දේවදත්ත
පිරිසිදු ධාර්මික ජීවිතයක් ගෙන යමින් බෞද්ධ භික්ෂුවක වීමට ඔහුට මුලින් තිබුණු ආශාව ඇත්තෙන්ම නිර්මල අදහසක් විය. එහෙත් කිසියම් අද්භූත බලවේගයකින් ඔහුගේ සිතිවිලි දූෂණය විය.
ආනන්තරික කර්මය. (බරපතල වැරැද්ද)
දේවදත්ත බුදුන් වහන්සේ මැරවීමට කීප අවස්ථාවකදී උත්සාහ කළ බව සටහන් වී තිබේ. එම අවස්ථා නම්: * බුදුන් වහන්සේ වෙත ගලක් පෙරළීම. මෙහිදී දේවදත්තගේ අදහස සඵල නොවූ නමුදු විසි වූ ගල් පතුරක් ඇනී බුදුන් වහන්සේගේ ශ්‍රී පතුලෙන් ලේ ගැලීමක් සිදු විය. බුද්ධ ඇදහිලි අනුව මෙම ක්‍රියාව ආනන්තරික කර්ම පහෙන් එකකි. ආනන්තරික කර්ම යනු මනුෂ්‍යයෙකුට මෙලොව කළ හැකි ඉතා දරුණු ක්‍රියා වේ.
* බුදුන් වහන්සේට පහර දීම සඳහා ඇතෙකු පෙළඹවීම. ඇතා වෙත මෛත්‍රිය පතුරුවා ඇතා මෙල්ල කිරීමට බුදුන් වහන්සේට හැකි විය.
සූත්‍ර පිටකයට අනුව බුදුන් වහන්සේ මැරවීමට කිහිප වතාවක් උත්සාහ කිරීමෙන් අනතුරුව දේවදත්ත සංඝ ප්‍රජාව භේද කොට ඔහුගේම නිකායක් පිහිටුවා ගත්තේය. (සංඝ භේදය ද ආනන්තරිය කර්මවලින් එකකි.) ඔහු විසින් නිර්මාණය කළ නව නිකායෙහි නායකයා වීමට උත්සාහ දරමින් ඔහු සංඝයා වහන්සේ උදෙසා අමතර එහෙත් දැඩි ශික්ෂා පහක් පැනවූයේය. මෙම ශික්ෂාවන්ට බුදුන් වහන්සේ අවසර නොදෙන බව ඔහු දැන සිටියේය. එම ශික්ෂා ඉදිරිපත් කිරීමත් බුදුන් වහන්සේ ඒවාට අවසර නොදීමත් ගැන දේවදත්ත තර්ක කළේය. දේවදත්ත කියා සිටියේ ඔහුට මෙම ශික්ෂාවන් පිළිපැදීමට හැකි බවත් එයින් ඔහු නිර්මල සුපිරිසිදු භික්ෂුවක් වන බවත්ය. එම ශික්ෂාවලින් එකක් වූයේ බෞද්ධ භික්ෂුවක විසින් එළවළු පමණක් ආහාරයට ගත යුතුය යන්නයි.
එක් සූත්‍රයක බිම්බිසාර රජු මරවා සිහසුනට පත් වීමට අජාතසත්තු කුමරු පොලඹවා ගත්තේ යයි දේවදත්ත ගැන කීමේදී සඳහන් වේ. අජාතසත්තු එම උපදෙස් පිළිගත්තේය. මෙම ක්‍රියාව (තම පියා ඝාතනය තවත් ආනන්තරික කර්මයන්ගෙන් එකකි) හේතුවෙන් පසු කලෙක බුදුන්ගෙන් බණ ඇසීමෙන් පසුව වුවද ඔහුට නිවන් අවබෝධකර ගැනීමට නොහැකි විය.
දේවද්ත ගැන බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන්නේ ආනන්තරික කර්මවලින් තුනක් කළ එකම පුද්ගලයා වශයෙනි.
මරණය. පොළව විවර වී දේවදත්ත අවීචි නරකාදිය වෙත ගෙන යාම.
සංඝ භේදය කිරීමෙන් පසු තමන් කෙරේ තිබූ ජනප්‍රියතාවය සහ ගෞරවය අහිමි වීම නිසා නැවතත් බුදුන් වහන්සේ ඒ වන විට වැඩ සිටි ආරාමයට දේවදත්ත එන ගමනේදී ඔහු විසින් කරන ලද කර්ම ඵල දී පොළව විවර වී ඔහු අවීචි මහ නරකාදියට ඇද වැටුණේය.
දේවදත්ත මහායාන ඉගැන්වීම් තුළ:
මහායාන සම්ප්‍රදායෙහි පද්ම සූත්‍රයෙහි දේවදත්ත පවා නියම කාලයේදී නිවන් අවබෝධ කර ගත් බවත් මෛත්‍රී සහගත පුද්ගලයෙකු වූ බවත් බුදුන් වහන්සේ ප්‍රකාශ කළ බව සඳහන් වේ. මෙම ප්‍රකාශයෙන් ඇඟවෙන්නේ සෑහෙන කාලයක් ලැබුනහොත් ඔනෑම නරක පුද්ගයෛකුට ඔහු විසින් කරන ලද පාපකර්ම සැලකිල්ලට නොගෙන බුද්ධත්වයට පත් වීමට අවස්ථාව තිබෙන බවයි.

0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home