කුබුන්ටු
Kubuntu 11.04 "Natty Narwhal" |
|
| සමාගම / විකාශකයා | Canonical Ltd. and community contributors |
| මෙ.ප පෙළපත | Unix-like (variant of Ubuntu) |
| වැඩකරන තත්ත්වය | Current |
| මූලාශ්‍ර ආකෘතිය | Free and open source software |
| ප්‍රථම නිකුතුව | 8 April 2005 |
| නවතම ස්ථාවර නිකුතුව | 11.04 (Natty Narwhal)[1] / අප්‍රේල් 28, 2011 |
| ලැබිය හැකි භාෂා | Multilingual (more than 55) |
| යාවත්කාලීන ක්‍රමය | PackageKit and/or APT |
| පැකේජ කාළමනාකරු | dpkg (Debian GNU/Linux Package Manager) |
| සහයදක්වන කරළි | IA-32, x86-64, lpia, SPARC, PowerPC, ARM, IA-64 |
| කර්නල් වර්ගය | Monolithic Linux kernel |
| පරිශ්‍රීලකස්ථාන | GNU |
| සාමාන්‍ය පරිශ්‍රීලක අතුරු මුහුණත | KDE Plasma Desktop |
| බලපත්‍රය | Various, primarily the GNU GPL and GFDL |
| නිල වෙබ් අඩවිය | www.kubuntu.org |
නාමය
කුබුන්ටු යන නාමය පද දෙකක එකතුවක් ලෙස (K + Ubuntu )දැක්විය හැකිය. කේ මගින් කුබුන්ටු හී භාවිතා වන කේ චිත්‍රක පරිශීලක පරිසරය නිරූපනය වන අතර උබුන්ටු යන්නෙහි අරුත අන් අයට මානුෂිකත්වය ලෙස සරලව දැක්විය හැකිය. කුබුන්ටු යන්නෙහි තවත් අරුතක් ලෙස නොමිලේ යන්න දැක්විය හැකිය.කුබුන්ටු සහ උබුන්ටු අතර වෙනස
සාමානයයෙන් උබුන්ටු පරිගණකය තුල ස්ථාපනය කිරීමේදී ජිනෝම් වැඩතලය හා GTK+/ජිනෝම් වැඩසටහන් සහ ගොනු (උදාහරණ : Evolution) සහ GTK+/ජිනෝම් පරිපාලක මෙවලම් (උදාහරණ :Synaptic package manager) භාවිතා කරයි. ඒ හා සැසදීමේ දී කුබුන්ටු පරිගනකය තුල ස්ථාපනය කිරීමේදී කේඩීඊ වැඩතලය කේඩීඊ/Qt වැඩසටහන් සහ ගොනු (උදාහරණ : Kontact) කේඩීඊ/Qt පරිපාලක මෙවලම් භාවිතා කරයි. කුබුන්ටු භාවිතා කරන්නන්ට පහසුවෙන් උබුන්ටු ගොනු එකතුවල ඇති ගොනුවක් ස්ථාපනය කර ගැනීමට සහ භාවිත කිරීමට හැකි අතර උබුන්ටු භාවිතා කරන්නන්ට පහසුවෙන් කේඩීඊ/Qt ගොනු ස්ථාපනය කරගැනීමට හා භාවිතා කිරීමට හැකිය. බෝහෝ දෙනෙක් ප්‍රථමයෙන් උබුන්ටු ස්ථාපනය කර පසුව කේඩීඊ එයට එකතු කරන අතර නැතහොත් සම්පූර්ණ කුබුන්ටු වැඩතල පාර-වැඩසටහන් උබුන්ටු මත ස්ථාපනය කරගනු ලබයි.( කෙසේ වූවත් ජීනෝම් සහ කේඩීඊ යන වැඩතලයන් දෙකම පරිගණකයේ ස්ථාපනය කිරීම නිසා වැඩි මතක ධාරිතවයක් සහ ගබඩා ධාරිතාවයක් අවශ්‍ය විය හැකිය. )කුබුන්ටු හී වැඩතලය සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් කර ඇත. කුබුන්ටු හී වැඩතලය නිමවා ඇත්තේ අනෙකුත් මෙහෙයුම් පද්ධති වල (උදාහරණ : මයිකේරාසොෆ් ට් වින්ඩෝස් ) වැඩතලයන් හී පිරිසැලසුමට අනුකූලව බැවින් භාවිතා කරන්නාට පහසුවෙන් කුබුන්ටු වලට මාරුවිය හැකිය. කුබුන්ටු හී අනෙකුත් මෙහෙයුම් පද්ධති හා සමානවම වැඩ සටහන් සපයා ඇති අතර අනෙකුත් මෙහෙයුම් පද්ධති වල දැකිය නොහැකි වැඩසටහන් ද දැකිය හැකිය. සම්මත කේඩීඊ4 ස්ථාපනය සමග ත්‍රිමාන පෙනීමද ලබා ගත හැකිය.
ගැලරිය
නිකුත් කිරීම්
කුබුන්ටු සහ උබුන්ටු යන දෙකම එකම නාම සහ අනුවාද පද්ධතිය භාවිතා කරයි. සෑම නිකුතුවකටම කේත නාමයක් සහ අනුවාද අංකයක් ඇති අතර එය අදාල නිකුත් කිරීම කරනු ලබන වර්ෂය සහ මාසය මත රදා පවතී. කුබුන්ටු සඳහා නිකුත් කළ දින සිට මාස 18 කාලයක් සඳහා සහාය සහ යාවත්කාලීන කිරීම් ලබාදේ.| Colour | Meaning |
|---|---|
| රතු | පරණ නිකුතුවකි; සහාය නොමැත. |
| කහ | පරණ නිකුතුවකි; තවමත් සහාය ඇත. |
| කොල | වර්තමන නිකුතුව |
| නිල් | අනාගත නිකුතුව |
| අනුවාදය | නිකුත් කළ දිනය | කේත නාමය | සහාය අත්හිටවන දිනය | සටහන |
|---|---|---|---|---|
| 5.04 | 2005-04-08 | Hoary Hedgehog | 2006-10-31 | ආරම්භක නිකුතුවයි. මෙහි කේඩීඊ 3.4 සහ තෝරාගත් වඩා වැදගත් කේඩීඊ වැඩසටහන් අන්තර්ගතය. මේවයින් සමහර ඒව නිල කේඩීඊ නිකුතුවෙහි අන්තර්ගත නොවුණි. ඒවා අතර Amarok,kaffeine,Gwenview සහ k3b විය. |
| 5.10 | 2005-10-13 | Breezy Badger | 2007-04-13 | කේඩීඊ 3.4.3 සහ මඟපෙන්වීමේ වින්‍යාස මෙවලම් සහිතය. OEM ස්ථාපකයේ සහාය සහිතය. මෙහි Adept ගොනු කළමණාකරණ මෙවලම හදූන්වා දෙන ලදී. ප්‍රගති දර්ශකයක් සහිත චිත්‍රක අරඹනයක් සහිතය. |
| 6.06 LTS | 2006-06-01 | Dapper Drake | 2009-06 | දිගුකාලීන සහාය සහිත නිකුතුවකි. සජීව සංගත තැටිය සහ ස්ථාපකය එකම තැටියක අන්තර්ගත කර ඇත. මෙය ආසියනු භාෂා සඳහා හොඳ සහායක් දක්වයි. මෙය ජාල මෘදුකාංගයකි. |
| 6.10 | 2006-10-26 | Edgy Eft | 2008-04 | කේඩීඊ 3.5.5. අන්තර්ගතය. මෙම නිකුතුවට ජායාරූප කළමණාකරණ වැඩසටහන් සහ පිවිසීමේදී භාවිතා කරන්නා හදූනා ගැනීම අන්තර්ගත කර ඇත. ජව සැපයුම කළමණාකරණ සහ ජාලකරණය වැඩිදියූණූ කර ඇත. |
| 7.04 | 2007-04-19 | Feisty Fawn | 2008-10 | කේඩීඊ 3.5.6;සංක්‍රමණයවීමේ සහායකයෙක් සපයා ඇත. ; කර්නලය පාදක කරගත් අතථ්‍ය යන්ත්‍රය ;පහසුවෙන් මෘදුකාංග ස්ථාපනය කරගත හැක. ; පද්ධති සිටුවම සාමාන්‍ය සහ අධි ලෙස වර්ග කර ඇත. ; Wi-Fi වලට සහාය දක්වයි. |
| 7.10 | 2007-10-18 | Gutsy Gibbon | 2009-04-18 | නව පසුතලයක් එක් කර ඇත. පළමුවරට ධාවක කළමණාකරණ මෘදුකාංගයක් එක් කර ඇත. |
| 8.04 | 2008-04-24 | Hardy Heron | 2009-10 | මෙහි අනුවාද කේඩීඊ 3.5 සහ කේඩීඊ 4.0 දෙකම අන්තර්ගත කර ඇත. |
| 8.10 | 2008-10-30 | Intrepid Ibex | 2010-04 | කේඩීඊ 4.1.2 වැඩතල පරිසරයෙන් පෙරනිමිය. ,කර්නලය 2.6.27, Xserver 1.5, KWin වැඩතලයෙහි ත්‍රිමාන පෙනුම සහිතව පෙරනිමිය , විවිධ මෙවලම් අන්තර්ගතය. |
| 9.04 | 2009-04-23 | Jaunty Jackalope | 2010-10 | කේඩීඊ 4.2.2 වැඩතල පරිසරයෙන් පෙරනිමිය, කර්නලය 2.6.28, Xserver 1.6 |
| 9.10 | 2009-10-29 | Karmic Koala | 2011-04 | කේඩීඊ 4.3.2 වැඩතල පරිසරයෙන් පෙරනිමිය,GRUB 2. |
| 10.04 LTS | 2010-04-29 | Lucid Lynx | 2013-04 | දිගුකාලීන සහාය සහිත නිකුතුවකි. යාවත්කාලීන කිරීම් වැඩතල පරිගණක සඳහා වසර තුනක් ද සේවාදායක පරිගණක සඳහා වසර පහක් ද ලබා දේ. අනුවාද 10.04 සඳහා වූ උබුන්ටු සමුළුවෙන් පසුව නිකුත් කෙරේ. ( 20 නොවැම්බර් 2009 ට පසු ) |
පද්ධති අවශ්‍යතා
වර්තමානයේ දී කුබුන්ටු වැඩතල අනුවාදය Intel x86 සහ AMD64 ආකෘති වලට අනුව ලබා ගත හැකිය. තවද සමහර නිකුතු SPARC ආකෘතිය, PowerPC, IA-64(Itanium) සහ PlayStation3 ආකෘතියටද අනුව ලබා ගත හැකිය. උබුන්ටු හී ඕනෑම අනුවාදයක කුබුන්ටු අනුවාදය ද ලබා ගත හැකිය.කුබුන්ටු ස්ථාපනය සඳහා අවශ්‍ය අවම පද්ධති අවශ්‍යතා පහත දැක්වේ.
| වැඩතල සහ ලැප්ටොප් | සේවාදායක පරිගණක | ||
|---|---|---|---|
| අවශ්‍ය කරන | නිර්දේශ කරන | ||
| සකසනය | 300 MHz (x86) | 700 MHz (x86) | 300 MHz (x86) |
| මතකය | 64 MB | 384 MB | 64 MB |
| දෘඩ තැටි ධාරිතාවය | 4 GB | 8 GB | 500 MB |
| වීඩියෝ කාඩ් | VGA @ 640x480 | VGA @ 1024x768 | VGA @ 640x480 |

1 Comments:
මේක ෆ්‍රී රික්වෙස්ට් කරන්න බැරිද??
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home