3 Jan 2012

ලොව සුදු සත්තු


2012 ජනවාරි මස 03 19:00:44 | සජිව විජේවීර
සත්තු විවිධ වර්ණයෙන් යුක්තය. මේ වර්ණ ලැබෙන්නේ ඔවුන්ගේ ජාන සැකැස්ම හේතුවෙනි. වර්ණය ඇතිකරණ ජානය ප‍්‍රමුඛ නොවී එය නිලීන වූ විට සත්තු සුදු පැහැති වේ. ඔවුන් ඇල්බිනෝ හෙවත් ඇලි සතුන් ලෙස හඳුන්වයි. මේ ලෝකයේ සිටින සුද පැහැති සතුන් කිහිප දෙනෙකි.
මේ ගෙඹි මවට ලැබුණු පැටවුන් 19 දෙනාම ඇල්බිනෝ සතුන් වූයේ ස්වභාවිකව නොවේ. පර්යේෂණ කාර්යයක් සඳහා විකිරණ වලට ගෙඹි මව බඳුන්වීමේ ප‍්‍රතිඵලය වූයේ ඇලි පැටවුන් බිහිකිරීමයි.
කිඹුලන් ලක්ෂ 20 ක් පමණ දක්නට ලැබෙන ඇමරිකාවේ හමුවූ ඇලි කිඹුලෙකි මේ. වයස අවුරුදු 14 කි
අපි‍්‍රකාවේ බි‍්‍රස්ටල් සත්වෝද්‍යානයේදී මේ ඇලි පෙන්ගුවින් උපතලබා ඇත්තේ 2002 වර්ෂයේදීය
ඕස්ටේ‍්‍රලියාව අවට මුහුදේදී ඇලි නිල් තල්මසකු තමන් මේ වනවිට තිස් වතාවක් දැක ඇති බව එරට තල්මසුන් සුරැකීමේ සංගමය පවසයි. මේ ඔවුන් ඉදිරිපත් කැර ඇති එක් ඡායාරූපයකි.
ඉතා කෙටි ආයුකාලයක් ඇති ලේනුන් අතර ද ඇලි සතුන් බිහිවන බව මෙම ඡායාරූපයෙන් තහවුරු වේ.
ඕස්ටේ‍්‍රලියාවෙන් හමුවූ මේ ඇලි කැන්ගරුවාගේ වාස භවන වී ඇත්තේ එරට ජාතික සත්ත්වෝද්‍යානයයි.
මෙම ඇලි මුව දෙන වාර්තා වන්නේ ජර්මනියෙනි.
මේ ඇලි පෙලිකන් සිටින්නේ බ‍්‍රසීලයේය.
නිල් පැහැති මුහුදු කකුළුවන් අතරින් මේ ඇලි කකළුවා හමුවී ඇත්තේ ඇමරිකාවේ වර්ජිනියා ප‍්‍රාන්තය ආසන්න මුහුදෙනි.
ඇලි මොණරා හමුවී ඇත්තේ චීනයෙනි
ඇලි ගෝරිල්ලා බාසිලෝනා නගරයේ සත්ත්වෝද්‍යානයේ සිටියි.
මේ සීබ‍්‍රා සත්ත්වයාගේ ශරීරයේ කළු පැහැති රේඛා පිහිටා ඇත්තේ ලා පැහැයෙනි. ඒ ඇලි බව හේතුවෙනි.
ඇලි ජිරාෆයා තම වරිගයාගෙන් වෙනස් වර්ණයක් ගත්ත ද අලංකාර සත්ත්වයෙකි
මේ ඇලි ඔටු පැටවා ඉපදී මාස කිහිපයකි.
නිශාචර පක්ෂියකු වූ මේ බකමූණා රාති‍්‍රයේදී හොඳින් පෙනෙන තරමටම ඇලි බව නිසා සුදු පැහැති වූ සත්ත්වයෙකි.

2 Comments:

At 4 January 2012 at 00:25 , Blogger Unknown said...

අපේ පංතියේ එකෙක් හිටිය ඌට කිව්වේ හිපියා කියලා....කලර් මික්ස් වෙලා ඌ අමුතු සුදක් වෙලා තිබුනේ...ඇලියෙක්.....

 
At 4 January 2012 at 00:32 , Blogger සජීව විජේවීර said...

කසුන් මේවා උපුටා දැක්වීම හොදයි. නමුත් lankadeepa.lk කියන ලින්ක් එකත් දැම්මනම් නේද හොද

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home