31 Mar 2012

පුබුදු වෙනුවෙන් කෙරෙන බෝධි පූජාව සම්බන්ධවයි!

එකිනෙකා පරයන්න සමාජයක අනෙකා වෙනුවෙන් තප්පරයක්හෝ වෙන්කල හැකිනම් කෙනෙකුට එයද අරුමයක් වන්නට පුළුවන්. එහෙව් මිනිසුන් වසන සමාජයක තම මිතුරකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා තම වකුගඩුවක් පරිත්‍යාග කරන්නට අයෙක් ඉදිරිපත් වීමත් මහගු සත්කර්තව්‍යයක්

Photo Talk ගෲප් එක තුලින් මා හැඳිනගත් පුබුදු ඉන්දික විටෙක පෙරලිකාර චරිතයක් විනි. නමුත් කෙලින් කතාකරන මිත්‍රශීලී, තම කාලය නොමසුරුව අනුන් වෙනුවෙන් කැපකරන පුද්ගලයෙකි! තම මිතුරා වකුගඩු රෝගයකින් පෙලෙන බව දැනගත් ඔහු ඔහු වෙනුවෙන් කල හැකි සියල්ලම සොයා බැලූ පසු ඔහුට වකුගඩුවක් බද්ද නොකලහොත් ඔහුගේ ජීවිතය අනතුරක බව දැනගත් කල්හී තම වකුගඩුවක් ඔහුට දෙන්නට තීරණය කරන ලදි. එතැන් පටන් තමන් බාරගත් රාජකාරී වැඩ පවා පසෙක තබා පරික්ශන සඳහා තම කාලය වැය කරනු ලදුව තමන් ඒ සඳහා සුදුසු බව දැනගත් පසුව ඉමහත් ලෙස සතුටු විය!

ඔහුගේ මිතුරන් ලෙස අපට කලහැකිදෙයනම් ඔහු සහ රෝගියා වෙනුවෙන් සෙත් පැතීමයි. මේ එයට අවස්තාවයි!

4 Comments:

At 31 March 2012 at 15:40 , Blogger MW Team said...

හොද වැඩක් වගේ.විස්තර මදි නේ.

 
At 31 March 2012 at 16:52 , Anonymous හෙලයෙකුගෙන් ලොවට said...

තුනුරුවන්ගේ ආශීර්වාදයෙන් එම කටයුත්ත සාර්ථක වේවා. දෙදෙනාම නිදුක් නිරෝගී වේවා.

තෙරුවන් සරණයි.

 
At 31 March 2012 at 17:17 , Anonymous Anonymous said...

ඇත්තටම හොද වැඩක්

 
At 1 April 2012 at 01:45 , Blogger Unknown said...

මිළ කරන්න බැරි දෙයක් ..සුභ පැතුම් !!!!

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home