10 Nov 2011

තාරුණ්‍යය දිගුද ? කෙටි ද?

තාරුණ්‍යය හා විවේකය



 තාරුණ්‍යය යනු

22631 353648554250 550809250 5022145 8379617 n.jpgතරුණ තරුණියන් යනු මානව සමාජයේ සිටින්නා වු ඵක් ප්‍රවර්ගයකි.ඔවුන් පිළිබදව අපි සමාජ විද්‍යාත්මක දෘශ්ඨිකෝණ‍යෙන් බැලිය යුතුය.මෙම තරුණ තරුණියන් යනු මානව සමාජයේ සිටින කණ්ඩායමක් තවත් කණ්ඩායමක් හැදින්වීම ට ‍යොදන නමකි.එය භාෂාමය ප්‍රවර්ගයකි.

ළමා අවධිය පරිපූර්ණ භාවයෙන් වර්ධනය වෙත්ම තරුණ තරුණියන් සමාජය තුළ තම අනන්‍යයතාවය ගොඩ නගා ගැනීම ට උත්සාහ දරයි.ජීවිතයේ කුණාටු සමය තාරුණ්‍යය යි.සමාජ සමූහ වල යෞවනයන් තම ආධිපත්‍ය සෙවීම ට උත්සාහ දරයි.එහිදී ඔවුන් ට තම අනන්‍යයතාවය සම්බන්ධ ගැටලු මතු වේ.තාරුණ්‍යය කුලය,වර්ගය,පන්තිය,ආගම,සදාචාරය හා සමාජ සන්දර්භය තුළ වෙනස් වේ.ජීව විද්‍යාත්මක ලෙස ගැහැණු ළමයකු නම් ඔසප් වීම ආරම්භය ත් පිරිමි ළමයකු නම් ස්වප්න මෝචනය,උගුරු ඇටය නෙරා ඒම සිදු වේ.

තාරුණ්‍යය දිගුද ? කෙටි ද?

N550809250 1999510 6191.jpg
අප්‍රිකානු සමාජයේ මල්වර වූ විගස කාම සම්භෝගයේ යෙදීම ට සුදුසු කම් ලබයි.අප වැනි රටවල මෙම තත්වය වෙනස් වේ.අප සමාජ වල යෞවන කාලය දිගුය.බට‍හිර සමාජ වල දයෞවන කාලය දිගුය.විවාහ වන වයස ද ඉහළ ය.කාම සම්භෝගයේ යෙදීම ට අමතර වෙනත් පිළිවෙත් ආයතන කරා යොමු වේ.ඉන්දියානු,අප්‍රිකානු සමාජ වල යෞවන කාලය කෙටිය.අතීත ඉන්දියාවේ මලබාර් වල ජීවත් වූ නාගර් වර්ගයේ පුද්ගලයන් ට ප්‍රේම වන්තයන් ගනනාවක් සිටිය හකිය.

තාරුණ්‍යය යන්නට නිර්වචන

තාරුණ්‍යය යන්නට නිශ්චිත නිර්වචන නොමැත.නමුත් එය අව‍‍බෝධ කර ගැනීමට විවිධ අර්ථකතන යොදා ගත හැකිය. ඒ අතර, එක්සත් සංවිධානය ට අනුව, අවුරුදු 15-24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින අය තරුණ තරුණියන් වේ. නමුත් ලංකාව වැනි රටවල මෙම තත්වය වෙනස් වේ.එය ‍බොහෝ විට අවුරුදු 18 සිට පටන් ගනී.බටහිර රටවල සංස්කෘතික රටාව අනුව මෙම වයස් කාණ්ඩය 13-15 සිට ආරම්භ වේ. ලෝක බැංකුව ට අනුව, පුද්ගලයෙකු ගේ ජීවිතය ළදරු විය හා වැඩිහිටි විය අතර ඇති කාලය තාරුණ්‍යය ලෙස නිර්වචනය කර තිබේ.අවුරුදු 18-29 ත් අතර වයස් කාණ්ඩයේ සිටින අය තරුණ තරුණියන් ලෙස හදුන්වා දී තිබේ. සාමාන්‍යයෙන් තරුණ විය යනු, වයස අවුරුදු 18-33 ත් අතර පවත්නා කාලයයි.පුද්ගලයාගේ වර්ධනය මානසික,කායික,සංස්කෘතික වශයෙන් වේ.

පරාරෝපණය හා යෞවනය

ජීවන මගේ එක් අවස්ථාවක් වන යෞවන අවදිය පුද්ගලයන් ගෙ තවත් පරාරෝපණ අවදියක් වේ. 1967 Calaboose යන පුද්ගලයා පවසුවේ ජීවන මගේ යෞවන අවදිය මූලිකවම ඇති අතර මැදි ස්වභාවය නිසා පරාරෝපණය වීමට ඉඩ ඇති බවයි.යෞවනය තව දුරතත් ළමයින් නොවන අතර පූර්ණ වැඩිහිටියන් ද නොවේ. 1994 Weinstein ළමා නිදහස හා වැඩිහිටියන් අතර අති මෙම ආතතිය පරාරෝපණය වර්ධනය විමට සාරවත් භූමියක් වේ. 1968 Ericson කෙනෙකු තම ජීවිතයේ තම අනන්‍යයතාවය ගොඩ නැගීමේ කියාදාමය තුළින් කණ්ඩායම් හා උප සංස්කෘතින් බිහි කර ගනි.ඔහුට අනුව යෞවනයන් තුල අනාගතය පිලිබඳව උදාසීන ගතියක් ඇති කරයි.

යෞවනය හා අනන්‍යයතාවය

යම් ආකාරයක පුද්ගල ලක්ෂන මත අනන්‍යයතාවය තීරණය කළ හැකිය.
  • තමා කවුද යන්න තමා තුල අති වන හැගීම.
  • ඒ අනන්‍යයතාවය පිළිබඳව අන් අය තුල පිළිගැනීමක් තිබිය යුතුය.
අනන්‍යයතාවය යනු ගොඩනන්වන දෙයකි.මදන් සරැප් පවසන ලෙස අනන්‍යයතාවය අපැහැදිළි මෙන්ම ප්‍රතිවිරෝධතා වලින් ද ගහනය වේ.අනන්‍යයතාවය තේරුම් ගැනීමේ දී, -සමාජ පංතිය -ජන වර්ගය -ජාතිකත්වය -ස්ත්‍රී පුරුෂ සමාජ බාවය වැදගත් වේ.

තාරුණ්‍යයේ විශේෂ ලක්ෂණ

20331 255637154250 550809250 4483738 7294627 n.jpg
  • කළබලකාරී බව
  • කළහකාරී බව
  • බලාපොරොත්තු විරහිත බව
  • සහකම්පනය
  • කේන්ති යාම
  • විරැකියාව
  • සුඛෝපබෝගී ජීවිත ගත කිරීම ට ඇති කැමැත්ත
  • ආචාර ශීලී නොවීම

විවේකය යනු

විවේකය යනු ප්‍රාථමික හා ද්වීතීක ක්‍රියාවන් ගෙන් පසුව ඉතිරි වන වැඩිපුර කාලය වේ.එය කොටස් දෙකකි. 01.ද්ත්වීක ක්‍රියා 02.ප්‍රාථමික ක්‍රියා වඩා ධනාත්මක ලෙස ගත් විට විවේකය යනු, සතුට, විනෝදය,සමාජශීලිත්වය ට එදිනෙදා ජීවිතයෙන් මිදීමට හා ශාරීරික හා මානසික අරමුණ කොටගත් සුවිශේශී ක්‍රියාවන් වේ.වෙනත් අය විවේකය යනුවෙන් හදුන්වන්නේ, සුවිශේශී කාලයක් මගින් සීමා කල නොහැකි අද්දැකීම් සමුදායක් බවය.විවේකය සාපේක්ෂ වේ.මෙම නිර්වචන වල උවද වැරදි තිබිය හැකිය.එය පුද්ගයන් ගෙන් පුද්ගලයට වෙනස් වනවා සේම සමාජයෙන් සමාජයට ද වෙනස් වේ. විවේකය ගත කරනුයේ පුද්ගලයා ගේ ආතතිය නැති කිරීමට ය.එනම් වෙහෙස කාරී වැඩ වලින් මිදීමටය. විවේකය කොටස් දෙකකට වෙන් කල හැකිය.
  • සක්‍රීයව කරන ක්‍රියා
  • නිශ්ක්‍රීයව කරන ක්‍රියා
සක්‍රීයව කරන ක්‍රියා යනු, ශරීර ශක්තිය වැය කර කරන ක්‍රියාවන් වේ.එනම් ක්‍රීඩා,නර්තනය වැනි ක්‍රියා වේ. කාර්මික සමාජ වල ජීවත් වන පුද්ගලයන් තුල විවේකය ගත කිරීමට අති කාලය ඉතාමත් අඩුය.නූතන තාක්ෂනයේ දියුණුවත් සමගම මෙම තත්වය ඇති වී තිබේ.මෙහිදී මිනිසුන් යාන්ත්‍රික වී තිබේ.විශෙශයෙන් කර්මාන්ත ශාලා වල මිනිසුන් ගේ ක්‍රියාකාරිත්වය යාන්ත්‍රික වී තිබේ.වැඩ කිරීම ස්වල්ප උවද ඔවුන් ගේ මානසික නිදහස අවම වී තිබේ.අපගේ අත්දැකීම් උදෙසා ශරීරයම ක්‍රියාත්මක වන අවස්තවන් සන්වර්ධනය වන්නේ විවේකය ගත කිරීමේ ක්‍රියාවලිය තුලය. නිශ්ක්‍රීයව කරන ක්‍රියා යනු, මෙයින් බලාපොරොත්තු වන්නේ සැහැල්ලු මනසක් මුල් කරගෙන කරන ක්‍රියා වේ.එනම් චිත්‍රපට බලීම වනි දෑ බැලීම වේ.

තාරුණ්‍යය හා විවේකය

තාරුණ්‍යය තුළ විවේකය ගත කිරීම තුළින් ඇතිවන ප්‍රතිලාභ

N550809250 1999504 617.jpg
  • වින්දනයක් ලැබීම.
  • ස්වයං ප්‍රකාශනය කිරීම.
  • ආත්ම සංයමය ඇති කර ගැනීම.

තාරුණ්‍යය තුළ විවේකය ගත කරන ආකාරය

  • මාධ්‍යය
  • අන්තර්ජාලය
  • ක්‍රීඩා
  • සංගීතය
26873 1380090986830 1368597540 1025625 6345521 n.jpg
මාධ්‍යය තුළින් තාරුණ්‍යය තුළ විවේකය ගත කරන ආකාරය.මෙය කොටස් 6 ඔස්සේ සාකච්ඡා කළ හැකිය. 01.ලිංගිකත්වය-මෙය ආදරය ලෙස ප්‍රකාශ වේ.එය වාචික හෝ දෘශ්‍යය විය හැකිය.
02.ප්‍රචන්ඩත්වය-මෙය ජීවත් වන වටපිටාව සමඟ සිදු වේ.
03.අපරිමිත භාවයන් පරමාදර්ශීකරණය-ධනය,බලය,කීර්තිය ආදිය ඇති කර ගැනීම.
04.භෞතික වාදය
05.සුඛ පරම වාදය
06.මාධ්‍යය වාණිජ කරණය
  • අන්තර්ජාලය තුළින් තාරුණ්‍යය තුළ විවේකය ගත කරන ආකාරය
වීඩියෝ ගේම්ස්- 1970 වන විට ලෝකයේ වීඩියෝ ගේම්ස් ආරම්භ වීමත් සමඟ ම මහත් විපර්යාසයක ට මුළ පිරූහ.අද වන විට ලෝකයේ වීඩියෝ ගේම්ස් සෑම කෙනෙකුම පාහේ භාවිතා කරයි.යුරෝපා රටවල 100% ක් ම තරුණ තරුණියන් අතර මෙය ජනප්‍රිය වී තිබේ.විශේෂයෙන් ම පිරිමි පාර්ශ්වය මේ සඳහා යොමු වී තිබේ.මෙය වීඩියෝ ගේම්ස් නිසා ඇති වූ බලපෑම් රැසකි.ඒ අතර ප්‍රචන්ඩත්වය,ආක්‍රමණශීලීත්වය විශේෂ වේ.නමුත් INTERACTIVE DIGITAL SOFTWARE ASSOCIATION නම් ආයතනය මෙය ට ප්‍රතිවිරෝධය ඉදිරිපත් කරයි.ඔවුන් පවසන්නේ වීඩියෝ ගේම්ස් තුලින් තාර්කික බව,රටාවන් හඳුනා ගැනීම,උපක්‍රමශීලි වීම ට හා ඉක්මනට සිතිම ට පුරුදු කරන බවයි. Social Networks- Facebook,hi5 වැනි වෙබ් අඩවි තුළින් ද තාරැණ්‍යය විවේකය සැකසීම ‍ට යොදා ගන්නා ජනප්‍රිය මාධ්‍යය ක් වී තිබේ.ගෝලීයකරණය තුළ නව සබඳතා ඇති කර ගැනීම ට මෙයින් හැකියාව ලැබේ.
  • ක්‍රීඩා තුළින් තාරුණ්‍යය තුළ විවේකය ගත කර ආකාරය
මෙය විවේකයේ දී 3න් ආකාරයක ට බලපායි.
  • ශාරීරික
  • පුද්ගල මට්ටමන්
  • සමාජමය
ශාරීරික සුවතාව ඇතිකිරීම තුළින් මානසික ආතතිය මුදා හැරීම ‍ට හා සෞඛ්‍යය යහපත් කර ගැනීම ට හැකි වේ. පුද්ගල මට්ටමින් තරැණයන් තුළ ආත්ම සංයමයක් ඇති වේ.දරා ගැනීමේ හැකියාව වැඩි කරයි.නායකත්වඅවස්ථා වැඩි කරයි.පෞරුෂය වර්ධනය ට හා කාලය කළමනාකරණය ට හැකියාව ලැබේ. සමාජමය මට්ටමින් මෙය සාමූහිකව කරන බැවින් සහසම්බන්ධතාව වැඩිය.මේ තුළින් විවිධත්වය ට හුරු වේ. සංගීතය තුළින් තාරුණ්‍යය තුළ විවේකය ගත කරන ආකාරය මෙය විවේකය ගත කිරීම ට යොදා ගන්නා ජනප්‍රිය ම මාධ්‍යය වේ.මෙහි දී ද ජනප්‍රිය ‍පොප් සංගීතය තාරුණ්‍යය තුළ සුවිශේෂී වී තිබේ.මෙය රොක් සංගීතය ට විකල්පයක් ලෙස භාවිතාව ට පැමිණ ඇත.ඒවා බොහෝ විට සරල ආදරණීය ගීත වේ.මෙය අනන්‍යයතාව ගොඩ නැගීම ට ත් උපකාරි වේ.

2 Comments:

At 10 November 2011 at 23:27 , Blogger Sabith said...

සැහෙන්න මහන්සි වෙලා තියන පාටයි!බොහොම ස්තුතීයි!

 
At 11 November 2011 at 06:44 , Blogger Kasunk said...

:)

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home