18 Oct 2011

ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අයුරු

        මෙය සුළු වැඩ කොටසකින් ඔබේ වෙබ් අඩවිය භාවිතයෙන් මුදල් ඉපයිය හැකි ඉතා ඵලදායී ක‍්‍රමයකි. ඔබේ දැන්වීම් අවකාශය විකිණීමට අවශ්‍ය නැත. මෙහිදී දැන්වීම්කරුවන් ස්වයංවක‍්‍රීයව ඔබේ අඩවියට පැමිණෙයි. ඔබේ අඩවියේ HTML කේත (Code) කුඩා කොටසක් පමණක් ඔවුන් වෙනුවෙන් පිහිටුවන්න. ඉන්පසු ඔබේ අඩවියේ මුදල් උපයන දැන්වීම් ක‍්‍රියාත්මක වීමට පටන් ගනීවි.

            හොඳ අන්තර්ගතයක් සහ ගනුදෙනු සහිත උසස් තත්වයේ වෙබ් අඩවියක් ඔබට ඇත්නම් නිරතුරුවම ගලා එන ස්ථිර ආදායමකින් ඔබට සතුටු විය හැකියි. මෙමගින් ඔබට සෑම විටම මුදල් ඉපයිය හැකියි. එසේම ඔබේ පරිගණකයෙන් ඈත්ව සිටින විට හෝ නිදා සිටින විට පවා මුදල් ඉපයිය හැකියි.
        Adsense හෝ (ඊට සමාන) වැඩසටහන් සමග ක‍්‍රියා කරන බොහෝ වෙබ් අඩවි හිමිකරුවන් විසින් ඉතා සාර්ථක ලෙස තොරතුරු බෙදා ගන්නවා.
වෙළඳ දැන්වීම් මගින්  ඕනෑම වෙබ් අඩවියක අවකාශය භාවිතා කර පහසුවෙන් දිගටම ගලා එන ආකාරයේ ආදායමක් උපයා ගත හැකියි.
මුල් කාලවලදී වෙබ් අඩවි හිමිකරුවන් ඔවුන්ගේ දැන්වීම් අවකාශ විකිණුවේ කෙසේදැයි බලමු.
      අවුරුදු කිහිපයකට කලින් වෙබ් අඩවි හිමිකරුවන්ට ඔවුන්ගේ අඩවිවල වෙළඳ දැන්වීම් විකිණීමට ඉතා දුෂ්කර කාලයක් උදා වුණා. සාමාන්‍යයෙන් වෙබ් අඩවි හිමිකරුවන්ට ශක්තිමත් දැන්වීම්කරුවන් ඔවුන්ගේ වෙබ් අඩවි සොයා ගන්නා තුරු, ඒවාට කැමති වන තුරු, තොරතුරු දැන ගැනිම සඳහා ඔවුන් හා සම්බන්ධ වන තුරු, ගනුදෙනුවක් සඳහා කතා කර ගන්නා තුරු, (කතිකාව ඵලදායි වූවා නම් ) සැබෑ වෙළඳ දැන්වීම් මිලට දෙන තුරු, අවසානයේ එයට ගෙවීම කරන තුරු බලා සිටීමට සිදු වුණා. එය ඉතා දිගු කාලයක් ගත වන, නිෂ්ඵල හා දුෂ්කර ක‍්‍රියාවලියක් වුණා. බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ වෙබ් අඩවි හිමිකරුවන්ට මහන්සියෙන් වත් ඔවුන්ගේ අඩවිවලින් සාර්ථක ලෙස මුදල් ඉපයීම සඳහා ඇති ක‍්‍රම සොයා ගැනීමට නොහැකි වුණා.
පසුව දැන්වීම් සිරස්තල ජාලයන් (Banner Ad Networks ) ප‍්‍ර‍්‍රසිද්ධ වුණා.
            මෙම Banner Ad Networks  මගින් වෙබ් අඩවි හිමිකරුවන්ට ඔවුන්ගේ අඩවි ඔස්සේ චිත‍්‍රණ සිරස්තල දැන්වීම් (Graphic Banner Ad) ප‍්‍රකාශනය වෙනුවෙන් ගෙවීම් සිදු කරනු ලබනු අතර මෙම Banner Networks කියන්නේ ඉතා විශාල දැන්වීම් සමාගම්. මෙහි පෙර පැවති විකල්ප හා සන්සන්දනය කරද්දී වැදගත් දියුණුවක් ඇති වී තිබුණා.  එක් එක් තනි දැන්වීම්කරුවකු හා තනිව ගනුදෙනු කරනවා වෙනුවට, මෙයින් වෙබ් අඩවි හිමිකරුවන්ට බොහෝ දැන්වීම්කරුවන් නියෝජනය කරන එක් දැන්වීම් සමාගමක් සමග ක‍්‍රියා කළ හැකි වුණා.
          කෙසේ වුවත්, මෙයින් තවමත් වෙබ් අඩවි හිමිකරුවන්ට හොඳ ලාභයක් උපයා ගත නොහැකි වුණා. මෙම ව්‍යාපාර ආකෘතිය ඉතා ගැටළු සහගතයි. ජාල මගින් ඔවුන්ගේ හවුල්කාර වෙබ් අඩවිවලට ගෙවනු ලබන්නේ CPM ආකෘතිය ( CPM Cost per 1000 Banner Views -සිරස්තල 1000 කට වටිනාකම) අනුවයි.  ඉන් අදහස් වන්නේ වෙබ් අඩවි හිමිකරුවෙක්ට ඔහුගේ වෙබ් අඩවියෙන් සැබවින්ම මුදල් ඉපයීමට අවශ්‍ය නම්, ඔහුට සිදු වෙනවා ටොන් ගණනක් පිටු බැලීමට. නැතහොත් ඔහුට සැලකිය යුතු දැන්වීම් ආදායමක් නැතිව යනවා. මෙම ආකෘති විශාල වෙබ් අඩවිවලට සාධාරණ ලෙස සෑහෙන අතර, 1000 ගණනක් හෝ ඊට වැඩියෙන් නරඹන්නන් සිටින වෙබ් අඩවිවලට වැදගත් වෙනවා. කෙසේ වුවත් සාපේක්‍ෂ ව කුඩා ගනුදෙනු ධාරිතාවක් (දවසකට නරඹන්නන් 10ක් හෝ 100ක් 1000ක් පමණ) සහිත වෙබ් අඩවි මුදල් උපයන්නේ අඩුවෙන්.
Google ආදර්ශය වෙනස් කළ අයුරු
        වසර කිහිපයකට කලින් Google සමාගම මුළුමහත් අන්තර්ජාල දැන්වීම්කරණය මුළුමනින්ම වෙනස් කළා. මුලින්ම ඔවුන් Google Adwords' නමින් නවතම අන්තර්ජාල දැන්වීම් වැඩසටහනක් හඳුන්වා දුන්නා. සම්බන්ධයක් සහිත දැන්වීම් පාඨ තුලින් වෙබ් අඩවි දියුණු කර ගැනීමට, ගනුදෙනු ඉහළ දමා ගැනීමට අවශ්‍ය දැන්වීම්කරුවන්ට Google සමාගමෙන් හොඳ මාර්ගයක් සලසා දුන්නා. දැන්වීම්කරුවන්ට ඔවුන්ගේ අඩවිවල විෂයට අදාල විවිධ සෙවුම් වාරයන් තෝරා ගත හැකි අතර ඒවා මිලදී ගැනීමටද මෙහිදී හැකි වෙනව.
        මෙම වැඩසටහන් ක‍්‍රියා කරනුයේ ” Click එකකට ගෙවීම්” ආකෘතිය අනුවයි. එනම් දැන්වීම්කරු දැන්වීම් බැලීමකට නොව, සැබෑ පාවිච්චි කිරීමේ Click වලට පමණක් ගෙවීමය. දැන්වීම්කරුවන් සැණෙකින්ම මෙම අන්තර්ජාල අලෙවිකරණ සංකල්පවලට වැඩි කැමැත්තක් දැක්වූවා. ඔප්පු වූ ප‍්‍රථිඵල සහිත (උසස් තත්වයේ ඉලක්කගත) ගනුදෙනු සඳහා පමණක් සාධාරණ දැන්වීම් ගාස්තුවක් ගෙවනු ලැබුවා. අද වන විට Google ප‍්‍රමුඛ වෙබ් අඩවි දැන්වීම් ක‍්‍රියාකරු බවට පත් වුණා. සමාගම් ටොන් ගණනක් ඔවුන්ගේ නිෂ්පාදන හා සේවා අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රචාරණයටත්, වැඩි ගනුදෙනු ප‍්‍රමාණයක් ඔවුන්ගේ වෙබ් අඩවියට ගෙන ඒමටත් ඒවා විධිමත් ලෙස ප‍්‍රයෝජනයට ගැනීමටත් අපේක්‍ෂා කරනවා.
Google දැන්වීම් ඔබේ වෙබ් අඩවියේ ප‍්‍රචාරය කිරීම ගැන ඊලඟට විමසා බලමු.

               Google Adsense  වෙත ගොස් තමන්ගේ වෙබ් අඩවි ලියාපදිංචි කිරීමෙන්  ඕනෑම වෙබ් අඩවි හිමිකරුවෙක්ට සරලව දැන්වීම් තම වෙබ් අඩවියේ දමා ගැනීම සිදු කර ගත හැකියි.   එය ක‍්‍රියා කරන්නේ කෙසේදැයි අපි දැන් බලමු.
වැඩසටහන හා සම්බන්ධ වීමෙන් පසුව, වෙබ් අඩවියේ HTML ප‍්‍රභව කේතයට (HTML Source Code එකට) යෙදිය යුතු කෙටි කේතයක් ඔබට ලැබෙනව. (එය සරලයි.  එය කළ යුතු ආකාරය ගැන විශේෂ උපදෙස් ඔබට ලබා දෙයි.) මෙම HTML කේතය ඔබේ වෙබ් අඩවියේ දක්නට ලැබෙන වගන්ති හෝ ඊට අනුරූප දැන්වීම් ඇති කරනවා.  මෙම වැඩසටහනේ විශිෂ්ඨත්වය නම් ඔබේ නරඹන්නන්ට දක්නට ලැබෙන බොහොමයක් දැන්වීම් ඔබේ වෙබ් අඩවියේ අන්තර්ගතයට අදාල වීමයි.
Google හි alogorithm ගණිත ක‍්‍රමය මගින් ඔබේ වෙබ් අඩවියට බාර දෙන වෙළඳ දැන්වීම් සමඟ ඔබේ වෙබ් පිටුවේ මාතෘකාව ගළපනු ලබනවා. ඔබේ වෙබ් පිටුව සංගීතය පිළිබඳව සඳහන් වී ඇත්නම්,  නරඹන්නන් බලන්නේ සංගීතයට අදාල දැන්වීම් දෙසයි.  එය වෙබ් අඩවි නිර්මාණය පිළිබඳව සඳහන් වී ඇත්නම් ඔවුන් වෙබ් අඩවි නිර්මාණයට අදාල දැන්වීම් දෙස බලනවා. මෙලෙස වෙබ් අඩවි භාවිතා කරන්නන් ඔබේ වෙබ් අඩවියේ විෂයට අදාල අනුග‍්‍රාහක දැන්වීම් ප‍්‍රදර්ශනය කිරීම  නිසා දැන්වීමෙහි ප‍්‍රයෝජනවත් බව අනුව ඉතා ඉහළ Click කිරීමේ අනුපාතයක් ලබා ගත හැකි වෙනව.
නමුත් ඔබේ වෙබ් අඩවිය Click කිරීම් පිළිබඳ වංචාවකට සම්බන්ධ වේනම් Google සමාගම විසින් ක්‍ෂණික ව ඔබේ ගිණුම කිසිදු කරුණු පැහැදිලි කිරීමකින් තොරව අවසන් කරන්න ඉඩ තියෙනවා.  
Google සමාගම ඔබට නියම කරන ලද කොමිස් අනුපාතිකයක් ලබාදීම සඳහා නීතියෙන් කැප වෙලා නැහැ. ප‍්‍රතිපත්තියක් ලෙස දෙන ලද  ඕනෑම කාලයකදී, ඔවුන්ගේ කැමැත්ත අනුව ඔබේ කොටස අඩු කිරීමටත් ඔවුන්ට හැකියාව තිබෙනවා. ඔබේ දැන්වීම් ආදායම මාසයෙන් මාසයට වෙනස් විය යුතු වෙනවා. ගෙවීම් සිදු කරන්නේ නරඹන්නන් ඔබේ අඩවියෙන් දැන්වීම් බලා එතුලින් දැන්වීම්කරුවන්ගේ වෙබ් අඩවියට පැමිණෙන විටයි.
සැබවින්ම ඔබ දැන්වීම් වලින් මුදල් උපයන්නේ කොහොම දැයි අපි දැන් බලමු.?
නරඹන්නන් ඔබේ වෙබ් අඩවියට පැමිණ Google සමාගමෙන් දෙන ලද දැන්වීම් වලින් එකක් මත Click කරන සෑමවිටකම ඔබට ගෙවීමක් කරනු ලබනවා. මෙහිදී නරඹන්නන්ට යම් දෙයක් මිලට ගැනීමට, ආකෘති පත‍්‍ර පුරවා දැමීමට හෝ සැබෑ හේතුවකට Click කිරීමට පවා අවශ්‍ය නැහැ. වැඩි පිරිසක් ඔබේ දැන්වීම් මත Click කරන තරමට වැඩි මුදලක් ඔබට උපයා ගත හැකියි.
දැන්වීම් චක‍්‍රය ක‍්‍රියා කරන අයුරු දැන් බලමු.
*     දැන්වීම්කරු Google වෙතින් Campaign මිලදී ගන්නවා.
*    Google සෙවුම් යන්ත‍්‍ර (Google Search Engine ) හෝ Google හි හවුල්කාර සංයුක්ත වෙබ් අඩවි හරහා ව්‍යාපාර (Campaign) බාර දෙනවා.
*   දැන්වීම්කරු සෑම පාරිභෝගික Click එකක් පාසාම ගෙවනවා. ඒ කියන්නේ ඔබ ඔවුන් වෙත එවන එක් එක් නරඹන්නෙක් පාසා ඔවුන් ඔබට ගෙවනවා.
*   පසුව ඔබට Google ජාලයේ සාමාජිකයෙක් ලෙස එම Click කිරීමේ වටිනාකමෙන් සාර්ථක කොටසක් ලැබෙනවා.
ඇත්තෙන්ම මෙහිදී ඔබට කොපමණ ඉපයිය හැකිද?
එය ඔබේ වෙබ් අඩවියේ ගනුදෙනු ප‍්‍රමාණය, ඔබේ CTR අගය (Through Rate- Click කිරීමේ අනුපාතය), ඔබේ වෙබ් අඩවියේ විෂය වැනි කරුණු මත රදා පවතිනවා.
මිලියන ගණනක් වෙබ් අඩවි (සුළු හා මධ්‍ය පරිමාණ ඒවා ඇතුළුව) තමන්ගේ ප‍්‍රාථමික ආදායම් ප‍්‍රභවය ලෙස Adsense වැඩසටහන් භාවිතා කරනවා. එසේම තමන්ගේ වෙබ් අඩවියේ දැන්වීම් ප‍්‍රචාරය කිරීමට බලාපොරොත්තු වන වෙබ් අඩවි හිමිකරුවන්ගේ ජනප‍්‍රිය තේරීම ද එයයි.
කොහොමද මුදල් ලබා ගන්නේ ?
සාමාන්‍යයෙන් මසකට වරක් චෙක් පතකින් ඔබට ගෙවනවා.
Google Adsense වැඩසටහන පිළබඳ සම්පූර්ණ විස්තර ලබාගන්න.
Adsense විකල්ප
*  YPN (Yahoo Publisher Network )- වෙළඳ පොලේ Google සමාගමට සිටින ශක්තිමත් ප‍්‍රතිවාදියෙක්.
*  Adbrite - රකාශකයන්ට දැන්වීම් අවකාශ මිලට ගැනීමට හා විකිණීමට හැකියාව ඇති අන්තර්ජාල දැන්වීම් කඩමණ්ඩියක්
*   Bidvertiser - තවත් PPC(Page Per Click දැන්වීම් සපයන්නෙක්
*   Clicksor - පද සම්බන්ධයක් සහිත දැන්වීම් සඳහා විකල්ප ජාලයක්

උපුටා ගැනීමකි
Google දැන්වීම් ඔබේ වෙබ් අඩවියේ ප‍්‍රචාරය කිරීම

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home