සිංහරාජ රක්ෂිත වනය
ශ්‍රී ලංකාවේ පහත රට වැසි වනාන්තර කලාපයට අයත් කඳු සහිත වැසි වනාන්තරයක් වන මෙය සීඝ‍්‍ර ලෙස සිදුවන වාණිජකරනයෙන් සහ එහි අනිසි බලපෑම් වලින් ආරක්ෂා කරගනු වස් ජෛව විද්‍යාත්මක පරිසර පද්ධතියක් ලෙස 1978 දීද ”සිංහරාජය” යන නමින් ලෝක උරුමයක් ලෙස 1988 දීද ප‍්‍රකාශයට පත් කරන ලදී.
මෙම වෙන්කල ප‍්‍රදේශය නැගෙනහිර දෙස සිට බටහිර දෙසට කිලෝමීටර 21 ක් පමනද උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම වශයෙන් කිලෝමීටර 7 ක් පමනද වන වපසරියකි. නමුත් ලංකාවට ආවේනික බොහෝමයක් ශාක, කෘමී, උභයජීවී, උරග, පක්ෂි සහ ක්ෂීරපායී විශේෂයන්ට මෙය සැඟවුනු නිධානයක් බඳුය.
මෙහි ඇති විශේෂත්වයක් වන්නේ අදික සහ ඝනව වැවුනු වෘක්ෂලතා ගහනය නිසාම ‘යාල’ වැනි අනෙකුත් වියලි කලාපීය ජාතික වන උද්‍යාන වල දැකිය හැකි තරමේ සත්ව ගහනයක් පහසුවෙන් දැකගත නොහැකි වීමය. ‘අලි’ වැනි විශාල ක්ෂීරපායී සතුන් මෙහි දක්නට නොලැබෙන අතර ‘දිවියන්’ 15 ක් පමන කලාතුරකින් දැකගත හැක. එසේම මෙහි බහුලවම දැකිය හැකි ක්ෂීරපායී සත්වයකු ලෙස ලංකාවට ආවේණික සත්ව විශේෂයක්ද වන දම් මුහුනැති රිලවා හැඳින්විය හැක.
කොළ පුල්ලි පොළඟා සහ පිම්බුනු මුහුනැති පොළඟා වැනි ආවේණික උරග සතුන් මෙන්ම විශේෂයෙන් ගස් ගෙම්බන් වර්ග ද ඇතුළුව සුවිශාල උභය ජීවී විවිධත්වහක්ද මෙහි පවතී. එයත් සමගම ශ්‍රී ලංකාවටම ආවේණික වූ, කොඳු නාරටිය රහිත සත්ව විශේෂයන් වන බර්ඞ්වින් සමනළයා සහ කූඩැල්ලන් ද මෙහි වාසය කරති.



1 Comments:
school work eketa marooooooo
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home