ඔහු ඔබ රවටන බව කෙසේ කියන්නද?
ඔස්ට්‍රියන් සහ ඇමරිකානු සම්භවයක් ඇති ලෝකයේ ප්‍රසිද්ධ, වෘත්තිමය කායවර්ධන ක්‍රීඩකයකු, නළුවෙකු, ව්‍යාපාරිකයකු මෙන්ම කැලිෆෝනියාවේ 38 වන ආණ්ඩුකාරවරයා (2003-2011) බවට පත් වූ ආනෝල්ඩ් ස්වසෙන්ගර්, ඔහු සමීපයේ සිටි සොඳුරු කාන්තාවන් සමඟ හොඳින් සබඳතාවයන් පැවැත් වූ පුද්ගලයෙකු ලෙස පෙන්වා දිය හැකිය. ඒ සඳහා ඔවුන් අනුගමනය කරන ක්‍රියා කිහිපයකි මේ.
-
ඔහුගේ දෑ ආරක්ෂා කර ගනී
-
මනාලයකු ලෙසින් ඔහු හැඩ වේ.
-
ඔහුගේ සුවඳ වෙනස් කරයි.
-
ඔහු හිටි හැට්යේ සතුටු වේ
-
ඔහු, ඔබ පිළිබඳව සැක කරයි.
-
ඔහු අනවශ්‍ය ලෙස කතා කරයි
පිරිමින් බොහෝ උපක්‍රමශීලී ලෙස ඔවුන්ගේ විද්‍යුත් පණිවුඩ සහ කෙටි
පණිවුඩ ආරක්ෂා කර ගැනීමට දක්ෂ වේ. එවැනි අවස්ථා වලදී උපක්‍රමශීලී ලෙස
කටයුතු කිරීමට ඔවුන් හොඳින් දනී. ඔවුන්ගේ ජංගම දුරකතනය, පරිගනකය, ලැප්ටොප්
එක, නිරන්තරයෙන් ආරක්ෂා කර ගන්නා අතර පෙම්වතිය හෝ බිරිඳ ඒවා ආදරයෙන් ස්පර්ශ
කළ විටද උපක්‍රමශීලී ලෙස ඒවා ඉවත් කර ගනී. මෙය ඔවුන්ගේ අලුත් හැසිරීමකි.
කාන්තා ඔබ විමසිලිමත් වන්න!
වෙනදා මෙන් නොව රජකාරි ගමන් සඳහා ජේත්තුවට හැඩවීම, කිහිපවතාවක්ම තමා
කඩවසම්දැයි කැඩපතින් විමසා බැලීම, කාර්යාලයට පිටත්වයාමට පෙර කිහිපවතාවක්ම
ඇඳුම් ආයිතම්වල අඩුපාඩු සැකසීම පිරිමින් කරන්නේ වෙනත් කාන්තාවන් ඉදිරියේ
කැපීපෙනීම සඳහායි. එමෙන්ම ඔවුන් තම ශරීරයේ කඩවසම් බව පිළිබඳව උනන්ඳු වන අතර
කායවර්ධන මධ්‍යස්ථානය වෙත (ජිම් එකට) යාමට ද උනන්දු වේ.
උදෑසන නිවසින් බැහැර වන ඔහු තවරා ඇති සුවඳ විලවුන් වල පැහැය සවසට නිවසට
පැමිණෙනවිට වෙනස් කර ඇත්නම් ඒ පිළිඳබව සිතිය යුතුය. උදෑසන පිරිසිදුවීම සඳහා
භාවිතා කරනා සුවඳ ද ඔහු වෙනස් කිරීමට පෙළඹී ඇත්දැයි බලන්න. මෙය එතරම්
සුබදායක ලකුණක් නොවනු ඇත.
ඔබේ පෙම්වතා හෝ සැමියා හිට හැට්යේ සතුටුවේ නම්, ප්‍රිතිමත් බවක් පෙන්වයි
නම් එසේවන්නේ හෝ එසේකරන්නේ ඇයි දැයි ඔබ විමසිලිමත් වන්න. ඇතැම්විට ඔහුගේ
සතුටට අලුත් ආදරයක අත්දැකීම් හේතු විය හැකියි. එසේත් නොමැති නම්
බලාපොරොතුවෙන් සිටි සුන්දර කාන්තාවකගේ අවදානය ඔහු වෙත ලැබී ඇතැයි ද අනුමාන
කළ හැකිය.
සාමාන්‍යයෙන් අනවශ්‍ය ලෙස ඔබේ ජීවිතයට බලපෑම් නොකළ ඔහු දැන් දැන් ඔබේ
දේවල් පිළිබඳව දැඩි ලෙස ප්‍රශ්න කරයි නම්, එය එතරම් හොඳ දෙයක් නොවේ.
අනවශ්‍ය ලෙස මෙවැනි දේ නිසා ගැටුම් ඇති කිරීමට ඔහු පෙළබිය හැකියි. ඔහු
සැමවිටම ඔබ ඔහුව රුවටුවායැයි සිතයි නම්, දැන් මෙයින් මිදීමට කාලයයි.
සාමාන්‍යයෙන් පෙම්වතාගෙන් හෝ සැමියාගෙන් දවසේ වැඩකටයුතු කෙසේ සිදු වුණා
දැයි විමසීම පෙම්වතියගේ සහ බිරිඳගේ යුතුකමකි. නමුත් ඔවුන් වෙනදාටත් වඩා
වැඩියෙන් එවැනි සරල පැනවලට පිළිතුරු ලබාදෙන්නේ නම් කතාව දිග්ගැස්සෙන්නේ නම්
ඔවුන් පිළිබදව කුකුසක් උපදීම සාමාන්‍ය දෙයකි. එම නිසා ඔබ මතක තබා ගත
යුත්තේ විශ්වාසය බැඳීමේ පදනම බැවින් එය ආරක්ෂා කිරීමයි.

0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home