2 Oct 2011

රැකියාවටයන බිරිද.

යහපත් බිරිදක් වීම සෑම විවාහක කාන්තාවකගේම යුතුකමකි.පවුලක් තුළ කාන්තාවකගේ කර්යභාරය වි‍ශාලය.බිරිදක්,මවක් සහ ගෘහනියක් වසයෙන් ඇයට පවුල තුළ විශාල භූමිකාවක් අනිවාර්යයෙන්ම හිමිවේ.පැරණි කාන්තාවන් රැකියාවකක් නොකළ අතර ගෘහස්ථ කාර්යයන්වල බොහෝ සෙයින් නිරත වූහ.මෙහිදී ගෙදර දොරේ ඉහුම් පිහුම්,පිරිසිදු කිරිම් ,දරුවන් රැක බලා ගැනීම,මැහුම් ගෙතුම් කටයුතු ප්‍රධාන විය.එලෙසම හැකි සෑම අවස්ථාවකදීම සැමියාගේ කෘෂිකර්ම කටයුතු වලට උදව් වීමටද ඇයට සිදු විය.සාම්ප්‍රදායක සමාජයේ කාන්තාව තම පවුල වෙනුවෙන් ඉතා වුවමනාවෙන් කටයුතු කළාය.නමුත් සමජය වෙනස් වීමත් සමග සම්ප්‍රදායක ක්‍රමය වෙනස් මගකට හැරිණි.

ලංකාවේ කාන්තාවගේ සමාජීය කාර්යභාරය වෙනස් වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ නිදහස් අදයාපනයයි.නිදහස් අධ්‍යාපනයත් සමග ගෘහස්ථව සිටි කාන්තාවන් අධ්‍යාපනය මගින් සමාජයට පැමිණියාය.එමගින් කර්මානතශාලා,කාර්මික ජනපද,නිදහස් වෙළද කලාප ඇති විය.එලෙසම මැදපෙරදිහ රැකියා සදහා දොරටු විවෘත විය.මේ නිසා නිවසේ සිටි කාන්තාව සමාජයට පැමිණ රැකියා කටයුතු වල නිරත විය.මෙහිදී කාන්තාව තම පවුලේ ආර්ථිකය නගා සිටුවීම සදහා රැකියාවක් කළ අතර ඒ සමගම ඇයට පෙර සමාජයේ සිට කිරීමට පැවරී තිබු නිවසේ කාර්යභාරය කෙරෙන්ද ඈත් වීමට ඉඩ නොලැබිණි.

මේ අනුව කාන්තාව රැකියාවක් කිරිමේදි ඇයට රැකියාවේ කටයුතු මෙන්ම නිවසේ කටයුතුද යන දෙයාකාරයේම කටයුතු කිරීමට සිදුවෙයි.කාන්තාවට අසාධරණයක් සිදුවන බවද පෙනේ.රැකියාවට යන බිරිද පිළිබදව ස්වාමිපුරුෂයාටද අවබෝධයක් තිබිය යුතුය.එසේ නොවුනහොත් ඇය මෙහෙකාරියකගේ තත්ත්වයට පත්වේ.රැකියාවක් කලද ඇයට විශාල කාර්යයක් පැවරෙයි.එසේම කාන්තාව රැකියාවක් කලද ඇය මවක් නම් මවගේ වගකීම් වලින්ද ඇයට බැහැර විය නොහැක.මේ අනුව රැකියාවට යන කාන්තාවන් තම නිවසේ මවක්,බිරිදක් වශයෙන් යහපත්ව කටයුතු කළ යුතු අතර සේවා ස්ථානයේද කටයුතු මැනවින් ඉටු කිරීමට වහබලා ගතයුතුය.එමගින් ශක්තිමත් පවුල් සංස්ථාවක් මෙන්ම ශක්තිමත් ආර්ථික සංස්ථාවක්ද ගොඩ නැගෙයි

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home