11 Nov 2011

HIV වෛරසය ශරිරගත වීමේදී ඇතිවන සංඥා





HIV වෛරසය ශරිරගත වීමේදී ඒ බව තහවුරු කරගත හැකි සුවිශේෂී රෝග ලක්‍ෂණයක් නොවේ. ශරීරගත වීමෙන් සති 6 කට පමණ පසු සුළු උණක් ඇති විය හැක. හිසරදය, උගුරේ අමාරුව, වසා ගැටිති ඉදිමීම, උණ - රෝගියෙකුට ඇතිවන සුලබ අතුරු ආබාධ වන නිසා එයද HIV ආසාදනයක් නිසා යැයි පෙරයීම පහසු නොවේ.
 නමුත් ආසාදනය ඇති වූ දා සිට ශරීරයේ ප්‍රතිශක්තිකරන පද්ධතිය දුර්වල වෙයි. යම් නිශ්චිත අවස්ථාවක් පසු වීමෙන් අනතුරුව සුළු ආසාදන තත්ත්ව හෝ තීව්‍ර ආසාදන ඇති වේ.

HIV ආසාදිතයෙකු කෙරෙහි ප්‍රකට කළ හැකි රෝග ලක්‍ෂණ සමහරක්
-          වසා ග්රන්ථි ඉදිමීම (මෙය මුල් අවස්ථාවේදීම HIV ආසාදිතයෙකුට පහළ වන ලක්‍ෂණයයි)
-          බඩ බුරුලට යාම
-          බර අඩුවීම
-          උණ
-          කැස්ස, ශ්වසන අපසුතාවය

HIV හා ඒඩ්ස්
HIV ආසාදනය වීමෙන් වසර 7-8 කට පමණ පසු ඇතිවන අවසාන පියවරේදී (Last phase of HIV - Not AIDS) වඩා දරුණු ආසාදන හා සංකූලතාවලට රෝගියා ලක්වේ.ඒත් සමගම HIV ආසාදිතයා, AIDS රෝගියෙකු බවට පත්වේ. නව අර්ථ දැක්වීම් වලට අනුව සමහර වෛද්‍යවරුන් ඒඩ්ස්රෝගියෙකු ලෙස හඳුන්වන්නේ HIV ප්‍රතිදේහ සඳහා Positive  වීම සමගින් පහත දැක්වෙන තවත් එක් සාධකයක් රෝගියා කෙරෙන් බලගැන්වීමයි.
-          Development of opportunistic infections:
-          CD4 Lymphocyte මාත්‍රාව 200 ට වඩා අඩුවීම
-          (සාමාන්‍ය CD4 Lymphocyte අගය 600-1000 අතර වේ)

HIV ආසාදිත තත්ත්වය ඒඩ්ස් රෝගය බවට පරිවර්තනය වීමෙන් පසු ඉතා පහසුවෙන් විවිධ ආසාදන වලට නතු වේ.
Opportunistic infection ලෙස හඳුන්වන්නේ මේ තත්ත්වයයි.
මෙලෙස ඇතිවන රෝග තත්ත්වයන් කිහිපයක් මෙසේය.
-          රාත්‍රී කාලයේ අධික ලෙස දහඩිය වැගිරීම.
-          ගැහෙන උණ
-          මෙය 100 F ඉක්මවා යන අතර සති කිහිපයක් අල්ලයි.
-          වියළි කැස්ස
-          ශ්වසන අපහසුතාව
-          බඩ බුරුලට යාම
-          දිවේත් මුවේත් සුදු පැහැති ලප හෝ අසාමාන්‍ය ස්ථාන
-          හිසරදය
-          පෙනීම බොඳවීම / විරූප වීම
-          ශරීර බර අඩුවීම
ඒඩ්ස් රෝගීන් සුලබ ලෙස පාත්‍ර වන පිළිකා කිහිපයක්ද වේ. Kaposis Sarcoma, Lymphoma හා ගැබ්ගෙල පිළිකා එම අවදානමට ඉහළ නැංවෙන පිළිකා වේ.

ඒඩ්ස් / HIV රෝගය වැළඳුණු දරුවෝ
දරුවන් HIV ආසාදනයට ගොදුරු වූ විට ශරීර වර්ධනයේද බුද්ධි වර්ධනයේද සැළකිය යුතු අඩුලුහුඬුතාවයක් ඇති විය හැක. සුලබ ළමා කල වැළඳෙන රෝග වන කන ආසාදන (Otitis media) නිව්මෝනියාව හා ටොන්සිල ප්‍රදාහය වඩාත් සුලබව ඇති වීමේ ඉඩ තිබේ. මේ හැරුණු විට වැඩිහිටියන්ට HIV ආසාදිතයන් ඒඩ්ස් රෝගීන් වශයෙන් වැළඳිය හැකි සියළු රෝග උපද්‍රව වලටද දරුවෝ නිරාවරණය වෙති.

HIV වෛරසය පිළිබඳව පරීක්‍ෂා
HIV වෛරසය සඳහා පරික්‍ෂාව සිදු කෙරෙන්නේ රුධිරය පරීක්‍ෂා කිරීමෙනි. රුධිරයට විෂබිජය ඇතුළු වූ පසු නිපදවන ප්‍රතිදේහ පරීක්‍ෂා කිරීම මෙහිදී යොදා ගැනෙන ක්‍රමවේදයයි. වෛරස ශරීරගත වීමෙන් පසු ප්‍රතිදේහ සිරුර තුළ නිපදවීමට සති 6-12 සිට මාස 06 ක් දක්වා කාලයක් ගත වේ. මේ ප්‍රතිදේහ නිපදවීමට පෙර රුධිරය සම්බන්‍ධ HIV ප්‍රතිදේහ පරීක්‍ෂාවක් සිදු කළහොත් ප්‍රතිඵලය ලෙස ලැබෙන්නේ වැරදි සහගත (False negative)වාර්තාවකි.

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home