අවුරුදු කෑම මේසයට නැතුවම බැරි රසවත් ආස්මි පහසුවෙන් සාදන ආකාරය
අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් කිලෝ 1
- දවුල් කුරුදු
- ගාගත් පොල්
- පොල් කිරි වෙන වෙනම
සාදන ආකාරය
මුලින්ම හාල් පොගන්නට නොදමා සෝදා පිටිකරගෙන එය තුන් වරක් පමණ සිහින් හිල් ඇති පෙනේරයකින් හලාගන්න. ඉන්පසු දවුල් කුරුදු හා පොල් හොදින් කොටා නානු ටික සකසාගන්න. ඉන්පසු පොල්කිරි ටික පිටිත් සමග හොදින් තැටියක දමා අතගා ගන්න. ඉන්පසු අතගාගත් පිටිහා දවුල් කුරුදු නානු මිශ්‍රණය හොදින් මිශ්‍රකරගන්න. ඉන්පසු හිල් හැන්දක් ගෙන මෙම නානු මිශ්‍ර පිටි මිශ්‍රණය ගැඹුරු තෙලට රවුමක් ආකාරයට වත්කරගන්න. බැදීගෙන එනවිට එය ලැවරියා එකක් ආකාරයට සකසාගන්න. මේ සදහා තෙල් හැන්ද හා කූරක් භාවිතා කරන්න. ඉන්පසු මෙම බැදගත් ආස්මි දවස් දෙකක් භාජනය අසුරා තබා නැවත බැද තමන් කැමති වර්ණයක් යොදා පැණි උණුකර ආස්මිය උඩට කැමති රටාවකට වත්කරන්න.


1 Comments:
අපිත් දන්නේ නැතුව හිටියේය ඔයා නම් නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home