17 Nov 2011

විවාහය ලියාපදිංචි කරන්නේ කෙසේද


  බ ලගදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ ද ? එසේ නමි ඔබට මේ තොරතුරැ වඩාත් වැදගත් වේ.
                
                   සාමාන්‍යය නීතිය යටතේ විවාහයක් 1907 අංක 19 දරණ සාමාන්‍යය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ ලියාපදිංචි කල යුතුය.

I. පනතේ 23 සිට 27 දක්වා ඇති වගන්ති වල මේ හා සමිබන්ධ මූලික ප්‍රතිපාදන දක්වා ඇත.

II. 23 වන වගන්තියේ දක්වා ඇති පරිදී අවශ්‍ය උපචාර අදාල පාර්ශවයන් විසින් අනුගමනය කර තිබිය යුතුය.

23 ( 1 ) - දෙපාර්ශවයම ලංකාවේ වාසය කරන්නේ නමි ( අවම වශයෙන් දැනුමි දීම කිරීමට පෙර දින 10 ක් ) එක් පාර්ශවයක් විසින් තමන් වාසය කල ප්‍රදේශයේ රෙජිස්ටාර් වෙත දැන්වීම කල යුතුය.


23 ( 2 ) - පාර්ශවයන් දෙක කලාප දෙකක වාසය කරන්නේ නමි එක් එක් පාර්ශවය විසින් ඒ ඒ කලාපයේ රෙජිස්ටාර් වරයාට දැනුමි දීම කල යුතුය. ( අවම වශයෙන් දින 10 ක් එම කලාපයේ පදංචිව සිටිය යුතුය. )


23 ( 3 ) - විවාහයේ එක් පාර්ශවයක් අවම වශයෙන් දින 10 ක් ඇතුලත ලංකාවේ පදිංචීව නොසිටී නමි අනෙක් පාර්ශවය මගින් දැනුමි දීම කල යුතුය.


23 ( 4 ) - පාර්ශවයන් දෙකම ලංකාවේ නොසිටී නමි එක් පාර්ශවයක් වත් අවම වශයෙන් දින 4 ක් සිටිය ප්‍රදේශයේ රෙජිස්ටාර්වරයාට දැන්වීම කල යුතුය.

III. 24 වගන්තිය මගින් දැන්වීමේ ආකෘතිය හා ප්‍රකාශය පිලිබද විස්තර දැක්වේ. ( පලමු උපලේඛනය ඩී ආකෘතිය. )

24 ( 1 ) - පාර්ශවකරැවන්ගේ නමි, ජාතිය, වයස, රැකියාව, සිවිල් තත්වය, පියාගේ තත්වය පිලිබද කරැණු ඇතුලත් විය යුතුය.


24 ( 2 ) - විවාහයට ඇතුලත් වීමට පාර්ශව දෙකේ කැමැත්ත ලිඛිතව ඉදිරිපත් කර තිබිය යුතුය.


24 ( 3 ) - දැන්වීම භාරදෙන පාර්ශවය විසින් එයට කිසිදු නෛතික බාධාවක් නොමැති බවට ප්‍රකාශ කර තිබිය යුතුය.


24 ( 4 ) - ඉහත විවාහ දැන්වීම බලයලත් නිලධාරියෙකු හා එකවර පෙනී සිටින සාක්ෂි කරැවන් දෙදෙනෙකු විසින් සහතික කල යුතුය.

IV. 25 - ඉහත දැන්වීම විවාහ දැන්වීමි පොතේ ඇතුලත් කර සාධාරණ කාල සීමාවක් ප්‍රදර්ශනය කොට තැබිය යුතුය.

26 - මෙලෙස දැන්වීම ප්‍රදර්ශනය කර අවම වශයෙන් දින 12 කට පසුව හා උපරිමය මාස 3 ක කාලයක් ඇතුලත සහතිකයලබා ගත යුතුය. මාස 3 ක් පසු වූ විටක නැවත දැන්වීමක් කල යුතුය.


27 - විවාහ වීමට බලපත්‍රය නිකුත් ක්රීම පලිබදව වධිවිධාන දැක්වේ.

V. මෙලෙස බලපත්‍රය නිකුත්කිරීමෙන් පසු 34 වැනි වගන්තියේ සදහන් විධිවිධාන අනුව ක්‍රිස්තියානි පල්ලියකදී හෝ,

35 වැනි වගන්තියේ සදහන් විධිවධාන අනුව විවාහ ලේකමි වරයෙකු විසින් හෝ විවාහය සිදුකල හැක.


40 වගන්තියට අනුව මරණාසන්න විවාහයකදී ඉහත කාර්ය පටිපාටිය අනුගමනය අවශ්‍ය නොවේ.

එක් පාර්ශවයක් මරණාසන්න තත්වයක සිටින විටෙක ක්‍රිස්තියානි පූජකවරයෙකුට මෙම පනතේ මූලික කාර්ය පටිපාටීන් අනුගමනය කිරීමෙන් තොරව පහසු ස්ථානයකදී විවාහය සිදුකල හැක. නමුත් එම පුද්ගලයා සිහි බුද්ධියෙන් සිටීම අවශ්‍යවේ.

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home