22 Mar 2012

සාර්ථක විවාහ දිවියකට උපකාරී වන කරුණු 10 ක්



1. දෙදෙනාම එක විට තරහ ගන්න එපා. එක් අයෙක් තරහ වූ විට ඔහු හෝ ඇය සන්සුන් වෙන තෙක් නිහඬව සිටින්න.  දෙදෙනාම එකවිට තරහා ගැනීමෙන් සිදුවන්නේ ප්‍රශ්නය දුර දිග යාම පමණි.


2. කිසිවිටක එකිනෙකා සමග බහින්බස් වෙන්න එපා. චෝදනා කරන්නට යන්නත් එපා. සුහදව කතාබස් කර ප්‍රශ්නය විසඳාගන්න.


3. එක් අයෙකුට දිනීමට අවශ්‍ය නම් ඔහුට හෝ ඇයට ඊට ඉඩ දෙන්න. ඔබටත් දිනීමට පසුව අවස්ථාවක් ලැබෙයි.


4. ඔබට ඔහුව හෝ ඇයට විවේචනය කිරීමට අත්‍යවශ්‍යම නම් එම විවේචනය ආදරණීය ලෙසට සිත නොරිදෙන අයුරින් කිරීමට මතක තබා ගන්න.


5. අතීතයේ සිදුවූ වැරදි යළිත් මතක් නොකර සිටීමට පුරුදු වන්න.


6. මුලු ලොවම ගැන අමතක කරත් එකිනෙකා ගැන හැම විටම මතකයේ තබා ගන්න.


7. විසඳා නොගත් ප්‍රශ්න සමග කිසිවිටක නින්දට නොයන්න.


8. දිනකට අඩුම තරමේ එක් වතාවක් ඔහුට හෝ ඇයට කරුණාවෙන් සහ ආදරයෙන් වචන කිහිපයක් හුවමාරු කරගන්න. දරුවන් සිටීම මෙයට බාධාවක් කර නොගන්න.


9. ඔබ අතින් වැරදි යමක් සිදුවූවා නම් වරද පිළිගෙන ඔහු හෝ ඇයගෙන් වරදට සමාව අයදින්න. ඔබ පිරිමියකු වුවත් ඇගෙන් සමාව ඉල්ලීම නින්දාවට හෝ ලජ්ජාවට කරුණක් නොවන බව වටහා ගන්න.


10. රණ්ඩුවකට සැම විටම දෙදෙනෙක් හෝ වැඩි පිරිසක් අවශ්‍ය බව සිහිතබා ගන්න. දෙදෙනාගෙන් එක් අයෙකුවත් ගැටුමට යොමු නොවීමෙන් ගැටලු ඇති වීම අවම කරගැනීමට පුලුවන් බව සිතට ගන්න.


ඔන්න ඔය කරුණු ටික සිහි තබා ගන්න පුලුවන් නම් ඔබගේ විවාහ දිවියත් සුන්දරත්වයෙන් පිරි එකක් වනවා නිසැකයි.



Labels:

5 Comments:

At 22 March 2012 at 20:00 , Blogger මාධව විදුරංග said...

අත්දැකීම්ද?

 
At 22 March 2012 at 20:36 , Blogger Kasunk said...

apoi na......athdakim ganna badinnama oneth na

 
At 23 March 2012 at 10:59 , Anonymous Ruwan Sampath Wickramathilaka said...

ශහ..... හොද advice එකක් thanks

 
At 23 March 2012 at 12:12 , Blogger චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

ම්හ්... ඇත්ත ඇත්ත. හැබැයි මලයෝ ! කියන තරම් ලේසිත් නෑ... නොබැඳපු උන්ට නියමයි කියලා හිතුනට ඔය ව්‍යවස්ථාවට වැඩ කරන්න එච්චර ලේසිත් නෑ බොල ! නොදන්නා උන්ට බරපතල කම තේරෙන්නත් එක්ක දාපු එක හොඳයි !!!

 
At 24 March 2012 at 10:24 , Blogger මෝඩයා said...

kohe kolannada affe mewa....:P...hee heeee

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home