7 Jun 2012

ආදරය ගැන ඔබ නොදන්නා කරුණු 50ක්


  • ආදරය කියන්නේ ලැබෙනකන් බලාඉන්න ඕනේ දෙයක් නෙවෙයි, පරිත්‍යාග කරන්න ඕනේ දෙයක්
  • තමන් පණ වගේ ආදරය කරන කෙනාට වඩා,තමන්ට පණ වගේ ආදරය කර කෙනා තමන්ට හම්බවෙන එකටයි ආදරය ජය ගන්නවා කියන්නේ

  • ආදරය කරද්දි ගොඩාක්ම වටින දේ තමයි දෙන්නා අතරේ තියෙන විශ්වාසය. කවදාවත් ඒක නැති කරගන්න එපා. ඒ නැතිවුන විශ්වාසේ ආයේ කවදාවත් තිබුණු විධියටම ඇති කරගන්න හරිම අමාරුයි

  • ගලන ගඟකට වුනත් ගල්පර බොහොමයි . . . ආදරයට වගේ . . . ඒත් සැබෑ ආදරයකට කොච්චර බාධක ආවත් පසුනොබා නොසැලී ඉදිරියට යන්න පුළුවන්

  • හිතින් හිත හිත ලතවෙන්නෙ නැතුව කෙලින්ම තමන්ගෙ හිතේ තියෙන දේ තමන් ආදරේ කරන කෙනාට කියන්න පුළුවන් නම් ඒක තමයි නියම ආදරය

  • ආදරය කරද්දි වැඩිය ආදරය කරන්න එපා,පොඩි වැරැද්දක් වුනොත් දරාගන්න බැරි වේවී.

  • ආදරය කියන්නේ පුදුමාකාර බලවේගයක්. ආදරයට මිනිසෙකු ඇති කිරිමටද ..? ඒවගේම මිනිසකු නැති කිරිමටද පුලුවන්. මිනිසකු ඇති කිරීමට යන කාලයට වඩා මිනිසෙකු නැති කිරිමට යන කාලය අඩුය. ඒ නිසා ආදරය කිරීමේදී අප සියලු දෙනාම බොහොම කල්පනාකාරි විය යුතුය. ආදරයට සතුට මෙන් දුකද උරුමය


  • හදවතේ තියෙන උතුරන ආදරයෙන්, ඒ ආදරය... ආදරයෙන් බලාපොරොත්තුවෙන් බලන් ඉන්න හිතක් පුරවන්න.. ආදරය ජීවත්වේවි හැමදාම

  • නොලැබෙන ආදරයක් පස්සේ හිත රවට්ට රවට්ට හීන මව මවා දුක් විදිනවාට වඩා....ලැබෙන ආදරයේ සොඳුරු මතකයන් හිතේ ගුලි කරන් ඒ මතකෙට හැමදාම ආදරේ කරන්න

  • ආදරය කියන්නේ විශ්වාසය මත රඳාපවතින දෙයක්, විශ්වාසය නැති තැන ආදරයකුත් නෑ, දෙන්නට දෙන්නා විශ්වාසයෙන් ඉන්නතාක් ඒ ආදරය සුන්දර වේවි. ඒ නිසා දෙන්නට දෙන්නා හැමවිටම විශ්වාස කරන්න.

  • ආදරය වචනයෙන් පැවසීමට වඩා හදවතට සමීප වන්නේ ආදරය දැනෙන්න හැරීමයි

  • ආදරේ කියන්නේ පිවිතුරු හැඟීමක් . . . ඒ හැඟීම ඔයාව හොයාගෙන එනකල් ඉන්න . . . කවදාවත් ඔයා ආදරේ හොයාගෙන යන්න එපා . . . තමාට හිමි ආදරේ කවදාහරි තමුන්ව හොයාගෙන එනවාමයි

  • ආදරය කියන්නේ සාගරය වගේ . . . සාගරයේ රැළි වගේ . . . සීමාවක් නෑ . . . ප්‍රමාණයක් නෑ . . . සමහර වෙලාවට ආදරය කියන්නේ වේදනාවක් . . . ඒ වේදනාව සිතට දැනෙන්නෙ අපි සාගරයක් වගේ සාගරේ රැළි වගේ ආදරේ කරපු නිසා . . . ආදරයෙන් නැගෙන වේදනාවටත් සීමාවක් නෑ

  • ලෝකයේ තේරුම්ගැනීමට අසීරුම දෙයක් ඇත්නම් ඒ ආදරයයි

  • ආදරය කියන්නේ අපි දෙන දෙයක් පමණයි, ඒකෙන් ආපසු ලැබීමක් බලපොරොත්තු වෙනවනම් ඒ ආදරය සැබෑ ආදරයක් නෙවෙයි

  • ආදරයත් හරියට කැස්සක් වගේ, හංගන්න බෑ, කොච්චර හංගන්න හැදුවත් ඒක අනික් අයට තේරෙනවා

  • බාහිර පෙනුමට කවදාකවත් ආදරය කරන්න එපා, ඒ වගේම සල්ලි නිසා කෙනෙක් ගැන ආදරයක් ඇති වෙන්න පුළුවන් කියලා කවුරුහරි හිතනවනම් ඒක ගොඩාක් ලොකු බොරුවක්

  • ඔබට ආදරය හිමිවී ඇත්නම් ඔබට අන් කිසිවක් නැතත් කමක් නැහැ කියා සිතේවි, ඔබට ආදරය හිමි නැත්නම් අන් කිසි දෙයක් ඇතත් පලක් නැහැයි සිතේවි

  • ආදරේ වරදක් කියලා හිතෙන්නේ තමන්ට ආදරේ නොකරන කෙනෙකුට තමුන් ආදරේ කළාමයි

  • ආදරය කරනකොට රූපයට ආදරය නොකර ඔබ ආදරය කරන කෙනාගේ හදවතට, ජීවිතයට, ආත්මයටම ආදරය කරන්න, ඒ ආදරය සදාකාලිකයි

  • කියාගන්න බැරි, තේරුම්ගන්න බැරි එකම එක සොඳුරු සිතුවිල්ල ආදරය විතරයි

  • අවංක ආදරය කියන්නේ කෙනෙක්ව තමුන්ට හිමිකරගැනීමම නෙවෙයි, තමුන් ආදරය කරන කෙනා සතුටින් ඉන්නව දකින්න තියෙන කැමැත්තටයි, අවංකව ආදරය කරන කෙනෙකුට තමන් ආදරය කරන කෙනා ලැබුණත් නොලැබුණත්, ඒ කෙනා සතුටින් ඉන්නවා බලලා සතුටු වෙන්න පුළුවන්

  • ජීවිතය ආදරයේ කොටසක් වුණාට, ආදරය ජීවිතයේ කොටසක් නෙවෙයි.

  • හොඳ ආදරවන්ත්යෙක් හෝ ආදරවන්තියක් අවංක ආදරයක් රැකගන්න තමුන්ගේ ආදරය හැර අනෙක් ඕනෑම දෙයක් කැපකරන්න සූදානම්

  • තමුන් කෙනෙක්ට ආදරය කරනවා නම් කවදාවත් එයාව තමුන්ගේ කරගැනීම ගැන විතරක් හිතන්න එපා

  • ආදරය තියෙන තැන දුක වැඩියි, දුක වැඩි වෙන්න වැඩි වෙන්න ඇතිවෙන ආදරෙත් වැඩියි

  • ආදරය ජීවිතයට තියෙන්නම ඕනේ දෙයක්, ඒ වුණත් ආදරය ඕනවට වඩා තිබ්බමත් ආදරයේ අගයක් නැති වෙනවා, ඒ නිසා අනික් හැමදේටම වගේ ආදරේටත් සීමාවක් තියාගන්න

  • මුළු ජීවිත කාලෙම සතුටින් ආදරයෙන් ඉන්න ඕනේ නම් ඔබ ගොඩාක් කැමති කෙනෙක්ට නෙවෙයි, ඔබට ගොඩාක් ආදරය කරන කෙනෙක්ට ආදරය කරන්න

  • මලක් වගේ සිනිඳු ආදරේට ගලක් වගේ තද හිතක් වුනත් වෙනස් කරන්න පුළුවන්

  • ආදරය සුන්දරයි, තමන්ගේ හිතට ගොඩාක් කාවැදුණු කෙනෙක්ට දුන්නු ආදරයක් මියෙනතුරුවත් අඩු වෙන්නේ නෑ, ඒක ස්ථිරයි, සදහටම එහෙමයි

  • ආදරේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්, අපිට ආදරේ කරන අය අපිට බොහොම ඉක්මනින් නැති වෙනවා, ඒ නිසා ආදරේ කියන්නේ දුකක්, වේදනාවක්

  • ආදරේ කියන්නේ හිතට දැනෙන, හරිම සංවේදී, ලස්සනම ලස්සන හැඟීමක්. ඒත් හුඟක් වෙලාවට ඒ ලස්සන ආදරෙට තණ්හාවයි ලෝබකමයි රිංගාගත්තොත් ඇස් දෙක රිදෙනකන් අඬන්නත් වෙනවා

  • ආදරේ කවදාවත් මැරෙන්නේ නෑ, හැමදාමත් ආදරේ කරන අයගේ හිත්වල ජීවත් වෙනවා

  • අපි ආදරය කරන්න ඕන, අපිට ආදරය කරන අයට...මොකද.. සමහරවිට අපි ආදරය කරන අය අපිට ආදරය නොකරන්න පුලුවන් නිසා

  • හෑම සුන්දර දෙයක්ම දකින්න කොහෙ හරි දෙනෙතක් තියනව, හෑම සත්යක්ම අහන්න කොහෙ හරි දෙසවනක් තියනව ඒ වගෙම හෑම ආදරයක්ම ලබන්න, උරුම කියන්න කොහෙ හරි හදවතකුත් තියනව

  • ආදරයක් ලබන්න පිං කරන්න ඕනේ, ලැබෙන ආදරය රැකගන්න ජීවිතයම කැපවෙන්න ඕනේ

  • ආදරයට ආදරේ කරන්න, කවදාවත් ආදරේට ආශා කරන්න එපා

  • ආදරේ හරියට බිඳෙන වීදුරුවක් වගේ, ආදරේ කරනකොට ගොඩාක් ශක්තිමත්, පැහැදිලිව එකිනෙකාව පේනවා. ඒත් ආදරේ බිඳුනම හරිම දුර්වලයි. ඒ බිඳුණු ආදරේ කවදාවත් තිබුණු විදියට ආපහු හදන්න බෑ

  • ආදරය කෙනෙකුට සුන්දර අත්දැකීමකි, තවකෙකුට විරහවකි. මේ දෙගොල්ලන්ගෙන්ම ලොවට සුන්දර විශිෂ්ට නිර්මාණ එකතු වේ.

  • හැම මොහොතකම අපි ආදරය කරන්න ඕන අපිට ආදරය කරන කෙනාට මිසක් අපි ආදරය කරන කෙනාට නෙමෙයි. අපි ආදරය කරන කෙනා අපිට ආදරය නොකලත් අපිට ආදරය කරන කෙනාට ආදරය කරන්න අපට පුළුවන් නම් එතන ඇත්තටම සාර්ථක ආදරයක් තියනවා

  • මේ මුළු ලෝකයටම ආදරේ දෙන්න පුළුවන්.... ඒත් ජීව්තයත් එක්කම ආදරේ දෙන්න පුළුවන් එකම එක්කෙනෙකුට විතරයි

  • තනිකමක් දැනෙනවා නම් කවුරු හරි නැති වුනාම, පාළුව මැකෙනවා නම් එයා ළග ඉන්න කොට, මග හරින්න එපා...! මොකද ඒ ඔයා හොයන ආදරය වෙන්න පුළුවන්

  • ජිවිතයේදි,කවදාවත් ආදරය සැලසුම් කළ නොහැකියි. හේතුවක් නිසා ඇති නොවෙයි. නමුත් ආදරය හැබැවක් වුණ විට එය ඔබේ ජිවිතයේ සැලැස්ම වෙයි. ජිවත් විමට හේතුවද වෙයි

  • ආදරය යනු යමෙක් අප ජීවිතයට පැමිණ එහි තේරුම කියාදෙනතුරු අපිට වටිනාකමක් නොතේරෙන වචනයකි

  • සෑම පෙම්වතෙක්ම පෙම්වතියක්ම එක් දෙයකට බියක් දක්වයි, ඒ තමුන් ආදරය කරන කෙනා තමුන්ට අහිමි වේවි කියන බියයි.

  • ලොව වැඩිම කලක් පවතින ආදරය වන්නේ කිසිදා හිමි නොවූ ආදරයයි.

  • ආදරය යනු භූමිකම්පාවක් වැනිය, මුලදි ටිකක් ටිකක් බය හිතෙන සුලුය. නමුත් අමාරු කොටස ඉවරවුණ පසු ඔබ කොතරම් වාසනාවන්තද කියා ඔබටම සිතේ

  • සුන්දර ආදරය තාවකාලිකයි නමුත් එයින් හට ගන්නා වේදනාව සදාකාලිකයි

Labels:

15 Comments:

At 7 June 2012 at 09:33 , Anonymous Anonymous said...

මේව බොරු බන්....... ආරදේට අවංක වෙලා මට වෙච්ච සෙතක් නෑ බන්...

 
At 7 June 2012 at 14:51 , Blogger Kushan said...

ආදරය කියන්නෙ ජිවිතයකට අවශ්‍යම දෙයක් නෙවෙයි, හුදෙක් විඳිමක් පමනි

 
At 8 June 2012 at 00:46 , Anonymous Anonymous said...

ආදරය භුමිකම්පාවක් නම් අනේ මට නම් එපා.. අපෝ ..මට තේරෙයි හැමදාම පැද්දි තියෙන හැටි..වධයකුත් වෙනවා හිතට...

ලස්සන අදහස් ටිකක් මල්ලියා..

 
At 13 June 2012 at 21:03 , Blogger Dilan Leelarathna said...

ආදරය කරනකොට හැමදේම තමන් ආදරේ කරන කෙනාට කියන්න යන්න එපා. සමහරවිට ඒ දේම තමන්ට ආදරේ අහිමි කරන්න හේතු වෙන්න පුලුවන්...

 
At 23 June 2012 at 08:02 , Anonymous Anonymous said...

සමහර තැන් ටිකක් කම්ප්ලිකේටඩ්.ඒත් මේ දේවල් ඇත්ත.කායික ආදරය ඕන කෙනෙක්ගෙන් ලබා ගතහැකි.ඒත් මානසික ආදරය හැමෝගෙන්ම ගන්න බැහැ.ගොඩක් අය හිතන්නෙ ආදරය හෑල්ලුවට‍ ලක් කරල.ඒත් ඒක තමයි ලෝකෝත්තර නොවන ලෝකය තුළ මව සහ දරුවා අතර තියෙන බැදීම ගාවට උතුම්ම හැගීම.

 
At 11 July 2012 at 13:45 , Anonymous Anonymous said...

හොඳ ආදරවන්ත්යෙක් හෝ ආදරවන්තියක් අවංක ආදරයක් රැකගන්න තමුන්ගේ ආදරය හැර අනෙක් ඕනෑම දෙයක් කැපකරන්න සූදානම්..
athdutui prathyakshai..
mekethiyena boho dewal aththatama widala thiyenwa..
sthuthi obata..

 
At 19 May 2013 at 08:57 , Blogger supun said...

ඇත්තටම ආදරය කියන්නේ දුකක් විතරයි... මගේ පුංචි නංගි මාව තනිකරලා සදහාටම දෙනෙත් පියාගත්තා..

 
At 1 August 2013 at 11:30 , Blogger Unknown said...

ඇත්තටම ආදරය කියන්නේ මායාවක් මිරිගුවක් විතරයි

 
At 9 August 2013 at 21:18 , Blogger Unknown said...

එක කෙල්ලෙකුට අවුරුදු 10ක් ආදරේ කරනවා එත් තමා හරියට වචනයක් දුන්නේ නෑ.හිමි නොවන ආදරේ සදාකාලිකයි හ්ම්ම්ම්

 
At 9 August 2013 at 21:21 , Blogger Unknown said...

මම අවුරුදු 10ක් තිස්සේ කෙල්ලෙකුට ආදරේ කරනවා 7 වසරේ ඉදන් තාමත් ආදරෙයි එත් මට එය තවම හරියට වචනයක් දුන්නේ නෑ.නොලැබෙන ආදරේ සදාකාලිකයි හ්ම්ම්ම්

 
At 9 August 2013 at 21:28 , Blogger Unknown said...

එක කෙල්ලෙකුට අවුරුදු 10ක් ආදරේ කරනවා එත් තමා හරියට වචනයක් දුන්නේ නෑ.හිමි නොවන ආදරේ සදාකාලිකයි හ්ම්ම්ම්

 
At 5 September 2013 at 15:38 , Anonymous Anonymous said...

ඇත්තමට ලස්සන අදහස් ටිකක්..ගොඩක් දේවල් ඇත්ත අවංක ආදරේ හැමදාම තියෙනවා..ඒක නැති කරන්න කාටවත්ම බෑ ඒ වගේම අවංක ආදරයක් ලබන්න අපි පින් කරන්නත් ඕනි එහෙම ආදරයක් ලැබුනු දවසට අපි කොච්චර වාසනාවන්තද කියලා හිතේවි..ආදරේදි දුකක් නැතුවමත් නෙවෙයි. ආදරේ වැඩි වුනාම දුක දැනෙනවා ඒක දරා ගන්න අමාරුයි.
(සුන්දර ආදරය තාවකාලිකයි නමුත් එයින් හට ගන්නා වේදනාව සදාකාලිකයි)

 
At 7 September 2013 at 10:17 , Blogger නීල නේත්‍ර said...

ආදරේ ගැන දන්නේ පුංචි දෙයක් විතරයි...
ආදරේ කියන්නේ බලෙන් ලබාගන්න පුලුවන් දෙයක්වත්...
අයිති කරගන්න පුලුවන් දෙයක්වත් නෙමෙයි....ඒක ලැබෙන්න ඔන දෙයක්.....
... හොද අදහස් පෙළක් ජයෙන් ජය.....

 
At 7 September 2013 at 10:17 , Blogger නීල නේත්‍ර said...

ආදරේ ගැන දන්නේ පුංචි දෙයක් විතරයි...
ආදරේ කියන්නේ බලෙන් ලබාගන්න පුලුවන් දෙයක්වත්...
අයිති කරගන්න පුලුවන් දෙයක්වත් නෙමෙයි....ඒක ලැබෙන්න ඔන දෙයක්.....
... හොද අදහස් පෙළක් ජයෙන් ජය.....

 
At 19 November 2013 at 00:23 , Anonymous Anonymous said...

අනේ මම ආදරය කලා එත් එයා මාව දාලා ගියේ හරියට හෙට උදානොවෙන ඉරක් වගෙයි මගේ ලොවට. ජීවිතයේ මොන දේ ලැබුවත් එකම අඩුව ඇයපමණයි. නොහැඉු රාත%ි නැති තරම්එත් අද මගේ ආදරවන්තිය ඔහු ත=රැලෙ සුව විදිනවා ඇති. මම ආදරෙට වෛර නොකරම්. ඇයටද වෛර නොකරම්. ඇගේ හැම උපන්දිනෙකට ඇයට ආශිර්යාද මම කරමි. එත් මගේ වෙන් වූ ඇය අද ජිවිතේ බොහොදුක්විදින්නේ ඇයි. ආදරේ වරදක්ද

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home