාකාවන් 63ක් තිබෙනවා. එහෙත් වොරන් කිසිදිනක තම නිලධාරින් , සේවකයන් කැදවා රැස්වීම් පවත්වන්නේ නෑ.
ඔහු ඒ වෙනුවට කරන්නෙ සෑම අවුරුද්දක් පාසා එක් ලියුමක් යවන එක. එහි නිලධාරීන් විසින් අනුගමනය කල යුතු උපදෙස් තියෙනවා.



ඔහු තම නිලධාරීන්ට නිතී දෙකක් පමණයි දාලා තියෙන්නේ. 

-1. තමන්ගෙ වැඩ කොටස කවදාවත් පැහැර හරින්න එපා.
-2. පලවෙනි නීතිය අමතක කරන්න එපා.



වොරන් සෑමවිටම දුප්පත් අයට උදව් කරනවා. එයට ඔහු තම මහා ධන සම්භාරය වියදම් කරන්නෙ දෙවරක් නොසිතා.
සමහරුන් පවසන්නෙ ඔහු එතරම් මුදල් දුප්පතුන් වෙනුවෙන් වියදම් නොකලානම් ඔහු මේ වන විට ලොව 1වෙනි පොහොසතා වී හමාර බවයි. 




credit goes to eghty @ Elakiri.com

6 Comments:

At 12 June 2012 at 17:50 , Blogger meegodaya said...

අන්න මිනිස්සු

 
At 12 June 2012 at 18:43 , Blogger The තරුවා said...

මාරයනේ....

 
At 12 June 2012 at 20:05 , Anonymous හෙලයෙකුගෙන් ලොවට said...

තවත් එකක් තියනවා කිසිම දිනක business class ගිහින් නැතිවග.

හැබැයි තියන මිනිහට ඕන මොහොතක දුප්පතුන්ගෙ වැඩ කරන්න පුලුවන්... නැති මිනිහට පුලුවන්ද? හිතමු බෙන්ස් කාර් එකක යන්න ඕන ආස හිතුනා? ඒකයි මේ සිද්ධාන්තයේ තියන පොඩි අවුල. අනික හරියට විශ්ණු දෙයියො(හරිද මන්ද) බටකොල කෑව වගේ කියලත් හිතෙනවා.

 
At 12 June 2012 at 21:46 , Anonymous Anonymous said...

ela ela. jaya wewa!

 
At 13 June 2012 at 00:20 , Anonymous Anonymous said...

හොද මනුස්සෙක් කියලා හිතෙනවා..

 
At 23 June 2012 at 15:08 , Anonymous Anonymous said...

එතකොට මූ හම්බකරන්නෙ මොකටද?
වාහන 1යි තියෙන්නෙ
ජෙට් එකක් නෑ
හරි හමන් ගෙයක් නෑ
මොන කාලකණ්නියෙක්ද

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home