11 Nov 2011

හෘදයාබාධ රෝගි‍යකුට දිය යුතු ප්ර ථමාධාර




නිවසේදී කාර්යාලයේදී ‍හෝ මහ මග හෝ අයකුහට පපුවේ වේදනාවක් ඇති වුවහොත් මේ ලෙස ක්‍රියා කරන්න.

රෝගියා තිරස්ව සැතැපීමට සලස්වන්න. ඇඳක් නැත්නම් සුදුසුතම ස්ථානය බිමයි. පැත්තට හැරෙන්නට උවමනා නම් ඊට ඉඩ දෙන්න. සිහි මඳ රෝගියකු නම් පැත්තකට හරවා තබන්න. (වමනය හා කෙළ පෙණහල්ලට යෑම වැළැක්වීම පිණිස මෙසේ හරවා තැබීම අවශ්‍ය ය.)

දිගාවී සැතපීමට ඉඩක් නැත්තම්, පුටුවක වාඩිවී සිටියාට කම් නැත. එහෙත් ශරීර මට්ටමට එන ලෙස කකුල ඔසව‍ා බංකුවක් (වැනි දෙයක්) මත තබන්න.

වාඩි වී සිටීමෙන් හුස්ම ගැනීමට පහසු බව රෝගීයා පවසතොත් ඒ ඉරියව්වෙන්ම සිටීමට ඉඩ හ‍රින්න.

තදට ඇද ඇති ඇඳුම් ලිහිල් කරන්න. ඉනපටි, ටයි පටි ආදිය ඉවත් කරන්න.

මලපහ කිරීමට හෝ මුත්‍රාකිරීමට අවශ්‍ය නම් ඇදේ දිග‍ාවී සිටියදීම එසේ කිරීමට ඉඩ හර‍ින්න. නැගිටුවා ඇවිද්ද වීම වැරදියි.

හෘදය රෝගියෙකු ලඟප‍ාත සිටියදැයි වහාම විමසන්න. මෙම රෝගීන් ලඟ දිව යට තබා ගත යුතු ටී.එන්.ටී පෙති ඇත. එබදු රෝගීයෙකු ලඟ සිටියහොත් ඔහුගෙන් ටී.එන්.ටී. පෙති දෙකක් ඉල්ලා කුඩු කොට රෝගියාගේ දිව යට තබන්න.  විනාඩි දහයකට පසු වේදනාව තවමත් පවතින්නේ නම් තවත් ටී.එන්.ටී පෙති දෙකක් ‍එලෙසෙම දෙන්න. පැය භාගයක් ඇතුලත පෙති හයකට වඩා නොදෙන්න.

ඇස්ප්‍රීන් හෝ දිය වෙන සුළු ඇස්ප්‍රීන් පෙත්තක් ඇල්වතුර කෝප්ප ¼ පමණ දියකොට රෝගියාට පොවන්න. මෙය ඉතා වැදගත් පියවරක්.

දහදිය දැමීම අධික නම් රෙදි කඩකින් පිස දමා සෙමින් පවන් සලන්න.

රෝගීයා වටා බොහෝ දෙනා වටවී සිටීම නොමැනවි. එයින් ඔහුට වාතාශ්‍රය නොලැබෙනු පමණක් නොව මානසික අසහනය ද වැඩිවේ.

ගෑස් අඩංගු බීම බ්‍රැන්ඩි ආදිය නොදිය යුතුය.


හෘද ස්වසනය පුනර්ජීවනය - මූලික ක්‍රියා පිළිවෙළ

§  හෘදය ගැස්ම නැවතුන විට කරනු ලබන ප්‍රතිමාරධාර විඳියට හෘද ස්වසනය පුනර්ජීවනය යැයි කියනු ලැබේ.
§  පහත සදහන් ලක්ෂණ එකක් හෝ වැඩි ගණනක් ‍හෝ හෘදයාබාධ රෝගියෙකු ‍කෙරෙහි දුටු කල්හි හදගැස්ම නැවතුන බව උපකල්පනය කල යුතුය.
§  එනම් -                                                                                                                               ශ්වසනය නැවතීම
                  නාඩිය හසු නොවීම
ශරීරය (වලිප්පුවකදී මෙන්) ගැස්සීම
ඇස් උඩට කැරකැවී යාම
ඇඟිලි තුඩු ද නිල් පැහැ වී යාම
මේ රෝග ලක්ෂණ ඇත්නම් වාහාම පහත සදහන් ක්‍රියා මාර්ග අනුගමනය කරන්න.

§  තමාගේ දකුණත මිට මොලවා රෝගියාගේ පපුවෙහි වම් පැත්තට (ශරීරයට හෘදය මතු පිටට) වැරෙන් තලන්න.
ඒ කල වහාම බාහිර හෘද සම්භාහනය ආරම්භ කල යුතුය.

                                                                                                                                                                                                                                                                                                            මෙ‍හිදි කරනුයේ රෝගියාගේ හෘදය, පපු ඇටයත්, කොදු ඇට පේලියත්,අතර තෙරපීමයි.  ‍එවිට හෘදයේ ඇති රුධිරය ශරීරයට ගලා යයි. මෙය සාර්ථකව කරනු පිණිස රෝගියාගේ කොදු ඇට පෙදෙස නොනැමී තිබිය යුතුය. එබැවින් රෝගියා බිම වැතිර වීම ඉතා සුදුසුය. අනතුරුව තමාගේ අත් දෙකම රෝගියාගේ පපු ඇටය මැද තබා අඟල් 1 ½ - 2 ක් පමණ පහලට පපු ඇටය එබිය යුතුය. මේ සඳහා තමා‍ෙග් සිරුරේ බර උ‍පයෝගී කර ගැනීම යෝග්‍යයයි. ( මෙසේ කිරීමේදී රෝගියාගේ ඉහල ඇටයක් දෙකක් බිදුණාට පසු තැවෙනු අනවශ්‍යයි.)

විනාඩියකට 80 100 වාරයක්
විනාඩියකට 80-100 වාරයක් පමණ මේ බාහිර සම්භානය කරන්න. ඕනැවට වඩා වේගයෙන් සම්භානය කිරීමෙන් වැළෙකෙනු පිණිස එක, දෙක, තුන, යනාදී වශයෙන් ගණන් නොකොට එක්දහසයි එකයි, එක්දහසයි දෙකයි, එක්දහසයි තුනයි.......යන පරිද්දෙන් ගණනය සඳහා උපදෙස් දෙනු ලැ‍ෙබ්.

                                                                                                                                                සෑම සම්භාහන හතරකට හෝ පහකට හෝ පසුව කෘතිම ශ්වසනයක්ද කල යුතුයි.

කෘත්‍රීම ශ්වසනය

පළමු කොට වෙදැගිල්ල රෙදි කඩකින් වෙලා රොගියාගේ මුව ඇතුලෙහි ඇති සෙම, වමනය, බොරුදත් ආදිය ඉක්මණින් ඉවත් කරන්න. ඉන්පසු රෙදි කඩකින් තේහැද මිටක් වෙලා එය දිවට උඩින් යොදා දිව පිටුපසට වැටී යාම වලකන්න. (එසේ වැටුණොත් ශ්වසන මාර්ගය අවහිර වේ)

අනතුරුව රෝගියාගේ නිකට (තමාගේ දකුණු අතින්) හැකි තරම් උඩට (ඉහලට) උස්සා තමාගේ වම් අතින් රෝගිය‍ාගේ නාස් පුඩු තද කොට වසා ගන්න. (මේ සදහා රෝගියා‍ෙ‍ග් දකුණු පැත්තෙන් සිටිය යුතුයි.)

 
නාස් පුඬු වසා නිකට උස්සා කට අරින පරිදි
නාසා පඬු වසා නිකට උස්සා කට අරින ‍පරිදි



 සෑම සම්බාහන හතරකට වරක්, කෘත්‍රීම ශ්වසනයක් දිය යුතුය.

දැන් හැකි තරම් ගැඹුරට හුස්ම ගෙන තමා‍ගේ මුව, රෝගිය‍ාගේ මුවට තද කොට තබා වැරෙන් ඔහුගේ මුව තුළට හැකි තරම් හුස්ම පිඹින්න. රෝගියාගේ මුව මත ලේන්සුවක් එළා මෙය කළාට වරදක් නැත. හරියට මෙය කළහොත් රෝගියාගේ පපුව හස්ම නිසා පිම්බෙනු ඇත. දැන් දෑතම ඉවත් ‍ෙකාට යලිත් බාහිර සම්බාහනය අරඹන්න.

රෝහලට ගෙන යනතුරු මේ ක්‍රමයට ප්‍රථමාධාර දෙන්න !

වයස අවු. 40 පිරුණු විට,
නිරතුරු ව වෛද්‍ය පරීක්ෂණයට ලක්වන්න.

විශේෂයෙන්ම ඔබ‍ෙග් ප්‍රවේණිය පසුබිම අවදානම් සහිත නම් මෙය අත්‍යවශ්‍යය.

1)                  අධික - රුධිර පීඩනය
2)                  රුධිර‍ෙය් අධික - සීනි මට්ටමක් තිබීම
3)                  රුධිරටය් අධික මේද ප්‍රමාණයක් තිබීම
4)                  දුම්පානය
5)                  ස්ථුලතාව



වසරකට වරක් වත්,
·                                                               රුධිරයේ අන්තර්ගත මේද ප්‍රමාණය
·                                                               රුධිර පීඩනය
·                                                               රුධිරයේ අන්තර්ගත සීනි ප්‍රමාණය

පරීක්ෂා කරන්න.

හෘද රෝගියකු යැයි සැක ඉපදවිය යුතු අවස්ථා හඟවන සුලබ රෝග ලක්ෂණ

සුළු කාර්යයෙක - වැඩක පළක - යෙදෙන විට වුවත් ඇති වන හතිය.

කය මෙන් ම සිත වෙහෙසවන විට පපුව මැද ප්‍රදේශයේ ඇති වන වේදනාව (වෙහෙස නිවෙන විට වේදනාවද නැතිව යාම වැදගත්ය.)

කරන කාර්යයයනට අනුකූල නොවන තෙහෙට්ටුව.

ආහාර වේලකින් පසුව හිර වීම හෝ හතිය හෝ ඇති වීම.

කැස්ස ( විශේෂයෙන් සෙම කැඩී නොයන වියැළි කැස්ස)

කකුල් ඉදිමීම

බඩ පපුව දැවිල්ල

ක්ලාන්ත වීම හෝ ඇස් ඉදිමී යාම. (විශේෂයෙන් අධික වෙහෙසක් වීමේදී)

පපුවේ ගැස්ම

හිසරදය - විශේෂයෙන් හිස මුදුනෙන් දැනෙන හා උදෑසන ඇතිවන වේදනාව සැලකිල්ලට ‍ගත යුතුය.

2 Comments:

At 11 November 2011 at 18:55 , Blogger තරිදු - ඇසූ පිරූ තැන් said...

godak watina lipiyak. Me lipiya nisa kenekge jeewithyak berunoth oyatath pin sidda wenawa.

 
At 11 November 2011 at 20:09 , Blogger Kasunk said...

hmmmmmmmmmm...thank u sahodaraya

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home