16 May 2012

ජීවිතය ජීවත් කරවන ආදර සබඳතාවය


“ආදරය… ජීවිතය ජීවත් කරවයි” ඔබ මෙම ප්‍රකාශය පිළිබඳව සිතන්නේ කුමක්ද? ආදර සබඳතාවයක් සාර්ථකව පවත්වාෙගන යාම සඳහා පෙම්වතාගේ හෝ පෙම්වතියෙග් දායකත්වය සම සම ලෙස තිබිය යුතු නොවේද ? නමුත් ඇතැම් විට සිදුවන්ෙන් ඔවුන්ගේ දායකත්වය මෙකී ප්‍රමාණෙයන් නොලැබීමයි. දායකත්වය ගිලිහුණු විට, අවම වූ විට සබඳතාවයක් බිඳී යාම සාමාන්‍ය දෙයකි. නැතිනම් සිදුවන්ෙන් නමට පමණක් සීමා වූ සබඳතාවයක් ලෝකයට පෙනෙන්නට පවත්වාෙගන යෑමයි.


වසරේ අවසන් මාසෙය් දින කිහිපය ගත කරන අප ඉදිරි වසෙර්දීත් මෙවැනි සබඳතාවයක් ලෝකයට පෙනන්නට පවත්වාගෙන යනවාද එහි අඩුපාඩු සහ නොගැළපීම් තේරුම් ගෙන එයින් ඉවත්ව යනවාද සිතිය යුතුය. ජීවිතය නැවත පටන් ගන්නට ඔබට කාලය එළඹ ඇත.
බටහිර රටවල පුහුණු මෙනෝවිද්‍යාඥයන් පෙන්වා දෙන්නේ තමා තමාට විවෘතවීම තුළින් ඕනෑම සබඳතාවයක් ගිලිහී නොයා ආරක්‍ෂා කරගත හැකි බවයි. ගොඩ නාග ගෙන තිබෙනා සබඳතාවයට අවධානය යොමුකිරීමත් ගැටලූකාරී අවස්ථාවල ඒවා විසඳා ගැනීමට කාලය යෙදවීමත් සබඳතාවයන් පවත්වාගෙන යාමට උපකාරී වන බව ඔවුන් පෙන්වාදෙයි.
  • සබඳතාවයක් පවත්වාගෙන යෑමේදී එකිනෙක අතර අදහස් හුවමාරුව ඉතා වැදගත් වේ

    . එවිට දෙදෙනා තුළම ඇති සිතුවිලි තේරුම් ගැනීම පහසුවේ. අනවශ්‍ය නිහඬ බව හරහා අදහස් හුවමාරු නොවීම සබඳතාවයක් ගිළිහීමට බලපාන ප්‍රධාන සාධකයකි.
  • ඔබේ පෙම්වතා සබඳතාවය ආරම්භ කළ මුල්කාලෙය්දී මෙන් ඔබ පිළිබඳව සිතන්නේ නැතිනම්, ඔබේ වටිනාකම තේරුම් නොගන්නේ නම් ඔබ මහත් කනස්සල්ලට පවෙනවා නොවේද?

    තම පෙම්වතිය තමන්හට හැමවිටම අවංකව, විශ්වාසවන්තව සිටීවි යැයි බොහෝ පිරිමින් සිතයි. ඔබ එය ආරක්‍ෂා කළ ද ඔහු ඒ පිළිබඳව තැකීමක් නොකරන්නේ නම් දිගින් දිගටම එය සිදුවන්නේ නම් ඔබට ඔබේ පෙම්වතා පිළිබඳව කළකිරීමක් ඇතිවේ.
  • ඔබේ පෙම්වතා ඔබව විවෙචනය කරනවාද?

    ඔබ නොමැති තැන කවුරුන් හෝ ඔබව විවේචනය කරන විට ඔහු ඔබව ආරක්‍ෂා කරගැනීමට ඉදිරිපත්වී ඇත්ද? නැතිනම් ඔහුත් ඔවුන් සමග එක්වී ඔබව විවේචනය කර ඇත්දැයි සොයා බලන්න. එවැනි කෙනෙකු ඔබේ ජීවිතයට තවදුරටත් අවශ්‍ය වනවාද?

  • සබඳතාවයක් ගොඩනගා ගැනීමෙදී මෙන්ම පවත්වා ගෙන යෑමේදී ද අවංකභාවය ඉතා වැදගත්වේ.

    අවංකභාවය මත විශ්වාසය ගොඩනැගෙන අතර ඒ සියල්ල නොමැති කෙනකුගෙන් ඈත්විය යුතුය. ඔබේ පෙන්වතා එසේ නොකරන්නේ නම් ඒ පිළිබඳ දෙවරක් සිතන්න.
  • හොඳ සබඳතාවයකදී එකිනෙකා කෙරහි ගෞරව කිරීම ඉතා වැදගත් වේ.

    සබඳතාවෙයේ අනෙක් පාර්ශවෙයේ රුචි අරුචිකම් තේරුම් ගැනීම, ඒවා පිළිබඳ සැලකිලිමත්වීම, ඒවා පිළිබඳව ගෞරවෙයන් කටයුතු කිරීම අවශ්‍ය වේ. ඔබේ පෙම්වතා ඔබ අකමැති දේ හැමවිටම බලෙන් කරවා ගැනීමට යන්නේ නම් ඒ පිළිබඳව සිතිය යුතුය.
  • ඔබේ පෙම්වතා ඔබට උපකාර අවශ්‍ය වූ විටදී උදව් කරනවාද?

    සැපෙත්දී එකට සිට විපෙත්දී පැන දුවන කෙනකුද? විශේෂණයෙන් ඔහු විපෙත්දී ඔබට වචනෙයන් හෝ උදව් කළ යුතුය. ඔබව ශක්තිමත් කළ යුතුය.

1 Comments:

At 3 April 2013 at 05:16 , Anonymous Anonymous said...

niyamai

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home