චීනයේ නොමියෙන මිනිසා
මේ සටහන ජාතියක් ගොඩ නැගූ තවත් නායකයෙකු පිළිබදවය. ඒ චීනයේ මා ඕ සේතුං
ය. මා ඕ සේතුං තුමා පිළිබද දැනගැනීමට පෙර ඔහු උපන් දේශය චීනය පිළිබදව සරල
කරුණු කීපයක් දැනගත යුතුයැයි සිතේ.
ලෝක ජනගහනයෙන් පහෙන් එකක ජනතාවක් ජීවත්වන රට චීනයයි.
ලොව වැඩිම ආර්ථික වර්ධන වේගයකට හිමිකම් කියන රටද චීනයයි. සමාජවාදී
ජනරජයක් වන චීනයෙහි භූමි ප්‍රමාණය අනුව ලොව විශාලතම රාජ්‍යයන් අතරින්
තුන්වන ස්ථානය චීනයට හිමිවෙයි. ලෝකයේ විශාලතම පාබල හමුදාව සිටන්නේද චීනයේය.
1981 වසරේදී 53% ක් වූ දුප්පත්කමේ ප්‍රතිශතය 2001 වසර වන විට 8% දක්වා
අඩුකර ගැනීමට මේ දැවැන්ත රාජ්‍යයට හැකි විය. අද වන විට එක්සත් ජාතීන්ගේ
සංවිධානයේ ප්‍රධාන සංවිධායකයින් පස්දෙනා අතරට පැමිණීමට එරටට හැකි වී තිබේ.
සංචාරකයින්ගේ වැඩිම අවධානය හිමිකරගන්නා රට බවට පත්ව සිටින්නේද චීනයයි. 2006 වසරේදී පමණක් එරටට ඇදී ආ සංචාරකයන්ගේ සංඛ්‍යාව මිලියන 49.6 කි. චීනයේ විදේශ මුදල් සංචිතය ඩොලර් ට්‍රිලියන 2.1 ක් වේ. කිලෝමීටර් 65000 ක් දිග අධිවේගී මාර්ග චීනයට තිබේ. පෞද්ගලික මෝටර් රථ හිමිකාරීත්වය වාර්ෂිකව 15% කින් වර්ධනය වේ. 1949 දී චීන ජාතිකයෙකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 35 කි. 2008 වන විට අවුරුදු 73.18 ක් දක්වා එය වර්ධනය වී ඇත. ළදරු මරණ අනුපාතය දහසකට 300 සිට දහසකට 23 දක්වා අඩු වී ඇත.
අද චීනය පිළිබද චිත්‍රයක් මවා ගැනීමට තරම් මේ කරුණු ප්‍රමාණවත්යැයි
සිතේ. කෙසේවුවත් පැවසීමට දෙයක් තිබේ. චීනය නම් නිදා සිටින මහා බලසම්පන්න
යෝධයෙකු යැයි සිතේ. ලෝකය සොලවා තැබීමට ඔහුට හැකිය. නිදා සිටි මේ මහා යෝධයා
කීද්දූ පුද්ගලයෙක් විය. ඒ මා ඕ සේතුං තුමාය.
20 වන ශතවර්ෂය මුල භාගයේදී ප්‍රධාන බල කදවුරු දෙකකට බෙදීමේ ප්‍රවණතාවයක් චීනයේ ඇති විය. සිවිල් යුද්ධය ඒ කාලයේ සුළබ සංසිද්ධියකි. කොමියුනිස්ට්වාදීන් හා කුමින්තායි අතර සටන අවසානයට පැමිණියේ 1949 ඔක්තෝබර් 01 වැනිදා ජයග්‍රාහී කොමියුනිස්ට්වාදීන් චීන භූමියේ මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමෙනි. පරාජිත කුමින්තායිවරු කදවුරු බැදගත් ස්ථානය තායිවානය නම් විය. මේ ජයග්‍රහණය පසුපස සිටි මිනිසා මා ඕ සේතුං තුමා විය.
මා ඕ සේතුං උගත්තේ වැංෂා ප්‍රාදේශීය පාසැලෙනි. ඔහු සාහිත්‍ය, ඉතිහාසය, දර්ශණය හා බටහිර මතවාද පිළිබද විෂයයන් කෙරෙහි දැඩි ඇල්මක් දැක්වීය. ඔහු කාල්මාක්ස්ගේ ලේඛනවල පරිවර්තන කෘති කියවීමට පෙළඹුණේය. චීනයේ සුප්‍රකට විප්ලවය සදහා මාක්ස්වාදී අදහස් නිසිලෙස ගලපා ගන්නට මා ඕ සේතුංට හැකි වූයේ ඔහු සතුව තිබූ දේශපාලන දැනුම නිසාවෙන්මය.
පාසැල් වියේ සිටම ඔහු ශිෂ්‍ය සංගම් පිහිටුවා ගත්තේය. ඔහු විසින් පිහිටුවාගත් නව මහජන ශිෂ්‍ය සංගමය අනුගමනය කලේ රැඩිකල් විප්ලවීය දර්ශනයකි. එම ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් බොහෝ දෙනෙක් පසු කලෙක ඔහුගේ දේශපාලන පක්ෂයෙහි සාමාජිකත්වයද ලබාගත්තේය.

වරක් මැයි 4 ව්‍යාපාරය අමතමින් ඔහු මෙවැන්නක් කියා සිටියේය.
“ලෝකය අපගේය. සමාජය අපගේය. ජාතිය අපගේය. අප මේ පිළිබද කතා නොකරන්නේ නම්, ඒ ගැන ක්‍රියා නොකරන්නේනම් ඒවා ඉටුකරනුයේ කවුරුන් විසින්ද?”
කැපවීම අධිෂ්ඨානය මත සියළුම පක්ෂ සාමාජිකයින් එක්කල මා ඕ චීන
කොමියුනිස්ට් පක්ෂය බිහිකළේය. නව චීනයක් බිහි කිරීමේ පළමු සාර්ථක පියවර එය
විය. ඔහු චීනය තුල ගරිල්ලා හමුදාවක් බිහි කලේය. ඒ 1930 දීය. එය චීන රතු
හමුදාව ලෙස නම් කලේය. 1934 දී රතු හුමදාවට නායකත්වය ලබාදෙමින් කියැග් සිං
ග්‍රාමයේ සිට චීනයේ උතුරු කදුකරය දක්වා ලොව දිගම පා ගමන ආරම්භ කලේය.
එය පහසු ක්‍රියාවක් නොවේ. දැඩි අවුරශ්මියෙන්ද, වරෙක දැඩි සීතලෙන්ද, වර්ෂාවෙන්ද, දහසකුත් පීඩා විදි ජනතාවගේ සමහරක් එම පා ගමනේ අතරමගදී මිය ගිය බවද පැවසෙයි. කෙසේ වුවත් මේ සියලු බාධක අභිබවා මා ඕ සේතුං ජයග්‍රහණය කළේය.

1949 දී මහජන චීන සමූහාණ්ඩුව බිහිවිය. එහි ප්‍රථම සභාපතිවරයා වූයේ මා ඕ සේතුං ය. ජනතාව අමතමින් ඔහු ප්‍රකාශ කලේ මෙවැන්නකි.
“අවුරුදු කිහිපයක් වෙහෙසී වැඩකලොත් අවුරුදු දහසක් යහතින් සිටින්නට හැකිවේවි.”
තමන් වපුරන දේ නොලාගත හැකි බව චීන වැසියන් අවබෝධ කර ගන්නේ මෙතැනදීය. ඒ අවබෝධය කොතෙක්ද යත් චීන ආර්ථිකය ඉතා කෙටි කලක් තුල ලෝකයේ විශිෂ්ඨ තැනකට ඔවුන් විසින් ඔසවා තැබීය.
මා ඕ සේතුංගේ නිවැරදි උපදෙස් හා මගපෙන්වීමත් නිවැරදි නායකත්වයත් නව චීන සමූහාන්ඩුවට යහපත උදාකලේ ඒ අයුරිනි.
සටහන - දිස්නා බණ්ඩාර“අවුරුදු කිහිපයක් වෙහෙසී වැඩකලොත් අවුරුදු දහසක් යහතින් සිටින්නට හැකිවේවි.”
තමන් වපුරන දේ නොලාගත හැකි බව චීන වැසියන් අවබෝධ කර ගන්නේ මෙතැනදීය. ඒ අවබෝධය කොතෙක්ද යත් චීන ආර්ථිකය ඉතා කෙටි කලක් තුල ලෝකයේ විශිෂ්ඨ තැනකට ඔවුන් විසින් ඔසවා තැබීය.
මා ඕ සේතුංගේ නිවැරදි උපදෙස් හා මගපෙන්වීමත් නිවැරදි නායකත්වයත් නව චීන සමූහාන්ඩුවට යහපත උදාකලේ ඒ අයුරිනි.
උපුටාගැනීමකි
http://www.sannasa.org/2010-01-19-05-48-33/106-2009-10-29-04-53-03/390-2009-10-29-06-15-31.html

2 Comments:
ඔන්න ඔහොමයි ඒ රටේ නායකයෝ
wadagath lipiyak.......
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home