කොල්ලෙක් විසින් කෙල්ලට නොකල යුතු දේවල් 20ක්
2. එයාව අපහාසයට පත්වෙන කතා කියන්න එපා. මේ කියන්නේ විහිළු කරන එක ගැන නෙවෙයි, විහිළු අවුලක් නෑ.
3. වෙන කෙල්ලොන්ට පැණි හලන්න යන්න එපා. මෙහෙම කළාම කෙල්ලට ඔයාව වැඩිපුර ඕනේ වෙයි කියල හිතන්න එපා, ඒකෙන් වෙන්නේ එයාට ඔයව හොඳටම එපා වෙන එකයි.
4. කවදාවත් කෙල්ලට වංචා කරන්න එපා. කවදාවත් බේරෙන්න හම්බවෙන්නේ නෑ.
5. ඉටු කරන බැරි පොරොන්දු වෙන්න එපා. කරන්න බැරි නම් නොකියා ඉන්න එක වඩා හොඳයි.
6. ආදරෙයි කියනකොට අවංකවම කියන්න. ඔයා ආදරෙයි කියන්නේ ඇත්තටමද කියන එක එයාට හොඳට තේරෙනවා.
7. බොරු කියන්න එපා. කෙල්ලෙක්ට කවදාවත් අහුනොවෙන බොරුවක් කියන්න බෑ. ඔයාගේ මූණට නොකිව්වත් ඔයා කියන්නේ බොරුවක් කියල එයා දන්නව, ඒ නිසා බොරු කියන්න නම් හිතන්නවත් එපා.
8. වැරැද්දක් වුනොත් ඒක පිළිගන්න ලැජ්ජවෙන්නවත් ඒ වැරැද්ද ප්‍රතික්ශේප කරන්නවත් එපා.
9. එයාට බලකරන්න එපා. එයා එක්ක කරන්න ඕනේ දෙයක් එයා කැමති නම් කරාවි, ඒ දේ කරන්න කියල බලකරන්න එපා.
10. වෙන කෙල්ලෝ ගැන එයා එක්ක කියවන්න යන්න එපා. අනික් කෙල්ලෝ ගැන කිසිම වර්ණනාවක් තමන්ගේ කෙල්ල එක්ක කියන්න යන්න එපා.
11. පරණ පෙම්වතියෝ ගැන කියවන්න යන්න එපා. ඔයා එයාලගේ හොඳ කිව්වොත් කෙල්ල හිතන්නේ ඔය එයාලට තාම කැමතියි කියල, එයාලගේ නරක කිව්වොත් කෙල්ල හිතන්නේ එයාටත් කවදහරි අහන්න වෙන්නේ ඔය ටිකම තමයි කියලා.
12. කිසි දෙයක් එයාගෙන් හංගන්න හදන්න එපා. එයා අනිවා එක ගැන හොයගන්නව, ඒ නිසා එයත් එක්ක රහස් තියගන්න එපා.
13. එයාගේ යාළුවෝ ඉස්සරහදි නරක විදියට හැසිරෙන්න එපා. කෙල්ලෙක් කවදාවත් තමුන්ගේ කොල්ල නරක කෙනෙක් කියල යාළුවන්ට හිතෙනවට කැමති නෑ
14. ඔයාගේ අතින් වුන වැරද්දක් එයාගේ පිටට දාල ගැලවෙන්න හදන්න එපා. ඒක ප්‍රශ්න දෙගුණ කරාවි.
15. එයාට කේන්ති ගිහිල්ල ඉන්නව නම් ඇයි කියල හොයල බලන්න. ඔයාගෙන් වැරැද්දක් වෙල නම් වැරැද්ද පිලිගන්න.
16. එයාව අතහැරල දානව කියල විහිළු කරන්න එපා. ඒක විහිළුවක් කියල එයාට කියන්නත් කලින් එයා ඔයාව අතහැරල දමාවි
17. එයා සාධාරණ හේතුවකට තරහ ගත්තම එයාට දොස් කියන්න එපා.
18. එයා නැති තැන්වලදි වෙන වෙන කෙල්ලන්ව ඕනවට වඩ ඇසුරු කරන්න යන්න එපා. එයා ඔයාව කොච්චර විශ්වාස කලත් එයාට දුක හිතේවි
19. නිදහසට බොරු හේතු කියන්න එපා. වැරැද්දක් වුනා නම් කෙලින්ම වැරැද්ද පිළිගන්න, බොරු නිදහසට හේතු කියන්න යන්න එපා
20. ඔයාට කේන්ති ගියා කියල එයාට කැත විදියට බනින්න එපා.
posted by Kasunk @ March 20, 2012
12 Comments
![]()

12 Comments:
චැහ්... මේවා මීට අවුරුදු ගාණකට කලින් දැනගෙන හිටියා නම්.................
තනිකඩ කම හෙඳයි කියල හිතෙනවා මේ ලයිස්තුව බැලුවාම!
උබනම් මුහුද යටම ඉදපු එකෙක් තමයි. තාම හරි-හමං කෙල්ලෙක් සෙට්වෙලා නෑ. සැට් විච්ච දවසට තේරෙයි.
ඔබට ජය!
හහ්. එතකොට උන්ගෙ හැම රෙද්දම අපි ඉවසන් ඉන්න ඕනෙ ඈ?
ඇත්ත ලියන්නනම් මෙ පිටුවත් ඉඩ මදි වෙයි
අදහස් ටික නම් පන්කාදුයි. ඒත් ඔවා කරන්නේ කොහෙමද?
ජය වේවා
මේක ලියල තියෙන්නෙ කෙල්ලෙක්ද??
කවුරු ලීවත් ඇත්ත නේද
හිකිස්...
@iPlus මට හොද කෙල්ලෙක් ඉන්නව බන්.....
දූපත් වැසියා කොල්ලෙක් ලියපු එකක් මචන්
ගොඩක් හොඳ අදහස් වගයක්. ස්තූති....
අනේ කවුරැහරි කියනවද? කෙලලො කැමති මොණවගේ කොල්ලන්ටද කීයල?
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home